ඒකීය ව්‍යවස්ථාවට අපි එකඟයි - විපක්ෂ නායක ආ&#3

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ඒකීය ව්‍යවස්ථාවට අපි එකඟයි - විපක්ෂ නායක ආ&#3

    ඒකීය ව්‍යවස්ථාවට අපි එකඟයි - විපක්ෂ නායක ආර්. සම්පන්දන්

    17 ජුනි, 2017

    රට කිසිම විටක නො බෙදා, දිගටම එකම රටක් ලෙස තබාගත හැකි, ඒකීය ලංකාවක් යන ස්ථාව‍රයේ තමන් සිටින බවත්, එවැනි ව්‍යවස්ථාවකට තමන් එකඟ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.

    නව ව්‍යවස්ථා යෝජනා පිළිබඳ සිළුමිණට අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ, වෙනම රටක් යන ස්ථාවරයේ තමන් නොමැති බවත්, එකම රටක්, කිසිදිනක නොබෙදෙන රටක් යන්න විශ්වාස කරන බව ය. පෙඩරල් යන වදනට ‍සිංහල ජනතාව බයක් දක්වනවා මෙන්ම 'unitary' වචනයට දෙමළ ජනතාව ද බයක් දක්වන බව කී ඒ මහතා, මේ වචන තුළ දිගු කාලීනව සිරවී සිටීමෙන් රටට සිදුවූ යහපතක් නොමැති බව පෙන්වා දෙන අතර ම, දැන්වත් අප ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැඟීම උදෙසා එකාවන්ව කටයුතු කළ යුතු බව ද පැවසීය.

    R.Sampandan.jpg


    රටේ දූෂණය, භීෂණය නිසා සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට යාම ඇණ හි‍ටි බව පෙන්වා දෙන ඒ මහතා, නිදහස ලබා දශක හතකට ආසන්න කාලයක් ගෙවී තිබුණ ද අපට ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නොහැකි වූ බව ද පැවසුවේය. එවැනි තත්ත්වයක් තුළ රටේ බලය තනි පුද්ගලයකු අතට ‍නොයා යුතු බව කියන විපක්ෂ නායකවරයා ඒ සඳහා බලය බෙදා දිය යුතු බව ද පවසයි.

    තවද නව ව්‍යවස්ථාව රටේ සෑම පුරවැසියකුටම එකඟ වියයුතු එකක් විය යුතු බවත් ඒසඳහා ජනමත විචාරණයකට ගොස් සියලු ජනතාවගේ කැමැත්ත ලබාගත යුතු බව ද පැවසීය.


    - http://www.silumina.lk/2017/06/17/පුවත්/ඒකීය-ව්‍යවස්ථාවට-අපි-එකඟයි
     

    Similar threads