Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ 1997 වසරේ මැද භාගය වියයුතුය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ 1997 වසරේ මැද භාගය වියයුතුය.

මා එවක සේවය කලේ A 9 ප්‍රධාන මාවත අද්දර පිහිටුවා තිබූ ඕමන්ත විශේෂ කාරය බලකා කඳවුරේය.

එක් දිනක කඳවුරේ ප්‍රධාන පිවිසුම අසල පෙනී සිටියේ යුධ හමුදා ලුතිනන් වරයෙකි. තමාට අපගේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව කියා සිටි ඔහුව, අපගේ කඳවුරු කිහිපයේම ප්‍රධානියා වූ (Sector Commander) ප්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතා හමුවට යොමු කලෙමි.ලුතිනන්වරයා විමසා සිටියේ අප කඳවුර අසලම තමන්ගේ යුධ ටැංකි කිහිපය සමඟ තාවකාලික කඳවුරක් පිහිටුවීමට අදහසක් ඇති බවත් ඒ පිළිබඳව විමසා සිටීමට තමන් පැමිණි බවත්ය.අපගේ ප්‍රධානියා පැවසුවේ තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත්,කල හැකි ඕනෑම සහයෝගයක් දීමට කැමති බවත්ය..

යුධ ටැංකි බලකායේ ලුතිනන් ......සිංහ අප හඳුනාගත්තේ එලෙසය.එදිනම යුධ හමුදාවේ බුල්ඩෝසරයක් සහ බැකෝ යන්ත්‍රයක් පැමිණ අපගේ කඳවුරට ඉතා ආසන්නව කවාකාර පස් බැම්මක් ඉදි කල අතර එයට පිවිසුම් කපොලු දෙකක් හෝ තුනක් තිබුණි...ඇදහැලෙන වැසි අතරේම එදින සවස් කාලයේ ගොරබිරුම් හඬ නගමින් යුධ ටැංකි තුනක් පැමිණ කවාකාර පස් බැම්ම තුලින් ඇතුළු වූ බව දුටුවෙමු..සෙබළ පිරිස යුහුසුළුව කුඩාරම් කිහිපයක්ද අටවනු බලා සිටියෙමු.

අපගේ කඳවුරු ප්‍රධානියා මාහට දැනුම් දුන්නේ හමුදා ලුතිනන්වරයා හමුවී ඔවුනට රාත්‍රී ආහාරය ලැබෙනවාදැයි විමසන ලෙස සහ ඔහුට අප සමඟ රාත්‍රී ආහාරය සඳහා එක්වන ලෙස ආරාධනා කරන ලෙසයි.ලුතිනන්වරයා මා හට පැවසුවේ තමන් ඇතුළු සෙබල පිරිසට රාත්‍රී ආහාරය ලැබෙන බවයි. කෙසේ වුවත් ඔහු මා කල ආරාධනය පිළිගෙන අප සමඟ රාත්‍රී ආහාරය සඳහා එක් විය.ලුතිනන් ....සිංහ මට වඩා වසර දෙකකින් පමණ සේවයෙන් ජේෂ්ඨ වූ කෙනෙකි.මේ නිසා මා ඔහුව ඇමතුවේ අපගේ ක්‍රමයට අනුව "චීෆ්" යනුවෙනි . ඔහු නම් මට "මචං" යනුවෙන් ඇමතීය.

එදිනෙන් පසු ලුතිනන් වරයා අපගේ කඳවුරට නිතරම ආගිය කෙනෙකු වූ අතර අපගේ සෙසු කඳවුරු වල නිලධාරීන්ගේද මිතුරෙකු බවට පත් විය.යුධ ටැංකි සෙබළුන් අපගේ කඳවුර පැමිණෙනු දක්නට නොලැබුනත්,අපගේ කඳවුරේ විශේෂ මසක් පිසුණු දාට වැටෙන් එහාට පිසුණු මස් ඇතිලියක් යන ආකාරය දකින්නෙමි.....මට ලුතිනන්වරයා හමුවට නිතරම යන්නට සිදුවුණි.ඔහු ඇතුළු සෙබල පිරිස වාසය කලේ කූඩාරම් වලය.ඔවුන්ගේ ජීවිතය සුවපහසු එකක් නොවුණි. සෙබල පිරිස නිතරම තමන්ගේ යුධ ටැංකි පිරිසිදු කිරීම,තෙල්සහ ග්‍රීස් ගැලවීම කරනු දුටුවෙමි.යුධ ටැංකියේ කාල තුවක්කුව දිග මිටක් සහිත බුරුසුවකින් පිස දමන දෙස බලාසිටියෙමි....ලුතිනන් ....සිංහ කථාබහට එතරම් ලැදි අයෙක් නොවුණි.ඔහු තම සෙබළ පිරිස සමඟ කථා බහ කලේද කිසියම් නිල මට්ටමකිනි.ඔහු මා වෙත බොහෝ සෙයින් මිත්‍රශීලී බවක් දැක්වූවද මා විමසූ දෙයකට පිළිතුරු දෙන්නට කල් ගත්තේය..ඇතැම්විට නිහඬව සිටියේය...ඒ සම්බන්දයෙන් සුළුවෙන් හෝ මා සිතේ නොරිස්සුමක් තිබූ බව කිව යුතුය.

යුධ ටැංකියක අභ්‍යන්තරය සහ එහි ක්‍රියාකාරීත්වය ගැන දැන ගැනීමට මට බලවත් උනන්දුවක් තිබුණත් එම අදහස අත්හලේ ලුතිනන් වරයාගේ නිහඬතාවය සහ සෙබල පිරිස තම යුධ ටැංකි කෙරෙහි දැක්වූ අසාමාන්‍ය ගෞරවනීය ආකල්පය නිසාය.පිටස්තරයෙකු වූ මා ඔවුනගේ යුධ ටැංකියකට ඇතුළු වීම ගැන ඔවුන් අකමැති වෙතැයි සිතුනි...මෙසේ මසක් දෙකක් ගෙවී ගියා යැයි සිතමි.එක්තරා වැසිබර සැන්දෑවක ලුතිනන් ...සිංහ අප කඳවුරට පැමිණියේ අපගෙන් සමුගන්නටය.තමන්ගේ යුධ ටැංකි තුන සමඟ යුධ පෙරමුණට යාමට සිදුව ඇති බවත්, හැකියාවක් ලැබුණහොත් මෙතනටම ආපසු පැමිණෙන බවත් ඔහු පැවසීය.වෙනදා ඔහු වෙත නිල ආචාරය නොකලත් එදින ඔහුට නිල ආචාරය සිදු කලෙමි.අතට අත දුන්නත් අප සුබ පතාගත්තේද නැත....

අප බලා සිටියදීම ඔහුගේ යුධ ටැංකි තුන සුවඳති ඩීසල් දුමාරය විහිදුවමින් A 9 මාවත ඔස්සේ උතුර බලා ගියේය.....දින කිහිපයක් ගතවෙන්නට පෙර අසුබ පුවත අපට ලැබුණි.... ලුතිනන් .....සිංහ ගමන්ගත් යුධ ටැංකිය සතුරු ප්‍රහාරයකට ලක්වී තිබුණි. ලුතිනන් වරයා මරණීය තුවාල ලබා ඇති බව පමණක් ආරංචි විය.ඔහුගේ සෙබළුන්ට හානි සිදුවුවාදැයි දැන ගන්නට ඉඩක් නොතිබුණි.අපගේ කඳවුරු ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක් ඔහුගේ සුව දුක් විමසීමට කොළඹ යුධ හමුදා රෝහලට ගිය අතර ඔවුන් පැවසුවේ ලුතිනන් ...සිංහගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවත්, යම් ලෙසකින් ජීවත් වුවද ඔහු නිත්‍ය ආබාධිත බවට පත්වීමේ ඉහල අගයක් ඇති බවයි.ඔහු බැලීමට මට යන්නට අවස්ථාවක් නොලැබුණි..නමුත් වරින් වර ඔහුව බලන්නට ගිය අප නිලධාරීන්ගෙන් දැන ගන්නට ලැබුනේ ඔහු සිටින්නේ බරපතල තත්වයක බවයි...තවත් නොබෝ දිනකින් අපට A9 මාවත හැරදා වව්නියාව, මන්නාරම මාවතේ ආරක්ෂක කටයුතු සඳහා පිටත්ව යාමට සිදුවිය...ඒ සමඟම යුධ හමුදාව සමඟ අපට තිබූ සම්බන්ධතාද දුරස් විණි...තවත් කෙටි කලකට පසුව මාද යුද්ධයෙන් ආබාධිත බවට පත්වී සක්‍රීය සේවයෙන් මෙන්ම සක්‍රීය ජීවිතයෙන්ද සමු ගැනීමට සිදුවිය.....

ලුතිනන් .... සිංහගේ වර්තමාන තොරතුරු කිසිවක් මා දන්නේ නැත...අවම වශයෙන් ඔහු ජීවත් වෙනවාදැයි නොදනිමි.....ඔහුගේ අද තත්වය කුමක් වූවත් එදා මා අවසන් වරට ඔහුව දුටු අයුරින් ඔහු මා මතකයේ තබා ගැනීමට කැමතිය .........

2018 මැයි මස 18 වෙනිදා මෙම සටහන මුල්වරට ලියුවේ එලෙසයි......

සටහන පලවී දින කිහිපයකට පසුව මගේ පැරණි ප්රධානියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ මහතා ප්‍රකාශ කලේ,අදාළ හමුදා නිලධාරියා අනතුරින් වසර ගණනාවකට පසුව යම්තාක් දුරකට සුවය ලබා ඇති බවත්, තමා ඔහුගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ බවත්ය. එදා ලුතිනන් වරයෙකු වූ ඔහු වර්තමානය වන විට යුධහමුදාවේ ඉහල නිලයක් හොබවන බව පවසා සිටියේය එසේම මගේ මුහුණු පොත් සටහන පිළිබඳව ඔහුට දැනුම් බවත් ඒ පුවත අසා විස්මයට පත්වූ හමුදා නිලධාරියාට මගේ ජංගම දුරකථන අංකය ලබාදුන් බවද කියා සිටියේය...

තවත් දින කිහිපයක් ගෙවී ගිය පසු මගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේය...ඇමතුම ගත් පුද්ගලයා තරමක් ඇදෙන සුළු ස්වරයකින් කථා කළේය...තමන් ලුතිනන් කර්නල්.....සිංහ බව පැවසුවේය...නිල ගරුසරු ඇතිව ඒ මහතාට සුබපතා මා කවරෙක්දැයි හඳුන්වා දුනිමි...මා තරමක් විස්මයට පත්වුනේ මෙතරම් කලකට පසුවද ඔහුට මා හොඳින් මතක තිබූ හෙයිනි...

මා ඔහුට "සර්" යනුවෙන් ඇමතුවත් ඔහු මා ඇමතුවේ වසර විස්සකට පෙර මා ඇමතූ "මචං" යන වදනිනි....

මා පත්ව සිටින ආබාධිත තත්වය පිළිබඳව ඔහු සමඟ කථා කලවිට ඇදෙන ස්වරයකින් පෙරලා ලැබුණු පිළිතුර වූවේ " මචං ගණන් ගන්න එපා මගේ ඇඟත් පැත්තක් පණ නැහැ" යන්නය...

විශේෂ කාර්ය බලකායේ සේවයේ නිරතුව සිටි Chaminda Jayasena මහතාගේ සටහනකි.

ලින්ක්

[QUOTE="Fallujah, post: 26845785, member: 578583"] [IMG]https://i.postimg.cc/bYZnRJPc/T55.jpg[/IMG] ඒ 1997 වසරේ මැද භාගය වියයුතුය. මා එවක සේවය කලේ A 9 ප්‍රධාන මාවත අද්දර පිහිටුවා තිබූ ඕමන්ත විශේෂ කාරය බලකා කඳවුරේය. එක් දිනක කඳවුරේ ප්‍රධාන පිවිසුම අසල පෙනී සිටියේ යුධ හමුදා ලුතිනන් වරයෙකි. තමාට අපගේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව කියා සිටි ඔහුව, අපගේ කඳවුරු කිහිපයේම ප්‍රධානියා වූ (Sector Commander) ප්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතා හමුවට යොමු කලෙමි.ලුතිනන්වරයා විමසා සිටියේ අප කඳවුර අසලම තමන්ගේ යුධ ටැංකි කිහිපය සමඟ තාවකාලික කඳවුරක් පිහිටුවීමට අදහසක් ඇති බවත් ඒ පිළිබඳව විමසා සිටීමට තමන් පැමිණි බවත්ය.අපගේ ප්‍රධානියා පැවසුවේ තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත්,කල හැකි ඕනෑම සහයෝගයක් දීමට කැමති බවත්ය.. යුධ ටැංකි බලකායේ ලුතිනන් ......සිංහ අප හඳුනාගත්තේ එලෙසය.එදිනම යුධ හමුදාවේ බුල්ඩෝසරයක් සහ බැකෝ යන්ත්‍රයක් පැමිණ අපගේ කඳවුරට ඉතා ආසන්නව කවාකාර පස් බැම්මක් ඉදි කල අතර එයට පිවිසුම් කපොලු දෙකක් හෝ තුනක් තිබුණි...ඇදහැලෙන වැසි අතරේම එදින සවස් කාලයේ ගොරබිරුම් හඬ නගමින් යුධ ටැංකි තුනක් පැමිණ කවාකාර පස් බැම්ම තුලින් ඇතුළු වූ බව දුටුවෙමු..සෙබළ පිරිස යුහුසුළුව කුඩාරම් කිහිපයක්ද අටවනු බලා සිටියෙමු. අපගේ කඳවුරු ප්‍රධානියා මාහට දැනුම් දුන්නේ හමුදා ලුතිනන්වරයා හමුවී ඔවුනට රාත්‍රී ආහාරය ලැබෙනවාදැයි විමසන ලෙස සහ ඔහුට අප සමඟ රාත්‍රී ආහාරය සඳහා එක්වන ලෙස ආරාධනා කරන ලෙසයි.ලුතිනන්වරයා මා හට පැවසුවේ තමන් ඇතුළු සෙබල පිරිසට රාත්‍රී ආහාරය ලැබෙන බවයි. කෙසේ වුවත් ඔහු මා කල ආරාධනය පිළිගෙන අප සමඟ රාත්‍රී ආහාරය සඳහා එක් විය.ලුතිනන් ....සිංහ මට වඩා වසර දෙකකින් පමණ සේවයෙන් ජේෂ්ඨ වූ කෙනෙකි.මේ නිසා මා ඔහුව ඇමතුවේ අපගේ ක්‍රමයට අනුව "චීෆ්" යනුවෙනි . ඔහු නම් මට "මචං" යනුවෙන් ඇමතීය. එදිනෙන් පසු ලුතිනන් වරයා අපගේ කඳවුරට නිතරම ආගිය කෙනෙකු වූ අතර අපගේ සෙසු කඳවුරු වල නිලධාරීන්ගේද මිතුරෙකු බවට පත් විය.යුධ ටැංකි සෙබළුන් අපගේ කඳවුර පැමිණෙනු දක්නට නොලැබුනත්,අපගේ කඳවුරේ විශේෂ මසක් පිසුණු දාට වැටෙන් එහාට පිසුණු මස් ඇතිලියක් යන ආකාරය දකින්නෙමි.....මට ලුතිනන්වරයා හමුවට නිතරම යන්නට සිදුවුණි.ඔහු ඇතුළු සෙබල පිරිස වාසය කලේ කූඩාරම් වලය.ඔවුන්ගේ ජීවිතය සුවපහසු එකක් නොවුණි. සෙබල පිරිස නිතරම තමන්ගේ යුධ ටැංකි පිරිසිදු කිරීම,තෙල්සහ ග්‍රීස් ගැලවීම කරනු දුටුවෙමි.යුධ ටැංකියේ කාල තුවක්කුව දිග මිටක් සහිත බුරුසුවකින් පිස දමන දෙස බලාසිටියෙමි....ලුතිනන් ....සිංහ කථාබහට එතරම් ලැදි අයෙක් නොවුණි.ඔහු තම සෙබළ පිරිස සමඟ කථා බහ කලේද කිසියම් නිල මට්ටමකිනි.ඔහු මා වෙත බොහෝ සෙයින් මිත්‍රශීලී බවක් දැක්වූවද මා විමසූ දෙයකට පිළිතුරු දෙන්නට කල් ගත්තේය..ඇතැම්විට නිහඬව සිටියේය...ඒ සම්බන්දයෙන් සුළුවෙන් හෝ මා සිතේ නොරිස්සුමක් තිබූ බව කිව යුතුය. යුධ ටැංකියක අභ්‍යන්තරය සහ එහි ක්‍රියාකාරීත්වය ගැන දැන ගැනීමට මට බලවත් උනන්දුවක් තිබුණත් එම අදහස අත්හලේ ලුතිනන් වරයාගේ නිහඬතාවය සහ සෙබල පිරිස තම යුධ ටැංකි කෙරෙහි දැක්වූ අසාමාන්‍ය ගෞරවනීය ආකල්පය නිසාය.පිටස්තරයෙකු වූ මා ඔවුනගේ යුධ ටැංකියකට ඇතුළු වීම ගැන ඔවුන් අකමැති වෙතැයි සිතුනි...මෙසේ මසක් දෙකක් ගෙවී ගියා යැයි සිතමි.එක්තරා වැසිබර සැන්දෑවක ලුතිනන් ...සිංහ අප කඳවුරට පැමිණියේ අපගෙන් සමුගන්නටය.තමන්ගේ යුධ ටැංකි තුන සමඟ යුධ පෙරමුණට යාමට සිදුව ඇති බවත්, හැකියාවක් ලැබුණහොත් මෙතනටම ආපසු පැමිණෙන බවත් ඔහු පැවසීය.වෙනදා ඔහු වෙත නිල ආචාරය නොකලත් එදින ඔහුට නිල ආචාරය සිදු කලෙමි.අතට අත දුන්නත් අප සුබ පතාගත්තේද නැත.... අප බලා සිටියදීම ඔහුගේ යුධ ටැංකි තුන සුවඳති ඩීසල් දුමාරය විහිදුවමින් A 9 මාවත ඔස්සේ උතුර බලා ගියේය.....දින කිහිපයක් ගතවෙන්නට පෙර අසුබ පුවත අපට ලැබුණි.... ලුතිනන් .....සිංහ ගමන්ගත් යුධ ටැංකිය සතුරු ප්‍රහාරයකට ලක්වී තිබුණි. ලුතිනන් වරයා මරණීය තුවාල ලබා ඇති බව පමණක් ආරංචි විය.ඔහුගේ සෙබළුන්ට හානි සිදුවුවාදැයි දැන ගන්නට ඉඩක් නොතිබුණි.අපගේ කඳවුරු ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක් ඔහුගේ සුව දුක් විමසීමට කොළඹ යුධ හමුදා රෝහලට ගිය අතර ඔවුන් පැවසුවේ ලුතිනන් ...සිංහගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවත්, යම් ලෙසකින් ජීවත් වුවද ඔහු නිත්‍ය ආබාධිත බවට පත්වීමේ ඉහල අගයක් ඇති බවයි.ඔහු බැලීමට මට යන්නට අවස්ථාවක් නොලැබුණි..නමුත් වරින් වර ඔහුව බලන්නට ගිය අප නිලධාරීන්ගෙන් දැන ගන්නට ලැබුනේ ඔහු සිටින්නේ බරපතල තත්වයක බවයි...තවත් නොබෝ දිනකින් අපට A9 මාවත හැරදා වව්නියාව, මන්නාරම මාවතේ ආරක්ෂක කටයුතු සඳහා පිටත්ව යාමට සිදුවිය...ඒ සමඟම යුධ හමුදාව සමඟ අපට තිබූ සම්බන්ධතාද දුරස් විණි...තවත් කෙටි කලකට පසුව මාද යුද්ධයෙන් ආබාධිත බවට පත්වී සක්‍රීය සේවයෙන් මෙන්ම සක්‍රීය ජීවිතයෙන්ද සමු ගැනීමට සිදුවිය..... ලුතිනන් .... සිංහගේ වර්තමාන තොරතුරු කිසිවක් මා දන්නේ නැත...අවම වශයෙන් ඔහු ජීවත් වෙනවාදැයි නොදනිමි.....ඔහුගේ අද තත්වය කුමක් වූවත් එදා මා අවසන් වරට ඔහුව දුටු අයුරින් ඔහු මා මතකයේ තබා ගැනීමට කැමතිය ......... 2018 මැයි මස 18 වෙනිදා මෙම සටහන මුල්වරට ලියුවේ එලෙසයි...... සටහන පලවී දින කිහිපයකට පසුව මගේ පැරණි ප්රධානියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ මහතා ප්‍රකාශ කලේ,අදාළ හමුදා නිලධාරියා අනතුරින් වසර ගණනාවකට පසුව යම්තාක් දුරකට සුවය ලබා ඇති බවත්, තමා ඔහුගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ බවත්ය. එදා ලුතිනන් වරයෙකු වූ ඔහු වර්තමානය වන විට යුධහමුදාවේ ඉහල නිලයක් හොබවන බව පවසා සිටියේය එසේම මගේ මුහුණු පොත් සටහන පිළිබඳව ඔහුට දැනුම් බවත් ඒ පුවත අසා විස්මයට පත්වූ හමුදා නිලධාරියාට මගේ ජංගම දුරකථන අංකය ලබාදුන් බවද කියා සිටියේය... තවත් දින කිහිපයක් ගෙවී ගිය පසු මගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේය...ඇමතුම ගත් පුද්ගලයා තරමක් ඇදෙන සුළු ස්වරයකින් කථා කළේය...තමන් ලුතිනන් කර්නල්.....සිංහ බව පැවසුවේය...නිල ගරුසරු ඇතිව ඒ මහතාට සුබපතා මා කවරෙක්දැයි හඳුන්වා දුනිමි...මා තරමක් විස්මයට පත්වුනේ මෙතරම් කලකට පසුවද ඔහුට මා හොඳින් මතක තිබූ හෙයිනි... මා ඔහුට "සර්" යනුවෙන් ඇමතුවත් ඔහු මා ඇමතුවේ වසර විස්සකට පෙර මා ඇමතූ "මචං" යන වදනිනි.... මා පත්ව සිටින ආබාධිත තත්වය පිළිබඳව ඔහු සමඟ කථා කලවිට ඇදෙන ස්වරයකින් පෙරලා ලැබුණු පිළිතුර වූවේ " මචං ගණන් ගන්න එපා මගේ ඇඟත් පැත්තක් පණ නැහැ" යන්නය... .... විශේෂ කාර්ය බලකායේ සේවයේ නිරතුව සිටි Chaminda Jayasena මහතාගේ සටහනකි. [URL='https://www.facebook.com/photo.php?fbid=2140678479549540&set=pb.100008222266467.-2207520000..&type=3']ලින්ක්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom