පවතින කොරොනා තත්වය හමුවේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස්ම මගකට යොමු උන අතර මේ හරහා Zoom, whatsapp යොදාගෙන සිදුකරන පාසල් අධ්‍යාපනය, උපකාරක පන්ති සුලභව දැකිය හැකියි.
පාසල් අධ්‍යාපනය ඇතැම් පාසල් මනාව හසුරුවන අතරම, ඇතැම් පාසල් ඇල්මැරුණු බවක් පෙන්වයි. මෙයට ප්‍රධාන හේතුව ගුරු ප්‍රජාවෙන් අතිශය බහුතරයක් නව ඉගැන්වීම් ක්‍රම සහ ඒ සඳහා අත්‍යාවශ්‍ය ඉගැන්නුම් මාධ්‍ය භාවිතයට නොදන්නා කමයි. මින් බහුතරය මේ වන විට මැදිවිය ඉක්මවූ අයවලුන් වේ. මෙය ස්මාට් ෆෝන් එකක් හැසිරවීම, පරිඝණකයක හැසිරවිම ඒවායේ භාවිතාවන මෘදුකාංග පරිශීලනය වැනි බොහෝ කාරණා දක්වා දිගු ලැයිස්තුවක් වේ.
මේ අතර , ඇතැමෙක් Zoom වැනි මාධ්‍යයක් භාවිත කරමින්, ඉතා හොඳින් ඉගැන්විම් සිදුකලද මේ සඳහා අන්තර්ජාල පිරිවැය තමන් විසින්ම සපයා ගනුලබයි. ඇතම් පාසල් සංවර්ධන කමිටු, ආදි ශිෂ්‍ය සංගම් මෙයට ප්‍රතිපාදන සපයන අතර බහුතර පාසල් ගුරුවරුන් මේවන විටත් තම පුද්ගලික ධනය නොමසුරුව මේ සඳහා යොදවනු ලැබීම ඔවුන් අගය කරන අතරම රජය, අධ්‍යාපන පරිපාලනය තම වගකීම ඉටු කරන ආකාරය ගැන ප්‍රශ්නාර්ථයක පමණක් ඉතිරි කර තිබේ.
අන්තර්ජාල සේවා සපයන්නන් සියල්ලම පාහේ මෙම අවස්ථාවේ ඉතාම ප්රශස්ත වගකීමක් ඉටු කරමින් සහන පැකේජ හඳුන්වාදීම නම් පැසසිය යුතුම කාරණාවකි.
මෙම ඉගැන්නුම් ක්‍රම සිසු ප්‍රජාවට බලපාන අකාරය ගැන යම් අධ්‍යයනයක් සිදු කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී නැති හැඩකි, ඇතැම් ළමුන් ඉහත සඳහන් ඉගැනුම් මාධ්‍යය සපයා ගැනීමේ අපහසුතාවන්ට ලක්ව සිටින අතර අවම වශයෙන් ස්මාට් ෆෝන් එකක් මේ සඳහා අවශ්‍යව පවතී. තවද, ප්‍රාථමික ශ්‍රේණි වල ළමුන් අකුරු ලිවීම වැනි අතිශය වැදගත් ඉගැන්වීම් තම දෙමාපිය සහයෙන් හෝ වැඩිහිටි සහෝදර සහෝදරියන් සහයෙන් සිදු කරවීමට ඇතැම් ගුරු වරුන් පෙළඹී ඇතැයි වාර්තාවෙමින් තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා අවිධිමත් ක්‍රම හරහා ඉගැන්වීම් සිදුකරන ඇතැමෙක් තමන් හට මඟහැරුණු විෂය නිර්දේශයන් සම්පූර්ණ කිරීම සඳහා පමණක්ම කටයුතු කරන අතර, ළමුන්ට දරා ගත නොහැකි තරමට වැඩ පැවරුම් සිදුකරමින් දිනපතා හෝ දින කිහිපයකට වරක් ඒවා ඇගයීම කිරීමට ඔවුන් වෙත ගෙන්වා ගැනිමට බලකිරීම හරහා කුඩා ළමුන් මේ වනවිටත් තම නිවෙස් වලදීම නොයෙකුත් තාඩන පීඩන ලක්වීම සුලභ වී තිබේ.
ඔන්ලයින් ඉගෙනුම් ක්‍රම හරහා ඇතැම් ගුරුවරුන් ළමුන් සති අන්තයේදීද තම ග්‍රහණයට ගන්නා අතර නොයෙකුත් මාදිලියේ පාඩම්, ඔන් ලයින් ප්‍රශ්න පත්‍ර කිරීමට බල කරන්න් සිද්ධීන් ද බහුලවී ඇත
අවසන කීමට ඇත්තේ, අප මතු අනාගතය හුදෙක්ම අද සිසු ප්‍රජාව අත පමණ්ක්ම අනාගතයේ තීරණය වන බව්ව් මෙන්ව්හි කරමින්ම ඔවුන්ට හැකිතාක් රුදුරු කොරෝනා වසඟත තත්වයෙන් ප්‍රවේශම් කරන අතරම, ඉගැන්විම් ක්‍රම, මාධ්‍ය අවභාවිතා කරමින් සිදු කරන අනේකවිධ පීඩනයන්ගෙන් නිදහස් කර යහපත් මානසික මට්ටමක් පවත්වාගනීමට කටයුතු කිරීමට නිසි බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය.
සුවහසක් ගුරු ප්‍රජාව කරන අප්‍රතිහත කැපකිරීම සුළුතරයක්ගේ අවකල් ක්‍රියාවන් නිසාවෙන් හෑල්ලුවට ලක් නොකරන ලෙස කිරියේ වාසීන්ගෙන් අයදිමි.
Online education needs to be regulated and i will post another thread on how we should do it later...