Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ කාලේ ලංකාවේ දිවූ ට්රෑම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලේ ලංකාවේ දිවූ ට්රෑම්

ප්‍රවාහන වංශකතාව බලන විට ලොව මුලින්ම ඇතිවන මූලික ප්‍රවාහන ක්‍රමය වූයේ දුම්රිය සේවය යි. 1858 දී දුම්රිය සේවය ලංකාවේ ස්ථාපනය විය. අද අපි දකින තත්ත්වයට ආසන්නව මඟීන් 20-30ක් එකවර පටවාගෙන යෑමට හැකි මට්ටමට බස්රිය ලංකාවට පැමිණෙන්නේ 1920 ආසන්න කාලසීමාවේ දී ය. ඒවා කරළියට එන්නට පෙර යටත්විජිත කාලයේ දී කෙටිදුර ගමන් සදහා බක්කි කරත්ත, රික්ශෝ, සහ අශ්ව රිය භාවිතා විය.

මාර්ගය මැදින් ගිය ට්රෑම් මග https://picclick.co.ukට්‍රෑම්වල අපට වූ ගැලපීම

යුරෝපීයයන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය, පරිපාලන මධ්‍යස්ථානය, සහ අගනුවර වූ කොළඹ නගරය 1900 උදාවන විට ද තරමක තදබදයක් තිබූ නගරයකි. වැඩකරන ජනතාවට එහා මෙහා යෑමට ක්‍රමයක් නොවීය. එවිට තිබූ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය දුම්රිය, අශ්ව රිය සහ රික්ශෝ වූ අතර, 1896-1904 කාලසිමාවේ දී බස් ධාවනය තබා මෝටර් කාර් හෝ පැතිරී තිබුණේ නැත. ඉඳින් කොළඹ ජනයාට එහා මෙහා යෑමට වඩා කාර්යයක්ෂම ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය විය. 1903 ජනවාරි 13 වැනි දා මුලින්ම ධාවනය ඇරඹූ ට්රෑම් රිය කොළඹ කොටුවේ සිට මරදාන දක්වාත්, මරදාන සිට නැවත තොටළඟ සහ බොරැල්ල දක්වාත් ධාවනය විය.

1905 කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් සහ මරදාන මාර්ගයේ පමණක් දිනකට මගීන් 14,529ට අධික ප්‍රමාණයක් ට්රෑම් මඟින් ප්‍රවාහනය කොට තිබුණි. ඒ අනුව වසරකට මඟීන් මිලියන 6.5කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන්නට 1905 තරම් ඈත කාලයේ ට්රෑම් සේවාව සවිමත් විය.

කොහෙන්ද ට්රෑම් වලට බලය?

මෑත ඉතිහාසයේ ප්‍රවාහන ඇමතිවරුන් කිහිපදෙනෙකුම අප දුම්රියවලින් කොටසක් හෝ විදුලි බලයෙන් ධාවනය කළ යුතුයැ යි අදහස් පලකළෝ ය. විදුලිය භාවිතයෙන් දුම්රිය ධාවනය අලුත් තාක්ෂණයක් නොවේ. ලොව ඩීසල් බලයෙන් දුම්රිය ධාවනයට පෙර විදුලි බලයෙන් දුම්රිය ධාවනය ඇරඹුනි. 1900 දී ඉපිද, නිදහසින් පසු ද දශක දෙකක් පුරා කොළඹ මඟීන්ට ගමන් පහසුව සැලසූ ට්රෑම් සේවාව, විදුලිය බලයෙන් ගමන් කළ කුඩා දුම්රිය සේවාවක් වැන්නකි. එය දුම්රිය තරම් වේගයෙන් ගමන් නොකළ අතර, අවසාන කාලයේ වාර්තා වල පවසන පරිදි ධාවනය වන ට්රෑම් රියකට එවෙලේම නැගීමට හැකි තරම් සුළු වේගයකින් ඒ ධාවනය වී ඇත.

ලංකාවේ මුල්ම දුරකථන වයර් පද්ධතිය ස්ථාපනය වූයේ ට්රෑම් වයර් වලට සමාන්තරව ය. ඛේදයකි. ටෙලිෆෝන් වල අමතර හඬක් නිතරම ජනිත වේ. එහි සුළමුල සොයායන විට විදුලි සංදේශ තන්තු ට්රෑම් රියට විදුලිය සපයන කේබල් සමග එකට යාවීම නිසා එසේ ඝෝෂාවක් ඇසෙන බව හෙළිවිය. ඒ නිසාම 1900 මුල් කාලයේ අමතර කටවුට් ෆියුස් සහ වෙනත් උපාංග සවිකර ටෙලිෆෝන් වලට ට්රෑම් රිය ධාවනයෙන් ඇතිවන බාධාව අවම කරගන්නා ලදී.

ලංකාවේ ධාවනය වූ ට්රෑම්කාර් http://www.sundayobserver.lkමෙය ලොව ප්‍රධානතම නගර වලට ද බලපෑ ප්‍රවාහන ගැටළුවකි. දුම්රිය මඟින් විශාල ප්‍රමාණයේ ප්‍රවාහන අවශ්‍යතා සැපයුනත්, 1900 කාලය වනවිට කෙටිදුර ගමන් සඳහා ප්‍රවාහන මාධ්‍යයක් නොමැති විය. ඒ අඩුව පුරවාලන්නට ලන්ඩන් නගරයේ ලොව ප්‍රථම භූගත මෙට්‍රො දුම්රිය 1890 දී ආරම්භ විය. ඉන්පසුව ඇමරිකාවේ චිකාගෝ (1897), හංගේරියාවේ බුඩාපෙස්ට් (1896), ප්‍රංශයේ පැරිස් (1900) ආදී නගරවල මෙට්‍රො දුම්රිය සේවාවන් බිහිවිය. ඒ ඔස්සේ කෙටිදුර ගමන් පහසුව සලසාගන්නට ඒ නගර වැසියන්ට අවකාශ ලැබුනි.

ලංකාවට හඳුන්වාදුන් ට්රෑම් සේවාවේ විශේෂතා රැසකි. මෙට්‍රො සේවාවටත් වඩා ජනයාට සමිප වූ ට්රෑම්, මරදාන සිට පුංචි බොරැල්ලට යනතෙක් ස්ථාන 10කින් නවත්වා මඟීන් හුවමාරු කරගත් බව වාර්තා වල සඳහන්ය. එය අද කොට කොටා යන මොරටුව-පිටකොටුව බස් රිය මෙන් සෑම නැවතුමකම නවත්වන, නාගරික මඟීන්ට ගමන් පහසුව සලසන මනා සේවාවක් වී තිබේ.

තවම දුවන කල්කටා ට්රෑම්

ට්රෑම් යනු කෙටිදුර ධාවනයට සැකසූ එවකට සාර්ථකම ක්රමයකි. එය මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ඉන්දියාවේ නගර කීපයකම ක්‍රියාත්මක විය. බොම්බාය, මදුරාසිය, දිල්ලිය, කාන්පූර්, පැට්නා ආදී නගර කීපයකම ට්රෑම් සේවාවන් ඇරඹුනි. එයින් තට්ටු දෙකේ ට්රෑම් සේවාවක් ක්‍රියාත්මක වූ බොම්බායේ ට්රෑම් සේවාව 1964 දක්වා සක්‍රියව ධාවනය වී තිබේ. 1900 දී එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විශාලතම නගරය සහ ආසියාවේ සුවිශාලතම නගරය වූයේ කල්කටාව යි. කල්කටාවේ ඇති වූ ට්රෑම් සේවාව යම් යම් අඩුපාඩු සහිතව වුව ද, අදත් කල්කටා වීදිවල එදා පරිද්දෙන්ම ධාවනය වේ. නගරයේ සංවර්ධන කටයුතු හේතුවෙන් අභියෝගයකට ලක්ව තිබුණත්, කල්කටා ට්රෑම් සේවාව අතීතයේ තිබූ පරිද්දෙන්ම අදත් එහි හැඩහුරුකම පවත්වාගන්නට සමත් වී තිබේ.

තවම දුවන කල්කටා ට්රෑම් https://swarajyamag.comතවමත් වැඩගන්නා ට්රෑම්

ට්රෑම් සේවාවක දී දුම්රිය මෙන් විශේෂයෙන් වේදිකා ඉදිකොට පහසුකම් සැලසීමෙකින් තොරව නගරයේ තැන් තැන් වලට ප්‍රවාහන පහසුව සැපයිය හැකි ය. බොහෝ රටවල ප්‍රධාන පාරේම ට්රෑම් පීලි තිබෙන අතර ඒවායේ තරමක් සෙමෙන් ට්රෑම් කාර් ධාවනය වේ. මෙය චීනය, ජපානය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය ඇමරිකාව ආදී රටවල ද තවමත් සේවාවේ පවතින ප්‍රවාහන ක්‍රමයෙකි. අප රට එදා තිබී නැසීගිය හෝ කල්කටාවේ තවමත් තිබෙන බ්‍රිතාන්‍ය යටත්විජිත ට්රෑම් ආකෘතියෙන් එපිටට ගොස් වඩාත් වේගවත් පහසුකම් සපිරි ට්රෑම් රිය සේවාවක් ඒ රටවල ක්‍රියාත්මක වේ.

නැසීගිය කොළඹ ට්රෑම්

එංගලන්තයේ සමාගමකින් පාලනය වූ ලංකාවේ ට්රෑම් සේවාව 1944 දී කොළඹ නගර සභාවට පවරාගන්නා ලදී. ඉන්පසු ට්රෑම් සේවාව නවීකරණය මන්දගාමී වූ අතර බස්රිය සේවාවන් කොළඹ සිසාරා පැතිරෙන්නට ද විය. එහෙත් කෙසේ හෝ බාධක මැද ට්‍රොලි බස් සේවාවක් ද එකතු කරගෙන ට්රෑම් දශක දෙකක් අමාරුවෙන් ධාවනය කරගන්නට නගර සභාවට හැකිවිය. ඉන්පසු ඇරඹි මහා වැඩවර්ජනයේ දී එවකට පාඩු ලබමින් තිබූ ට්රෑම් සේවාවේ රියදුරු පඩි වැඩිකරගන්නට බලධාරින් අකමැති විය. ට්රෑම් සේවාව 1970 කාලයේ දී කොළඹින් සදහටම අතුරුදහන් විය.

sundayobserver.lkරටේ ප්‍රධාන නගරයේ රථවාහන තදබදය නිසා සිදුවන්නේ විශාල පරිමාණයේ හානියකි. මොහොතක අගය බොහෝ සෙයින් වටින පුද්ගලයින් පවා මහමඟ පෑ ගණන් රස්තියාදු කරවීමට කොළඹ තදබදය සමත් වේ. එදා යටත්විජිත පාලකයෝ සැලසුම් සකස්කොට, ඒවා මහපොළව මත තනා සමස්ථ නාගරික ජනයාට ගමන් පහසුව සැලැස්වීමට ට්රෑම් කාර් සේවාවන් ඉදි කළෝ ය. අද සිටින ඇත්තෝ විටින් විට පුවත් මවමින් සංදර්ශන පෙන්වනවා විනා කොළඹ වාහන තදබදයට සැබෑ විසඳුමක් ගෙන එනු නොපෙනේ.

Source roar

[QUOTE="Idias, post: 23433749, member: 556682"] [b]ඒ කාලේ ලංකාවේ දිවූ ට්රෑම්[/b] [SIZE=4]ප්‍රවාහන වංශකතාව බලන විට ලොව මුලින්ම ඇතිවන මූලික ප්‍රවාහන ක්‍රමය වූයේ දුම්රිය සේවය යි. 1858 දී දුම්රිය සේවය ලංකාවේ ස්ථාපනය විය. අද අපි දකින තත්ත්වයට ආසන්නව මඟීන් 20-30ක් එකවර පටවාගෙන යෑමට හැකි මට්ටමට බස්රිය ලංකාවට පැමිණෙන්නේ 1920 ආසන්න කාලසීමාවේ දී ය. ඒවා කරළියට එන්නට පෙර යටත්විජිත කාලයේ දී කෙටිදුර ගමන් සදහා බක්කි කරත්ත, රික්ශෝ, සහ අශ්ව රිය භාවිතා විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/wti1KnLqd7xAznlX_12.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මාර්ගය මැදින් ගිය ට්රෑම් මග [url]https://picclick.co.uk[/url][/SIZE][B][SIZE=4]ට්‍රෑම්වල අපට වූ ගැලපීම[/SIZE][/B] [SIZE=4]යුරෝපීයයන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය, පරිපාලන මධ්‍යස්ථානය, සහ අගනුවර වූ කොළඹ නගරය 1900 උදාවන විට ද තරමක තදබදයක් තිබූ නගරයකි. වැඩකරන ජනතාවට එහා මෙහා යෑමට ක්‍රමයක් නොවීය. එවිට තිබූ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය දුම්රිය, අශ්ව රිය සහ රික්ශෝ වූ අතර, 1896-1904 කාලසිමාවේ දී බස් ධාවනය තබා මෝටර් කාර් හෝ පැතිරී තිබුණේ නැත. ඉඳින් කොළඹ ජනයාට එහා මෙහා යෑමට වඩා කාර්යයක්ෂම ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය විය. 1903 ජනවාරි 13 වැනි දා මුලින්ම ධාවනය ඇරඹූ ට්රෑම් රිය කොළඹ කොටුවේ සිට මරදාන දක්වාත්, මරදාන සිට නැවත තොටළඟ සහ බොරැල්ල දක්වාත් ධාවනය විය.[/SIZE] [SIZE=4]1905 කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් සහ මරදාන මාර්ගයේ පමණක් දිනකට මගීන් 14,529ට අධික ප්‍රමාණයක් ට්රෑම් මඟින් ප්‍රවාහනය කොට තිබුණි. ඒ අනුව වසරකට මඟීන් මිලියන 6.5කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන්නට 1905 තරම් ඈත කාලයේ ට්රෑම් සේවාව සවිමත් විය.[/SIZE] [B][SIZE=4]කොහෙන්ද ට්රෑම් වලට බලය?[/SIZE][/B] [SIZE=4]මෑත ඉතිහාසයේ ප්‍රවාහන ඇමතිවරුන් කිහිපදෙනෙකුම අප දුම්රියවලින් කොටසක් හෝ විදුලි බලයෙන් ධාවනය කළ යුතුයැ යි අදහස් පලකළෝ ය. විදුලිය භාවිතයෙන් දුම්රිය ධාවනය අලුත් තාක්ෂණයක් නොවේ. ලොව ඩීසල් බලයෙන් දුම්රිය ධාවනයට පෙර විදුලි බලයෙන් දුම්රිය ධාවනය ඇරඹුනි. 1900 දී ඉපිද, නිදහසින් පසු ද දශක දෙකක් පුරා කොළඹ මඟීන්ට ගමන් පහසුව සැලසූ ට්රෑම් සේවාව, විදුලිය බලයෙන් ගමන් කළ කුඩා දුම්රිය සේවාවක් වැන්නකි. එය දුම්රිය තරම් වේගයෙන් ගමන් නොකළ අතර, අවසාන කාලයේ වාර්තා වල පවසන පරිදි ධාවනය වන ට්රෑම් රියකට එවෙලේම නැගීමට හැකි තරම් සුළු වේගයකින් ඒ ධාවනය වී ඇත.[/SIZE] [SIZE=4]ලංකාවේ මුල්ම දුරකථන වයර් පද්ධතිය ස්ථාපනය වූයේ ට්රෑම් වයර් වලට සමාන්තරව ය. ඛේදයකි. ටෙලිෆෝන් වල අමතර හඬක් නිතරම ජනිත වේ. එහි සුළමුල සොයායන විට විදුලි සංදේශ තන්තු ට්රෑම් රියට විදුලිය සපයන කේබල් සමග එකට යාවීම නිසා එසේ ඝෝෂාවක් ඇසෙන බව හෙළිවිය. ඒ නිසාම 1900 මුල් කාලයේ අමතර කටවුට් ෆියුස් සහ වෙනත් උපාංග සවිකර ටෙලිෆෝන් වලට ට්රෑම් රිය ධාවනයෙන් ඇතිවන බාධාව අවම කරගන්නා ලදී.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/iHusD2CBg5PuNeGR_13.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ලංකාවේ ධාවනය වූ ට්රෑම්කාර් [url]http://www.sundayobserver.lk[/url][/SIZE][SIZE=4]මෙය ලොව ප්‍රධානතම නගර වලට ද බලපෑ ප්‍රවාහන ගැටළුවකි. දුම්රිය මඟින් විශාල ප්‍රමාණයේ ප්‍රවාහන අවශ්‍යතා සැපයුනත්, 1900 කාලය වනවිට කෙටිදුර ගමන් සඳහා ප්‍රවාහන මාධ්‍යයක් නොමැති විය. ඒ අඩුව පුරවාලන්නට ලන්ඩන් නගරයේ ලොව ප්‍රථම භූගත මෙට්‍රො දුම්රිය 1890 දී ආරම්භ විය. ඉන්පසුව ඇමරිකාවේ චිකාගෝ (1897), හංගේරියාවේ බුඩාපෙස්ට් (1896), ප්‍රංශයේ පැරිස් (1900) ආදී නගරවල මෙට්‍රො දුම්රිය සේවාවන් බිහිවිය. ඒ ඔස්සේ කෙටිදුර ගමන් පහසුව සලසාගන්නට ඒ නගර වැසියන්ට අවකාශ ලැබුනි.[/SIZE] [SIZE=4]ලංකාවට හඳුන්වාදුන් ට්රෑම් සේවාවේ විශේෂතා රැසකි. මෙට්‍රො සේවාවටත් වඩා ජනයාට සමිප වූ ට්රෑම්, මරදාන සිට පුංචි බොරැල්ලට යනතෙක් ස්ථාන 10කින් නවත්වා මඟීන් හුවමාරු කරගත් බව වාර්තා වල සඳහන්ය. එය අද කොට කොටා යන මොරටුව-පිටකොටුව බස් රිය මෙන් සෑම නැවතුමකම නවත්වන, නාගරික මඟීන්ට ගමන් පහසුව සලසන මනා සේවාවක් වී තිබේ.[/SIZE] [B][SIZE=4]තවම දුවන කල්කටා ට්රෑම්[/SIZE][/B] [SIZE=4]ට්රෑම් යනු කෙටිදුර ධාවනයට සැකසූ එවකට සාර්ථකම ක්රමයකි. එය මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ඉන්දියාවේ නගර කීපයකම ක්‍රියාත්මක විය. බොම්බාය, මදුරාසිය, දිල්ලිය, කාන්පූර්, පැට්නා ආදී නගර කීපයකම ට්රෑම් සේවාවන් ඇරඹුනි. එයින් තට්ටු දෙකේ ට්රෑම් සේවාවක් ක්‍රියාත්මක වූ බොම්බායේ ට්රෑම් සේවාව 1964 දක්වා සක්‍රියව ධාවනය වී තිබේ. 1900 දී එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විශාලතම නගරය සහ ආසියාවේ සුවිශාලතම නගරය වූයේ කල්කටාව යි. කල්කටාවේ ඇති වූ ට්රෑම් සේවාව යම් යම් අඩුපාඩු සහිතව වුව ද, අදත් කල්කටා වීදිවල එදා පරිද්දෙන්ම ධාවනය වේ. නගරයේ සංවර්ධන කටයුතු හේතුවෙන් අභියෝගයකට ලක්ව තිබුණත්, කල්කටා ට්රෑම් සේවාව අතීතයේ තිබූ පරිද්දෙන්ම අදත් එහි හැඩහුරුකම පවත්වාගන්නට සමත් වී තිබේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/MRRVH6xqzzPTpC1d_17.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]තවම දුවන කල්කටා ට්රෑම් [url]https://swarajyamag.com[/url][/SIZE][B][SIZE=4]තවමත් වැඩගන්නා ට්රෑම්[/SIZE][/B] [SIZE=4]ට්රෑම් සේවාවක දී දුම්රිය මෙන් විශේෂයෙන් වේදිකා ඉදිකොට පහසුකම් සැලසීමෙකින් තොරව නගරයේ තැන් තැන් වලට ප්‍රවාහන පහසුව සැපයිය හැකි ය. බොහෝ රටවල ප්‍රධාන පාරේම ට්රෑම් පීලි තිබෙන අතර ඒවායේ තරමක් සෙමෙන් ට්රෑම් කාර් ධාවනය වේ. මෙය චීනය, ජපානය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය ඇමරිකාව ආදී රටවල ද තවමත් සේවාවේ පවතින ප්‍රවාහන ක්‍රමයෙකි. අප රට එදා තිබී නැසීගිය හෝ කල්කටාවේ තවමත් තිබෙන බ්‍රිතාන්‍ය යටත්විජිත ට්රෑම් ආකෘතියෙන් එපිටට ගොස් වඩාත් වේගවත් පහසුකම් සපිරි ට්රෑම් රිය සේවාවක් ඒ රටවල ක්‍රියාත්මක වේ.[/SIZE] [B][SIZE=4]නැසීගිය කොළඹ ට්රෑම්[/SIZE][/B] [SIZE=4]එංගලන්තයේ සමාගමකින් පාලනය වූ ලංකාවේ ට්රෑම් සේවාව 1944 දී කොළඹ නගර සභාවට පවරාගන්නා ලදී. ඉන්පසු ට්රෑම් සේවාව නවීකරණය මන්දගාමී වූ අතර බස්රිය සේවාවන් කොළඹ සිසාරා පැතිරෙන්නට ද විය. එහෙත් කෙසේ හෝ බාධක මැද ට්‍රොලි බස් සේවාවක් ද එකතු කරගෙන ට්රෑම් දශක දෙකක් අමාරුවෙන් ධාවනය කරගන්නට නගර සභාවට හැකිවිය. ඉන්පසු ඇරඹි මහා වැඩවර්ජනයේ දී එවකට පාඩු ලබමින් තිබූ ට්රෑම් සේවාවේ රියදුරු පඩි වැඩිකරගන්නට බලධාරින් අකමැති විය. ට්රෑම් සේවාව 1970 කාලයේ දී කොළඹින් සදහටම අතුරුදහන් විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/8i3PCc6XzNNRblZV_14.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]sundayobserver.lk[/SIZE][SIZE=4]රටේ ප්‍රධාන නගරයේ රථවාහන තදබදය නිසා සිදුවන්නේ විශාල පරිමාණයේ හානියකි. මොහොතක අගය බොහෝ සෙයින් වටින පුද්ගලයින් පවා මහමඟ පෑ ගණන් රස්තියාදු කරවීමට කොළඹ තදබදය සමත් වේ. එදා යටත්විජිත පාලකයෝ සැලසුම් සකස්කොට, ඒවා මහපොළව මත තනා සමස්ථ නාගරික ජනයාට ගමන් පහසුව සැලැස්වීමට ට්රෑම් කාර් සේවාවන් ඉදි කළෝ ය. අද සිටින ඇත්තෝ විටින් විට පුවත් මවමින් සංදර්ශන පෙන්වනවා විනා කොළඹ වාහන තදබදයට සැබෑ විසඳුමක් ගෙන එනු නොපෙනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]:yes::yes: Source roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom