Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි_බොමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි බොමු . . .

පෙර කාලයේ අපේ මුතුන් මිත්තෝ කුඹුරේ වැඩ අහවර වී ගෙදර යන්නට කලියෙන් ඕවිටේ, දෙනියේ, වෙල් යායේ ඇවිද ළා තණකොළ මිටියක් කපා ගන්නේ ගෙදර ඇතිකරන එළදෙනට කෑම සඳහාය. ඒ තණකොළ මිටිය එළදෙන වෙත ළං කර උගේ හිස ආදරයෙන් අත ගා එළදෙන සමඟ කථා කර මිස ඇඟපත සෝදා ගන්නට ඔවුන් ළිඳට ගියේ නැත. පසු දිනයේ උදෑසනම ගෙදර අම්මා එළදෙන වෙත ගොස් සෙනෙහසින් කතා කර ‘‘ඔන්න රත්තියේ අදත් අපිට කිරි ඩිංගිත්තක් ඕනේ… අහවර වෙච්ච හැටියේ පැටියව ළඟට ම ගෙනත් දෙන්නම්..” යයි පවසමින් කිරි ඩිංගිත්තක් එළදෙනගෙන් දොවා පැටවා එළදෙන වෙත ළං කර තලූ මර මරා කිරි බොන පැටවාගේත්, එළදෙනගේත් හිස අත ගෑ මෙන් අනතුරුව අම්මා ගෙට එන්නේ නැවුම් ව දොවා ගත් එළකිරි ගෙදර උදවිය වෙනුවෙන් පිළියෙල කරන්නට ය.

උණු උණුවේ පැසෙන සුදුවන් කහ පැහැයක් ගත් එළකිරි පානයේ ඇත්තේ ප්‍රණීත රසයකි, මහඟු පෝෂණ ගුණයකි. කිරිවලින් දීකිරි, වෙඬරු, ගිතෙල්, මෝරු යනාදි වශයෙන් පස්ගෝරසයේ ඉතිරි සිව්රසයන් ද සකසා ගත හැකිය. යොදයෙන් සකසන දුම්තෙල්වලින් ආහාර පිස ගනු ලැබේ.

ඒ ළෙංගතු සබැඳියාවන්ට හෙණ ගැසුවේ විජාතිකයන්ගේ පැමිණීමෙනි. ගෙරි මස් කන්නවුන් ලෙස අපේ මුතුන් මිත්තන්ගේ අප්‍රසාදයට පාත්‍ර වූ ඔවුහු කිරි මව මරා මස් කන්නට අපට පුරුදු කළ අතර අපට හුරු පුරුදු ජීවන ක්‍රමය ක්‍රමයෙන් වෙනස් කළහ.

අද වනවිට අපේ ගෙදර රත්තියෙක් නැත. උදෑසන හිස්බඩ පුරවා ගන්නේ පෝෂණීය එළකිරිවල නිෂ්පාදිත පලමුවෙන්ම ප්‍රෝටීනද දෙවැන්නෙන් චීස් හා බටර් සකසා ගැනීමට ප්‍රෝටීන හා මේදය ඉවත් කළ පසු ඉතිරි වන දියරයට කෘත්‍රිම ප්‍රෝටීන හා සත්ව මේදය යොදා සකසන පිටරට කිරිපිටිවලිනි නේද ?

නිල් පැහැ තණපිටිවල තණකොළ උලා කා සුවසේ වැඩෙනා එළදෙනුන්ගෙන් සුදු නෝනාවරුන්, සුදු මහත්වරුන්ගේ අතින් නැවුම්ව දොවා ගන්නා පිරිසිදු එළකිරිවලින් නිෂ්පාදිත, අරුම පුදුම පෝෂණ ගුණයක් අඩංගු යැයි කියැවුණ පිටිකිරි වීදුරුව අද අපව ඇද දමා තිබෙන යුද්ධය සුළුපටු එකක් නම් නොවේ.

තිස් වසරක යුද්ධය අපව මරා දැමුවේ නිහඬව නොවේ. ඒ යුද්ධයටත් වඩා මේ යුද්ධය භයානක වන්නේ මේ යුදබිම ගොදුරු ලබා ගන්නේ ඉතා නිහඬව වන නිසාය. එසේම මේ ආහාරමය ත්රස්තවාදීන්ට තිබෙන්නේද බැලූ බැල්මට ප්‍රිය උපදවන සුළු, ඉතා ගුණදායක සහ නැතිවම බැරි තරමේ පෝෂණීය බවක් අන්තර්ගත බව කියැවෙන අතිශය සුන්දර වෙස් මුහුණක් නිසාය.

පිටරටින් එන නැවුම් කිරි වීදුරුවේ වෙස් මුහුණ නිසා අපේ මනසට කාවැදී තිබෙන්නේ මේ කිරි නොබොන්නේ නම් අපට කිසිවක් ඉගෙන ගන්නට, මතක තබා ගන්නට පමණක් නොව නිරෝගීව සිටින්නටද නොහැකි බවකි. එසේම තරුණ මාපියවරුන්ට තම කුඩා දරුවා ඔසවන්නට බැරි තරමට අස්ථි දුර්වලතා ඇති වන බවකි. කොටින් ම මේ කිරි නොබොන්නේ නම් අප අසමත් ජාතියක් බවට පත්වන බවකි.

වෙළඳ මාෆියාව තුළින් පණ දුන් තරම් නම් මේ කතන්දරය සුන්දර නොවන බව දැන් මාස කිහිපයක පටන් හෙළිදරව් වෙමින් පවතී. අප සිතා සිටි ආකාරයේ නැවුම් බවකින් කිරිපිටි අපට නොලැබෙනවා පමණක් නොව ලැබෙන කිරිපිටිවලද ඇත්තේ ශරීරයට මාරාන්තික විය හැකි වස විස මය.

අලෙවි ප්‍රවර්ධනය හරහා අපේ රටේ ඉහළින්ම මාර්කට් වන මේ කිරිපිටි එක් එක් වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා නිසි ආකාරයෙන් හඳුනා ගත් බව නිතිපතා අසන්නට දකින්නට ලැබෙන අපේ රටවැසියන්ට කිරිපිටි නැතිවම බැරි දෙයක් බවට පත් වී අවසන්ය. එහෙත් එලෙස අපට නැතිවම බැරි වී තිබෙන්නේ යොදයද ඇතුළු පෝෂණීය සාරයන් සියල්ලම පාහේ ඉවත් කළ පසු ඉතිරි වන රොඞ්ඩද. කෘති‍්‍රම රසකාරක හා පහසුවෙන් පිළියෙල කර ගැනීමට එක් කළ විෂ රසායන නිසා වස බවට පත්වූ රොඞ්ඩද. ඒ නිසා නිවසේ සිටින කිරි දෙනගේ නැවුම් කිරි ටික විකුණා දමා වස කැවූ කිරිපිටි ටික රස කර කර බොන එක අපට හාස්‍යයට කරුණක් නොවෙන තැනකට පත්වී අවසන්ය. අප අද පත්ව සිටින්නේ වෙළඳ මාෆියාවෙන් මානසික අල්ලස් ලබා ගැනීම නිසා ‘කුම්බලා මාළු කා විඳවන බළලූන්ගේ’ තත්ත්වයටය.

මෙලමයින් රසායනිකය අඩංගු වූ ළදරු කිරිපිටි පිළිබඳ උණුසුම මැකී යනවාත් සමඟම ආනයනික කිරිපිටිවල ඩයිසයනමයිඞ් (DCD) නම් විෂ රසායනිකය අන්තර්ගත වී ඇති බවට පර්යේෂණ හරහා තහවුරු වී ඇත. ආසනික් නිසාවෙන් රජරට වකුගඩු රෝගය ඇති වන බව මෙරට විද්වතුන් පෙන්වා දුන් අවස්ථාවේ වගකිව යුත්තන් බහුතරයක් සිදු කළේ හාස්‍යයෙන් යුතුව එහි වගකීම නාථ දෙවියන්ට භාර කිරීම ය. එසේ කොට ජාත්‍යන්තරයේ කෘෂි රසායන නිෂ්පාදකයන් සමඟ ගැසූ ගිවිසුම් වෙනස් නොකරන්නට ඔවුහු වග බලා ගත්තා නේද. පසු නොබැස සිදු කළ වෑයමකින් පසුව ආසනික් හා වකුගඩු රෝග අතර සබැඳියාවක් පවතින බව (බහුතර බලධාරීන්ට නැතත්) මහජනතාවට ඒත්තු ගැන්විණි. එහෙත් බලධාරීන් ඒ ගැන අවධානය යොමු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද නාථ දෙවියන් නිවැරදි බව පිළිගත් පසුය. නමුත් ජාතියේ අවාසනාවට අදටද ඒ කෘෂි රසායන සියල්ල තහනම් කරන්නට තරම් පිට කොන්දක් රටේ වගකිවයුත්තන්ට නම් පිහිටා නැත.

කිරිපිටිවල ඩයිසයනමයිඞ් අඩංගු බවට දේශීයව හඬ නැගෙද්දී සිදු වූයේද ඒ හාස්‍යජනක නාටකය යළි රඟ දැක්වීමයි. කිරිපිටි බලාධිකාරයේ ඩොලර්වල අගයෙන් මනිනු ලබන සාමාන්‍ය දැනීමක් ඇති දෙස් විදෙස් බලවේග කියා සිටියේ එවන් උසස් පර්යේෂණයක් කිරීමට තරම් තාක්ෂණික හෝ ශිල්පීය ඥනයක් අප රටේ නොමැති බවත්, එනිසා මේ වාර්තාවන් අසත්‍ය බවත්ය. ඔවුහු අපේ රටේ විශේෂඥ දැනුම අවතක්සේරු කළා පමණක් නොව තමන් මේ ඉටු කරන්නේ වසවිස කවා මුළු මහත් ජාතියක් නිහඬවම මරා දැමීමේ කුමන්ත්රණයක වගකිව යුතු කාර්යභාරයක් බව තේරුම් ගත්තේද නැත. අවසන පිටරටින් දැනුම සොයා ගොස් කිරිපිටිවල වසවිස ඇතිද යන්න සොයා බැලීමට අපට සිදුයේ ඒ නිසාය. උසස් යැයි කියූ පිටරට දැනුමට ඒ මාරාන්තික විෂ රසායන පෙනුණේ නැත. එනිසා පෙරළා ඔවුන් වෙත ලැබුණු වසවිස නැති සහතිකයත් සමඟ රුපියල් කෝටි ගණනින් වැය කොට පෝෂණීය ගුණයේ සුන්දර මායාව කෙරෙහි ජන හද පහදවන්නට මේ ව්‍යාපාරිකයෝ දැවැන්ත මාධ්‍ය විප්ලවයක් සිදු කළහ.

පිටරටින් ලැබෙන සෙම්ප්‍රතිශ්‍යාව වුවද හොඳ යැයි සතුටු වන අප ඒ සියල්ල අමතක කර දමා නුවණැතියන්ගේ තේරීම කිය කියා අනුවණ ලෙස කිරිපිටි රස බැලූවෙමු. වෙළඳ මාෆියාව එලෙස අපව නිහඬ කරන්නට තැත් කළද මිනිස් ජීවිතවල අගය වටහාගෙන සිටි දේශීය බලවේග යළි යළිත් මේ මාරාන්තික අවදානම ගැන බලධාරීන්ගේ ඇස් කන් අරවන්නට වෑයම් කළහ. ඒ දේශීය වෑයම නිසා නින්ද කැඞී ගිය වගකිවයුත්තන්ගේ ඇස් ඇරුණේ චීනයද රුසියාවද අදාළ කිරිපිටි සමාගමේ නිෂ්පාදන විෂ සහිත බව පවසා ආනයනය හා වෙළඳාම තම රටවල් තුළ සම්පූර්ණයෙන්ම තහනම් කළ පසුය.

දැන් තර්ක කරන්නට කිසිවක් ඉතිරි වී නැත. මේ මොහොතේ සෘජුව හිඳ මේ වසවිස අප රටට ඇතුළු වීම තහනම් නොකරන්නේ නම් හෙට අපට කිරිපිටිවලින් තුන්වේලම පිරිමසාගන්නට තරමේ කිරිපිටි අතිරික්තයක් තෑගි ලැබෙන බව නිසැකය. මන්ද චීනය හා රුසියාව තහනම් කරන ලද කිරිපිටි තොගය අපතේ නොයවා මුදල් කරන්නට පහසුම රට අපේ මේ සිරිලංකාද්වීපය වීම නිසාය.

ඇල් වතුරෙන් දිය කරන්නට සිදුවන දේශීය කිරිපිටිවලට වඩා උණු වතුරේ ක්ෂණයකින් දියවන පිටරට කිරිපිටි අපට හොඳය. හිරු එළිය වැටෙන තණපිටිවල වැඩෙන දෙනුන්ගෙ කිරිවලින් සකසන දේශීය කිරිපිටිවලට වඩා හිරු එළියක් නොවැටෙන ගොවිපොළවල්වල, තණකොළ වෙනුවට මස් සකසා ඉවත ලන අපද්‍රව්‍යවලින් සකසන සත්ව ආහාර කා තර වෙන, නැතහොත් රසායන යෙදූ තණකොළ කන, කෘති‍්‍රම පෝෂණ සංඝටක කවා වැඩි කිරි අස්වැන්නක් පිණිස සකසන දෙනුන්ගේ කිරෙන් සකසන පිටරට කිරිපිටි අපට හොඳය. එහි අර්ථය වසවිස නැති ජීවිතයට වඩා වසවිසෙන් සිදුවන මරණය අපට හොඳ බව නො වේ ද?

එළකිරි බිව්වොත් සෙම වැඩිවන අපට, එයට පිළියමක් ගම්මිරිස් ඇට කිහිපයකින් සලසා ගත හැකිය. ඒ වෙනුවට සිහින පාරාදීසයේ කිරිදෙනුන්ගෙන් ලබා ගත් විෂ කිරි ටික අපට නැතිවම බැරිය. අප සිදු කර ඇත්තේ අටුව කඩා පුටුව තැනීමක් නොවේ. අටුව කැඩුවා මිස අඩුම තරමේ පුටුවක්වත් සාදා නොගැනීමය.

පිටරට කිරිපිටි නො බිව්වා කියා අප මැරෙන්නේ නැත. එහෙත් නො බී ඉන්නටම නොහැකි නම් ආසනික්, සයනයිඞ් ආදිය කා බී, පිටරටින් ලද ත්‍යාගයකැයි කියා ඉතා නිහඬව මරු වැළඳ ගන්නටද පුළුවන. මෙවන් කූට ව්‍යාපාරිකයන් පමණක් නොව මෙවැන්නවුන්ට උඩගෙඩි දෙන මාධ්‍යත්, ඇස් කන් සංවේදී නොවනා වගකිවයුත්තනුත්, මේ සා විශාල විපතක් ඇති බව දැන දැනත් පිටරට කිරිපිටි රස නොබලා දවස අරඹන්නට බැරි තරමේ මානසික අසහනයකින් පෙළෙන ජනයාත් වසවිස කවා නිහඬ ඝාතන සිදු කිරීමේ පාපයට වග කිව යුතුය.

වස කා නැසෙමුද ? යන පැනය මා ඔබගෙන් ඇසුවේ වරක් දෙවරක් නොවේ. වස බී නැසෙන්නට වුවමනාද ? කියා අප යළිත් අසන්නේ කාලයාගේ වැලි තලාවෙන් සහමුලින්ම සැඟව නොගිය මෑත අතීතයේ ගෙදර එළදෙනගෙන් දොවා ගත් නැවුම් එළ කිරෙන් පෝෂණය වූ, වත්තේ පිටියේ හැදෙන එළවළුවක්, පලාවක් කා හැදුණු වැඩුණු පරම්පරාව අදද අවුරුදු 90, 100 තරම් වූ ආයුෂ ලබා සුව සේ සිටින බවත්, පිටිකිරි නොබී සිටින්නට හිත හදා ගත නොහැකි වූ නූතන පරම්පරාව ආයු කෙළවරට එන්නට පෙරම සල්ලි දී ආමාශගත කරගන්නා වසවිස හරහා ආයුෂ කෙටි කර ගන්නා බවත් තව දුරටත් වෙළඳ කඩතුරාවෙන් සඟවා තැබිය හැකි අන්දමේ රහසක් නොවන නිසාය.

මෙහි කථා කළ යුතුම තවත් පැත්තක් තිබේ. පිටරට කිරිපිටිවල ඇතැයි තහවුරු කෙරුණු ඒ මාරාන්තික විෂ රසායන කිසිවක් දේශීය කිරිපිටිවල නො තිබුණා පමණක් නොව ඒවා පෝෂණ ගුණයෙන්ද පිටරට කිරිපිටිවලට වඩා ඉදිරියෙන් සිටින බව මේ පර්යේෂණවලින් හෙළි විය. කිරිපිටි පමණක් නොව අපේ රටේ දෙනුන්ගෙන් දොවා ගත් නැවුම් එළකිරිද දැන් ඔබට පහසුවෙන් සපයා ගත හැකිය. ඒ මට්ටම දක්වා දේශීය කිරි නිෂ්පාදකයා දියුණු වී සිටින මේ අවධියේ පිටරට කිරි කළයට වස මුසු වීම ගැන අප කනගාටු විය යුතු නැත. ඔවුන්ගේ කිරි නොලැබුණා කියා අපට කිරි හෝ කිරිපිටි හිඟයක් එන්නේ නැත. එයින් අපට හිඟ වන්නේ රස කර කර වස බොන්නට දෙන නොමිනිස්කම පමණි.

එහෙත් අදටත් අපේ දේශීය කිරිපිටිවල ගුණය ගැන මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් කෙරෙන්නේ නැත. එසේ නොකෙරෙන්නේ එහි ඇත්තේ කූට වානිජ උපක්රමයන් නොව තමන්ටද අනුන්ටද යහපත සැලසෙන ධර්මචාරී දිවි පෙවතක් වන නිසාය. එක දෙයක් මතක් කළ යුතුය. සමස්ත ලෝකයේම මී ගවයින්ගේ කිරි නිෂ්පාදනය අතින් අප සිටින්නේ දසවැනි ස්ථානයේ බවයි සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙන්නේ. කිරිවල විෂ කැවූ රොඩ්ඩට අප ජාතික ධනය කාබාසිනියා කරන්නේ එවන් කිරි සම්පතක් අප සතුව තිබියදීය. ඉතින් තව දුරටත් දේශීය කිරි ගොවියා වළ පල්ලට යවමින් පිටරටින් එන විෂකිරි බොනවා වෙනුවට නිරෝගී පරපුරක පැවැත්ම උදෙසා අපේ රටේ නිපදවන විශ්වාසනීය නැවුම් කිරි සහ කිරිපිටි භාවිතයට ඉක්මනින් යොමු වීම අත්‍යවශ්‍ය ය.

දැන්වත් මේ නිහැඬියාව බිඳ දමා අපේමවූ ආහාර සංස්කෘතියක් වෙනුවෙන් අප අත්වැල් බැඳ ගත යුතු කාලයයි මේ . . .

උපුටාගැනීමකි . . .

තවත් මේ හා සැබැදි ලිපි කියවන්න . . .

1. ඔබත් ගොනාට ඇන්දාද ?

2. එපා එපා මස් කන්නට කිරි අම්මාගේ . . .

3. ඔබත් වස කන්නේ අනුමත කර ඇති ප්‍රමාණයෙන්ද ?

4. ඔබත් ගල් අඟූරු ජුස් බොනවද ?

[QUOTE="chathupatiya, post: 15551821, member: 48903"] [COLOR="Purple"][SIZE="4"][B][SIZE="5"]එළකිරි බොමු . . .[/SIZE][/B] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/04-38.jpg[/IMG][/CENTER] පෙර කාලයේ අපේ මුතුන් මිත්තෝ කුඹුරේ වැඩ අහවර වී ගෙදර යන්නට කලියෙන් ඕවිටේ, දෙනියේ, වෙල් යායේ ඇවිද ළා තණකොළ මිටියක් කපා ගන්නේ ගෙදර ඇතිකරන එළදෙනට කෑම සඳහාය. ඒ තණකොළ මිටිය එළදෙන වෙත ළං කර උගේ හිස ආදරයෙන් අත ගා එළදෙන සමඟ කථා කර මිස ඇඟපත සෝදා ගන්නට ඔවුන් ළිඳට ගියේ නැත. පසු දිනයේ උදෑසනම ගෙදර අම්මා එළදෙන වෙත ගොස් සෙනෙහසින් කතා කර ‘‘ඔන්න රත්තියේ අදත් අපිට කිරි ඩිංගිත්තක් ඕනේ… අහවර වෙච්ච හැටියේ පැටියව ළඟට ම ගෙනත් දෙන්නම්..” යයි පවසමින් කිරි ඩිංගිත්තක් එළදෙනගෙන් දොවා පැටවා එළදෙන වෙත ළං කර තලූ මර මරා කිරි බොන පැටවාගේත්, එළදෙනගේත් හිස අත ගෑ මෙන් අනතුරුව අම්මා ගෙට එන්නේ නැවුම් ව දොවා ගත් එළකිරි ගෙදර උදවිය වෙනුවෙන් පිළියෙල කරන්නට ය. උණු උණුවේ පැසෙන සුදුවන් කහ පැහැයක් ගත් එළකිරි පානයේ ඇත්තේ ප්‍රණීත රසයකි, මහඟු පෝෂණ ගුණයකි. කිරිවලින් දීකිරි, වෙඬරු, ගිතෙල්, මෝරු යනාදි වශයෙන් පස්ගෝරසයේ ඉතිරි සිව්රසයන් ද සකසා ගත හැකිය. යොදයෙන් සකසන දුම්තෙල්වලින් ආහාර පිස ගනු ලැබේ. ඒ ළෙංගතු සබැඳියාවන්ට හෙණ ගැසුවේ විජාතිකයන්ගේ පැමිණීමෙනි. ගෙරි මස් කන්නවුන් ලෙස අපේ මුතුන් මිත්තන්ගේ අප්‍රසාදයට පාත්‍ර වූ ඔවුහු කිරි මව මරා මස් කන්නට අපට පුරුදු කළ අතර අපට හුරු පුරුදු ජීවන ක්‍රමය ක්‍රමයෙන් වෙනස් කළහ. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/06-35.jpg[/IMG][/CENTER] අද වනවිට අපේ ගෙදර රත්තියෙක් නැත. උදෑසන හිස්බඩ පුරවා ගන්නේ පෝෂණීය එළකිරිවල නිෂ්පාදිත පලමුවෙන්ම ප්‍රෝටීනද දෙවැන්නෙන් චීස් හා බටර් සකසා ගැනීමට ප්‍රෝටීන හා මේදය ඉවත් කළ පසු ඉතිරි වන දියරයට කෘත්‍රිම ප්‍රෝටීන හා සත්ව මේදය යොදා සකසන පිටරට කිරිපිටිවලිනි නේද ? නිල් පැහැ තණපිටිවල තණකොළ උලා කා සුවසේ වැඩෙනා එළදෙනුන්ගෙන් සුදු නෝනාවරුන්, සුදු මහත්වරුන්ගේ අතින් නැවුම්ව දොවා ගන්නා පිරිසිදු එළකිරිවලින් නිෂ්පාදිත, අරුම පුදුම පෝෂණ ගුණයක් අඩංගු යැයි කියැවුණ පිටිකිරි වීදුරුව අද අපව ඇද දමා තිබෙන යුද්ධය සුළුපටු එකක් නම් නොවේ. තිස් වසරක යුද්ධය අපව මරා දැමුවේ නිහඬව නොවේ. ඒ යුද්ධයටත් වඩා මේ යුද්ධය භයානක වන්නේ මේ යුදබිම ගොදුරු ලබා ගන්නේ ඉතා නිහඬව වන නිසාය. එසේම මේ ආහාරමය ත්රස්තවාදීන්ට තිබෙන්නේද බැලූ බැල්මට ප්‍රිය උපදවන සුළු, ඉතා ගුණදායක සහ නැතිවම බැරි තරමේ පෝෂණීය බවක් අන්තර්ගත බව කියැවෙන අතිශය සුන්දර වෙස් මුහුණක් නිසාය. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/01-58.jpg[/IMG][/CENTER] පිටරටින් එන නැවුම් කිරි වීදුරුවේ වෙස් මුහුණ නිසා අපේ මනසට කාවැදී තිබෙන්නේ මේ කිරි නොබොන්නේ නම් අපට කිසිවක් ඉගෙන ගන්නට, මතක තබා ගන්නට පමණක් නොව නිරෝගීව සිටින්නටද නොහැකි බවකි. එසේම තරුණ මාපියවරුන්ට තම කුඩා දරුවා ඔසවන්නට බැරි තරමට අස්ථි දුර්වලතා ඇති වන බවකි. කොටින් ම මේ කිරි නොබොන්නේ නම් අප අසමත් ජාතියක් බවට පත්වන බවකි. වෙළඳ මාෆියාව තුළින් පණ දුන් තරම් නම් මේ කතන්දරය සුන්දර නොවන බව දැන් මාස කිහිපයක පටන් හෙළිදරව් වෙමින් පවතී. අප සිතා සිටි ආකාරයේ නැවුම් බවකින් කිරිපිටි අපට නොලැබෙනවා පමණක් නොව ලැබෙන කිරිපිටිවලද ඇත්තේ ශරීරයට මාරාන්තික විය හැකි වස විස මය. අලෙවි ප්‍රවර්ධනය හරහා අපේ රටේ ඉහළින්ම මාර්කට් වන මේ කිරිපිටි එක් එක් වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා නිසි ආකාරයෙන් හඳුනා ගත් බව නිතිපතා අසන්නට දකින්නට ලැබෙන අපේ රටවැසියන්ට කිරිපිටි නැතිවම බැරි දෙයක් බවට පත් වී අවසන්ය. එහෙත් එලෙස අපට නැතිවම බැරි වී තිබෙන්නේ යොදයද ඇතුළු පෝෂණීය සාරයන් සියල්ලම පාහේ ඉවත් කළ පසු ඉතිරි වන රොඞ්ඩද. කෘති‍්‍රම රසකාරක හා පහසුවෙන් පිළියෙල කර ගැනීමට එක් කළ විෂ රසායන නිසා වස බවට පත්වූ රොඞ්ඩද. ඒ නිසා නිවසේ සිටින කිරි දෙනගේ නැවුම් කිරි ටික විකුණා දමා වස කැවූ කිරිපිටි ටික රස කර කර බොන එක අපට හාස්‍යයට කරුණක් නොවෙන තැනකට පත්වී අවසන්ය. අප අද පත්ව සිටින්නේ වෙළඳ මාෆියාවෙන් මානසික අල්ලස් ලබා ගැනීම නිසා ‘කුම්බලා මාළු කා විඳවන බළලූන්ගේ’ තත්ත්වයටය. මෙලමයින් රසායනිකය අඩංගු වූ ළදරු කිරිපිටි පිළිබඳ උණුසුම මැකී යනවාත් සමඟම ආනයනික කිරිපිටිවල ඩයිසයනමයිඞ් (DCD) නම් විෂ රසායනිකය අන්තර්ගත වී ඇති බවට පර්යේෂණ හරහා තහවුරු වී ඇත. ආසනික් නිසාවෙන් රජරට වකුගඩු රෝගය ඇති වන බව මෙරට විද්වතුන් පෙන්වා දුන් අවස්ථාවේ වගකිව යුත්තන් බහුතරයක් සිදු කළේ හාස්‍යයෙන් යුතුව එහි වගකීම නාථ දෙවියන්ට භාර කිරීම ය. එසේ කොට ජාත්‍යන්තරයේ කෘෂි රසායන නිෂ්පාදකයන් සමඟ ගැසූ ගිවිසුම් වෙනස් නොකරන්නට ඔවුහු වග බලා ගත්තා නේද. පසු නොබැස සිදු කළ වෑයමකින් පසුව ආසනික් හා වකුගඩු රෝග අතර සබැඳියාවක් පවතින බව (බහුතර බලධාරීන්ට නැතත්) මහජනතාවට ඒත්තු ගැන්විණි. එහෙත් බලධාරීන් ඒ ගැන අවධානය යොමු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද නාථ දෙවියන් නිවැරදි බව පිළිගත් පසුය. නමුත් ජාතියේ අවාසනාවට අදටද ඒ කෘෂි රසායන සියල්ල තහනම් කරන්නට තරම් පිට කොන්දක් රටේ වගකිවයුත්තන්ට නම් පිහිටා නැත. කිරිපිටිවල ඩයිසයනමයිඞ් අඩංගු බවට දේශීයව හඬ නැගෙද්දී සිදු වූයේද ඒ හාස්‍යජනක නාටකය යළි රඟ දැක්වීමයි. කිරිපිටි බලාධිකාරයේ ඩොලර්වල අගයෙන් මනිනු ලබන සාමාන්‍ය දැනීමක් ඇති දෙස් විදෙස් බලවේග කියා සිටියේ එවන් උසස් පර්යේෂණයක් කිරීමට තරම් තාක්ෂණික හෝ ශිල්පීය ඥනයක් අප රටේ නොමැති බවත්, එනිසා මේ වාර්තාවන් අසත්‍ය බවත්ය. ඔවුහු අපේ රටේ විශේෂඥ දැනුම අවතක්සේරු කළා පමණක් නොව තමන් මේ ඉටු කරන්නේ වසවිස කවා මුළු මහත් ජාතියක් නිහඬවම මරා දැමීමේ කුමන්ත්රණයක වගකිව යුතු කාර්යභාරයක් බව තේරුම් ගත්තේද නැත. අවසන පිටරටින් දැනුම සොයා ගොස් කිරිපිටිවල වසවිස ඇතිද යන්න සොයා බැලීමට අපට සිදුයේ ඒ නිසාය. උසස් යැයි කියූ පිටරට දැනුමට ඒ මාරාන්තික විෂ රසායන පෙනුණේ නැත. එනිසා පෙරළා ඔවුන් වෙත ලැබුණු වසවිස නැති සහතිකයත් සමඟ රුපියල් කෝටි ගණනින් වැය කොට පෝෂණීය ගුණයේ සුන්දර මායාව කෙරෙහි ජන හද පහදවන්නට මේ ව්‍යාපාරිකයෝ දැවැන්ත මාධ්‍ය විප්ලවයක් සිදු කළහ. පිටරටින් ලැබෙන සෙම්ප්‍රතිශ්‍යාව වුවද හොඳ යැයි සතුටු වන අප ඒ සියල්ල අමතක කර දමා නුවණැතියන්ගේ තේරීම කිය කියා අනුවණ ලෙස කිරිපිටි රස බැලූවෙමු. වෙළඳ මාෆියාව එලෙස අපව නිහඬ කරන්නට තැත් කළද මිනිස් ජීවිතවල අගය වටහාගෙන සිටි දේශීය බලවේග යළි යළිත් මේ මාරාන්තික අවදානම ගැන බලධාරීන්ගේ ඇස් කන් අරවන්නට වෑයම් කළහ. ඒ දේශීය වෑයම නිසා නින්ද කැඞී ගිය වගකිවයුත්තන්ගේ ඇස් ඇරුණේ චීනයද රුසියාවද අදාළ කිරිපිටි සමාගමේ නිෂ්පාදන විෂ සහිත බව පවසා ආනයනය හා වෙළඳාම තම රටවල් තුළ සම්පූර්ණයෙන්ම තහනම් කළ පසුය. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/02-57.jpg[/IMG][/CENTER] දැන් තර්ක කරන්නට කිසිවක් ඉතිරි වී නැත. මේ මොහොතේ සෘජුව හිඳ මේ වසවිස අප රටට ඇතුළු වීම තහනම් නොකරන්නේ නම් හෙට අපට කිරිපිටිවලින් තුන්වේලම පිරිමසාගන්නට තරමේ කිරිපිටි අතිරික්තයක් තෑගි ලැබෙන බව නිසැකය. මන්ද චීනය හා රුසියාව තහනම් කරන ලද කිරිපිටි තොගය අපතේ නොයවා මුදල් කරන්නට පහසුම රට අපේ මේ සිරිලංකාද්වීපය වීම නිසාය. ඇල් වතුරෙන් දිය කරන්නට සිදුවන දේශීය කිරිපිටිවලට වඩා උණු වතුරේ ක්ෂණයකින් දියවන පිටරට කිරිපිටි අපට හොඳය. හිරු එළිය වැටෙන තණපිටිවල වැඩෙන දෙනුන්ගෙ කිරිවලින් සකසන දේශීය කිරිපිටිවලට වඩා හිරු එළියක් නොවැටෙන ගොවිපොළවල්වල, තණකොළ වෙනුවට මස් සකසා ඉවත ලන අපද්‍රව්‍යවලින් සකසන සත්ව ආහාර කා තර වෙන, නැතහොත් රසායන යෙදූ තණකොළ කන, කෘති‍්‍රම පෝෂණ සංඝටක කවා වැඩි කිරි අස්වැන්නක් පිණිස සකසන දෙනුන්ගේ කිරෙන් සකසන පිටරට කිරිපිටි අපට හොඳය. එහි අර්ථය වසවිස නැති ජීවිතයට වඩා වසවිසෙන් සිදුවන මරණය අපට හොඳ බව නො වේ ද? එළකිරි බිව්වොත් සෙම වැඩිවන අපට, එයට පිළියමක් ගම්මිරිස් ඇට කිහිපයකින් සලසා ගත හැකිය. ඒ වෙනුවට සිහින පාරාදීසයේ කිරිදෙනුන්ගෙන් ලබා ගත් විෂ කිරි ටික අපට නැතිවම බැරිය. අප සිදු කර ඇත්තේ අටුව කඩා පුටුව තැනීමක් නොවේ. අටුව කැඩුවා මිස අඩුම තරමේ පුටුවක්වත් සාදා නොගැනීමය. පිටරට කිරිපිටි නො බිව්වා කියා අප මැරෙන්නේ නැත. එහෙත් නො බී ඉන්නටම නොහැකි නම් ආසනික්, සයනයිඞ් ආදිය කා බී, පිටරටින් ලද ත්‍යාගයකැයි කියා ඉතා නිහඬව මරු වැළඳ ගන්නටද පුළුවන. මෙවන් කූට ව්‍යාපාරිකයන් පමණක් නොව මෙවැන්නවුන්ට උඩගෙඩි දෙන මාධ්‍යත්, ඇස් කන් සංවේදී නොවනා වගකිවයුත්තනුත්, මේ සා විශාල විපතක් ඇති බව දැන දැනත් පිටරට කිරිපිටි රස නොබලා දවස අරඹන්නට බැරි තරමේ මානසික අසහනයකින් පෙළෙන ජනයාත් වසවිස කවා නිහඬ ඝාතන සිදු කිරීමේ පාපයට වග කිව යුතුය. වස කා නැසෙමුද ? යන පැනය මා ඔබගෙන් ඇසුවේ වරක් දෙවරක් නොවේ. වස බී නැසෙන්නට වුවමනාද ? කියා අප යළිත් අසන්නේ කාලයාගේ වැලි තලාවෙන් සහමුලින්ම සැඟව නොගිය මෑත අතීතයේ ගෙදර එළදෙනගෙන් දොවා ගත් නැවුම් එළ කිරෙන් පෝෂණය වූ, වත්තේ පිටියේ හැදෙන එළවළුවක්, පලාවක් කා හැදුණු වැඩුණු පරම්පරාව අදද අවුරුදු 90, 100 තරම් වූ ආයුෂ ලබා සුව සේ සිටින බවත්, පිටිකිරි නොබී සිටින්නට හිත හදා ගත නොහැකි වූ නූතන පරම්පරාව ආයු කෙළවරට එන්නට පෙරම සල්ලි දී ආමාශගත කරගන්නා වසවිස හරහා ආයුෂ කෙටි කර ගන්නා බවත් තව දුරටත් වෙළඳ කඩතුරාවෙන් සඟවා තැබිය හැකි අන්දමේ රහසක් නොවන නිසාය. [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/03-46.jpg[/IMG][/CENTER] මෙහි කථා කළ යුතුම තවත් පැත්තක් තිබේ. පිටරට කිරිපිටිවල ඇතැයි තහවුරු කෙරුණු ඒ මාරාන්තික විෂ රසායන කිසිවක් දේශීය කිරිපිටිවල නො තිබුණා පමණක් නොව ඒවා පෝෂණ ගුණයෙන්ද පිටරට කිරිපිටිවලට වඩා ඉදිරියෙන් සිටින බව මේ පර්යේෂණවලින් හෙළි විය. කිරිපිටි පමණක් නොව අපේ රටේ දෙනුන්ගෙන් දොවා ගත් නැවුම් එළකිරිද දැන් ඔබට පහසුවෙන් සපයා ගත හැකිය. ඒ මට්ටම දක්වා දේශීය කිරි නිෂ්පාදකයා දියුණු වී සිටින මේ අවධියේ පිටරට කිරි කළයට වස මුසු වීම ගැන අප කනගාටු විය යුතු නැත. ඔවුන්ගේ කිරි නොලැබුණා කියා අපට කිරි හෝ කිරිපිටි හිඟයක් එන්නේ නැත. එයින් අපට හිඟ වන්නේ රස කර කර වස බොන්නට දෙන නොමිනිස්කම පමණි. එහෙත් අදටත් අපේ දේශීය කිරිපිටිවල ගුණය ගැන මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් කෙරෙන්නේ නැත. එසේ නොකෙරෙන්නේ එහි ඇත්තේ කූට වානිජ උපක්රමයන් නොව තමන්ටද අනුන්ටද යහපත සැලසෙන ධර්මචාරී දිවි පෙවතක් වන නිසාය. එක දෙයක් මතක් කළ යුතුය. සමස්ත ලෝකයේම මී ගවයින්ගේ කිරි නිෂ්පාදනය අතින් අප සිටින්නේ දසවැනි ස්ථානයේ බවයි සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙන්නේ. කිරිවල විෂ කැවූ රොඩ්ඩට අප ජාතික ධනය කාබාසිනියා කරන්නේ එවන් කිරි සම්පතක් අප සතුව තිබියදීය. ඉතින් තව දුරටත් දේශීය කිරි ගොවියා වළ පල්ලට යවමින් පිටරටින් එන විෂකිරි බොනවා වෙනුවට නිරෝගී පරපුරක පැවැත්ම උදෙසා අපේ රටේ නිපදවන විශ්වාසනීය නැවුම් කිරි සහ කිරිපිටි භාවිතයට ඉක්මනින් යොමු වීම අත්‍යවශ්‍ය ය. දැන්වත් මේ නිහැඬියාව බිඳ දමා අපේමවූ ආහාර සංස්කෘතියක් වෙනුවෙන් අප අත්වැල් බැඳ ගත යුතු කාලයයි මේ . . . උපුටාගැනීමකි . . . තවත් මේ හා සැබැදි ලිපි කියවන්න . . . 1. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1516959"][SIZE="4"][COLOR="Blue"]ඔබත් ගොනාට ඇන්දාද ?[/COLOR][/SIZE][/URL] 2. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556534"][SIZE="4"][COLOR="Blue"]එපා එපා මස් කන්නට කිරි අම්මාගේ . . .[/COLOR][/SIZE][/URL] 3. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1514760"][SIZE="4"][COLOR="Blue"]ඔබත් වස කන්නේ අනුමත කර ඇති ප්‍රමාණයෙන්ද ?[/COLOR][/SIZE][/URL] 4. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1554467"][SIZE="4"][COLOR="Blue"]ඔබත් ගල් අඟූරු ජුස් බොනවද ?[/COLOR][/SIZE][/URL] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom