Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

|වලාහක|

බිත්තිය මත වූ කැලැන්ඩරයේ වර්ෂය 2026 ලෙසත් මාසය අගෝ්ස්තු ලෙසත් සටහන්ව තිබුණි.මධූ තම කාමරයේ මේසය මත දිගහැරගෙන සිටින ලැප්ටොප් පරිගණකයේ ලිපියක් සටහන් කරමින් සිටියේය.හදිසියේ පැමිණි දුරකථන ඇමතුමකින් රචනා භාවනාවෙන් මිඳුනු ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වීය.

" මධූ මං ගාව නිව්ස් එකක් තියෙනවා" දුරකථනයේ අනෙක් පසින් ඇසින.

"මේ පාර මොකද්ද ? " ඒ මධූය.

"ඔයා එන්නකෝ අපේ පොට් එකට "

" හරි හරි හයහමාරට එන්නම් " යැයි පවසමින් මධූ දුරකථනය විසන්ධි කළේය.

මධූ වනාහි තරුණ ලේඛකයෙකි, ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.මේ ඔහුව සම්බන්ධ කරගත්තේ මධූගේ් විශ්වාසවන්ත තොරතුරු සපයන්නෙකි.

මධූ ලැප්ටොප් පරිගණකයෙන් මදකට දෑස් ඉවතට ගෙන මොහොතක් කල්පනා බරිත විය.පුටුවෙන් නැගිට කාමරයේ ජනෙල් පඩිය අසලට ගියේය.

කාමරය පුරා ඇත්තේ පොත්පත්ය.රාක්ක කීපයක්ම පොතින් වැසී ඇති අතර ඉඩ තිබෙන තිබෙන තැන් වල සම්මාන,රාමු කරන ලද ඡායාරූපත් බිත්තියේ විවිධ සැරසිලි,අවි ආයුධ,වෙස් මුහුණු හා නොයෙක් අංග වෙයි.කාමරයේ වම් පස කොනේ ජනෙල් කවුලුවක් වන අතර එතැන හරිතවත් පැළ කිහිපයක් පෝච්චි වල දළු දමමින් ඇත.නමුත් ජනේලයෙන් පිටත පරිසරය අතිශයින්ම කටුකය.ගස් හේ ගොස්ය.මධූ සමරනායක ලෙස සටහන්වූ සමරු ඵලකයක් හා ඔහුගේම රුව රැගත් ඵලකයක් ජනෙල් පඩිය මත ඇත.

ජනේලය ළඟ තිබුණු කුඩා මල් බාල්දියෙන් ජලය හරිතවත් පැළ කිහිපයට වක්කරන ගමන් මධූ කල්පනා කරන්නට විය.

දැනට මාස කිහිපයක සිට මුළු පළාතම නියඟයකට හසුව ඇත.සම්පූර්ණ ජල චක්‍රයම නතර වී ගොස් ඇති සෙයකි. මාධ්‍යවේදියෙකු ලෙස මධූ මෙයට විසඳුම් සෙවීමට බොහෝ කල් සිට වෙහෙස මහන්සි වූ අතර කිසිම ප්‍රතිඵලයක් නැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනූව කිසිදු ගැටලුවක් නැති අතර එකම ප්රශ්නය මධ්‍යම කඳුකරයේ සිට බස්නාහිර පළාතට ජල වාෂ්ප සංක්‍රමණය නොවීමත් වාළාකුළු තිබුණත් වර්ෂාව නොලැබීමත්ය. විදෙස් රට වලින් පර්යේෂණ සිදු කලත් කිසිඳු තොරතුරක් ලබා ගත නොහැකි විය. නූතනයේ විද්‍යාත්මක යැයි සම්මත කිසිදු ආකාරයකින් මේ සන්සිද්ධිය පිළිබඳ තර්කානුකූල පැහැදිලි කිරීමක් ලබා නොදීම සියලු දෙනාගේම සිතට ප්‍රශ්නාර්ථයක් යොමු කළේය.

සවස පහයි තිහ වන විට මධු තමාගේ සයිඩ් බෑගයද උරහිස හරහා දමා තම මෝටර් රථයට ගොඩවූයේ පිට්සා කැෆේ නම් තමාගේ සුපුරුදු අවන්හලට ලෑමේ අටියෙනි.නිලන්ත සවස හය වන විට පැමිණෙන නිසාත් අලුත් තොරතුරක් දැන ගැනීමේ අවශ්‍යතාවය නිසාත් කාලෙකින් පිටින් ආහාරයක් නොගත් නිසාත් මධූ තරමක් වේලාසනම පිටත් විය.

වාහනය යන අතරමගදී මධූගේ සිත තවත් සැලෙන්නට විය.අවට සියල්ල කහ පැහැවී ඇත.කොළඹ ප්‍රධාන නගරයෙන් කිලෝමීටර් විස්සක් පමණ දුර සිටියත් මධු කොළඹ ගැන සිතන්නට විය.කොළඹට ජලය සපයන ලබුගම ජලාශයේ ජල මට්ටම තවත් දින අටකට පමණක් ප්‍රමාණවත් බව ජංගම දුරකථනයේ ඇති ජල මාපක ඇප් එක මගින් පෙන්වයි.මේ වන විට කොළඹ නගරය පාලු වී ගොසින්ය.ප්‍රධාන අවන්හල් හැරුනු කොට කුඩා කඩ සාප්පු වැසී ගොස්ය.ජල අර්බුධය උග්‍ර වූ විට මිනිසුන්ට පරිසරයේ අගය වැටහී ගොස්ය.සෑම තැනම රුක් රෝපණ වැඩ සටහන්ය.වැසි පිරිත්ය,සියටැල්ගේ වදන්ය.මේ සියල්ල අතර මති මතාන්තර ගැටුම්ය.ඒ අතර තුර රේඩියොවේ ප්රවෘත්ති ප්‍රකාශයය,

' මේක මහ විනාසයක් වැස්ස වලාහක දෙවිවරු යන්න ගහිං....' මධු රේඩියෝව නතර කළේය.ඔහුගේ ගමනාන්තයට පැමිණ ඇත.

මධු අවන්හල ඉදිරිපිට වාහනය නතර කර අවන්හල තුලට පිවිසයේ සුපුරුදු ලෙස ජනාකීර්ණත්වයක් බලාපොරොත්තු වෙමිනි.එහෙත් අවන්හල ජන ශූන්‍යයය.අවන්හලේ කොනේ වීදුරුව අසල නිලන්ත වූයේ විශාල පීසා එකක් බුදිමිනි.මධු දුටු විගස ඔහු

"වරෙං"යැයි කෑ ගෑවේය.

නිහඬව වාඩි වූ මධු කෙලින්ම මාතෘකාවට අවතීර්ණ විය.

"හරි නිලා මට කියපං දැං මොකද්ද නිව්ස් එක."

මධු දෙස බැලූ නිලන්ත ඔහුගේ තත්වය අවබෝධ කරගත්තා සේ කතාව ඇරඹීය.මුල් වචන කිහිපය නිලන්තටවත් තේරුනාද යන්න සැක සහිතය.එතරම් විශාල පීසා කැබැල්ලක් ඔහුගේ මුවෙහිය.

".....ආරංචියක් ආවා මේ පායන එකට හේතුව මොකද්ද කියලා "

මධු තවත් හරි බරි ගැහී අසන්නට සූදානම් විය.සිසිල් බීම ඇනවුමක්ද වේටර්වරයාට දී කතාව ඇසීමට මධු හරි බරි ගැසින.

" මට කියපු කෙනා මම අන්තිමටම කියන්නං.මට කියපු විදිහටම මම කතාව කියන්නං අන්තිමට ප්‍රශ්න අහන්න.

අපි මේ ලෝකෙ භෞතික සංසිද්ධීන් වල දන්නෙ විස්තර බොහොම ටිකයි.අපි හිතනවා ගොඩක් අපි දන්නවා ඒ වගේ අපිට ඒවට බලපෑම් කරන්න පුළුවන් කියල.හැබැයි මම කියනව ඒක එහෙම නෙමෙයි කියල.ද්වාභාවිකවම ඒවට වෙනත් ශක්ති විශේෂ තියෙනවා.මම හොයාගත්ත එහෙම ශක්තියක්.ඒ ශක්තිය මම දැක්කා අපේ ජල චක්‍රය තුළ තියෙනවා.ඒ වගේම සුළඟ තුළ ඒ වගේම ඊට සමාන ඒ spectrum එකේම තියෙන වෙනස් වෙනස් ශක්තීන් පවා මම අදුර ගත්තා විශේෂත්වය තමා ඒ ඒ ශක්තීන්ට ස්වයංව හැසිරෙන්න පුළුවන් එක.මම දන්නවා විද්‍යාවේ මනුස්සයෙක් විදිහට කාටවත් මේක විශ්වාස කරන්න බැරි විත්තිය.මම මේක ඔප්පු කලා කොහොම හරි ඒ විතරක් නෙමෙයි මේකෙන් මට විශාල සල්ලියකුත් හොයන්න පුළුවන්.ඔබතුමාට ඕනනං ඔය කියන මිත්‍රයත් එක්ක බලන්න එන්න.මමත් කැමතියි මේ වෙලාවෙ හොඳ මාධ්‍ය ප්‍රචාරණයකුත් ලැබෙනවනම්" නිලන්ත තව පීසා කෑල්ලක් සපන්නට විය.

" දැං උඹ කියන්නේ නිලා මේ මිනිහද මේ පායන එකට හේතුව " මධූගේ උද්වේගකර හඬ විමසයි.

" මිනිහ කියන විදිහට එහෙමයි.ඒකා පර්යේෂණ පත්‍රිකාවකුත් ලියලලු තියෙන්නෙ ඕන වෙලාවක එන්න කියල ඇඩ්රස් එකත් දුන්නා " ඒ නිලන්තය.

" මොන එහෙකටද එහෙනං බලං ඉන්නෙ දැංම යමං " මධූ නැගිට සිටියේ උද්වේගයෙන් වුවත් තවමත් දෙගිඩියාවක් සිතේ පවතින බැව් දන්නේ ඔහුම පමණි.

පාලු රබර් වත්තක් හරහා ගිය මධූගේ වාහනය නිලන්තට දුන් මග සලකුණු අනූව ගොස් නතර වූයේ පැරණි රබර් කර්මාන්තශාලවක් ඉදිරිපිටය.වාහනයෙන් බැස නිලන්ත දුරකථන ඇමතුමක් ගත්තේය.මද වේලාවකින් තහඩු වලින් නිම කර තිබූ ගබඩවාක පැත්තකින් දොරක් විවර විය.

" මහත්තුරු මෙහෙන් එන්න" දොර දෙසින් හඬ නිකුත් විය.

දොරෙන් ඇතුළු වූ මධු හා නිලන්ත ඉදිරිපිට වූයේ මුඩු හිසේ තැනින් තැන කෙස් තිබෙන කෙසඟ සිරුරක් ඇති මැදි වියේ පුද්ගලයෙකි.ඔහු තමන්ව ජගත් ලෙස හදුන්වා දුන්නේය.

මධූ මහත්තය එන්න මේ පැත්තෙන් කියා ඔහු පඩි පෙලක් නැග උඩු මහලකට ඇතුල් විය.එය සම්පූර්ණ පර්යේෂණාගාරයකි.එක් වරම ඇස් ඇද ගන්නා අඩි දාහතරක් පමණ උස වීදුරු ටැංකියක් පර්යේෂණාගාරය මැද්දේම ඇති අතර එයවටා ලෝහ දැලක් වයර් , තනි අතකින් මිට මොලවා ඇල්ලිය නොහැකි තරම් වයර් එයට සම්බන්ධව තිබූ අතර එය වටේම තැනින් තැන ස්විච් සහ තිර සහිත පැනල සම්බන්ධ කර ඇත. ඊට එහායින් පරිගණක තිර කිහිපයක්ම ඊට එහායින් සම්බන්ධ කර ඇති අතර එතන පාලක ස්ථානයක් යැයි සිතිය හැක.මැද තිබෙන විශාල සිලින්ඩරාකාර ටැංකිය තුලින් නිල්,කහ,කොළ වැනි ආලෝක දහරා නිකුත් වන අතර ඒය මේ සම්පූර්ණ යාන්ත්රනයේ බල සැපයුම යැයි සිතිය හැක.

මධු හඬ අවධි කළේය.

" මහත්තයා නිලන්ත මට විස්තර ටිකක් කිව්වා,හැබැයි මම කැමතියි මහත්තයගෙම වචන වලින් මේ ගැන අහගන්න"

" හයියෝ හයියෝ මිස්ටර් මධූ , මම සරලවම කියනවනම් දැං ඉදලා මම තමයි කාලගුණේ පාලනය කරන්නේ " ඔහු වියරු සිනහවක් පාමින් පැවසුවේය.

මධූ සහ නිලන්ත තුෂ්ණිම්භූත විය.

" එන්න එන්න ඔය මහත්තුරුන්ට මම විස්තර කරල කියන්න, මම එක්තරා විදිහක් හොයාගත්ත පියවි ඇසට පේන්නෙනැති දේවල් බලන ක්‍රමයක් මම ඒක කියන්න යන්නේ නැ ඇත්තෙන්ම ඔය මහත්තුරුන්ට. මම හොයාග්තත මගෙ පර්යේෂණ දිගටම කරගෙන යනකොට මේ ශක්තීන් වලට නිදහසේ හැසිරෙන්න වගේම ස්වාභාවික ක්‍රියාවලියට බලපෑම් කරන්න පුළුවන් කියලා.ඉතිං මම හැදුවා මේ පර්යේෂණාගාරය ඒව පාලනය කරන්න. ඉතිං මිස්ටර් මධූ මේ තියෙන්නෙ ප්‍රධාන බල සැපයුම මේ තමයි අර නිදහසේ හැසිරෙන ශක්ති විශේෂය." ඔහු විශාල සිලින්ඩරය දෙසට අත දික් කරමින් පැවසීය.

" මේ ශක්තීන්ට සමහරු කියනවා දෙවිවරුලු සමහරු කියනව විශ්ව ශක්තියලු මම කියනව මේවට ජේ එනර්ජි කියලා.මොකද ජේ කියන්නේ ජගත් " ඔහු ඇසක් ඉඟි මරමින් පැවසීය.

ඔහු පරිගණක තිර ඇති පාලක මැදිරිය දෙසට හැරෙන විටම නිලන්ත විසින් අසල තිබූ යකඩ බටයකින් ඔහුගේ හිසට පහරක් එල්ල කළේය.එකෙනෙහිම ජගත් නම් මේ අසිරිමත් නිර්මාණයේ හිමිකරු සිහිවිසඥ්ඥව බිම වැටුනේය.

" මධු මූ ඇවිල්ලා අමු ආත්මාර්ථකාමියෙක්.මිනිස්සු අරහෙ වතුර පොදක් නැතුව ඉන්නව මූ ජේ එනර්ජි මගුලක් කියනව."

" ඇත්ත නිලා.මේ එනර්ජි ටික නිදහස් කරන්න විදිහක් බලමු.මම මේ මේක ඒක කියයි කියල බලාගෙන හිටියෙ. කමන්නැ උඹ කරපු දේ හරි " මධූ පැවසුවේය.

සිලින්ඩරය ළඟට ගොස් මධූ මද වේලාවක් ඒ දෙසා බලාගෙන සිටියේය.ඔහුට ආලෝක දහරාවන්ගෙන් මනුෂ්‍ය ස්වරූපයක් පෙනෙන්නට විය.තවත් වෙලාවක් ගත වන විට ස්වරූප කිහිපයක් ලෙස දිස් විය.

ඒ අතර තුර නිලන්ත පරිගණක පුරා මෙය නැවත සකස් කිරීමට දත්ත සොයන්නේය.

සිලින්ඩරය තුළ වූ තද නිල් පැහැති ආලෝකයෙන් අතක් වැනි ශක්ති කදම්භයක් අසල ඇති රතු පැහැති බොත්තමකට දිශාව දක්වන්නට විය. ඒ අසලට ගිය අතිශයින්ම වික්ෂිප්ත වී ඇති මධූ බොත්තම එබුවේය.

සැනෙකින් සිලින්ඩරයේ වූ සුදු පැහැති දිස්නය අතුරුදන් විය. දැන් වෙන වෙනම නිල් කහ සහකොළ එළි තුනක් දිස්වන අතර සිලින්ඩරය තුලින් එක් වරම ජල හා සුළං පහරක් සමග විදුලි කෙටීමකින් සිලින්ඩරය පුපුරා ගියේය.නිලන්ත විසිවී ගොස් වැටින.මධුද බිම වැටී සිටි තැනින් නැගිටිනවාත් සමගම ශක්තීන් තුන පාවෙමින් ඔවුන් ඉදිරියට පැමිණියහ.

ආලෝක ප්‍රභාව අඩු වෙමින් තරමක මනුෂ්‍ය ස්වරූපයට ඔවුන් පත් විය. ඔවුන්ගේ දෑස් දියරමය රත්තරන් වල ස්වභාවයෙන් යුක්ත විය.නායකයායැයි සිතිය හැකි රුව තද නිලෙන් දිලෙන අතර මධූට හා නිලන්තට විශ්ණු දෙවියන් සිහිවිය. එලෙසටම ඔහු ගොත ගසමින් "විශ්ණු" යැයි මිමිණීය.

ඉතාමත් ප්‍රභල ගැඹුරු ළඟ ළඟ දෝංකාර දෙන හඬකින් එම රුව " සිටියානම් අගෙයි " යනුවෙන පැවසීය. ඒත් සමගම දෑත් එක්කොට ආයුබෝවන් කියන්නා සේ මිනිසුන් දෙසට හැරී අහස් කුස දෙසට ඇදී ගියේ අතිශය වේගයකිනි.ඒ ක්ෂනිකව අහස පුරා විශාල වෙනස්වීම් සිදුවන්නට විය.

මධු හා නිලන්ත හැකි ඉක්මනින් එළියට ගියේ සිදුවන්නේ කුමක්ද යන්න හරිහැටි බලාගනීමටයි.එක් වරම දසතම සුළං හමා යන්නට විය.ඉහළ අහසේ වළාකුළු එක් රැස් වීමට පටන් ගත්තේය. රන් වන් පාටින් විදුලි කොටන්නට විය. මධූ හා නිලන්ත තුළ වූයේ අතිශය උත්කෘෂ්ඨවත් හැඟීම් සමුදායකි.ඒත් සමගම ප්‍රශ්නාර්ථද ගණනාවක් සිත තුළ පැන නගින්නේ අද්භූත ජීවීන් පිළිබඳවය.

මධූ මොටර් රථය පදවන විටද නිහඬව කල්පනාවේ යෙදෙන්නට විය.මේ ජීවීන් කවුරුන් විය හැකිද ? අන්තර්මාන ජීවීන්? ඇයි මම එවලේ විශ්ණු කිව්වේ ? මම විද්‍යාවේ මිනිහෙක් නෙමෙයිද? ඒත් විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් ලබා දිය හැකිද ? මෙලෙස ප්‍රශ්න ගණනාවක් අතර සිටින මධූ නිලන්ත දෙසට හැරුණි.නිලා උඹට මේ ගැන හිතන්නෙ මොකද?

" ඇත්තටම මේ මධු ...." නිලන්ත පිළිතුරු දෙන්න සූදානම් වනාවත් සමඟම විදුලියක් කෙටූ අතර එක් වරම තද වර්ෂාවක් ආරම්භ විය.වාහනයේ රේඩියෝව ක්‍රියාත්මක වී දැනට සිව් මසක පමණ සිට පැය 24 පුරාම විකාශයවන කොළඹ නගර මධ්‍යයේ සිට සජ්ජායනා කරනු ලබන වැහි පිරිත් දේශනය විකාශනය වන්නට විය.

" සුභූතෝච මහා ථේරෝ

මහා කායෝ මහෝදරෝ

නීල වණ්ණෝ මහා තේජෝ

පවස්සන්තු වලාහකා

අභිත්තනය පජ්ජුන්න

නිතිං කාකස්ස නාසය

කාකං සෝකාය රන්දේහී

මංච සෝකා පමෝචය

ඒතේන සච්ච වජ්ජේන

සම්මා දේවෝ පවස්සතු!"

-අරුණළු බුලත්සිංහල-

Arunalu Bulathsinhala

[ ලයික් එකක් දාගෙන යන්න, අඩුපාඩු අදහස් පහලින් කමෙන්ට් කරන්න හොඳයි කියල හිතෙනවනම් යාළුවන්ටත් ෂෙයා කරන්න ]

[QUOTE="sebastian show, post: 30104787, member: 388298"] |වලාහක| බිත්තිය මත වූ කැලැන්ඩරයේ වර්ෂය 2026 ලෙසත් මාසය අගෝ්ස්තු ලෙසත් සටහන්ව තිබුණි.මධූ තම කාමරයේ මේසය මත දිගහැරගෙන සිටින ලැප්ටොප් පරිගණකයේ ලිපියක් සටහන් කරමින් සිටියේය.හදිසියේ පැමිණි දුරකථන ඇමතුමකින් රචනා භාවනාවෙන් මිඳුනු ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වීය. " මධූ මං ගාව නිව්ස් එකක් තියෙනවා" දුරකථනයේ අනෙක් පසින් ඇසින. "මේ පාර මොකද්ද ? " ඒ මධූය. "ඔයා එන්නකෝ අපේ පොට් එකට " " හරි හරි හයහමාරට එන්නම් " යැයි පවසමින් මධූ දුරකථනය විසන්ධි කළේය. මධූ වනාහි තරුණ ලේඛකයෙකි, ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.මේ ඔහුව සම්බන්ධ කරගත්තේ මධූගේ් විශ්වාසවන්ත තොරතුරු සපයන්නෙකි. මධූ ලැප්ටොප් පරිගණකයෙන් මදකට දෑස් ඉවතට ගෙන මොහොතක් කල්පනා බරිත විය.පුටුවෙන් නැගිට කාමරයේ ජනෙල් පඩිය අසලට ගියේය. කාමරය පුරා ඇත්තේ පොත්පත්ය.රාක්ක කීපයක්ම පොතින් වැසී ඇති අතර ඉඩ තිබෙන තිබෙන තැන් වල සම්මාන,රාමු කරන ලද ඡායාරූපත් බිත්තියේ විවිධ සැරසිලි,අවි ආයුධ,වෙස් මුහුණු හා නොයෙක් අංග වෙයි.කාමරයේ වම් පස කොනේ ජනෙල් කවුලුවක් වන අතර එතැන හරිතවත් පැළ කිහිපයක් පෝච්චි වල දළු දමමින් ඇත.නමුත් ජනේලයෙන් පිටත පරිසරය අතිශයින්ම කටුකය.ගස් හේ ගොස්ය.මධූ සමරනායක ලෙස සටහන්වූ සමරු ඵලකයක් හා ඔහුගේම රුව රැගත් ඵලකයක් ජනෙල් පඩිය මත ඇත. ජනේලය ළඟ තිබුණු කුඩා මල් බාල්දියෙන් ජලය හරිතවත් පැළ කිහිපයට වක්කරන ගමන් මධූ කල්පනා කරන්නට විය. දැනට මාස කිහිපයක සිට මුළු පළාතම නියඟයකට හසුව ඇත.සම්පූර්ණ ජල චක්‍රයම නතර වී ගොස් ඇති සෙයකි. මාධ්‍යවේදියෙකු ලෙස මධූ මෙයට විසඳුම් සෙවීමට බොහෝ කල් සිට වෙහෙස මහන්සි වූ අතර කිසිම ප්‍රතිඵලයක් නැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනූව කිසිදු ගැටලුවක් නැති අතර එකම ප්රශ්නය මධ්‍යම කඳුකරයේ සිට බස්නාහිර පළාතට ජල වාෂ්ප සංක්‍රමණය නොවීමත් වාළාකුළු තිබුණත් වර්ෂාව නොලැබීමත්ය. විදෙස් රට වලින් පර්යේෂණ සිදු කලත් කිසිඳු තොරතුරක් ලබා ගත නොහැකි විය. නූතනයේ විද්‍යාත්මක යැයි සම්මත කිසිදු ආකාරයකින් මේ සන්සිද්ධිය පිළිබඳ තර්කානුකූල පැහැදිලි කිරීමක් ලබා නොදීම සියලු දෙනාගේම සිතට ප්‍රශ්නාර්ථයක් යොමු කළේය. සවස පහයි තිහ වන විට මධු තමාගේ සයිඩ් බෑගයද උරහිස හරහා දමා තම මෝටර් රථයට ගොඩවූයේ පිට්සා කැෆේ නම් තමාගේ සුපුරුදු අවන්හලට ලෑමේ අටියෙනි.නිලන්ත සවස හය වන විට පැමිණෙන නිසාත් අලුත් තොරතුරක් දැන ගැනීමේ අවශ්‍යතාවය නිසාත් කාලෙකින් පිටින් ආහාරයක් නොගත් නිසාත් මධූ තරමක් වේලාසනම පිටත් විය. වාහනය යන අතරමගදී මධූගේ සිත තවත් සැලෙන්නට විය.අවට සියල්ල කහ පැහැවී ඇත.කොළඹ ප්‍රධාන නගරයෙන් කිලෝමීටර් විස්සක් පමණ දුර සිටියත් මධු කොළඹ ගැන සිතන්නට විය.කොළඹට ජලය සපයන ලබුගම ජලාශයේ ජල මට්ටම තවත් දින අටකට පමණක් ප්‍රමාණවත් බව ජංගම දුරකථනයේ ඇති ජල මාපක ඇප් එක මගින් පෙන්වයි.මේ වන විට කොළඹ නගරය පාලු වී ගොසින්ය.ප්‍රධාන අවන්හල් හැරුනු කොට කුඩා කඩ සාප්පු වැසී ගොස්ය.ජල අර්බුධය උග්‍ර වූ විට මිනිසුන්ට පරිසරයේ අගය වැටහී ගොස්ය.සෑම තැනම රුක් රෝපණ වැඩ සටහන්ය.වැසි පිරිත්ය,සියටැල්ගේ වදන්ය.මේ සියල්ල අතර මති මතාන්තර ගැටුම්ය.ඒ අතර තුර රේඩියොවේ ප්රවෘත්ති ප්‍රකාශයය, ' මේක මහ විනාසයක් වැස්ස වලාහක දෙවිවරු යන්න ගහිං....' මධු රේඩියෝව නතර කළේය.ඔහුගේ ගමනාන්තයට පැමිණ ඇත. මධු අවන්හල ඉදිරිපිට වාහනය නතර කර අවන්හල තුලට පිවිසයේ සුපුරුදු ලෙස ජනාකීර්ණත්වයක් බලාපොරොත්තු වෙමිනි.එහෙත් අවන්හල ජන ශූන්‍යයය.අවන්හලේ කොනේ වීදුරුව අසල නිලන්ත වූයේ විශාල පීසා එකක් බුදිමිනි.මධු දුටු විගස ඔහු "වරෙං"යැයි කෑ ගෑවේය. නිහඬව වාඩි වූ මධු කෙලින්ම මාතෘකාවට අවතීර්ණ විය. "හරි නිලා මට කියපං දැං මොකද්ද නිව්ස් එක." මධු දෙස බැලූ නිලන්ත ඔහුගේ තත්වය අවබෝධ කරගත්තා සේ කතාව ඇරඹීය.මුල් වචන කිහිපය නිලන්තටවත් තේරුනාද යන්න සැක සහිතය.එතරම් විශාල පීසා කැබැල්ලක් ඔහුගේ මුවෙහිය. ".....ආරංචියක් ආවා මේ පායන එකට හේතුව මොකද්ද කියලා " මධු තවත් හරි බරි ගැහී අසන්නට සූදානම් විය.සිසිල් බීම ඇනවුමක්ද වේටර්වරයාට දී කතාව ඇසීමට මධු හරි බරි ගැසින. " මට කියපු කෙනා මම අන්තිමටම කියන්නං.මට කියපු විදිහටම මම කතාව කියන්නං අන්තිමට ප්‍රශ්න අහන්න. අපි මේ ලෝකෙ භෞතික සංසිද්ධීන් වල දන්නෙ විස්තර බොහොම ටිකයි.අපි හිතනවා ගොඩක් අපි දන්නවා ඒ වගේ අපිට ඒවට බලපෑම් කරන්න පුළුවන් කියල.හැබැයි මම කියනව ඒක එහෙම නෙමෙයි කියල.ද්වාභාවිකවම ඒවට වෙනත් ශක්ති විශේෂ තියෙනවා.මම හොයාගත්ත එහෙම ශක්තියක්.ඒ ශක්තිය මම දැක්කා අපේ ජල චක්‍රය තුළ තියෙනවා.ඒ වගේම සුළඟ තුළ ඒ වගේම ඊට සමාන ඒ spectrum එකේම තියෙන වෙනස් වෙනස් ශක්තීන් පවා මම අදුර ගත්තා විශේෂත්වය තමා ඒ ඒ ශක්තීන්ට ස්වයංව හැසිරෙන්න පුළුවන් එක.මම දන්නවා විද්‍යාවේ මනුස්සයෙක් විදිහට කාටවත් මේක විශ්වාස කරන්න බැරි විත්තිය.මම මේක ඔප්පු කලා කොහොම හරි ඒ විතරක් නෙමෙයි මේකෙන් මට විශාල සල්ලියකුත් හොයන්න පුළුවන්.ඔබතුමාට ඕනනං ඔය කියන මිත්‍රයත් එක්ක බලන්න එන්න.මමත් කැමතියි මේ වෙලාවෙ හොඳ මාධ්‍ය ප්‍රචාරණයකුත් ලැබෙනවනම්" නිලන්ත තව පීසා කෑල්ලක් සපන්නට විය. " දැං උඹ කියන්නේ නිලා මේ මිනිහද මේ පායන එකට හේතුව " මධූගේ උද්වේගකර හඬ විමසයි. " මිනිහ කියන විදිහට එහෙමයි.ඒකා පර්යේෂණ පත්‍රිකාවකුත් ලියලලු තියෙන්නෙ ඕන වෙලාවක එන්න කියල ඇඩ්රස් එකත් දුන්නා " ඒ නිලන්තය. " මොන එහෙකටද එහෙනං බලං ඉන්නෙ දැංම යමං " මධූ නැගිට සිටියේ උද්වේගයෙන් වුවත් තවමත් දෙගිඩියාවක් සිතේ පවතින බැව් දන්නේ ඔහුම පමණි. -------------------------------------------------------------------------- පාලු රබර් වත්තක් හරහා ගිය මධූගේ වාහනය නිලන්තට දුන් මග සලකුණු අනූව ගොස් නතර වූයේ පැරණි රබර් කර්මාන්තශාලවක් ඉදිරිපිටය.වාහනයෙන් බැස නිලන්ත දුරකථන ඇමතුමක් ගත්තේය.මද වේලාවකින් තහඩු වලින් නිම කර තිබූ ගබඩවාක පැත්තකින් දොරක් විවර විය. " මහත්තුරු මෙහෙන් එන්න" දොර දෙසින් හඬ නිකුත් විය. දොරෙන් ඇතුළු වූ මධු හා නිලන්ත ඉදිරිපිට වූයේ මුඩු හිසේ තැනින් තැන කෙස් තිබෙන කෙසඟ සිරුරක් ඇති මැදි වියේ පුද්ගලයෙකි.ඔහු තමන්ව ජගත් ලෙස හදුන්වා දුන්නේය. මධූ මහත්තය එන්න මේ පැත්තෙන් කියා ඔහු පඩි පෙලක් නැග උඩු මහලකට ඇතුල් විය.එය සම්පූර්ණ පර්යේෂණාගාරයකි.එක් වරම ඇස් ඇද ගන්නා අඩි දාහතරක් පමණ උස වීදුරු ටැංකියක් පර්යේෂණාගාරය මැද්දේම ඇති අතර එයවටා ලෝහ දැලක් වයර් , තනි අතකින් මිට මොලවා ඇල්ලිය නොහැකි තරම් වයර් එයට සම්බන්ධව තිබූ අතර එය වටේම තැනින් තැන ස්විච් සහ තිර සහිත පැනල සම්බන්ධ කර ඇත. ඊට එහායින් පරිගණක තිර කිහිපයක්ම ඊට එහායින් සම්බන්ධ කර ඇති අතර එතන පාලක ස්ථානයක් යැයි සිතිය හැක.මැද තිබෙන විශාල සිලින්ඩරාකාර ටැංකිය තුලින් නිල්,කහ,කොළ වැනි ආලෝක දහරා නිකුත් වන අතර ඒය මේ සම්පූර්ණ යාන්ත්රනයේ බල සැපයුම යැයි සිතිය හැක. මධු හඬ අවධි කළේය. " මහත්තයා නිලන්ත මට විස්තර ටිකක් කිව්වා,හැබැයි මම කැමතියි මහත්තයගෙම වචන වලින් මේ ගැන අහගන්න" " හයියෝ හයියෝ මිස්ටර් මධූ , මම සරලවම කියනවනම් දැං ඉදලා මම තමයි කාලගුණේ පාලනය කරන්නේ " ඔහු වියරු සිනහවක් පාමින් පැවසුවේය. මධූ සහ නිලන්ත තුෂ්ණිම්භූත විය. " එන්න එන්න ඔය මහත්තුරුන්ට මම විස්තර කරල කියන්න, මම එක්තරා විදිහක් හොයාගත්ත පියවි ඇසට පේන්නෙනැති දේවල් බලන ක්‍රමයක් මම ඒක කියන්න යන්නේ නැ ඇත්තෙන්ම ඔය මහත්තුරුන්ට. මම හොයාග්තත මගෙ පර්යේෂණ දිගටම කරගෙන යනකොට මේ ශක්තීන් වලට නිදහසේ හැසිරෙන්න වගේම ස්වාභාවික ක්‍රියාවලියට බලපෑම් කරන්න පුළුවන් කියලා.ඉතිං මම හැදුවා මේ පර්යේෂණාගාරය ඒව පාලනය කරන්න. ඉතිං මිස්ටර් මධූ මේ තියෙන්නෙ ප්‍රධාන බල සැපයුම මේ තමයි අර නිදහසේ හැසිරෙන ශක්ති විශේෂය." ඔහු විශාල සිලින්ඩරය දෙසට අත දික් කරමින් පැවසීය. " මේ ශක්තීන්ට සමහරු කියනවා දෙවිවරුලු සමහරු කියනව විශ්ව ශක්තියලු මම කියනව මේවට ජේ එනර්ජි කියලා.මොකද ජේ කියන්නේ ජගත් " ඔහු ඇසක් ඉඟි මරමින් පැවසීය. ඔහු පරිගණක තිර ඇති පාලක මැදිරිය දෙසට හැරෙන විටම නිලන්ත විසින් අසල තිබූ යකඩ බටයකින් ඔහුගේ හිසට පහරක් එල්ල කළේය.එකෙනෙහිම ජගත් නම් මේ අසිරිමත් නිර්මාණයේ හිමිකරු සිහිවිසඥ්ඥව බිම වැටුනේය. " මධු මූ ඇවිල්ලා අමු ආත්මාර්ථකාමියෙක්.මිනිස්සු අරහෙ වතුර පොදක් නැතුව ඉන්නව මූ ජේ එනර්ජි මගුලක් කියනව." " ඇත්ත නිලා.මේ එනර්ජි ටික නිදහස් කරන්න විදිහක් බලමු.මම මේ මේක ඒක කියයි කියල බලාගෙන හිටියෙ. කමන්නැ උඹ කරපු දේ හරි " මධූ පැවසුවේය. සිලින්ඩරය ළඟට ගොස් මධූ මද වේලාවක් ඒ දෙසා බලාගෙන සිටියේය.ඔහුට ආලෝක දහරාවන්ගෙන් මනුෂ්‍ය ස්වරූපයක් පෙනෙන්නට විය.තවත් වෙලාවක් ගත වන විට ස්වරූප කිහිපයක් ලෙස දිස් විය. ඒ අතර තුර නිලන්ත පරිගණක පුරා මෙය නැවත සකස් කිරීමට දත්ත සොයන්නේය. සිලින්ඩරය තුළ වූ තද නිල් පැහැති ආලෝකයෙන් අතක් වැනි ශක්ති කදම්භයක් අසල ඇති රතු පැහැති බොත්තමකට දිශාව දක්වන්නට විය. ඒ අසලට ගිය අතිශයින්ම වික්ෂිප්ත වී ඇති මධූ බොත්තම එබුවේය. සැනෙකින් සිලින්ඩරයේ වූ සුදු පැහැති දිස්නය අතුරුදන් විය. දැන් වෙන වෙනම නිල් කහ සහකොළ එළි තුනක් දිස්වන අතර සිලින්ඩරය තුලින් එක් වරම ජල හා සුළං පහරක් සමග විදුලි කෙටීමකින් සිලින්ඩරය පුපුරා ගියේය.නිලන්ත විසිවී ගොස් වැටින.මධුද බිම වැටී සිටි තැනින් නැගිටිනවාත් සමගම ශක්තීන් තුන පාවෙමින් ඔවුන් ඉදිරියට පැමිණියහ. ආලෝක ප්‍රභාව අඩු වෙමින් තරමක මනුෂ්‍ය ස්වරූපයට ඔවුන් පත් විය. ඔවුන්ගේ දෑස් දියරමය රත්තරන් වල ස්වභාවයෙන් යුක්ත විය.නායකයායැයි සිතිය හැකි රුව තද නිලෙන් දිලෙන අතර මධූට හා නිලන්තට විශ්ණු දෙවියන් සිහිවිය. එලෙසටම ඔහු ගොත ගසමින් "විශ්ණු" යැයි මිමිණීය. ඉතාමත් ප්‍රභල ගැඹුරු ළඟ ළඟ දෝංකාර දෙන හඬකින් එම රුව " සිටියානම් අගෙයි " යනුවෙන පැවසීය. ඒත් සමගම දෑත් එක්කොට ආයුබෝවන් කියන්නා සේ මිනිසුන් දෙසට හැරී අහස් කුස දෙසට ඇදී ගියේ අතිශය වේගයකිනි.ඒ ක්ෂනිකව අහස පුරා විශාල වෙනස්වීම් සිදුවන්නට විය. මධු හා නිලන්ත හැකි ඉක්මනින් එළියට ගියේ සිදුවන්නේ කුමක්ද යන්න හරිහැටි බලාගනීමටයි.එක් වරම දසතම සුළං හමා යන්නට විය.ඉහළ අහසේ වළාකුළු එක් රැස් වීමට පටන් ගත්තේය. රන් වන් පාටින් විදුලි කොටන්නට විය. මධූ හා නිලන්ත තුළ වූයේ අතිශය උත්කෘෂ්ඨවත් හැඟීම් සමුදායකි.ඒත් සමගම ප්‍රශ්නාර්ථද ගණනාවක් සිත තුළ පැන නගින්නේ අද්භූත ජීවීන් පිළිබඳවය. මධූ මොටර් රථය පදවන විටද නිහඬව කල්පනාවේ යෙදෙන්නට විය.මේ ජීවීන් කවුරුන් විය හැකිද ? අන්තර්මාන ජීවීන්? ඇයි මම එවලේ විශ්ණු කිව්වේ ? මම විද්‍යාවේ මිනිහෙක් නෙමෙයිද? ඒත් විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් ලබා දිය හැකිද ? මෙලෙස ප්‍රශ්න ගණනාවක් අතර සිටින මධූ නිලන්ත දෙසට හැරුණි.නිලා උඹට මේ ගැන හිතන්නෙ මොකද? " ඇත්තටම මේ මධු ...." නිලන්ත පිළිතුරු දෙන්න සූදානම් වනාවත් සමඟම විදුලියක් කෙටූ අතර එක් වරම තද වර්ෂාවක් ආරම්භ විය.වාහනයේ රේඩියෝව ක්‍රියාත්මක වී දැනට සිව් මසක පමණ සිට පැය 24 පුරාම විකාශයවන කොළඹ නගර මධ්‍යයේ සිට සජ්ජායනා කරනු ලබන වැහි පිරිත් දේශනය විකාශනය වන්නට විය. " සුභූතෝච මහා ථේරෝ මහා කායෝ මහෝදරෝ නීල වණ්ණෝ මහා තේජෝ පවස්සන්තු වලාහකා අභිත්තනය පජ්ජුන්න නිතිං කාකස්ස නාසය කාකං සෝකාය රන්දේහී මංච සෝකා පමෝචය ඒතේන සච්ච වජ්ජේන සම්මා දේවෝ පවස්සතු!" -අරුණළු බුලත්සිංහල- Arunalu Bulathsinhala [ ලයික් එකක් දාගෙන යන්න, අඩුපාඩු අදහස් පහලින් කමෙන්ට් කරන්න❤️ හොඳයි කියල හිතෙනවනම් යාළුවන්ටත් ෂෙයා කරන්න❤️ ] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom