Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔපරේෂන් තන්ඩර්බෝල්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔපරේෂන් තන්ඩර්බෝල්ට්

ලෝක යුධ ඉතිහාසය තුළ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් අතරින් වඩාත් සාර්ථක මෙහෙයුම ලෙස නම් කල හැක්කේ 1976 වසරේ ජූලි මස 4 දින උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිරකරගෙන සිටි මගීන් 102නෙකු ඊශ්‍රායල් කමාන්ඩෝ බළකා සෙබළුන් විසින් මුදාගැනීමේ “ඔපරේෂන් තන්ඩර්බෝල්ට්” නම් යුධ මෙහෙයුමයි.

ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවයේ නිලධාරීන් හා කමාන්ඩෝ බළකා නිලධාරීන් එක්ව සැලසුම් කළ මෙම මෙහෙයුම මගින් ලෝකයා විශ්මයට පත් වූ අතර එම මෙහෙයුම පාදක කරගනිමින් මේ වන විට නිර්මාණය වී තිබෙන චිත්‍රපට, ටෙලිනාට්‍ය මාලා හා පරිගණක ක්‍රීඩා ප්‍රමාණය අති විශාලයි.

පැරිස් නුවරට යායුතු ගුවන් යානය උගන්ඩාවේ කම්පාලා නුවරට

පැරණි එන්ටෙබේ ගුවන් තොටුපොළ (Wikimapia)

ඒ 1979 වසරේ ජූනි 27 වනදායි. ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි (Tel Aviv) බෙන් ජුරියන් (Ben Gurion) ගුවන්තොටුපොළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා ගුවන් ගමන් අංක 139 යටතේ ගමන් ආරම්භ කරන ප්‍රංශ ගුවන් සේවයට අයත් A300 වර්ගයේ එයාර් බස් ගුවන් යානයේ ගමන් මග වූයේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර හරහා පැරීසියට යාමයි. යානයේ මගීන් 246 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 12කින් සමන්විත විය.

ඇතැන්ස් හිදී තවත් මගීන් ප්‍රමාණයක් ගොඩවන අතර ඒ අතරම පලස්තීන විමුක්ති සංවිධානයට හා ජර්මානු විප්ලවීය පෙරමුණ යන ත්‍රස්ත සංවිධානයන්ට අයත් කොල්ලකරුවන් හතර දෙනෙක්ද අවි ආයුධ සමඟ රහසේම ගුවන් යානයට ඇතුල් වෙනවා. ඒ අතරට කාන්තාවක්ද අයත් වෙනවා.

යානය තම අණසකට යටත් කරගන්නා ත්රස්තයන් එය පැරිස් නුවර වෙත යාම වලක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පිහිටි එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන යාම සඳහා සැළසුම් කරනවා. අතරමගදී ලිබියාවේ බෙන්ගාසි ගුවන් තොටුපොළට ගොඩ බස්සවා යානයට ඉන්ධන පිරවීම සිදුකරන අතර 28 වනදා නැවතත් එන්ටෙබේ දක්වා ගමන් ආරම්භ කරනවා.

ඊශ්‍රායල් – පලස්තීන් වෛරය

එවකට උගන්ඩාවේ නායක ඉඩි අමීන් (Pinterest)

29 වනදා එන්ටෙබේ ගුවන් තොටුපොළට යානය ලගා වූ අතර සියලුම මගීන් ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලේ රැඳවීමට කොල්ලකරුවන් තීරණය කරනවා. මේ සඳහා එවකට උගන්ඩාවේ නායකයා වී සිටි ඉඩි අමීන්ගේ ආණ්ඩුවෙන් සහය ලැබෙනවා.

ඊශ්‍රායල් ජාතිකයන් වෙනමත් අනෙක් ජාතීන්ට අයත් පුද්ගලයන් වෙනමත් රදවා තබන්නට කටයුතු කරන කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීනුවන් 40 දෙනෙකු හා තවත් විවිධ රටවල සිරගත කර සිටින පලස්තීනුවන් 13 දෙනෙකු නිදහස් කරන ලෙස බලපෑම් කිරීමයි. ජූලි 1 වන විට ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවුනහොත් තම භාරයේ ඉන්නා ප්‍රාණ ඇපකරුවන් මරාදමන බවට තර්ජනය කරනවා.

29 වන දිනම ඊශ්‍රායල් නොවන ජාතිකයන් 48 දෙනෙකු ප්‍රංශයට අයත් ගුවන් යානයකින් පිටත් කර හරින්නට කොල්ලකරුවන් විසින් තීරණය කරන අතර ඊශ්‍රායල් රජය කොල්ලකරුවන් සමඟ එකඟතාවකට පැමිණීම හේතුවෙන් අවසන් දිනය ජූලි 4 වනදා දක්වා කල් දමා ගැනීමට හැකියාව ලැබෙනවා. ජූලි 1 වනදා තවත් ඊශ්‍රායල් ජාතිකයන් නොවන මගීන් 100 දෙනෙක් නිදහස් කිරීමට කොල්ලකරුවන් තීරණය කරනවා.

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා ගත් උත්සාහයන්

සටනේදී මියගිය ප්‍රහාර බළකායට අණදුන් ජොනතන් නෙතන්යාහු (alchetron.com)

ඊශ්‍රායල් නියෝජිතයන් විසින් ඉඩි අමීන් සාකච්ජා සඳහා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනුණු නමුත් එම සාකච්ජා සාර්ථක වන්නේ නෑ. දේශපාලන ක්‍රියාමාර්ග සාර්ථක නොවන බව වටහාගන්නා ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ නිලධාරීන් රහසිගත හමුදා මෙහෙයුමකට හොර රහසේ පිඹුරුපත් සැකසීම සිදු කරනවා. රහසිගත හමුදා මෙහෙයුමක් හැරුනුකොට වෙනත් විකල්පයක් නැති බව වටහාගන්නා ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලයද මෙහෙයුම සඳහා ජූලි 3 වනදා අනුමැතිය ලබා දෙනවා.

සමස්ත මෙහෙයුමේ අණදෙන නිළධාරියා ලෙස පත් කරනු ලබන්නේ දක්ෂ හමුදා නිලධාරියෙක් වූ බ්‍රිගේඩියර් ජෙනරාල් දන් ෂැම්රොන් (Dan Shomron). මොහු ඊශ්‍රායලය සම්බන්ධ වූ දින හයේ යුද්ධයේදී දස්කම් පෑ නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධව සිටි අතර ප්‍රහාරක බලඇණියේ නායකයා ලෙස ලුතිනන් කර්නල් ජොනතන් නෙතන්යාහු (Yonatan Netanyahu) පත් කරනවා.

ප්‍රහාරයේ සැළසුම

මෙහෙයුමේ ප්‍රහාරක ගුවන් නියමුවන් (Lockheed Martin)

රාත්‍රියේ මෙහෙයුම සිදු කිරීමට සැළසුම් කල අතර කමාන්ඩෝ භටයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂිත ලොක්හීඩ් සී-130 හර්කියුලිස් යානා හතරට අතරමගදී අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ගැටළුව ප්‍රහාරය සැලසුම් කරන අවස්ථාවේ පැන නගිනවා. මෙයට විසදුමක් ලෙස කෙන්යාවේ සිටි ප්‍රධාන හෝටල් සමූහයක අයිතිකරුවෙක් වූ යුදෙව් ජාතිකයෙකු හරහා එවකට කෙන්යාවේ ජනාධිපතිවරයා වූ ජෝමෝ කෙන්යාටා සම්බන්ධ කරගන්නා ඊශ්‍රායල් රජය ඉන්ධන ලබා ගැනීම සඳහා ගුවන් යානා කෙන්යාවට ගොඩබෑම සඳහා අවසර ලබා ගන්නවා.

කලින් නිදහස් කල පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම මගින් එන්ටෙබේ ගුවන් තොටුපොළ ආශ්‍රිතව සියලු තොරතුරු කල් තියා රැස් කරගැනීමට මොසාඩ් ඔත්තු සේවයට හැකිවෙන අතර කොල්ලකරුවන් ප්‍රමාණය, ඔවුන් සතුව ඇති අවි ආයුධ ප්‍රමාණය හා ප්‍රාණ ඇපකරුවන් සිටින පර්යන්ත ගොඩනැගිල්ලේ පිහිටීම වැනි විස්තර සියල්ලක්ම ලබා ගැනීමට ඊශ්‍රායලය සමත් වෙනවා.

ඉඩි අමීන්ගේ වාහනය ආකාරයට සමානව සැකසූ වාහනය (haaretz.com)

කමාන්ඩෝ භටයන් 100 දෙනකු කණ්ඩායම් හතරකට බෙදූ අතර ජොනතන් නෙතන්යාහු අණදුන් පළමු කණ්ඩායමට භාර වූයේ පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ලකර ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමයි. දෙවන හා තෙවන කණ්ඩායම් වලට ගුවන් පථය හා පැමිණි ගුවන් යානා ආරක්ෂා කිරීම භාර වූ අතර අනෙක් කණ්ඩායමට භාර වූයේ නවතා ඇති උගන්ඩාවට අයත් මිග් යානා සියල්ල විනාශ කර දැමීමයි.

සාර්ථක වූ මෙහෙයුම

මෙහෙයුම අවසන් වූ පසු, ගුවන් නියමුවෙක්ව උණුසුම්ව පිළිගන්නා ඊශ්‍රායල් ජනතාව (Evening Standard)

ඊශ්‍රායලයේ සිට උගන්ඩාව බලා යන ගුවන් යානා සියල්ලම අතරමග රටවල් වල රේඩාර් පද්ධතියට හසු නොවන පිණිස මීටර් 35කට ආසන්න ඉහළ උසකින්. එම යානාවන්ට අමතරව බෝයින් 707 යානා දෙකක්ද ගමන් කල අතර ඉන් එකක වෛද්‍ය පහසුකම් සළසා තිබු අතර එය කෙන්යානු ගුවන්තොටුපොළේ නවතා තබනවා. අනෙකේ ගමන් කරන ලද්දේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජෙනරාල් යකුටිල් ඇඩම් (Yekutiel Adam). එම ගුවන් යානය එන්ටෙබේ ගුවන් තොටුපොළට ඉහළ අහසේ සැරිසරමින් සිටින ලදී.

ජූලි 3 වනදා රාත්‍රී 11ට පමණ එන්ටෙබේ ගුවන් තොටුපොළට කමාන්ඩෝ භටයන් පිවිසෙන අතර ඔවුන් මගී පර්යන්තය අසලට ළඟා වන්නේ ඉඩි අමීන් ගුවන් තොටුපොළට පැමිණෙන ආකාරයට සමාන වූ රථ යොදා ගනිමින්. ඒවා ඊශ්‍රායලයේ සිට ගුවන් මගින් උගන්ඩාවට ගෙන ගොස් තිබුනා.

නෙතන්යාහු ඇතුළු භට කණ්ඩායම සාර්ථක ලෙස ප්‍රාණ ඇපකරුවන් රදවා සිටින ගොඩනැගිල්ලට ඇතුළු වන අතර ක්ෂණිකව ක්‍රියාත්මක වී කොල්ලකරුවන් හතර දෙනා ඝාතනය කරනවා. ගුවන් තොටුපොළට ඇතුල් වූ අනෙක් කණ්ඩායම් තුන ආරක්ෂාව තහවුරු කරන අතර ගුවන් තොටුපොළේ සිටි උගන්ඩා හමුදා භට කණ්ඩායමට සාර්ථකව ප්‍රහාර එල්ල කරනවා.

තුවාල ලැබූ ප්‍රාණ ඇපකරුවෙක් රැගෙන එන ඊශ්‍රායල් භටයන් (The Spectator)

කමාන්ඩෝ භටයන්ට විනාඩි 53ක් ඇතුලත ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට හැකියාව ලැබෙනවා. උගන්ඩා ගුවන් හමුදාවේ මිග් යානා විනාශ කර අනතුරුව පැමිණි ඔවුන් පැමිණි ගුවන් යානා වලට ඉන්ධන ලබාගෙන ප්‍රාණ ඇපකරුවන් ගුවන් යානා වලට නංවාගෙන පිටත් වීමට තවත් විනාඩි 37ක කාලයක් ගත වෙනවා.

ප්‍රහාරයේ අවසාන මොහොතේදී පාලන කුලුනේ සිට උගන්ඩා හමුදා භටයෙක් එල්ල කල ස්නයිපර් ප්‍රහාරයකට ලක්ව නෙතන්යාහු මරණයට පත්වෙන අතර ප්‍රහාරය අතරතුර ප්‍රාණ ඇපකරුවන් තිදෙනක් මරණයට පත්වෙනවා. වෙනත් කිසිදු ඊශ්‍රායල් කමාන්ඩෝ භටයෙකු මරණයට පත් නොවුණු නමුත් උගන්ඩා හමුදා සාමාජිකයන් 45 දෙනක් පමණ සටන හේතුවෙන් මරණයට පත්වෙනවා.

විස්මිත මෙහෙයුම පිළිබඳව ලෝකයේ අවධානය

මුදාගත් ප්‍රාණ ඇපකරුවන් (Whale Oil)

ක්ෂණිකව සිදුකළ අති සාර්ථක ප්‍රහාරය පිළිබඳව බටහිර රටවල් ඊශ්‍රායලයට පක්ෂව කතා කල අතර එම රටවල පැසසුමද හිමි වෙනවා. නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ එවකට මහලේකම් කූට් වෝල්ඩ්හයිම් (Kurt Waldheim) පවසන්නේ මෙය උගන්ඩාවේ ස්වාධීනත්වයට එල්ල කල මරු පහරක් බවයි. අරාබි හා කොමියුනිස්ට් රටවල් එය හෙළා දකිනු ලැබූ අතර ප්රචණ්ඩත්වය මුදාහැරීමක් ලෙසද හදුන්වනු ලබනවා.

උණුසුම්ව පිළිගනු ලැබූ සොල්දාදුවන් (SOFREP.com)

2012 වසරේදී උගන්ඩාව හා ඊශ්‍රායලය එක්ව මෙම සිදුවීම එන්ටෙබේ ගුවන් තොටුපොළේදී සමරනු ලැබූ අතර දෙරටේම මිය ගිය පුද්ගලයන් සිහිකෙරූ අතර ත්රස්තවාදයට එරෙහිව මනුෂ්‍යත්වයෙන් යුතුව ඉදිරියට ක්‍රියා කරන බව ප්‍රකාශ කර සිටිනවා.

[QUOTE="Idias, post: 23470055, member: 556682"] [b]ඔපරේෂන් තන්ඩර්බෝල්ට්[/b] [SIZE=4]ලෝක යුධ ඉතිහාසය තුළ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් අතරින් වඩාත් සාර්ථක මෙහෙයුම ලෙස නම් කල හැක්කේ 1976 වසරේ ජූලි මස 4 දින උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිරකරගෙන සිටි මගීන් 102නෙකු ඊශ්‍රායල් කමාන්ඩෝ බළකා සෙබළුන් විසින් මුදාගැනීමේ “ඔපරේෂන් තන්ඩර්බෝල්ට්” නම් යුධ මෙහෙයුමයි.[/SIZE] [SIZE=4]ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවයේ නිලධාරීන් හා කමාන්ඩෝ බළකා නිලධාරීන් එක්ව සැලසුම් කළ මෙම මෙහෙයුම මගින් ලෝකයා විශ්මයට පත් වූ අතර එම මෙහෙයුම පාදක කරගනිමින් මේ වන විට නිර්මාණය වී තිබෙන චිත්‍රපට, ටෙලිනාට්‍ය මාලා හා පරිගණක ක්‍රීඩා ප්‍රමාණය අති විශාලයි.[/SIZE] [B][SIZE=4][B]පැරිස් නුවරට යායුතු ගුවන් යානය උගන්ඩාවේ කම්පාලා නුවරට [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/016.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පැරණි එන්ටෙබේ ගුවන් තොටුපොළ (Wikimapia)[/SIZE] [SIZE=4]ඒ 1979 වසරේ ජූනි 27 වනදායි. ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි (Tel Aviv) බෙන් ජුරියන් (Ben Gurion) ගුවන්තොටුපොළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා ගුවන් ගමන් අංක 139 යටතේ [URL="https://www.spectator.co.uk/2015/07/was-operation-thunderbolt-the-most-daring-mission-in-history/"]ගමන් ආරම්භ කරන[/URL] ප්‍රංශ ගුවන් සේවයට අයත් A300 වර්ගයේ එයාර් බස් ගුවන් යානයේ ගමන් මග වූයේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර හරහා පැරීසියට යාමයි. යානයේ මගීන් 246 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 12කින් සමන්විත විය.[/SIZE] [SIZE=4]ඇතැන්ස් හිදී තවත් මගීන් ප්‍රමාණයක් ගොඩවන අතර ඒ අතරම පලස්තීන විමුක්ති සංවිධානයට හා ජර්මානු විප්ලවීය පෙරමුණ යන ත්‍රස්ත සංවිධානයන්ට අයත් කොල්ලකරුවන් හතර දෙනෙක්ද අවි ආයුධ සමඟ රහසේම ගුවන් යානයට ඇතුල් වෙනවා. ඒ අතරට [URL="https://www.theguardian.com/world/2016/jun/25/entebbe-raid-40-years-on-israel-palestine-binyamin-netanyahu-jonathan-freedland"]කාන්තාවක්ද අයත් වෙනවා[/URL].[/SIZE] [SIZE=4]යානය තම අණසකට යටත් කරගන්නා ත්රස්තයන් එය පැරිස් නුවර වෙත යාම වලක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පිහිටි එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන යාම සඳහා සැළසුම් කරනවා. අතරමගදී ලිබියාවේ බෙන්ගාසි ගුවන් තොටුපොළට ගොඩ බස්සවා යානයට ඉන්ධන පිරවීම සිදුකරන අතර 28 වනදා නැවතත් එන්ටෙබේ දක්වා ගමන් ආරම්භ කරනවා.[/SIZE] [B][SIZE=4][B]ඊශ්‍රායල් – පලස්තීන් වෛරය [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/026-701x1049.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]එවකට උගන්ඩාවේ නායක ඉඩි අමීන් (Pinterest)[/SIZE] [SIZE=4]29 වනදා එන්ටෙබේ ගුවන් තොටුපොළට යානය ලගා වූ අතර සියලුම මගීන් ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලේ රැඳවීමට කොල්ලකරුවන් තීරණය කරනවා. මේ සඳහා එවකට උගන්ඩාවේ නායකයා වී සිටි ඉඩි අමීන්ගේ ආණ්ඩුවෙන් සහය ලැබෙනවා.[/SIZE] [SIZE=4]ඊශ්‍රායල් ජාතිකයන් වෙනමත් අනෙක් ජාතීන්ට අයත් පුද්ගලයන් වෙනමත් රදවා තබන්නට කටයුතු කරන කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීනුවන් 40 දෙනෙකු හා තවත් විවිධ රටවල සිරගත කර සිටින පලස්තීනුවන් 13 දෙනෙකු නිදහස් කරන ලෙස බලපෑම් කිරීමයි. ජූලි 1 වන විට ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවුනහොත් තම භාරයේ ඉන්නා ප්‍රාණ ඇපකරුවන් මරාදමන බවට තර්ජනය කරනවා.[/SIZE] [SIZE=4]29 වන දිනම ඊශ්‍රායල් නොවන ජාතිකයන් 48 දෙනෙකු ප්‍රංශයට අයත් ගුවන් යානයකින් පිටත් කර හරින්නට කොල්ලකරුවන් විසින් තීරණය කරන අතර ඊශ්‍රායල් රජය කොල්ලකරුවන් සමඟ එකඟතාවකට පැමිණීම හේතුවෙන් අවසන් දිනය ජූලි 4 වනදා දක්වා කල් දමා ගැනීමට හැකියාව ලැබෙනවා. ජූලි 1 වනදා තවත් ඊශ්‍රායල් ජාතිකයන් නොවන මගීන් 100 දෙනෙක් නිදහස් කිරීමට කොල්ලකරුවන් [URL="http://www.monitor.co.ug/Magazines/PeoplePower/How-Israel-planned-90-minute-raid-on-Entebbe-airport/689844-3277178-ir2kndz/index.html"]තීරණය කරනවා[/URL].[/SIZE] [B][SIZE=4][B]ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා ගත් උත්සාහයන් [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/036-701x490.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]සටනේදී මියගිය ප්‍රහාර බළකායට අණදුන් ජොනතන් නෙතන්යාහු (alchetron.com)[/SIZE] [SIZE=4]ඊශ්‍රායල් නියෝජිතයන් විසින් ඉඩි අමීන් සාකච්ජා සඳහා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනුණු නමුත් එම සාකච්ජා සාර්ථක වන්නේ නෑ. දේශපාලන ක්‍රියාමාර්ග සාර්ථක නොවන බව වටහාගන්නා ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ නිලධාරීන් රහසිගත හමුදා මෙහෙයුමකට හොර රහසේ පිඹුරුපත් සැකසීම සිදු කරනවා. රහසිගත හමුදා මෙහෙයුමක් හැරුනුකොට වෙනත් විකල්පයක් නැති බව වටහාගන්නා ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලයද මෙහෙයුම සඳහා ජූලි 3 වනදා අනුමැතිය ලබා දෙනවා.[/SIZE] [SIZE=4]සමස්ත මෙහෙයුමේ අණදෙන නිළධාරියා ලෙස පත් කරනු ලබන්නේ දක්ෂ හමුදා නිලධාරියෙක් වූ බ්‍රිගේඩියර් ජෙනරාල් දන් ෂැම්රොන් (Dan Shomron). මොහු ඊශ්‍රායලය සම්බන්ධ වූ දින හයේ යුද්ධයේදී දස්කම් පෑ නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධව සිටි අතර ප්‍රහාරක බලඇණියේ නායකයා ලෙස ලුතිනන් කර්නල් ජොනතන් නෙතන්යාහු (Yonatan Netanyahu) [URL="http://www.monitor.co.ug/Magazines/PeoplePower/How-Israel-planned-90-minute-raid-on-Entebbe-airport/689844-3277178-ir2kndz/index.html"]පත් කරනවා[/URL].[/SIZE] [B][SIZE=4][B]ප්‍රහාරයේ සැළසුම [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/045-701x354.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මෙහෙයුමේ ප්‍රහාරක ගුවන් නියමුවන් (Lockheed Martin)[/SIZE] [SIZE=4]රාත්‍රියේ මෙහෙයුම සිදු කිරීමට සැළසුම් කල අතර කමාන්ඩෝ භටයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂිත ලොක්හීඩ් සී-130 හර්කියුලිස් යානා හතරට අතරමගදී අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ගැටළුව ප්‍රහාරය සැලසුම් කරන අවස්ථාවේ පැන නගිනවා. මෙයට විසදුමක් ලෙස කෙන්යාවේ සිටි ප්‍රධාන හෝටල් සමූහයක අයිතිකරුවෙක් වූ යුදෙව් ජාතිකයෙකු හරහා එවකට කෙන්යාවේ ජනාධිපතිවරයා වූ ජෝමෝ කෙන්යාටා සම්බන්ධ කරගන්නා ඊශ්‍රායල් රජය ඉන්ධන ලබා ගැනීම සඳහා ගුවන් යානා කෙන්යාවට ගොඩබෑම සඳහා [URL="http://www.monitor.co.ug/Magazines/PeoplePower/How-Israel-planned-90-minute-raid-on-Entebbe-airport/689844-3277178-ir2kndz/index.html"]අවසර ලබා ගන්නවා[/URL].[/SIZE] [SIZE=4]කලින් නිදහස් කල පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම මගින් එන්ටෙබේ ගුවන් තොටුපොළ ආශ්‍රිතව සියලු තොරතුරු කල් තියා රැස් කරගැනීමට මොසාඩ් ඔත්තු සේවයට හැකිවෙන අතර කොල්ලකරුවන් ප්‍රමාණය, ඔවුන් සතුව ඇති අවි ආයුධ ප්‍රමාණය හා ප්‍රාණ ඇපකරුවන් සිටින පර්යන්ත ගොඩනැගිල්ලේ පිහිටීම වැනි [URL="https://www.spectator.co.uk/2015/07/was-operation-thunderbolt-the-most-daring-mission-in-history/"]විස්තර සියල්ලක්ම ලබා ගැනීමට[/URL] ඊශ්‍රායලය සමත් වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/054.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඉඩි අමීන්ගේ වාහනය ආකාරයට සමානව සැකසූ වාහනය (haaretz.com)[/SIZE] [SIZE=4]කමාන්ඩෝ භටයන් 100 දෙනකු කණ්ඩායම් හතරකට බෙදූ අතර ජොනතන් නෙතන්යාහු අණදුන් පළමු කණ්ඩායමට භාර වූයේ පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ලකර ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමයි. දෙවන හා තෙවන කණ්ඩායම් වලට ගුවන් පථය හා පැමිණි ගුවන් යානා ආරක්ෂා කිරීම භාර වූ අතර අනෙක් කණ්ඩායමට භාර වූයේ නවතා ඇති උගන්ඩාවට අයත් මිග් යානා සියල්ල විනාශ කර දැමීමයි.[/SIZE] [B][SIZE=4][B]සාර්ථක වූ මෙහෙයුම [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/063-701x467.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මෙහෙයුම අවසන් වූ පසු, ගුවන් නියමුවෙක්ව උණුසුම්ව පිළිගන්නා ඊශ්‍රායල් ජනතාව (Evening Standard)[/SIZE] [SIZE=4]ඊශ්‍රායලයේ සිට උගන්ඩාව බලා යන ගුවන් යානා සියල්ලම අතරමග රටවල් වල රේඩාර් පද්ධතියට හසු නොවන පිණිස මීටර් 35කට ආසන්න ඉහළ උසකින්. එම යානාවන්ට අමතරව [URL="https://www.theguardian.com/world/2016/jun/25/entebbe-raid-40-years-on-israel-palestine-binyamin-netanyahu-jonathan-freedland"]බෝයින් 707 යානා දෙකක්ද[/URL] ගමන් කල අතර ඉන් එකක වෛද්‍ය පහසුකම් සළසා තිබු අතර එය කෙන්යානු ගුවන්තොටුපොළේ නවතා තබනවා. අනෙකේ ගමන් කරන ලද්දේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජෙනරාල් යකුටිල් ඇඩම් (Yekutiel Adam). එම ගුවන් යානය එන්ටෙබේ ගුවන් තොටුපොළට ඉහළ අහසේ [URL="http://www.monitor.co.ug/Magazines/PeoplePower/How-Israel-planned-90-minute-raid-on-Entebbe-airport/689844-3277178-ir2kndz/index.html"]සැරිසරමින් සිටින ලදී.[/URL][/SIZE] [SIZE=4]ජූලි 3 වනදා රාත්‍රී 11ට පමණ එන්ටෙබේ ගුවන් තොටුපොළට කමාන්ඩෝ භටයන් පිවිසෙන අතර ඔවුන් මගී පර්යන්තය අසලට ළඟා වන්නේ ඉඩි අමීන් ගුවන් තොටුපොළට පැමිණෙන [URL="https://www.theguardian.com/world/2016/jun/25/entebbe-raid-40-years-on-israel-palestine-binyamin-netanyahu-jonathan-freedland"]ආකාරයට සමාන වූ රථ යොදා ගනිමින්[/URL]. ඒවා ඊශ්‍රායලයේ සිට ගුවන් මගින් උගන්ඩාවට ගෙන ගොස් තිබුනා.[/SIZE] [SIZE=4]නෙතන්යාහු ඇතුළු භට කණ්ඩායම සාර්ථක ලෙස ප්‍රාණ ඇපකරුවන් රදවා සිටින ගොඩනැගිල්ලට ඇතුළු වන අතර ක්ෂණිකව ක්‍රියාත්මක වී කොල්ලකරුවන් හතර දෙනා ඝාතනය කරනවා. ගුවන් තොටුපොළට ඇතුල් වූ අනෙක් කණ්ඩායම් තුන ආරක්ෂාව තහවුරු කරන අතර ගුවන් තොටුපොළේ සිටි උගන්ඩා හමුදා භට කණ්ඩායමට සාර්ථකව ප්‍රහාර එල්ල කරනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/073.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]තුවාල ලැබූ ප්‍රාණ ඇපකරුවෙක් රැගෙන එන ඊශ්‍රායල් භටයන් (The Spectator)[/SIZE] [SIZE=4]කමාන්ඩෝ භටයන්ට විනාඩි 53ක් ඇතුලත ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට හැකියාව ලැබෙනවා. උගන්ඩා ගුවන් හමුදාවේ මිග් යානා විනාශ කර අනතුරුව පැමිණි ඔවුන් පැමිණි ගුවන් යානා වලට ඉන්ධන ලබාගෙන ප්‍රාණ ඇපකරුවන් ගුවන් යානා වලට නංවාගෙන පිටත් වීමට තවත් විනාඩි 37ක [URL="http://www.monitor.co.ug/Magazines/PeoplePower/How-Israel-planned-90-minute-raid-on-Entebbe-airport/689844-3277178-ir2kndz/index.html"]කාලයක් ගත වෙනවා.[/URL][/SIZE] [SIZE=4]ප්‍රහාරයේ අවසාන මොහොතේදී පාලන කුලුනේ සිට උගන්ඩා හමුදා භටයෙක් එල්ල කල ස්නයිපර් ප්‍රහාරයකට ලක්ව නෙතන්යාහු මරණයට පත්වෙන අතර ප්‍රහාරය අතරතුර ප්‍රාණ ඇපකරුවන් තිදෙනක් මරණයට පත්වෙනවා. වෙනත් කිසිදු ඊශ්‍රායල් කමාන්ඩෝ භටයෙකු මරණයට පත් නොවුණු නමුත් උගන්ඩා හමුදා සාමාජිකයන් 45 දෙනක් පමණ සටන හේතුවෙන් මරණයට පත්වෙනවා.[/SIZE] [B][SIZE=4][B]විස්මිත මෙහෙයුම පිළිබඳව ලෝකයේ අවධානය [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/081-701x395.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මුදාගත් ප්‍රාණ ඇපකරුවන් (Whale Oil)[/SIZE] [SIZE=4]ක්ෂණිකව සිදුකළ අති සාර්ථක ප්‍රහාරය පිළිබඳව බටහිර රටවල් ඊශ්‍රායලයට පක්ෂව කතා කල අතර එම රටවල පැසසුමද හිමි වෙනවා. නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ එවකට මහලේකම් කූට් වෝල්ඩ්හයිම් (Kurt Waldheim) පවසන්නේ මෙය උගන්ඩාවේ [URL="http://www.monitor.co.ug/Magazines/PeoplePower/How-Israel-planned-90-minute-raid-on-Entebbe-airport/689844-3277178-ir2kndz/index.html"]ස්වාධීනත්වයට එල්ල කල මරු පහරක් බවයි[/URL]. අරාබි හා කොමියුනිස්ට් රටවල් එය [URL="https://www.knesset.gov.il/lexicon/eng/entebbi_eng.htm"]හෙළා දකිනු ලැබූ අතර[/URL] ප්රචණ්ඩත්වය මුදාහැරීමක් ලෙසද හදුන්වනු ලබනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/091.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]උණුසුම්ව පිළිගනු ලැබූ සොල්දාදුවන් (SOFREP.com)[/SIZE] [SIZE=4]2012 වසරේදී උගන්ඩාව හා ඊශ්‍රායලය එක්ව මෙම සිදුවීම එන්ටෙබේ ගුවන් තොටුපොළේදී සමරනු ලැබූ අතර දෙරටේම මිය ගිය පුද්ගලයන් සිහිකෙරූ අතර ත්රස්තවාදයට එරෙහිව මනුෂ්‍යත්වයෙන් යුතුව ඉදිරියට ක්‍රියා කරන බව ප්‍රකාශ කර සිටිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom