ඔබට වැදගත් වෙබ් අඩවි

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඔබට වැදගත් වෙබ් අඩවි

    1.Yoono
    සෝෂල් නෙට්වර්ක් එකවුන්ට්ස් එකම තැනකට ගෙන එන 'යූනූ'


    මෙම වෙබ් අඩවියෙන් ලබා දෙන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත් විට යූටියුබ්, ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩින් වැනි සෝෂල් නෙට්වර්කිං සේවා ගණනාවකම එකවුන්ට්ස් වෙත එකම තැනකින් ලොග් වන්නට පුළුවන.
    (yoono.com)



    2.සි
    ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබා දෙන 'සිංහල ඩික්ෂනරි'


    නොයෙක් ඉංග්‍රීසි වචන වලට ගැලපෙන සිංහල වචන, අරුත් කෝෂ ගණනාවකින්ම් සොයා, මෙම ඔන්ලයින් ඩික්ෂනරියෙන් ඉදිරිපත් කරයි.
    (sinhaladictionary.org)



    3.Todo.ly
    පහසුවෙන් වැඩ ලැයිස්තු සාදාගත හැකි 'ටූඩූලී'


    මෙම වෙබ් අඩවිය හරහා අපගේ එදිනෙදා වැඩකටයුතු ඉතා පිළිවෙළට වැඩ ලැයිස්තු සේ සකසා ගත හැක.
    (todo.ly)



    4.SOUNDCLOUD
    එදිනෙදා ඕඩියෝ ක්ලිප් අප්ලෝඩ් කොට තැබිය හැකි 'සවුන්ඩ්ක්ලවුඩ්'


    එදිනෙදා කතාබහ හෝ ඔනෑම ඕඩියෝ ක්ලිප් එකක් මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කොට තැබිය හැකිය. එසේම එතැන ලබා දෙන ලින්ක් එක බ්ලොග් හෝ වෙබ් අඩවි වලට එක් කළ හැකිය.
    (soundcloud.com)



    5. 10 Minute Mail
    තාවකාලික ඉ-මේල් ලිපින තනා දෙන 'ටෙන් මිනිට් මේල්'


    නොයෙක් වෙබ් සේවා වලින් ප්‍රයෝජන ගැනීමට එම වෙබ් අඩවි වෙත පිවිසෙන විට සක්‍රීය ඉ-මේල් ලිපින ඉල්ලා සිටින වේලාවන් තිබේ. එවිට තමාගේ ඉ-මේල් ලිපින ය ලබා දීමට අකමැතිනම් මෙම වෙබ් ලිපිනයෙන් සක්‍රීය තාවකාලික ඉ-මේල් ලිපිනයක් ලබා ගත හැකිය.
    (10minutemail.com)


    6. Canvas
    ඉමේජ් ෂෙයාර් කරමින් කැමති විදිහට එඩිට් කළ හැකි 'කැන්වස්'


    මෙම වෙබ් අඩවියට ඉමේජයක් අප්ලෝඩ් කළ විට, වෙබ් අඩවියට සම්බන්ධ වී සිටින අයට කැමති තාලයකට විවිධ අංග එකතු කරමින් එඩිට් කරන්නට පුලුවන. එය නැවත නැවත ෂෙයාර් කරමින් ඉමේජය දියුණු කරන්නට ද පුලුවන.
    (canv.as)