Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද?

මිනිසුන් තුළ ඇත්තේ විවිධ චරිත ලක්ෂණයන් ය. මේ චරිත ලක්ෂණ ඔවුන් සාංසාරිකව පුරුදු කරගෙන එන චර්යා රටා නිසා ඇතිවන බව දහමට අනුව පැවැසිය හැකි ය. පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ අනුව ඔවුන් සතර කොටසකට ඝෝටමුඛ සූත්‍රයේ දී බෙදා දක්වා ඇත. පිරිස් වශයෙන් ද දෙපිරිසක් එම සූත්‍රයේ දී පෙන්වා දෙයි. ඝෝටමුඛ බමුණා දැහැමි පැවිද්දන් ලෝකයෙහි නැතැයි සිතා සිටියෙකි. එහෙත් බරණැස් නුවර සමීපයෙහි ඛේමිය නම් අඹ උයනෙහි වෙසෙන උදේන තෙරුන් දැකීමෙන් ඔහුගේ එම දුර්මතය පහවී ගියේ ය. ඝෝටමුඛ බමුණුතුමා හා උදේන තෙරුන් අතර ඇතිවූ සාකච්ඡාවේ දී උදේන තෙරණුවෝ පිරිස් දෙකක් හා පුද්ගලයන් සතර දෙනකු පිළිබඳ කරුණු දැක්වූහ. ඒ පුද්ගලයන් සතර දෙනා නම් අත්තන්තප, පරන්තප, අත්තන්තප හා පරන්තප, අනත්තන්තප අපරන්තප යන පුද්ගලයන් ය.

අත්තන්තප පුද්ගලයා නම් අත්තකිලමථානුයෝගය අනුගමනය කරන පුද්ගලයා ය. ඔවුන් එසේ තමන්ගේ ශරීරයට දුක් දෙනුයේ සසර දී කරන ලද පාප කර්ම ගෙවා දැමීමට යැයි සලකාගෙනය. එසේ දුක් විඳ සියලු පව් ගෙවා දැමූ විට ඔවුහු ‘නිවන’ වශයෙන් දක්වන යම් සැපයක් ලැබෙන්නේ යැයි විශ්වාස කරති. කෙනකු ශරීරයට දුක් දුන්නත්, දැනට මෙපමණ පව් ගෙවා ඇත. තව ගෙවා දැමීමට මෙපමණ ඇත යනුවෙන් ඔවුන්ට දැනීමක් නැති හෙයින් ද ආත්ම තාපනය නිවන් මඟ නො වන හෙයින් ද බුදුදහම අත්තකිලමථානුයෝගය බැහැර කරයි. “ දුක්ඛෝ අනරියෝ, අනත්ථසංහිතෝ” දුක් පිණිස හේතුවන නිසාත්, අනාර්ය නිසාත්, අනර්ථය පිණිස හේතුවන නිසාත් ප්‍රථම ධර්මදේශනාවේ දීම අත්තකිලමථානුයෝගය බැහැර කර ඇත. ඝෝටමුඛ සූත්‍රයෙහි තමා තවන ක්‍රම රාශියක් දක්වා ඇත. ශීතෝෂ්ණ දෙක්හිම නිර්වස්ත්‍රව විසීම, කුල පරම්පරාවෙන් පැවැත එන යහපත් ආචාර ධර්ම අතහැරීම, අහරගෙන අත ලෙවීම, ආරාධනා කළ භික්ෂාව නො පිළිගැනීම, හැලි මුවවිටින් නඟා දුන් ආහාර නො පිළිගැනීම, එළිපත්තෙහි සිට දුන් ආහාර නො පිළිගැනීම, දඬු අතර - මොහොල් අතර සිට දෙන ආහාර නොපිළිගැනීම, අනුභව කරන දෙදෙනෙකු අතරින් කෙනකු දෙන ආහාර නො පිළිගැනීම, ගැබිණිය, කිරි පොවන්නිය හා පුරුෂයා වෙත ගිය ස්ත්‍රීන් දෙන ආහාර නො පිළිගැනීම, සම්මාදන් කොට පිසූ ආහාර නො පිළිගැනීම, බල්ලකු සිටින තැන ඌට නොදී දෙන ආහාර නො පිළිගැනීම, මැස්සන් සිටින තැන දෙන ආහාර හා මස් මාළු නො පිළිගැනීම, රහමෙර නො බීම, ගෙයක් - දෙකක් හෝ හතකින් ලැබුණු ආහාර අනුභව කිරීම, කුඩා බත් තැටියකින් හෝ දෙකකින් හෝ සතකින් හෝ යැපීම, දවසකට වරක් හෝ දෙවරක් හෝ සත් දිනකට වරක් හෝ අහර ගැනීම, ගොම, වනමල්, ඵල, තණකොළ අහර වශයෙන් ගැනීම යනු සූත්‍රයෙහි සඳහන් ආත්ම තාපන ක්‍රම කිහිපයෙකි. තවද ඔවුන්ගේ තැවීම් ක්‍රම රාශියක් ඇත.

හණ වැහැරිද පංශුකූල වස්තද පොතු පතුරු වස්ත්‍ර කුර සහිත අඳුන් දිවි සම් ආදියද හැඳීම, හිස රැවුල් ඉදිරීම, ආසන නැතිව උඩුකුරුව හා උක්කුටිකයෙන් සිටීම, කටු ඇතිරියෙහි සක්මන් කිරීම හා නිදීම, දවසට තුන් වතාවක් දියට බැස පව් සේදීම ආදී වශයෙන් ද තමන් තවා ගන්නා යෝගයන්හි යෙදෙයි.

පරන්තප පුද්ගලයා නම් ප්‍රාණඝාතාදී පාපකර්ම කරමින් දරුණු ක්‍රියාවන්හි යෙදෙමින් මිනිසුන් ඇතුළු සත්වයන්ට හිංසා පීඩා කරන්නා ය. ඔහු අනුන්ට හිංසා පීඩා කළත් තමන් සුවසේ සිටීමට නිතර කල්පනා කරයි. සුවසේ සිටීමට කටයුතු කරයි.

අත්තන්තප හා පරන්තප පුද්ගලයා ඉහතින් සඳහන් කළ යෝගයන්හි තමනුත් යෙදෙමින් අනුන් ද තැවීමෙහි නිරතවන පුද්ගලයා ය. තවදුරටත් එම යෝගය විස්තර කරන උදේන හිමියෝ මෙසේ පවසති. අත්තන්තප පරන්තප පුද්ගලයා (රජකු හෝ මහාසාල බමුණකු වේ නම්) නුවරට පෙර දිගින් යාග ශාලාවක් කරවා හිස රැවුල් උගුළුවා, කුර සහිත අඳුන් දිවි සමක් ඇඳ මුව අඟකින් පිට කසමින් මෙහෙසිය හා පෙරෙවි බමුණා ද යාග ශාලාවට කැඳවාගෙන ගොම ගෑ පොළොවෙහි නිදයි. වසුපැටවකු ඇති දෙනකගේ එක තනපුඩුවකින් රජු ද එකකින් බිසව ද අනෙක් තනපුඩුවෙන් පෙරෙවි බමුණා ද යැපෙයි. තව තන පුඩුවකින් ගන්නා කිරෙන් ගිනිදෙවියා පුදයි. ඉතිරි තනපුඩුවෙන් වසුපැටවා යැපෙයි. යාගය සඳහා මෙපමණ සතුන් මැරිය යුතුය, යාගස්ථම්භවලට මෙපමණ ගස් කැපිය යුතු ය, මෙපමණ කුසතණ කැපිය යුතු යැයි අණ කරයි. කම්කරුවෝ දඬුවමට බියෙන් හඬමින් වැඩ කරති. මේ අත්තන්තප පරන්තප පුද්ගලයාගේ ස්වභාව යි.

අනත්තන්තප අපරන්තප පුද්ගලයා තමනුත් නො තැවී අනුනුත් නො තවා තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් නිවී සැනැසී වාසය කරයි.

“ඝෝටමුඛ බමුණුතුමනි, නව අරහාදී බුදුගුණයන්ගෙන් සමන්විත තථාගතයන් වහන්සේ ලොව පහළවෙති. උන්වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට දේශනා කරති. දහම් අසා පැහැදුණ අය ගිහිගෙය සම්බාධ සහිත බව දැන පැවිදිව උපසපන් බවට පත්ව, සිතින් කයින් වචනයෙන් සිදුවන සියලු වැරැදිවලින් වැළැකී සීලාදී ගුණධර්ම ආරක්ෂාකොට ගෙන සතිපට්ඨානයෙන් යුතුව සතර ඉරියව් පවත්වති. කැප සරුප් සෙනසුන් ඇසුරු කොට සමථ භාවනා වඩති. එයින් ලබාගත් ධ්‍යාන පාදකකොට ගෙන විදර්ශනා භාවනා වඩා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය අවබෝධ කරගෙන නිවන් ලබති. මෙබඳු අය අනත්තන්තප අපරන්තප පුද්ගලයෝ වෙති.

ඝෝටමුඛ බමුණුතුමෙනි, සාමූහික වශයෙන් ගත් කල සමාජයේ පිරිස් ද දෙ කොටසකට බෙදා වෙන්කර දැක්විය හැකි ය. එක කොටසක් රන් රිදී මසු කහවණු පරිහරණය කරන අඹුදරුවන් දාසි දාසාදීන් හා කෙත්වත් සොයන ගිහි පිරිස යි. සමාජයට යුතුකම් ඉටුකිරීමට හා ආහාර පාන සඳහා ඔවුන්ට ඒවා අවශ්‍යය. අනෙක් කොටස නම් පැවිදි පක්ෂය යි. උන්වහන්සේ ගිහි සම්පත් සියල්ල අතහැර නිර්වාණගාමිනී ප්රතිපත්තියෙහි යෙදෙති.

උදේන තෙරණුවෝ මෙසේ ගිහි පැවිදි පිරිස් ලොව වෙසෙන බව ඝෝටමුඛ බමුණානන්ට පැහැදිලි කර දුන්හ. උදේන තෙරණුවෝ මෙසේ දහම් දෙසීමෙන් දැහැමි පැවිද්දන් නැතැයි කියූ ඝෝටමුඛ බමුණා ලවාම ලොවෙහි දැහැමි පැවිද්දන් ඇතැයි කියැවූහ. උදේන තෙරුන්ගේ ධර්ම දේශනාව අසා පැහැදුණු ඝෝටමුඛ බමුණුතුමා ‘මම අද පටන් උදේන තෙරුන්, ධර්මය හා සංඝයා සරණ යමි. මා ජීවිතාන්තය දක්වා උපාසකයකු ලෙස සලකන්නැ’ යි ඉල්ලා සිටියේ ය. එවිට උදේන තෙරණුවෝ ‘බමුණුතුමෙනි, මා සරණගිය බුදුරජාණන් වහන්සේ, ධර්මය හා සංඝයා සරණ යන්නැ’ යි කීහ. එවිට ඝෝටමුඛ, ‘ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩසිටිත් දැ’ යි විමසීය. ‘පින්වත, උන්වහන්සේ දැන් පිරිනිවන්පා ඇතැ’ යි උදේන තෙරණුවෝ දැන්වූහ. එවිට ඝෝටමුඛ ‘ උදේන තෙරණුවෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියේ නම් උන්වහන්සේ දැක වැඳපුදා ගැනීමට යොදුන් සියයක් වුව ද යන්නෙමි’ යි කීය. බුදුන්, දහම්, සගුන් සරණ ගියේ ය. එසේ තෙරුවන් සරණ ගිය ඝෝටමුඛ අඩ්ග රජුගෙන් දිනපතා තමාට ලැබෙන කහවණු පන්සියය පුදන්නට සූදානම් විය. උදේන තෙරුන් එය නො පිළිගත් විට තෙරණුවන්ගේ උපදෙස් පරිදි පැළලුප් නුවර සංඝයාට උපස්ථානය සඳහා ශාලාවක් කරවී ය. එය ‘ ඝෝටමුඛ ශාලාව‘ නමින් ප්‍රසිද්ධ විය.

ඝෝඨමුඛ උපස්ථාන ශාලාව කළ පිනෙන් මරණින් මතු දෙව්ලොව උපන්නේ ය. කාලයක් ගතවූ විට ශාලාව දිරාපත් විය. එය ප්‍රතිසංස්කරණය කරවීම සඳහා සාකච්ඡා කිරීමට සංඝයා රැස්වුහ. ඒ බව දැනගත් ඝෝටමුඛ දිව්‍යරාජයා මිනිස් වෙසින් අවුත් ‘ ස්වාමීනි, සංඝයා වහන්සේ රැස්වූයේ කුමක් නිසාදැ’ යි විමසී ය. ‘ පින්වත, මේ ශාලාව දිරාපත්ව ඇති හෙයින් ප්‍රතිසංස්කරණය කරවීමට යැ’යි එහි සංඝස්ථවිරයෝ කීහ. ‘මේ ශාලාව කවරකු විසින් කරවන ලද්දක් දැ’යි විමසූ විට ඝෝටමුඛ නම් පින්වතකු විසින් යැ’ යි කීහ. ‘ඝෝටමුඛගේ ඤාතීන් ඇද්දැ’ යි විමසූ විට සහෝදරියක ඇති බව පැවසීහ. එසේනම් ඇය කැඳවන්නැ’යි ඔහු ඉල්ලා සිටි විට පණිවුඩයක් යවා ඒ ඤාතිවරිය කැඳවා ඔහුට මුණ ගැස්වූහ. මිනිස් වෙසින් ආ ඝෝටමුඛ දෙවියා ඇය සමඟ කතාබස් කොට ‘මම ඔබගේ සහෝදර ඝෝටමුඛ වෙමි. මේ ශාලාව කළ පිනෙන් දෙව්ලොව උපත ලැබුවෙමි. මම මිනිසකු වශයෙන් සිටි කාලයේදී මා නිදන් කළ වස්තුව අසවල් අසවල් තැන්වල ඇත. ඒවා රැගෙන මෙම ශාලාව හොඳින් ප්‍රතිසංස්කරණය කරන්න. ඉතිරි ධනය ඔබගේත් දූදරුවන්ගේත් පෝෂණය සඳහා යොදාගෙන සුගතිගාමී වීම සඳහා පින් දහම් කරගන්නැ’ යි අවවාද කොට සංඝයාට වැඳ දෙව්ලොව බලා පිටත්විය. ඈ ද එකී ආකාරයට ම ශාලාව ප්‍රතිසංස්කරණය කොට ඉතිරි ධනයෙන් සුව සේ ජීවත් වූවා ය.

තෙරුවන් සරණයි!

සූරියගොඩ සිරිධම්ම හිමි

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

[QUOTE="Lewke, post: 17091985, member: 510552"] [b]ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද?[/b] [CENTER][IMG]http://i59.tinypic.com/2lmo485.jpg[/IMG][/CENTER] [SIZE="3"]මිනිසුන් තුළ ඇත්තේ විවිධ චරිත ලක්ෂණයන් ය. මේ චරිත ලක්ෂණ ඔවුන් සාංසාරිකව පුරුදු කරගෙන එන චර්යා රටා නිසා ඇතිවන බව දහමට අනුව පැවැසිය හැකි ය. පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ අනුව ඔවුන් සතර කොටසකට ඝෝටමුඛ සූත්‍රයේ දී බෙදා දක්වා ඇත. පිරිස් වශයෙන් ද දෙපිරිසක් එම සූත්‍රයේ දී පෙන්වා දෙයි. ඝෝටමුඛ බමුණා දැහැමි පැවිද්දන් ලෝකයෙහි නැතැයි සිතා සිටියෙකි. එහෙත් බරණැස් නුවර සමීපයෙහි ඛේමිය නම් අඹ උයනෙහි වෙසෙන උදේන තෙරුන් දැකීමෙන් ඔහුගේ එම දුර්මතය පහවී ගියේ ය. ඝෝටමුඛ බමුණුතුමා හා උදේන තෙරුන් අතර ඇතිවූ සාකච්ඡාවේ දී උදේන තෙරණුවෝ පිරිස් දෙකක් හා පුද්ගලයන් සතර දෙනකු පිළිබඳ කරුණු දැක්වූහ. ඒ පුද්ගලයන් සතර දෙනා නම් අත්තන්තප, පරන්තප, අත්තන්තප හා පරන්තප, අනත්තන්තප අපරන්තප යන පුද්ගලයන් ය. අත්තන්තප පුද්ගලයා නම් අත්තකිලමථානුයෝගය අනුගමනය කරන පුද්ගලයා ය. ඔවුන් එසේ තමන්ගේ ශරීරයට දුක් දෙනුයේ සසර දී කරන ලද පාප කර්ම ගෙවා දැමීමට යැයි සලකාගෙනය. එසේ දුක් විඳ සියලු පව් ගෙවා දැමූ විට ඔවුහු ‘නිවන’ වශයෙන් දක්වන යම් සැපයක් ලැබෙන්නේ යැයි විශ්වාස කරති. කෙනකු ශරීරයට දුක් දුන්නත්, දැනට මෙපමණ පව් ගෙවා ඇත. තව ගෙවා දැමීමට මෙපමණ ඇත යනුවෙන් ඔවුන්ට දැනීමක් නැති හෙයින් ද ආත්ම තාපනය නිවන් මඟ නො වන හෙයින් ද බුදුදහම අත්තකිලමථානුයෝගය බැහැර කරයි. “ දුක්ඛෝ අනරියෝ, අනත්ථසංහිතෝ” දුක් පිණිස හේතුවන නිසාත්, අනාර්ය නිසාත්, අනර්ථය පිණිස හේතුවන නිසාත් ප්‍රථම ධර්මදේශනාවේ දීම අත්තකිලමථානුයෝගය බැහැර කර ඇත. ඝෝටමුඛ සූත්‍රයෙහි තමා තවන ක්‍රම රාශියක් දක්වා ඇත. ශීතෝෂ්ණ දෙක්හිම නිර්වස්ත්‍රව විසීම, කුල පරම්පරාවෙන් පැවැත එන යහපත් ආචාර ධර්ම අතහැරීම, අහරගෙන අත ලෙවීම, ආරාධනා කළ භික්ෂාව නො පිළිගැනීම, හැලි මුවවිටින් නඟා දුන් ආහාර නො පිළිගැනීම, එළිපත්තෙහි සිට දුන් ආහාර නො පිළිගැනීම, දඬු අතර - මොහොල් අතර සිට දෙන ආහාර නොපිළිගැනීම, අනුභව කරන දෙදෙනෙකු අතරින් කෙනකු දෙන ආහාර නො පිළිගැනීම, ගැබිණිය, කිරි පොවන්නිය හා පුරුෂයා වෙත ගිය ස්ත්‍රීන් දෙන ආහාර නො පිළිගැනීම, සම්මාදන් කොට පිසූ ආහාර නො පිළිගැනීම, බල්ලකු සිටින තැන ඌට නොදී දෙන ආහාර නො පිළිගැනීම, මැස්සන් සිටින තැන දෙන ආහාර හා මස් මාළු නො පිළිගැනීම, රහමෙර නො බීම, ගෙයක් - දෙකක් හෝ හතකින් ලැබුණු ආහාර අනුභව කිරීම, කුඩා බත් තැටියකින් හෝ දෙකකින් හෝ සතකින් හෝ යැපීම, දවසකට වරක් හෝ දෙවරක් හෝ සත් දිනකට වරක් හෝ අහර ගැනීම, ගොම, වනමල්, ඵල, තණකොළ අහර වශයෙන් ගැනීම යනු සූත්‍රයෙහි සඳහන් ආත්ම තාපන ක්‍රම කිහිපයෙකි. තවද ඔවුන්ගේ තැවීම් ක්‍රම රාශියක් ඇත. හණ වැහැරිද පංශුකූල වස්තද පොතු පතුරු වස්ත්‍ර කුර සහිත අඳුන් දිවි සම් ආදියද හැඳීම, හිස රැවුල් ඉදිරීම, ආසන නැතිව උඩුකුරුව හා උක්කුටිකයෙන් සිටීම, කටු ඇතිරියෙහි සක්මන් කිරීම හා නිදීම, දවසට තුන් වතාවක් දියට බැස පව් සේදීම ආදී වශයෙන් ද තමන් තවා ගන්නා යෝගයන්හි යෙදෙයි. පරන්තප පුද්ගලයා නම් ප්‍රාණඝාතාදී පාපකර්ම කරමින් දරුණු ක්‍රියාවන්හි යෙදෙමින් මිනිසුන් ඇතුළු සත්වයන්ට හිංසා පීඩා කරන්නා ය. ඔහු අනුන්ට හිංසා පීඩා කළත් තමන් සුවසේ සිටීමට නිතර කල්පනා කරයි. සුවසේ සිටීමට කටයුතු කරයි. අත්තන්තප හා පරන්තප පුද්ගලයා ඉහතින් සඳහන් කළ යෝගයන්හි තමනුත් යෙදෙමින් අනුන් ද තැවීමෙහි නිරතවන පුද්ගලයා ය. තවදුරටත් එම යෝගය විස්තර කරන උදේන හිමියෝ මෙසේ පවසති. අත්තන්තප පරන්තප පුද්ගලයා (රජකු හෝ මහාසාල බමුණකු වේ නම්) නුවරට පෙර දිගින් යාග ශාලාවක් කරවා හිස රැවුල් උගුළුවා, කුර සහිත අඳුන් දිවි සමක් ඇඳ මුව අඟකින් පිට කසමින් මෙහෙසිය හා පෙරෙවි බමුණා ද යාග ශාලාවට කැඳවාගෙන ගොම ගෑ පොළොවෙහි නිදයි. වසුපැටවකු ඇති දෙනකගේ එක තනපුඩුවකින් රජු ද එකකින් බිසව ද අනෙක් තනපුඩුවෙන් පෙරෙවි බමුණා ද යැපෙයි. තව තන පුඩුවකින් ගන්නා කිරෙන් ගිනිදෙවියා පුදයි. ඉතිරි තනපුඩුවෙන් වසුපැටවා යැපෙයි. යාගය සඳහා මෙපමණ සතුන් මැරිය යුතුය, යාගස්ථම්භවලට මෙපමණ ගස් කැපිය යුතු ය, මෙපමණ කුසතණ කැපිය යුතු යැයි අණ කරයි. කම්කරුවෝ දඬුවමට බියෙන් හඬමින් වැඩ කරති. මේ අත්තන්තප පරන්තප පුද්ගලයාගේ ස්වභාව යි. අනත්තන්තප අපරන්තප පුද්ගලයා තමනුත් නො තැවී අනුනුත් නො තවා තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් නිවී සැනැසී වාසය කරයි. “ඝෝටමුඛ බමුණුතුමනි, නව අරහාදී බුදුගුණයන්ගෙන් සමන්විත තථාගතයන් වහන්සේ ලොව පහළවෙති. උන්වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට දේශනා කරති. දහම් අසා පැහැදුණ අය ගිහිගෙය සම්බාධ සහිත බව දැන පැවිදිව උපසපන් බවට පත්ව, සිතින් කයින් වචනයෙන් සිදුවන සියලු වැරැදිවලින් වැළැකී සීලාදී ගුණධර්ම ආරක්ෂාකොට ගෙන සතිපට්ඨානයෙන් යුතුව සතර ඉරියව් පවත්වති. කැප සරුප් සෙනසුන් ඇසුරු කොට සමථ භාවනා වඩති. එයින් ලබාගත් ධ්‍යාන පාදකකොට ගෙන විදර්ශනා භාවනා වඩා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය අවබෝධ කරගෙන නිවන් ලබති. මෙබඳු අය අනත්තන්තප අපරන්තප පුද්ගලයෝ වෙති. ඝෝටමුඛ බමුණුතුමෙනි, සාමූහික වශයෙන් ගත් කල සමාජයේ පිරිස් ද දෙ කොටසකට බෙදා වෙන්කර දැක්විය හැකි ය. එක කොටසක් රන් රිදී මසු කහවණු පරිහරණය කරන අඹුදරුවන් දාසි දාසාදීන් හා කෙත්වත් සොයන ගිහි පිරිස යි. සමාජයට යුතුකම් ඉටුකිරීමට හා ආහාර පාන සඳහා ඔවුන්ට ඒවා අවශ්‍යය. අනෙක් කොටස නම් පැවිදි පක්ෂය යි. උන්වහන්සේ ගිහි සම්පත් සියල්ල අතහැර නිර්වාණගාමිනී ප්රතිපත්තියෙහි යෙදෙති. උදේන තෙරණුවෝ මෙසේ ගිහි පැවිදි පිරිස් ලොව වෙසෙන බව ඝෝටමුඛ බමුණානන්ට පැහැදිලි කර දුන්හ. උදේන තෙරණුවෝ මෙසේ දහම් දෙසීමෙන් දැහැමි පැවිද්දන් නැතැයි කියූ ඝෝටමුඛ බමුණා ලවාම ලොවෙහි දැහැමි පැවිද්දන් ඇතැයි කියැවූහ. උදේන තෙරුන්ගේ ධර්ම දේශනාව අසා පැහැදුණු ඝෝටමුඛ බමුණුතුමා ‘මම අද පටන් උදේන තෙරුන්, ධර්මය හා සංඝයා සරණ යමි. මා ජීවිතාන්තය දක්වා උපාසකයකු ලෙස සලකන්නැ’ යි ඉල්ලා සිටියේ ය. එවිට උදේන තෙරණුවෝ ‘බමුණුතුමෙනි, මා සරණගිය බුදුරජාණන් වහන්සේ, ධර්මය හා සංඝයා සරණ යන්නැ’ යි කීහ. එවිට ඝෝටමුඛ, ‘ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩසිටිත් දැ’ යි විමසීය. ‘පින්වත, උන්වහන්සේ දැන් පිරිනිවන්පා ඇතැ’ යි උදේන තෙරණුවෝ දැන්වූහ. එවිට ඝෝටමුඛ ‘ උදේන තෙරණුවෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියේ නම් උන්වහන්සේ දැක වැඳපුදා ගැනීමට යොදුන් සියයක් වුව ද යන්නෙමි’ යි කීය. බුදුන්, දහම්, සගුන් සරණ ගියේ ය. එසේ තෙරුවන් සරණ ගිය ඝෝටමුඛ අඩ්ග රජුගෙන් දිනපතා තමාට ලැබෙන කහවණු පන්සියය පුදන්නට සූදානම් විය. උදේන තෙරුන් එය නො පිළිගත් විට තෙරණුවන්ගේ උපදෙස් පරිදි පැළලුප් නුවර සංඝයාට උපස්ථානය සඳහා ශාලාවක් කරවී ය. එය ‘ ඝෝටමුඛ ශාලාව‘ නමින් ප්‍රසිද්ධ විය. ඝෝඨමුඛ උපස්ථාන ශාලාව කළ පිනෙන් මරණින් මතු දෙව්ලොව උපන්නේ ය. කාලයක් ගතවූ විට ශාලාව දිරාපත් විය. එය ප්‍රතිසංස්කරණය කරවීම සඳහා සාකච්ඡා කිරීමට සංඝයා රැස්වුහ. ඒ බව දැනගත් ඝෝටමුඛ දිව්‍යරාජයා මිනිස් වෙසින් අවුත් ‘ ස්වාමීනි, සංඝයා වහන්සේ රැස්වූයේ කුමක් නිසාදැ’ යි විමසී ය. ‘ පින්වත, මේ ශාලාව දිරාපත්ව ඇති හෙයින් ප්‍රතිසංස්කරණය කරවීමට යැ’යි එහි සංඝස්ථවිරයෝ කීහ. ‘මේ ශාලාව කවරකු විසින් කරවන ලද්දක් දැ’යි විමසූ විට ඝෝටමුඛ නම් පින්වතකු විසින් යැ’ යි කීහ. ‘ඝෝටමුඛගේ ඤාතීන් ඇද්දැ’ යි විමසූ විට සහෝදරියක ඇති බව පැවසීහ. එසේනම් ඇය කැඳවන්නැ’යි ඔහු ඉල්ලා සිටි විට පණිවුඩයක් යවා ඒ ඤාතිවරිය කැඳවා ඔහුට මුණ ගැස්වූහ. මිනිස් වෙසින් ආ ඝෝටමුඛ දෙවියා ඇය සමඟ කතාබස් කොට ‘මම ඔබගේ සහෝදර ඝෝටමුඛ වෙමි. මේ ශාලාව කළ පිනෙන් දෙව්ලොව උපත ලැබුවෙමි. මම මිනිසකු වශයෙන් සිටි කාලයේදී මා නිදන් කළ වස්තුව අසවල් අසවල් තැන්වල ඇත. ඒවා රැගෙන මෙම ශාලාව හොඳින් ප්‍රතිසංස්කරණය කරන්න. ඉතිරි ධනය ඔබගේත් දූදරුවන්ගේත් පෝෂණය සඳහා යොදාගෙන සුගතිගාමී වීම සඳහා පින් දහම් කරගන්නැ’ යි අවවාද කොට සංඝයාට වැඳ දෙව්ලොව බලා පිටත්විය. ඈ ද එකී ආකාරයට ම ශාලාව ප්‍රතිසංස්කරණය කොට ඉතිරි ධනයෙන් සුව සේ ජීවත් වූවා ය. තෙරුවන් සරණයි! [RIGHT]සූරියගොඩ සිරිධම්ම හිමි[/RIGHT][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"][CENTER]ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න![/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom