Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි - දොඩම් ඇට ප&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි - දොඩම් ඇට ප&

ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

ඒක ජාතික ප්‍රශ්නයක් වෙලානෙ තිබුනෙ.

=== ෂර්ලොක් හෝම්ස් සහ දොඩම් ඇට පහයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලයි, අඩියෙ ඉරටු කෑලි දෙකයි ඉල්ලාගෙන A/C කාමරයට පැමිණි අමුත්තාගේ අභිරහස ===

එය ලන්ඩනය ඛණ්ඩනය වන තුරු අඛණ්ඩව වැසි වැටුණු දිනක් බව මට මතක ඇත. ඉතා දිගු කලෙකින් විසදීමට අභිරහසක් නොලැබුනු නිසා මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් සිටියේ, ශර්මි කුමාර් අත්අඩංගුවට ගත් බව දැනගත් පහළට කවි ලියන බුකී කවියෙකු මෙන් හැඬූ කදුළෙනි. ඒ අවස්ථාවේ දී නිවසේ උඩු මහළට වී මම මගේ මිත්‍ර හෝම්ස් සමඟ හඩ්සන් මහත්මිය ඉරිදා පොලෙන් ගෙනැවිත් දුන් විස්කිරිඤ්ඤා සමග කලු කෝපි බොමින් සිටියෙමි. එක්වරම අපට ඇසුණේ තරප්පු පෙළ දිගේ වේගයෙන් ඉහළට දිව එන පුද්ගලයෙකුගේ අඩි ශබ්දයයි. අඩි ශබ්දය අනුව මේ නම් අනුග්‍රාහකයෙකු විය යුතුයැයි සැණින් අනුමාන කළ හෝම්ස් ගෝටා ස සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදේශ ගත වූ බව ප්‍රවෘත්තිවලට කියන හිරු ටීවී නිවේදකයෙකු මෙන් උද්දාමයට පත් විය.

"හෝම්ස් මගේ මිත්‍රයා, අඩි ශබ්දය අනුව ඔබ හිතන්නෙ මේ එන්නෙ කවුරු වෙන්න ඇතිද ?" මා හෝම්ස්ගෙන් විමසුවේ අඩි ශබ්දය අනුව පැමිණෙන පුද්ගලයාව අනුමාන කිරීමට හෝම්ස් සතු වූ විස්මිත හැකියාව ගැන සිහිපත් වූ නිසාය. නමුත් හෝම්ස් සිනාසී ඊට පිළිතුරු ලබාදුන්නේ මගේ සියලු අපේක්ෂාවන් බිඳ දමමිනි.

"නමක් ගමක්නම් කියන්ඩ බෑ වොට්සන්... හැබැයි මනුස්සයෙක්..."

එවිටම කාමරයේ දොර විවෘත වූ අතර ඉන් ඇතුළු වූයේ හොඳින් හැද පැළදගත් මැදි වයසේ පුද්ගලයෙකි. තමන් නිවසේ නැති අතරේ කවුරුන් හෝ ඇවිදින් අලුතෙන් තීන්ත ගාපු තාප්පයේ චිත්‍ර අදීවියැයි බිය වූ තාප්ප හිමියෙකුගේ වැනි චකිතයට පත් මුහුණක් ඔහුට තිබූ අතර ඔහු කිසියම් ගැටළුවකින් පීඩනයට පත් වී සිටින බව මම නිරීක්ෂණය කළෙමි.

"ඔබ දෙදෙනාගෙන් හෝම්ස් මහතා කව්ද ?" ඔහු විමසූ අතර ඒ තමා බව අතින් සන්කළ හෝම්ස් ඔහුට වාඩිවීමට පුටුවක් පෙන්වා දුන්නේ ය. ඉන්පසුව තමාගේ අතේ වූ භාගෙට කෑ විස්කිරිඤ්ඤාව හෝම්ස් අමුත්තා වෙත පෑ නමුත් එහි ගෑවි තිබූ හෝම්ස්ගේ කෙළ නිසාදෝ ඔහු එක කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. පුටුවේ හරි බරි ගැසී වාඩි වූ අමුත්තා තම කතාව ආරම්භ කළේ කහ ඉරෙන් පාර පැනීමට පෙර දකුණ බලා වම බලා ආයෙත් දකුණම බලන පහ වසර කෙල්ලෙකු මෙන් හෝම්ස් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

"මහත්වරුනි, මගේ නම සුමුදු ගල්මල්. මම හෝටලයක කළමනාකාරවරයෙක්. ඇත්තෙන්ම මගේ ගැටලුව ඔබ භාරගනියිද කියලා මං දන්නෙ නෑ. ඒක කිසිවෙකුට හානිදායක සිදුවීමක් නෙමේ. ඒත් මට ඒක පැහැදිලි කරගන්න ඕනෙ..."

රාජිත සේනාරත්න සමඟ මාධ්‍ය හමුවකට සහභාගී වූ සුදුවෑන් රියදුරෙක් මෙන් ඔහු කලබලයෙන් වචන පටලවමින් කතාකරන ආකාරය දුටු හෝම්ස් ඔහුව සනසන අරමුණෙන් මෙසේ කීවේ ය.

"කලබල වෙන්න එපා මහත්මයා... කරුණාකරලා මේ කෝපි එකෙන් උගුරක් බීලා ඔබේ කතාව අපිට කියන්න..."

එසේ පවසමින් හෝම්ස් තමන් භාගෙට බොමින් සිටි කෝපි කෝප්පය ගල්මල් මහතා වෙත පෑවේ, බඩු මිළ ඉහළ යාම නිසා අමුත්තන්ට කෝපි සැපයීම හඩ්සන් මහත්මිය විසින් තාවකාලිකව අත්හිටුවා තිබීම නිසාවෙනි. හඩ්සන් මහත්මියගේ සීනි නැති කෝපි කෝප්පයෙන් උගුරක් බී මස් කෑල්ලක් කියා සිතා ගොරකා කෑල්ලක් හැපූ කලෙක මෙන් අප්පිරියාවෙන් මුහුණ ඇදකරගත් අමුත්තා නැවතත් තම කතාව ආරම්භ කළේ ය.

"මේකයි හෝම්ස් මහත්තයා කතාව... මීට අවුරුදු දෙකකට කලින් මගෙ හෝටලයට ආවා අමුත්තෙක්. ඔහු ඇවිත් ඇහුවා ඔහුට රෑට නවතින්න කාමරයක් ගන්න පුළුවන්ද කියලා. එතකොට පිළිගැනීමේ නිළධාරියා ඇහුවා ඔහුව අවශ්‍ය සාමාන්‍ය කාමරයක් ද ඒසී කාමරයක් ද කියලා. ඔහු ඉල්ලුවෙ ඒසී කාමරයක්. ඉතින් අපි ඔහුට කිව්වා අංක 04 කාමරය ඔහුට දෙන්න පුළුවන් කියලා. ඔහු එවලෙම කාමරයට මුදල් ගෙව්වා. ඒවගේම ඔහු කිව්වා ඔහුට රෑ කෑම අවශ්‍ය නෑ කියලා....

ඊටපස්සෙ තමයි අමුතු සිදුවීම උනේ... ඔහු ඇහුවා ඔහුට ගෙනත් දෙන්න පුළුවන්ද කියලා දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි.... විස්වාස කරන්න මහත්වරුනි, මේ වෙලාවෙ ඔබ පුදුම වුන ආකාරයටමයි ඒ වෙලාවෙ මාත් පුදුම උනේ. නමුත් මං වහාම සේවකයෙකු යවලා ඔහු ඉල්ලපු දේවල් ඔහුට සපයලා දුන්නා....

දැන් තමයි මහත්වරුනි කතාවෙ හොදම හරිය... එදා රාත්‍රියෙ මං දැක්කා ඔහුගෙ කාමරයෙ විදුලි බුබුල දල්වලා තියෙන හැටි. ඉතින් මං හිතුවා ඔහුට කතාකරලා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කලොත් හොදයි කියලා. එහෙම හිතලා මං ගිහින් ඔහුගෙ කාමරයෙ දොරට තට්ටු කළා. කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. දොර අගුළු දාලා නොතිබුනු හින්දා ඊළඟට මං දොර ඇරගෙන කාමරයට ඇතුළු උනා. එතකොට මං දැකපු දේ ඔබ විස්වාස කරන්නැතිවෙයි හෝම්ස් මහත්මයා... ඔහු කාමරයෙ ඇතුළෙ හිටියෙ නෑ... හෝටලයෙ කොහෙවත් ඔහු හිටියෙ නෑ... මං සේවකයන්ට එන්න කියලා හැමතැනම සෝදිසි කළා. ඒත් ඔහු ගැන කිසිම තොරතුරක් තිබුන්නෑ. ඊළඟට මං cctv කැමරා පරික්ෂා කරලා බැලුවා.... දෙවියනේ මේ මනුස්සයා කාමරයට ඇතුලු උනාට පස්සෙ කිසිම වෙලාවක කාමරයෙන් පිටතට ඇවිත් නෑ. ඒ කාමරය තියෙන්නෙ හෝටලයෙ තුන්වැනි තට්ටුවෙ. ඔහුට පිටවෙන්න කිසිම ක්‍රමයක් නෑ. ඔහු කාමරේ ඇතුලෙ වාශ්ප වෙලා ගිහින්, හරියට නිකන් දුමක් වගේ...."

සුමුදු ගල්මල් මහතා ඇස් ලොකු කරගෙන අප දෙස බලාසිටියේ අටපට්ටමට නැවතත් ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස තේරී පත් වූ බව දැනගත් කලෙක මෙනි. නමුත් කිසිදු අමුත්තක් නොපෙන් වූ හෝම්ස් සුමුදු මහතාගෙන් මෙසේ විමසුවේ ය.

"මං හිතන්නෙ සුමුදු මහත්තය, ඔබේ හෝටලයෙ ලොග් පොත්වල මේ අමුත්තගෙ නම සටහන් වෙලා ඇති." එවිට සුමුදු මහතා ඊට පිළිතුරු දුන්නේ කණස්සල්ලෙනි.

"කණගාටුයි හෝම්ස් මහත්මයා ඔහු එක්වරම මුදල් සියල්ල ගෙවපු නිසා පිලිගැනීමේ නිළධාරියා ඔහුගේ විස්තර සටහන් කරගැනීමට උනන්දු වෙලා නෑ. ඔහු ඒක අමුත්තා යද්දි කරන්නයි හිතලා තියෙන්නෙ. ඒ වගේම මං ඔබලාට කියන්න ඕනෙ ඔහුගෙ අතුරුදන් වීමෙන් පස්සෙ මං හෝටලයෙ සේප්පු පරික්ෂා කරලා බැලුවා. නමුත් මුදල් හෝ වෙන කිසිම දෙයක් අතුරුදන් වෙලා නෑ. ඉතින් මං ඔහු ගැන වැඩිදුර හොයන්න උනන්දු උනෙත් නෑ. කොහොමහරි ඔය සිදුවීම කාලයක් යද්දි මටත් අමතක වෙලා ගියා."

ඒ ඇසූ හෝම්ස් දෑස් අඩවන් කරගෙන කල්පනාවට වැටුණු අතර සුමුදු මහතා නැවතත් තම කතාව ආරම්භ කළේ ය.

"මේක තමයි හෝම්ස් මහත්තයා කතාවෙ වැදගත්ම කොටස. ගිය අවුරුද්දෙ.. ඒ කියන්නෙ ඔය සිදුවීම උන දවසට හරියටම අවුරුද්දකට පස්සෙ... එක දවසක්වත් කලින්වත්, පස්සෙවත් නෙමෙයි... හරියටම ඒ දවසෙ... එදා මං මගෙ පෞද්ගලික කටයුත්තකට හෝටලයෙන් පිටට ගිහින් හිටියෙ. ඒවගෙම කලින් අවුරුද්දෙ හිටපු පිලිගැනීමේ නිළධාරියා ඒ වෙද්දි සේවයෙන් ඉවත් වෙලා. එදා හවස මං නැවත හෝටලයට ආවහම අලුත් පිළිගැනීමේ නිළධාරියා ආවා මං ළඟට...

ඔහු ඇවිත් මට කිව්වා 'සර් අද මාර මනුස්සයෙක් ආවනෙ... මිනිහා අංක 04 කාමරයට සම්පූර්ණයෙන්ම සල්ලි ගෙව්වා... රෑට කෑම එපා කිව්වා... ඒක නෙමේ මරු සිද්ධිය... මිනිහා මගෙන් ඉල්ලුවා දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි.......'

ඔහු කතාව ඉවරකරනකම්වත් මං හිටියෙ නෑ හෝම්ස් මහත්තයා. මං කෙලින්ම දිව්වා අංක 04 කාමරයට. ඒත් කිසිම වැඩක් නෑ. හැමදෙයක්ම කලින් විදිහමයි. දෙවෙනි පාරටත් ඒ මනුස්සයා අතුරුදන් වෙලා... හරියට හොල්මනක් වගේ. කිසිම හොරකමක් වෙලා නෑ. cctv කැමරාවල කිසිම දෙයක් නෑ. කලින් වගේම පිළිගැනීමේ නිළධාරියා ඔහුගෙ විස්තර ලියාගෙනත් නෑ. ඒත් ඔහු අතුරුදන් වෙලා... කලින් වගේම. හැමදෙයක්ම ඒ විදිහමයි. cctv කැමරාවල සටහන් වෙලා තිබ්බ ඔහුගෙ පෙනුමවත් චුට්ටක්වත් වෙනස් වෙලා නෑ. ඒ ඇදුම්මයි. ඒ සූට්කේස් එකමයි. ඒත්... ඒත් ඒ මිනිහා අතුරුදන් වෙලා. හරියට අපායට ඇදන් ගියා වගේ..."

සුමුදු මහතා තම කතාව අවසන් කරන තුරු අවධානයෙන් බලා සිටි හෝම්ස් අනතුරුව කතා කරන්නට පටන් ගත්තේය. "මට බොහොම කණගාටුයි ගල්මල් මහත්මයා ඔබට මුහුණ දීමට සිදුවුනු සිදුවීම පිළිබඳව. මට තේරුම් ගන්න පුළුවන් ඔබ ඉන්න තත්වය. ඒත් මං දැනගන්න කැමතියි ඒ ගැටලුවෙදි මං ඔබට උදව් කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා..."

"මේකයි හෝම්ස් මහත්තයා. මේ මනුස්සයා වාර්ෂිකව මේ වැඩේ කරනවනම්, මේ අවුරුද්දෙ හෙට තමයි ඔහු මගේ හෝටලයට පැමිණිය යුතු දවස. ඔහු කලින් අවුරුදු දෙකේම ආවනම්, හෙටත් එයි කියලා මං හිතනවා..."

සුමුදු මහතා කී දෙය අවබෝධ කොටගත් ඔබ හිස සළා ඉඟිකළ හෝම්ස් ඉන්පසුව මෙසේ පැවසුවේ ය.

"හරි මහත්තයා, හෙට උදේම මමයි මගේ මිත්‍ර වොට්සනුයි ඔබේ හෝටලයට එනවා. මං මගේ සැළසුම එතනදි ඔබට කියන්නම්. මං හිතන්නෙ මං මේ ගැන තවත් ගැඹුරට කල්පනා කළ යුතුයි..."

හෝම්ස්ගේ වදන් ඇසූ සුමුදු මහතා ගල්වැලි ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කළ බව දැනගත් වැලි ජාවාරම්කරුවෙකු මෙන් සැනසුම් සුසුමක් හෙළූ අතර ඔහුගේ හෝටලයේ ලිපිනය ලබා දී, අපට ස්තූති කර පිටත්ව ගියේ ය. සුමුදු ගල්මල් මහතා පිටව යාමෙන් පසුව කල්පනා ලොව මල් වනේ මල් පැළවලට පොහොර දමන්නට ගිය කලක මෙන් කල්පනාබරිත වූ හෝම්ස් නැවත් පියවි සිහියට පැමිණියේ රෑ කෑමෙන් අනතුරුව අප සංගීතේ නරඹමින් සිටින විටදී ය.

මෙම සිදුවීම පිළිබඳව මගේ නිගමනය හෝම්ස්ට පැවසීමට මම එය අවස්ථාව කොට ගතිමි. "මං හිතන විදිහට හෝම්ස් මේ මනුස්සයා ගාව හැරී පොටර්ගෙ අදිසි කබාය තියෙනවා. මිනිහා ඒක පෙරවගෙන නොපෙනී යනවා ඇති. එහෙමත් නැත්තන් බිල්බො බැගින්ස්ගෙ බල මුද්ද දාගෙන නොපෙනි යනවා වෙන්ඩත් පුළුවන්. ඒත් නැත්තන් මේ මනුස්සයා නිව්ට් ස්කැමැන්ඩර් වගේ සූට්කේස් එක ඇතුලෙ තියෙන ලෝකෙකට යනවා ඇති."

"ඕවා මහ විකාර කතා වොට්සන්... ඕවා ඇත්තටම වෙන්ඩ පුළුවන් දේවල් නෙමේ. මං නම් හිතන්නෙ මේ මනුස්සයා මෙට්රික්ස් එකේ වගේ දුරකථනය හරහා ගමන් කරනවා ඇති." එසේ පැවසූ හෝම්ස් නැවතත් කල්පනාවට වැටුණු අතර මම ඔහුට කල්පනා කරන්නට ඉඩ දී දෙවෙනි ඉනිම බලන්නට පටන් ගත්තෙමි.

පසුදින උදෑසනම හෝම්ස් සහ මම රෝද තුනේ ලොකු පියාජියෝ ත්‍රීවිල් රථයක නැගී සුමුදු ගල්මල් මහතාගේ හෝටලය වෙතට ගමන් කළේමු. එය ඉපැරණි මන්දිරයක් ප්‍රතිසංස්කරණය කොට ගොඩනැංවූ හෝටලයක් බව ගොඩනැගිල්ල දෙස හෙළූ එක බැල්මකින්ම අපට වටහාගත හැකිවිය. අපව සාදරයෙන් පිළිගත් සුමුදු මහතා අපට කෝපිවලින් සංග්‍රහ කළ අතර, ඒවාට සීනි දමා නොතිබූ බැවින් මේ ඊයේ හඩ්සන් මහත්මියගේ සීනි නැති කෝපි බොන්නට දීම වෙනුවෙන් දුන් රිටන් එකක් බව හෝම්ස් සහ මම වටහාගත්තෙමු.

කෙසේවෙතත් අද්භූත අමුත්තාගේ cctv දර්ශන පරික්ෂා කළ හෝම්ස් ඉන් අනතුරුව ඔහුගේ සැලැස්ම අප හමුවේ හෙළි කළේ ය. ඔහුගේ සැලසුම අනුව අද්භූත අමුත්තා එන විට හෝටලයේ පිළිගැනීමේ නිළධාරියා ලෙස සිටිය යුත්තේ මාය. මා අමුත්තා ඉල්ලන දේ සපයා දී ඔහුව අංක හතර කාමරයට කැඳවාගෙන යා යුතුය. ඉන්පසුව ඉතිරි වැඩ කටයුතු හෝම්ස් සහ සුමුදු මහතා බලාගන්නවා ඇත.

හෝම්ස්ගේ සැලසුම අනුව සියළු දේ සූදානම් කර මම පිළිගැනීමේ කාර්යාලයට වී සිටියෙමි. සවස තුන පමණ වන විට හෝටලයට ඇතුළු වූයේ සිහින් උස ශරීරයක් ඇති වයස හතළිහක පමණ පුද්ගලයෙකි. ඔහු හැද සිටියේ කළු පැහැති කලිසමක් හා කබායකි. ඔහුගේ සපත්තු යුගලයද දීප්තිමත් කළු පැහැයෙන් ඔප දමා තිබුණි

කිසිදු චකිතයකින් තොරව මා වෙත පැමිණි අමුත්තා මෙසේ විමසා සිටියේ ය.

"මට මේ හෝටලයෙන් කාමරයක් ගන්න පුළුවන්ද ?"

සියල්ල සුමුදු මහතා පැවසූ ආකාරයෙන්ම සිදු විය. අංක 04 කාමරය වෙනුවෙන් සම්පුර්ණ මුදලම ගෙවූ අමුත්තා දොඩම් ඇට පහද, තංගුස් නූල් කැබැල්ලද, ඉරටු කෑලි දෙකද ඉල්ලා සිටියේ ය. ඒවා කාමරයට ගෙනැවිත් දෙන පොරොන්දුව මත මම අමුත්තා කැඳවාගෙන අංක 04 කාමරය වෙත පිය නැඟුවෙමි.

මගේ පිටුපසින් අමුත්තා කාමරයට ඇතුළු වූ සැනින්ම ක්ෂණිකයකින් නැවත පිටුපසට පිනූ මා කාමරයේ දොර ඇතුළතින් අඟුළු ලා යතුර සාක්කුවේ දමා ගත්තේ අමුත්තාට සිදුවන්නේ කුමක්දැයි සිතීමට හෝ අවකාශයක් ලබා නොදෙමිනි. එවිටම කාමරය තුළ තමා සැඟවී සිටි තැන්වලින් හෝම්ස් සහ සුමුදු මහතා එළියට පැමිණියේ ඔහු සෑම පැත්තෙන්ම කොටු වී ඇති බව අමුත්තාට තේරුම් ගැනීමට ඉඩ හරිමිනි. නමුත් කිසිදු චකිතයක් හෝ අමුත්තක් නොපෙන්වූ අමුත්තා කිසිවක් සිදු නොවුනාක් මෙන් තම සූට්කේසය මේසය මත තබා ඒ අසළ වූ පුටුවේ වාඩි වී අපදෙස බලා සිටියේ ය. මීළඟට ඉදිරියට අඩියක් තැබූ සුමුදු මහතා ආචාරශීලී ලෙස මෙසේ විමසා සිටියේය.

"මහත්මයා... මුලින්ම කියන්න ඕනි මේ වැඩේට සමාවෙන්න ඕනි. මමයි මේ හොම්ස් මහත්තයයි මේ වැඩේ කළේ අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතේ තිබ්බ විසඳගන්න බැරි ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න වුවමනා නිසා. අපිට ඔබතුමා ගැන සැකයක් අවිශ්වාසයක් නෑ...ඔබතුමා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි. නමුත් මේ හිටි හැටියේම අතුරුදන් වන විදිය, ඇයි හැම අවුරුද්දෙම එකම දවසෙ ඔබතුමා එන්නෙ කියන දේවල් මං හිතනව මේ හෝටලේ කළමනාකාර තුමා විදියට මං දැනුවත් වෙන්න ඕනි කියල"

සුමුදු මහතා දෙස බලා සිනාවක් පෑ අමුත්තා කිසිවක් නොපවසා තම සූට්කේසය විවෘත කළේ ය. සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමේ සූදානමින් මම සාක්කුවේ වූ මගේ හමුදා රිවෝල්වරය වෙතට අත පෙව්වෙමි. හෝම්ස්ද දමා ගැසීමට සූදානමින් අසළ තිබූ පුටුවක් වෙතට තම දෑත් යවනු මම ඇස් කොණකින් මෙන් දුටුවෙමි. නමුත් කිසිදු කළබලයක් නොකළ අමුත්තා තම සූට්කේසය තුළින් පිටතට ගත්තේ කෑලි පහේ ලොකු ටෝච් එකක් සහ තරමක් විශාල ඉටිපන්දමකි. ඉනපසුවය ඔහු තම කතාව ආරම්භ කළේ.

"හොඳමයි මහත්වරුනි. ඔබලා මගෙ රහස ආසන්නයටම ආවා. ඇත්තෙන්ම ඔබලා මගෙ රහස දැනගත්තා කියා කාටවත් හානියක් සිදුවන්නේ නැහැ. ඉතින් මං සියළුම දේවල් ඔබට හෙළිකරන්නම්...

මගේ නම බොරළුගොඩ. එතකොට මහත්වරුනි අපි දැන් මේ ඉන්නේ මගේ පවුලට අයිති බොරළුගොඩ මන්දිරයෙ. මං කුඩා කාලයෙ ඇති දැඩි උනේ මේ මන්දිරයෙ. මේ හැම කාමරයක්ම පඩි පේළියක්ම මං අඳුරනවා. මං කුඩා කාලයෙදි මගෙ පියා මේ ගරාවැටුණු මන්දිරය විකුණලා අපිවත් අරන් විදේශගත උනා. ඉන්පසුව තමයි මේ මන්දිරය අලුත්වැඩියා කරලා හෝටලයක් ආරම්භ කළේ..."

මීළඟට හිඳ සිටි තැනින් නැඟිට ගත් අමුත්තා කාමරයේ එක කොණක වූ බිත්තියක් වෙත ඇවිද ගියේ ය. බිත්තියේ නිශ්චිත ස්ථාන දෙකක් සොයාගත් ඔහු ඒවාට දෑත් තමා වැරෙන් තල්ලු කළ අතර එතැනින් බිත්තිය විවර වී කුඩා දොරක් මතු වූයේ අප තිදෙනා විස්මයෙන් බලා සිටිද්දී ය. අප තිදෙනාම ඒ දොර වෙතට ගමන් කළ අතර අමුත්තා තම අතේ වූ කෑලි පහේ ටෝච් එක ඒ තුළට එල්ල කළ අතර ඒ තුළින් පහළට දිවෙන පඩි පේලියක් අපට දැකගත හැකි විය.

"ඉතින් මහත්වරුනි, මේ තියෙන්නෙ මං හැමදාම මේ කාමරයෙන් පිටවෙන රහස් දොරටුව. මේ රහස් මාර්ගය දෙවෙනි තට්ටුවට හා පළවෙනි තට්ටුවටත් සම්බන්ධ වෙනවා. නමුත් මං හිතන විදිහට මේ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරද්දි ඒ දොරටු දැන් වැහිලා ගිහිල්ලා. මේ රහස් මාර්ගය දිගේ පහළටම ගිහාම හම්බෙනවා උමගක්. ඒ උමගෙ එකතැනක තමා තියෙන්නෙ මගෙ සීයගෙ සොහොන. මං දන්නෑ ඒ සොහොන උමගක් ඇතලෙ තියෙන්නෙ ඇයි කියලා. ඒත් අද තමයි මගෙ සීයා මියගිය දවස. මං විදේශගතව ඉදලා ආපහු ලන්ඩනයට ආවට පස්සෙ හැම අවුරුද්දෙම මේ දවසෙ ගිහින් සීයගෙ සොහොන ළඟ ඉටිපන්දම් පත්තු කරනවා." ඔහු පැවසූයේ මේසය මත වූ විශාල ඉටිපන්දම පෙන්වමිනි.

"ඒ උමග නගරයේ කෙළවරකට යනකම්ම දිවෙනවා. ඉතින් මං ඒක හරහා ගිහින් මෙතනින් පිටවෙනවා. ඔන්න ඕකයි මහත්වරුනි මගෙ කතාව. ඇත්තෙන්ම මට කණගාටුයි මගේ වැඩ නිසා ඔබ අපහසුතාවට පත් වුනාට."

"එහෙනම් ඇයි ඔබ උමගෙන් පිටවෙන මාර්ගයෙන්ම ඒකට ඇතුළු වෙන්නැත්තෙ. ඇයි හෝටලය හරහම එන්නෙ..." ඒ ප්රශ්නය නැඟුවේ සුමුදු මහතා ය.

අමුත්තා එයට පිළිතුරු දුන්නේ මද සිනාවක් සමඟිනි. "මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ... ඒක මගෙ ආසාව... මගෙ පොඩිකාලෙ මතක මේ හෝටලයෙ තියෙනවා. ඉතින් මං කැමතියි අවුරුද්දකට දවසක් හරි මේ හෝටලයට, මේ කාමරයට එන්න..."

මෙතෙක් වේලාවක් නිහඬව සියල්ලම අසා සිටි හෝම්ස් තම කටහඬ අවදි කළේ ඒ මොහොතේ ය.

"හරි බොරළුගොඩ මහත්මයා, ඔබ අතුරුදන් වුන විදිහ දැන් අපිට පැහැදිලියි. ඒත් ඇයි ඔබ දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි ඉල්ලුවෙ..."

අමුත්තා එයට පිළිතුරු දුන්නේ නැවතත් සිනාසෙමිනි.

"ඔය අවුරුදු දෙහෙකට කලින්නෙ. එතකොට අපේ පොඩි එකා හිටියෙ එක වසරෙ. ඉතින් එයාගෙ ඉස්කෝලෙ ටීච කියලා සදුදා එනකොට මදටිය ඇට පහකුයි, ඉරටු මිටි බදින්න ඉරටු කෑලියි, නූලුයි ගේන්න කියලා... මට මඟදි ඒවා ගන්න අමතක උනා. හෝටලේට ආවට පස්සෙයි මතක් උනේ. ඉතින් මේ ටවුමෙ මදටිය ඇට හොයාගන්න නැති නිසා මං කළමනාකාරතුමාගෙන් ඉල්ලුවා දොඩම් ඇට පහකුයි, ඉරටු කෑලි ටිකකුයි, නූල් කෑල්ලකුයි ගෙනත් දෙන්න කියලා... ඔන්න ඕකයි උනේ"

"හරි මහත්තයා. ඒ පළවෙනි වතාවෙනෙ... එතකොට අනිත් අවුරුදු දෙකෙත් ඔබ ඇයි ඒ බඩු ටිකම ඉල්ලුවෙ..."

හෝම්ස්ගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර අමුත්තා ලැජ්ජාවෙන් බිම බලාගෙන සිනාසුණේ ය. මීළඟට කටහඬ අවදි කළ ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය.

"දන්නැද්ද මහත්මයා, මේ දවස්වල වියදම්වල හැටියට හෝටලේකට මෙහෙම වියදම් කරන්නත් අමාරුයිනෙ... ඉතින් මං හිතුවෙ මං හැම අවුරුද්දෙම මේ හෝටලේට එන හින්දා මට ඩිස්කවුන්ට් එකක්වත් දාලා දෙයි කියලා...

ඒක හින්දාමයි මං ගිය අවුරුද්දෙ ඇදන් ආපු ඇදුමම ඇදන් ආවෙ එතකොටවත් මාව අඳුනගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් අර පිළිගැනීමේ නිළධාරියා මාව අඳුනගත්තෙ නෑ. ඊටපස්සෙ මම අර දොඩම් ඇටවලයි ඉරටු කෑලිවලයි කතාව කියලා බැලුවා එතකොටවත් මාව මතක් වෙයි කියලා හිතලා. කොහෙද මේ යකාට ඒත් මාව මතක් උන්නෑනෙ...."

-නිමි-

උපුටාගැනීමකි.

[QUOTE="ruchakashri, post: 25009736, member: 262964"] [b]ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි - දොඩම් ඇට ප&[/b] [SIZE="6"]ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඒක ජාතික ප්‍රශ්නයක් වෙලානෙ තිබුනෙ. === ෂර්ලොක් හෝම්ස් සහ දොඩම් ඇට පහයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලයි, අඩියෙ ඉරටු කෑලි දෙකයි ඉල්ලාගෙන A/C කාමරයට පැමිණි අමුත්තාගේ අභිරහස === ____________ එය ලන්ඩනය ඛණ්ඩනය වන තුරු අඛණ්ඩව වැසි වැටුණු දිනක් බව මට මතක ඇත. ඉතා දිගු කලෙකින් විසදීමට අභිරහසක් නොලැබුනු නිසා මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් සිටියේ, ශර්මි කුමාර් අත්අඩංගුවට ගත් බව දැනගත් පහළට කවි ලියන බුකී කවියෙකු මෙන් හැඬූ කදුළෙනි. ඒ අවස්ථාවේ දී නිවසේ උඩු මහළට වී මම මගේ මිත්‍ර හෝම්ස් සමඟ හඩ්සන් මහත්මිය ඉරිදා පොලෙන් ගෙනැවිත් දුන් විස්කිරිඤ්ඤා සමග කලු කෝපි බොමින් සිටියෙමි. එක්වරම අපට ඇසුණේ තරප්පු පෙළ දිගේ වේගයෙන් ඉහළට දිව එන පුද්ගලයෙකුගේ අඩි ශබ්දයයි. අඩි ශබ්දය අනුව මේ නම් අනුග්‍රාහකයෙකු විය යුතුයැයි සැණින් අනුමාන කළ හෝම්ස් ගෝටා ස සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදේශ ගත වූ බව ප්‍රවෘත්තිවලට කියන හිරු ටීවී නිවේදකයෙකු මෙන් උද්දාමයට පත් විය. "හෝම්ස් මගේ මිත්‍රයා, අඩි ශබ්දය අනුව ඔබ හිතන්නෙ මේ එන්නෙ කවුරු වෙන්න ඇතිද ?" මා හෝම්ස්ගෙන් විමසුවේ අඩි ශබ්දය අනුව පැමිණෙන පුද්ගලයාව අනුමාන කිරීමට හෝම්ස් සතු වූ විස්මිත හැකියාව ගැන සිහිපත් වූ නිසාය. නමුත් හෝම්ස් සිනාසී ඊට පිළිතුරු ලබාදුන්නේ මගේ සියලු අපේක්ෂාවන් බිඳ දමමිනි. "නමක් ගමක්නම් කියන්ඩ බෑ වොට්සන්... හැබැයි මනුස්සයෙක්..." එවිටම කාමරයේ දොර විවෘත වූ අතර ඉන් ඇතුළු වූයේ හොඳින් හැද පැළදගත් මැදි වයසේ පුද්ගලයෙකි. තමන් නිවසේ නැති අතරේ කවුරුන් හෝ ඇවිදින් අලුතෙන් තීන්ත ගාපු තාප්පයේ චිත්‍ර අදීවියැයි බිය වූ තාප්ප හිමියෙකුගේ වැනි චකිතයට පත් මුහුණක් ඔහුට තිබූ අතර ඔහු කිසියම් ගැටළුවකින් පීඩනයට පත් වී සිටින බව මම නිරීක්ෂණය කළෙමි. "ඔබ දෙදෙනාගෙන් හෝම්ස් මහතා කව්ද ?" ඔහු විමසූ අතර ඒ තමා බව අතින් සන්කළ හෝම්ස් ඔහුට වාඩිවීමට පුටුවක් පෙන්වා දුන්නේ ය. ඉන්පසුව තමාගේ අතේ වූ භාගෙට කෑ විස්කිරිඤ්ඤාව හෝම්ස් අමුත්තා වෙත පෑ නමුත් එහි ගෑවි තිබූ හෝම්ස්ගේ කෙළ නිසාදෝ ඔහු එක කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. පුටුවේ හරි බරි ගැසී වාඩි වූ අමුත්තා තම කතාව ආරම්භ කළේ කහ ඉරෙන් පාර පැනීමට පෙර දකුණ බලා වම බලා ආයෙත් දකුණම බලන පහ වසර කෙල්ලෙකු මෙන් හෝම්ස් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි. "මහත්වරුනි, මගේ නම සුමුදු ගල්මල්. මම හෝටලයක කළමනාකාරවරයෙක්. ඇත්තෙන්ම මගේ ගැටලුව ඔබ භාරගනියිද කියලා මං දන්නෙ නෑ. ඒක කිසිවෙකුට හානිදායක සිදුවීමක් නෙමේ. ඒත් මට ඒක පැහැදිලි කරගන්න ඕනෙ..." රාජිත සේනාරත්න සමඟ මාධ්‍ය හමුවකට සහභාගී වූ සුදුවෑන් රියදුරෙක් මෙන් ඔහු කලබලයෙන් වචන පටලවමින් කතාකරන ආකාරය දුටු හෝම්ස් ඔහුව සනසන අරමුණෙන් මෙසේ කීවේ ය. "කලබල වෙන්න එපා මහත්මයා... කරුණාකරලා මේ කෝපි එකෙන් උගුරක් බීලා ඔබේ කතාව අපිට කියන්න..." එසේ පවසමින් හෝම්ස් තමන් භාගෙට බොමින් සිටි කෝපි කෝප්පය ගල්මල් මහතා වෙත පෑවේ, බඩු මිළ ඉහළ යාම නිසා අමුත්තන්ට කෝපි සැපයීම හඩ්සන් මහත්මිය විසින් තාවකාලිකව අත්හිටුවා තිබීම නිසාවෙනි. හඩ්සන් මහත්මියගේ සීනි නැති කෝපි කෝප්පයෙන් උගුරක් බී මස් කෑල්ලක් කියා සිතා ගොරකා කෑල්ලක් හැපූ කලෙක මෙන් අප්පිරියාවෙන් මුහුණ ඇදකරගත් අමුත්තා නැවතත් තම කතාව ආරම්භ කළේ ය. "මේකයි හෝම්ස් මහත්තයා කතාව... මීට අවුරුදු දෙකකට කලින් මගෙ හෝටලයට ආවා අමුත්තෙක්. ඔහු ඇවිත් ඇහුවා ඔහුට රෑට නවතින්න කාමරයක් ගන්න පුළුවන්ද කියලා. එතකොට පිළිගැනීමේ නිළධාරියා ඇහුවා ඔහුව අවශ්‍ය සාමාන්‍ය කාමරයක් ද ඒසී කාමරයක් ද කියලා. ඔහු ඉල්ලුවෙ ඒසී කාමරයක්. ඉතින් අපි ඔහුට කිව්වා අංක 04 කාමරය ඔහුට දෙන්න පුළුවන් කියලා. ඔහු එවලෙම කාමරයට මුදල් ගෙව්වා. ඒවගේම ඔහු කිව්වා ඔහුට රෑ කෑම අවශ්‍ය නෑ කියලා.... ඊටපස්සෙ තමයි අමුතු සිදුවීම උනේ... ඔහු ඇහුවා ඔහුට ගෙනත් දෙන්න පුළුවන්ද කියලා දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි.... විස්වාස කරන්න මහත්වරුනි, මේ වෙලාවෙ ඔබ පුදුම වුන ආකාරයටමයි ඒ වෙලාවෙ මාත් පුදුම උනේ. නමුත් මං වහාම සේවකයෙකු යවලා ඔහු ඉල්ලපු දේවල් ඔහුට සපයලා දුන්නා.... දැන් තමයි මහත්වරුනි කතාවෙ හොදම හරිය... එදා රාත්‍රියෙ මං දැක්කා ඔහුගෙ කාමරයෙ විදුලි බුබුල දල්වලා තියෙන හැටි. ඉතින් මං හිතුවා ඔහුට කතාකරලා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කලොත් හොදයි කියලා. එහෙම හිතලා මං ගිහින් ඔහුගෙ කාමරයෙ දොරට තට්ටු කළා. කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. දොර අගුළු දාලා නොතිබුනු හින්දා ඊළඟට මං දොර ඇරගෙන කාමරයට ඇතුළු උනා. එතකොට මං දැකපු දේ ඔබ විස්වාස කරන්නැතිවෙයි හෝම්ස් මහත්මයා... ඔහු කාමරයෙ ඇතුළෙ හිටියෙ නෑ... හෝටලයෙ කොහෙවත් ඔහු හිටියෙ නෑ... මං සේවකයන්ට එන්න කියලා හැමතැනම සෝදිසි කළා. ඒත් ඔහු ගැන කිසිම තොරතුරක් තිබුන්නෑ. ඊළඟට මං cctv කැමරා පරික්ෂා කරලා බැලුවා.... දෙවියනේ මේ මනුස්සයා කාමරයට ඇතුලු උනාට පස්සෙ කිසිම වෙලාවක කාමරයෙන් පිටතට ඇවිත් නෑ. ඒ කාමරය තියෙන්නෙ හෝටලයෙ තුන්වැනි තට්ටුවෙ. ඔහුට පිටවෙන්න කිසිම ක්‍රමයක් නෑ. ඔහු කාමරේ ඇතුලෙ වාශ්ප වෙලා ගිහින්, හරියට නිකන් දුමක් වගේ...." සුමුදු ගල්මල් මහතා ඇස් ලොකු කරගෙන අප දෙස බලාසිටියේ අටපට්ටමට නැවතත් ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස තේරී පත් වූ බව දැනගත් කලෙක මෙනි. නමුත් කිසිදු අමුත්තක් නොපෙන් වූ හෝම්ස් සුමුදු මහතාගෙන් මෙසේ විමසුවේ ය. "මං හිතන්නෙ සුමුදු මහත්තය, ඔබේ හෝටලයෙ ලොග් පොත්වල මේ අමුත්තගෙ නම සටහන් වෙලා ඇති." එවිට සුමුදු මහතා ඊට පිළිතුරු දුන්නේ කණස්සල්ලෙනි. "කණගාටුයි හෝම්ස් මහත්මයා ඔහු එක්වරම මුදල් සියල්ල ගෙවපු නිසා පිලිගැනීමේ නිළධාරියා ඔහුගේ විස්තර සටහන් කරගැනීමට උනන්දු වෙලා නෑ. ඔහු ඒක අමුත්තා යද්දි කරන්නයි හිතලා තියෙන්නෙ. ඒ වගේම මං ඔබලාට කියන්න ඕනෙ ඔහුගෙ අතුරුදන් වීමෙන් පස්සෙ මං හෝටලයෙ සේප්පු පරික්ෂා කරලා බැලුවා. නමුත් මුදල් හෝ වෙන කිසිම දෙයක් අතුරුදන් වෙලා නෑ. ඉතින් මං ඔහු ගැන වැඩිදුර හොයන්න උනන්දු උනෙත් නෑ. කොහොමහරි ඔය සිදුවීම කාලයක් යද්දි මටත් අමතක වෙලා ගියා." ඒ ඇසූ හෝම්ස් දෑස් අඩවන් කරගෙන කල්පනාවට වැටුණු අතර සුමුදු මහතා නැවතත් තම කතාව ආරම්භ කළේ ය. "මේක තමයි හෝම්ස් මහත්තයා කතාවෙ වැදගත්ම කොටස. ගිය අවුරුද්දෙ.. ඒ කියන්නෙ ඔය සිදුවීම උන දවසට හරියටම අවුරුද්දකට පස්සෙ... එක දවසක්වත් කලින්වත්, පස්සෙවත් නෙමෙයි... හරියටම ඒ දවසෙ... එදා මං මගෙ පෞද්ගලික කටයුත්තකට හෝටලයෙන් පිටට ගිහින් හිටියෙ. ඒවගෙම කලින් අවුරුද්දෙ හිටපු පිලිගැනීමේ නිළධාරියා ඒ වෙද්දි සේවයෙන් ඉවත් වෙලා. එදා හවස මං නැවත හෝටලයට ආවහම අලුත් පිළිගැනීමේ නිළධාරියා ආවා මං ළඟට... ඔහු ඇවිත් මට කිව්වා 'සර් අද මාර මනුස්සයෙක් ආවනෙ... මිනිහා අංක 04 කාමරයට සම්පූර්ණයෙන්ම සල්ලි ගෙව්වා... රෑට කෑම එපා කිව්වා... ඒක නෙමේ මරු සිද්ධිය... මිනිහා මගෙන් ඉල්ලුවා දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි.......' ඔහු කතාව ඉවරකරනකම්වත් මං හිටියෙ නෑ හෝම්ස් මහත්තයා. මං කෙලින්ම දිව්වා අංක 04 කාමරයට. ඒත් කිසිම වැඩක් නෑ. හැමදෙයක්ම කලින් විදිහමයි. දෙවෙනි පාරටත් ඒ මනුස්සයා අතුරුදන් වෙලා... හරියට හොල්මනක් වගේ. කිසිම හොරකමක් වෙලා නෑ. cctv කැමරාවල කිසිම දෙයක් නෑ. කලින් වගේම පිළිගැනීමේ නිළධාරියා ඔහුගෙ විස්තර ලියාගෙනත් නෑ. ඒත් ඔහු අතුරුදන් වෙලා... කලින් වගේම. හැමදෙයක්ම ඒ විදිහමයි. cctv කැමරාවල සටහන් වෙලා තිබ්බ ඔහුගෙ පෙනුමවත් චුට්ටක්වත් වෙනස් වෙලා නෑ. ඒ ඇදුම්මයි. ඒ සූට්කේස් එකමයි. ඒත්... ඒත් ඒ මිනිහා අතුරුදන් වෙලා. හරියට අපායට ඇදන් ගියා වගේ..." සුමුදු මහතා තම කතාව අවසන් කරන තුරු අවධානයෙන් බලා සිටි හෝම්ස් අනතුරුව කතා කරන්නට පටන් ගත්තේය. "මට බොහොම කණගාටුයි ගල්මල් මහත්මයා ඔබට මුහුණ දීමට සිදුවුනු සිදුවීම පිළිබඳව. මට තේරුම් ගන්න පුළුවන් ඔබ ඉන්න තත්වය. ඒත් මං දැනගන්න කැමතියි ඒ ගැටලුවෙදි මං ඔබට උදව් කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා..." "මේකයි හෝම්ස් මහත්තයා. මේ මනුස්සයා වාර්ෂිකව මේ වැඩේ කරනවනම්, මේ අවුරුද්දෙ හෙට තමයි ඔහු මගේ හෝටලයට පැමිණිය යුතු දවස. ඔහු කලින් අවුරුදු දෙකේම ආවනම්, හෙටත් එයි කියලා මං හිතනවා..." සුමුදු මහතා කී දෙය අවබෝධ කොටගත් ඔබ හිස සළා ඉඟිකළ හෝම්ස් ඉන්පසුව මෙසේ පැවසුවේ ය. "හරි මහත්තයා, හෙට උදේම මමයි මගේ මිත්‍ර වොට්සනුයි ඔබේ හෝටලයට එනවා. මං මගේ සැළසුම එතනදි ඔබට කියන්නම්. මං හිතන්නෙ මං මේ ගැන තවත් ගැඹුරට කල්පනා කළ යුතුයි..." හෝම්ස්ගේ වදන් ඇසූ සුමුදු මහතා ගල්වැලි ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කළ බව දැනගත් වැලි ජාවාරම්කරුවෙකු මෙන් සැනසුම් සුසුමක් හෙළූ අතර ඔහුගේ හෝටලයේ ලිපිනය ලබා දී, අපට ස්තූති කර පිටත්ව ගියේ ය. සුමුදු ගල්මල් මහතා පිටව යාමෙන් පසුව කල්පනා ලොව මල් වනේ මල් පැළවලට පොහොර දමන්නට ගිය කලක මෙන් කල්පනාබරිත වූ හෝම්ස් නැවත් පියවි සිහියට පැමිණියේ රෑ කෑමෙන් අනතුරුව අප සංගීතේ නරඹමින් සිටින විටදී ය. මෙම සිදුවීම පිළිබඳව මගේ නිගමනය හෝම්ස්ට පැවසීමට මම එය අවස්ථාව කොට ගතිමි. "මං හිතන විදිහට හෝම්ස් මේ මනුස්සයා ගාව හැරී පොටර්ගෙ අදිසි කබාය තියෙනවා. මිනිහා ඒක පෙරවගෙන නොපෙනී යනවා ඇති. එහෙමත් නැත්තන් බිල්බො බැගින්ස්ගෙ බල මුද්ද දාගෙන නොපෙනි යනවා වෙන්ඩත් පුළුවන්. ඒත් නැත්තන් මේ මනුස්සයා නිව්ට් ස්කැමැන්ඩර් වගේ සූට්කේස් එක ඇතුලෙ තියෙන ලෝකෙකට යනවා ඇති." "ඕවා මහ විකාර කතා වොට්සන්... ඕවා ඇත්තටම වෙන්ඩ පුළුවන් දේවල් නෙමේ. මං නම් හිතන්නෙ මේ මනුස්සයා මෙට්රික්ස් එකේ වගේ දුරකථනය හරහා ගමන් කරනවා ඇති." එසේ පැවසූ හෝම්ස් නැවතත් කල්පනාවට වැටුණු අතර මම ඔහුට කල්පනා කරන්නට ඉඩ දී දෙවෙනි ඉනිම බලන්නට පටන් ගත්තෙමි. * * * * * * * * * * * * * පසුදින උදෑසනම හෝම්ස් සහ මම රෝද තුනේ ලොකු පියාජියෝ ත්‍රීවිල් රථයක නැගී සුමුදු ගල්මල් මහතාගේ හෝටලය වෙතට ගමන් කළේමු. එය ඉපැරණි මන්දිරයක් ප්‍රතිසංස්කරණය කොට ගොඩනැංවූ හෝටලයක් බව ගොඩනැගිල්ල දෙස හෙළූ එක බැල්මකින්ම අපට වටහාගත හැකිවිය. අපව සාදරයෙන් පිළිගත් සුමුදු මහතා අපට කෝපිවලින් සංග්‍රහ කළ අතර, ඒවාට සීනි දමා නොතිබූ බැවින් මේ ඊයේ හඩ්සන් මහත්මියගේ සීනි නැති කෝපි බොන්නට දීම වෙනුවෙන් දුන් රිටන් එකක් බව හෝම්ස් සහ මම වටහාගත්තෙමු. කෙසේවෙතත් අද්භූත අමුත්තාගේ cctv දර්ශන පරික්ෂා කළ හෝම්ස් ඉන් අනතුරුව ඔහුගේ සැලැස්ම අප හමුවේ හෙළි කළේ ය. ඔහුගේ සැලසුම අනුව අද්භූත අමුත්තා එන විට හෝටලයේ පිළිගැනීමේ නිළධාරියා ලෙස සිටිය යුත්තේ මාය. මා අමුත්තා ඉල්ලන දේ සපයා දී ඔහුව අංක හතර කාමරයට කැඳවාගෙන යා යුතුය. ඉන්පසුව ඉතිරි වැඩ කටයුතු හෝම්ස් සහ සුමුදු මහතා බලාගන්නවා ඇත. හෝම්ස්ගේ සැලසුම අනුව සියළු දේ සූදානම් කර මම පිළිගැනීමේ කාර්යාලයට වී සිටියෙමි. සවස තුන පමණ වන විට හෝටලයට ඇතුළු වූයේ සිහින් උස ශරීරයක් ඇති වයස හතළිහක පමණ පුද්ගලයෙකි. ඔහු හැද සිටියේ කළු පැහැති කලිසමක් හා කබායකි. ඔහුගේ සපත්තු යුගලයද දීප්තිමත් කළු පැහැයෙන් ඔප දමා තිබුණි කිසිදු චකිතයකින් තොරව මා වෙත පැමිණි අමුත්තා මෙසේ විමසා සිටියේ ය. "මට මේ හෝටලයෙන් කාමරයක් ගන්න පුළුවන්ද ?" සියල්ල සුමුදු මහතා පැවසූ ආකාරයෙන්ම සිදු විය. අංක 04 කාමරය වෙනුවෙන් සම්පුර්ණ මුදලම ගෙවූ අමුත්තා දොඩම් ඇට පහද, තංගුස් නූල් කැබැල්ලද, ඉරටු කෑලි දෙකද ඉල්ලා සිටියේ ය. ඒවා කාමරයට ගෙනැවිත් දෙන පොරොන්දුව මත මම අමුත්තා කැඳවාගෙන අංක 04 කාමරය වෙත පිය නැඟුවෙමි. මගේ පිටුපසින් අමුත්තා කාමරයට ඇතුළු වූ සැනින්ම ක්ෂණිකයකින් නැවත පිටුපසට පිනූ මා කාමරයේ දොර ඇතුළතින් අඟුළු ලා යතුර සාක්කුවේ දමා ගත්තේ අමුත්තාට සිදුවන්නේ කුමක්දැයි සිතීමට හෝ අවකාශයක් ලබා නොදෙමිනි. එවිටම කාමරය තුළ තමා සැඟවී සිටි තැන්වලින් හෝම්ස් සහ සුමුදු මහතා එළියට පැමිණියේ ඔහු සෑම පැත්තෙන්ම කොටු වී ඇති බව අමුත්තාට තේරුම් ගැනීමට ඉඩ හරිමිනි. නමුත් කිසිදු චකිතයක් හෝ අමුත්තක් නොපෙන්වූ අමුත්තා කිසිවක් සිදු නොවුනාක් මෙන් තම සූට්කේසය මේසය මත තබා ඒ අසළ වූ පුටුවේ වාඩි වී අපදෙස බලා සිටියේ ය. මීළඟට ඉදිරියට අඩියක් තැබූ සුමුදු මහතා ආචාරශීලී ලෙස මෙසේ විමසා සිටියේය. "මහත්මයා... මුලින්ම කියන්න ඕනි මේ වැඩේට සමාවෙන්න ඕනි. මමයි මේ හොම්ස් මහත්තයයි මේ වැඩේ කළේ අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතේ තිබ්බ විසඳගන්න බැරි ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න වුවමනා නිසා. අපිට ඔබතුමා ගැන සැකයක් අවිශ්වාසයක් නෑ...ඔබතුමා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි. නමුත් මේ හිටි හැටියේම අතුරුදන් වන විදිය, ඇයි හැම අවුරුද්දෙම එකම දවසෙ ඔබතුමා එන්නෙ කියන දේවල් මං හිතනව මේ හෝටලේ කළමනාකාර තුමා විදියට මං දැනුවත් වෙන්න ඕනි කියල" සුමුදු මහතා දෙස බලා සිනාවක් පෑ අමුත්තා කිසිවක් නොපවසා තම සූට්කේසය විවෘත කළේ ය. සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමේ සූදානමින් මම සාක්කුවේ වූ මගේ හමුදා රිවෝල්වරය වෙතට අත පෙව්වෙමි. හෝම්ස්ද දමා ගැසීමට සූදානමින් අසළ තිබූ පුටුවක් වෙතට තම දෑත් යවනු මම ඇස් කොණකින් මෙන් දුටුවෙමි. නමුත් කිසිදු කළබලයක් නොකළ අමුත්තා තම සූට්කේසය තුළින් පිටතට ගත්තේ කෑලි පහේ ලොකු ටෝච් එකක් සහ තරමක් විශාල ඉටිපන්දමකි. ඉනපසුවය ඔහු තම කතාව ආරම්භ කළේ. "හොඳමයි මහත්වරුනි. ඔබලා මගෙ රහස ආසන්නයටම ආවා. ඇත්තෙන්ම ඔබලා මගෙ රහස දැනගත්තා කියා කාටවත් හානියක් සිදුවන්නේ නැහැ. ඉතින් මං සියළුම දේවල් ඔබට හෙළිකරන්නම්... මගේ නම බොරළුගොඩ. එතකොට මහත්වරුනි අපි දැන් මේ ඉන්නේ මගේ පවුලට අයිති බොරළුගොඩ මන්දිරයෙ. මං කුඩා කාලයෙ ඇති දැඩි උනේ මේ මන්දිරයෙ. මේ හැම කාමරයක්ම පඩි පේළියක්ම මං අඳුරනවා. මං කුඩා කාලයෙදි මගෙ පියා මේ ගරාවැටුණු මන්දිරය විකුණලා අපිවත් අරන් විදේශගත උනා. ඉන්පසුව තමයි මේ මන්දිරය අලුත්වැඩියා කරලා හෝටලයක් ආරම්භ කළේ..." මීළඟට හිඳ සිටි තැනින් නැඟිට ගත් අමුත්තා කාමරයේ එක කොණක වූ බිත්තියක් වෙත ඇවිද ගියේ ය. බිත්තියේ නිශ්චිත ස්ථාන දෙකක් සොයාගත් ඔහු ඒවාට දෑත් තමා වැරෙන් තල්ලු කළ අතර එතැනින් බිත්තිය විවර වී කුඩා දොරක් මතු වූයේ අප තිදෙනා විස්මයෙන් බලා සිටිද්දී ය. අප තිදෙනාම ඒ දොර වෙතට ගමන් කළ අතර අමුත්තා තම අතේ වූ කෑලි පහේ ටෝච් එක ඒ තුළට එල්ල කළ අතර ඒ තුළින් පහළට දිවෙන පඩි පේලියක් අපට දැකගත හැකි විය. "ඉතින් මහත්වරුනි, මේ තියෙන්නෙ මං හැමදාම මේ කාමරයෙන් පිටවෙන රහස් දොරටුව. මේ රහස් මාර්ගය දෙවෙනි තට්ටුවට හා පළවෙනි තට්ටුවටත් සම්බන්ධ වෙනවා. නමුත් මං හිතන විදිහට මේ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරද්දි ඒ දොරටු දැන් වැහිලා ගිහිල්ලා. මේ රහස් මාර්ගය දිගේ පහළටම ගිහාම හම්බෙනවා උමගක්. ඒ උමගෙ එකතැනක තමා තියෙන්නෙ මගෙ සීයගෙ සොහොන. මං දන්නෑ ඒ සොහොන උමගක් ඇතලෙ තියෙන්නෙ ඇයි කියලා. ඒත් අද තමයි මගෙ සීයා මියගිය දවස. මං විදේශගතව ඉදලා ආපහු ලන්ඩනයට ආවට පස්සෙ හැම අවුරුද්දෙම මේ දවසෙ ගිහින් සීයගෙ සොහොන ළඟ ඉටිපන්දම් පත්තු කරනවා." ඔහු පැවසූයේ මේසය මත වූ විශාල ඉටිපන්දම පෙන්වමිනි. "ඒ උමග නගරයේ කෙළවරකට යනකම්ම දිවෙනවා. ඉතින් මං ඒක හරහා ගිහින් මෙතනින් පිටවෙනවා. ඔන්න ඕකයි මහත්වරුනි මගෙ කතාව. ඇත්තෙන්ම මට කණගාටුයි මගේ වැඩ නිසා ඔබ අපහසුතාවට පත් වුනාට." "එහෙනම් ඇයි ඔබ උමගෙන් පිටවෙන මාර්ගයෙන්ම ඒකට ඇතුළු වෙන්නැත්තෙ. ඇයි හෝටලය හරහම එන්නෙ..." ඒ ප්රශ්නය නැඟුවේ සුමුදු මහතා ය. අමුත්තා එයට පිළිතුරු දුන්නේ මද සිනාවක් සමඟිනි. "මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ... ඒක මගෙ ආසාව... මගෙ පොඩිකාලෙ මතක මේ හෝටලයෙ තියෙනවා. ඉතින් මං කැමතියි අවුරුද්දකට දවසක් හරි මේ හෝටලයට, මේ කාමරයට එන්න..." මෙතෙක් වේලාවක් නිහඬව සියල්ලම අසා සිටි හෝම්ස් තම කටහඬ අවදි කළේ ඒ මොහොතේ ය. "හරි බොරළුගොඩ මහත්මයා, ඔබ අතුරුදන් වුන විදිහ දැන් අපිට පැහැදිලියි. ඒත් ඇයි ඔබ දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි ඉල්ලුවෙ..." අමුත්තා එයට පිළිතුරු දුන්නේ නැවතත් සිනාසෙමිනි. "ඔය අවුරුදු දෙහෙකට කලින්නෙ. එතකොට අපේ පොඩි එකා හිටියෙ එක වසරෙ. ඉතින් එයාගෙ ඉස්කෝලෙ ටීච කියලා සදුදා එනකොට මදටිය ඇට පහකුයි, ඉරටු මිටි බදින්න ඉරටු කෑලියි, නූලුයි ගේන්න කියලා... මට මඟදි ඒවා ගන්න අමතක උනා. හෝටලේට ආවට පස්සෙයි මතක් උනේ. ඉතින් මේ ටවුමෙ මදටිය ඇට හොයාගන්න නැති නිසා මං කළමනාකාරතුමාගෙන් ඉල්ලුවා දොඩම් ඇට පහකුයි, ඉරටු කෑලි ටිකකුයි, නූල් කෑල්ලකුයි ගෙනත් දෙන්න කියලා... ඔන්න ඕකයි උනේ" "හරි මහත්තයා. ඒ පළවෙනි වතාවෙනෙ... එතකොට අනිත් අවුරුදු දෙකෙත් ඔබ ඇයි ඒ බඩු ටිකම ඉල්ලුවෙ..." හෝම්ස්ගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර අමුත්තා ලැජ්ජාවෙන් බිම බලාගෙන සිනාසුණේ ය. මීළඟට කටහඬ අවදි කළ ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය. "දන්නැද්ද මහත්මයා, මේ දවස්වල වියදම්වල හැටියට හෝටලේකට මෙහෙම වියදම් කරන්නත් අමාරුයිනෙ... ඉතින් මං හිතුවෙ මං හැම අවුරුද්දෙම මේ හෝටලේට එන හින්දා මට ඩිස්කවුන්ට් එකක්වත් දාලා දෙයි කියලා... ඒක හින්දාමයි මං ගිය අවුරුද්දෙ ඇදන් ආපු ඇදුමම ඇදන් ආවෙ එතකොටවත් මාව අඳුනගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් අර පිළිගැනීමේ නිළධාරියා මාව අඳුනගත්තෙ නෑ. ඊටපස්සෙ මම අර දොඩම් ඇටවලයි ඉරටු කෑලිවලයි කතාව කියලා බැලුවා එතකොටවත් මාව මතක් වෙයි කියලා හිතලා. කොහෙද මේ යකාට ඒත් මාව මතක් උන්නෑනෙ...." -නිමි- උපුටාගැනීමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom