ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?

Apr 25, 2018
219
11
0
colombo
ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?

ජංගම දුරකථනය යනු අද වන විට අපට නැතුවම බැරි උපකරණයක් වී හමාරයි. ඒක හරියට ඔබේ හදවත වගෙයි. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට අතිශයින්ම ප්‍රබල සාධකයක් වුත්, අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් වුත්, ජංගම දුරකථනය අස්ථාන ගත වීම තුලින් ඔබට සිදුවන්නේ කියා නිමකළ නොහැකි පාඩුවක්. මන්ද දුරකථන අංක සමුදායක් ද, සමහර විට වැදගත් කෙටි පණිවිඩ, memory card එකක් ඇත්නම් එහි ඇතිඔත් පින්තුර, වීඩියෝ, ගීත, ආදී සියලු දත්ත ඔබට අහිමි වනු ඇත. ඔබේ අතිශය පුද්ගලික දත්ත ද ඔබට අහිමි වී යනු ඇත. ඔබේ අතිශය පෞද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත් කුමක් කල යුතු දැයි ඔබ දන්නේද?

නැවතත් ජංගම දුරකථනයක් ගත හැකි වුවද, නැති වූ දුරකථන අංක ආදිය ලබා ගත නොහැකිය. මිලකළ නොහැකි අත්‍යාවශ්‍ය දත්ත සමඟ දුරකථනය නැති වූ විට කළ යුත්තේ කුමක් දැයි ඔබ දැනගත යුතුමයි.අස්ථාන ගත වූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහය වීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRCSL විශේෂ සේවාවක් ආරම්භ කර තිබේ. ඔබේ ජංගම දුරකථන අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබට ඔබේ දුරකථනය නැවත සොයා ගැනීමට හැකියාව ඇත.

පළමුව ඔබ දැනසිටිය යුතු වැදගත්ම කරුණ වන්නේ දුරකතනයට අදාළ එමි ( IMEI ) අංකයයි. ලොව නිපදවන සෑම දුරකථන උපාංගයකම වෙන වෙනම සඳහා IMEI අංකයක් තිබේ. එසේ නොවන ඒවා ව්‍යාජ දුරකථන විය හැකියි.

ඔබේ දුරකථන අංකයේ IMEI අංකය ලබා ගැනීම සඳහා *#06# යන කේතය ඇතුලත් කරන්න. එවිට ඔබේ දුරකථනයේ IMEI අංකය දිස්වෙනු ඇත.මෙම අංකය පහසුවෙන් සොයා ගත හැකි තැනක ලියා තබා ගන්න. නැතිනම් පරිඝනකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරන්න.

ඔබේ ජංගම දුරකථනය හදිස්සියේ අස්ථානගත වුයේ නම් ඔබ එහි ඇති IMEI අංකය නොදැන සිටීමටද ඉඩකඩ ඇත. එවැනි අවස්ථා වලදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබා දිය හැකිය. ආදාල දුරකථන සමාගම විසින් TRCSL ආයතනයට IMEI අංකය ලබා දෙනු ඇත.

ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම් පළමුව ඔබේ වට පිටාව තුල හොඳින් විපරම් කර බලන්න. එසේ සොයාගැනීමට නොහැකි ලෙස අස්ථානගත වී ඇත්නම් එය සොරකම් කර ඇති බව ඔබට වැටහේ නම්, එය සොරකම් කර ඇති බවට විශ්වාස නම් ඔබ පළමුව කල යුත්තේ ඔබේ ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානයට ඒ පිලිබඳ දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිල දී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකතනයේ IMEI අංකය සහ සිම්පත් දුරකථන අංකය යනාදිය ඉල්ලා පොලිසියට ඉදිරිපත් කිරීමත් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු කිරීමට එය සහය වන අතරම එමගින් ජංගම දුරකතනයට ඔබේ ඇති අයිතිය තහවුරු කර ගත හැකිය. එසේම ඔබේ ජංගම දුරකතන අංකය රාජකාරි හා ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටදී ඔබේ පුද්ගලිකත්වයට සහ ඔබේ ප්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි නිසා එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙසට ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම සහ හැඳුනුම්පතේ අංකය ඉදිරිපත් කල යුතුය.

ඔබ ගොනු කල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව අයිතිය තහවුරු කෙරෙන සියලුම ලිඛිත සාක්ෂිද සමඟ ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ( TRCSL ) වෙත ඉදිරිපත් කල යුතුය. සතියක් වැනි කාලයක් තුල ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇත.http://thewoman.lk/if-you-lose-your-heart/
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සතියකින්න නම් තොරතුරක් හම්බවෙන්නෙ නැහැ
    ඒත් කවදා හරි සිම් එකක් දැම්මම හම්බ වෙනවා

    සමහර එවුන්ට අවුරුද්දකින් විතර තමයි හම්බ උනා කියලා කතා කරලා තියෙන්නෙ
     
    Apr 25, 2018
    219
    11
    0
    colombo
    සතියකින්න නම් තොරතුරක් හම්බවෙන්නෙ නැහැ
    ඒත් කවදා හරි සිම් එකක් දැම්මම හම්බ වෙනවා

    සමහර එවුන්ට අවුරුද්දකින් විතර තමයි හම්බ උනා කියලා කතා කරලා තියෙන්නෙ

    na meka hodata kiyawanna ethakota therei
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙ ෆොන් එකක් නැතිවෙලා අවුරුදු 4ට විතර කිට්ටුයි.හැබැයි තාම තොරතුරක් නම් ආවෙ නැ ඔකට පැමිනිලි කලාට...එකාලෙ හැටියට ටිකක් වටින ෆොන් එකක්.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මගෙ ෆොන් එකක් නැතිවෙලා අවුරුදු 4ට විතර කිට්ටුයි.හැබැයි තාම තොරතුරක් නම් ආවෙ නැ ඔකට පැමිනිලි කලාට...එකාලෙ හැටියට ටිකක් වටින ෆොන් එකක්.

    Enne nethi wenna beha thorathurak eyi thma awrudu 4ne gihin tiyenne tawa 5k wath iwasanna