Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසුර ලෝකයේත්, ප්‍රේත ලෝකයේත්, යක්ෂ, නාග ආදී ලෝකවල ඕපපාතිකව උපත් ලැබූ සත්වයන් මිනිස් ලොව හා සම්බන්ධ වන අයුරුත්, ඇතැම් විට ධර්මයේ හැසිරෙන ශ්‍රාවක – ශ්‍රාවිකාවන්ට පවා යම් අනතුරු පීඩා ඇති කරන අයුරුත් සූත්‍ර පිටකයේත්, විනය පිටකයේත් සඳහන් ව ඇත. මේ ඉන් එක් අවස්ථාවකි.

‘එසමයෙහි, එක්තරා භික්ෂුවක් සොහොනට ගොස්, අලුත් මළසිරුරක පාංසුකූල වස්ත්‍රය අරගත්තේ ය. ඒ සිරුරෙහි ප්‍රේතයෙක් අධිගෘහිත විය. (මිය ගිය කෙනා සිය වස්ත්‍රයට ආශාවෙන් මිය ගිය නිසා, සිරුරෙහි ප්‍රේතයෙකු ව ඉපදී සිටි බව අටුවාවෙහි සඳහන් වේ.) ඒ ප්‍රේතයා ඒ භික්ෂුවට “වහන්ස, මාගේ වස්ත්‍රය නොගත මැනව” යි කීවේ ය. ඒ භික්ෂුව එය නොසලකමින් ගියේ ය. ඉන් පසු ප්‍රේත අධිගෘහිත ඒ මළසිරුර නැගිට භික්ෂුව පසුපස ලුහුබැන්දේ ය. ඒ භික්ෂුව කුටියට ගොස් දොර වැසූ විට ඒ සිරුර එහි ම බිම පතිත විය. මේ සිදුවීම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, අලුත් මළ සිරුරෙහි පාංසුකූල වස්ත්‍රය නොගත යුතු ය. යමෙක් ගන්නේ නම් දුකුළා ඇවැත් වේ” කියා ය.

(පාරාජිකා පාළි – 2වෙනි පාරාජිකාව, 33 වෙනි විනීත වස්තුව)

මහාවග්ගපාළියේ භේසජ්ජක්ඛන්ධකයේ සඳහන් පරිදි වරක් අමනුෂ්‍යයෙකු ආවේශ වූ භික්ෂුවක් ඌරෙක් මරණ තැනකට ගොස් අමු මස් කා අමු ලේ බී ය. ඉන් පසු එම භික්ෂුව සුවපත් විය. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ අමනුෂ්‍ය ග්‍රහණය නිසා එසේ කළ බැවින් එහි වරදක් නැති බවයි. සමහර අවස්ථාවල දී අමනුෂ්‍යයන් විසින් භික්ෂූන් ව ඝාතනය කොට පවා තිබේ. මේ එයට නිදසුනකි.

‘එසමයෙහි එක්තරා භික්ෂුවක් තවත් භික්ෂුවක් ව සැඩ යකුන් අරක්ගත් විහාරයකට යැවී ය. යක්ෂයෝ ඒ භික්ෂුව දිවියෙන් තොර කළාහු ය.’

(පාරාජිකා පාළි – 3 වෙනි පාරාජිකාව, 72 වෙනි විනීත වස්තුව)

තවත් අවස්ථාවක දී අමනුෂ්‍ය ග්‍රහණයට පත් වූ භික්ෂුවක් ඉන් මුදවා ගැනීම පිණිස කළ උත්සාහයක දී එම භික්ෂුව කළුරිය කොට තිබේ.

‘එසමයෙහි එක්තරා භික්ෂුවක්, අමනුෂ්‍යයෙකු විසින් ගන්නා ලද්දේ වෙයි. වෙනත් භික්ෂුවක් ඒ භික්ෂුවට පහරක් දුනි. එයින් ඒ භික්ෂුව මිය ගියේ ය.’

(3 වෙනි පාරාජිකාව – 85 වෙනි විනීත වස්තුව)

සමහර අවස්ථාවන්හි දී ධර්මයේ හැසිරීම අතහැර ගිහි වෙන්නට උත්සාහ කළ පැවිද්දන්ට සිහිය පිහිටුවීම පිණිස ඥාති යක්ෂයන් ඇඟට ආවේශ වූ අවස්ථා ද තිබුණි. එවැනි සිදුවීමක් සංයුත්ත නිකායේ සානු සූත්‍රයේ මෙලෙසින් සඳහන් වේ.

භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩසිටිද්දී, එක්තරා උපාසිකාවකගේ සානු නම් සාමණේර පුත්‍රයා ව යකෙක් විසින් අල්ලා ගන්නා ලද්දේය. එවිට මව් උපාසිකාව හඬමින් මෙසේ පැවසුවා ය.

“බ්‍රහ්මචාරී ව සිල්වත් ව වාසය කරන අය සමඟ යක්ෂයෝ සෙල්ලමට යන්නේ නැහැ කියා රහතන් වහන්සේලාගෙන් මම අහලා තියෙනවා. ඒත් අද මම ඒක දකිනවා. සානු පුතාත් එක්ක මේ යක්ෂයෝ සෙල්ලම් කරනවා නෙව.”

එවිට සානු සාමණේරයන්ට ආවේශ වී සිටි අමනුෂ්‍ය බලවේගය මෙසේ පැවසී ය.

“රහතන් වහන්සේගෙන් තමා ඇසූ කාරණය යහපත්. දැන් මේ කියන යක්ෂයාගේ වචනත් සානු නැගිට්ටට පස්සේ කියන්න. එළිපිට හෝ රහසින් හෝ පව් කරන්න එපා. යමෙක් පව් කරනවා නම්, පව් කළොත්, අහසට නැගී පැනලා යන්න හැදුවත් ඔබට ඒ දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ” කියලා.

මෙම සිදුවීමෙන් පසු සිහිය පිහිටුවා ගත් සානු සාමණේරයන් වහන්සේ පැවිද්දේ සිත අලවා වාසය කරමින් සීල, සමාධි, ප්‍රඥා වඩා උතුම් අරහත්වයට පත් විය.

එමෙන් ම තෙරුවන් ගුණ කැටිකොට රතන සූත්‍රය වදාරා භාග්‍යවතුන් වහන්සේ සෙත් පැතුවේ ද විශාලා නුවර හටගත් දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීම පිණිස ය. එහි දී භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත්, දෙව් – බඹුනුත් විශාලාවට සපැමිණෙද්දී නීච අමනුෂ්‍ය බලවේග පලා ගිය බව සඳහන් වේ. ඉන් පසු රතන සූත්‍රය දේශනා කරමින් අනඳ හිමියන් පිරිත් පැන් ඉසිමින් විශාලාව වටා වැඩම කළ අතර, යළිත් පෙර තිබූ අයුරින් එම ජනපදය සමෘද්ධිමත් විය.

වරක් සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයා විසින් චම්පා නුවරවැසි බ්රාහ්මණගෘහපතිවරුන් ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරද්දී මෙබඳු අසිරිමත් කරුණක් ද පවසන ලදී. “සමණෝ ඛලු භෝ ගෝතමෝ යස්මිං ගාමේ වා නිගමේ වා පටිවසති, න තස්මිං ගාමේ වා නිගමේ වා අමනුස්සා මනුස්සේ විහේඨෙන්ති. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යම් ගමක හෝ නියම්ගමක වැඩවසන සේක් ද, එම ගමෙහි හෝ නියම්ගමෙහි හෝ අමනුෂ්‍යයෝ මනුෂ්‍යන්ට පීඩා නොකරති.” යනුවෙනි. (සෝණදණ්ඩ සූත්‍රය – දී. නි. 2) එවිට එම මිනිස්සු සුව සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා මාර්ගඵල සාක්ෂාත් කරන්නාහ.

සමහර බුද්ධකාලීන සිදුවීම් දෙස බලද්දී, එම අමනුෂ්‍ය බලපෑම්වලට හේතුව කර්මානුරූපී ව සසරේ බැඳ ගත් වෛරයන් ය. පුක්කුසාති රජතුමා, බාහිය දාරුචීරිය ආදී උතුමන් මරණයට පත් වූයේ යක්ෂණියක් ආවේශ වූ ගවදෙනුන් ඇනීම නිසා ය. එම යක්ෂණිය පෙර ජීවිතයක ගණිකාවක් ව සිටිය දී මරා දැමූ පලිය පිරිමැසුවේ ඒ අයුරින් ගවදෙනකට ආවේශ වී පහර දී ඝාතනය කිරීමෙනි. එමෙන් ම කාලි යක්ෂණියගේ කථාවේ දී ද ආයුවඞ්ඪන කුමරාගේ සිදුවීමේ දී ද එම අමනුෂ්‍ය බලවේග සසරේ බැඳි වෛරයන් හේතුවෙන් ජීවිත නැති කිරීමට උත්සාහ ගත් නමුත් භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත් වීම නිසා ඒවා වැළකිනි. අමනුෂ්‍ය බලවේගයන්ගෙන් එල්ලවන මේ අනතුරුදායක තත්ත්වය ගැන පරිපූර්ණ වැටහීමකින් යුතු ශාස්තෘන් වහන්සේ වස් සමාදන් වන භික්ෂූන්ට ඇති අන්තරායකර ධර්මයක් වශයෙන් ද අමනුෂ්‍ය උපද්‍රව පෙන්වා දී තිබේ.

යම් භික්ෂුවකට හෝ සඟ පිරිසකට එසේ වස් කාලය තුළ අමනුෂ්‍යයන්ගෙන් කරදර – පීඩා ඇති වන්නේ නම්, ‘මෙය නිවන් මඟට අනතුරකැ’යි මෙනෙහි කොට එතැනින් ඉවත් වන ලෙසත්, වස් සිඳීමෙන් ඇවතක් නොවන බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. (වස්සූපනායිකක්ඛන්ධකය – විනය පිටකය) තව ද භික්ෂූන් පොහොය කරන දිනයේ දී අමනුෂ්‍ය උපද්‍රවයක් ඇතිවන්නේ නම් ඉතා කෙටියෙන් පාමොක් උදෙසා එතැනින් ඉවත්ව ගොස් අනතුර මගහරවා ගන්නා ලෙස ද භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී තිබේ. (උපෝසථක්ඛන්ධකය – විනය පිටකය) අංගුත්තර නිකායේ මධුරා නම් සූත්‍රයේ දී මධුරා නුවර ඇති එක් ආදීනවයක් ලෙස පෙන්වා දී ඇත්තේ අමනුෂ්‍ය උපද්‍රව බහුල බව යි.

බුද්ධ කාලයේ දී බොහෝ විට දුක්ඛිත ජීවිත ගත කරන ප්‍රේතයන්, රහතන් වහන්සේලා සහ මග ඵලලාභී ගිහි ශ්‍රාවකයන් ඉදිරියේ පෙනී සිටිමින් සිය දුක පවසා බැගෑපත් ලෙස පින් ඉල්ලූ අවස්ථා බොහෝ ගණනක් ප්‍රේත වස්තුවල සඳහන් ව ඇත.

අවස්ථා කීපයක දී ම භාග්‍යවතුන් වහන්සේත්, සෘද්ධිමත් රහතන් වහන්සේලාත් විෂඝෝර දරුණු නාගරාජයන් දමනය කළ අන්දම ධර්ම – විනයෙහි සඳහන් වේ.

වර්තමානයේ දී බොහෝ දෙනෙකුට මෙම අමනුෂ්‍ය බලපෑම් ගැන නිවැරදි දැනුමක් හෝ වැටහීමක් නොමැති නිසා, කල්‍යාණමිත්‍රයන් වහන්සේලා කරුණාවෙන් එම කරුණු පෙන්වා දෙද්දී සැක කිරීම ද විවේචනය කිරීම ද බහුලව සිදු වේ. තවත් පිරිසක් සිතන්නේ මෙම සෑම සිදුවීමක් ම මානසික රෝගී තත්ත්වයන් නිසා සිතේ ම හටගන්නා මනෝ විකාරයන් බවයි. එලෙසින් මනෝමය රූප පෙනෙන සහ ශබ්ද ඇසෙන මානසික රෝගී තත්ත්වයක් ඇතත් සියලු සිදුවීම් එම ගණයට ම බැර කිරීම කිසිසේත් බුද්ධිගෝචර නො වේ. ඛුද්දක නිකායේ තිරෝකුඞ්ඩ සූත්‍රයේ සඳහන් වන අයුරින් මියපරලොව ගොස් ප්‍රේත ලෝකයෙහි උපන් ඇතැම් ඥාතීහු නිවෙස්වලට හැරෙන තැන්වල, බිත්තිවලින් එහා පැත්තේ, නිවෙස්වල අහුමුලුවල සිටිති. ජීවත් ව සිටින ඥාතීන් සංඝයා උදෙසා දන් පැන් දී පින් අනුමෝදන් කළ විට සැප ලබා, එම ප්‍රේතයෝ තමන්ට පින් අනුමෝදන් කළ පිරිසට සෙත් පතති. එසේ නොමැති විට නිවෙස්වල අසමඟිකම් ඇති කරන්නට ද රෝග පීඩාදිය ඇති කරවීමට ද මත්පැන් බීම, වැරදිකාම සේවනය ආදී දුසිරිතට ඇබ්බැහි කරවීමට ද ක්‍රියා කරති.

විශේෂයෙන් ම වර්තමානයේ ඉනා කැවීම, අණවිණ – කොඩිවින, හදිහූනියම් ආදිය සමාජයේ බහුල ව පැතිර පවතී. එම කටයුතු සිදුකර දෙන අය ද දේවාල ද රට පුරා අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත ව පවතී. මේ වනාහී පොළොන්නරු යුගයේ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු ලක්දිවට හුරු පුරුදු කරන ලද ශිව – හින්දු ඇදහිලි ක්‍රම විකාශනය වී ඔඩුදිවීමේ අහිතකර ප්‍රතිඵල යි. එසේම වර්තමානයේ දී දරු මුණුපුරන්ට බැඳී මිය යන බොහෝ දෙනෙක් ද ප්‍රේත – භූත ජීවිත ලබා ලේ ඥාතීන්ගේ සිරුරුවල ද නිවෙස්වල ද උපදිති.

වරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අධර්ම රාගයට ඇලී, විෂම ලෝභයට යට වී, මිත්‍යාමතවලින් පීඩිත වී සිටින මිනිසුන්ට දරුණු යක්ෂයන්ගේ බලපෑම ඇතිවෙන බවත්, ඒ හේතුවෙන් බොහෝ මිනිසුන් මිය යාම නිසා මෙකල ලෝකයේ මිනිස් ජනගහනය අඩුවීමට එය ද එක් හේතුවක් බවයි. (අංගුත්තර නිකාය – තික නිපාතය)

එමෙන් ම අමනුෂ්‍යයන් විසින් ශරීර ඕජාව ඇද දුර්වල කිරීම ද උමතු කිරීම ද ජීවිත විනාශ කිරීම ද සිදු කරන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. වර්තමානයේ සිදුවන ඇතැම් රිය අනතුරු ද මිනීමැරුම් ද දෙස විමසුම් නුවණින් බලද්දී ඒවාට යම් අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි සිතීමට සාධාරණ කරුණු ඉස්මතු වේ.

මෙයට අමතරව අමනුෂ්‍ය බලවේගයන් සිදුකරන තවත් වංචනික ක්‍රියාවක් වන්නේ ධර්මයේ හැසිරීමට, බණ භාවනා කිරීමට යොමුවන ඇතැම් අය නොමඟ යැවීම යි. ඒ සඳහා බොහෝ අමනුෂ්‍යයන් දෙවිවරුන්ගේ නාමයෙන් පෙනී සිට වැරදි පණිවිඩ ලබා දී නොමඟ යැවීම් සිදුකරති. ඒවාට රැවටුණු පසු තමන් මගඵලලාභී යැයි සිතන අය ද ධර්මයට විකෘති අර්ථ දීම් ද වර්තමානයේ බහුල ව දක්නට ලැබේ. තවත් සමහර අවස්ථාවල දී ධර්මයේ හැසිරීමට ද බණ භාවනා කිරීමට ද පැවිදි වීමට ද අමනුෂ්‍ය බලවේග විසින් ඍජු ව ම බාධා කිරීම් ද සිදුකරනු ලැබේ.

මේ සියල්ලට ම විසඳුම ලබා ගත හැක්කේ මනාකොට තිසරණයේ පිහිටා, සිල්වත් ව, මෙත් සිත් පෙරදැරිව ධර්මයේ හැසිරීම තුළින් පමණි. එසේ ම සෑ රජාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වන්දනාමාන කරමින් නිරන්තරයෙන් පිරිත් සජ්ඣායනා කරමින් ධාර්මික ව ප්‍රතිපත්තිවලට සමීප වීම තුළිනි. අමනුෂ්‍යයන්ගෙන්, දේවාලවලින් පිහිට පිළිසරණ නොසොයා, උත්තම රැකවරණය වූ තිසරණය තුළින් පිහිට පිළිසරණ සලසා ගැනීමෙනි.

තිසරණයෙහි පිහිටා ධර්මයෙහි හැසිරෙන සිව්වණක් ශ්‍රාවක පිරිසට අමනුෂ්‍යයන්ගෙන් හිරිහැර පැමිණෙන විටදී සිදුකළ යුතු දේ පිළිබඳව වෙසමුණි දිව්‍යරාජයා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී පවසන ලද්දේ මේ අයුරිනි. “යම් අමනුෂ්‍යයෙක් හෝ…. යකෙක් හෝ…. ගන්ධබ්බයෙක් හෝ…. කුම්භාණ්ඩයෙක් හෝ…. නාගයෙක් හෝ…. දුෂ්ට වූ සිතින් යුතුව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ යන විට ඒ අනුව යන්නේ නම්, සිටින විට ඒ අනුව සිටින්නේ නම්, හිඳින විට ඒ අනුව හිඳින්නේ නම්, නිදන විට ඒ අනුව නිදන්නේ නම් ‘මේ අමනුෂ්‍යයා මට හිංසා කරන්නේය’ යනුවෙන් ඉන්ද, සෝම, වරුණ ආදී යක්ෂ සේනාපතීන් හට හඬ නගා පැවසිය යුත්තේය” යනුවෙනි. එමෙන්ම ආටානාටිය නම් වූ විශේෂ පිරිතක් ද පවසා එය කටපාඩම් කරගෙන නිතර නිතර සජ්ඣායනා කරන ලෙස ද පවසා සිටියේය. තෙරුවන් සරණ ගිය සිව්වනක් පිරිසට එවිට සෙන්පති දෙවිවරුන්ගෙන් සහය ලැබී රැකවරණය සැලසෙන බව දීඝ නිකායේ ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ.

මිනිසුන්ට අමනුෂ්‍යයන් ආවේශ වී කතාබස් කරන අවස්ථා, එම අමනුෂ්‍ය බලපෑම් දුරුකරනු පිණිස තොවිල් නටන අවස්ථා මෙකල ද අපගේ ඇස් පනාපිට දක්නට ලැබේ. අනවින, කොඩිවින, හදි හූනියම්, වශී ගුරුකම් කරන ස්ථාන හා පුද්ගලයන් පිළිබඳ විස්තර දිනපතා පුවත්පත්වල පලවේ. එබඳු තැන්වල සිටින්නේ කවුද? ඔවුන් වැඩ ගන්නේ කාගෙන්ද? ලංකාවේ මිනිස්සු ද ඕනෑතරම් එම ගුබ්බෑයම්වලට හොර රහසේ රිංගා අමනුෂ්‍යයන්ගෙන් උදව් ගනිති. තම ආසාවල් සපුරා ගනිති. තමාගේ සතුරන්ට හානි පමුණුවා සතුටු වෙති. අවසානයේ මරණින් මතු තමන් උදව් ගත් අමනුෂ්‍යයාගේ ම දාසයන් දාසියන් බවට පත් වෙති.

කරුණු මෙසේ තිබියදීත් ඇතැම් අය ‘අපට නොපෙනෙන ලොවක් ඇත, එම නොපෙනෙන ලෝකයෙන් අපට විවිධ අයුරින් කරදර, බාධා එල්ල වන්නේය’ යන්න සැක කරමින් ‘ඔය මොන බොරු කතාද? මිනිස්සුන්ව භය කරන්න කියන කතා… මේ තාක්ෂණය දියුණු කාලේ ඕවා කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑ… මොන භූතයෝ ද?’ කියමින් ප්‍රකාශ කරන්නේ කුමන අදහසකින් ද යන්න ප්රශ්නයකි. ඇතැම් විට ඔවුන් එසේ පවසන්නේ තමන් ද එම දේවාල ගුබ්බෑයම්වලට රිංගන කෙනෙක් බව ලොවෙන් වසන් කිරීමට වන්නට පුළුවනි.

[QUOTE="IKL, post: 25743067, member: 567503"] [SIZE=4]අසුර ලෝකයේත්, ප්‍රේත ලෝකයේත්, යක්ෂ, නාග ආදී ලෝකවල ඕපපාතිකව උපත් ලැබූ සත්වයන් මිනිස් ලොව හා සම්බන්ධ වන අයුරුත්, ඇතැම් විට ධර්මයේ හැසිරෙන ශ්‍රාවක – ශ්‍රාවිකාවන්ට පවා යම් අනතුරු පීඩා ඇති කරන අයුරුත් [B]සූත්‍ර පිටකයේත්[/B], [B]විනය පිටකයේත්[/B] සඳහන් ව ඇත. මේ ඉන් එක් අවස්ථාවකි.[/SIZE] [SIZE=5]‘එසමයෙහි, එක්තරා භික්ෂුවක් සොහොනට ගොස්, අලුත් මළසිරුරක පාංසුකූල වස්ත්‍රය අරගත්තේ ය. ඒ සිරුරෙහි ප්‍රේතයෙක් අධිගෘහිත විය. (මිය ගිය කෙනා සිය වස්ත්‍රයට ආශාවෙන් මිය ගිය නිසා, සිරුරෙහි ප්‍රේතයෙකු ව ඉපදී සිටි බව අටුවාවෙහි සඳහන් වේ.) ඒ ප්‍රේතයා ඒ භික්ෂුවට “වහන්ස, මාගේ වස්ත්‍රය නොගත මැනව” යි කීවේ ය. ඒ භික්ෂුව එය නොසලකමින් ගියේ ය. ඉන් පසු ප්‍රේත අධිගෘහිත ඒ මළසිරුර නැගිට භික්ෂුව පසුපස ලුහුබැන්දේ ය. ඒ භික්ෂුව කුටියට ගොස් දොර වැසූ විට ඒ සිරුර එහි ම බිම පතිත විය. මේ සිදුවීම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, අලුත් මළ සිරුරෙහි පාංසුකූල වස්ත්‍රය නොගත යුතු ය. යමෙක් ගන්නේ නම් දුකුළා ඇවැත් වේ” කියා ය.[/SIZE] [SIZE=4][B] (පාරාජිකා පාළි – 2වෙනි පාරාජිකාව, 33 වෙනි විනීත වස්තුව)[/B] මහාවග්ගපාළියේ භේසජ්ජක්ඛන්ධකයේ සඳහන් පරිදි වරක් අමනුෂ්‍යයෙකු ආවේශ වූ භික්ෂුවක් ඌරෙක් මරණ තැනකට ගොස් අමු මස් කා අමු ලේ බී ය. ඉන් පසු එම භික්ෂුව සුවපත් විය. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ අමනුෂ්‍ය ග්‍රහණය නිසා එසේ කළ බැවින් එහි වරදක් නැති බවයි. සමහර අවස්ථාවල දී අමනුෂ්‍යයන් විසින් භික්ෂූන් ව ඝාතනය කොට පවා තිබේ. මේ එයට නිදසුනකි.[/SIZE] [SIZE=5]‘එසමයෙහි එක්තරා භික්ෂුවක් තවත් භික්ෂුවක් ව සැඩ යකුන් අරක්ගත් විහාරයකට යැවී ය. යක්ෂයෝ ඒ භික්ෂුව දිවියෙන් තොර කළාහු ය.’[/SIZE] [SIZE=4][B](පාරාජිකා පාළි – 3 වෙනි පාරාජිකාව, 72 වෙනි විනීත වස්තුව)[/B] තවත් අවස්ථාවක දී අමනුෂ්‍ය ග්‍රහණයට පත් වූ භික්ෂුවක් ඉන් මුදවා ගැනීම පිණිස කළ උත්සාහයක දී එම භික්ෂුව කළුරිය කොට තිබේ.[/SIZE] [SIZE=5]‘එසමයෙහි එක්තරා භික්ෂුවක්, අමනුෂ්‍යයෙකු විසින් ගන්නා ලද්දේ වෙයි. වෙනත් භික්ෂුවක් ඒ භික්ෂුවට පහරක් දුනි. එයින් ඒ භික්ෂුව මිය ගියේ ය.’[/SIZE] [SIZE=4][B](3 වෙනි පාරාජිකාව – 85 වෙනි විනීත වස්තුව)[/B] සමහර අවස්ථාවන්හි දී ධර්මයේ හැසිරීම අතහැර ගිහි වෙන්නට උත්සාහ කළ පැවිද්දන්ට සිහිය පිහිටුවීම පිණිස ඥාති යක්ෂයන් ඇඟට ආවේශ වූ අවස්ථා ද තිබුණි. එවැනි සිදුවීමක් [B]සංයුත්ත නිකායේ සානු සූත්‍රයේ [/B]මෙලෙසින් සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩසිටිද්දී, එක්තරා උපාසිකාවකගේ සානු නම් සාමණේර පුත්‍රයා ව යකෙක් විසින් අල්ලා ගන්නා ලද්දේය. එවිට මව් උපාසිකාව හඬමින් මෙසේ පැවසුවා ය. “බ්‍රහ්මචාරී ව සිල්වත් ව වාසය කරන අය සමඟ යක්ෂයෝ සෙල්ලමට යන්නේ නැහැ කියා රහතන් වහන්සේලාගෙන් මම අහලා තියෙනවා. ඒත් අද මම ඒක දකිනවා. සානු පුතාත් එක්ක මේ යක්ෂයෝ සෙල්ලම් කරනවා නෙව.” එවිට සානු සාමණේරයන්ට ආවේශ වී සිටි අමනුෂ්‍ය බලවේගය මෙසේ පැවසී ය. “රහතන් වහන්සේගෙන් තමා ඇසූ කාරණය යහපත්. දැන් මේ කියන යක්ෂයාගේ වචනත් සානු නැගිට්ටට පස්සේ කියන්න. එළිපිට හෝ රහසින් හෝ පව් කරන්න එපා. යමෙක් පව් කරනවා නම්, පව් කළොත්, අහසට නැගී පැනලා යන්න හැදුවත් ඔබට ඒ දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ” කියලා. මෙම සිදුවීමෙන් පසු සිහිය පිහිටුවා ගත් සානු සාමණේරයන් වහන්සේ පැවිද්දේ සිත අලවා වාසය කරමින් සීල, සමාධි, ප්‍රඥා වඩා උතුම් අරහත්වයට පත් විය. එමෙන් ම තෙරුවන් ගුණ කැටිකොට [B]රතන සූත්‍රය[/B] වදාරා භාග්‍යවතුන් වහන්සේ සෙත් පැතුවේ ද විශාලා නුවර හටගත් දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීම පිණිස ය. එහි දී භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත්, දෙව් – බඹුනුත් විශාලාවට සපැමිණෙද්දී නීච අමනුෂ්‍ය බලවේග පලා ගිය බව සඳහන් වේ. ඉන් පසු රතන සූත්‍රය දේශනා කරමින් අනඳ හිමියන් පිරිත් පැන් ඉසිමින් විශාලාව වටා වැඩම කළ අතර, යළිත් පෙර තිබූ අයුරින් එම ජනපදය සමෘද්ධිමත් විය. වරක් සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයා විසින් චම්පා නුවරවැසි බ්රාහ්මණගෘහපතිවරුන් ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරද්දී මෙබඳු අසිරිමත් කරුණක් ද පවසන ලදී. “සමණෝ ඛලු භෝ ගෝතමෝ යස්මිං ගාමේ වා නිගමේ වා පටිවසති, න තස්මිං ගාමේ වා නිගමේ වා අමනුස්සා මනුස්සේ විහේඨෙන්ති. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යම් ගමක හෝ නියම්ගමක වැඩවසන සේක් ද, එම ගමෙහි හෝ නියම්ගමෙහි හෝ අමනුෂ්‍යයෝ මනුෂ්‍යන්ට පීඩා නොකරති.” යනුවෙනි. [B](සෝණදණ්ඩ සූත්‍රය – දී. නි. 2)[/B] එවිට එම මිනිස්සු සුව සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා මාර්ගඵල සාක්ෂාත් කරන්නාහ. සමහර බුද්ධකාලීන සිදුවීම් දෙස බලද්දී, එම අමනුෂ්‍ය බලපෑම්වලට හේතුව කර්මානුරූපී ව සසරේ බැඳ ගත් වෛරයන් ය. පුක්කුසාති රජතුමා, බාහිය දාරුචීරිය ආදී උතුමන් මරණයට පත් වූයේ යක්ෂණියක් ආවේශ වූ ගවදෙනුන් ඇනීම නිසා ය. එම යක්ෂණිය පෙර ජීවිතයක ගණිකාවක් ව සිටිය දී මරා දැමූ පලිය පිරිමැසුවේ ඒ අයුරින් ගවදෙනකට ආවේශ වී පහර දී ඝාතනය කිරීමෙනි. එමෙන් ම කාලි යක්ෂණියගේ කථාවේ දී ද ආයුවඞ්ඪන කුමරාගේ සිදුවීමේ දී ද එම අමනුෂ්‍ය බලවේග සසරේ බැඳි වෛරයන් හේතුවෙන් ජීවිත නැති කිරීමට උත්සාහ ගත් නමුත් භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත් වීම නිසා ඒවා වැළකිනි. අමනුෂ්‍ය බලවේගයන්ගෙන් එල්ලවන මේ අනතුරුදායක තත්ත්වය ගැන පරිපූර්ණ වැටහීමකින් යුතු ශාස්තෘන් වහන්සේ වස් සමාදන් වන භික්ෂූන්ට ඇති අන්තරායකර ධර්මයක් වශයෙන් ද අමනුෂ්‍ය උපද්‍රව පෙන්වා දී තිබේ. යම් භික්ෂුවකට හෝ සඟ පිරිසකට එසේ වස් කාලය තුළ අමනුෂ්‍යයන්ගෙන් කරදර – පීඩා ඇති වන්නේ නම්, ‘මෙය නිවන් මඟට අනතුරකැ’යි මෙනෙහි කොට එතැනින් ඉවත් වන ලෙසත්, වස් සිඳීමෙන් ඇවතක් නොවන බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. (වස්සූපනායිකක්ඛන්ධකය – විනය පිටකය) තව ද භික්ෂූන් පොහොය කරන දිනයේ දී අමනුෂ්‍ය උපද්‍රවයක් ඇතිවන්නේ නම් ඉතා කෙටියෙන් පාමොක් උදෙසා එතැනින් ඉවත්ව ගොස් අනතුර මගහරවා ගන්නා ලෙස ද භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී තිබේ. (උපෝසථක්ඛන්ධකය – විනය පිටකය) අංගුත්තර නිකායේ මධුරා නම් සූත්‍රයේ දී මධුරා නුවර ඇති එක් ආදීනවයක් ලෙස පෙන්වා දී ඇත්තේ අමනුෂ්‍ය උපද්‍රව බහුල බව යි. බුද්ධ කාලයේ දී බොහෝ විට දුක්ඛිත ජීවිත ගත කරන ප්‍රේතයන්, රහතන් වහන්සේලා සහ මග ඵලලාභී ගිහි ශ්‍රාවකයන් ඉදිරියේ පෙනී සිටිමින් සිය දුක පවසා බැගෑපත් ලෙස පින් ඉල්ලූ අවස්ථා බොහෝ ගණනක් ප්‍රේත වස්තුවල සඳහන් ව ඇත. අවස්ථා කීපයක දී ම භාග්‍යවතුන් වහන්සේත්, සෘද්ධිමත් රහතන් වහන්සේලාත් විෂඝෝර දරුණු නාගරාජයන් දමනය කළ අන්දම ධර්ම – විනයෙහි සඳහන් වේ. වර්තමානයේ දී බොහෝ දෙනෙකුට මෙම අමනුෂ්‍ය බලපෑම් ගැන නිවැරදි දැනුමක් හෝ වැටහීමක් නොමැති නිසා, කල්‍යාණමිත්‍රයන් වහන්සේලා කරුණාවෙන් එම කරුණු පෙන්වා දෙද්දී සැක කිරීම ද විවේචනය කිරීම ද බහුලව සිදු වේ. තවත් පිරිසක් සිතන්නේ මෙම සෑම සිදුවීමක් ම මානසික රෝගී තත්ත්වයන් නිසා සිතේ ම හටගන්නා මනෝ විකාරයන් බවයි. එලෙසින් මනෝමය රූප පෙනෙන සහ ශබ්ද ඇසෙන මානසික රෝගී තත්ත්වයක් ඇතත් සියලු සිදුවීම් එම ගණයට ම බැර කිරීම කිසිසේත් බුද්ධිගෝචර නො වේ. ඛුද්දක නිකායේ තිරෝකුඞ්ඩ සූත්‍රයේ සඳහන් වන අයුරින් මියපරලොව ගොස් ප්‍රේත ලෝකයෙහි උපන් ඇතැම් ඥාතීහු නිවෙස්වලට හැරෙන තැන්වල, බිත්තිවලින් එහා පැත්තේ, නිවෙස්වල අහුමුලුවල සිටිති. ජීවත් ව සිටින ඥාතීන් සංඝයා උදෙසා දන් පැන් දී පින් අනුමෝදන් කළ විට සැප ලබා, එම ප්‍රේතයෝ තමන්ට පින් අනුමෝදන් කළ පිරිසට සෙත් පතති. එසේ නොමැති විට නිවෙස්වල අසමඟිකම් ඇති කරන්නට ද රෝග පීඩාදිය ඇති කරවීමට ද මත්පැන් බීම, වැරදිකාම සේවනය ආදී දුසිරිතට ඇබ්බැහි කරවීමට ද ක්‍රියා කරති. විශේෂයෙන් ම වර්තමානයේ ඉනා කැවීම, අණවිණ – කොඩිවින, හදිහූනියම් ආදිය සමාජයේ බහුල ව පැතිර පවතී. එම කටයුතු සිදුකර දෙන අය ද දේවාල ද රට පුරා අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත ව පවතී. මේ වනාහී පොළොන්නරු යුගයේ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු ලක්දිවට හුරු පුරුදු කරන ලද ශිව – හින්දු ඇදහිලි ක්‍රම විකාශනය වී ඔඩුදිවීමේ අහිතකර ප්‍රතිඵල යි. එසේම වර්තමානයේ දී දරු මුණුපුරන්ට බැඳී මිය යන බොහෝ දෙනෙක් ද ප්‍රේත – භූත ජීවිත ලබා ලේ ඥාතීන්ගේ සිරුරුවල ද නිවෙස්වල ද උපදිති. වරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අධර්ම රාගයට ඇලී, විෂම ලෝභයට යට වී, මිත්‍යාමතවලින් පීඩිත වී සිටින මිනිසුන්ට දරුණු යක්ෂයන්ගේ බලපෑම ඇතිවෙන බවත්, ඒ හේතුවෙන් බොහෝ මිනිසුන් මිය යාම නිසා මෙකල ලෝකයේ මිනිස් ජනගහනය අඩුවීමට එය ද එක් හේතුවක් බවයි. (අංගුත්තර නිකාය – තික නිපාතය) එමෙන් ම අමනුෂ්‍යයන් විසින් ශරීර ඕජාව ඇද දුර්වල කිරීම ද උමතු කිරීම ද ජීවිත විනාශ කිරීම ද සිදු කරන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. වර්තමානයේ සිදුවන ඇතැම් රිය අනතුරු ද මිනීමැරුම් ද දෙස විමසුම් නුවණින් බලද්දී ඒවාට යම් අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි සිතීමට සාධාරණ කරුණු ඉස්මතු වේ. මෙයට අමතරව අමනුෂ්‍ය බලවේගයන් සිදුකරන තවත් වංචනික ක්‍රියාවක් වන්නේ ධර්මයේ හැසිරීමට, බණ භාවනා කිරීමට යොමුවන ඇතැම් අය නොමඟ යැවීම යි. ඒ සඳහා බොහෝ අමනුෂ්‍යයන් දෙවිවරුන්ගේ නාමයෙන් පෙනී සිට වැරදි පණිවිඩ ලබා දී නොමඟ යැවීම් සිදුකරති. ඒවාට රැවටුණු පසු තමන් මගඵලලාභී යැයි සිතන අය ද ධර්මයට විකෘති අර්ථ දීම් ද වර්තමානයේ බහුල ව දක්නට ලැබේ. තවත් සමහර අවස්ථාවල දී ධර්මයේ හැසිරීමට ද බණ භාවනා කිරීමට ද පැවිදි වීමට ද අමනුෂ්‍ය බලවේග විසින් ඍජු ව ම බාධා කිරීම් ද සිදුකරනු ලැබේ. මේ සියල්ලට ම විසඳුම ලබා ගත හැක්කේ මනාකොට තිසරණයේ පිහිටා, සිල්වත් ව, මෙත් සිත් පෙරදැරිව ධර්මයේ හැසිරීම තුළින් පමණි. එසේ ම සෑ රජාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වන්දනාමාන කරමින් නිරන්තරයෙන් පිරිත් සජ්ඣායනා කරමින් ධාර්මික ව ප්‍රතිපත්තිවලට සමීප වීම තුළිනි. අමනුෂ්‍යයන්ගෙන්, දේවාලවලින් පිහිට පිළිසරණ නොසොයා, උත්තම රැකවරණය වූ තිසරණය තුළින් පිහිට පිළිසරණ සලසා ගැනීමෙනි. තිසරණයෙහි පිහිටා ධර්මයෙහි හැසිරෙන සිව්වණක් ශ්‍රාවක පිරිසට අමනුෂ්‍යයන්ගෙන් හිරිහැර පැමිණෙන විටදී සිදුකළ යුතු දේ පිළිබඳව වෙසමුණි දිව්‍යරාජයා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී පවසන ලද්දේ මේ අයුරිනි. “යම් අමනුෂ්‍යයෙක් හෝ…. යකෙක් හෝ…. ගන්ධබ්බයෙක් හෝ…. කුම්භාණ්ඩයෙක් හෝ…. නාගයෙක් හෝ…. දුෂ්ට වූ සිතින් යුතුව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ යන විට ඒ අනුව යන්නේ නම්, සිටින විට ඒ අනුව සිටින්නේ නම්, හිඳින විට ඒ අනුව හිඳින්නේ නම්, නිදන විට ඒ අනුව නිදන්නේ නම් ‘මේ අමනුෂ්‍යයා මට හිංසා කරන්නේය’ යනුවෙන් ඉන්ද, සෝම, වරුණ ආදී යක්ෂ සේනාපතීන් හට හඬ නගා පැවසිය යුත්තේය” යනුවෙනි. එමෙන්ම ආටානාටිය නම් වූ විශේෂ පිරිතක් ද පවසා එය කටපාඩම් කරගෙන නිතර නිතර සජ්ඣායනා කරන ලෙස ද පවසා සිටියේය. තෙරුවන් සරණ ගිය සිව්වනක් පිරිසට එවිට සෙන්පති දෙවිවරුන්ගෙන් සහය ලැබී රැකවරණය සැලසෙන බව දීඝ නිකායේ ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ. මිනිසුන්ට අමනුෂ්‍යයන් ආවේශ වී කතාබස් කරන අවස්ථා, එම අමනුෂ්‍ය බලපෑම් දුරුකරනු පිණිස තොවිල් නටන අවස්ථා මෙකල ද අපගේ ඇස් පනාපිට දක්නට ලැබේ. අනවින, කොඩිවින, හදි හූනියම්, වශී ගුරුකම් කරන ස්ථාන හා පුද්ගලයන් පිළිබඳ විස්තර දිනපතා පුවත්පත්වල පලවේ. එබඳු තැන්වල සිටින්නේ කවුද? ඔවුන් වැඩ ගන්නේ කාගෙන්ද? ලංකාවේ මිනිස්සු ද ඕනෑතරම් එම ගුබ්බෑයම්වලට හොර රහසේ රිංගා අමනුෂ්‍යයන්ගෙන් උදව් ගනිති. තම ආසාවල් සපුරා ගනිති. තමාගේ සතුරන්ට හානි පමුණුවා සතුටු වෙති. අවසානයේ මරණින් මතු තමන් උදව් ගත් අමනුෂ්‍යයාගේ ම දාසයන් දාසියන් බවට පත් වෙති. කරුණු මෙසේ තිබියදීත් ඇතැම් අය ‘අපට නොපෙනෙන ලොවක් ඇත, එම නොපෙනෙන ලෝකයෙන් අපට විවිධ අයුරින් කරදර, බාධා එල්ල වන්නේය’ යන්න සැක කරමින් ‘ඔය මොන බොරු කතාද? මිනිස්සුන්ව භය කරන්න කියන කතා… මේ තාක්ෂණය දියුණු කාලේ ඕවා කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑ… මොන භූතයෝ ද?’ කියමින් ප්‍රකාශ කරන්නේ කුමන අදහසකින් ද යන්න ප්රශ්නයකි. ඇතැම් විට ඔවුන් එසේ පවසන්නේ තමන් ද එම දේවාල ගුබ්බෑයම්වලට රිංගන කෙනෙක් බව ලොවෙන් වසන් කිරීමට වන්නට පුළුවනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom