Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් ඇස්බෙස්ටස් වහලක් යටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් ඇස්බෙස්ටස් වහලක් යටද?

මචන්ලා මෙන්න ඇස්බැස්ටෝස් ගැන දැක්ක දෙයක් වැදගත් වෙයි කියල හිතෙන නිසා කිරියේ share කරනවා

ඔබත් ඇස්බෙස්ටස් වහලක් යටද?

අපේ කන්තෝරුවේ සහෝදර මාධ්‍යවේදියකු මීට වසර පහකට පමණ පෙර හදිසියේ ඇදුම රෝගියකු බවට පත් විය. කරුණු සොයාගෙන යන විට දිනක් තමා නිවෙසේ අලුත්වැඩියාවක් සඳහා ඇස්බෙස්ටස් තහඩු වගයක් කැපූ බවත්, එදින විදුලිපංකාව ක්‍රියාත්මක කර නිදාගත් පසු කැස්සක් සමඟ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ බවත් ඔහුට මතක් විය.

ග්‍රයින්ඩරයෙන් කැපූ ඇස්බෙස්ටස්වල කුඩු රෑ පුරා ආඝ්‍රාණය කිරීම හේතුවෙන් ඔහු ඇදුම රෝගයෙන් පෙෙළන්නකු බවට පත් වී ඇති බව දැනගෙන ඇත්තේ කලකට පසුවය.

මේ කතාබහට මුල පිරුණේ හදිසියේම ජනාධිපතිවරයා 2018 වසරේ සිට ඇස්බෙස්ටස් තහනම් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟය. දන්නා-අඳුනන අය බොහෝ දෙනකු මේ ප්‍රකාශයෙන් කලබලයට පත් වී තිබිණි. එයට හේතු දෙකක් විය.

එකක් අපේ රටේ සියයට අසූවක් අනූවක් පමණ ඇත්තේ ඇස්බෙස්ටස් සෙවිලි කළ වහලවල් නිසා අතේ තිබෙන අන්තිම තඹ දොයිතුවත් වියදම් කර හදාගත් පැලේ වහල ගලවන්න වුණොත් කාට කියන්නද කියන බියය. අනෙක එසේ දහදුක් විඳ හදාගත් වහල නිසා පිළිකා රෝගියකු වීමට සිදු වුව හොත් යන බියය.

රටටම ඇති වූ මේ ගැටලු විසඳීමට අපි පළමුව අපේ හිසට උඩින් ඇති ඇස්බෙස්ටස් යනු කුමක්ද කියා සොයා බලමු.

ඇස්බෙස්ටස් යනුවෙන් හඳුන්වන්නේ ස්වාභාවිකව ඇති වන ක්ෂුද්‍ර තන්තු වර්ගයකි. එය කළුගල් නිර්මාණය විමේදී වැදගත්වන ස්වාභාවික සිලිකේට් ඛණිජ වර්ග හයකින් සමන්විත වේ. නිල්, සුදු, දුඹුරු සහ කොළ පැහැයෙන් මේ ඇස්බෙස්ටස් දැකිය හැකිය. වසර 4000කටත් පෙර සිට මේවා කැණීමට මිනිසුන් පුරුදුව සිටියද මහා පරිමාණයෙන් ඇස්බෙස්ටස් භාවිතයට ලෝකය හුරු වූයේ 19 වැනි සියවසේදීය.

ශබ්ද උරාගැනීම, බර දරාගැනීම, තාපයට, ගින්නට, රසායන ද්‍රව්‍යවලට ඔරොත්තු දීම, විදුලි සන්නායකයක් නොවීම වැනි ගුණාංග නිසාත් මිල අඩු නිසාත් ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිරුණු ඇස්බෙස්ටස් 1930 දශකයේ අග භාගයේ පමණ අපේ රටට හඳුන්වා දුන් පසු අංක එකේ සෙවිලි තහඩු බවට අද පත්වී ඇත. සෙවිලි තහඩු නිපදවන්නේ ඇස්බෙස්ටස් කුඩු සිමෙන්ති ආදිය සමඟ මිශ්‍ර කරගෙනය.

ඇස්බෙස්ටස් භාවිත කරන්නේ සෙවිලි තහඩු ලෙස පමණද? මේ ගැටලුවට පිළිතුරු සැපයුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනතුරු, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ හිටපු වැඩසටහන් කළමනාකරු වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතාය. ඔහු වසර ගණනාවක් තිස්සේ මේ ඇස්බෙස්ටස් භාවිතය පිළිබඳ ඇති අවදානම වරින් වර මතු කළ අයෙකි. එහෙත් එහි ප්‍රතිඵලය ලැබුණේ පසුගියදාය.

“ඇස්බෙස්ටස්වලින් සිදු විය හැකි සෞඛ්‍ය හානිය පිළිබඳ අපි කතා කළේ බොහෝ කාලයක සිටයි. ඒත් ජනමාධ්‍යවලින් හෝ වෙනත් කිසිම ආකාරයකින් ජනතාවට හරි අවබෝධයක් ලැබුණේ නෑ. මීට අවුරුදු 20කට පමණ පෙර තමයි නිල් ඇස්බෙසටස් තහනම් කළේ. ඒ පිළිකාකාරකයක් බව දැනගත් නිසා. දැන් සොයාගෙන තිබෙනවා බ්‍රවුන්, වයිට්, ග්‍රීන් ඒවා පවා විෂ බව. ඇස්බෙස්ටස් වහලට, සීලිමට වඩා වාහනවල ක්ලච් ප්ලේට්, බ්රේක් පෑඩ් වගේම ශීත රටවල සීතල පාලනය කරන්න බිත්තිවලටත් යොදාගන්නවා.

ඉන්දියානු වාහන බහුතරයක් බ්රේක් පෑඩ්වලට යොදන්නේ යොදන්නේ මේවා. ඒ නිසා වාහනයක් බ්රේක් කරන වාරයක් පාසා ඇස්බෙස්ටස් කුඩු පරිසරයට මුදාහැරෙනවා. අනෙක, බ්රේක් පෑඩ් සාමාන්‍යයෙන් වසරකට පාරක් වත් මාරු කරනවා. ඒ වාරයක් පාසා අහක දමන ඇස්බෙස්ටස් පරිසරයට එකතු වෙනවා.”

ඒ අනුව ගත් කල මේ ද්‍රව්‍ය පිටරටවල වැඩිපුර භාවිත කළත් මහා මාර්ගවල ධාවනය වන රථ වාහන නිසා අපටද ඇස්බෙස්ටස් විෂෙන් මිදීමට හැකියාවක් නැත. මේ වන විට බොහෝ රටවල් එය තහනම් කිරීමට පියවර ගෙන තිබෙන්නේද මේ කරුණු පදනම් කරගනිමිනි.

දරුණු පිළිකාකාරකයක් ලෙස හඳුනාගත් පසු අන්තර්ජාතික ඇස්බෙස්ටස් තහනම් කිරීමේ ලේකම් කාර්යාලය මඟින් නිකුත් කර ඇති වාර්තාවට අනුව ඇස්බෙස්ටස් තහනම් කළ රටවල් සංඛ්‍යාව 56කි. ඒ අතර ප්රංසය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය, ජපානය, මැදපෙරදිග රටවල් හා දකුණු අප්‍රිකාව ආදි රටවල්ද වේ. එහෙත් එක්සත් ජනපදයේ පවතින නීතියේ ඇති දුර්වලතා නිසා මෙය තහනම් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

1800 කාලයේ සිට දකුණු අමෙරිකාව වාණිජමය වශයෙන් ඇස්බෙස්ටස් නිෂ්පාදනය කළ අතර, දෙවැනි ලෝක යුද සමයේ එහි භාවිතය ඉතා ඉහළ මට්ටමක පැවතිණි. මේ වන විට ඇස්බෙස්ටස් නිෂ්පාදනය කරන ප්‍රධානම රට රුසියාවයි. චීනය, බ්‍රසීලය, කසකස්තානය හා කැනඩාව පිළිවෙළින් සිටින්නේ ඒ පිටුපසයි. මේ ද්‍රව්‍යය අපේ රටේද මෙතුවක් තහනම් නොවීමට හේතුව කුමක්ද? වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල මහතා එයට හේතු දැක්වූයේ මෙසේය.

“ඇත්තෙන්ම ඇස්බෙස්ටස්වලට මේ තරම් ඉල්ලුමක් ඇති වුණේ ඒවා ලාභදායී නිසයි. මේ වන තුරු බදු අය කිරීමක් ඒ සඳහා සිදු වුණේ නෑ. එහෙත් අනෙක් සෙවිලි තහඩුවලට විශාල බද්දක් යොදා තිබූ නිසා ඒවා සාපේක්ෂව ඉතා ඉහළ මිලක් ගත්තා.”

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද ඇස්බෙස්ටස් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාව තහවුරු කළේ මෙසේ පවසමිනි.

“මේ සියුම් ඛණිජය තවත් ඛණිජ වර්ග සමඟ මිශ්‍ර කරලා තමයි ශක්තිමත් ව්‍යුහයක් හදාගන්නේ. ඒත් කාලයක් ගත වන විට මෙහි සියුම් තන්තු වාතයට නිරාවරණය වෙලා පෙණහලු පිළිකා ඇති වනවා.

පෙණහල්ලේ ප්ලූරා පටකයේ මීසොතෙලියොමා නම් රෝගය ඇති කරන්න මෙය හේතු වනවා. විශේෂයෙන් ඇස්බෙස්ටස් නිපදවන කම්හල්වල සේවකයන් ශ්වසන රෝගවලින් පෙළෙන්නයි, පසුව පිළිකාවට ගොදුරු වෙන්නයි ගත්තාමයි මෙහි විෂ තත්ත්වය පිළිබඳ අනාවරණය වුණේ. ලෝකේ ප්‍රධාන පිළිකාකාරක තුන වන්නේ නිකොටින්, ආසනික් හා ඇස්බෙස්ටස්. අපි දැනට අවරුදු දහයක පහළොවක ඉඳන් මෙය තහනම් කරන්න කීවේ ඒ නිසයි.”

මෙහිදී නිතැතින්ම නැඟෙන කුතූහලය නම් ඇස්බෙස්ටස් නිසාම පිළිකා ඇති වී දිවි අහිමි වූවන් පිළිබඳ අපේ රටේ සංගණනයක් කර තිබේද යන්නයි. එයට චන්න ජයසුමන ආචාර්යවරයා පැවසුවේ මෙවන් මතයකි.

“අපේ රටේ එහෙම පර්යේෂණයක් කෙරී නැහැ. ඒත් පෙණහලු පිළිකා පසුගිය වසර 10ක්-15ක් අතර වැඩි වී තිබෙන බව නිරීක්ෂණය කර තිබෙනවා. එයින් කියන්න බෑ සියයට 100ක් ඇස්බෙස්ටස් නිසාමයි මේ දේ වුණේ කියලා. ඒත් වකුගඩු ප්රශ්නයේදීත් මේ වගේම ඔප්පු කර පෙන්වන්න කීවට ඒ වගේ පර්යේෂණ කරන්න විශාල වියදමක් අවශ්‍යයි. අනෙක මිනිසුන් යොදාගෙන පිරිසකට ඇස්බෙස්ටස් කුඩු ආශ්වාස කරන්න දීලා මේ දේ කරන්න අපට පුළුවන්කමක් නෑ. සතුන් යොදා කළ පර්යේෂණවලින් ඒ කරුණු තහවුරු කර තිබෙනවා.”

එය තහවුරු කරමින් වෛද්‍ය යකන්දාවල මහතා පැවසුවේ,

“ඇස්බෙස්ටස් කර්මාන්ත ශාලාවක සේවය කළ තාත්තා ගෙදර ඇවිත් ඇඳුම් ගසන විට එයින් ඇස්බෙස්ටස් කුඩු ආඝ්‍රාණය වුණු දියණිය කලකදී පෙණහලු පිළිකාවකින් මියගිය ආකාරය මේවායේ විෂ ගැන කියන්න හොඳම උදාහරණයක්.

හැබැයි අපි මේ දේවල් කියද්දී ඒ කර්මාන්තකරුවන්ගේ සිත් රිදෙන්න පුළු වන්. ඒ වගේම වසර කීපයකට කලින් අපි මේ ගැන කියද්දී පිටරටකින් ආ විශේෂඥවරයෙක් ඇස්බෙස්ටස්වල කිසි විෂක් නෑ කීවා. එසේ නම් ඔහුගේ මවු රට මේවා තහනම් කළේ ඇයිදැයි විමසූ විට ඔහු නිහඬ වුණා. එවැනි දෙවලුත් සිදු වෙනවා.”

මහරගම ජාතික පිළිකා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගෙන් මෙවැනි රෝග තත්ත්වයන් පිළිබඳ නිරීක්ෂණය කෙසේදැයි විමසූ විට ඔහු පැවසුවේ,

“කුඩා දරුවන්ගේ පිළිකා තත්ත්වයන් සඳහා මෙය හේතු වුණාද යන්න පිළිබඳ අපට හරියටම කියන්න බෑ. කොහොමත් කෑම-බීම, පරිසරය, විවිධ රසායන ද්‍රව්‍ය ආදි සියල්ල පිළිකාවලට හෙතු වෙනවා. අප තේරුම්ගත යුතු දේ තමයි අප නොදන්න දේ බොහෝයි කියන එක. ඒ නිසා පොඩි හරි සැකයක් ඒ ගැන ඇති වී තිබෙනවා නම් කුඩා දරුවන් මේ ද්‍රව්‍යවලට නිරාවරණය වීම වැළැක්වීමට වගේම ඒ කර්මාන්ත ශාලා අසල වෙසෙන දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමටත්, මෙවා තහනම් කිරීමටත් පියවර ගැනීම හොඳයි.”

ජාතික පිළිකා ඒකකයේ සඳහන් ආකාරයට පෙණහලු පිළිකාවලට අමතරව මේ නිසා උගුරේ, වකුගඩුවල, බඩවැල් හා පිත්තාශය ආශ්රිත පිළිකාද ඇති විය හැකිය. ඇස්බෙස්ටස් නිසා ඇති වන දරුණු ලෙඩවල රෝග ලක්ෂණ ලෙස කෙටි හුස්ම, ඇදුම, දිගටම ඇති වන කැස්ස, කැස්ස සමඟ ලේ පිට වීම, පපුව හිර වීම, ගිලීමේ අපහසුතා, කෑම අරුචිය, බර අඩු වීම, මහන්සි ගතිය ආදිය දැක්වේ. එහෙත් මේ රෝග ලක්ෂණ ඇති වූ පමණින් බිය නොවී නිසි වෛද්‍ය පරීක්ෂණවලට යොමු වීම සුදුසුම පියවරයි.

මේ කරුණු සියල්ල කියවන ඔබත් ඇස්බෙස්ටස් සෙවිලි කළ වහලක් යට ඉන්නවා නම් දැන් සිතනු ඇත්තේ ඊළඟට වැඩි මුදලක් ලැබෙන දවසේ වහල ගලවා වෙනස් කිරීමට විය හැකිය. එහෙත් එය කිසි සේත් අවශ්‍ය කරුණක් නොවේ. වෛද්‍ය යකන්දාවල හා ආචාරය ජයසුමන ඒ ගැන අවවාද දෙන්නේ මේ අයුරිනි.

“කිසිම විදිහකින් තමන්ගේ නිවෙසේ වහල හෝ සිවිලිම ඇසබෙස්ටස් කියලා කලබල වෙන්න ඕන නෑ. මොකද, වහලේ තිබෙන ඇස්බෙස්ටස්වලින් දැන් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ. ප්‍රශ්නයක් ඇති වන්නේ ඒවා කඩන්න බිඳින්න ගිහින් ඒ කුඩු අපේ ශ්වසන පද්ධතියට ඇතුළු වුණොත් පමණයි. විශේෂයෙන් ඇස්බෙස්ටස් නිපදවන කර්මාන්ත ශාලා, ඒවා ප්‍රවාහනය කරන අය, බ්රේක් පෑඩ් වැනි දේ හදන, පරණ ගෙවල් කඩන අයට තමයි වැඩි අවදානමක් තිබෙන්නේ.

ඉස්සර වගේ තහඩු කඩන්නේ ඇණවලින් හෝ කියත්වලින් නොවේ, ග්රයින්ඩර්වලින් නිසා කුඩු විසිරෙනවා වැඩියි. අනෙක නිවෙසක වුණත් වහල වයර් බුරුසුවලින් මදින්නට යෑම වැනි දේ නිසා තහඩුවට හානි වී ක්ෂුද්‍ර තන්තු විසිරෙන්න හේතු වෙනවා. මේ දේවල් අලුතෙන් කරන්න උත්සාහ නොකර සිටීමයි කළ යුත්තේ. ඒ වගේම සිවිලිම ලීවලින් ඉදි කිරිම හෝ තහඩු සිවිලිමක් නම් එයට වෙදර්ෂීල්ඩ් තීන්ත ආලේපනය වැනි ක්‍රම මඟින් ඇස්බෙස්ටස් කුඩුවලින් විය හැකි හානිය අවම කරගන්න පුළුවන්.

අනෙක තවම අපේ රටේ ඒ සෙවිලි තහඩු ඉවත් කළාට බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකසා නැහැ. රටම එකවර වහලවල ඇස්බෙස්ටස් ඉවත් කරන්න හැදුවොත් දැනට වඩා විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. අනෙක අද මේවා පෙනහල්ලට ගියා කියලා හෙට පිළිකා හැදෙන්නේ නෑ. ඒකට වසර 25ක් හෝ 40ක් වුණත් ගතවන්න පුළුවන්. එනිසා මේ කරුණු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ.”

මේ කරුණුවලින් පමණක් සිත සැනසෙන්නේ නැත. එයට හේතුව 2018න් පසු අපේ වහලවල් ගලවාදැමීමට සිදු වේද යන බියයි. මේ පිළිබඳ කරුණු පැහැදලි කළේ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතායි.

“ජාතික පාරිසරික පනතේ හෝ පාරිභෝගික අධිකාරී පනතේ නියෝග මාලාව අනුව නිල් ඇස්බෙස්ටස් තහනම් කළ ආකාරයටම මේවාත් තහනම් කරන්න හැකියාව තිබෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ අපි කතා කළේ ඇස්බෙස්ටස්වල තිබෙන විකිරණශීලි මූලද්‍රව්‍ය සහ විෂ සම්බන්ධවයි.

මේ ද්‍රව්‍යවල අවදානම ඉතා වැඩි නිසයි තහනම් කිරීමේ අවශ්‍යතාව ඇති වන්නේ. එහෙත් අතීතයට බලපාන පරිදි මේ තහනම එන්නේ නැති නිසා කලින් සෙවිලි කළ වහලවලට ගැටලුවක් ඇති වන්නේ නෑ. ඒත් 2018දී තන්තු ආනයනය තහනම් කළාම තහඩු නිෂ්පාදනය නවතිනවා. ඉන් පසු වෙනත් දෙයකට යොමු වන්න සිදු වනවා. එය පරිසර හිතකාමී ප්‍රවාහයක් බවට පත් වනවා. ඇත්තෙන්ම ශාකවල තිබෙන සෙලියුලෝස් යොදාගෙන සෙවිලි තහඩු නිපදවන්න පුළුවන්. එවැනි විකල්ප ක්‍රමවලට අප යා යුතුයි.”

මෙයටම කරුණු එක් කළ වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල පැවසුවේ,

“අප යෝජනා කරමින් සිටියේ වසර පහක වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක කළ යුතුයි කියලයි. එයට හේතුව ජනතාවට විකල්ප හඳුන්වා දීමට කාලයක් දිය යුතු වීමයි. උළු, අනෙක් සෙවිලි තහඩු නිෂ්පාදනය වැඩි කරමින් ක්‍රමානුකූලව ඇස්බෙස්ටස්වලින් ජනතාව ඈත් කිරීමට හැකි වන නිසා. ඒ කෙසේ වුවත් කාලයක් ඇදි ඇදී තිබුණු මෙය මෙසේ හෝ එළිදැකීම සතුටට කරුණක්.”

ඇස්බෙස්ටස්වල අවදානම හා විෂ පිළිබඳ දන්නා අය එසේ සතුටු වන අතර, ජනතාව තමන්ගේ වහල සෙවිලි කිරීමට ඉදිරියේදී ගත යුතු පියවර ගැන සිතනවා විය හැකියි. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු වන්නන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් මත මේ වෙනුවෙන් විශාල වගකීමක් පැටවී ඇත. රජය පාර්ශ්වයෙන්ද බදු සහන සහ අනෙක් සෙවිලි කර්මාන්ත වඩා දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් විය යුතුව තිබේ. ඒ සියල්ල අතරේ කණගාටුදායක තත්ත්වය වන්නේ තහනම් කළ යුතු බවට ජනාධිපතිවරයා ඉදිරිපත්ව පැවසූ ඇස්බෙස්ටස් නිපදවන අලුත් කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා පසුගිය දිනෙක අනුමැතිය ලැබී තිබීමයි.

[/CENTER][/COLOR][/SIZE]

[QUOTE="ehseres, post: 18938891, member: 544471"] [b]ඔබත් ඇස්බෙස්ටස් වහලක් යටද?[/b] [CENTER][SIZE="5"][COLOR="Red"][COLOR="Red"][COLOR="Red"][SIZE="5"][COLOR="Blue"]මචන්ලා මෙන්න ඇස්බැස්ටෝස් ගැන දැක්ක දෙයක් වැදගත් වෙයි කියල හිතෙන නිසා කිරියේ share කරනවා [/COLOR][/SIZE][/COLOR][/COLOR][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"][B]ඔබත් ඇස්බෙස්ටස් වහලක් යටද?[/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="5"][COLOR="Blue"][CENTER]අපේ කන්තෝරුවේ සහෝදර මාධ්‍යවේදියකු මීට වසර පහකට පමණ පෙර හදිසියේ ඇදුම රෝගියකු බවට පත් විය. කරුණු සොයාගෙන යන විට දිනක් තමා නිවෙසේ අලුත්වැඩියාවක් සඳහා ඇස්බෙස්ටස් තහඩු වගයක් කැපූ බවත්, එදින විදුලිපංකාව ක්‍රියාත්මක කර නිදාගත් පසු කැස්සක් සමඟ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ බවත් ඔහුට මතක් විය. ග්‍රයින්ඩරයෙන් කැපූ ඇස්බෙස්ටස්වල කුඩු රෑ පුරා ආඝ්‍රාණය කිරීම හේතුවෙන් ඔහු ඇදුම රෝගයෙන් පෙෙළන්නකු බවට පත් වී ඇති බව දැනගෙන ඇත්තේ කලකට පසුවය. මේ කතාබහට මුල පිරුණේ හදිසියේම ජනාධිපතිවරයා 2018 වසරේ සිට ඇස්බෙස්ටස් තහනම් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟය. දන්නා-අඳුනන අය බොහෝ දෙනකු මේ ප්‍රකාශයෙන් කලබලයට පත් වී තිබිණි. එයට හේතු දෙකක් විය. එකක් අපේ රටේ සියයට අසූවක් අනූවක් පමණ ඇත්තේ ඇස්බෙස්ටස් සෙවිලි කළ වහලවල් නිසා අතේ තිබෙන අන්තිම තඹ දොයිතුවත් වියදම් කර හදාගත් පැලේ වහල ගලවන්න වුණොත් කාට කියන්නද කියන බියය. අනෙක එසේ දහදුක් විඳ හදාගත් වහල නිසා පිළිකා රෝගියකු වීමට සිදු වුව හොත් යන බියය. රටටම ඇති වූ මේ ගැටලු විසඳීමට අපි පළමුව අපේ හිසට උඩින් ඇති ඇස්බෙස්ටස් යනු කුමක්ද කියා සොයා බලමු. ඇස්බෙස්ටස් යනුවෙන් හඳුන්වන්නේ ස්වාභාවිකව ඇති වන ක්ෂුද්‍ර තන්තු වර්ගයකි. එය කළුගල් නිර්මාණය විමේදී වැදගත්වන ස්වාභාවික සිලිකේට් ඛණිජ වර්ග හයකින් සමන්විත වේ. නිල්, සුදු, දුඹුරු සහ කොළ පැහැයෙන් මේ ඇස්බෙස්ටස් දැකිය හැකිය. වසර 4000කටත් පෙර සිට මේවා කැණීමට මිනිසුන් පුරුදුව සිටියද මහා පරිමාණයෙන් ඇස්බෙස්ටස් භාවිතයට ලෝකය හුරු වූයේ 19 වැනි සියවසේදීය. ශබ්ද උරාගැනීම, බර දරාගැනීම, තාපයට, ගින්නට, රසායන ද්‍රව්‍යවලට ඔරොත්තු දීම, විදුලි සන්නායකයක් නොවීම වැනි ගුණාංග නිසාත් මිල අඩු නිසාත් ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිරුණු ඇස්බෙස්ටස් 1930 දශකයේ අග භාගයේ පමණ අපේ රටට හඳුන්වා දුන් පසු අංක එකේ සෙවිලි තහඩු බවට අද පත්වී ඇත. සෙවිලි තහඩු නිපදවන්නේ ඇස්බෙස්ටස් කුඩු සිමෙන්ති ආදිය සමඟ මිශ්‍ර කරගෙනය. ඇස්බෙස්ටස් භාවිත කරන්නේ සෙවිලි තහඩු ලෙස පමණද? මේ ගැටලුවට පිළිතුරු සැපයුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනතුරු, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ හිටපු වැඩසටහන් කළමනාකරු වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතාය. ඔහු වසර ගණනාවක් තිස්සේ මේ ඇස්බෙස්ටස් භාවිතය පිළිබඳ ඇති අවදානම වරින් වර මතු කළ අයෙකි. එහෙත් එහි ප්‍රතිඵලය ලැබුණේ පසුගියදාය. “ඇස්බෙස්ටස්වලින් සිදු විය හැකි සෞඛ්‍ය හානිය පිළිබඳ අපි කතා කළේ බොහෝ කාලයක සිටයි. ඒත් ජනමාධ්‍යවලින් හෝ වෙනත් කිසිම ආකාරයකින් ජනතාවට හරි අවබෝධයක් ලැබුණේ නෑ. මීට අවුරුදු 20කට පමණ පෙර තමයි නිල් ඇස්බෙසටස් තහනම් කළේ. ඒ පිළිකාකාරකයක් බව දැනගත් නිසා. දැන් සොයාගෙන තිබෙනවා බ්‍රවුන්, වයිට්, ග්‍රීන් ඒවා පවා විෂ බව. ඇස්බෙස්ටස් වහලට, සීලිමට වඩා වාහනවල ක්ලච් ප්ලේට්, බ්රේක් පෑඩ් වගේම ශීත රටවල සීතල පාලනය කරන්න බිත්තිවලටත් යොදාගන්නවා. ඉන්දියානු වාහන බහුතරයක් බ්රේක් පෑඩ්වලට යොදන්නේ යොදන්නේ මේවා. ඒ නිසා වාහනයක් බ්රේක් කරන වාරයක් පාසා ඇස්බෙස්ටස් කුඩු පරිසරයට මුදාහැරෙනවා. අනෙක, බ්රේක් පෑඩ් සාමාන්‍යයෙන් වසරකට පාරක් වත් මාරු කරනවා. ඒ වාරයක් පාසා අහක දමන ඇස්බෙස්ටස් පරිසරයට එකතු වෙනවා.” ඒ අනුව ගත් කල මේ ද්‍රව්‍ය පිටරටවල වැඩිපුර භාවිත කළත් මහා මාර්ගවල ධාවනය වන රථ වාහන නිසා අපටද ඇස්බෙස්ටස් විෂෙන් මිදීමට හැකියාවක් නැත. මේ වන විට බොහෝ රටවල් එය තහනම් කිරීමට පියවර ගෙන තිබෙන්නේද මේ කරුණු පදනම් කරගනිමිනි. දරුණු පිළිකාකාරකයක් ලෙස හඳුනාගත් පසු අන්තර්ජාතික ඇස්බෙස්ටස් තහනම් කිරීමේ ලේකම් කාර්යාලය මඟින් නිකුත් කර ඇති වාර්තාවට අනුව ඇස්බෙස්ටස් තහනම් කළ රටවල් සංඛ්‍යාව 56කි. ඒ අතර ප්රංසය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය, ජපානය, මැදපෙරදිග රටවල් හා දකුණු අප්‍රිකාව ආදි රටවල්ද වේ. එහෙත් එක්සත් ජනපදයේ පවතින නීතියේ ඇති දුර්වලතා නිසා මෙය තහනම් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. 1800 කාලයේ සිට දකුණු අමෙරිකාව වාණිජමය වශයෙන් ඇස්බෙස්ටස් නිෂ්පාදනය කළ අතර, දෙවැනි ලෝක යුද සමයේ එහි භාවිතය ඉතා ඉහළ මට්ටමක පැවතිණි. මේ වන විට ඇස්බෙස්ටස් නිෂ්පාදනය කරන ප්‍රධානම රට රුසියාවයි. චීනය, බ්‍රසීලය, කසකස්තානය හා කැනඩාව පිළිවෙළින් සිටින්නේ ඒ පිටුපසයි. මේ ද්‍රව්‍යය අපේ රටේද මෙතුවක් තහනම් නොවීමට හේතුව කුමක්ද? වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල මහතා එයට හේතු දැක්වූයේ මෙසේය. “ඇත්තෙන්ම ඇස්බෙස්ටස්වලට මේ තරම් ඉල්ලුමක් ඇති වුණේ ඒවා ලාභදායී නිසයි. මේ වන තුරු බදු අය කිරීමක් ඒ සඳහා සිදු වුණේ නෑ. එහෙත් අනෙක් සෙවිලි තහඩුවලට විශාල බද්දක් යොදා තිබූ නිසා ඒවා සාපේක්ෂව ඉතා ඉහළ මිලක් ගත්තා.” රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද ඇස්බෙස්ටස් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාව තහවුරු කළේ මෙසේ පවසමිනි. “මේ සියුම් ඛණිජය තවත් ඛණිජ වර්ග සමඟ මිශ්‍ර කරලා තමයි ශක්තිමත් ව්‍යුහයක් හදාගන්නේ. ඒත් කාලයක් ගත වන විට මෙහි සියුම් තන්තු වාතයට නිරාවරණය වෙලා පෙණහලු පිළිකා ඇති වනවා. පෙණහල්ලේ ප්ලූරා පටකයේ මීසොතෙලියොමා නම් රෝගය ඇති කරන්න මෙය හේතු වනවා. විශේෂයෙන් ඇස්බෙස්ටස් නිපදවන කම්හල්වල සේවකයන් ශ්වසන රෝගවලින් පෙළෙන්නයි, පසුව පිළිකාවට ගොදුරු වෙන්නයි ගත්තාමයි මෙහි විෂ තත්ත්වය පිළිබඳ අනාවරණය වුණේ. ලෝකේ ප්‍රධාන පිළිකාකාරක තුන වන්නේ නිකොටින්, ආසනික් හා ඇස්බෙස්ටස්. අපි දැනට අවරුදු දහයක පහළොවක ඉඳන් මෙය තහනම් කරන්න කීවේ ඒ නිසයි.” මෙහිදී නිතැතින්ම නැඟෙන කුතූහලය නම් ඇස්බෙස්ටස් නිසාම පිළිකා ඇති වී දිවි අහිමි වූවන් පිළිබඳ අපේ රටේ සංගණනයක් කර තිබේද යන්නයි. එයට චන්න ජයසුමන ආචාර්යවරයා පැවසුවේ මෙවන් මතයකි. “අපේ රටේ එහෙම පර්යේෂණයක් කෙරී නැහැ. ඒත් පෙණහලු පිළිකා පසුගිය වසර 10ක්-15ක් අතර වැඩි වී තිබෙන බව නිරීක්ෂණය කර තිබෙනවා. එයින් කියන්න බෑ සියයට 100ක් ඇස්බෙස්ටස් නිසාමයි මේ දේ වුණේ කියලා. ඒත් වකුගඩු ප්රශ්නයේදීත් මේ වගේම ඔප්පු කර පෙන්වන්න කීවට ඒ වගේ පර්යේෂණ කරන්න විශාල වියදමක් අවශ්‍යයි. අනෙක මිනිසුන් යොදාගෙන පිරිසකට ඇස්බෙස්ටස් කුඩු ආශ්වාස කරන්න දීලා මේ දේ කරන්න අපට පුළුවන්කමක් නෑ. සතුන් යොදා කළ පර්යේෂණවලින් ඒ කරුණු තහවුරු කර තිබෙනවා.” එය තහවුරු කරමින් වෛද්‍ය යකන්දාවල මහතා පැවසුවේ, “ඇස්බෙස්ටස් කර්මාන්ත ශාලාවක සේවය කළ තාත්තා ගෙදර ඇවිත් ඇඳුම් ගසන විට එයින් ඇස්බෙස්ටස් කුඩු ආඝ්‍රාණය වුණු දියණිය කලකදී පෙණහලු පිළිකාවකින් මියගිය ආකාරය මේවායේ විෂ ගැන කියන්න හොඳම උදාහරණයක්. හැබැයි අපි මේ දේවල් කියද්දී ඒ කර්මාන්තකරුවන්ගේ සිත් රිදෙන්න පුළු වන්. ඒ වගේම වසර කීපයකට කලින් අපි මේ ගැන කියද්දී පිටරටකින් ආ විශේෂඥවරයෙක් ඇස්බෙස්ටස්වල කිසි විෂක් නෑ කීවා. එසේ නම් ඔහුගේ මවු රට මේවා තහනම් කළේ ඇයිදැයි විමසූ විට ඔහු නිහඬ වුණා. එවැනි දෙවලුත් සිදු වෙනවා.” මහරගම ජාතික පිළිකා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගෙන් මෙවැනි රෝග තත්ත්වයන් පිළිබඳ නිරීක්ෂණය කෙසේදැයි විමසූ විට ඔහු පැවසුවේ, “කුඩා දරුවන්ගේ පිළිකා තත්ත්වයන් සඳහා මෙය හේතු වුණාද යන්න පිළිබඳ අපට හරියටම කියන්න බෑ. කොහොමත් කෑම-බීම, පරිසරය, විවිධ රසායන ද්‍රව්‍ය ආදි සියල්ල පිළිකාවලට හෙතු වෙනවා. අප තේරුම්ගත යුතු දේ තමයි අප නොදන්න දේ බොහෝයි කියන එක. ඒ නිසා පොඩි හරි සැකයක් ඒ ගැන ඇති වී තිබෙනවා නම් කුඩා දරුවන් මේ ද්‍රව්‍යවලට නිරාවරණය වීම වැළැක්වීමට වගේම ඒ කර්මාන්ත ශාලා අසල වෙසෙන දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමටත්, මෙවා තහනම් කිරීමටත් පියවර ගැනීම හොඳයි.” ජාතික පිළිකා ඒකකයේ සඳහන් ආකාරයට පෙණහලු පිළිකාවලට අමතරව මේ නිසා උගුරේ, වකුගඩුවල, බඩවැල් හා පිත්තාශය ආශ්රිත පිළිකාද ඇති විය හැකිය. ඇස්බෙස්ටස් නිසා ඇති වන දරුණු ලෙඩවල රෝග ලක්ෂණ ලෙස කෙටි හුස්ම, ඇදුම, දිගටම ඇති වන කැස්ස, කැස්ස සමඟ ලේ පිට වීම, පපුව හිර වීම, ගිලීමේ අපහසුතා, කෑම අරුචිය, බර අඩු වීම, මහන්සි ගතිය ආදිය දැක්වේ. එහෙත් මේ රෝග ලක්ෂණ ඇති වූ පමණින් බිය නොවී නිසි වෛද්‍ය පරීක්ෂණවලට යොමු වීම සුදුසුම පියවරයි. මේ කරුණු සියල්ල කියවන ඔබත් ඇස්බෙස්ටස් සෙවිලි කළ වහලක් යට ඉන්නවා නම් දැන් සිතනු ඇත්තේ ඊළඟට වැඩි මුදලක් ලැබෙන දවසේ වහල ගලවා වෙනස් කිරීමට විය හැකිය. එහෙත් එය කිසි සේත් අවශ්‍ය කරුණක් නොවේ. වෛද්‍ය යකන්දාවල හා ආචාරය ජයසුමන ඒ ගැන අවවාද දෙන්නේ මේ අයුරිනි. “කිසිම විදිහකින් තමන්ගේ නිවෙසේ වහල හෝ සිවිලිම ඇසබෙස්ටස් කියලා කලබල වෙන්න ඕන නෑ. මොකද, වහලේ තිබෙන ඇස්බෙස්ටස්වලින් දැන් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ. ප්‍රශ්නයක් ඇති වන්නේ ඒවා කඩන්න බිඳින්න ගිහින් ඒ කුඩු අපේ ශ්වසන පද්ධතියට ඇතුළු වුණොත් පමණයි. විශේෂයෙන් ඇස්බෙස්ටස් නිපදවන කර්මාන්ත ශාලා, ඒවා ප්‍රවාහනය කරන අය, බ්රේක් පෑඩ් වැනි දේ හදන, පරණ ගෙවල් කඩන අයට තමයි වැඩි අවදානමක් තිබෙන්නේ. ඉස්සර වගේ තහඩු කඩන්නේ ඇණවලින් හෝ කියත්වලින් නොවේ, ග්රයින්ඩර්වලින් නිසා කුඩු විසිරෙනවා වැඩියි. අනෙක නිවෙසක වුණත් වහල වයර් බුරුසුවලින් මදින්නට යෑම වැනි දේ නිසා තහඩුවට හානි වී ක්ෂුද්‍ර තන්තු විසිරෙන්න හේතු වෙනවා. මේ දේවල් අලුතෙන් කරන්න උත්සාහ නොකර සිටීමයි කළ යුත්තේ. ඒ වගේම සිවිලිම ලීවලින් ඉදි කිරිම හෝ තහඩු සිවිලිමක් නම් එයට වෙදර්ෂීල්ඩ් තීන්ත ආලේපනය වැනි ක්‍රම මඟින් ඇස්බෙස්ටස් කුඩුවලින් විය හැකි හානිය අවම කරගන්න පුළුවන්. අනෙක තවම අපේ රටේ ඒ සෙවිලි තහඩු ඉවත් කළාට බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකසා නැහැ. රටම එකවර වහලවල ඇස්බෙස්ටස් ඉවත් කරන්න හැදුවොත් දැනට වඩා විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. අනෙක අද මේවා පෙනහල්ලට ගියා කියලා හෙට පිළිකා හැදෙන්නේ නෑ. ඒකට වසර 25ක් හෝ 40ක් වුණත් ගතවන්න පුළුවන්. එනිසා මේ කරුණු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ.” මේ කරුණුවලින් පමණක් සිත සැනසෙන්නේ නැත. එයට හේතුව 2018න් පසු අපේ වහලවල් ගලවාදැමීමට සිදු වේද යන බියයි. මේ පිළිබඳ කරුණු පැහැදලි කළේ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතායි. “ජාතික පාරිසරික පනතේ හෝ පාරිභෝගික අධිකාරී පනතේ නියෝග මාලාව අනුව නිල් ඇස්බෙස්ටස් තහනම් කළ ආකාරයටම මේවාත් තහනම් කරන්න හැකියාව තිබෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ අපි කතා කළේ ඇස්බෙස්ටස්වල තිබෙන විකිරණශීලි මූලද්‍රව්‍ය සහ විෂ සම්බන්ධවයි. මේ ද්‍රව්‍යවල අවදානම ඉතා වැඩි නිසයි තහනම් කිරීමේ අවශ්‍යතාව ඇති වන්නේ. එහෙත් අතීතයට බලපාන පරිදි මේ තහනම එන්නේ නැති නිසා කලින් සෙවිලි කළ වහලවලට ගැටලුවක් ඇති වන්නේ නෑ. ඒත් 2018දී තන්තු ආනයනය තහනම් කළාම තහඩු නිෂ්පාදනය නවතිනවා. ඉන් පසු වෙනත් දෙයකට යොමු වන්න සිදු වනවා. එය පරිසර හිතකාමී ප්‍රවාහයක් බවට පත් වනවා. ඇත්තෙන්ම ශාකවල තිබෙන සෙලියුලෝස් යොදාගෙන සෙවිලි තහඩු නිපදවන්න පුළුවන්. එවැනි විකල්ප ක්‍රමවලට අප යා යුතුයි.” මෙයටම කරුණු එක් කළ වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල පැවසුවේ, “අප යෝජනා කරමින් සිටියේ වසර පහක වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක කළ යුතුයි කියලයි. එයට හේතුව ජනතාවට විකල්ප හඳුන්වා දීමට කාලයක් දිය යුතු වීමයි. උළු, අනෙක් සෙවිලි තහඩු නිෂ්පාදනය වැඩි කරමින් ක්‍රමානුකූලව ඇස්බෙස්ටස්වලින් ජනතාව ඈත් කිරීමට හැකි වන නිසා. ඒ කෙසේ වුවත් කාලයක් ඇදි ඇදී තිබුණු මෙය මෙසේ හෝ එළිදැකීම සතුටට කරුණක්.” ඇස්බෙස්ටස්වල අවදානම හා විෂ පිළිබඳ දන්නා අය එසේ සතුටු වන අතර, ජනතාව තමන්ගේ වහල සෙවිලි කිරීමට ඉදිරියේදී ගත යුතු පියවර ගැන සිතනවා විය හැකියි. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු වන්නන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් මත මේ වෙනුවෙන් විශාල වගකීමක් පැටවී ඇත. රජය පාර්ශ්වයෙන්ද බදු සහන සහ අනෙක් සෙවිලි කර්මාන්ත වඩා දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් විය යුතුව තිබේ. ඒ සියල්ල අතරේ කණගාටුදායක තත්ත්වය වන්නේ තහනම් කළ යුතු බවට ජනාධිපතිවරයා ඉදිරිපත්ව පැවසූ ඇස්බෙස්ටස් නිපදවන අලුත් කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා පසුගිය දිනෙක අනුමැතිය ලැබී තිබීමයි. [/CENTER][/COLOR][/SIZE][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom