Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කවුරුත් පින් කරද්දී එය කළ යුත්තේ අවබෝධයෙන්මයි. ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු අඩුපාඩු අප අතින් සිදුවෙන්න පුළුවනි. එවැනි දෙයක් වුණොත් ඒ ගැනම හිත හිතා ඉන්න නරකයි. තමන් කළ යහපත් දේවල් නැවත නැවත මෙනෙහි කරන්නට ඕන. ඒ ගැන සතුටු වෙන්නත් ඕන. එහෙම නැතුව ඉතාම සුළු දෙයක් පවා අනවශ්‍ය විදිහට සිතට ගත්තොත් එයින් ඉතාමත් බරපතල ශෝචනීය ඉරණමක් හැදෙන්න ඉඩ තියෙනවා. මේ කථාවත් එබඳු එකක්.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අලුත පැවිදි වූ භික්ෂුවක් නැවක නැගී ගඟෙහි ගමන් කරමින් සිටියා. ඒ ගංඉවුරේ ‘ඒරක’ රුක් ගොමුවලින් සැදුණු කුඩා පඳුරු තිබුණා. ඉතින් මේ නැව ගං ඉවුරට ආසන්නව යද්දී මේ භික්ෂුව අර ඒරක ගසක කොළයක් අල්ලගත්තා. අත හරින්න අවස්ථාව තිබුණා. අත්හැරියේ නෑ. නැව වේගයෙන් පිටත් වුණා. එතකොට අර ඒරක පත්‍රය ගිලිහී අතට ආවා. මේක ඉතින් සුළු දෙයක්නේ කියලා උන්වහන්සේ ගණනකට ගත්තේ නෑ. ඇවැත් දෙසුවේ නෑ. ඔය කරුණ අමතක වෙලා ගියා. විසිදහසක් අවුරුදු වනාන්තරයේ වාසය කළේ. ඉතා හොඳින් පැවිදි ජීවිතය ගත කළා. නමුත් උන්වහන්සේ අපවත් වීමට ආසන්නයේදී අර ඒරක පත්‍රය අල්ලා සිටිද්දී කැඩිලා අතට ආපු එක මතක් වුණා.

“අනේ මගේ අතින් වරදක් නෙව වුණේ…. මේ ආපත්තිය භික්ෂුවකට කියා දේශනා කරගත යුතුයි” කියලා තම වරද මතක් කොට සංවර වීම පිණිස ඇවැත් දෙසීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් සෙව්වා. නමුත් සොයා ගන්නට බැරි වුණා. ‘අනේ මගේ සීලය අපිරිසිදුයි’ කියලා උන්වහන්සේ පසුතැවුණා. අපවත් වුණේ ඒ දුකින් යුක්තවයි.

ඉතින් ඒ භික්ෂුව උපන්නේ ගසකින් කළ විශාල ඔරුවක් වගේ දැවැන්ත නාගරාජයෙකු වෙලයි. ඔහුට ලැබුණේ ‘ඒරකපත්ර’ යන නමයි. උපන් හැටියේම තමන්ගේ සිරුරේ ස්වභාවය පෙනුණා.

“අයියෝ… මෙච්චර වසර දහස් ගණනක් ඉතා ආදරයෙන් මහණදම් පුරලත් ගෙම්බන් අනුභව කරන ධර්මාවබෝධය කරගන්නට බැරි අහේතුක යෝනියක නෙව මං උපන්නේ” කියලා බොහෝ දුකට පත්වුණා.

පසුකලක කර්මානුරූපව එක් නාග මානවිකාවක් දියණියක වශයෙන් එක්වුණා. ඉතින් මේ නාගරාජයා ගඟ මැද දිය මත පෙණය ඔසොවාගෙන ඉන්නවා. ඒ මත අර නාග මානවිකාව ලස්සනට නටනවා. ගීතත් ගයනවා. නාග රාජයාට මෙහෙම හිතුණා.

“හැබෑවටම මට මේ උපායෙන් පුළුවන් වේවි, ආයෙමත් බුදුකෙනෙක් ලෝකයට පහළ වුණොත් ඒක දැනගන්න” කියලා මිනිසුන්ට මෙහෙම කිව්වා.

“මේ දියණිය ලස්සන ගීතයක් ගයාවි. මේ ගීයට නිවැරදි පිළිතුරු ගීය දෙන කෙනාට නාග ලෝකයේ තියෙන සම්පත් වගේම මේ නාග මානවිකාවත් දෙනවා.”

අඩමසක් පාසා උපෝසථ දවස්වල ඒ නාගදියණිය පෙණය මත නටමින් ලස්සනට ගීය ගයනවා.

කිංසු අධිප්පති රාජා – කිංසු රාජා රජ්ජිස්සරෝ

කථංසු විරජෝ හෝති – කථං බාලෝති වුච්චති

කුමක් නිසාදෝ රජු හට ‘අධිපති’ යැයි පවසන්නේ

කුමක් නිසාදෝ රජු හට ‘රජිසුරු’ යැයි පවසන්නේ

කෙලෙසින්දෝ ලොවේ කෙනෙක් ‘විරජ’ බවට පත්වන්නේ

කෙලෙසින් සිටිනා කෙනාද ‘බාල’ නමට නිසි වන්නේ

සියලු දඹදිවවාසීන් අතර මෙය ප්‍රසිද්ධ වුණා. නාග මානවිකාව අරගන්නට කැමති වුණා. තම තමන්ගේ නැණ පමණින් පිළිතුරු ගී පද බඳිමින් ගායනා කළා. ඇය ඒවා වැරදියි කියා ප්‍රතික්ෂේප කරනවා. ඔය අයුරින් අඩමසක් පාසා පෙණය මත සිට ගායනා කරමින් බුද්ධාන්තර කල්පයක් ගෙවිලා ගියා.

අපගේ ශාස්තෘන් වහන්සේ මිනිස් ලොව උපන්නා. දිනක් හිමිදිරි උදෑසන මහාකාරුණික බුදුඇසින් ලොව බලද්දී උත්තර නම් මාණවකයෙකුට සෝවාන් ඵලයට පත්වීමේ පින ඇති බව දැක වදාළා. ඒ වගේම මේ උත්තර මාණවකයාට තමයි අර නාගරාජයාගේ ගීයට පිළිතුරු දීමේ වාසනාව තිබුණේ.

උත්තර මාණවකයාට නාගරාජයාගේ කතා පුවත සැළවුණා. ඔහුත් පිළිතුරු ගීයක් නිර්මාණය කරගත්තා.

එදා ඒරකපත්‍රයාගේ නාගදියණිය පෙණ ගොබය මත නටන දවසයි. උත්තර මාණවකයා එතැනට යන්නට පිටත් වුණා. බරණැසට නුදුරින් මහරි රුක් සතකින් හෙබි ඉතා යහපත් සෙවණ ඇති තැනක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ එක් මහරි රුක් සෙවණක වැඩහිටියා. උත්තර මාණවකයා ඔය අසලින් ගමන් කරමින් සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“උත්තර, මෙහි එන්න.”

“ස්වාමීනී, ඇයි?”

“මෙතනට එන්න.”

එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා. පැත්තකින් වාඩිවුණා.

“උත්තර, කොහේද යන්නේ?”

“ස්වාමීනී, ඒරකපත්ර නාගරාජයාගේ නාගදියණිය ගායනා කරන තැනටයි යන්නේ.”

“ඉතින් ඔබත් පිළිතුරු ගීයක් හදාගත්තාද?”

“එහෙමයි ස්වාමීනී” කියලා උත්තර මාණවකයා ඒ ගීය පැවසුවා.

“උත්තර, ඔය පිළිතුරු ගීය වැඩක් නෑ. මං ඔබට පිළිතුරු ගීයක් කියලා දෙන්නම්. එය රැගෙන යන්න.”

“එහෙමයි ස්වාමීනී” උත්තර මාණවකයා ඉතා සතුටට පත්වුණා.

“උත්තර, දැන් නාගමානවිකාව ගීය ගයන වෙලාවට ඔබ මේ පිළිතුරු ගීය ගයන්න.

ඡද්වාරාධිප්පතී රාජා – රජ්ජමානෝ රජ්ජිස්සරෝ

අරජ්ජං විරජෝ හෝති – රජ්ජං බාලෝති වුච්චති

අධිපති නම් දොරටු හයට ඔහුටයි ‘රජු’ කිව යුත්තේ

කෙලෙස්වලට ඇලෙන කෙනා ‘රජිසුරු’ යැයි කිව යුත්තේ

කෙලෙස් නොමැති උතුමා හට ‘විරජ’ කියා කිව යුත්තේ

කෙලෙසුන් තුළ ඉන්න කෙනා ‘බාල’ කියා කිව යුත්තේ

ඉතින් උත්තර දැන් ඔබ ඔය පිළිතුරු ගීය පැවසූ විට නාගමානවිකාව තව ගීයක් ගයාවි. එය මෙයයි.

කේනස්සු වුය්හති බාලෝ – කථං නූදති පණ්ඩිතෝ

යෝගක්ඛේමී කථං හෝති – තම්මේ අක්ඛාහි පුච්ඡිතෝ

අනුවණ බාලයා ගසා ගෙන යන්නේ කුමකින්දෝ

නුවණැත්තා ලොවේ සියලු ජයගන්නේ කෙලෙසින්දෝ

‘යෝගක්ඛේමී’ යන නම කිව හැක්කේ කෙලෙසින්දෝ

මේ පැණයන් හට පිළිතුරු දෙන්නේ මට කවුරුන්දෝ

උත්තර, ඔය ගීයට පිළිතුරු දිය යුත්තේ මෙන්න මේ ගීයෙනුයි.

ඕඝේන වුය්හති බාලෝ – යෝගානූදති පණ්ඩිතෝ

සබ්බයෝග විසංයුත්තෝ – යෝගක්ඛේමීති වුච්චති

සැඩපහරින් අනුවණයා දුකට ගසා ගෙන යන්නේ

නුවණැත්තා වෙරවඩමින් ජීවිතයයි ජයගන්නේ

සියලු කෙලෙස් බන්ධනයෙන් යමෙකුන් නිදහස් වන්නේ

යෝගක්ඛේමී නාමය ඔහුටයි කිව යුතු වන්නේ

උත්තර, ඔබ නාගමාණවිකාවියට ඔය පිළිතුරු ගී පවසද්දී දිනුම ඔබට ලැබෙනවා.”

උත්තර මාණවකයා ඉතා සතුටින් මේ ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා.

ඒ වෙලාවේ නාගපෙණය මත සිටින නාග මානවිකාව ලස්සනට නටමින් ගීය ගයනවා.

“භවත්නී, මා විසින් පිළිතුරු ගී හදාගෙනයි ආවේ. මටත් අවස්ථාවක් දෙන්න” කියලා උත්තර මාණවකයා සෙනඟ පීරා ගෙන ඉදිරියට ගියා. නාග මාණවිකාව නටමින් ‘කිංසූ අධිප්පතී රාජා….’ යන ගීය ගැයුවා. උත්තර මාණවකයා ‘ඡද්වාරා අධිප්පතී රාජා….’ යන පිළිතුරු ගීය හඬනගා කිව්වා. ඊටපස්සේ නාග මාණවිකාව ‘කේනස්සු වුය්හති….’ යන ගීතය ගායනා කළා. එතකොට උත්තර මාණවකයා ‘ඕඝේන වුය්හතී…’ යන පිළිතුරු ගීය හඬ නගා කිව්වා. නාගරාජයා මේ පිළිතුරු ගී අසා ඉතාම සතුටට පත්වුණා.

“හප්පේ….! මදෑ. බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා. මේ පිළිතුරු ගීය මෙතෙක් කාලෙකට අසන්නට බැරිවුණා. ඒකාන්තයෙන්ම බුදුකෙනෙකු ලෝකයේ පහළ වෙලා තියෙනවාමයි” කියා සතුට වැඩිකමට නාගරාජයා වළිගය ඔසොවලා ඉතා වේගයෙන් ජලයට පහර දුන්නා. දෙපැත්තට මහා රළක් පැන නැංගා. ගංගාවේ ඉවුරු දෙපස බිඳිලා ගියා. ගවයෙකුගේ ප්‍රමාණයේ උසට දෙපස හිටපු මිනිසුන් වතුරේ ගිලුණා. නාගරාජයා එබඳුම මිනිසුන් ප්‍රමාණයක් පෙණ ගොබයෙන් වතුරෙන් ඔසොවා ගොඩබිම තිබ්බා. ඔහු උත්තර මාණවකයා ළඟට ගියා.

“ස්වාමීනී, ශාස්තෘන් වහන්සේ කොහේද වැඩඉන්නේ…?”

“මහරජ, එක් රුක් සෙවණක වැඩඉන්නවා.”

“ස්වාමීනී, එහෙම නම් අපි යමුද?” කියලා උත්තර මාණවකයා සමඟ පිටත් වුණා. මහජනයාත් ඔවුන් සමඟ පිටත් වුණා. නා රජු බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වන්දනා කරමින් හඬා වැළපෙන්න ගත්තා.

“මහරජ, මක්නිසාද අඬන්නේ…?”

“අනේ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ලැබුණා. බඩගාගෙන යන්න වුණා. බුද්ධාන්තරයක් ගෙවිලා යනවා. මේ ආත්මයෙන් චුත වුණේ නැහැ නෙව. මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ නැහැ. නුඹවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දර්ශනයක් ලැබුණේ නෑ” කියා විලාප දුන්නා.

ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“නාරජ, ඒක ඇත්ත. මනුෂ්‍ය ආත්මභාවය ඉතාමත් දුර්ලභයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයත් දුර්ලභයි. බුද්ධෝත්පාදයත් දුර්ලභයි. මේවා ඉතාමත් දුකසේ දුර්ලභවයි ලැබෙන්නේ” කියලා මෙම ගාථාරත්නය වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, එදා නාගරාජයාට භාග්‍යවතුන් වහන්සේ මුණගැහුණා කියලා පලක් වුණේ නෑ. මිනිස් ලොව ඉපිද සිටියා නම් මාර්ගඵල ලැබීමේ අවස්ථාවක් තිබුණා. නාගයෝනියෙහි ඒ අවස්ථාව නෑ. දැන් බලන්න මිනිස් ලොව විසිදහසක් අවුරුදු මහණදම් පිරූ පින මතුකරගන්න බැරිවුණේ ඉතා සුළු දෝෂය පවා සිහි කරමින් පසුතැවුණු නිසයි. මෙය අප කාටත් හොඳ පාඩමක් නේද?

[QUOTE="asliyanage, post: 25980295, member: 8764"] පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කවුරුත් පින් කරද්දී එය කළ යුත්තේ අවබෝධයෙන්මයි. ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු අඩුපාඩු අප අතින් සිදුවෙන්න පුළුවනි. එවැනි දෙයක් වුණොත් ඒ ගැනම හිත හිතා ඉන්න නරකයි. තමන් කළ යහපත් දේවල් නැවත නැවත මෙනෙහි කරන්නට ඕන. ඒ ගැන සතුටු වෙන්නත් ඕන. එහෙම නැතුව ඉතාම සුළු දෙයක් පවා අනවශ්‍ය විදිහට සිතට ගත්තොත් එයින් ඉතාමත් බරපතල ශෝචනීය ඉරණමක් හැදෙන්න ඉඩ තියෙනවා. මේ කථාවත් එබඳු එකක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අලුත පැවිදි වූ භික්ෂුවක් නැවක නැගී ගඟෙහි ගමන් කරමින් සිටියා. ඒ ගංඉවුරේ ‘ඒරක’ රුක් ගොමුවලින් සැදුණු කුඩා පඳුරු තිබුණා. ඉතින් මේ නැව ගං ඉවුරට ආසන්නව යද්දී මේ භික්ෂුව අර ඒරක ගසක කොළයක් අල්ලගත්තා. අත හරින්න අවස්ථාව තිබුණා. අත්හැරියේ නෑ. නැව වේගයෙන් පිටත් වුණා. එතකොට අර ඒරක පත්‍රය ගිලිහී අතට ආවා. මේක ඉතින් සුළු දෙයක්නේ කියලා උන්වහන්සේ ගණනකට ගත්තේ නෑ. ඇවැත් දෙසුවේ නෑ. ඔය කරුණ අමතක වෙලා ගියා. විසිදහසක් අවුරුදු වනාන්තරයේ වාසය කළේ. ඉතා හොඳින් පැවිදි ජීවිතය ගත කළා. නමුත් උන්වහන්සේ අපවත් වීමට ආසන්නයේදී අර ඒරක පත්‍රය අල්ලා සිටිද්දී කැඩිලා අතට ආපු එක මතක් වුණා. “අනේ මගේ අතින් වරදක් නෙව වුණේ…. මේ ආපත්තිය භික්ෂුවකට කියා දේශනා කරගත යුතුයි” කියලා තම වරද මතක් කොට සංවර වීම පිණිස ඇවැත් දෙසීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් සෙව්වා. නමුත් සොයා ගන්නට බැරි වුණා. ‘අනේ මගේ සීලය අපිරිසිදුයි’ කියලා උන්වහන්සේ පසුතැවුණා. අපවත් වුණේ ඒ දුකින් යුක්තවයි. ඉතින් ඒ භික්ෂුව උපන්නේ ගසකින් කළ විශාල ඔරුවක් වගේ දැවැන්ත නාගරාජයෙකු වෙලයි. ඔහුට ලැබුණේ ‘ඒරකපත්ර’ යන නමයි. උපන් හැටියේම තමන්ගේ සිරුරේ ස්වභාවය පෙනුණා. “අයියෝ… මෙච්චර වසර දහස් ගණනක් ඉතා ආදරයෙන් මහණදම් පුරලත් ගෙම්බන් අනුභව කරන ධර්මාවබෝධය කරගන්නට බැරි අහේතුක යෝනියක නෙව මං උපන්නේ” කියලා බොහෝ දුකට පත්වුණා. පසුකලක කර්මානුරූපව එක් නාග මානවිකාවක් දියණියක වශයෙන් එක්වුණා. ඉතින් මේ නාගරාජයා ගඟ මැද දිය මත පෙණය ඔසොවාගෙන ඉන්නවා. ඒ මත අර නාග මානවිකාව ලස්සනට නටනවා. ගීතත් ගයනවා. නාග රාජයාට මෙහෙම හිතුණා. “හැබෑවටම මට මේ උපායෙන් පුළුවන් වේවි, ආයෙමත් බුදුකෙනෙක් ලෝකයට පහළ වුණොත් ඒක දැනගන්න” කියලා මිනිසුන්ට මෙහෙම කිව්වා. “මේ දියණිය ලස්සන ගීතයක් ගයාවි. මේ ගීයට නිවැරදි පිළිතුරු ගීය දෙන කෙනාට නාග ලෝකයේ තියෙන සම්පත් වගේම මේ නාග මානවිකාවත් දෙනවා.” අඩමසක් පාසා උපෝසථ දවස්වල ඒ නාගදියණිය පෙණය මත නටමින් ලස්සනට ගීය ගයනවා. [B]කිංසු අධිප්පති රාජා – කිංසු රාජා රජ්ජිස්සරෝ කථංසු විරජෝ හෝති – කථං බාලෝති වුච්චති[/B] [I]කුමක් නිසාදෝ රජු හට ‘අධිපති’ යැයි පවසන්නේ කුමක් නිසාදෝ රජු හට ‘රජිසුරු’ යැයි පවසන්නේ කෙලෙසින්දෝ ලොවේ කෙනෙක් ‘විරජ’ බවට පත්වන්නේ කෙලෙසින් සිටිනා කෙනාද ‘බාල’ නමට නිසි වන්නේ[/I] සියලු දඹදිවවාසීන් අතර මෙය ප්‍රසිද්ධ වුණා. නාග මානවිකාව අරගන්නට කැමති වුණා. තම තමන්ගේ නැණ පමණින් පිළිතුරු ගී පද බඳිමින් ගායනා කළා. ඇය ඒවා වැරදියි කියා ප්‍රතික්ෂේප කරනවා. ඔය අයුරින් අඩමසක් පාසා පෙණය මත සිට ගායනා කරමින් බුද්ධාන්තර කල්පයක් ගෙවිලා ගියා. අපගේ ශාස්තෘන් වහන්සේ මිනිස් ලොව උපන්නා. දිනක් හිමිදිරි උදෑසන මහාකාරුණික බුදුඇසින් ලොව බලද්දී උත්තර නම් මාණවකයෙකුට සෝවාන් ඵලයට පත්වීමේ පින ඇති බව දැක වදාළා. ඒ වගේම මේ උත්තර මාණවකයාට තමයි අර නාගරාජයාගේ ගීයට පිළිතුරු දීමේ වාසනාව තිබුණේ. උත්තර මාණවකයාට නාගරාජයාගේ කතා පුවත සැළවුණා. ඔහුත් පිළිතුරු ගීයක් නිර්මාණය කරගත්තා. එදා ඒරකපත්‍රයාගේ නාගදියණිය පෙණ ගොබය මත නටන දවසයි. උත්තර මාණවකයා එතැනට යන්නට පිටත් වුණා. බරණැසට නුදුරින් මහරි රුක් සතකින් හෙබි ඉතා යහපත් සෙවණ ඇති තැනක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ එක් මහරි රුක් සෙවණක වැඩහිටියා. උත්තර මාණවකයා ඔය අසලින් ගමන් කරමින් සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා. “උත්තර, මෙහි එන්න.” “ස්වාමීනී, ඇයි?” “මෙතනට එන්න.” එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා. පැත්තකින් වාඩිවුණා. “උත්තර, කොහේද යන්නේ?” “ස්වාමීනී, ඒරකපත්ර නාගරාජයාගේ නාගදියණිය ගායනා කරන තැනටයි යන්නේ.” “ඉතින් ඔබත් පිළිතුරු ගීයක් හදාගත්තාද?” “එහෙමයි ස්වාමීනී” කියලා උත්තර මාණවකයා ඒ ගීය පැවසුවා. “උත්තර, ඔය පිළිතුරු ගීය වැඩක් නෑ. මං ඔබට පිළිතුරු ගීයක් කියලා දෙන්නම්. එය රැගෙන යන්න.” “එහෙමයි ස්වාමීනී” උත්තර මාණවකයා ඉතා සතුටට පත්වුණා. “උත්තර, දැන් නාගමානවිකාව ගීය ගයන වෙලාවට ඔබ මේ පිළිතුරු ගීය ගයන්න. [B]ඡද්වාරාධිප්පතී රාජා – රජ්ජමානෝ රජ්ජිස්සරෝ අරජ්ජං විරජෝ හෝති – රජ්ජං බාලෝති වුච්චති[/B] [I]අධිපති නම් දොරටු හයට ඔහුටයි ‘රජු’ කිව යුත්තේ කෙලෙස්වලට ඇලෙන කෙනා ‘රජිසුරු’ යැයි කිව යුත්තේ කෙලෙස් නොමැති උතුමා හට ‘විරජ’ කියා කිව යුත්තේ කෙලෙසුන් තුළ ඉන්න කෙනා ‘බාල’ කියා කිව යුත්තේ[/I] ඉතින් උත්තර දැන් ඔබ ඔය පිළිතුරු ගීය පැවසූ විට නාගමානවිකාව තව ගීයක් ගයාවි. එය මෙයයි. [B]කේනස්සු වුය්හති බාලෝ – කථං නූදති පණ්ඩිතෝ යෝගක්ඛේමී කථං හෝති – තම්මේ අක්ඛාහි පුච්ඡිතෝ[/B] [I]අනුවණ බාලයා ගසා ගෙන යන්නේ කුමකින්දෝ නුවණැත්තා ලොවේ සියලු ජයගන්නේ කෙලෙසින්දෝ ‘යෝගක්ඛේමී’ යන නම කිව හැක්කේ කෙලෙසින්දෝ මේ පැණයන් හට පිළිතුරු දෙන්නේ මට කවුරුන්දෝ[/I] උත්තර, ඔය ගීයට පිළිතුරු දිය යුත්තේ මෙන්න මේ ගීයෙනුයි. [B]ඕඝේන වුය්හති බාලෝ – යෝගානූදති පණ්ඩිතෝ සබ්බයෝග විසංයුත්තෝ – යෝගක්ඛේමීති වුච්චති[/B] [I]සැඩපහරින් අනුවණයා දුකට ගසා ගෙන යන්නේ නුවණැත්තා වෙරවඩමින් ජීවිතයයි ජයගන්නේ සියලු කෙලෙස් බන්ධනයෙන් යමෙකුන් නිදහස් වන්නේ යෝගක්ඛේමී නාමය ඔහුටයි කිව යුතු වන්නේ[/I] [IMG]https://mahamevnawa.lk/wp-content/uploads/2020/01/Dhammapada14-4.jpg[/IMG] උත්තර, ඔබ නාගමාණවිකාවියට ඔය පිළිතුරු ගී පවසද්දී දිනුම ඔබට ලැබෙනවා.” උත්තර මාණවකයා ඉතා සතුටින් මේ ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා. ඒ වෙලාවේ නාගපෙණය මත සිටින නාග මානවිකාව ලස්සනට නටමින් ගීය ගයනවා. “භවත්නී, මා විසින් පිළිතුරු ගී හදාගෙනයි ආවේ. මටත් අවස්ථාවක් දෙන්න” කියලා උත්තර මාණවකයා සෙනඟ පීරා ගෙන ඉදිරියට ගියා. නාග මාණවිකාව නටමින් ‘කිංසූ අධිප්පතී රාජා….’ යන ගීය ගැයුවා. උත්තර මාණවකයා ‘ඡද්වාරා අධිප්පතී රාජා….’ යන පිළිතුරු ගීය හඬනගා කිව්වා. ඊටපස්සේ නාග මාණවිකාව ‘කේනස්සු වුය්හති….’ යන ගීතය ගායනා කළා. එතකොට උත්තර මාණවකයා ‘ඕඝේන වුය්හතී…’ යන පිළිතුරු ගීය හඬ නගා කිව්වා. නාගරාජයා මේ පිළිතුරු ගී අසා ඉතාම සතුටට පත්වුණා. “හප්පේ….! මදෑ. බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා. මේ පිළිතුරු ගීය මෙතෙක් කාලෙකට අසන්නට බැරිවුණා. ඒකාන්තයෙන්ම බුදුකෙනෙකු ලෝකයේ පහළ වෙලා තියෙනවාමයි” කියා සතුට වැඩිකමට නාගරාජයා වළිගය ඔසොවලා ඉතා වේගයෙන් ජලයට පහර දුන්නා. දෙපැත්තට මහා රළක් පැන නැංගා. ගංගාවේ ඉවුරු දෙපස බිඳිලා ගියා. ගවයෙකුගේ ප්‍රමාණයේ උසට දෙපස හිටපු මිනිසුන් වතුරේ ගිලුණා. නාගරාජයා එබඳුම මිනිසුන් ප්‍රමාණයක් පෙණ ගොබයෙන් වතුරෙන් ඔසොවා ගොඩබිම තිබ්බා. ඔහු උත්තර මාණවකයා ළඟට ගියා. “ස්වාමීනී, ශාස්තෘන් වහන්සේ කොහේද වැඩඉන්නේ…?” “මහරජ, එක් රුක් සෙවණක වැඩඉන්නවා.” “ස්වාමීනී, එහෙම නම් අපි යමුද?” කියලා උත්තර මාණවකයා සමඟ පිටත් වුණා. මහජනයාත් ඔවුන් සමඟ පිටත් වුණා. නා රජු බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වන්දනා කරමින් හඬා වැළපෙන්න ගත්තා. “මහරජ, මක්නිසාද අඬන්නේ…?” “අනේ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ලැබුණා. බඩගාගෙන යන්න වුණා. බුද්ධාන්තරයක් ගෙවිලා යනවා. මේ ආත්මයෙන් චුත වුණේ නැහැ නෙව. මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ නැහැ. නුඹවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දර්ශනයක් ලැබුණේ නෑ” කියා විලාප දුන්නා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා. “නාරජ, ඒක ඇත්ත. මනුෂ්‍ය ආත්මභාවය ඉතාමත් දුර්ලභයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයත් දුර්ලභයි. බුද්ධෝත්පාදයත් දුර්ලභයි. මේවා ඉතාමත් දුකසේ දුර්ලභවයි ලැබෙන්නේ” කියලා මෙම ගාථාරත්නය වදාළා. පින්වතුනේ, පින්වත් දරුවනේ, එදා නාගරාජයාට භාග්‍යවතුන් වහන්සේ මුණගැහුණා කියලා පලක් වුණේ නෑ. මිනිස් ලොව ඉපිද සිටියා නම් මාර්ගඵල ලැබීමේ අවස්ථාවක් තිබුණා. නාගයෝනියෙහි ඒ අවස්ථාව නෑ. දැන් බලන්න මිනිස් ලොව විසිදහසක් අවුරුදු මහණදම් පිරූ පින මතුකරගන්න බැරිවුණේ ඉතා සුළු දෝෂය පවා සිහි කරමින් පසුතැවුණු නිසයි. මෙය අප කාටත් හොඳ පාඩමක් නේද? [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom