Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ “ජීවිතය“ සොරා ගන්නා අති බයානක කම්මැලිය#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="depressioncure" data-source="post: 10884300" data-attributes="member: 366415"><p><span style="font-size: 12px">‘විෂාදය’(Depression). ’මානසික රෝග‘ යන වචනයට පවා සමාජයේ බොහෝ දෙනෙක් දක්වන්නේ විශාල බියක්. එය පුහු බියක්, ඉතාම වැරැදි ආකල්පයක්. ශාරීරිකව ලෙඩවූ විට වෛද්‍යවරයකු හමුවී ඖෂධීය ප්‍රතිකාර ලබාගැනීමට අප පසුබට වෙන්නේ නෑ. එසේ වුවත් මානසිකව ලෙඩවූ විට වෛද්‍යවරයකු හමුවීමට ප්‍රතිකාර ගැනීමට බොහෝදෙනෙක් මැලිවෙනවා. ශාරීරිකව අපට ඇතිවන රෝගාබාධ මෙන්ම මානසිකව ඇතිවන රෝගාබාධත් ඖෂධීය ප්‍රතිකාර මඟින් සුවය ලබනවා. අපගේ මනස රෝගී වීමට බොහෝවිට හේතුවන්නේ අපගේ මොළයෙන් ශ්‍රාවය වන කිසියම් රසායනික ද්‍රව්‍යයක හෝ හෝමෝනයක අඩු වැඩිවීමක්. එය බොහෝවිට ඖෂධ මඟින් පාලනය කළ හැකියි. ඒ නිසා මානසිකව ඇතිවන රෝගාබාධ සඳහා වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමට කිසිවකුත් පසුබට විය යුතු නෑ. අද අප සාකච්ඡා කරන ‘විෂාදය” සමාජයේ ඉතා බහුල රෝගයක් බවට පත්වී තිබෙනවා. මිනිසා අබල දුබලතාවයට පත්වන හෝ මිය යන රෝගාබාධ පිළිබඳව සැලකීමේදී මුළු ලොව පුරා වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මිය යන්නේ මානසික රෝගාබාධ නිසා බව අද ඔප්පුවී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 12.6%ක්. එමෙන්ම මිනිසුන් මියයන මානසික රෝග අතරින් ශ්‍රී ලංකාව තුළ හතර වැනි ස්ථානය හිමිවන්නේ විෂාදයට. ඇමරිකාව තුළ මානසික රෝග අතුරින් වැඩිම පිරිසක් මිය යන රෝගය වන්නේ ද විෂාදයයි. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ ලොව පුරා බොහෝ මිනිසුන් සංඛ්‍යාවක් “විෂාදය” නමැති රෝගය නිසා අසරණ වන බවයි; මිය යන බවයි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ලොව පුරා සිටින ජනතාවගෙන් සියයට 6 ත් 8 ත් අතර සංඛ්‍යාවකට විෂාදය වැළඳී ඇති බවයි. විෂාදය නම් මානසික රෝගී තත්ත්වයට වැඩියෙන්ම ගොදුරු වන්නේ කාන්තාවන්. එම සංඛ්‍යාව විෂාදයට ගොදුරුවන පිරිමි සංඛ්‍යාව මෙන් දෙගුණයක්. ඕනෑම වයසක ජීවත්වන අයකුට විෂාදය වැළඳිය හැකියි. එසේ වුවත් වයස්ගත උදවියට විෂාදය රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. ලොව පුරා සියදිවි නසාගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බැලූවිට, එම පුද්ගලයින්ගෙන් සියයට තිහකට වඩා වැඩි සංඛ්‍යාවක් විෂාදයට ගොදුරුවීම නිසා සියදිවි නසාගැනීමට පෙළඹී ඇති බව පෙනී යනවා. එමෙන්ම දරුවන් ඉපදුණු විගස මව්වරුන්ගෙන් සියයට 10කට පමණ විෂාදය රෝගය වැළඳෙන බවත් නවතම පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. එය විශාල සංඛ්‍යාවක්. මවට වැළඳෙන විෂාදය රෝගයේ ප්‍රතිඵල ඉපදුණු දරුවාටත්, සැමියාටත් පවුලේ අනෙක් උදවියටත් සෘජුවම බලපානවා. ”මව දරුවා සමඟ ළිඳට පැන නසී” මෙවැනි ශීර්ෂපාඨ සහිත ප්රවෘත්ති පුවත්පත්වල පළවනු ඔබත් දැක ඇති. එම සිදුවීම පිළිබඳව මනෝ විද්‍යාත්මක සොයාබැලීමේදී පෙනී යන්නේ එම මව්වරු තම දරුවාගේ ජීවිතය ද වනසා තම ජීවිතය ද නැතිකර ගැනීමට පෙළඹෙන්නේ ‘විෂාදය’ රෝගයට ගොදුරුවීම නිසා බවයි. විෂාදය නම් මානසිත රෝගයෙන් පුද්ගලයාට සහ සමාජයට වන බලපෑම දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඖෂධීය ප්‍රතිකාර මඟින් ‘විෂාදය’ සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවයි. විෂාදය වැළඳුණු අයකු සියදිවි හානිකර ගැනීමට නොපෙළඹුණත් ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු බොහෝසෙයින් අඩපණ වෙනවා. ගෘහ ජීවිතය තුළ කාර්යාලය තුළ මෙන්ම මවක ලෙස පියකු ලෙස බිරියක ලෙස, සැමියකු ලෙස මෙන්ම දරුවකු ලෙසද ගතකරන ජීවිතයට මෙම රෝගය මඟින් විශාල හානියක් සිදුවෙනවා. එවැනි බලපෑම් එල්ල කළ හැකි රෝගයක් හඳුනාගැනීම ඉතා වැදගත් කරුණක්. විෂාදය රෝගයේ ලක්ෂණ මොනවාදැයි කියා අපි දැන් සොයා බලමු. විෂාදය රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණ 3ක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඉතාම කුඩා දේවල්වලට පවා නිරන්තරයෙන්ම දුක දැනීම (Depress mood) යි. දෙවැන්න මීට පෙර සතුට ලැබූ කිසිවකින් නැවත සතුටක් ලැබීමට ඇති අපහසුව (Anhedonia) යි. තුන්වැන්න ශරීර ශක්තිය අඩු ලෙස දැනීම (Lack of energy). විෂාදයට ගොදුරු වූ බොහෝ රෝගීන් වෛද්‍යවරු හමුවී තමාගේ ඇඟට කිසිම පණක් නැති බව පවසනවා. එම වෛද්‍යවරයාට විෂාදය රෝගය පිළිබඳව අවබෝධයක් නොමැති නම්, බොහෝවිට රෝගීන්ට විටමින් වර්ග නියම කරනවා. ඒ, විෂාදය රෝගයේ ප්‍රධානම ලක්ෂණ තුනයි. විෂාදය රෝගයේ රෝග ලක්ෂණ ලෙස තවත් හේතු රාශියක්ම හඳුනාගෙන තිබෙනවා. ඒ, නින්ද නොයාම, නින්ද අඩුකම හෝ වැඩිපුර නින්දයාම, ආහාර අරුචිය (ආහාර කෙසේ පිළියෙළ කළත් රුචියක් ඇතිනොවීම), මළබද්ධය, ලිංගික අරුචිය, අවධානය අඩුකම, අනාගතය පිළිබඳව අසුබවාදීව සිතීම, මතකය අඩුවීම, (අවධානය අඩුකම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීම එදිනෙදා වැඩ පළ අතපසුවීම ආදිය සිදුවිය හැකියි) ආදියි. එමෙන්ම කිසියම් ශබ්දයක් අසන්නට හෝ නොහැකිවීම, එයට කෝපවීම, ඉක්මන් කෝපය විෂාදය රෝගයේ විශේෂ ලක්ෂණයන්. විෂාදයට ගොදුරුවීම නිසා, තම දරුවන්ගේ සුළු දෙයකට පවා ඇතැම් මව්වරුන් කෝප වෙනවා; දරුවන්ට තදින් බැන වදිනවා. එවැනි කාන්තාවන් නිවසේදී සැමියාට නිතර සැර වැර වෙනවා; සේවා ස්ථානයේදී අන්‍යයන් සමඟ නිතර අඩදබර ඇතිකර ගන්නවා, නිකරුණේ ඔවුන්ට බැන වදිනවා. කෝපවීම නම් මානසික ස්වභාවය සඳහා පමණක් ඇතැම්විට වෛද්‍යවරු විවිධ ප්‍රතිකාර කරනු ලබන අවස්ථා තිබෙනවා. එය වැරැදි සහගත තත්ත්වයක්. බොහෝවිට බොහෝදෙනෙකු නිතර තදින් කෝපවන්නේ ඔහු හෝ ඇය විෂාදයට ගොදුරු වී ඇති නිසයි. “විෂාදය” කේන්තියාමට ඉතා ප්‍රබල හේතුවක් බවයි මනෝ වෛද්‍යවරු පවසන්නේ. අප ඒ සඳහන් කළේ විෂාදය රෝගයේ රෝග ලක්ෂණ. මුල් අවස්ථාවේදී විෂාදය නම් රෝගය හඳුනා නොගෙන එම තත්ත්වය වර්ධනය වුවහොත් තවත් ප්‍රබල මානසික රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකියි. විෂාදය උග්රවූ රෝගීන් විවිධ ප්‍රකාශ කරනවා. ඔවුන්ට ආහාර ගැනීමට කීවිට, තමා මියගොස් ඇති බවත් ඒ නිසා තමාට ආහාර ගත නොහැකි බවත් පවසනවා. එසේම ඔවුන් “මගේ බඩවැල් පැළිලා, ඒ නිසා කෑම ගන්න බැහැ. ඔබට දැනෙන්නේ නැතිද මගේ බඩවැල් කුණුවූ දුගඳ” කියා අන්‍යයන්ගෙන් අසනවා. එසේම මෙවැනි රෝගීන් “මගේ උදරයේ ගෙඩියක් තිබෙනවා, පිළිකාවක් තිබෙනවා” වැනි ප්‍රකාශයන් කරනවා. මෙවැනි රෝගීන් නිතර පවසන දෙයක් වන්නේ “ඇඟේ පතේ කැක්කුමක්, දැවිල්ලක් ඇති බවයි” ඔවුන් වෛද්‍යවරුන් වෙත ගොස් සියලුම වෛද්‍ය පරීක්ෂණ කරගන්නවා. එහිදී වෛද්‍යවරු පවසන්නේ “ඔබට කිසිදු රෝගයක් නැත” යන්න පමණයි. මෙවැනි රෝගීන්ව සාමාන්‍ය වෛද්‍යවරු විසින් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කරනවා අඩුයි. ඒ නිසා විෂාදය වැළඳුණු රෝගීන් බොහෝ දුක් විඳිනවා. මෙම රෝගීන් නිතර “දැවිල්ලයි” කියා පැවසීමට හේතුවක් තිබෙනවා. බොහෝවිට අපට “දුක” යන හැඟීම නිසා බඩේ දැවිල්ල, ශරීරයේ දැවිල්ල ඇතිවෙනවා. බොහෝවිට බඩේ ඇතිවන දැවිල්ල විෂාදය රෝගයේ ලක්ෂණයක්. බොහෝවිට මෙවැනි රෝගීන් වෛද්‍යවරයා හමුවී පවසන්නේ බඩේ දැවිල්ල ඇති බවයි. එවිට වෛද්‍යවරයා තේරුම්ගන්නේ මෙම රෝගියාට ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති බවයි. ඒ නිසා වෛද්‍යවරයා ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නියමිත ඖෂධ ලබාදෙනවා. වර්තමානයේ ගැස්ට්‍රයිටිස් රෝගයට ඖෂධ ලබාගන්නා බොහෝ දෙනකුට ඇත්තේ විෂාදය රෝගයයි. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ “විෂාදය” නම් මානසික රෝග තත්ත්වය ශාරීරික රෝගයක් ලෙස මතුවී තිබීමයි. කෙටියෙන් පවසතොත් මොළයේ සිදුවන කිසියම් රසායනික කි‍්‍රයාදාමයක් නිසා, විෂාදය නම් රෝගය ඇතිවී, එමඟින් දුක ඇතිවී, දුක නම් මානසික ස්වභාවය නිසා “ඇඟේ පතේ කැක්කුම, දැවිල්ල” නම් ශාරීරික අපහසුතාවයන් ඇතිවන බවයි. මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර එලකිරි දැන් හරිම slow වෙල මගෙ මෙ පොස්ට් එක දැම්මෙත් බොහොම අමාරුවෙන්. නමුත් බොහො දෙනගෙ හිත සුව පිනිස දාපු මෙ පොස්ට් එක කියවලා කොමෙන්ට් දාලා ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න මට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා. එවාගෙම මෙ පිනින් මට සසර වසනතුරු මෙවන් රොගයක් ඇති නොවෙවා කියල ප්‍රාර්තනා කරනවා.හැමොටම දීර්ගායුශ ලැබෙවා!!!!!!!!</span></p></blockquote><p></p>
[QUOTE="depressioncure, post: 10884300, member: 366415"] [SIZE=3]‘විෂාදය’(Depression). ’මානසික රෝග‘ යන වචනයට පවා සමාජයේ බොහෝ දෙනෙක් දක්වන්නේ විශාල බියක්. එය පුහු බියක්, ඉතාම වැරැදි ආකල්පයක්. ශාරීරිකව ලෙඩවූ විට වෛද්‍යවරයකු හමුවී ඖෂධීය ප්‍රතිකාර ලබාගැනීමට අප පසුබට වෙන්නේ නෑ. එසේ වුවත් මානසිකව ලෙඩවූ විට වෛද්‍යවරයකු හමුවීමට ප්‍රතිකාර ගැනීමට බොහෝදෙනෙක් මැලිවෙනවා. ශාරීරිකව අපට ඇතිවන රෝගාබාධ මෙන්ම මානසිකව ඇතිවන රෝගාබාධත් ඖෂධීය ප්‍රතිකාර මඟින් සුවය ලබනවා. අපගේ මනස රෝගී වීමට බොහෝවිට හේතුවන්නේ අපගේ මොළයෙන් ශ්‍රාවය වන කිසියම් රසායනික ද්‍රව්‍යයක හෝ හෝමෝනයක අඩු වැඩිවීමක්. එය බොහෝවිට ඖෂධ මඟින් පාලනය කළ හැකියි. ඒ නිසා මානසිකව ඇතිවන රෝගාබාධ සඳහා වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමට කිසිවකුත් පසුබට විය යුතු නෑ. අද අප සාකච්ඡා කරන ‘විෂාදය” සමාජයේ ඉතා බහුල රෝගයක් බවට පත්වී තිබෙනවා. මිනිසා අබල දුබලතාවයට පත්වන හෝ මිය යන රෝගාබාධ පිළිබඳව සැලකීමේදී මුළු ලොව පුරා වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මිය යන්නේ මානසික රෝගාබාධ නිසා බව අද ඔප්පුවී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 12.6%ක්. එමෙන්ම මිනිසුන් මියයන මානසික රෝග අතරින් ශ්‍රී ලංකාව තුළ හතර වැනි ස්ථානය හිමිවන්නේ විෂාදයට. ඇමරිකාව තුළ මානසික රෝග අතුරින් වැඩිම පිරිසක් මිය යන රෝගය වන්නේ ද විෂාදයයි. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ ලොව පුරා බොහෝ මිනිසුන් සංඛ්‍යාවක් “විෂාදය” නමැති රෝගය නිසා අසරණ වන බවයි; මිය යන බවයි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ලොව පුරා සිටින ජනතාවගෙන් සියයට 6 ත් 8 ත් අතර සංඛ්‍යාවකට විෂාදය වැළඳී ඇති බවයි. විෂාදය නම් මානසික රෝගී තත්ත්වයට වැඩියෙන්ම ගොදුරු වන්නේ කාන්තාවන්. එම සංඛ්‍යාව විෂාදයට ගොදුරුවන පිරිමි සංඛ්‍යාව මෙන් දෙගුණයක්. ඕනෑම වයසක ජීවත්වන අයකුට විෂාදය වැළඳිය හැකියි. එසේ වුවත් වයස්ගත උදවියට විෂාදය රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. ලොව පුරා සියදිවි නසාගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බැලූවිට, එම පුද්ගලයින්ගෙන් සියයට තිහකට වඩා වැඩි සංඛ්‍යාවක් විෂාදයට ගොදුරුවීම නිසා සියදිවි නසාගැනීමට පෙළඹී ඇති බව පෙනී යනවා. එමෙන්ම දරුවන් ඉපදුණු විගස මව්වරුන්ගෙන් සියයට 10කට පමණ විෂාදය රෝගය වැළඳෙන බවත් නවතම පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. එය විශාල සංඛ්‍යාවක්. මවට වැළඳෙන විෂාදය රෝගයේ ප්‍රතිඵල ඉපදුණු දරුවාටත්, සැමියාටත් පවුලේ අනෙක් උදවියටත් සෘජුවම බලපානවා. ”මව දරුවා සමඟ ළිඳට පැන නසී” මෙවැනි ශීර්ෂපාඨ සහිත ප්රවෘත්ති පුවත්පත්වල පළවනු ඔබත් දැක ඇති. එම සිදුවීම පිළිබඳව මනෝ විද්‍යාත්මක සොයාබැලීමේදී පෙනී යන්නේ එම මව්වරු තම දරුවාගේ ජීවිතය ද වනසා තම ජීවිතය ද නැතිකර ගැනීමට පෙළඹෙන්නේ ‘විෂාදය’ රෝගයට ගොදුරුවීම නිසා බවයි. විෂාදය නම් මානසිත රෝගයෙන් පුද්ගලයාට සහ සමාජයට වන බලපෑම දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඖෂධීය ප්‍රතිකාර මඟින් ‘විෂාදය’ සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවයි. විෂාදය වැළඳුණු අයකු සියදිවි හානිකර ගැනීමට නොපෙළඹුණත් ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු බොහෝසෙයින් අඩපණ වෙනවා. ගෘහ ජීවිතය තුළ කාර්යාලය තුළ මෙන්ම මවක ලෙස පියකු ලෙස බිරියක ලෙස, සැමියකු ලෙස මෙන්ම දරුවකු ලෙසද ගතකරන ජීවිතයට මෙම රෝගය මඟින් විශාල හානියක් සිදුවෙනවා. එවැනි බලපෑම් එල්ල කළ හැකි රෝගයක් හඳුනාගැනීම ඉතා වැදගත් කරුණක්. විෂාදය රෝගයේ ලක්ෂණ මොනවාදැයි කියා අපි දැන් සොයා බලමු. විෂාදය රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණ 3ක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඉතාම කුඩා දේවල්වලට පවා නිරන්තරයෙන්ම දුක දැනීම (Depress mood) යි. දෙවැන්න මීට පෙර සතුට ලැබූ කිසිවකින් නැවත සතුටක් ලැබීමට ඇති අපහසුව (Anhedonia) යි. තුන්වැන්න ශරීර ශක්තිය අඩු ලෙස දැනීම (Lack of energy). විෂාදයට ගොදුරු වූ බොහෝ රෝගීන් වෛද්‍යවරු හමුවී තමාගේ ඇඟට කිසිම පණක් නැති බව පවසනවා. එම වෛද්‍යවරයාට විෂාදය රෝගය පිළිබඳව අවබෝධයක් නොමැති නම්, බොහෝවිට රෝගීන්ට විටමින් වර්ග නියම කරනවා. ඒ, විෂාදය රෝගයේ ප්‍රධානම ලක්ෂණ තුනයි. විෂාදය රෝගයේ රෝග ලක්ෂණ ලෙස තවත් හේතු රාශියක්ම හඳුනාගෙන තිබෙනවා. ඒ, නින්ද නොයාම, නින්ද අඩුකම හෝ වැඩිපුර නින්දයාම, ආහාර අරුචිය (ආහාර කෙසේ පිළියෙළ කළත් රුචියක් ඇතිනොවීම), මළබද්ධය, ලිංගික අරුචිය, අවධානය අඩුකම, අනාගතය පිළිබඳව අසුබවාදීව සිතීම, මතකය අඩුවීම, (අවධානය අඩුකම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීම එදිනෙදා වැඩ පළ අතපසුවීම ආදිය සිදුවිය හැකියි) ආදියි. එමෙන්ම කිසියම් ශබ්දයක් අසන්නට හෝ නොහැකිවීම, එයට කෝපවීම, ඉක්මන් කෝපය විෂාදය රෝගයේ විශේෂ ලක්ෂණයන්. විෂාදයට ගොදුරුවීම නිසා, තම දරුවන්ගේ සුළු දෙයකට පවා ඇතැම් මව්වරුන් කෝප වෙනවා; දරුවන්ට තදින් බැන වදිනවා. එවැනි කාන්තාවන් නිවසේදී සැමියාට නිතර සැර වැර වෙනවා; සේවා ස්ථානයේදී අන්‍යයන් සමඟ නිතර අඩදබර ඇතිකර ගන්නවා, නිකරුණේ ඔවුන්ට බැන වදිනවා. කෝපවීම නම් මානසික ස්වභාවය සඳහා පමණක් ඇතැම්විට වෛද්‍යවරු විවිධ ප්‍රතිකාර කරනු ලබන අවස්ථා තිබෙනවා. එය වැරැදි සහගත තත්ත්වයක්. බොහෝවිට බොහෝදෙනෙකු නිතර තදින් කෝපවන්නේ ඔහු හෝ ඇය විෂාදයට ගොදුරු වී ඇති නිසයි. “විෂාදය” කේන්තියාමට ඉතා ප්‍රබල හේතුවක් බවයි මනෝ වෛද්‍යවරු පවසන්නේ. අප ඒ සඳහන් කළේ විෂාදය රෝගයේ රෝග ලක්ෂණ. මුල් අවස්ථාවේදී විෂාදය නම් රෝගය හඳුනා නොගෙන එම තත්ත්වය වර්ධනය වුවහොත් තවත් ප්‍රබල මානසික රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකියි. විෂාදය උග්රවූ රෝගීන් විවිධ ප්‍රකාශ කරනවා. ඔවුන්ට ආහාර ගැනීමට කීවිට, තමා මියගොස් ඇති බවත් ඒ නිසා තමාට ආහාර ගත නොහැකි බවත් පවසනවා. එසේම ඔවුන් “මගේ බඩවැල් පැළිලා, ඒ නිසා කෑම ගන්න බැහැ. ඔබට දැනෙන්නේ නැතිද මගේ බඩවැල් කුණුවූ දුගඳ” කියා අන්‍යයන්ගෙන් අසනවා. එසේම මෙවැනි රෝගීන් “මගේ උදරයේ ගෙඩියක් තිබෙනවා, පිළිකාවක් තිබෙනවා” වැනි ප්‍රකාශයන් කරනවා. මෙවැනි රෝගීන් නිතර පවසන දෙයක් වන්නේ “ඇඟේ පතේ කැක්කුමක්, දැවිල්ලක් ඇති බවයි” ඔවුන් වෛද්‍යවරුන් වෙත ගොස් සියලුම වෛද්‍ය පරීක්ෂණ කරගන්නවා. එහිදී වෛද්‍යවරු පවසන්නේ “ඔබට කිසිදු රෝගයක් නැත” යන්න පමණයි. මෙවැනි රෝගීන්ව සාමාන්‍ය වෛද්‍යවරු විසින් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කරනවා අඩුයි. ඒ නිසා විෂාදය වැළඳුණු රෝගීන් බොහෝ දුක් විඳිනවා. මෙම රෝගීන් නිතර “දැවිල්ලයි” කියා පැවසීමට හේතුවක් තිබෙනවා. බොහෝවිට අපට “දුක” යන හැඟීම නිසා බඩේ දැවිල්ල, ශරීරයේ දැවිල්ල ඇතිවෙනවා. බොහෝවිට බඩේ ඇතිවන දැවිල්ල විෂාදය රෝගයේ ලක්ෂණයක්. බොහෝවිට මෙවැනි රෝගීන් වෛද්‍යවරයා හමුවී පවසන්නේ බඩේ දැවිල්ල ඇති බවයි. එවිට වෛද්‍යවරයා තේරුම්ගන්නේ මෙම රෝගියාට ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති බවයි. ඒ නිසා වෛද්‍යවරයා ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නියමිත ඖෂධ ලබාදෙනවා. වර්තමානයේ ගැස්ට්‍රයිටිස් රෝගයට ඖෂධ ලබාගන්නා බොහෝ දෙනකුට ඇත්තේ විෂාදය රෝගයයි. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ “විෂාදය” නම් මානසික රෝග තත්ත්වය ශාරීරික රෝගයක් ලෙස මතුවී තිබීමයි. කෙටියෙන් පවසතොත් මොළයේ සිදුවන කිසියම් රසායනික කි‍්‍රයාදාමයක් නිසා, විෂාදය නම් රෝගය ඇතිවී, එමඟින් දුක ඇතිවී, දුක නම් මානසික ස්වභාවය නිසා “ඇඟේ පතේ කැක්කුම, දැවිල්ල” නම් ශාරීරික අපහසුතාවයන් ඇතිවන බවයි. මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර එලකිරි දැන් හරිම slow වෙල මගෙ මෙ පොස්ට් එක දැම්මෙත් බොහොම අමාරුවෙන්. නමුත් බොහො දෙනගෙ හිත සුව පිනිස දාපු මෙ පොස්ට් එක කියවලා කොමෙන්ට් දාලා ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න මට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා. එවාගෙම මෙ පිනින් මට සසර වසනතුරු මෙවන් රොගයක් ඇති නොවෙවා කියල ප්‍රාර්තනා කරනවා.හැමොටම දීර්ගායුශ ලැබෙවා!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom