Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔල්මාද මයිනගේ පුතා සිංහරාජය වනසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කර 12 ක භූමියක පිහිටි මෙම හෝටලය ලබා ගැනීමෙන් පසු ව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් කිහිපයක් ම යෝශිත රාජපක්ෂ විසින් මිල දී ගෙන තිබේ. ඊට අමතර ව මතුරට වැවිලි සමාගමට අයත් හේයස් වත්තෙන් මෙම හෝටලය හා සම්බන්ධ ව පිහිටි තේ ඉඩම් අක්කර 20 ක් මෙම හෝටලයට නොමිලේ ලබා දී තිබේ. ඊට හේතු ව හෝටලය හා සම්බන්ධ සම්පූර්ණ වතු යාය අත්පත් කර ගැනීමට යෝශිත රාජපක්ෂ උත්සාහ දැරීම ය. ඒ තත්ත්වය පිටුදැකීම සඳහා ඊට විරුද්ධ ව කටයුතු කළ මතුරට වැවිලි සමාගමේ අධ්යක්ෂවරයකු විසින් ගත් තීරණයක් මත මෙම ඉඩම් කොටස හෝටලයට ලබා දී තිබේ.

පසුගිය කාලය තුළ මෙම හෝටලයේ සිදු කළ සියලු අලුත්වැඩියා කටයුතු හා නව ඉදිකිරීම් සියල්ල හා හෝටලයට ආරක්ෂා ව සැපයීම සිදු කරන්නේ නාවික හමුදාවේ සෙබලුන් විසිනි. එපමණක් නොව යෝශිත රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මෙම හෝටලයට පැමිණෙන විට නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබලුන් යොදවා විශේෂ ආරක්ෂාවක් ද ලබා දේ. මෙම හෝටලයේ හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා විශේෂ හෙලිකොප්ටර් අංගනයක් ද ඉදි කර තිබේ. එය ඉදි කර ඇත්තේ ප්ලාස්ටික් කාපට් ඇතිරූ පාපන්දු පිටියක ස්වරූපයෙනි.

යෝශිත රාජපක්ෂට අයත් මෙම හෝටලය මෑතක් වන තුරු ම පළමු හිමිකරු සඳහන් කර තිබූ සිංහරාජ ග්‍රීන් ඉකෝ ලොජ් (Sinharaja Green Eco Lodge) නාමයෙන් පවත්වාගෙන ගිය නමුත් අද වන විට එම නාමය සඳහන් පුවරුව ඉවත් කර හෝටලය දක්වා පිවිසීමට ඇති කිලෝමීටරයක් පමණ වන අතුරු මාර්ගය අලුත්වැඩියා කරමින් පවතී.

මෙම හෝටලයෙන් ඇති වෙමින් තිබෙන ප්‍රධාන අවධානම් තත්ත්වය වන්නේ ගොංගල කඳුවැටියට අයත් අක්කර 1000 ක වනාන්තර ප්‍රමාණයක් අත්පත් කර ගෙන මෙම හෝටලය හා සම්බන්ධ සමස්ත සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් සකස් කිරීමයි. ඒ යටතේ ගොල්ෆ් ක්රිඩාංගනයක් හා කේබල් කාර් ව්‍යාපෘතියක් ඇතුළත් වේ. 2011 මාර්තු 01 වන දින අංක 1695/16 දරන ගැසට් නිවේදනය මගින් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුට ඇති බලතල භාවිත කර ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 27අ(4) උප වගන්තියට අනුව හේයස් වත්තට පවරා දී තිබූ අක්කර 2210 ක භූමි ප්‍රමාණයෙන් අක්කර 1000 ක් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව වෙත පවරා ගෙන තිබේ. මෙම සමස්ත වනාන්තර ප්‍රදේශය දැනට සිංහරාජ වන රක්ෂිතයට අයත් වේ. නමුත් මෙම හෝටලය හා සම්බන්ධ ව මෙම වනාන්තර ඉඩම් පිහිටා තිබීම නිසා රාජපක්ෂවරුන් ගේ බලය හා අධික කෑදරකම ඉදිරියේ එම වනාන්තර දැඩි අවධානම්කාරී තත්ත්වයක පවතී.

වැඩි කොටසක් සිංහරාජ වන රක්ෂිතය තුළින් විහිදී ඇති ගොංගල මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර පද්ධතියට හා ජෛව ප්‍රජාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මාර්ගය පුළුල් කිරීම හා පස් ලබා ගැනීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් වනාන්තර පද්ධතියට දැඩි හානි සිදු කර තිබේ.

ගොංගල වනාන්තරයෙන් මුළු ලොවින් ම මෙම කලාපයේ පමණක් ජීවත් වන උරග හා උභයජීවී විශේෂ ගණනාවක් වාර්තා වේ. එම විශේෂ සියල්ල ම වඳවීමේ තර්ජනයට ලක් වූ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති විශේෂ වේ. මීට අමතර ව මෙතෙක් විද්‍යාත්මක ව නාමකරණයට ලක් නොකළ ගොන්ගල කන්ඳ ඇතුළු සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් ජීවත් වන ලක් හීරළු (Lankascincus) ගනයට අයත් හිකනළුන් විශේෂයක් ද මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම කලාපයේ පමණක් වාර්තා වන ලංකාවට ආවේණික ගනයකට අයත් වන කරූ ගේ අඟ කටුස්සා (Ceratophora karu) සහ අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni) ගොංගල කන්ඳෙන් වාර්තා වේ. මීට අමතර ව මෙම කලාපයට ආවේණික දසිල්වා ගේ පදුරු කටුස්සා (Calotes desilvai) හා මෝර්නිග් සයිඩ් මහ කැලෑ හූනා (Cyrtodactylus subsolanus) මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙරටට ආවේණික ගනයකට අයත් වන කුඩා මැඩිල්ලා (Aspidura guentheri) ද මෙම වනාන්තරයෙන් වාර්තා වෙයි.

මෙම කලාපයට ආවේණික උභයජීවීන් වන පළා පඳුරු මැඩියා (Pseudophilautus femoralis), හඳපාන් ඇල්ල පඳුරු මැඩියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඩියා (Pseudophilautus ocularis) හා සිංහරාජ පඳුරු මැඩියා (Pseudophilautus simba) යන විශේෂ ඉතා ම සංවේදී ගොංගල කන්ඳේ උප කඳුකර වැසි වනාන්තර තුළින් වාර්තා වේ. මීදුමෙන් නිතර වැසී පවතින මෙම වළාකුළු වනාන්තර සහිත ප්‍රදේශ තුළ සිදු කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. ඒ නිසා ම කිසිදු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොර ව ඉතා ම හානි කර ලෙස මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ව සොයා බැලීමක් මේ වන තුරුත් සිදු කර නොමැත.

මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේ දී ගොංගල කඳුවැටියට කුමන ඉරණමකට මුහුණ දීමට සිදු වේ ද යන්න සිතා ගැනීමට අපහසු ය. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ඳ දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ඳ හා සම්බන්ධ ව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැදී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තේ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය.

නමුත් මේ සියල්ල දේශපාලන බලය මත සොබාදහමේ සියලු ජීවී ප්‍රජාවන්ට අහිමි කරමින් දේශපාලන බලය හිමි පුද්ගලයන් අතට පත් කර ගනිමින් තිබේ. වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් මේ කඳුවැටිය, ජල පෝෂක වනාන්තර පද්ධතිය හා එහි ජෛව ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය හෝ මේ විනාශය මැඩපැවැත්වීම සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු කර නොමැත. මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් දිවි ගෙවන ජීවීන්ට සිදු වන විනාශය පිළිබඳ ව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැති තත්ත්වයකට අද වන විට අප රට පත් ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් තබා ඇති අප, තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් කටයුතු කරන අප, ජල පෝෂක බිම්, වනාන්තර පද්ධති, එහි ජෛව විවිධත්වය හෝටලයකට පිවිසීමට හා එහි සංචාරක ව්‍යාපෘතිය සඳහා මාර්ග සකස් කිරීමට විනාශ කළ හැකි මට්ටමට පත් ව සිටීම කනගාටුවට කරුණකි. රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් කොල්ලකා, එම මුදල්වලින් හෝටල් මිල දී ගෙන, ඒවා පවත්වාගෙන යාමට ස්වාභාවික සම්පත් විනාශ කරමින් රජයේ බදු මුදල් වලින් එම හෝටල්වලට පිවිසීමට මාර්ග සකස් කර ගනිමින්, එම හෝටලය ඉදි කිරීමට හා ආරක්ෂාව සැපයීමට ජනතාව ගේ බදු මුදල් වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදු කරන මෙම සමස්ත විනාශකාරී ක්‍රියාවලිය ම නතර කළ යුතු ව ඇත. එය පුරවැසියන් වන අප සැම ගේ යුතුකමකි.

[QUOTE="hirashgeff, post: 27623087, member: 15895"] අක්කර 12 ක භූමියක පිහිටි මෙම හෝටලය ලබා ගැනීමෙන් පසු ව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් කිහිපයක් ම යෝශිත රාජපක්ෂ විසින් මිල දී ගෙන තිබේ. ඊට අමතර ව මතුරට වැවිලි සමාගමට අයත් හේයස් වත්තෙන් මෙම හෝටලය හා සම්බන්ධ ව පිහිටි තේ ඉඩම් අක්කර 20 ක් මෙම හෝටලයට නොමිලේ ලබා දී තිබේ. ඊට හේතු ව හෝටලය හා සම්බන්ධ සම්පූර්ණ වතු යාය අත්පත් කර ගැනීමට යෝශිත රාජපක්ෂ උත්සාහ දැරීම ය. ඒ තත්ත්වය පිටුදැකීම සඳහා ඊට විරුද්ධ ව කටයුතු කළ මතුරට වැවිලි සමාගමේ අධ්යක්ෂවරයකු විසින් ගත් තීරණයක් මත මෙම ඉඩම් කොටස හෝටලයට ලබා දී තිබේ. පසුගිය කාලය තුළ මෙම හෝටලයේ සිදු කළ සියලු අලුත්වැඩියා කටයුතු හා නව ඉදිකිරීම් සියල්ල හා හෝටලයට ආරක්ෂා ව සැපයීම සිදු කරන්නේ නාවික හමුදාවේ සෙබලුන් විසිනි. එපමණක් නොව යෝශිත රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මෙම හෝටලයට පැමිණෙන විට නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබලුන් යොදවා විශේෂ ආරක්ෂාවක් ද ලබා දේ. මෙම හෝටලයේ හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා විශේෂ හෙලිකොප්ටර් අංගනයක් ද ඉදි කර තිබේ. එය ඉදි කර ඇත්තේ ප්ලාස්ටික් කාපට් ඇතිරූ පාපන්දු පිටියක ස්වරූපයෙනි. යෝශිත රාජපක්ෂට අයත් මෙම හෝටලය මෑතක් වන තුරු ම පළමු හිමිකරු සඳහන් කර තිබූ සිංහරාජ ග්‍රීන් ඉකෝ ලොජ් (Sinharaja Green Eco Lodge) නාමයෙන් පවත්වාගෙන ගිය නමුත් අද වන විට එම නාමය සඳහන් පුවරුව ඉවත් කර හෝටලය දක්වා පිවිසීමට ඇති කිලෝමීටරයක් පමණ වන අතුරු මාර්ගය අලුත්වැඩියා කරමින් පවතී. මෙම හෝටලයෙන් ඇති වෙමින් තිබෙන ප්‍රධාන අවධානම් තත්ත්වය වන්නේ ගොංගල කඳුවැටියට අයත් අක්කර 1000 ක වනාන්තර ප්‍රමාණයක් අත්පත් කර ගෙන මෙම හෝටලය හා සම්බන්ධ සමස්ත සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් සකස් කිරීමයි. ඒ යටතේ ගොල්ෆ් ක්රිඩාංගනයක් හා කේබල් කාර් ව්‍යාපෘතියක් ඇතුළත් වේ. 2011 මාර්තු 01 වන දින අංක 1695/16 දරන ගැසට් නිවේදනය මගින් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුට ඇති බලතල භාවිත කර ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 27අ(4) උප වගන්තියට අනුව හේයස් වත්තට පවරා දී තිබූ අක්කර 2210 ක භූමි ප්‍රමාණයෙන් අක්කර 1000 ක් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව වෙත පවරා ගෙන තිබේ. මෙම සමස්ත වනාන්තර ප්‍රදේශය දැනට සිංහරාජ වන රක්ෂිතයට අයත් වේ. නමුත් මෙම හෝටලය හා සම්බන්ධ ව මෙම වනාන්තර ඉඩම් පිහිටා තිබීම නිසා රාජපක්ෂවරුන් ගේ බලය හා අධික කෑදරකම ඉදිරියේ එම වනාන්තර දැඩි අවධානම්කාරී තත්ත්වයක පවතී. වැඩි කොටසක් සිංහරාජ වන රක්ෂිතය තුළින් විහිදී ඇති ගොංගල මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර පද්ධතියට හා ජෛව ප්‍රජාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මාර්ගය පුළුල් කිරීම හා පස් ලබා ගැනීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් වනාන්තර පද්ධතියට දැඩි හානි සිදු කර තිබේ. ගොංගල වනාන්තරයෙන් මුළු ලොවින් ම මෙම කලාපයේ පමණක් ජීවත් වන උරග හා උභයජීවී විශේෂ ගණනාවක් වාර්තා වේ. එම විශේෂ සියල්ල ම වඳවීමේ තර්ජනයට ලක් වූ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති විශේෂ වේ. මීට අමතර ව මෙතෙක් විද්‍යාත්මක ව නාමකරණයට ලක් නොකළ ගොන්ගල කන්ඳ ඇතුළු සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් ජීවත් වන ලක් හීරළු (Lankascincus) ගනයට අයත් හිකනළුන් විශේෂයක් ද මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම කලාපයේ පමණක් වාර්තා වන ලංකාවට ආවේණික ගනයකට අයත් වන කරූ ගේ අඟ කටුස්සා (Ceratophora karu) සහ අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni) ගොංගල කන්ඳෙන් වාර්තා වේ. මීට අමතර ව මෙම කලාපයට ආවේණික දසිල්වා ගේ පදුරු කටුස්සා (Calotes desilvai) හා මෝර්නිග් සයිඩ් මහ කැලෑ හූනා (Cyrtodactylus subsolanus) මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙරටට ආවේණික ගනයකට අයත් වන කුඩා මැඩිල්ලා (Aspidura guentheri) ද මෙම වනාන්තරයෙන් වාර්තා වෙයි. මෙම කලාපයට ආවේණික උභයජීවීන් වන පළා පඳුරු මැඩියා (Pseudophilautus femoralis), හඳපාන් ඇල්ල පඳුරු මැඩියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඩියා (Pseudophilautus ocularis) හා සිංහරාජ පඳුරු මැඩියා (Pseudophilautus simba) යන විශේෂ ඉතා ම සංවේදී ගොංගල කන්ඳේ උප කඳුකර වැසි වනාන්තර තුළින් වාර්තා වේ. මීදුමෙන් නිතර වැසී පවතින මෙම වළාකුළු වනාන්තර සහිත ප්‍රදේශ තුළ සිදු කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. ඒ නිසා ම කිසිදු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොර ව ඉතා ම හානි කර ලෙස මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ව සොයා බැලීමක් මේ වන තුරුත් සිදු කර නොමැත. මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේ දී ගොංගල කඳුවැටියට කුමන ඉරණමකට මුහුණ දීමට සිදු වේ ද යන්න සිතා ගැනීමට අපහසු ය. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ඳ දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ඳ හා සම්බන්ධ ව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැදී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තේ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය. නමුත් මේ සියල්ල දේශපාලන බලය මත සොබාදහමේ සියලු ජීවී ප්‍රජාවන්ට අහිමි කරමින් දේශපාලන බලය හිමි පුද්ගලයන් අතට පත් කර ගනිමින් තිබේ. වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් මේ කඳුවැටිය, ජල පෝෂක වනාන්තර පද්ධතිය හා එහි ජෛව ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය හෝ මේ විනාශය මැඩපැවැත්වීම සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු කර නොමැත. මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් දිවි ගෙවන ජීවීන්ට සිදු වන විනාශය පිළිබඳ ව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැති තත්ත්වයකට අද වන විට අප රට පත් ව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් තබා ඇති අප, තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් කටයුතු කරන අප, ජල පෝෂක බිම්, වනාන්තර පද්ධති, එහි ජෛව විවිධත්වය හෝටලයකට පිවිසීමට හා එහි සංචාරක ව්‍යාපෘතිය සඳහා මාර්ග සකස් කිරීමට විනාශ කළ හැකි මට්ටමට පත් ව සිටීම කනගාටුවට කරුණකි. රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් කොල්ලකා, එම මුදල්වලින් හෝටල් මිල දී ගෙන, ඒවා පවත්වාගෙන යාමට ස්වාභාවික සම්පත් විනාශ කරමින් රජයේ බදු මුදල් වලින් එම හෝටල්වලට පිවිසීමට මාර්ග සකස් කර ගනිමින්, එම හෝටලය ඉදි කිරීමට හා ආරක්ෂාව සැපයීමට ජනතාව ගේ බදු මුදල් වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදු කරන මෙම සමස්ත විනාශකාරී ක්‍රියාවලිය ම නතර කළ යුතු ව ඇත. එය පුරවැසියන් වන අප සැම ගේ යුතුකමකි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom