Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔපරේෂන් ඊගල් ක්ලෝ - eagle claw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔපරේෂන් ඊගල් ක්ලෝ - eagle claw

ඇමෙරිකාවේ වැරදුනු කුරුමානම ඉරාන ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ අසාර්ථක මෙහෙයුම (ඔපරේෂන් ඊගල් ක්ලෝ)

ඉරාන ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනයෙන් අනතුරුව පැන නැගුන උණුසුම් තත්ත්වය හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරි 03 වන දින පස්වරු 6.14 ට ට්විටර් පණිවුඩයක් මගින් ඉරානයට සරදම් කළේ ”ඉරානය කිසිදින යුද්ධයක් දිනා නැති නමුත් කිසිදින සාකච්ඡුාවෙන් පැරදී නැත.” යනුවෙන් කියා සිටිමිනි. නමුත් සත්‍යය එයට වඩා වෙනස්ය. මෙයට වසර 40 කට පෙර දිනෙක එක් සුවිශේෂී මෙහෙයුමක් තුළදී ඉරානය හමුවේ ලජ්ජා සහගත පරාජයක් ලබාගැනීමට ඇමෙරිකාවට සිදුව තිබේ. මේ ඒ පිළිබඳ කථාවයි.

ඉරාන විප්ලවය ඇරඹීම හා ඉස්ලාමීය ජනරජය බිහිවීම

දෙවන ලෝක මහා සංග්රාම සමයේදී ඉරානය ”රේසා ෂා අධිරාජයා” යටතේ පාලනය වූ අතර ඔහු ෆැසිස්ට් ජර්මනිය සමග මිත්‍රශීලී ස්ථාවරයක කටයුතු කළේය. ඒ හේතුකොටගෙන ”ඇන්ග්ලෝ - සෝවියට් ආක්‍රමණය” ලෙසද හැඳින්වෙන මිත්‍ර හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඉරානය ආක්‍රමණය කෙරුණ අතර එතෙක් රජකම දැරූ රේසා ෂා බලයෙන් පහකොට එවකට වයස අවුරුදු 22 ක් පමණක් වූ ඔහුගේ පුත් ”මොහොමඞ් රේසා පහ්ලවි” රජකමට පත් කරන ලදි. ඉරාන තෙල් ළිං සහ සැපයුම් මාර්ග සුරක්ෂිත කිරීම මෙහෙයුමේ අරමුණ විය.

”ඉරාන විප්ලවය” ලෙස හැඳින්වෙන ඉස්ලාමීය බල පෙරලිය තෙක් මොහොමඞ් රේසා පහ්ලවි අඛණ්ඩව රජකම දැරූ අතර 1979 වන විට අඛණ්ඩව වසර 38 ක් ඔහු රජකම දරමින් සිටියේය. රේසා පහ්ලවි දැඩි බටහිර ගැති ප්රතිපත්තියක කටයුතු කළ අතර ඉරානයේ තෙල් සම්පත් බි්රතාන්ය සහ ඇමෙරිකානු සමාගම්වල අයිතියට නතුව තිබුණි. ඉරානයේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩා විඳිද්දී තෙල් සම්පතින් ඉපැදුන ධනය බටහිර රටවලට ඇද ගනු ලැබිණි.

මෙම අසාධාරණ සූරාකෑම පිළිබඳව ඉරාන ජනතාව කෙරෙන් විශාල විරෝධයක් පළවෙමින් තිබුණ අතර ඉස්ලාමීය ආගමික සංවිධාන සහ ශිෂ්‍ය කොටස් රේසා පහ්ලවීගේ රජය පෙරළා දමා ඉස්ලාමික ජනරජයක් පිහිටුවීම සඳහා අරගලයක නිරතව සිටියහ. ඉස්ලාමීය ආගමික නායකයෙකු වූ ”අයතුල්ලා රුහොල්ලා කුමෙයිනි” රජයට එරෙහිවීමේ චෝදනා මත රටින් පිටුවහල් කෙරුණ නමුත් ඔහු ඉරාකයේ රැුඳී සිටිමින් අරගලයට නායකත්වය ලබා දුන් බව සැලකේ.

1978 ජනවාරි 7 වන දින ඇරඹුන ජනතා උද්ඝෝෂණ වසරකට වැඩි කාලයක් පැවතුන අතර 1979 පෙබරවාරි 11 වන දින රාජාණ්ඩුව පෙරළා දමමින් ”ඉරාන ඉස්ලාමීය ජනරජය” පිහිටුවීමට කටයුතු කෙරිණි. ෂා අධිරාජයා රටින් නෙරපා හැරුන අතර අයතුල්ලා රුහොල්ලා කුමෙයිනි නැවත සියරට පැමිණුනි. ජනරජය මූලික වශයෙන් ඉස්ලාම් ආගමික ඉගැන්වීම් පදනම්කොට පිහිටුවනු ලැබූ අතර රුහොල්ලා කුමෙයිනි ජනරජයේ උත්තරීතර නායකත්වයට පත් කරන ලදි.

ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීම

ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උණුසුමින් ඔද වැඩුන සරසවි සිසුන් 3000 පමණ පිරිසක් 1979 නොවැම්බර් 04 වන දින ඉරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වටකරමින් ඊට කඩා වැදුන අතර රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 63 දෙනකු ප්‍රාණ ඇපයට ගන්නා ලදහ. තානාපති කාර්ය මණ්ඩලයට අයත් තවත් නිලධාරීන් තිදෙනෙක් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම ක්‍රියාව සඳහා රුහොල්ලා කුමෙයිනිගේ අනුග්‍රහය ලැබී ඇති බව පැහැදිලිව පෙනෙන්නට විය.

ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම් ඉරානයෙන් පිටුවහල් කරන ලදුව එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ ලබා සිටින මොහොමඞ් රේසා පහ්ලවි වහාම ඉරානයට භාරදෙන ලෙසත් මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු බලපෑම් අවසන් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. දින කිහිපකට පසු ප්‍රාණ ඇපකරුවන් වශයෙන් සිටි කාන්තාවන් සහ අප්‍රිකානු ඇමෙරිකානුවන් 13 දෙනකු සහ පසුව තවත් අයෙකු නිදහස් කරන ලද අතර මාස 05 කට වැඩි කාලයක් සාකච්ඡුා දෙපසට දෝලනය වෙමින් ඇදී යද්දී ඉතිරි 52 දෙනා තවදුරටත් තානාපති කාර්යාල පරිශ්‍රයේ රඳවා ගනු ලැබූහ. ජාත්‍යන්තර බලපෑම් කොතෙක් එල්ල වුවද ඉරානය හිතුවක්කාර ලෙස තම ඉල්ලීම් වල එල්බ සිටි අතර ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්ද ඉරාන බලහත්කාරය හමුවේ නම්‍යශීලී වීමට කැමැත්තක් දැක්වූයේ නැත. එක්සත් ජනපදයේ කීර්තිය ආරක්ෂා කර ගැනීම උදෙසා හමුදාමය ක්‍රියාමාර්ගයකට යොමුවීමේ තාර්කික අවසානය වෙත මාස පහක ඉවසීමේ කාලයකින් පසු ජනාධිපති ජිමී කාටර් තල්ලූ කෙරුණි. ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව ගලවා ගැනීම සඳහා විශේෂ බළකා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට 1980 අපේ‍්‍රල් 16 වන දින අනුමැතිය ලබාදෙන ලදි.

ඔපරේෂන් ඊගල් ක්ලෝ මෙහෙයුම සැලසුම් කිරීම

ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම ”ඔපරේෂන් ඊගල් ක්ලෝ” ලෙස නම් කෙරුණ අතර ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරීවරයා ලෙස ”මේජර් ජනරාල් ජේම්ස් බී.වොට්” පත්කෙරුණි. වොට් සෘජුවම ජනාධිපති ”ජිමී කාටර්” වෙත වාර්තා කළයුතු විය. මෙහෙයුමේ ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් ලෙස ගුවන් මෙහෙයුම් සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ”කර්නල් ජේම්ස් එච්. කිලිට් පත්කෙරුණ අතර භූමි මෙහෙයුම් සඳහා සුප්‍රසිද්ධ ”ඩෙල්ටා බළකායේ කර්නල් චාලි බෙක්විත්” පත්කෙරුණි.

මෙහෙයුමේ වැදගත් පියවරයන් දෙකක් ”මධ්‍යම ඔත්තුසේවා කාර්යාංශයේ” (සී.අයි.ඒ.* ”විශේෂ මෙහෙයුම් අංශයේ” ටෙහෙරාන් නියෝජිතයන් හට පැවරුණි. එනම් ප්‍රාණ ඇපකරුවන් සහ තානාපති කාර්යාල භූමියේ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ ගලවාගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව ටෙහෙරානයෙන් පිටතට ප්‍රවාහනය කිරීමයි. ඉරානය විසින් නොවැම්බර් මස මැදදී නිදහස් කරන ලද 13 දෙනා අතර සිටි තානාපති කාර්යාල කෝකියාගෙන් මෙහෙයුම සඳහා වැදගත්වන ප්‍රධාන තොරතුර හෙළිදරව් කර ගැනීමට සී. අයි. ඒ. නිලධාරියෙකු සමත්ව ඇති අතර ඉන් හෙළිදරව් කෙරුණේ ප්‍රාණ ඇපකරුවන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ මැද කොටසේ රඳවා ඇති බවයි.

දින දෙකක මෙහෙයුමක් සැලසුමට ඇතුළත් වූ අතර මෙහෙයුමේ පාදක භූමිය ලෙස ටෙහෙරානයට ගිණිකොණ දෙසින් සැතපුම් 200 ක් ඈතින් වූ ප්‍රදේශයක් තෝරා ගැනිණි. මෙම ස්ථානය ඉරානයේ ”කොරාසන්” පළාතට අයත්වූ අතර ”ලූට්” කාන්තාරයට ඇතුළත් ප්‍රදේශයක් විය. වියළී ගිය කාන්තාර විලක් වූ මෙම ස්ථානය ”ටබාෂ්” ප්‍රදේශයට යාබදව පිහිටා තිබූ අතර මිදුන ඝණ ලවණ තට්ටු සහිතවීම හේතුවෙන් මෙහෙයුමට ඇතුළත් ”සී -130 හර්කියුලිස්” යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් ගොඩබෑමට සුදුසු තත්ත්වයේ විය. පාදක කඳවුර ”ඩෙසර්ට් වන්” යන සංකේත නාමයෙන් හැඳින්විණ.

මෙහෙයුමට සති තුනකට පෙර එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රහාරක පාලන කණඩායමේ :ක්දපඉ්එ ක්දබඑරදකකැර ඔැ්ප* ”මේජර් ජෝන් ටී. කානි ” සහ ”සී.අයි.ඒ. රහසිගත මෙහෙයුම් නිලධාරින්” වන ”ජිම් රේයිනි” සහ ”ක්ලෝඞ් මැක්බෲම්” සමග ”ඩෙසර්ට් වන්” වෙත රහසිගතව පැමිණුන අතර දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන අධෝරක්ත කිරණ විහිදුවන උපකරණ භූමියේ නොපෙනෙන ලෙස ස්ථාපනය කර සී - 130 යානා ගොඩබෑමට සුදුසු තාවකාලික ගුවන් පථයක් නිර්මාණය කරන ලදි.

මෙහෙයුම් සැලසුමට අනුව ”රිපබ්ලික් 4, 5 සහ 6” යන රහසිගත සංකේතවලින් හැඳින්වුන සී - 130 යානා තුනක් ඉන්ධන සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යොදාගැනීමට නියමිත වූ අතර ”ඩ්‍රැගන් 1 2 සහ 3” යන සංකේතයන්ගෙන් හැඳින්වුන ”ලොක්හීඞ් එම්.සී.130” විශේෂ මෙහෙයුම් යානා 03ක් ”ඩෙල්ටා බලකා” භටයන් සහ මෙහෙයුමට අදාළ අනෙකුත් උපකරණ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත විය.

පළමු දින රාත්‍රියේ සී - 130 යානා සහ එම්. සී. 130 යානා ඉරානයේ දකුණින් පිහිටි ”චබාහාර්” වරාය නගරය දෙසින් ඉරානයට ඇතුළු වී ”ඩෙසර්ට් වන්” කඳවුර වෙත ළඟාවනු ඇති අතර පසුදින රාත්‍රිය වනතෙක් දිවාකාලයේ සැඟවී සිටීමට නියමිතය.

මෙහෙයුම් සැලසුමට ඇතුළත් ”ෂිකෝර්ස්කි එස් - 65” විශේෂ ප්‍රහාරක හෙලිකොප්ටර් 08 ක් ආසන්න මුහුදේ යාත්‍රා කරන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන ”යූ. එස්. එස්. නිම්ස්ට්” නෞකාවේ ස්ථානගත කර තැබුන අතර මාස ගණනක් මෙම හෙලිකොප්ටර් 08 තම නෞකාවේ නවතා ඇත්තේ මන්දැයි එහි කාර්යමණ්ඩලය පවා දැන සිටියේ නැත.

”ෂිකෝර්ස්කි එස් - 65” විශේෂ ප්‍රහාරක හෙලිකොප්ටර් 08 ”යූ.එස්.එස්.නිම්ස්ට්” නෞකාවේ සිට ඩෙසර්ට් වන් වෙත ළඟාවී සී - 130 යානා වෙතින් නැවත ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව ඩෙල්ටා ෆෝස් භටයන් සමග ”ලූට් කාන්තාරය” හරහා ඉදිරියට ගොස් ටෙහෙරානයට කිලෝමීටර් 84 ක් ඈතින් කාන්තාරයේ පිහිටුවා ඇති ”ඩෙසර්ට් 02” නම් රහසිගත කඳවුරේ ස්ථානගතව මෙහෙයුම සඳහා කාලය එලඹෙන තෙක් සූදානම්ව සිටීටමට නියමිත විය. මේ අතර ඉරානයේ දැනටමත් ස්ථානගතව සිටින සී. අයි. ඒ. නියෝජිතයන් සූදානම් කරන ලද ට්‍රක් රථ රහසිගතව ඩෙසර්ට් 02 වෙත ගෙන එනු ලබන අතර දෙවන දින රාත්‍රියේ සී. අයි. ඒ. නියෝජිතයන් සහ පාබල හමුදා භට කණ්ඩායම මෙම ට්‍රක් රථ මගින් ටෙහෙරානය වෙත කඩා වැදීමට නියමිත විය. ඩෙල්ටා ෆෝස් භටයන් ප්‍රධාන ප්‍රහාරය දියත් කරන අතරතුර තවත් ඇමෙරිකානු භට කණ්ඩායමක් ටෙහෙරානයේ විදුලි බලය අක්‍රීය කිරීමට නියමිත විය. මෙහෙයුම සඳහා ඉරාන ආරක්ෂක අංශ වෙතින් එල්ලවිය හැකි ප්‍රතිරෝධය මැඬලීම සඳහා සහ අවශ්‍ය අතිරේක ප්‍රහාරක සහාය සැපයීම පිණිස ”ලොක්හීඞ් ඒ.සී.130” ප්‍රහාරක යානා ටෙහෙරානයට ඉහළ අහසේ යෙදවීමටද නියමිත විය. අවසාන ප්ර්රහාරක සැලසුමට අනුව ”යුද හමුදා රේන්ජර්ස්” භට පිරිස් විසින් ටෙහෙරානය අසල පිහිටි ”මැන්සාරියා” ගුවන් හමුදා කඳවුර අත්පත් කරගනු ඇති අතර ”මැන්සාරියා” ගුවන් පථය වෙත ගොඩබස්වනු ලබන ”ලොක්හීඞ් සී-141” ප්‍රවාහන ගුවන් යානා මෙහෙයුම අවසානයේ ගලවාගත් ප්‍රාණ ඇපකරුවන් සහ භට පිරිස් ඉරානයෙන් පිටතට ආරක්ෂිතව රැුගෙන යෑම සඳහා සූදානම්ව තැබෙනු ඇත.

”ඩෙල්ටා ෆෝස්” භටයන් විසින් එල්ල කරනු ලබන ක්ෂණික සහ විශ්මයජනක ප්‍රහාරයෙන් තානාපති කාර්යාලය අසල රැුකවල්ලා සිටින ඉරාන විප්ලවීය හමුදා විනාශ කෙරෙනු ඇති අතර මුදාගැනෙන ප්‍රාණ ඇපකරුවන් සහ භට පිරිස් ”අම්ජාඩි” ක්‍රීඩාංගණය වෙත රැුගෙන එනු ඇත. ක්‍රීඩාංගණය වෙත ළඟාවන ”ෂිකෝර්ස්කි එස් - 65” විශේෂ ප්‍රහාරක හෙලිකොප්ටර් මගින් පිරිස ඒ වන විට ඇමෙරිකා හමුදා මගින් අල්ලාගෙන සිටින ”මැන්සාරියා” ගුවන් කඳවුර වෙත රැුගෙන ඒමටත් අනතුරුව එහි සූදානම්ව ඇති සී-141 යානා මගින් ආරක්ෂිතව අසල පිහිටි මිත්‍ර රටක් වෙත ගෙන යෑමටත් නියමිත විය.

සමස්ත මෙහෙයුම සඳහා ආරක්ෂාව සැපයීම ”යූ. එස්. එස්. නිම්ස්ට්ට් නෞකාවේ සිට ක්‍රියාත්මක ”සී.වී.ඩබ්ලිව්-8” ගුවන් බළඝණයට සහ ”යූ.එස්.එස්.කොරල් සී” නෞකාවේ සිට ක්‍රියාත්මක ”සී.වී.ඩබ්ලිව්-14” ගුවන් බළඝණයට භාරවී තිබුණි. ඉරානය එක්සත් ජනපදයෙන් මිලදීගෙන තිබූ සමාන ප්‍රහාරක යානාවලින් ඇමෙරිකානු යානා වෙන්කර හඳුනා ගැනීම පිණිස යානාවන්හී දකුණු පියාපතෙහි විශේෂ වර්ණ ඉරි සලකුණු යෙදීමට මෙම ගුවන් බළඝණයන් කටයුතු කර තිබුණි.

මෙහෙයුම ආරම්භ කිරීම

” ඕමානයේ” ”මෂිරා” දිවයිනේ පිහිටි ඇමෙරිකානු උපායමාර්ගික කඳවුරෙන් ඉහළට නැගුන ගුවන් යානා සැලසුමේ පළමු අදියරට අනුව ”ඩෙසර්ට් වන්” වෙත අඳුරේම ළඟාවූ අතර පෙර සූදානම් කරන ලද අඳුරේ දිලිසෙන ඉන්ෆාරෙඞ් ආලෝක මගපෙන්වීම් මාර්ගයෙන් සාර්ථක ලෙස ගොඩ බස්වන ලදි. ගොඩබෑමේදී ඩ්‍රැගන් වන් කේත නාමයෙන් හඳුන්වන ලද ”ලොක්හීඞ් එම්.සී.130” යානාවක තටුවකට හානි සිදුව තිබුණි.

ගොඩබැස්වීම් කටයුතු සිදුවන අතරතුර ඉන්ධන ජාවාරමක නිරතව සිටි ඉරාන හමුදා ට්‍රක් රථයක් සහ කැබ් රථයක සිටි දෙදෙනෙක් සිදුවීම දුටු අතර රේන්ජර්ස් භටයන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ට්‍රක් රථය ගිනිගෙන රියැදුරු මියගිය නමුත් කැබ් රථය පලා යන ලදි. නීති විරෝධී කටයුත්තක නිරතව සිටි බැවින් කැබ් රථ රියැදුරා ගැලවී ගිය පසුත් සිදුවීම හෙළිදරව් නොකිරීමට වැඩි ඉඩක් තිබූ නමුත් ඉහළට නැගුණ ට්‍රක් රථයේ ගින්න අනතුරකට අතවනන සුළු විය.

ගුවන් පථය ආසන්නයෙන් ගමන් කළ සිවිල් ඉරාන බස්රථයක සිටි රියදුරු සහ මගීන් 43 දෙනකු මෙහෙයුමේ ආරක්ෂාව වෙනුවෙන් රඳවා ගැනීමට කටයුතු කෙරුණ අතර ඔවුන් ”රිපබ්ලික් 03” කේත නාමයෙන් හැඳින්වුන සී - 13 යානයේ තාවකාලිකව රඳවා ගන්නා ලදි.

ඩෙසර්ට් වන් වෙත පියාසර කරමින් සිටි ”බ්ලූබර්ඞ් 6” කේත නාමයෙන් හැදින්වුණ ෂිකෝර්ස්කි හෙලිකොප්ටරයක් කඩාවැටීමට ලක්වුන අතර එය කාන්තාරයේ අතහැර දැමුණි. ”බ්ලූබර්ඞ් 8” කේත නාමයෙන් හැඳින්වුන ෂිකෝර්ස්කි හෙලිකොප්ටරය ”හබූබ්” යනුවෙන් හැඳින්වෙන ¥විලි වලාකුළකට හසුව අනතුරට ලක්විය. (හබූබ් යනුවෙන් හැඳින්වෙන්නේ ඝණ ¥විලි වලාකුළකි. කාන්තාර ප්‍රදේශවල නිතර ඇතිවන මේවා ඇතැම් විට කිලෝමීටර 100 ක් තරම් පළල සහ කිලෝමීටර් කිහිපයක් උස විය හැකි අතර පැයට කිලෝමීටර 35 සිට 100 දක්වා වේගයෙන් ගමන් කරනු ලැබේ. හබූබ් කුණාටුවක් මුහුදේ සුනාමියක් මෙන් දරුණු සේ සැලකේ.* බ්ලූබර්ඞ් 5 කේත නාමයෙන් හැඳින්වුණ ෂිකෝර්ස්කි හෙලිකොප්ටරය ¥විලි කුණාටුව හේතුවෙන් ඉදිරියට ගමන් කරනු නොහැකිව ආපසු නිම්ස්ට් නෞකාව වෙත හරවා යවනු ලැබූ අතර ඒ හේතුවෙන් මෙහෙයුම සඳහා ඉතිරි වූයේ හෙලිකොප්ටර් 05 ක් පමණි.

මෙහෙයුම ආපසු කැදවීම

හෙලිකොප්ටර් 05 ක් මෙහෙයුම සඳහා ප්‍රමාණවත් නොවන බව ”කර්නල් කිලි” තර්ක කළ අතර ”කර්නල් චාලි බෙක්විත්” භට පිරිස් අඩු කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. පවතින සම්පත් මත මෙහෙයුම ක්‍රියාත්මක කළද මෙහෙයුම අතරතුර තවත් හෙලිකොප්ටර් කිහිපයක් අනතුරට ලක්වීමේ හෝ කාන්තාරය මැද අක්‍රීයවීමේ සම්භාවිතාවද සැලකිල්ලට ගෙන මෙහෙයුම නතර කිරීම සඳහා ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන්න් විසින් ”ජෙනරාල් ජේම්ස් වොට්” වෙත නිර්දේශ කෙරුන අතර වොට් විසින් ”ජිමී කාටර්” ජනාධිපතිවරයාට නිර්දේශ කරනු ලදුව ජනපතිවරයාගේ අනුමැතිය මත කාන්තාරයේ පැය දෙකහමාරක උත්සාහයකින් අනතුරුව මෙහෙයුම නවතා දැමුණි.

පසුබැස යෑමේ ඛේදවාචකය

මෙහෙයුම අතරමග නතර කිරීමෙන් අනතුරුව ආරක්ෂිතව පසුබැස යෑමේදී ෂිකෝර්ස්කි හෙලිකොප්ටරයක් හර්කියුලිස් යානාවක ගැටී යානා දෙකම පුපුරා ගිනිගෙන විනාශයට පත්විය. අනතුරෙන් හමුදා භටයන් පස්දෙනකු සහ නාවික භටයන් තිදෙනකු මිය ගිය අතර තවත් කිහිපදෙනෙක් තුවාල ලදහ. තුවාල ලත් භටයන් සහ ඉතිරි පිරිස ඇතුළු උපකරණ ආරක්ෂිතව ”මැසිරා ¥පතේ” අතරමැදි කඳවුර වෙත ගෙන යනු ලැබූ අතර පසුව ඊජිප්තුවේ ”වාඩි සේනා” කඳවුර වෙත ගෙනයනු ලැබීමෙන් අනතුරුව මෙහෙයුම අවසන් කරන ලදි.

මෙහෙයුම අසාර්ථක බව නිවේදනය කිරීම

”ධවල මන්දිරය” ගලවා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වූ බව අපේ‍්‍රල් 26 වන දින අළුයම 1.00 ට නිවේදනය කළ අතර මෙහෙයුම අසාර්ථක වීමට බලපෑ හේතූන් පිළිබඳ විමර්ශනයට නාවික හමුදා අද්මිරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන ලදි. විමර්ශනයේදී හෙළිදරව් කෙරුණේ විවිධ හමුදා කණ්ඩායම් සහභාගි වන මෙහෙයුමකදී සාමූහිකව කටයුතු කිරීමට දැක්වූ දුර්වලතාව සහ අන්තර් සේවා දුර්වල සම්න්ධීකරණය මෙහෙයුම අසාර්ථක වීමට බලපා ඇති බවයි. ඒ අනුව ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානයට මගපෑදුන අතර ඒ අනුව ඒකාබද්ධ මෙහෙයුම් කටයුතු සඳහාම ”එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් විධානය” කොන්ග්රස් පනතක් මගින් ස්ථාපිත කරන ලදි.

දෙවන ගලවා ගැනීමේ සැලැස්මක් සඳහා උත්සාහයක්

”ඔපරේෂන් ක්‍රෙඩිබල් ස්පෝර්ට්ස්” නමින් දෙවන ගලවා ගැනීමේ සැලැස්මක් ඉක්මනින් සැලසුම් කර පෙරහුරු පවා පැවැත්වූ අතර බොහෝ පෙරහුරු අභ්‍යාසයන් සාර්ථක වූ නමුත් නමුත් එය කිසි කලෙකත් ක්‍රියාත්මක වූයේ නැත.

ජනාධිපති ”ජිමී කාටර්” සිය ධුර කාලය අවසන් වීමට පෙර ප්‍රාණ ඇපකරුවන් පිරිස ගලවා ගැනීම පිණිස බලාපොරොත්තු තබා තිබුණද 1981 විශ්‍රාම යන තෙක් ඔහුට එය සිහිනයක් පමණක් විය. කෙසේ වුවත් ජිමී කාටර් ධුරය හැර ගොස් විනාඩි කිහිපයකට පසු 1981 ජනවාරි 2 දින ඉරානයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 52 දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීමට ඉරානය කටයුතු කරන ලදි.

මෙම මෙහෙයුම එක්සත් ජනපදයේ පරාජයක් ලෙස සලකනු ලබන අතර ඉරානයේ ”ටබාෂ්” හිදී වාර්ෂිකව සමරමින් මෙහෙයුමෙන් හානිවූ හෙලිකොප්ටර් සහ ගවන් යානා කොටස් ප්‍රදර්ශනය කරනු ලැබේ 1997 දී ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ”ජාවඞ් ෂමග්දාරි” මෙම අපූරු කථා පුවත අළලා ”සෑන්ඞ් ස්ටෝම්” නමින් චිත්‍රපටයක් නිර්මාණය කර ඇත.

කෙසේ වුවත් අප අවසාන වශයෙන් මතක තබාගත යුත්තේ යුද පිටියේ පළපුරුදු ජෙනරාල්වරු, නවීන යුද උපකරණ, විශේෂ පුහුණුව ලත් භටපිරිස් සහ දක්ෂ යුද සැලසුම් වුවත් ස්වභාව ධර්මයේ ප්‍රභල ප්රහාරයන් හමුවේ පරාජයට පත්විය හැකි බවයි.

එන්. කේ. සූරියබණ්ඩාර

පේරාදෙණිය

[YOUTUBE]_Z6bk8sOijs[/YOUTUBE]

[YOUTUBE]Ohy2-QIM-7s[/YOUTUBE]

[QUOTE="araki, post: 25113685, member: 360239"] [b]ඔපරේෂන් ඊගල් ක්ලෝ - eagle claw[/b] [SIZE="5"]ඇමෙරිකාවේ වැරදුනු කුරුමානම ඉරාන ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ අසාර්ථක මෙහෙයුම (ඔපරේෂන් ඊගල් ක්ලෝ) ඉරාන ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනයෙන් අනතුරුව පැන නැගුන උණුසුම් තත්ත්වය හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරි 03 වන දින පස්වරු 6.14 ට ට්විටර් පණිවුඩයක් මගින් ඉරානයට සරදම් කළේ ”ඉරානය කිසිදින යුද්ධයක් දිනා නැති නමුත් කිසිදින සාකච්ඡුාවෙන් පැරදී නැත.” යනුවෙන් කියා සිටිමිනි. නමුත් සත්‍යය එයට වඩා වෙනස්ය. මෙයට වසර 40 කට පෙර දිනෙක එක් සුවිශේෂී මෙහෙයුමක් තුළදී ඉරානය හමුවේ ලජ්ජා සහගත පරාජයක් ලබාගැනීමට ඇමෙරිකාවට සිදුව තිබේ. මේ ඒ පිළිබඳ කථාවයි. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/amarik3.jpg[/IMG] ඉරාන විප්ලවය ඇරඹීම හා ඉස්ලාමීය ජනරජය බිහිවීම දෙවන ලෝක මහා සංග්රාම සමයේදී ඉරානය ”රේසා ෂා අධිරාජයා” යටතේ පාලනය වූ අතර ඔහු ෆැසිස්ට් ජර්මනිය සමග මිත්‍රශීලී ස්ථාවරයක කටයුතු කළේය. ඒ හේතුකොටගෙන ”ඇන්ග්ලෝ - සෝවියට් ආක්‍රමණය” ලෙසද හැඳින්වෙන මිත්‍ර හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඉරානය ආක්‍රමණය කෙරුණ අතර එතෙක් රජකම දැරූ රේසා ෂා බලයෙන් පහකොට එවකට වයස අවුරුදු 22 ක් පමණක් වූ ඔහුගේ පුත් ”මොහොමඞ් රේසා පහ්ලවි” රජකමට පත් කරන ලදි. ඉරාන තෙල් ළිං සහ සැපයුම් මාර්ග සුරක්ෂිත කිරීම මෙහෙයුමේ අරමුණ විය. ”ඉරාන විප්ලවය” ලෙස හැඳින්වෙන ඉස්ලාමීය බල පෙරලිය තෙක් මොහොමඞ් රේසා පහ්ලවි අඛණ්ඩව රජකම දැරූ අතර 1979 වන විට අඛණ්ඩව වසර 38 ක් ඔහු රජකම දරමින් සිටියේය. රේසා පහ්ලවි දැඩි බටහිර ගැති ප්රතිපත්තියක කටයුතු කළ අතර ඉරානයේ තෙල් සම්පත් බි්රතාන්ය සහ ඇමෙරිකානු සමාගම්වල අයිතියට නතුව තිබුණි. ඉරානයේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩා විඳිද්දී තෙල් සම්පතින් ඉපැදුන ධනය බටහිර රටවලට ඇද ගනු ලැබිණි. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/amarik1.jpg[/IMG] මෙම අසාධාරණ සූරාකෑම පිළිබඳව ඉරාන ජනතාව කෙරෙන් විශාල විරෝධයක් පළවෙමින් තිබුණ අතර ඉස්ලාමීය ආගමික සංවිධාන සහ ශිෂ්‍ය කොටස් රේසා පහ්ලවීගේ රජය පෙරළා දමා ඉස්ලාමික ජනරජයක් පිහිටුවීම සඳහා අරගලයක නිරතව සිටියහ. ඉස්ලාමීය ආගමික නායකයෙකු වූ ”අයතුල්ලා රුහොල්ලා කුමෙයිනි” රජයට එරෙහිවීමේ චෝදනා මත රටින් පිටුවහල් කෙරුණ නමුත් ඔහු ඉරාකයේ රැුඳී සිටිමින් අරගලයට නායකත්වය ලබා දුන් බව සැලකේ. 1978 ජනවාරි 7 වන දින ඇරඹුන ජනතා උද්ඝෝෂණ වසරකට වැඩි කාලයක් පැවතුන අතර 1979 පෙබරවාරි 11 වන දින රාජාණ්ඩුව පෙරළා දමමින් ”ඉරාන ඉස්ලාමීය ජනරජය” පිහිටුවීමට කටයුතු කෙරිණි. ෂා අධිරාජයා රටින් නෙරපා හැරුන අතර අයතුල්ලා රුහොල්ලා කුමෙයිනි නැවත සියරට පැමිණුනි. ජනරජය මූලික වශයෙන් ඉස්ලාම් ආගමික ඉගැන්වීම් පදනම්කොට පිහිටුවනු ලැබූ අතර රුහොල්ලා කුමෙයිනි ජනරජයේ උත්තරීතර නායකත්වයට පත් කරන ලදි. ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීම ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උණුසුමින් ඔද වැඩුන සරසවි සිසුන් 3000 පමණ පිරිසක් 1979 නොවැම්බර් 04 වන දින ඉරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වටකරමින් ඊට කඩා වැදුන අතර රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 63 දෙනකු ප්‍රාණ ඇපයට ගන්නා ලදහ. තානාපති කාර්ය මණ්ඩලයට අයත් තවත් නිලධාරීන් තිදෙනෙක් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම ක්‍රියාව සඳහා රුහොල්ලා කුමෙයිනිගේ අනුග්‍රහය ලැබී ඇති බව පැහැදිලිව පෙනෙන්නට විය. ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම් ඉරානයෙන් පිටුවහල් කරන ලදුව එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ ලබා සිටින මොහොමඞ් රේසා පහ්ලවි වහාම ඉරානයට භාරදෙන ලෙසත් මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු බලපෑම් අවසන් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. දින කිහිපකට පසු ප්‍රාණ ඇපකරුවන් වශයෙන් සිටි කාන්තාවන් සහ අප්‍රිකානු ඇමෙරිකානුවන් 13 දෙනකු සහ පසුව තවත් අයෙකු නිදහස් කරන ලද අතර මාස 05 කට වැඩි කාලයක් සාකච්ඡුා දෙපසට දෝලනය වෙමින් ඇදී යද්දී ඉතිරි 52 දෙනා තවදුරටත් තානාපති කාර්යාල පරිශ්‍රයේ රඳවා ගනු ලැබූහ. ජාත්‍යන්තර බලපෑම් කොතෙක් එල්ල වුවද ඉරානය හිතුවක්කාර ලෙස තම ඉල්ලීම් වල එල්බ සිටි අතර ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්ද ඉරාන බලහත්කාරය හමුවේ නම්‍යශීලී වීමට කැමැත්තක් දැක්වූයේ නැත. එක්සත් ජනපදයේ කීර්තිය ආරක්ෂා කර ගැනීම උදෙසා හමුදාමය ක්‍රියාමාර්ගයකට යොමුවීමේ තාර්කික අවසානය වෙත මාස පහක ඉවසීමේ කාලයකින් පසු ජනාධිපති ජිමී කාටර් තල්ලූ කෙරුණි. ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව ගලවා ගැනීම සඳහා විශේෂ බළකා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට 1980 අපේ‍්‍රල් 16 වන දින අනුමැතිය ලබාදෙන ලදි. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/amarik2.jpg[/IMG] ඔපරේෂන් ඊගල් ක්ලෝ මෙහෙයුම සැලසුම් කිරීම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම ”ඔපරේෂන් ඊගල් ක්ලෝ” ලෙස නම් කෙරුණ අතර ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරීවරයා ලෙස ”මේජර් ජනරාල් ජේම්ස් බී.වොට්” පත්කෙරුණි. වොට් සෘජුවම ජනාධිපති ”ජිමී කාටර්” වෙත වාර්තා කළයුතු විය. මෙහෙයුමේ ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් ලෙස ගුවන් මෙහෙයුම් සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ”කර්නල් ජේම්ස් එච්. කිලිට් පත්කෙරුණ අතර භූමි මෙහෙයුම් සඳහා සුප්‍රසිද්ධ ”ඩෙල්ටා බළකායේ කර්නල් චාලි බෙක්විත්” පත්කෙරුණි. මෙහෙයුමේ වැදගත් පියවරයන් දෙකක් ”මධ්‍යම ඔත්තුසේවා කාර්යාංශයේ” (සී.අයි.ඒ.* ”විශේෂ මෙහෙයුම් අංශයේ” ටෙහෙරාන් නියෝජිතයන් හට පැවරුණි. එනම් ප්‍රාණ ඇපකරුවන් සහ තානාපති කාර්යාල භූමියේ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ ගලවාගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව ටෙහෙරානයෙන් පිටතට ප්‍රවාහනය කිරීමයි. ඉරානය විසින් නොවැම්බර් මස මැදදී නිදහස් කරන ලද 13 දෙනා අතර සිටි තානාපති කාර්යාල කෝකියාගෙන් මෙහෙයුම සඳහා වැදගත්වන ප්‍රධාන තොරතුර හෙළිදරව් කර ගැනීමට සී. අයි. ඒ. නිලධාරියෙකු සමත්ව ඇති අතර ඉන් හෙළිදරව් කෙරුණේ ප්‍රාණ ඇපකරුවන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ මැද කොටසේ රඳවා ඇති බවයි. දින දෙකක මෙහෙයුමක් සැලසුමට ඇතුළත් වූ අතර මෙහෙයුමේ පාදක භූමිය ලෙස ටෙහෙරානයට ගිණිකොණ දෙසින් සැතපුම් 200 ක් ඈතින් වූ ප්‍රදේශයක් තෝරා ගැනිණි. මෙම ස්ථානය ඉරානයේ ”කොරාසන්” පළාතට අයත්වූ අතර ”ලූට්” කාන්තාරයට ඇතුළත් ප්‍රදේශයක් විය. වියළී ගිය කාන්තාර විලක් වූ මෙම ස්ථානය ”ටබාෂ්” ප්‍රදේශයට යාබදව පිහිටා තිබූ අතර මිදුන ඝණ ලවණ තට්ටු සහිතවීම හේතුවෙන් මෙහෙයුමට ඇතුළත් ”සී -130 හර්කියුලිස්” යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් ගොඩබෑමට සුදුසු තත්ත්වයේ විය. පාදක කඳවුර ”ඩෙසර්ට් වන්” යන සංකේත නාමයෙන් හැඳින්විණ. මෙහෙයුමට සති තුනකට පෙර එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රහාරක පාලන කණඩායමේ :ක්දපඉ්එ ක්දබඑරදකකැර ඔැ්ප* ”මේජර් ජෝන් ටී. කානි ” සහ ”සී.අයි.ඒ. රහසිගත මෙහෙයුම් නිලධාරින්” වන ”ජිම් රේයිනි” සහ ”ක්ලෝඞ් මැක්බෲම්” සමග ”ඩෙසර්ට් වන්” වෙත රහසිගතව පැමිණුන අතර දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන අධෝරක්ත කිරණ විහිදුවන උපකරණ භූමියේ නොපෙනෙන ලෙස ස්ථාපනය කර සී - 130 යානා ගොඩබෑමට සුදුසු තාවකාලික ගුවන් පථයක් නිර්මාණය කරන ලදි. මෙහෙයුම් සැලසුමට අනුව ”රිපබ්ලික් 4, 5 සහ 6” යන රහසිගත සංකේතවලින් හැඳින්වුන සී - 130 යානා තුනක් ඉන්ධන සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යොදාගැනීමට නියමිත වූ අතර ”ඩ්‍රැගන් 1 2 සහ 3” යන සංකේතයන්ගෙන් හැඳින්වුන ”ලොක්හීඞ් එම්.සී.130” විශේෂ මෙහෙයුම් යානා 03ක් ”ඩෙල්ටා බලකා” භටයන් සහ මෙහෙයුමට අදාළ අනෙකුත් උපකරණ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත විය. පළමු දින රාත්‍රියේ සී - 130 යානා සහ එම්. සී. 130 යානා ඉරානයේ දකුණින් පිහිටි ”චබාහාර්” වරාය නගරය දෙසින් ඉරානයට ඇතුළු වී ”ඩෙසර්ට් වන්” කඳවුර වෙත ළඟාවනු ඇති අතර පසුදින රාත්‍රිය වනතෙක් දිවාකාලයේ සැඟවී සිටීමට නියමිතය. මෙහෙයුම් සැලසුමට ඇතුළත් ”ෂිකෝර්ස්කි එස් - 65” විශේෂ ප්‍රහාරක හෙලිකොප්ටර් 08 ක් ආසන්න මුහුදේ යාත්‍රා කරන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන ”යූ. එස්. එස්. නිම්ස්ට්” නෞකාවේ ස්ථානගත කර තැබුන අතර මාස ගණනක් මෙම හෙලිකොප්ටර් 08 තම නෞකාවේ නවතා ඇත්තේ මන්දැයි එහි කාර්යමණ්ඩලය පවා දැන සිටියේ නැත. ”ෂිකෝර්ස්කි එස් - 65” විශේෂ ප්‍රහාරක හෙලිකොප්ටර් 08 ”යූ.එස්.එස්.නිම්ස්ට්” නෞකාවේ සිට ඩෙසර්ට් වන් වෙත ළඟාවී සී - 130 යානා වෙතින් නැවත ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව ඩෙල්ටා ෆෝස් භටයන් සමග ”ලූට් කාන්තාරය” හරහා ඉදිරියට ගොස් ටෙහෙරානයට කිලෝමීටර් 84 ක් ඈතින් කාන්තාරයේ පිහිටුවා ඇති ”ඩෙසර්ට් 02” නම් රහසිගත කඳවුරේ ස්ථානගතව මෙහෙයුම සඳහා කාලය එලඹෙන තෙක් සූදානම්ව සිටීටමට නියමිත විය. මේ අතර ඉරානයේ දැනටමත් ස්ථානගතව සිටින සී. අයි. ඒ. නියෝජිතයන් සූදානම් කරන ලද ට්‍රක් රථ රහසිගතව ඩෙසර්ට් 02 වෙත ගෙන එනු ලබන අතර දෙවන දින රාත්‍රියේ සී. අයි. ඒ. නියෝජිතයන් සහ පාබල හමුදා භට කණ්ඩායම මෙම ට්‍රක් රථ මගින් ටෙහෙරානය වෙත කඩා වැදීමට නියමිත විය. ඩෙල්ටා ෆෝස් භටයන් ප්‍රධාන ප්‍රහාරය දියත් කරන අතරතුර තවත් ඇමෙරිකානු භට කණ්ඩායමක් ටෙහෙරානයේ විදුලි බලය අක්‍රීය කිරීමට නියමිත විය. මෙහෙයුම සඳහා ඉරාන ආරක්ෂක අංශ වෙතින් එල්ලවිය හැකි ප්‍රතිරෝධය මැඬලීම සඳහා සහ අවශ්‍ය අතිරේක ප්‍රහාරක සහාය සැපයීම පිණිස ”ලොක්හීඞ් ඒ.සී.130” ප්‍රහාරක යානා ටෙහෙරානයට ඉහළ අහසේ යෙදවීමටද නියමිත විය. අවසාන ප්ර්රහාරක සැලසුමට අනුව ”යුද හමුදා රේන්ජර්ස්” භට පිරිස් විසින් ටෙහෙරානය අසල පිහිටි ”මැන්සාරියා” ගුවන් හමුදා කඳවුර අත්පත් කරගනු ඇති අතර ”මැන්සාරියා” ගුවන් පථය වෙත ගොඩබස්වනු ලබන ”ලොක්හීඞ් සී-141” ප්‍රවාහන ගුවන් යානා මෙහෙයුම අවසානයේ ගලවාගත් ප්‍රාණ ඇපකරුවන් සහ භට පිරිස් ඉරානයෙන් පිටතට ආරක්ෂිතව රැුගෙන යෑම සඳහා සූදානම්ව තැබෙනු ඇත. ”ඩෙල්ටා ෆෝස්” භටයන් විසින් එල්ල කරනු ලබන ක්ෂණික සහ විශ්මයජනක ප්‍රහාරයෙන් තානාපති කාර්යාලය අසල රැුකවල්ලා සිටින ඉරාන විප්ලවීය හමුදා විනාශ කෙරෙනු ඇති අතර මුදාගැනෙන ප්‍රාණ ඇපකරුවන් සහ භට පිරිස් ”අම්ජාඩි” ක්‍රීඩාංගණය වෙත රැුගෙන එනු ඇත. ක්‍රීඩාංගණය වෙත ළඟාවන ”ෂිකෝර්ස්කි එස් - 65” විශේෂ ප්‍රහාරක හෙලිකොප්ටර් මගින් පිරිස ඒ වන විට ඇමෙරිකා හමුදා මගින් අල්ලාගෙන සිටින ”මැන්සාරියා” ගුවන් කඳවුර වෙත රැුගෙන ඒමටත් අනතුරුව එහි සූදානම්ව ඇති සී-141 යානා මගින් ආරක්ෂිතව අසල පිහිටි මිත්‍ර රටක් වෙත ගෙන යෑමටත් නියමිත විය. සමස්ත මෙහෙයුම සඳහා ආරක්ෂාව සැපයීම ”යූ. එස්. එස්. නිම්ස්ට්ට් නෞකාවේ සිට ක්‍රියාත්මක ”සී.වී.ඩබ්ලිව්-8” ගුවන් බළඝණයට සහ ”යූ.එස්.එස්.කොරල් සී” නෞකාවේ සිට ක්‍රියාත්මක ”සී.වී.ඩබ්ලිව්-14” ගුවන් බළඝණයට භාරවී තිබුණි. ඉරානය එක්සත් ජනපදයෙන් මිලදීගෙන තිබූ සමාන ප්‍රහාරක යානාවලින් ඇමෙරිකානු යානා වෙන්කර හඳුනා ගැනීම පිණිස යානාවන්හී දකුණු පියාපතෙහි විශේෂ වර්ණ ඉරි සලකුණු යෙදීමට මෙම ගුවන් බළඝණයන් කටයුතු කර තිබුණි. මෙහෙයුම ආරම්භ කිරීම ” ඕමානයේ” ”මෂිරා” දිවයිනේ පිහිටි ඇමෙරිකානු උපායමාර්ගික කඳවුරෙන් ඉහළට නැගුන ගුවන් යානා සැලසුමේ පළමු අදියරට අනුව ”ඩෙසර්ට් වන්” වෙත අඳුරේම ළඟාවූ අතර පෙර සූදානම් කරන ලද අඳුරේ දිලිසෙන ඉන්ෆාරෙඞ් ආලෝක මගපෙන්වීම් මාර්ගයෙන් සාර්ථක ලෙස ගොඩ බස්වන ලදි. ගොඩබෑමේදී ඩ්‍රැගන් වන් කේත නාමයෙන් හඳුන්වන ලද ”ලොක්හීඞ් එම්.සී.130” යානාවක තටුවකට හානි සිදුව තිබුණි. ගොඩබැස්වීම් කටයුතු සිදුවන අතරතුර ඉන්ධන ජාවාරමක නිරතව සිටි ඉරාන හමුදා ට්‍රක් රථයක් සහ කැබ් රථයක සිටි දෙදෙනෙක් සිදුවීම දුටු අතර රේන්ජර්ස් භටයන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ට්‍රක් රථය ගිනිගෙන රියැදුරු මියගිය නමුත් කැබ් රථය පලා යන ලදි. නීති විරෝධී කටයුත්තක නිරතව සිටි බැවින් කැබ් රථ රියැදුරා ගැලවී ගිය පසුත් සිදුවීම හෙළිදරව් නොකිරීමට වැඩි ඉඩක් තිබූ නමුත් ඉහළට නැගුණ ට්‍රක් රථයේ ගින්න අනතුරකට අතවනන සුළු විය. ගුවන් පථය ආසන්නයෙන් ගමන් කළ සිවිල් ඉරාන බස්රථයක සිටි රියදුරු සහ මගීන් 43 දෙනකු මෙහෙයුමේ ආරක්ෂාව වෙනුවෙන් රඳවා ගැනීමට කටයුතු කෙරුණ අතර ඔවුන් ”රිපබ්ලික් 03” කේත නාමයෙන් හැඳින්වුන සී - 13 යානයේ තාවකාලිකව රඳවා ගන්නා ලදි. ඩෙසර්ට් වන් වෙත පියාසර කරමින් සිටි ”බ්ලූබර්ඞ් 6” කේත නාමයෙන් හැදින්වුණ ෂිකෝර්ස්කි හෙලිකොප්ටරයක් කඩාවැටීමට ලක්වුන අතර එය කාන්තාරයේ අතහැර දැමුණි. ”බ්ලූබර්ඞ් 8” කේත නාමයෙන් හැඳින්වුන ෂිකෝර්ස්කි හෙලිකොප්ටරය ”හබූබ්” යනුවෙන් හැඳින්වෙන ¥විලි වලාකුළකට හසුව අනතුරට ලක්විය. (හබූබ් යනුවෙන් හැඳින්වෙන්නේ ඝණ ¥විලි වලාකුළකි. කාන්තාර ප්‍රදේශවල නිතර ඇතිවන මේවා ඇතැම් විට කිලෝමීටර 100 ක් තරම් පළල සහ කිලෝමීටර් කිහිපයක් උස විය හැකි අතර පැයට කිලෝමීටර 35 සිට 100 දක්වා වේගයෙන් ගමන් කරනු ලැබේ. හබූබ් කුණාටුවක් මුහුදේ සුනාමියක් මෙන් දරුණු සේ සැලකේ.* බ්ලූබර්ඞ් 5 කේත නාමයෙන් හැඳින්වුණ ෂිකෝර්ස්කි හෙලිකොප්ටරය ¥විලි කුණාටුව හේතුවෙන් ඉදිරියට ගමන් කරනු නොහැකිව ආපසු නිම්ස්ට් නෞකාව වෙත හරවා යවනු ලැබූ අතර ඒ හේතුවෙන් මෙහෙයුම සඳහා ඉතිරි වූයේ හෙලිකොප්ටර් 05 ක් පමණි. මෙහෙයුම ආපසු කැදවීම හෙලිකොප්ටර් 05 ක් මෙහෙයුම සඳහා ප්‍රමාණවත් නොවන බව ”කර්නල් කිලි” තර්ක කළ අතර ”කර්නල් චාලි බෙක්විත්” භට පිරිස් අඩු කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. පවතින සම්පත් මත මෙහෙයුම ක්‍රියාත්මක කළද මෙහෙයුම අතරතුර තවත් හෙලිකොප්ටර් කිහිපයක් අනතුරට ලක්වීමේ හෝ කාන්තාරය මැද අක්‍රීයවීමේ සම්භාවිතාවද සැලකිල්ලට ගෙන මෙහෙයුම නතර කිරීම සඳහා ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන්න් විසින් ”ජෙනරාල් ජේම්ස් වොට්” වෙත නිර්දේශ කෙරුන අතර වොට් විසින් ”ජිමී කාටර්” ජනාධිපතිවරයාට නිර්දේශ කරනු ලදුව ජනපතිවරයාගේ අනුමැතිය මත කාන්තාරයේ පැය දෙකහමාරක උත්සාහයකින් අනතුරුව මෙහෙයුම නවතා දැමුණි. පසුබැස යෑමේ ඛේදවාචකය මෙහෙයුම අතරමග නතර කිරීමෙන් අනතුරුව ආරක්ෂිතව පසුබැස යෑමේදී ෂිකෝර්ස්කි හෙලිකොප්ටරයක් හර්කියුලිස් යානාවක ගැටී යානා දෙකම පුපුරා ගිනිගෙන විනාශයට පත්විය. අනතුරෙන් හමුදා භටයන් පස්දෙනකු සහ නාවික භටයන් තිදෙනකු මිය ගිය අතර තවත් කිහිපදෙනෙක් තුවාල ලදහ. තුවාල ලත් භටයන් සහ ඉතිරි පිරිස ඇතුළු උපකරණ ආරක්ෂිතව ”මැසිරා ¥පතේ” අතරමැදි කඳවුර වෙත ගෙන යනු ලැබූ අතර පසුව ඊජිප්තුවේ ”වාඩි සේනා” කඳවුර වෙත ගෙනයනු ලැබීමෙන් අනතුරුව මෙහෙයුම අවසන් කරන ලදි. මෙහෙයුම අසාර්ථක බව නිවේදනය කිරීම ”ධවල මන්දිරය” ගලවා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වූ බව අපේ‍්‍රල් 26 වන දින අළුයම 1.00 ට නිවේදනය කළ අතර මෙහෙයුම අසාර්ථක වීමට බලපෑ හේතූන් පිළිබඳ විමර්ශනයට නාවික හමුදා අද්මිරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන ලදි. විමර්ශනයේදී හෙළිදරව් කෙරුණේ විවිධ හමුදා කණ්ඩායම් සහභාගි වන මෙහෙයුමකදී සාමූහිකව කටයුතු කිරීමට දැක්වූ දුර්වලතාව සහ අන්තර් සේවා දුර්වල සම්න්ධීකරණය මෙහෙයුම අසාර්ථක වීමට බලපා ඇති බවයි. ඒ අනුව ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානයට මගපෑදුන අතර ඒ අනුව ඒකාබද්ධ මෙහෙයුම් කටයුතු සඳහාම ”එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් විධානය” කොන්ග්රස් පනතක් මගින් ස්ථාපිත කරන ලදි. දෙවන ගලවා ගැනීමේ සැලැස්මක් සඳහා උත්සාහයක් ”ඔපරේෂන් ක්‍රෙඩිබල් ස්පෝර්ට්ස්” නමින් දෙවන ගලවා ගැනීමේ සැලැස්මක් ඉක්මනින් සැලසුම් කර පෙරහුරු පවා පැවැත්වූ අතර බොහෝ පෙරහුරු අභ්‍යාසයන් සාර්ථක වූ නමුත් නමුත් එය කිසි කලෙකත් ක්‍රියාත්මක වූයේ නැත. ජනාධිපති ”ජිමී කාටර්” සිය ධුර කාලය අවසන් වීමට පෙර ප්‍රාණ ඇපකරුවන් පිරිස ගලවා ගැනීම පිණිස බලාපොරොත්තු තබා තිබුණද 1981 විශ්‍රාම යන තෙක් ඔහුට එය සිහිනයක් පමණක් විය. කෙසේ වුවත් ජිමී කාටර් ධුරය හැර ගොස් විනාඩි කිහිපයකට පසු 1981 ජනවාරි 2 දින ඉරානයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 52 දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීමට ඉරානය කටයුතු කරන ලදි. මෙම මෙහෙයුම එක්සත් ජනපදයේ පරාජයක් ලෙස සලකනු ලබන අතර ඉරානයේ ”ටබාෂ්” හිදී වාර්ෂිකව සමරමින් මෙහෙයුමෙන් හානිවූ හෙලිකොප්ටර් සහ ගවන් යානා කොටස් ප්‍රදර්ශනය කරනු ලැබේ 1997 දී ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ”ජාවඞ් ෂමග්දාරි” මෙම අපූරු කථා පුවත අළලා ”සෑන්ඞ් ස්ටෝම්” නමින් චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. කෙසේ වුවත් අප අවසාන වශයෙන් මතක තබාගත යුත්තේ යුද පිටියේ පළපුරුදු ජෙනරාල්වරු, නවීන යුද උපකරණ, විශේෂ පුහුණුව ලත් භටපිරිස් සහ දක්ෂ යුද සැලසුම් වුවත් ස්වභාව ධර්මයේ ප්‍රභල ප්රහාරයන් හමුවේ පරාජයට පත්විය හැකි බවයි. එන්. කේ. සූරියබණ්ඩාර පේරාදෙණිය[/SIZE] [YOUTUBE]_Z6bk8sOijs[/YOUTUBE] [YOUTUBE]Ohy2-QIM-7s[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom