ඔව්, ඒ ඔයාට..!

SajithaD

Member
Mar 25, 2008
130
25
0
Matale...Sri Lanka
අකීකරු ලස්සන කෙහෙරැල් ,
රන්පාට සුමුදු කොපුලට වැටෙන හැටි ,
ඩාවින්චි දැක්කනම් අඳින්නෙ ,
මොනාලිසාව නෙවෙයි ඔයාව.......

දිගටි මනකල් වතකමල ,
මල් පිපෙන හිනාවෙන් වලගැහෙන හැටි ,
ඇංජිලෝ දැක්කනම් අඹන්නෙ ,
ඩේවිඩ්ව නෙවෙයි ඔයාව.......

කන්කළු මියුරු කතාව ,
කිංකිනි හැලෙන හිනාවකින් රසවෙන හැටි ,
බීතෝවන් ඇහුවනම් වයන්නෙ ,
සොනාටාව නෙවෙයි ඔයාව......

හිතේ ගුලිවුන ආදරේ ,
කියාගන්න බැරිව ලතවෙන හැටි ,
අකුරු කර කර ලියන්නෙ ,
වෙන කාටවත් නෙවෙයි ඔයාට.....​