Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද?

ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද?

"පුංචි කාලෙ රුපියල් කෝටි ගණනක හීන දැකපු මිනිස්සු රු.50000 පඩියට හීන ටික පොඩිකරගත්තා"

සමාජ මාධ්‍ය ජාලා වල පසුගිය සතිය පුරාවටම හුවමාරු වෙච්ච ඉහත වාක්‍ය කොටස මේ ලිපිය ලියන්නට මට පෙලඹවීමක් ඇති කරනවා. සිහින දකින්නෙක් ලෙස සිහින දකින්නන්ට සිහින ගැන කියන මේ ලිපිය බහුතරයකට වගේම ඔබටත් වඩාත් සමීප වෙන්නෙ, හුරුපුරුදු වෙන්නෙ ඔබත් ඔබට ඇති සීමාවන් හමුවේ සිහින පොඩි කරගත්ත, සිහින සීමා කරගත්ත කෙනෙක් නිසා වෙන්නට පුළුවන්. නැත්නම් ඔබත් රුපියල් කෝටි ගණනක සිහිනයක් සැබෑ කරගැනීමේ සටනේ නියැලිච්ච පුද්ගල පෞර්ෂයක් නිසා වෙන්නටත් පුළුවන්. ඔබ ඒ දෙදෙනාගෙන් කවුරු උනත් සිහින සැබෑකරගන්න නම් මේ ලිපිය කියවන්න කියන ආරාධනාව මම ඔබට ආරම්භයේදීම ගෙන එනවා.

මිනිසුන් ජීවිතය තුල විවිධ අවස්ථාවලදී විවිධ සිහින දකිනවා. ඇතමුන් කෙටි කාලීන වශයෙන් සිහින දකිද්දී තවත් අය දිගු කාලීන වශයෙන් සිහින දකිනවා. ඇතමුන් සිහින පසුපස දුවද්දි තවත් අය සිහින සැබෑ වෙන තුරු බලාගෙන ඉන්නවා. ඇතමුන් සිහින මතකයන් බවට පතකරගෙන මියයනවා. ඇතමුන් සිහිනත් සමගම මියයනවා. සමහරු සිහින සීමා කරනවා. සමහරු සීමාවෙන් එහා සිහින මවනවා.

ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද?

මහත්මා ගාන්ධි රුපියල් කෝටියක් වටිනා සිහිනයක් දුටුවා යැයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? නෙල්සන් මැන්ඩෙලා රුපියල් කෝටියක් වටිනා සිහිනයක හිමිකරුවෙක් යැයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?

කෝටිපතියන් නොවන, මූල්‍ය වටිනාකමකට වඩා සමාජ වටිනාකමකින් ඉහල ඔවුන් දෙස බැලුවාම ඔවුන් කෝටියක් වටිනා සිහිනයක් නොදුටුවායැයි ඔබට එකවරම සිතෙන්නට පුළුවන්. කෝටියක් වටින සිහිනයක් යැයි කියූ පමණින් බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, ධම්මික පෙරේරා වැනි මූල්‍ය වටිනාකමකින් ඉහල චරිතයන් පමණක් ඔබට සිහිවෙන්නට පුළුවන්. නමුත් ඔබගේ සිහිනය රුපියල් කෝටියක් වටින සිහිනයක් ද එසේ නො වනවා ද යන්න තීරණය වෙන්නෙ එහි මූල්‍යමය වටිනාකම මත නෙමෙයි. එය කොතරම් විශාලත්වයකින් යුතු ද යන කාරණාව මත. සිහිනය ඔබට කෙතරම් දුරින් තිබෙනවාද කියන කාරණය මත.

"සිහින කියන්නේ ඔබ නින්දේදී දකින දේවල් නෙවෙයි. සිහින කියන්නේ ඔබට නිදාගන්න නොදී ඔබව අවදි කර තබන දේවල්"

ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිහින ගැන කියන්න එහෙම කතාවක්. කතාව සියයට සියයක් නිවැරදි වුණත් ඕනෑම සිහිනයකට ඔබව ජීවිතය තුළ අවදි කර තබන්නට බැහැ. අනාගත අපේක්ෂා දල්වමින් ඔබව නිරන්තරයෙන් අවදි කර තබන්නේ ඔබට ලෙහෙසියෙන් ලඟා විය නොහැකි දුරකින් තිබෙන විශාලත්වයෙන් වැඩි සිහින(Big dreams) පමණයි. ඔබට සැබෑ කර ගැනීමට අපහසු සීමාවේ ඇති සිහිනයන් පමණයි.

ඉතින් හඳට යන්න ට්‍රයි කලොත් ගෙදර වහලට හරි නැග ගන්න පුලුවන් වෙයි කියලා කතාවට කියනවා වගේ ජීවිතය තුළ අසීරු ඉලක්ක තියා ගත්තට කමක් නැහැ. අහස තරම් ලොකු හීන දැක්කට කමක් නැහැ. පොළොවේ ඉඳන් හදට ගල් ගැහුවට කමක් නැහැ. ලොකුවට සිහින දකින්න. ඔබේ සිහිනයේ වටිනාකම ඔබම තීරණය කරන්න.

වරක් පාසලේදී මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා මට මෙහෙම කියනවා.

"පුතා ගමනක් යද්දි මගකට ටිකට් එක ගන්න එපා. ගමනාන්තෙටම ගන්න. එතකොට ඔයාට කැමති තැනකින් බැහැගන්න පුළුවන්"

සැතපුම් කණු සහ ගමනාන්තය නිවැරදිව දකින්න.

හිටපු දකුණු අපිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ දිගු කාලීන සිහිනය වෙන්නේ සැමට සමාන අයිතිවාසිකම් සහිත දකුණු අප්රිකාවක් නිර්මාණය කිරීම. ඔහුගේ දිගු කාලීන සිහිනය ජය ගැනීමට ඔහුට දකුණු අප්‍රිකාවේ බලයට පැමිණෙන්නට ම සිද්ධ වෙනවා . සුදු ජාතිකයන් තුළ සමානාත්මතාවය ඇති වන ආකාරයට තමන්ගේ බලය භාවිතා කරන්නට සිද්ධ වෙනවා. ඇත්තටම ඔහුගේ බලයට පැමිණීම සහ සුදු ජාතිකයන් තුළ සමානාත්මතාවය පිලිබඳ හැඟීම ඇතිකිරීම කියන්නේ ඔහුගේ දිගු කාලීන සිහිනයට යන ගමනේ සැතපුම් කණු මිස ගමනාන්තයන් නෙමෙයි.

ඇතැම් විට ඔලිම්පික් සඳහා නිර්දේශ වෙන්න අපේක්ෂා කරන ක්රීඩකයකුට ප්‍රථමයෙන් ඔහුගේ පාසල් තරග ජයග්‍රහණය කිරීමට සිදු වනවා. ඉන් පස්සේ දිස්ත්‍රික් තරඟ, පළාත් තරග සහ ජාතික මට්ටමේ තරඟ ජයග්‍රහණය කරලා තමයි ඔහු පිළිවෙලින් ආසියානු සහ ඔලිම්පික් තරග තරඟ සඳහා සුදුසුකම් ලබන්නේ. සැබවින්ම සෑම සිහිනයක්ම මුදුන්පමුණුවා ගන්නා ඒ සඳහාම නිර්දේශිත ඇජෙන්ඩාවක් තිබෙනවා. අපි සිහිනයේ විශාලත්වය අනුව එම ඇජෙන්ඩාව සැතපුම් කණු දහස් ගණනක අන්තර්ගතයක් වෙන්නට පුළුවන්. ඔබ දෛනිකව මාසිකව හෝ වාර්ෂිකව ලබන සුළු සුළු ජයග්රහණයන් සියල්ලේම එකතුව ඇතැම්විට ඔබගේ දිගුකාලීන සිහිනයේ ජයග්‍රහණය තීරණය කරන්නට පුළුවන්. ජීවිතය තුළ සුළුවෙන් ලබන ජයග්‍රහණ විශාල ජයග්රහණයන් තීරණය කරන්නෙත් , ඔබ සැතපුම් කණු වලදී සනිටුහන් කරන ජයග්රහණයන් ගමනාන්තය නොවන්නේත් සැතපුම් කණු හා ගමනාන්තය අතර ඇති සමබන්ඳතාවය සහ වෙනස නිසයි.

පුද්ගලික වශයෙන් ගත්තත් ඔබේ ව්‍යාපාරය අතින් ගත්තත් ඔබ අවසාන වශයෙන් මුදුන් පමුණුවාගැනීමට අපේක්ෂිත දිගුකාලීන සිහිනය "දැක්ම(Vision)" යන සුවිශේෂී නාමයෙන් හඳුන්වනවා. දැක්ම කියනදේට James M Higging ට අනුව නිර්වචනයක් දුන්නොත් "අනාගතය සදහා මග පෙන්වන සමස්ථ ආයතනය සදහා මගපෙන්වන සමස්ත කාර්යභාරය සම්පිණ්ඩනය කරන අදහස"ලෙස එය හදුන්වන්න පුළුවන්. ඔබගේ වගේම ඔබේ ව්‍යාපාරයෙ දැක්ම මොකක්ද කියන එක තීරණය කරන්නේ ඔබමයි වගේම තමයි දැක්ම වෙත ඔබ යාමේදී ඔබ ලඟා කරගන්නා සෙසු ජයග්‍රහණ එහෙමත් නැත්නම් අරමුණු (Goals) මොනවාද කියන එක තීරණය කල යුත්තේත් ඔබම තමයි. අනාගතය සඳහා මගපෙන්වන සමස්ථ අදහස දැක්ම ලෙසත් ඒ වෙත ලඟාවෙන්න විවිධ අරමුණු වලින් සමන්විත මාර්ගය එසේත් නැතිනම් ඇජෙන්ඩාව නිෂ්ඨාව(mission) ලෙසත් කලමණාකරණ විශය පථය තුලදී විස්තර කෙරෙනවා.

SMART විදියට සිහින දකින්න.

ඇතැමුන් සිහින මතකයන් බවට පත් කරගෙන මිය යද්දී තවත් සමහරු සිහින සමගම මිය යන්නේ ඇයි?

ජීවිතය තුළ තම අපේක්ෂා ඉටු කරගනිද්දී ගනිද්දී සිහින සැබෑ කර ගනිද්දී ඇතැමුන්ගේ සිහින දැවී අළු වී යන්නේ ඇයි?

ඉහත සියල්ලටම පිලිතුර සිහින සිහිනයන් ලෙස ම තබා ගැනීම සහ සිහින ඉලක්ක බවට පත් කර නො ගැනීම යැයි කිව්වොත් මම නිවැරදියි. සිහින අරමුණු බවට පත්කර පත් කර ගන්නේ කොහොමද ?ඒ සඳහා පිළිගත් යම් නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා ද ? ලොව පුරා සිටින කළමණාකරන උපදේශකයින්,ව්‍යාපාර විශ්ලේෂකයින් යන සියල්ලක් ම සිහින ඉලක්ක බවට පත් කර ගැනීමේ නිශ්චිත ක්‍රියාවලිය හඳුන් වන්නේ S,M,A,R,T යන ඉංග්‍රීසි අකුරු 5 න් සැදුම්ලත් SMART (ස්මාර්ට්) නම් යෙදුම භාවිතයෙන්. ඔබ මින් පෙර SMART විදියට සිහින දැක්කත් නැතත් කෝටි ගණනක් වටිනා ඔබේ සිහින මුදුන්පමුණුවා ගන්නටනම් සිහින SMART කිරීමේ ක්‍රමවේදය අධ්‍යනය අනිවාර්ය වෙනවා

S-Specific

M- Measurable

A-Action Based

R-Realistic

T-Time Framed

SMART කියන වචනයේ පලවෙනි අකුරෙන් කියවෙන්නේ ඔබගේ ඉලක්කය නිෂ්චිත(Specific)විය යුතුයි කියන එක.ඒ කියන්නේ ඔබ කුමන ස්ථානයකට ගමන් කරනවද කියලා නිවැරදිවම තීරණය කල යුතුයි කියන එක. දිගු දුර ධාවන තරගයකදී ක්‍රීඩකයෙක් තමන්ගේ ගමනාන්තය, තමන් ගමන් කරන ස්ථානය නිසියාකාරව තරගය ආරම්භයේ තීරණය නොකලොත් ඇතැම්විට වැරදි ප්රවේශයකින් තරගයට අවතීර්ණ වෙලා වේලාසනින්ම හති වැටෙන්නට පුළුවන්. කෙටි දුර ධාවන තරගයක් දුවලා දිනනවා වගේ දිගු දුර ධාවනයකදි දුවලා දිනන්න බැහැ. ඒ සඳහා වේගය පාලනය කරලා දැඩි ඉවසීමකින් තරගය අල්ලාගෙන ඉදිරියට ගමන් කිරීමට ක්‍රීඩකයාට සිද්ධවෙනවා. තරගයකට කලින් ඉලක්කය නිශ්චිත කරගන්න කියලා ක්‍රීඩා පුහුණුකරුවන් ක්‍රීඩකයන්ට උපදෙස් දෙන්නෙ ඒ නිසයි.

ඔබගේ ඉලක්කයේ නිෂ්චිත වටිනාකම කීයද කියලා මම ඔබෙන් ඇසුවොත් ඔබට දෙන්නට පිලිතුරක් තිබෙනවද? SMART වචනයේ M අකුරෙන් කියවෙන මැනිය හැකි බව(Measurable) ඔබේ ඉලක්කය තුල අන්තර්ගත නැතිනම් ඔබට එයට නිසි පිලිතුරක් ලබාදෙන්නට බැහැ. ඔබේ දිගුකාලීන සිහිනය ඇතැම් විට රුපියල් කෝටි ගණනක් වටිනා ව්‍යාපාරයක් ගොඩනැගීම වෙන්නට පුළුවන්. එහෙත් එය කෝටිගණනක් යැයි කියන තැනම ඔබ අසාර්ථකයි. නිවැරදි ඉලක්ක පිහිටුවීමක් කියන්නේ ඔබ තීරණය කරන්නට ඕනෙ රුපියල් කෝටිනම් හරියටම කෝටි කීයක ව්‍යාපාරයක් ඔබ ගොඩනගනවද කියන කාරණාව. රුපියල් කෝටි 20 ක දළ ලාභයක් සහිත ව්‍යාපාරයක් ගොඩනගනවා යැයි ඔබ නිශ්චිත අංකනයට ඔබේ ඉලක්කය රැගෙන එනතුරු එය සාර්ථක ඉලක්කයක් වෙන්නේ නැහැ.

තුන්වෙනි ආකුරෙන් කියවෙන්නේ ලඟා විය හැකි බව(Action Based). මම මුලින් කිව්ව වගේ ලඟාවෙන්න අපහසු ඉලක්ක තියාගන්න ඕන වගේම ලඟා වෙන්න බැරි ඉලක්ක තබා නොගැනීමත් වැදගත් කාරණාවක්. ඔබ ව්‍යාපාරයේ දළ ලාභය ලෙස රුපියල් කෝටි 20 ක් අපේක්ෂා කිරීම වියහැකියාවක් සහිත කාරනාවක් උනත් දළ ලාභය ලෙස රුපියල් කෝටි 500 අපේක්ෂා කිරීම ලඟාවිය නොහැකි මට්ටමේ, විය හැකියාවක් නොමැති ඉලක්කයක් වෙන්නට පුළුවන්.

R එහෙමත් නැත්තම් හතරවැනි අකුරෙන් කියවෙන්නේ ඉලක්කය තාත්වික(Realistic) විය යුතුයි කියන එක.උදාහරණයක් විදියට ඔබ ව්‍යාපාරිකයෙක් ලෙස ව්‍යාපාරික ක්ෂේත්රයේ නියැලිච්ච ඔබ "වසරේ හොඳම මාධ්‍යවේදියා වෙනවා" වගේ ප්‍රායෝගික නොවන ඉලක්කයක් තබාගැනීම තාත්වික වෙන්නේ නැහැ.

T කියන අන්තිම අකුරෙන් කියවෙන්නේ කාල නියමයක් තිබිය යුතුයි (Time Bound) කියන කාරණාව.කවදහරි බිලියනපතියෙක් වෙනවා,කවදහරි හොඳම කලමණාකරුවා වෙනවා කිව්වොත් එයට නිසි කාල නියමයක් නැහැ.ඔබ ඉලක්කය සකසා ගත යුත්තේ යම් කිසි නිශ්චිත වසරකට.පුද්ගලික වශයෙන් වගේම වයාපාරික අතින් ගත්තත් වසර 20ක සැලසුමක් යටතේ ඉලක්කයක් පිහිටුවා ගැනීම ඉතාමත් යෝග්‍ය බව පිලිගැනෙනවා. ඉන්පසු ඔබට පුලුවන් පිහිටුවා ගත්ත දිගුකාලීන දැක්ම වසර 5ක සැලසුම් ලෙස කොටස් කරලා තේරුම් ගැනීමච පහසු විදියට දැක්ම වෙත යන ගමන් මග කුමක්ද යන්න වඩා පැහැදිලි තිරයකින් දකින්න.

සිහින මනසින් දකින්න(Visualization)

ලෝක පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්ගේ සාර්ථකත්වය ඔබ අහම්බයක් කියලා සිතනවාද? ලොව ප්‍රකට පුද්ගල සංවර්ධන කෘතියක් ලෙස සැලකෙන Will Power නම් කෘතියේ පෙල්ප්ස්ගේ සාර්ථකත්වයට බොහෝ සෙයින් ඉවහල් වෙන්නෙ සිහින මනසින් දැකීම (Visualization)බව විස්තර කෙරෙනවා. ඇත්තටම පෙල්ප්ස්ගේ පුහුණුකරුවා ඔහුට උපදෙස් දීලා තිබුනේ සෑම පුහුණුවටයකට කලින් ඔහුගේ තරග වටයේ ජයග්‍රහහණය පිලිබඳ චිත්ත රූප මවාගන්න. සෙසු තරඟකරුවන් පරයමින් තමන් ජයග්‍රහණය සනිටුහන් කරගන්නා අයුරු මනසින් දකින්න. පුහුණුකරුගේ උපදෙස් අනුව දැඩි උවමනාවෙන් තම ජයග්‍රහණයේ චිත්ත රූප මවන පෙල්ප්ස් පිහිනුම් තටාකය වෙත පියමනින්නේ ඔහු මනස තුල පටිගත කරගත්තු චිත්ත රූප තැටිය ක්‍රියාත්මක කරමින්. ඔලිම්පික් තරග බිම තුල රන් පදක්කම් 23 ක් සහිතව පදක්කම් 28 ක් දිනා ගනිමින් පෙල්ප්ස් විශිෂ්ඨතමයා බවට වෙන්නෙ පත්වෙන්නෙ ඔහුගේ ව්‍යායාමයේ සුවිශේෂී ප්‍රතිඵලය විදියටයි.

චිත්ත රූප මැවීම, සිහින මනසින් දැකීම වගේම සිහින පොතක ලිවීම කියන්නෙත් සිහින සැබෑ කරගැනීමට භාවිතා කල හැකි තවත් ප්‍රායොගික උපක්‍රමයක්. බොහෝ මිනිසුන් ජීවිතය පුරාවට සිහින දැකීම අඛණ්ඩව සිදුකලත් කාලයත් සමග ඔවුන්ට සිහින අමතක වී යෑම සාමාන්‍ය දෙයක්. තමන් මිලදීගන්නට යන වාහනය, තමන් සිහින මවන ව්‍යාපාරය, තමන්ගොඩනගන නිවස පිලිබඳ සිහිනය පොතක ලියන්න පුහුණුවීම ඔබේ සිහිනයන් වඩා හොඳින් ස්ථාපිත කරගැනීමටත් ඒවාට දෛනිකව නාභිගත වන්නටත් හොඳ අවස්ථාවක් සපයනවා.

සිහින ගැන කියවා අවසන් වෙද්දි ඔබටත් තියෙන්නේ රුපියල් කෝටි ගණනක් වටිනා සිහිනයක් වෙන්නට පුළුවන්. නැතිනම් ඔබ කෝටි ගණනක් වටිනා සිහිනයක් දැකීමට පූර්ව සූදානමක් ලබාගත්තා වෙන්නට පුළුවන්. කෙසේ කොහොම වුනත් ඔබේ දිගු කාලීන සිහිනය සැබෑ කරගැනීමට ඔබ ක්‍රියාත්මක වීම(Action) කියන්නේ වඩා වැදගත්ම කාරණාව බව පැහැදිලිවම කිව යුතු වෙනවා. සිහින දකිමින්, සිහින විශ්වාස කරමින්, සිහින සැලසුම් කරමින්,සිහිනයන් කෙරෙහි නාභිගත වූ පමණින් ඔබට කෝටි ගණනක් වටිනා සිහින ජීවන සටන තුල ජයගැනීමට හේතු සාධක සපයන්නේ නැහැ.

"ක්‍රියාත්මක වීමක් නැති සිහිනයක් කියන්නේ සිහිනයක්ම විතරයි, සිහිනයක් නැතුව ක්‍රියාත්මක වීම කියන්නේ කාලය කා දැමීමක් විතරයි, ක්‍රියාත්මක වීමක් තියන සිහිනයකට ලෝකය පවා වෙනස් කළ හැකියි. ”

"Future edge" ව්‍යාපාරික කෘතියේ රචක joel arthur barker සිහින ගැන පවසන පරම සත්‍යය එයයි.

- ප්‍රමේෂ් වික්‍රමසිංහ

(මව්බිම-FT අතිරේකයෙන් උපුටා ගන්නා ලදී.)

[QUOTE="kavindu84, post: 25110492, member: 561840"] [b]ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද?[/b] [SIZE="4"]ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද? ____________________________________ "පුංචි කාලෙ රුපියල් කෝටි ගණනක හීන දැකපු මිනිස්සු රු.50000 පඩියට හීන ටික පොඩිකරගත්තා" සමාජ මාධ්‍ය ජාලා වල පසුගිය සතිය පුරාවටම හුවමාරු වෙච්ච ඉහත වාක්‍ය කොටස මේ ලිපිය ලියන්නට මට පෙලඹවීමක් ඇති කරනවා. සිහින දකින්නෙක් ලෙස සිහින දකින්නන්ට සිහින ගැන කියන මේ ලිපිය බහුතරයකට වගේම ඔබටත් වඩාත් සමීප වෙන්නෙ, හුරුපුරුදු වෙන්නෙ ඔබත් ඔබට ඇති සීමාවන් හමුවේ සිහින පොඩි කරගත්ත, සිහින සීමා කරගත්ත කෙනෙක් නිසා වෙන්නට පුළුවන්. නැත්නම් ඔබත් රුපියල් කෝටි ගණනක සිහිනයක් සැබෑ කරගැනීමේ සටනේ නියැලිච්ච පුද්ගල පෞර්ෂයක් නිසා වෙන්නටත් පුළුවන්. ඔබ ඒ දෙදෙනාගෙන් කවුරු උනත් සිහින සැබෑකරගන්න නම් මේ ලිපිය කියවන්න කියන ආරාධනාව මම ඔබට ආරම්භයේදීම ගෙන එනවා. මිනිසුන් ජීවිතය තුල විවිධ අවස්ථාවලදී විවිධ සිහින දකිනවා. ඇතමුන් කෙටි කාලීන වශයෙන් සිහින දකිද්දී තවත් අය දිගු කාලීන වශයෙන් සිහින දකිනවා. ඇතමුන් සිහින පසුපස දුවද්දි තවත් අය සිහින සැබෑ වෙන තුරු බලාගෙන ඉන්නවා. ඇතමුන් සිහින මතකයන් බවට පතකරගෙන මියයනවා. ඇතමුන් සිහිනත් සමගම මියයනවා. සමහරු සිහින සීමා කරනවා. සමහරු සීමාවෙන් එහා සිහින මවනවා. ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද? මහත්මා ගාන්ධි රුපියල් කෝටියක් වටිනා සිහිනයක් දුටුවා යැයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? නෙල්සන් මැන්ඩෙලා රුපියල් කෝටියක් වටිනා සිහිනයක හිමිකරුවෙක් යැයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? කෝටිපතියන් නොවන, මූල්‍ය වටිනාකමකට වඩා සමාජ වටිනාකමකින් ඉහල ඔවුන් දෙස බැලුවාම ඔවුන් කෝටියක් වටිනා සිහිනයක් නොදුටුවායැයි ඔබට එකවරම සිතෙන්නට පුළුවන්. කෝටියක් වටින සිහිනයක් යැයි කියූ පමණින් බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, ධම්මික පෙරේරා වැනි මූල්‍ය වටිනාකමකින් ඉහල චරිතයන් පමණක් ඔබට සිහිවෙන්නට පුළුවන්. නමුත් ඔබගේ සිහිනය රුපියල් කෝටියක් වටින සිහිනයක් ද එසේ නො වනවා ද යන්න තීරණය වෙන්නෙ එහි මූල්‍යමය වටිනාකම මත නෙමෙයි. එය කොතරම් විශාලත්වයකින් යුතු ද යන කාරණාව මත. සිහිනය ඔබට කෙතරම් දුරින් තිබෙනවාද කියන කාරණය මත. "සිහින කියන්නේ ඔබ නින්දේදී දකින දේවල් නෙවෙයි. සිහින කියන්නේ ඔබට නිදාගන්න නොදී ඔබව අවදි කර තබන දේවල්" ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිහින ගැන කියන්න එහෙම කතාවක්. කතාව සියයට සියයක් නිවැරදි වුණත් ඕනෑම සිහිනයකට ඔබව ජීවිතය තුළ අවදි කර තබන්නට බැහැ. අනාගත අපේක්ෂා දල්වමින් ඔබව නිරන්තරයෙන් අවදි කර තබන්නේ ඔබට ලෙහෙසියෙන් ලඟා විය නොහැකි දුරකින් තිබෙන විශාලත්වයෙන් වැඩි සිහින(Big dreams) පමණයි. ඔබට සැබෑ කර ගැනීමට අපහසු සීමාවේ ඇති සිහිනයන් පමණයි. ඉතින් හඳට යන්න ට්‍රයි කලොත් ගෙදර වහලට හරි නැග ගන්න පුලුවන් වෙයි කියලා කතාවට කියනවා වගේ ජීවිතය තුළ අසීරු ඉලක්ක තියා ගත්තට කමක් නැහැ. අහස තරම් ලොකු හීන දැක්කට කමක් නැහැ. පොළොවේ ඉඳන් හදට ගල් ගැහුවට කමක් නැහැ. ලොකුවට සිහින දකින්න. ඔබේ සිහිනයේ වටිනාකම ඔබම තීරණය කරන්න. වරක් පාසලේදී මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා මට මෙහෙම කියනවා. "පුතා ගමනක් යද්දි මගකට ටිකට් එක ගන්න එපා. ගමනාන්තෙටම ගන්න. එතකොට ඔයාට කැමති තැනකින් බැහැගන්න පුළුවන්" සැතපුම් කණු සහ ගමනාන්තය නිවැරදිව දකින්න. හිටපු දකුණු අපිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ දිගු කාලීන සිහිනය වෙන්නේ සැමට සමාන අයිතිවාසිකම් සහිත දකුණු අප්රිකාවක් නිර්මාණය කිරීම. ඔහුගේ දිගු කාලීන සිහිනය ජය ගැනීමට ඔහුට දකුණු අප්‍රිකාවේ බලයට පැමිණෙන්නට ම සිද්ධ වෙනවා . සුදු ජාතිකයන් තුළ සමානාත්මතාවය ඇති වන ආකාරයට තමන්ගේ බලය භාවිතා කරන්නට සිද්ධ වෙනවා. ඇත්තටම ඔහුගේ බලයට පැමිණීම සහ සුදු ජාතිකයන් තුළ සමානාත්මතාවය පිලිබඳ හැඟීම ඇතිකිරීම කියන්නේ ඔහුගේ දිගු කාලීන සිහිනයට යන ගමනේ සැතපුම් කණු මිස ගමනාන්තයන් නෙමෙයි. ඇතැම් විට ඔලිම්පික් සඳහා නිර්දේශ වෙන්න අපේක්ෂා කරන ක්රීඩකයකුට ප්‍රථමයෙන් ඔහුගේ පාසල් තරග ජයග්‍රහණය කිරීමට සිදු වනවා. ඉන් පස්සේ දිස්ත්‍රික් තරඟ, පළාත් තරග සහ ජාතික මට්ටමේ තරඟ ජයග්‍රහණය කරලා තමයි ඔහු පිළිවෙලින් ආසියානු සහ ඔලිම්පික් තරග තරඟ සඳහා සුදුසුකම් ලබන්නේ. සැබවින්ම සෑම සිහිනයක්ම මුදුන්පමුණුවා ගන්නා ඒ සඳහාම නිර්දේශිත ඇජෙන්ඩාවක් තිබෙනවා. අපි සිහිනයේ විශාලත්වය අනුව එම ඇජෙන්ඩාව සැතපුම් කණු දහස් ගණනක අන්තර්ගතයක් වෙන්නට පුළුවන්. ඔබ දෛනිකව මාසිකව හෝ වාර්ෂිකව ලබන සුළු සුළු ජයග්රහණයන් සියල්ලේම එකතුව ඇතැම්විට ඔබගේ දිගුකාලීන සිහිනයේ ජයග්‍රහණය තීරණය කරන්නට පුළුවන්. ජීවිතය තුළ සුළුවෙන් ලබන ජයග්‍රහණ විශාල ජයග්රහණයන් තීරණය කරන්නෙත් , ඔබ සැතපුම් කණු වලදී සනිටුහන් කරන ජයග්රහණයන් ගමනාන්තය නොවන්නේත් සැතපුම් කණු හා ගමනාන්තය අතර ඇති සමබන්ඳතාවය සහ වෙනස නිසයි. පුද්ගලික වශයෙන් ගත්තත් ඔබේ ව්‍යාපාරය අතින් ගත්තත් ඔබ අවසාන වශයෙන් මුදුන් පමුණුවාගැනීමට අපේක්ෂිත දිගුකාලීන සිහිනය "දැක්ම(Vision)" යන සුවිශේෂී නාමයෙන් හඳුන්වනවා. දැක්ම කියනදේට James M Higging ට අනුව නිර්වචනයක් දුන්නොත් "අනාගතය සදහා මග පෙන්වන සමස්ථ ආයතනය සදහා මගපෙන්වන සමස්ත කාර්යභාරය සම්පිණ්ඩනය කරන අදහස"ලෙස එය හදුන්වන්න පුළුවන්. ඔබගේ වගේම ඔබේ ව්‍යාපාරයෙ දැක්ම මොකක්ද කියන එක තීරණය කරන්නේ ඔබමයි වගේම තමයි දැක්ම වෙත ඔබ යාමේදී ඔබ ලඟා කරගන්නා සෙසු ජයග්‍රහණ එහෙමත් නැත්නම් අරමුණු (Goals) මොනවාද කියන එක තීරණය කල යුත්තේත් ඔබම තමයි. අනාගතය සඳහා මගපෙන්වන සමස්ථ අදහස දැක්ම ලෙසත් ඒ වෙත ලඟාවෙන්න විවිධ අරමුණු වලින් සමන්විත මාර්ගය එසේත් නැතිනම් ඇජෙන්ඩාව නිෂ්ඨාව(mission) ලෙසත් කලමණාකරණ විශය පථය තුලදී විස්තර කෙරෙනවා. SMART විදියට සිහින දකින්න. ඇතැමුන් සිහින මතකයන් බවට පත් කරගෙන මිය යද්දී තවත් සමහරු සිහින සමගම මිය යන්නේ ඇයි? ජීවිතය තුළ තම අපේක්ෂා ඉටු කරගනිද්දී ගනිද්දී සිහින සැබෑ කර ගනිද්දී ඇතැමුන්ගේ සිහින දැවී අළු වී යන්නේ ඇයි? ඉහත සියල්ලටම පිලිතුර සිහින සිහිනයන් ලෙස ම තබා ගැනීම සහ සිහින ඉලක්ක බවට පත් කර නො ගැනීම යැයි කිව්වොත් මම නිවැරදියි. සිහින අරමුණු බවට පත්කර පත් කර ගන්නේ කොහොමද ?ඒ සඳහා පිළිගත් යම් නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා ද ? ලොව පුරා සිටින කළමණාකරන උපදේශකයින්,ව්‍යාපාර විශ්ලේෂකයින් යන සියල්ලක් ම සිහින ඉලක්ක බවට පත් කර ගැනීමේ නිශ්චිත ක්‍රියාවලිය හඳුන් වන්නේ S,M,A,R,T යන ඉංග්‍රීසි අකුරු 5 න් සැදුම්ලත් SMART (ස්මාර්ට්) නම් යෙදුම භාවිතයෙන්. ඔබ මින් පෙර SMART විදියට සිහින දැක්කත් නැතත් කෝටි ගණනක් වටිනා ඔබේ සිහින මුදුන්පමුණුවා ගන්නටනම් සිහින SMART කිරීමේ ක්‍රමවේදය අධ්‍යනය අනිවාර්ය වෙනවා S-Specific M- Measurable A-Action Based R-Realistic T-Time Framed SMART කියන වචනයේ පලවෙනි අකුරෙන් කියවෙන්නේ ඔබගේ ඉලක්කය නිෂ්චිත(Specific)විය යුතුයි කියන එක.ඒ කියන්නේ ඔබ කුමන ස්ථානයකට ගමන් කරනවද කියලා නිවැරදිවම තීරණය කල යුතුයි කියන එක. දිගු දුර ධාවන තරගයකදී ක්‍රීඩකයෙක් තමන්ගේ ගමනාන්තය, තමන් ගමන් කරන ස්ථානය නිසියාකාරව තරගය ආරම්භයේ තීරණය නොකලොත් ඇතැම්විට වැරදි ප්රවේශයකින් තරගයට අවතීර්ණ වෙලා වේලාසනින්ම හති වැටෙන්නට පුළුවන්. කෙටි දුර ධාවන තරගයක් දුවලා දිනනවා වගේ දිගු දුර ධාවනයකදි දුවලා දිනන්න බැහැ. ඒ සඳහා වේගය පාලනය කරලා දැඩි ඉවසීමකින් තරගය අල්ලාගෙන ඉදිරියට ගමන් කිරීමට ක්‍රීඩකයාට සිද්ධවෙනවා. තරගයකට කලින් ඉලක්කය නිශ්චිත කරගන්න කියලා ක්‍රීඩා පුහුණුකරුවන් ක්‍රීඩකයන්ට උපදෙස් දෙන්නෙ ඒ නිසයි. ඔබගේ ඉලක්කයේ නිෂ්චිත වටිනාකම කීයද කියලා මම ඔබෙන් ඇසුවොත් ඔබට දෙන්නට පිලිතුරක් තිබෙනවද? SMART වචනයේ M අකුරෙන් කියවෙන මැනිය හැකි බව(Measurable) ඔබේ ඉලක්කය තුල අන්තර්ගත නැතිනම් ඔබට එයට නිසි පිලිතුරක් ලබාදෙන්නට බැහැ. ඔබේ දිගුකාලීන සිහිනය ඇතැම් විට රුපියල් කෝටි ගණනක් වටිනා ව්‍යාපාරයක් ගොඩනැගීම වෙන්නට පුළුවන්. එහෙත් එය කෝටිගණනක් යැයි කියන තැනම ඔබ අසාර්ථකයි. නිවැරදි ඉලක්ක පිහිටුවීමක් කියන්නේ ඔබ තීරණය කරන්නට ඕනෙ රුපියල් කෝටිනම් හරියටම කෝටි කීයක ව්‍යාපාරයක් ඔබ ගොඩනගනවද කියන කාරණාව. රුපියල් කෝටි 20 ක දළ ලාභයක් සහිත ව්‍යාපාරයක් ගොඩනගනවා යැයි ඔබ නිශ්චිත අංකනයට ඔබේ ඉලක්කය රැගෙන එනතුරු එය සාර්ථක ඉලක්කයක් වෙන්නේ නැහැ. තුන්වෙනි ආකුරෙන් කියවෙන්නේ ලඟා විය හැකි බව(Action Based). මම මුලින් කිව්ව වගේ ලඟාවෙන්න අපහසු ඉලක්ක තියාගන්න ඕන වගේම ලඟා වෙන්න බැරි ඉලක්ක තබා නොගැනීමත් වැදගත් කාරණාවක්. ඔබ ව්‍යාපාරයේ දළ ලාභය ලෙස රුපියල් කෝටි 20 ක් අපේක්ෂා කිරීම වියහැකියාවක් සහිත කාරනාවක් උනත් දළ ලාභය ලෙස රුපියල් කෝටි 500 අපේක්ෂා කිරීම ලඟාවිය නොහැකි මට්ටමේ, විය හැකියාවක් නොමැති ඉලක්කයක් වෙන්නට පුළුවන්. R එහෙමත් නැත්තම් හතරවැනි අකුරෙන් කියවෙන්නේ ඉලක්කය තාත්වික(Realistic) විය යුතුයි කියන එක.උදාහරණයක් විදියට ඔබ ව්‍යාපාරිකයෙක් ලෙස ව්‍යාපාරික ක්ෂේත්රයේ නියැලිච්ච ඔබ "වසරේ හොඳම මාධ්‍යවේදියා වෙනවා" වගේ ප්‍රායෝගික නොවන ඉලක්කයක් තබාගැනීම තාත්වික වෙන්නේ නැහැ. T කියන අන්තිම අකුරෙන් කියවෙන්නේ කාල නියමයක් තිබිය යුතුයි (Time Bound) කියන කාරණාව.කවදහරි බිලියනපතියෙක් වෙනවා,කවදහරි හොඳම කලමණාකරුවා වෙනවා කිව්වොත් එයට නිසි කාල නියමයක් නැහැ.ඔබ ඉලක්කය සකසා ගත යුත්තේ යම් කිසි නිශ්චිත වසරකට.පුද්ගලික වශයෙන් වගේම වයාපාරික අතින් ගත්තත් වසර 20ක සැලසුමක් යටතේ ඉලක්කයක් පිහිටුවා ගැනීම ඉතාමත් යෝග්‍ය බව පිලිගැනෙනවා. ඉන්පසු ඔබට පුලුවන් පිහිටුවා ගත්ත දිගුකාලීන දැක්ම වසර 5ක සැලසුම් ලෙස කොටස් කරලා තේරුම් ගැනීමච පහසු විදියට දැක්ම වෙත යන ගමන් මග කුමක්ද යන්න වඩා පැහැදිලි තිරයකින් දකින්න. සිහින මනසින් දකින්න(Visualization) ලෝක පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්ගේ සාර්ථකත්වය ඔබ අහම්බයක් කියලා සිතනවාද? ලොව ප්‍රකට පුද්ගල සංවර්ධන කෘතියක් ලෙස සැලකෙන Will Power නම් කෘතියේ පෙල්ප්ස්ගේ සාර්ථකත්වයට බොහෝ සෙයින් ඉවහල් වෙන්නෙ සිහින මනසින් දැකීම (Visualization)බව විස්තර කෙරෙනවා. ඇත්තටම පෙල්ප්ස්ගේ පුහුණුකරුවා ඔහුට උපදෙස් දීලා තිබුනේ සෑම පුහුණුවටයකට කලින් ඔහුගේ තරග වටයේ ජයග්‍රහහණය පිලිබඳ චිත්ත රූප මවාගන්න. සෙසු තරඟකරුවන් පරයමින් තමන් ජයග්‍රහණය සනිටුහන් කරගන්නා අයුරු මනසින් දකින්න. පුහුණුකරුගේ උපදෙස් අනුව දැඩි උවමනාවෙන් තම ජයග්‍රහණයේ චිත්ත රූප මවන පෙල්ප්ස් පිහිනුම් තටාකය වෙත පියමනින්නේ ඔහු මනස තුල පටිගත කරගත්තු චිත්ත රූප තැටිය ක්‍රියාත්මක කරමින්. ඔලිම්පික් තරග බිම තුල රන් පදක්කම් 23 ක් සහිතව පදක්කම් 28 ක් දිනා ගනිමින් පෙල්ප්ස් විශිෂ්ඨතමයා බවට වෙන්නෙ පත්වෙන්නෙ ඔහුගේ ව්‍යායාමයේ සුවිශේෂී ප්‍රතිඵලය විදියටයි. චිත්ත රූප මැවීම, සිහින මනසින් දැකීම වගේම සිහින පොතක ලිවීම කියන්නෙත් සිහින සැබෑ කරගැනීමට භාවිතා කල හැකි තවත් ප්‍රායොගික උපක්‍රමයක්. බොහෝ මිනිසුන් ජීවිතය පුරාවට සිහින දැකීම අඛණ්ඩව සිදුකලත් කාලයත් සමග ඔවුන්ට සිහින අමතක වී යෑම සාමාන්‍ය දෙයක්. තමන් මිලදීගන්නට යන වාහනය, තමන් සිහින මවන ව්‍යාපාරය, තමන්ගොඩනගන නිවස පිලිබඳ සිහිනය පොතක ලියන්න පුහුණුවීම ඔබේ සිහිනයන් වඩා හොඳින් ස්ථාපිත කරගැනීමටත් ඒවාට දෛනිකව නාභිගත වන්නටත් හොඳ අවස්ථාවක් සපයනවා. සිහින ගැන කියවා අවසන් වෙද්දි ඔබටත් තියෙන්නේ රුපියල් කෝටි ගණනක් වටිනා සිහිනයක් වෙන්නට පුළුවන්. නැතිනම් ඔබ කෝටි ගණනක් වටිනා සිහිනයක් දැකීමට පූර්ව සූදානමක් ලබාගත්තා වෙන්නට පුළුවන්. කෙසේ කොහොම වුනත් ඔබේ දිගු කාලීන සිහිනය සැබෑ කරගැනීමට ඔබ ක්‍රියාත්මක වීම(Action) කියන්නේ වඩා වැදගත්ම කාරණාව බව පැහැදිලිවම කිව යුතු වෙනවා. සිහින දකිමින්, සිහින විශ්වාස කරමින්, සිහින සැලසුම් කරමින්,සිහිනයන් කෙරෙහි නාභිගත වූ පමණින් ඔබට කෝටි ගණනක් වටිනා සිහින ජීවන සටන තුල ජයගැනීමට හේතු සාධක සපයන්නේ නැහැ. "ක්‍රියාත්මක වීමක් නැති සිහිනයක් කියන්නේ සිහිනයක්ම විතරයි, සිහිනයක් නැතුව ක්‍රියාත්මක වීම කියන්නේ කාලය කා දැමීමක් විතරයි, ක්‍රියාත්මක වීමක් තියන සිහිනයකට ලෝකය පවා වෙනස් කළ හැකියි. ” "Future edge" ව්‍යාපාරික කෘතියේ රචක joel arthur barker සිහින ගැන පවසන පරම සත්‍යය එයයි. - ප්‍රමේෂ් වික්‍රමසිංහ (මව්බිම-FT අතිරේකයෙන් උපුටා ගන්නා ලදී.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom