Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඒකකභාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ ඒකක භාර?

කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳ කතාබහ කරන බොහෝ අවස්ථාවලදී "ඒකක භාර" ගැන ද අසන්නට ලැබෙයි. එහෙත් ඒකක භාර යනු මොනවාද? ඒවායෙහි මුදල් ආයෝජනය කරන්නේ කෙසේද? මේ පිළිබඳ තවමත් මහජනතාව තුළ ඇති දැනුම අල්පය. ඒ නිසාම ඒකක භාරවල මුදල් ආයෝජනය කිරීම, තවමත් අපේ මහජනතාව තුළ එතරම් ප්‍රචලිත වී නොමැත. "ඒකක භාර" පිළිබඳව පමණක් නොව කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව ද තවමත් බහුතර මහජනතාව තුළ පුළුල් දැනුමක් නැත. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීමට නම් කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ ඒකක භාර ආයෝජනය පිළිබඳ රටේ මහජනතාව පුළුල් වශයෙන් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. පසුගිය අයවැයෙන් ද ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනයට අදාළ අයවැය යෝජනා කිහිපයක් ම ඉදිරිපත් වූ අතර ඒකක භාරවලට අදාළ අය වැය යෝජනාවක් ද ඒ අතර විය. ඒ මෙසේයි.

"පිළිගත් සමාගම්වල ණය, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම ද, වෙළෙඳපොළ ප්රසාරණයට හා ප්රාග්ධනය වැඩි කර ගැනීමට දායක වන බැවින් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන බැඳුම්කරවල පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා. විදේශ රැකියාවල යෙදෙන රටවිරුවන්ට හා විදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිරි කිරීම් සඳහා ඒකක භාර ජනප්‍රිය කරවීමට එම ඒකකවල සුරැකුම් ආයෝජන ගිණුමෙන් තොරව, සෘජුව විදේශ මුදල් ආයෝජනය කිරීමට ඉඩ සැලසීමට ද යෝජනා කරනවා. ඒකක භාර කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඒකක භාරවලට අදාළ සියයට 10 ක බද්ද එම කළමනාකරණ සමාගම්වලටද අදාළ කිරීමට යෝජනා කරනවා." (රාජ්‍ය අයවැය ලේඛනය - 2013)

ඒකක භාර ආයෝජනය මහජනතාව තුළ ජනප්‍රිය කරවීමට නම් ඒ ගැන මහජනතාවගේ දැනුවත්කමක් නොමැතිකමේ ගැටලුවට පිළියම් යෙදිය යුතුව පවතී. මෙහිදී කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව මාධ්‍ය තුළ බොහෝ කතා බහට ලක්වූවත් ඒකක භාර ආයෝජනය පිළිබඳව සිදුකෙරෙන දැනුවත් කිරීම් ඉතා අඩු බව ය. ඒ නිසා මෙවර ආර්ථික ඇසින් තීරුවෙන් ඒකක භාර ආයෝජනය පිළිබඳ හඳුන්වාදීමට අපි අදහස් කළෙමු. මේ සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ පාඨමාලා සහ වැඩමුළුවල ඒකක භාර ආයෝජනය පිළිබඳ දේශකවරියක් ලෙස කටයුතු කරන ඉරෝෂා ලසන්ති මෙනවිය සමඟ අපි සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ ඒකක භාර ආයෝජනය පිළිබඳ ඇය "දිවයින" ට දැක්වූ අදහස්ය.

ඉතිරි කිරීම්වලින් ඔබ්බට ගොස් ආයෝජනය පිළිබඳ උනන්දුවන ඔබට, ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ.තමා උපයාගත් ධනය යම් නිශ්චිත කාලසීමාවක් පුරාවට විනීතව සහ තර්කානුකූලව ආයෝජනය කරන්නා වැසි කාලයට කල්තියාම සූදානම් වන කුහුඹුවන් මෙන් අනාගතය නුවණින් දකින්නෙක් යෑයි කිව හැකිය.

තම ධනය අනාගත අරමුණක් උදෙසා ක්‍රමානුකූලව ආයෝජනය කිරීම මෙතරම්ම වැදගත් නම්, මෙතෙක් බොහෝ දෙනා එහි නිසි ප්‍රතිඵල නෙලා නොගැනීමට හේතුව කුමක්ද? සරළම පිළිතුර වන්නේ මුදල් ආයෝජනය පිළිබඳ නිසි වැටහීමක් ඔවුන්ට නොමැතිsවීමයි. එනම් අදාළ ආයෝජකයාට එම ආයෝජනය පිළිබඳ මනා දැනුමක් ලැබී නොමැති බවයි. මේ පසුබිම තුළ මේ සාකච්ඡාවේ අපගේ අරමුණ වන්නේ ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන ආයෝජකයන්ට ඇති තවත් විකල්ප ආයෝජන අවස්ථාවන් පිළිබඳ හඳුන්වා දීමටයි. එනම් ඒකක භාර ආයෝජනය පිළිබඳව ඔබට හඳුන්වා දීමටයි.

ශ්‍රී ලංකාවේ ඒකක භාර ආයෝජන සංකල්පය වසර 20 කට ආසන්න කාලයක් පුරා පැවතියත් ඒ පිළිබඳ තවමත් බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති බව පෙනේ. ඒ බව ආයෝජකයන් ඒකක භාර සඳහා දක්වන අඩු උනන්දුවෙන්ම පෙනී යන කරුණකි. මේ නිසාම ප්‍රාග්ධන සහ මුදල් වෙළෙඳපොළට පිවිසිය හැකි විකල්ප මාර්ගයක් ලෙස හඳුන්වන ඒකක භාර පිළිබඳ ඉතා සරල හැඳින්වීමක් කිරීම අපේ අරමුණයි.

මුලින් සඳහන් කළ පරිදිම ආයෝජනය තුළින් ඔබේ අනාගතය සැලසුම් කරගත හැකි නම්, ඒ සඳහා ආයෝජකයකු අවබෝධ කරගත යුතු සහ ආයෝජකයා විසින්ම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. ඒ මෙසේයි.

ෆ ආයෝජනයට තමන් සතු මුදල් ප්‍රමාණය

ෆ ආයෝජනය සිදු කිරීමට තමාට ඇති දැනුම සහ අවබෝධය

ෆ තමාට ඇති කාලය සහ තමා කෙතරම් කාර්යබහුල ද යන්න.

මෙය ඕනෑම ආයෝජනයක් සම්බන්ධව පොදු සිද්ධාන්තයක් බව ද කිව යුතුය. වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ ප්‍රාග්ධන වෙළෙඳපොළේ සහ මුදල් වෙළෙඳපොළේ සිදු කරන ආයෝජනයන් පිළිබඳ පෞද්ගලිකව තම අවධානය යොමු කිරීමට කාර්යබහුල අයෙකුට අපහසු වන්නට පුළුවන. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය දැනුම, පුහුණුව ඒකරාශී කරගැනීමත් යම්කිසි දුරකට අපහසු විය හැකිය. මේ නිසාම මෙම අපහසුතා මගහැර විශ්වාසයෙන් යුතුව ප්‍රාග්ධන සහ මුදල් වෙළෙඳපොළට පිවිසිය හැකි විකල්ප ආයෝජන, මාර්ගයක් ලෙස ඒකක භාර සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1992 වසරේදීය.

ඒකක භාරයක් යනු පොදු අරමුණක් ඇති ආයෝජකයන් විශාල සංඛ්‍යාවකගේ මුදල්, එක්a පොදු අරමුදලකට ඒකරාශී කර, ඉන්පසු එම අරමුදල විශේෂඥ දැනුම සහිත කළමනාකරණ මණ්ඩලයක් විසින් රැස් කරගන්නා තොරතුරු මත පදනම්ව විවිධ වත්කම්වල (කොටස් වෙළෙඳපොළ, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර සහ සාංගමික ණය පත්‍රවල) ආයෝජනය කොට ඉන් ලැබෙන ප්රතිලාභ ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ වශයෙන් නැවතත් එම ආයෝජකයන්ට බෙදා දීමේ ක්‍රමවේදයක් ලෙස ඉතා සරලව හඳුන්වා දිය හැකිය. ඒකක භාරය ආයෝජකයන් විශාල පිරිසකගේ එකතුවක් වන අතර ආයෝජකයකු මිලදී ගන්නා ඒකකයකින් නියෝජනය වන්නේ ඒකක භාරය සතුව ඇති තම වත්කම්වල වටිනාකමයි. මෙම වත්කම්වල වෙළෙඳපොළ වටිනාකම වෙනස් වන විට (අඩු වැඩි වන විට) ඒකක මිල ද ඉහළ පහළ යයි.

මේ හැඳින්වීමට අනුව ඒකක භාර ආයෝජනය ඉතා සරළ ක්‍රමයක් ලෙස ඔබට හැඟෙනු ඇත. එය එසේ වුවත් මෙම සංකල්පය තුළ විවිධ අවස්ථාවලදී සහ විවිධ ස්ථරවලදී විවිධ පාර්ශ්ව එක්වීම තුළින් මෙයට වඩාත් අර්ථාන්විත ක්‍රමවත් භාවයක් එක්වී ඇත. ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කිරීම ඔබේ දැනුම වර්ධනය කර ගැනීමට වැදගත් වනු ඇත. ඉහත සිදු කළ හඳුන්වාදීමට අනුව ඒකක භාර යනු, පොදු අරමුණක් ඇති විශාල ආයෝජකයන් සංඛ්‍යාවකගේ එකතුවකි. උදාහරණයකින් මෙය පැහැදිලි කරන්නේ නම් තමාට තනිව මිලදී ගත නොහැකි වත්කම් කිහිපයක්, කිහිප දෙනෙකුගේ එකතුවෙන් මිලදී ගෙන ඉන්පසු එය මිලදී ගත් මිලට වඩා වැඩි මිලකට විකුණා, එම ලාභය ආයෝජනය කළ පිරිස විසින් ඔවුන් යෙදූ මුදලට අනුරූපව බෙදා ගැනීමකට සමාන කළ හැකිය. මෙහිදී ආයෝකයාගෙන් ආයෝජකයාට ඇති මුල්‍ය හැකියාව හා ශක්තිය වෙනස් වන අතර කුඩා මුදල් ප්‍රමාණයක් යෙදවිය හැකි පුද්ගලයන් මෙන්ම විශාල මුදල් ප්‍රමාණයක් යෙදවිය හැකි පුද්ගලයන් ද මෙම ක්‍රමයේදී සිටීමට පුළුවන. අරමුදලේ ක්‍රියාකාරීත්වය තුළින් ඉපැයූ ඉපැයීම්, ආයෝජකයා යෙදූ මුදලට සාපේක්ෂව ප්රතිලාභ වශයෙන් මෙමගින් හිමිකර ගත හැකිය.

දැනට පවතින රෙගුලාසි යටතේ ඕනෑම පුද්ගලයකුට ආයෝජනය කිරීමේ හැකියාව උදාකරමින් මෙහි අවම ආයෝජනය රු. 1000 ක් වන අතර වැඩිහිටියන්ට මෙන්ම භාරකරුවකු සමග බාල වයස්කරුවකුට වුවද ඒකක භාර අරමුදලක ඒකක මිලදී ගැනීමේ හැකියාව තිබේ. මෙහිදී ආයෝජකයා ඇත්ත වශයෙන්ම සිදු කරනුයේ ඒකක භාරයේ ඇති ඒකක, අරමුදල් කළමනාකරණ සමාගමෙන් මිලදී ගැනීමයි. මෙහිදී ආයෝජකයා මිලදීගත් ඒකකයන්හි මිල ගණන් වෙනස්වීම මත ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ සහ අලාභවලට හිමිකම් කියනු ලබයි. එමෙන්ම අරමුදල් කළමනාකරණ සමාගමේ සහ අරමුදලේ ප්‍රතිපත්ති අනුව ආදායම් බද්දෙන් නිදහස් ලාභාංශයකට ද මෙහිදී ආයෝජකයාට හිමිකම් කිව හැකිය.

ඒකක භාරය පවත්වාගෙන යනු ලබන්නේ අරමුදල් කළමනාකරණ සමාගමයි. මහජනයාට ඒකක භාරයේ ඇති ඒකක විකුණා රැස්කර ගන්නා මුදල් විවිධ වත්කම්වල ආයෝජනය කිරීම සඳහා වන ආයෝජන තීරණ ගනු ලබන්නේ අරමුදල් කළමනාකරණ සමාගමේ සිටින අරමුදල් කළමනාකරුය. ඔහු විසින් දෛනිකව වෙළෙඳපොළ තුළ සිදුවන වෙනස්වීම් නිරීක්ෂණය කොට තාර්කිකව වෙළෙඳපොළ තත්ත්වයන් විමසුමට ලක් කොට අරමුදලේ, ආයෝජකයන් වෙනුවෙන් නිසි ආයෝජන තීරණ ගනු ලබයි. ක්ෂ්aත්‍රයේ ඇති පළපුරුද්ද සහ අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති කළමනාකරු ආයෝජකයාගේ අපේක්ෂාවන් උපරිම වන ආකාරයෙන් ප්රතිලාභ ලබාදීම තම වගකීම ලෙස ගෙන කටයුතු කරන්නෙකි. ආයෝජකයාට ද තමාගේ අයිතිවාසිකම් ලෙස දිනපතා මිල ගණන් වෙනස්වීම පිළිබඳ, අරමුදල විසින් මිලදී ගෙන ඇති වත්කම් පිළිබඳ දැන ගැනීමට හැකියාව ලැබෙන අතර ඕනෑම අවස්ථාවකදී අරමුදල් කළමනාකරණ සමාගමට ගොස් තම ආයෝජනයේ තොරතුරු සොයා බැලීම ද සිදු කළ හැකිය.

ආයෝජකයන්ගෙන් මෙලෙස රැස්කර ගනු ලබන මුදල්, ආයෝජනය කිරීමේදී අරමුදල් කළමනාකරු විසින් යොදාගන්නා සුවිශේෂී ක්‍රමයක් ඇත. එනම් රැස්කරගත් මුදල් එකම වත්කමක ආයෝජනය නොකොට කොටස් වෙළෙඳපොළ, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර සහ සාංගමික ණයපත් වැනි විවිධ වත්කම් අතර (විවිධ ආයෝජන මාර්ග අතර) බෙදී යන ආකාරයට ආයෝජනය කිරීමයිs. මෙය ආයෝජන විවිධාංගීකරණය ලෙස ද හඳුන්වනු ලබයි.

මෙමගින් කළමනාකරු අපේක්ෂා කරන්නේ, ආයෝජනය සිදු කිරීමේදී දැරීමට සිදුවන අවදානම අවම කර ගැනීමයි. ඉතාම සරළ උදාහරණයකින් මෙය පැහැදිලි කළ හැකිය. එනම් බිත්තර කිහිපයක් දමා ඇති බඳුනක් බිමට වැටුණහොත්a සැලකිය යුතු අලාභයක් සිදුවන බව අපි සැවොම දනිමු. නමුත් එම බිත්තර කිහිපය බඳුන් කිහිපයකට දැමුවොත් ඉන් එක් බඳුනක් බිම වැටීමෙන් සිදුවන අලාභය අවම එකකි. මේ උදාහරණය අනුව ආයෝජකයෝ ද සියලු බිත්තර එකම බඳුනක නොදැමීමට වග බලා ගත යුතුය. ඒ අනුව විවිධ වත්කම්වල ඔබේ මුදල් ආයෝජනය කිරීම තුළින් අරමුදල් කළමනාකරු අපේක්ෂා කරන්නේ සිදුවිය හැකි අලාභය අවම කර ගැනීමටයි.

එමෙන්ම දෛනිකව සිදු කරන සමීක්ෂණ මත පදනම්ව ආයෝජන තීරණ ගන්නා බැවින් තාර්කිකව සහ වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයෙන් යුතුව ආයෝජනය මෙහෙයවීමට ද ඔහුට හැකියාව ලැබේ. මේ නිසා ආයෝජකයාටද අරමුදල් කළමනාකරු හරහා තමාගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ හැකියාව ඒකක භාර සංකල්පයෙන් ළඟා කර ගත හැකිය. එමෙන්ම තමා යොදවන මුදල් ප්‍රමාණය කුඩා වුවත්, විවිධාංගීකරණය කළ වත්කම් කිහිපයකම ප්රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ආයෝජකයාට උදාවීමද ඒකක භාර ආයෝජනයේ විශේෂත්වයකි.

මෙලෙස ඒකක භාර ආයෝජනය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත් පසු අප අවධානය යොමු කළ යුතු අනෙක් පැතිකඩ වන්නේ එම සංකල්පයට දායක වන පාර්ශ්ව මෙන්ම එම පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය කුමන ආකාරයට සිදුවනවාද යන්නයි. වර්තමාන මෙන්ම අතීත අත්දැකීම්වලින් බැට කා ඇති ආයෝජකයන් තමාට ලැබෙන ලාභය මෙන්ම එහි ක්‍රියාකාරීත්වය සහ විනිවිදභාවය පිළිබඳ මේ වනවිට දැඩි උනන්දුවක් දැක්වීම සතුටට කරුණකි. ඒකක භාර සංකල්පයට අදාළව ඇති විවිධ පාර්ශ්ව පිළිබඳ දැනුවත් වීමද ඔබට මෙම ඒකක භාර ආයෝජනය තෝරා ගැනීමේදී වැදගත් වනු ඇත.

ඒකක භාර ක්‍රියාත්මක කරනු ලබන සියලුම අරමුදල් කළමනාකරණ සමාගම්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කිරීම සිදු කළ යුතුය. එමෙන්ම අරමුදල් කළමනාකරණ සමාගමක් ලෙස ඒකක මහජනයාට විකිණීමට අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීම ද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි. මෙම කරුණු කාරණා හේතුකොට ගෙන අරමුදල් කළමනාකරණ සමාගම් නිරන්තරයෙන්ම එම කොමිසමේ අධීක්ෂණයට යටත්ව කටයුතු කරනු ලබයි.

එමෙන්ම සියලුම අරමුදල් කළමනාකරණ සමාගම් ලංකාවේ ඒකක භාර සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රධානතම නීති සංග්‍රහය වන ඒකක භාර සංග්‍රහයට සහ භාරක ඔප්පුවේ සඳහන් විධිවිධානවලට අනුකූලව ඒකක භාරයේ අරමුදල් කළමනාකරණය කරනු ලබයි. මීට අමතරව සෑම ඒකක භාර අරමුදලකටම වෙන් වෙන් වශයෙන් ක්‍රියාකරන සහ අධීක්ෂණය කරන ස්වාධීන භාරකරුවකු සිටීමද ඒකක භාර සංකල්පයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි. දැනට ලංකාවේ කටයුතු කරන භාරකරුවන් වන්නේ ඩොයිෂ් බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. ආයෝජකයන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙන්ම අරමුදලේ විනිවිදභාවය තහවුරු කිරීම භාරකරුගේ කාර්යභාරයයි.

ආයෝජකයාගේ ආයෝජන හැකියාවන්, අවදානම දැරීමේ හැකියාව සහ අරමුදලේ රැඳී සිටීමට බලාපොරොත්තු වන කාල සීමාව මත විවිධ ඒකක භාර අරමුදල් වර්ග පවතින අතර එම අරමුදල් වර්ග මොනවාද යන්න හඳුනාගැනීම ද ඉතා වැදගත්ය. ඒ අනුව තම අවශ්‍යතාවට සහ අරමුණුවලට ගැලපෙන පරිදි තමාට සුදුසු ආයෝජන අරමුදලක් තෝරාගෙන එහි ඒකක මිලදී ගැනීමේ හැකියාව ආයෝජකයාට ලැබේ. මෙම විවිධ අරමුදල් වර්ග අතර ආදායම් අරමුදල්, වර්ධන අරමුදල්, මිශ්‍ර අරමුදල් සහ දර්ශක අරමුදල් පවතින අතර මින් තමාට ගැලපෙන අරමුදලක ඒකක මිලදී ගනිමින් ඒකක භාර ආයෝජනයට ඔබට යොමු විය හැකිය.

යම් ආයෝජකයකු ඒකක භාර අරමුදලක් තෝරා ගැනීමේදී තමාට සුදුසුම අරමුදල් වර්ගය තෝරා ගැනීම පිළිබඳව ගැටලුවක් නිතැතින්ම පැනනඟියි. අරමුදලේ ක්‍රියාකාරීත්වය, අවදානම් මට්ටම, අරමුදලේ රැඳී සිටිය යුතු කාල සීමාව, අරමුදලින් ලැබෙන ප්‍රතිලාභය යන කරුණු මත අරමුදල් වර්ග එකිනෙකට වෙනස් වන අතර ඒ පිළිබඳ පැහැදිලි දැනුමක්ද ආයෝජකයකුට අවශ්‍ය වේ. එමගින් ආයෝජකයකු වශයෙනA තමාට නිශ්චිතවම ගැලපෙන අරමුදල තෝරා ගැනීමට හැකියාව ලැබේ. මේ ආකාරයෙන් තෝරා ගැනීමක් සිදු කිරීමට නම් ආයෝජකයාට අරමුදල් වර්ග පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍ය වන අතර, මේ නිසා ආයෝජකයකු වශයෙන් ප්‍රායෝගිකව අරමුදලක් තෝරා ගැනීම සඳහා එම දැනුම ප්‍රයෝජනවත් වනු ඇත. මෙලෙස තමාට ගැලපෙන අරමුදල් වර්ගය හඳුනාගෙන ආයෝජනය කිරීම තුළින් ආයෝජකයකුට තම ධනය සාර්ථකව වර්ධනය කරගත හැකි වනු නොඅනුමානය.

වර්තමානයේදී ආයෝජනයක් සිදුකරන බොහෝ දෙනා මූලිකවම තම අවධානය යොමු කරනු ලබන්නේ තමාට ලැබෙන ප්‍රතිලාභය වෙනුවෙන් තමාට දැරීමට සිදුවන අවදානම පිළිබඳවයි. මෙහිදී ආදායම් අරමුදල්, වර්ධන අරමුදල් සහ මිශ්‍ර අරමුදල් යටතේ මෙකී ප්රතිලාභ ලැබෙන ආකාරය වෙනස් වේ. ඒ නිසා මෙම අරමුදල්වල ප්රතිලාභ ලැබෙන ආකාරය, මෙම අරමුදල් වර්ග අනුව දැරීමට සිදුවන අවදානම් මට්ටම් පිළිබඳව මෙන්ම කවර ආයෝජකයන්ට කවර අරමුදල් වර්ගය ගැලපෙන්නේ ද යන්න පිළිsබඳව ද ඔබ තවදුරටත් දැනුවත් විය යුතුව පවතී. ඔබ සිටින වයස් මට්ටම හා සමාජ රටාවන්වලට අනුව ඉතා පහසුවෙන් සිදුකළ හැකි මෙම ඒකක භාර ආයෝජනයේදී පවතින විකල්ප අවස්ථාවන් පිළිබඳ වැටහීමක් ලබාගෙන ඔබේ මුදල් පිළිබඳ තීරණ ගත යුතු වේ. ආයෝජකයකු වශයෙන් ඔබ කුමන තරාතිරමක සිටියත් නිවැරැදි අවබෝධය වඩා වැදගත් වන අතර දැනුමෙන් ආයෝජනයට පිවිසෙන ඔබට සාර්ථකත්වය ළඟා කර ගැනීම අපහසුවක්ද නොවනු ඇත.

විවිධ අරමුදල් වර්ග

ආදායම් අරමුදල් (Income fund)

ආදායම් අරමුදල්වල මුදල්, ප්‍රති ආයෝජනය කරනු ලබන්නේ මුදල් වෙළෙඳපොළෙහි වන අතර සාපේක්ෂව අවදානම අඩුය. ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ යන ආකාර දෙකෙන්ම ප්රතිලාභ හිමිවන අතර දිගුකාලීන ආයෝජන තුළින් වඩාත් වැඩි වැඩි ප්‍රතිලාභත්, අවදානම අවම කර ගැනීමේ හැකියාවත්a තිබේ.

වර්ධන අරමුදල් (Growth Fund)

වර්ධන අරමුදල්වල මුදල්, ප්‍රති ආයෝජනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොටස්, වෙළෙඳපොළෙහි ආයෝජනය වන අතර සාපේක්ෂව අවදානම වැඩි මට්ටමක පවතී. නමුත් විවිධාංගීකරණය තුළින් කොටස් වෙළෙඳපොළේ ඇති අවදානම අවම මට්ටමක පවත්වා ගැනීම, අරමුදල් කළමනාකරුගේ කාර්යභාරයකි. කොටස් වෙළෙඳපොළ සම්බන්ධ ආයෝජනයන්a කිරීමේදී නිවැරැදි තීරණ ගැනීම වැදගත් වන අතර, විශේෂඥ අරමුදල් කළමනාකරුවන්ගේ සේවය මගින් කොටස් වෙළෙඳපොළේ අවදානම අඩු කර ගත හැකිය.

මිශ්‍ර අරමුදල් (Balanced Fund)

මෙම අරමුදල්වල මුදල්, ප්‍රති ආයෝජනය කිරීම කොටස් වෙළෙඳපොළ සහ මුදල් වෙළෙඳපොළ යන ස්ථාන දෙකේම සිදු වේ. මිශ්‍ර අරමුදල් යන වචනයෙන්ම අපට එහි අදහස වටහා ගත හැකිය. මෙම ප්‍රතිආයෝජනය විවිධ ප්‍රතිශතවලින් සිදුවන අතර එම වෙළෙඳපොළවල්වල පවතින ප්රතිලාභ සහ පොලී අනුපාත මත අරමුදල් කළමනාකරු විසින් ප්‍රති ආයෝජන ප්‍රමාණයන් තීරණය කරනු ලබයි. මෙම අරමුදල්වල අවදානම සාපේක්ෂව අඩුය.

[QUOTE="sooppuwa, post: 19882089, member: 556336"] [SIZE="5"]මොනවද මේ ඒකක භාර?[/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳ කතාබහ කරන බොහෝ අවස්ථාවලදී "ඒකක භාර" ගැන ද අසන්නට ලැබෙයි. එහෙත් ඒකක භාර යනු මොනවාද? ඒවායෙහි මුදල් ආයෝජනය කරන්නේ කෙසේද? මේ පිළිබඳ තවමත් මහජනතාව තුළ ඇති දැනුම අල්පය. ඒ නිසාම ඒකක භාරවල මුදල් ආයෝජනය කිරීම, තවමත් අපේ මහජනතාව තුළ එතරම් ප්‍රචලිත වී නොමැත. "ඒකක භාර" පිළිබඳව පමණක් නොව කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව ද තවමත් බහුතර මහජනතාව තුළ පුළුල් දැනුමක් නැත. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීමට නම් කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ ඒකක භාර ආයෝජනය පිළිබඳ රටේ මහජනතාව පුළුල් වශයෙන් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. පසුගිය අයවැයෙන් ද ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනයට අදාළ අයවැය යෝජනා කිහිපයක් ම ඉදිරිපත් වූ අතර ඒකක භාරවලට අදාළ අය වැය යෝජනාවක් ද ඒ අතර විය. ඒ මෙසේයි. "පිළිගත් සමාගම්වල ණය, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම ද, වෙළෙඳපොළ ප්රසාරණයට හා ප්රාග්ධනය වැඩි කර ගැනීමට දායක වන බැවින් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන බැඳුම්කරවල පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා. විදේශ රැකියාවල යෙදෙන රටවිරුවන්ට හා විදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිරි කිරීම් සඳහා ඒකක භාර ජනප්‍රිය කරවීමට එම ඒකකවල සුරැකුම් ආයෝජන ගිණුමෙන් තොරව, සෘජුව විදේශ මුදල් ආයෝජනය කිරීමට ඉඩ සැලසීමට ද යෝජනා කරනවා. ඒකක භාර කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඒකක භාරවලට අදාළ සියයට 10 ක බද්ද එම කළමනාකරණ සමාගම්වලටද අදාළ කිරීමට යෝජනා කරනවා." (රාජ්‍ය අයවැය ලේඛනය - 2013) ඒකක භාර ආයෝජනය මහජනතාව තුළ ජනප්‍රිය කරවීමට නම් ඒ ගැන මහජනතාවගේ දැනුවත්කමක් නොමැතිකමේ ගැටලුවට පිළියම් යෙදිය යුතුව පවතී. මෙහිදී කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව මාධ්‍ය තුළ බොහෝ කතා බහට ලක්වූවත් ඒකක භාර ආයෝජනය පිළිබඳව සිදුකෙරෙන දැනුවත් කිරීම් ඉතා අඩු බව ය. ඒ නිසා මෙවර ආර්ථික ඇසින් තීරුවෙන් ඒකක භාර ආයෝජනය පිළිබඳ හඳුන්වාදීමට අපි අදහස් කළෙමු. මේ සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ පාඨමාලා සහ වැඩමුළුවල ඒකක භාර ආයෝජනය පිළිබඳ දේශකවරියක් ලෙස කටයුතු කරන ඉරෝෂා ලසන්ති මෙනවිය සමඟ අපි සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ ඒකක භාර ආයෝජනය පිළිබඳ ඇය "දිවයින" ට දැක්වූ අදහස්ය. ඉතිරි කිරීම්වලින් ඔබ්බට ගොස් ආයෝජනය පිළිබඳ උනන්දුවන ඔබට, ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ.තමා උපයාගත් ධනය යම් නිශ්චිත කාලසීමාවක් පුරාවට විනීතව සහ තර්කානුකූලව ආයෝජනය කරන්නා වැසි කාලයට කල්තියාම සූදානම් වන කුහුඹුවන් මෙන් අනාගතය නුවණින් දකින්නෙක් යෑයි කිව හැකිය. තම ධනය අනාගත අරමුණක් උදෙසා ක්‍රමානුකූලව ආයෝජනය කිරීම මෙතරම්ම වැදගත් නම්, මෙතෙක් බොහෝ දෙනා එහි නිසි ප්‍රතිඵල නෙලා නොගැනීමට හේතුව කුමක්ද? සරළම පිළිතුර වන්නේ මුදල් ආයෝජනය පිළිබඳ නිසි වැටහීමක් ඔවුන්ට නොමැතිsවීමයි. එනම් අදාළ ආයෝජකයාට එම ආයෝජනය පිළිබඳ මනා දැනුමක් ලැබී නොමැති බවයි. මේ පසුබිම තුළ මේ සාකච්ඡාවේ අපගේ අරමුණ වන්නේ ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන ආයෝජකයන්ට ඇති තවත් විකල්ප ආයෝජන අවස්ථාවන් පිළිබඳ හඳුන්වා දීමටයි. එනම් ඒකක භාර ආයෝජනය පිළිබඳව ඔබට හඳුන්වා දීමටයි. ශ්‍රී ලංකාවේ ඒකක භාර ආයෝජන සංකල්පය වසර 20 කට ආසන්න කාලයක් පුරා පැවතියත් ඒ පිළිබඳ තවමත් බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති බව පෙනේ. ඒ බව ආයෝජකයන් ඒකක භාර සඳහා දක්වන අඩු උනන්දුවෙන්ම පෙනී යන කරුණකි. මේ නිසාම ප්‍රාග්ධන සහ මුදල් වෙළෙඳපොළට පිවිසිය හැකි විකල්ප මාර්ගයක් ලෙස හඳුන්වන ඒකක භාර පිළිබඳ ඉතා සරල හැඳින්වීමක් කිරීම අපේ අරමුණයි. මුලින් සඳහන් කළ පරිදිම ආයෝජනය තුළින් ඔබේ අනාගතය සැලසුම් කරගත හැකි නම්, ඒ සඳහා ආයෝජකයකු අවබෝධ කරගත යුතු සහ ආයෝජකයා විසින්ම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. ඒ මෙසේයි. ෆ ආයෝජනයට තමන් සතු මුදල් ප්‍රමාණය ෆ ආයෝජනය සිදු කිරීමට තමාට ඇති දැනුම සහ අවබෝධය ෆ තමාට ඇති කාලය සහ තමා කෙතරම් කාර්යබහුල ද යන්න. මෙය ඕනෑම ආයෝජනයක් සම්බන්ධව පොදු සිද්ධාන්තයක් බව ද කිව යුතුය. වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ ප්‍රාග්ධන වෙළෙඳපොළේ සහ මුදල් වෙළෙඳපොළේ සිදු කරන ආයෝජනයන් පිළිබඳ පෞද්ගලිකව තම අවධානය යොමු කිරීමට කාර්යබහුල අයෙකුට අපහසු වන්නට පුළුවන. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය දැනුම, පුහුණුව ඒකරාශී කරගැනීමත් යම්කිසි දුරකට අපහසු විය හැකිය. මේ නිසාම මෙම අපහසුතා මගහැර විශ්වාසයෙන් යුතුව ප්‍රාග්ධන සහ මුදල් වෙළෙඳපොළට පිවිසිය හැකි විකල්ප ආයෝජන, මාර්ගයක් ලෙස ඒකක භාර සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1992 වසරේදීය. ඒකක භාරයක් යනු පොදු අරමුණක් ඇති ආයෝජකයන් විශාල සංඛ්‍යාවකගේ මුදල්, එක්a පොදු අරමුදලකට ඒකරාශී කර, ඉන්පසු එම අරමුදල විශේෂඥ දැනුම සහිත කළමනාකරණ මණ්ඩලයක් විසින් රැස් කරගන්නා තොරතුරු මත පදනම්ව විවිධ වත්කම්වල (කොටස් වෙළෙඳපොළ, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර සහ සාංගමික ණය පත්‍රවල) ආයෝජනය කොට ඉන් ලැබෙන ප්රතිලාභ ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ වශයෙන් නැවතත් එම ආයෝජකයන්ට බෙදා දීමේ ක්‍රමවේදයක් ලෙස ඉතා සරලව හඳුන්වා දිය හැකිය. ඒකක භාරය ආයෝජකයන් විශාල පිරිසකගේ එකතුවක් වන අතර ආයෝජකයකු මිලදී ගන්නා ඒකකයකින් නියෝජනය වන්නේ ඒකක භාරය සතුව ඇති තම වත්කම්වල වටිනාකමයි. මෙම වත්කම්වල වෙළෙඳපොළ වටිනාකම වෙනස් වන විට (අඩු වැඩි වන විට) ඒකක මිල ද ඉහළ පහළ යයි. මේ හැඳින්වීමට අනුව ඒකක භාර ආයෝජනය ඉතා සරළ ක්‍රමයක් ලෙස ඔබට හැඟෙනු ඇත. එය එසේ වුවත් මෙම සංකල්පය තුළ විවිධ අවස්ථාවලදී සහ විවිධ ස්ථරවලදී විවිධ පාර්ශ්ව එක්වීම තුළින් මෙයට වඩාත් අර්ථාන්විත ක්‍රමවත් භාවයක් එක්වී ඇත. ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කිරීම ඔබේ දැනුම වර්ධනය කර ගැනීමට වැදගත් වනු ඇත. ඉහත සිදු කළ හඳුන්වාදීමට අනුව ඒකක භාර යනු, පොදු අරමුණක් ඇති විශාල ආයෝජකයන් සංඛ්‍යාවකගේ එකතුවකි. උදාහරණයකින් මෙය පැහැදිලි කරන්නේ නම් තමාට තනිව මිලදී ගත නොහැකි වත්කම් කිහිපයක්, කිහිප දෙනෙකුගේ එකතුවෙන් මිලදී ගෙන ඉන්පසු එය මිලදී ගත් මිලට වඩා වැඩි මිලකට විකුණා, එම ලාභය ආයෝජනය කළ පිරිස විසින් ඔවුන් යෙදූ මුදලට අනුරූපව බෙදා ගැනීමකට සමාන කළ හැකිය. මෙහිදී ආයෝකයාගෙන් ආයෝජකයාට ඇති මුල්‍ය හැකියාව හා ශක්තිය වෙනස් වන අතර කුඩා මුදල් ප්‍රමාණයක් යෙදවිය හැකි පුද්ගලයන් මෙන්ම විශාල මුදල් ප්‍රමාණයක් යෙදවිය හැකි පුද්ගලයන් ද මෙම ක්‍රමයේදී සිටීමට පුළුවන. අරමුදලේ ක්‍රියාකාරීත්වය තුළින් ඉපැයූ ඉපැයීම්, ආයෝජකයා යෙදූ මුදලට සාපේක්ෂව ප්රතිලාභ වශයෙන් මෙමගින් හිමිකර ගත හැකිය. දැනට පවතින රෙගුලාසි යටතේ ඕනෑම පුද්ගලයකුට ආයෝජනය කිරීමේ හැකියාව උදාකරමින් මෙහි අවම ආයෝජනය රු. 1000 ක් වන අතර වැඩිහිටියන්ට මෙන්ම භාරකරුවකු සමග බාල වයස්කරුවකුට වුවද ඒකක භාර අරමුදලක ඒකක මිලදී ගැනීමේ හැකියාව තිබේ. මෙහිදී ආයෝජකයා ඇත්ත වශයෙන්ම සිදු කරනුයේ ඒකක භාරයේ ඇති ඒකක, අරමුදල් කළමනාකරණ සමාගමෙන් මිලදී ගැනීමයි. මෙහිදී ආයෝජකයා මිලදීගත් ඒකකයන්හි මිල ගණන් වෙනස්වීම මත ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ සහ අලාභවලට හිමිකම් කියනු ලබයි. එමෙන්ම අරමුදල් කළමනාකරණ සමාගමේ සහ අරමුදලේ ප්‍රතිපත්ති අනුව ආදායම් බද්දෙන් නිදහස් ලාභාංශයකට ද මෙහිදී ආයෝජකයාට හිමිකම් කිව හැකිය. ඒකක භාරය පවත්වාගෙන යනු ලබන්නේ අරමුදල් කළමනාකරණ සමාගමයි. මහජනයාට ඒකක භාරයේ ඇති ඒකක විකුණා රැස්කර ගන්නා මුදල් විවිධ වත්කම්වල ආයෝජනය කිරීම සඳහා වන ආයෝජන තීරණ ගනු ලබන්නේ අරමුදල් කළමනාකරණ සමාගමේ සිටින අරමුදල් කළමනාකරුය. ඔහු විසින් දෛනිකව වෙළෙඳපොළ තුළ සිදුවන වෙනස්වීම් නිරීක්ෂණය කොට තාර්කිකව වෙළෙඳපොළ තත්ත්වයන් විමසුමට ලක් කොට අරමුදලේ, ආයෝජකයන් වෙනුවෙන් නිසි ආයෝජන තීරණ ගනු ලබයි. ක්ෂ්aත්‍රයේ ඇති පළපුරුද්ද සහ අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති කළමනාකරු ආයෝජකයාගේ අපේක්ෂාවන් උපරිම වන ආකාරයෙන් ප්රතිලාභ ලබාදීම තම වගකීම ලෙස ගෙන කටයුතු කරන්නෙකි. ආයෝජකයාට ද තමාගේ අයිතිවාසිකම් ලෙස දිනපතා මිල ගණන් වෙනස්වීම පිළිබඳ, අරමුදල විසින් මිලදී ගෙන ඇති වත්කම් පිළිබඳ දැන ගැනීමට හැකියාව ලැබෙන අතර ඕනෑම අවස්ථාවකදී අරමුදල් කළමනාකරණ සමාගමට ගොස් තම ආයෝජනයේ තොරතුරු සොයා බැලීම ද සිදු කළ හැකිය. ආයෝජකයන්ගෙන් මෙලෙස රැස්කර ගනු ලබන මුදල්, ආයෝජනය කිරීමේදී අරමුදල් කළමනාකරු විසින් යොදාගන්නා සුවිශේෂී ක්‍රමයක් ඇත. එනම් රැස්කරගත් මුදල් එකම වත්කමක ආයෝජනය නොකොට කොටස් වෙළෙඳපොළ, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර සහ සාංගමික ණයපත් වැනි විවිධ වත්කම් අතර (විවිධ ආයෝජන මාර්ග අතර) බෙදී යන ආකාරයට ආයෝජනය කිරීමයිs. මෙය ආයෝජන විවිධාංගීකරණය ලෙස ද හඳුන්වනු ලබයි. මෙමගින් කළමනාකරු අපේක්ෂා කරන්නේ, ආයෝජනය සිදු කිරීමේදී දැරීමට සිදුවන අවදානම අවම කර ගැනීමයි. ඉතාම සරළ උදාහරණයකින් මෙය පැහැදිලි කළ හැකිය. එනම් බිත්තර කිහිපයක් දමා ඇති බඳුනක් බිමට වැටුණහොත්a සැලකිය යුතු අලාභයක් සිදුවන බව අපි සැවොම දනිමු. නමුත් එම බිත්තර කිහිපය බඳුන් කිහිපයකට දැමුවොත් ඉන් එක් බඳුනක් බිම වැටීමෙන් සිදුවන අලාභය අවම එකකි. මේ උදාහරණය අනුව ආයෝජකයෝ ද සියලු බිත්තර එකම බඳුනක නොදැමීමට වග බලා ගත යුතුය. ඒ අනුව විවිධ වත්කම්වල ඔබේ මුදල් ආයෝජනය කිරීම තුළින් අරමුදල් කළමනාකරු අපේක්ෂා කරන්නේ සිදුවිය හැකි අලාභය අවම කර ගැනීමටයි. එමෙන්ම දෛනිකව සිදු කරන සමීක්ෂණ මත පදනම්ව ආයෝජන තීරණ ගන්නා බැවින් තාර්කිකව සහ වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයෙන් යුතුව ආයෝජනය මෙහෙයවීමට ද ඔහුට හැකියාව ලැබේ. මේ නිසා ආයෝජකයාටද අරමුදල් කළමනාකරු හරහා තමාගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ හැකියාව ඒකක භාර සංකල්පයෙන් ළඟා කර ගත හැකිය. එමෙන්ම තමා යොදවන මුදල් ප්‍රමාණය කුඩා වුවත්, විවිධාංගීකරණය කළ වත්කම් කිහිපයකම ප්රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ආයෝජකයාට උදාවීමද ඒකක භාර ආයෝජනයේ විශේෂත්වයකි. මෙලෙස ඒකක භාර ආයෝජනය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත් පසු අප අවධානය යොමු කළ යුතු අනෙක් පැතිකඩ වන්නේ එම සංකල්පයට දායක වන පාර්ශ්ව මෙන්ම එම පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය කුමන ආකාරයට සිදුවනවාද යන්නයි. වර්තමාන මෙන්ම අතීත අත්දැකීම්වලින් බැට කා ඇති ආයෝජකයන් තමාට ලැබෙන ලාභය මෙන්ම එහි ක්‍රියාකාරීත්වය සහ විනිවිදභාවය පිළිබඳ මේ වනවිට දැඩි උනන්දුවක් දැක්වීම සතුටට කරුණකි. ඒකක භාර සංකල්පයට අදාළව ඇති විවිධ පාර්ශ්ව පිළිබඳ දැනුවත් වීමද ඔබට මෙම ඒකක භාර ආයෝජනය තෝරා ගැනීමේදී වැදගත් වනු ඇත. ඒකක භාර ක්‍රියාත්මක කරනු ලබන සියලුම අරමුදල් කළමනාකරණ සමාගම්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කිරීම සිදු කළ යුතුය. එමෙන්ම අරමුදල් කළමනාකරණ සමාගමක් ලෙස ඒකක මහජනයාට විකිණීමට අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීම ද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි. මෙම කරුණු කාරණා හේතුකොට ගෙන අරමුදල් කළමනාකරණ සමාගම් නිරන්තරයෙන්ම එම කොමිසමේ අධීක්ෂණයට යටත්ව කටයුතු කරනු ලබයි. එමෙන්ම සියලුම අරමුදල් කළමනාකරණ සමාගම් ලංකාවේ ඒකක භාර සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රධානතම නීති සංග්‍රහය වන ඒකක භාර සංග්‍රහයට සහ භාරක ඔප්පුවේ සඳහන් විධිවිධානවලට අනුකූලව ඒකක භාරයේ අරමුදල් කළමනාකරණය කරනු ලබයි. මීට අමතරව සෑම ඒකක භාර අරමුදලකටම වෙන් වෙන් වශයෙන් ක්‍රියාකරන සහ අධීක්ෂණය කරන ස්වාධීන භාරකරුවකු සිටීමද ඒකක භාර සංකල්පයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි. දැනට ලංකාවේ කටයුතු කරන භාරකරුවන් වන්නේ ඩොයිෂ් බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. ආයෝජකයන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙන්ම අරමුදලේ විනිවිදභාවය තහවුරු කිරීම භාරකරුගේ කාර්යභාරයයි. ආයෝජකයාගේ ආයෝජන හැකියාවන්, අවදානම දැරීමේ හැකියාව සහ අරමුදලේ රැඳී සිටීමට බලාපොරොත්තු වන කාල සීමාව මත විවිධ ඒකක භාර අරමුදල් වර්ග පවතින අතර එම අරමුදල් වර්ග මොනවාද යන්න හඳුනාගැනීම ද ඉතා වැදගත්ය. ඒ අනුව තම අවශ්‍යතාවට සහ අරමුණුවලට ගැලපෙන පරිදි තමාට සුදුසු ආයෝජන අරමුදලක් තෝරාගෙන එහි ඒකක මිලදී ගැනීමේ හැකියාව ආයෝජකයාට ලැබේ. මෙම විවිධ අරමුදල් වර්ග අතර ආදායම් අරමුදල්, වර්ධන අරමුදල්, මිශ්‍ර අරමුදල් සහ දර්ශක අරමුදල් පවතින අතර මින් තමාට ගැලපෙන අරමුදලක ඒකක මිලදී ගනිමින් ඒකක භාර ආයෝජනයට ඔබට යොමු විය හැකිය. යම් ආයෝජකයකු ඒකක භාර අරමුදලක් තෝරා ගැනීමේදී තමාට සුදුසුම අරමුදල් වර්ගය තෝරා ගැනීම පිළිබඳව ගැටලුවක් නිතැතින්ම පැනනඟියි. අරමුදලේ ක්‍රියාකාරීත්වය, අවදානම් මට්ටම, අරමුදලේ රැඳී සිටිය යුතු කාල සීමාව, අරමුදලින් ලැබෙන ප්‍රතිලාභය යන කරුණු මත අරමුදල් වර්ග එකිනෙකට වෙනස් වන අතර ඒ පිළිබඳ පැහැදිලි දැනුමක්ද ආයෝජකයකුට අවශ්‍ය වේ. එමගින් ආයෝජකයකු වශයෙනA තමාට නිශ්චිතවම ගැලපෙන අරමුදල තෝරා ගැනීමට හැකියාව ලැබේ. මේ ආකාරයෙන් තෝරා ගැනීමක් සිදු කිරීමට නම් ආයෝජකයාට අරමුදල් වර්ග පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍ය වන අතර, මේ නිසා ආයෝජකයකු වශයෙන් ප්‍රායෝගිකව අරමුදලක් තෝරා ගැනීම සඳහා එම දැනුම ප්‍රයෝජනවත් වනු ඇත. මෙලෙස තමාට ගැලපෙන අරමුදල් වර්ගය හඳුනාගෙන ආයෝජනය කිරීම තුළින් ආයෝජකයකුට තම ධනය සාර්ථකව වර්ධනය කරගත හැකි වනු නොඅනුමානය. වර්තමානයේදී ආයෝජනයක් සිදුකරන බොහෝ දෙනා මූලිකවම තම අවධානය යොමු කරනු ලබන්නේ තමාට ලැබෙන ප්‍රතිලාභය වෙනුවෙන් තමාට දැරීමට සිදුවන අවදානම පිළිබඳවයි. මෙහිදී ආදායම් අරමුදල්, වර්ධන අරමුදල් සහ මිශ්‍ර අරමුදල් යටතේ මෙකී ප්රතිලාභ ලැබෙන ආකාරය වෙනස් වේ. ඒ නිසා මෙම අරමුදල්වල ප්රතිලාභ ලැබෙන ආකාරය, මෙම අරමුදල් වර්ග අනුව දැරීමට සිදුවන අවදානම් මට්ටම් පිළිබඳව මෙන්ම කවර ආයෝජකයන්ට කවර අරමුදල් වර්ගය ගැලපෙන්නේ ද යන්න පිළිsබඳව ද ඔබ තවදුරටත් දැනුවත් විය යුතුව පවතී. ඔබ සිටින වයස් මට්ටම හා සමාජ රටාවන්වලට අනුව ඉතා පහසුවෙන් සිදුකළ හැකි මෙම ඒකක භාර ආයෝජනයේදී පවතින විකල්ප අවස්ථාවන් පිළිබඳ වැටහීමක් ලබාගෙන ඔබේ මුදල් පිළිබඳ තීරණ ගත යුතු වේ. ආයෝජකයකු වශයෙන් ඔබ කුමන තරාතිරමක සිටියත් නිවැරැදි අවබෝධය වඩා වැදගත් වන අතර දැනුමෙන් ආයෝජනයට පිවිසෙන ඔබට සාර්ථකත්වය ළඟා කර ගැනීම අපහසුවක්ද නොවනු ඇත. විවිධ අරමුදල් වර්ග ආදායම් අරමුදල් (Income fund) ආදායම් අරමුදල්වල මුදල්, ප්‍රති ආයෝජනය කරනු ලබන්නේ මුදල් වෙළෙඳපොළෙහි වන අතර සාපේක්ෂව අවදානම අඩුය. ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ යන ආකාර දෙකෙන්ම ප්රතිලාභ හිමිවන අතර දිගුකාලීන ආයෝජන තුළින් වඩාත් වැඩි වැඩි ප්‍රතිලාභත්, අවදානම අවම කර ගැනීමේ හැකියාවත්a තිබේ. වර්ධන අරමුදල් (Growth Fund) වර්ධන අරමුදල්වල මුදල්, ප්‍රති ආයෝජනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොටස්, වෙළෙඳපොළෙහි ආයෝජනය වන අතර සාපේක්ෂව අවදානම වැඩි මට්ටමක පවතී. නමුත් විවිධාංගීකරණය තුළින් කොටස් වෙළෙඳපොළේ ඇති අවදානම අවම මට්ටමක පවත්වා ගැනීම, අරමුදල් කළමනාකරුගේ කාර්යභාරයකි. කොටස් වෙළෙඳපොළ සම්බන්ධ ආයෝජනයන්a කිරීමේදී නිවැරැදි තීරණ ගැනීම වැදගත් වන අතර, විශේෂඥ අරමුදල් කළමනාකරුවන්ගේ සේවය මගින් කොටස් වෙළෙඳපොළේ අවදානම අඩු කර ගත හැකිය. මිශ්‍ර අරමුදල් (Balanced Fund) මෙම අරමුදල්වල මුදල්, ප්‍රති ආයෝජනය කිරීම කොටස් වෙළෙඳපොළ සහ මුදල් වෙළෙඳපොළ යන ස්ථාන දෙකේම සිදු වේ. මිශ්‍ර අරමුදල් යන වචනයෙන්ම අපට එහි අදහස වටහා ගත හැකිය. මෙම ප්‍රතිආයෝජනය විවිධ ප්‍රතිශතවලින් සිදුවන අතර එම වෙළෙඳපොළවල්වල පවතින ප්රතිලාභ සහ පොලී අනුපාත මත අරමුදල් කළමනාකරු විසින් [/COLOR][/SIZE]ප්‍රති ආයෝජන ප්‍රමාණයන් තීරණය කරනු ලබයි. මෙම අරමුදල්වල අවදානම සාපේක්ෂව අඩුය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom