Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔසප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරි කවඩියේ දුගී බව නැති කරමු

ස්කොට්ලන්තය, ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්විය. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ මාස හයක් තිස්සේ දුගී කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා (sanitary towels/pads/products) නොමිලේ සැපයීමේ නියමු ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීමත් සමගිනි. දැන් ඔබට, මේ කුමන හරුපයක්දැයි සිතෙන්නට ඇත.! කමක් නැත! එහි පුදුමයක් නැත!!

මේ කතා කරන්නේ කාන්තාවන්ට සෑම දින 28කටම වරක් සොබාදහම විසින් පනවා ඇති සොඳුරු දඬුවම ගැන ය. සෑම දින 28කට වරක් ඇයව මව් පදවියට සූදානම් කිරීම පිණිස පරිණාමය විසින් පනවා ඇති සොබාදහමේ වේදනාකාරී නීතිය ගැන ය. ඒ සොබාදහමේ දඬුවම හෝ නීතිය තුළ ඇය මසකට වරක් ආර්තවයට ලක්වන්නීය. එවිට දෙකලවා අතරින් රුධිර ධාරා ගලන්නේය. යටිබඩ වේදනා ගෙන දෙන්නේය. මෙවිට ඇය ඇගේ නිරෝගී බව හඟවමින් ගර්භාෂයේ බිත්තිවල තිබෙන ‘නෙක්රොබයොසිස්’ තත්වයට ලක්වූ හෙවත් ස්වභාවිකව මැරුණු පටක, ලේ ධාරා සමග පිට කළ යුතු වන්නීය. ඉතා සම්ප්‍රදායික බසින් පවසන්නේ නම් මසකට වරක් ඈ ‘ගෙට වන්නී’ය. ඊනියා සුචරිතවාදීන්ගේ බසින් කියනවා නම්, ‘කිල්ලට’ හසුවන්නීය.

ලංකාවේ මෙසේ කිළි වැදුණු ගැහැනියකට දින හතක් ගත වන තෙක් සාස්තරයක් පොරොන්දමක්වත් බලන්නට බැරිය. යන දේවාලයකට යන්නට බැරිය. ඒ ඇය අපිරිසිදු නිසා ය.! කිල්ල නැතත් දළදා මාළිගාවේ පත්තිරිප්පුවට යන්නට ලංකාවේ ගැහැනියකට කොහෙත්ම බැරි නිසා ඒ ගැන කතා කිරීමෙන් පලක්ම නැත. බාගවිට එදා දන්ත කුමරු සමග මාස ගණනක් තිස්සේ කෙස්සේ හංගාගෙන දන්ත ධාතුව ගෙන ආ හේමමාලාට ඒ මාස ගණනේම ඔසප් නොවුණා විය යුතුය...!!

මසකට වරක් කාන්තාවක් මුහුණපාන මේ ඉතා ස්වභාවික සංසිද්ධිය සහ ඒ නිසා ඇය මාසයකට අඩුම වශයෙන් දින 3ක් බැගින්වත් දරා සිටින කායික හා මානසික පීඩාව, ලංකා සමාජයේ ‘ගොම ගතියෙන් යුත් බහුතරයට’ ‘පට්ටා ජෝක් එක’කි. එහිදී කාන්තාවක් ලෙස උපත ලැබීම ඇගේ තෝරාගැනීමක් නොවන බවත්, ඒ නිසා මේ ‘අපහසුතාවය’ ඇයට උරුම එකක් බවත්, ඇය ප්‍රශ්න නොනගා ‘තියෙන හැටියකට’ එය දරාගත යුතු බවත් අපි සිතමු. මේ ‘තියෙන හැටියට දරා ගැනීම’ යන්නට, සනීපාරක්ෂ තුවා භාවිතයේ පටන්, ඒ දිනවලදී ගෙදර අයියාට සහ තාත්තාට වැඩිපුර මුහුණ නොදීමේ පටන්, ලැජ්ජාව පිරුණු කිළිටි රෙදි කඩකින් යටි කය ආවරණය කර ගැනීම දක්වා සියලු දෙයම ඇතුළත් ය.

අපේ අසල්වැසියා ද එසේය. නමුත් ඉන්දියාවේ සිවිල් සමාජ ව්‍යාපාරය ලංකාවේ එනමින් යුත් මොකක්දෝ එකට වඩා ඉතා ප්‍රබල හෙයින්, ඔවුහු මේ ගැන විවෘතව කතා කළහ. උදාහරණක් වශයෙන් ඉන්දියාවෙන් මීට මාස කිහිපයකට පෙර වාර්තා වූයේ ‘රුධිර පැල්ලම් බද්ද’ නැති කිරීමට නව නීති ගෙන ආ බවයි. එහි අර්ථය වූයේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක නිෂ්පාදනවලට රජය බදු අය නොකළ යුතු බවයි. ගැහැනුන්ගේ රුධිර බද්දෙන් ආණ්ඩුව මුදල් හම්බ කළ යුතු නැති බවයි. එය ‘ලැජ්ජා නැති වැඩක්’ බව ඔවුහු එළිපිට කීහ.

ඒ අනුව සනීපාරක්ෂක නිෂ්පාදනවල මිල පහත හෙළිණි. අද වන විට වාර්තා වන්නේ කාන්තාවන්ගේ ගැබ්ගෙළ පිළිකා අවදානම හඳුනාගැනීම සඳහා ඔවුන් ඔසප් සමයේදී පාවිච්චි කර ඉවත දමන ‘අපිරිසිදු’ පෑඩ්ස් සහ රෙදිකැබලි එකතු කිරීමේ මධ්‍යස්ථාන පවා ඉන්දියාව පුරා ඇතිවෙමින් තිබෙනා බවයි. ඒවායින් ලබාගන්නා ඩීඑන්ඒ සාම්පල ඇසුරින් මෙම ගැබ්ගෙළ පිළිකා පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.

ආර්තව දුගී බව මේ වන විට ලෝක පරිමාණයෙන් නැගෙන හඬකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ පටන් යුරෝපාකරය හරහා නේපාලය දක්වාම ඇතිවූ සංවාදයකි. සමානාත්මතාවය ගැන දෙසූ බුදුන් උපන් නේපාලය, මේ වන විට හද්දා හින්දු රටක් වන අතර, ඒ සංස්කෘතිය තුළ මාසික ඔසප් දිනවලදී ගැහැනුන්ව ගෙදරින් පන්නා දැමේ. ඔවුන් ඒ දින කිහිපය ගත කළ යුතු වන්නේ නිවස අසල හෝ නිවස පෙනෙන මානයෙන් පිහිටි ‘ඔසප් මඩුව’ක ය. ඒ ඔසප් මඩුව බොහෝ විට හරක් ගාලකි. එනම්, ඇගේ නිවසේ ජීවත් වන දෙපා හරකුන් නිසා ඇය රැය පහන් කරන්නේ පිදුරු ගොඩක ය. විටෙක සිව්පා හරක් පැමිණ ඇයව පාගාගෙන යති. සල්ලාලයෝ ඒවාට රිංගා ඇයට අතවර කරති. ඔසප් සමයේ ලිංගික සබඳතා පැවැත්වීමෙන් ගැහැනිය ගැබ් නොගන්නා බව දන්නා නිසා දෙපා තිරිසනුන්ට මෙය බෝනස් එකකි. ඔසප් මඩුවල රැය පහන් කරන නේපාල දැරියන් සර්පයන් දෂ්ට කිරීමෙන් මිය ගිය අවස්ථා ද මේ අතර අසන්නට ලැබේ. දැරියන් පමණක් නොව දරුවන් සිටින ගැහැනුන්ට ද ඒ ඉරණම ම ය. ඔවුහු අතදරුවන් ද කිහිල්ලේ ගසාගෙන මේ ඔසප් මඩුවලට මසකට වරක් යති. හේතුව? ඇය සිටියහොත් ඇගේ කිල්ල නිසා දෙවියන්ට ගෙදර පහන පත්තු කරන්නට බැරි වන නිසා ය.! එපමණක් නොව මේ කාලය තුළ ඔවුන්ට කිරි ආහාර තහනම් ය. එළවළුවක් පවා ස්පර්ශ කරන්නට තහනම් ය. ඒ ඔවුන් ‘කිළිටි’ නිසාය! කාන්තාවන් ඔසප් මඩුවලට දක්කන මේ චාරිත්‍රයට කියන්නේ ‘චහුපාදි’ කියා ය. නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය මේ චහුපාදිය තහනම් කළේ 2005 වසරේ ය. 2008 වසර වන විට නේපාලය මේ සිරිත රටෙන් මුලිනුපුටා දමමියි කියා මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළේය. නමුත් නේපාලයේ පිටිසර ගැහැනුන්ගෙන් 70%ක්ම මේ ලියන මොහොතේදීත් ඔසප් සමයේ රැය පහන් කරන්නේ හරක් මඩුවල ය.

සරස්වතිය කෝප වේ යැයි කියා නේපාලයේ ඇතැම් පළාත්වල දැරියන්ට මේ දින කිහිපයේදී පොතක් පතක් ඇල්ලීමත් තහනම් ය. ඉස්කෝලේ යාමක් කොහෙත්ම නැත. පාසල් ගියත් ඔවුන්ට අන්දවා යවන්නට දුප්පත් රෙදි කඩක් හැර සනීපාරක්ෂක තුවායක් අම්මලාට නැත. ඒවා බැහැර කළ හැකි ක්‍රමයක් පාසල්වල කොහෙත්ම නැත. මේ අතර පසුගිය ජූලි මාසයේ වාර්තා වුණේ තමිල්නාඩුවේ 12 හැවිරිදි පාසල් දැරියක්, සිය ඇඳුෙම් ගෑවුණු රුධිර පැල්ලමක් දැක පන්තියේ නරුම ගුරුවරිය කළ කී දේවල් නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් බවයි. මේ නරුම ගැහැනිය මිශ්‍ර පන්තියක සිටි ඉගෙන ගනිමින් සිසුවියගේ ෂල්වාරය ඉහළට ඔසවා පෙන්නන්නට කියා” “පෑඩ් එකක් ගෙනාවේ නැතිනම් මේක තියාගන්නවා” යැයි කියමින් කළු ලෑල්ල මකන ඩස්ටරය ඇයට දිගු කර තිබිණි!! සංඛ්‍යාලේඛනවලට අනුව මෙවැනි නරුම කම් සහ ලැජ්ජාවන් ඉවසනු නොහී ඉන්දියාවේ දැරියෝ වසරකට අවම වශයෙන් තුන්දහස බැගින්වත් සිය පාසල් ගමන අතරමග නතර කරති.

මේ සියල්ල අතරේ ලංකාවේ තත්වය කෙබඳුද..? එම විග්‍රහය ආරම්භ කළ යුතු වන්නේ ලංකාවේ පාසල් දැරිය ඔසප් වීම ආරම්භ කළ දිනයේ පටන්, එනම් ඇය වැඩිවිය පැමිණි දිනයේ පටන් පවතින තත්වයෙනි. මේ ලංකාවේ අගනගරයෙන් සැතපුම් සිය ගණන් ඈත පිහිටි මිශ්‍ර පාසලකින් අදත් ඇසෙන සංවාදයකි.

“අමරාවතී ජම්බු ගහෙන් පැනල!”

“පැනල නෙවෙයි බං” වැටිල!”

“ඒ වුණාට මැරෙන එකක් නෑ බං, අමරාවතීනෙ..”

කොල්ලෝ කොක්සන් දෙති. පාහර කමකින් සිනාසෙති. ඔවුන්ගේ නිමිත්ත ‘ගැහැණු නිමිත්ත’ ය. පන්තියේ ගැහැණු ළමයෙකු පාසල් වේලාවේදී වැඩිවිය පැමිණීම ය. පන්තියේ පමණක් නොව සකල පාසලේම එදින ‘නිව්ස් එක’ එයයි. ගුරුවරියෝ වටවී නළලේ අත් ගසා ගන්නා හැටි පෙනේ. ‘මේ මොන මළ කරදයක්ද’ හෝ ‘මේකි මේක ඉස්කෝලෙදිම කරගත්තනෙ” වැනි කරදරකාරී හැඟීමක් ඔවුන්ගේ මුහුණුවල ලියැවී තිබේ. “සර් කෙනෙක්වත් දැක්කොත් ඉවරයි” යැයි ගෝලු ගන්නා සුචරිතවාදී ගැහැනු ද මේ අතර වෙති.

මේ ගෝත්‍රික කුතුහලය කුමක්ද? ගැහැනු ළමුන් යනු පිරිමි ළමුන්ට අමුතු සත්ව කොට්ඨාසයකි. පිරිමි ළමුන් යනු ගැහැනු ළමුන්ට තනිකරම සත්ව කොට්ඨාසකි. කුඩා කල පටන්ම ලිංගික අධ්‍යාපනයක් නැතිව, සෞඛ්‍යය විෂය නිර්දේශයට තිබෙන ප්‍රජනනය පාඩමත් ‘ගෙදර ගිහින් හිමීට කියවාගන්න” යැයි සෞඛ්‍ය මිස් අහක බලාගෙන කියන රටක විසි එක් වන සියවසේදී මේ තත්වය හැර වෙනත් ප්රාතිහාර්යයක් බලාපොරොත්තු විය හැකිද? ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් තනිකරම වෙනස් ලෝක දෙකක වෙන් කර ඇතිදැඩි වන මේ රටේ, පිරිමි ළමෝ අවුරුදු හත අට වනවිට ‘බ්ලූ’ බැලීම ආරම්භ කරති. මේ අතර ගැහැනු ළමෝ...?

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ සෙංකොට්ටං නවකතාවේ පසුකවරයේ සඳහන් වන මාගල්ලවත්තේ වංසාරිදී කිරිඅම්මාගේ ඔවදනෙන් කොටසක් මෙසේ ය. “.... ඔය පිරිමි ජාතිය මහ අමුතු ජාතියක්.. අන්න ඒ හින්ද උඹ ළඟ තියෙන ඔය හක්ගෙඩි දෙකයි පංච බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකම්වලට පරිහරණය කරන්න දෙන්න එපාය..”!

අද පවා ලාංකීය සමාජයේ හද්දා පිටිසර පමණක් නොව, උගත් යැයි කියන පහළ මධ්‍යම පන්තියේ පවුල් අතර පවා ගැහැණු කම හා පිරිමි කම අතර ඇතිකර තිබෙන විසංවාදයේ තරම කෙතරම් ද යත්, පෙර කී ‘ඊනියා ආච්චිලා’ කෙල්ලන්ට කියා දී තිබෙන්නේ ‘ඒවා ඒ ඒ විදිහට-ඒ ඒ වෙලාවට-අවස්ස ආකාරයට සිද්ද වෙනවාය, ඒ නිසා අනවස්ස දේවල් අහන්ට එපාය, ඒ වෙලාවට අවනත වෙලා උඩ බලාගෙන හිටු” කියා ය. මේ නිසා අදටත් සමහර ගම්බද යුවතියන් දරුවා ලැබෙන තෙක්ම ඒකා එළියට එන්නේ යෝනි මාර්ගයෙන් ද නැත්නම් ගුද මාර්ගයෙන් ද කියා දන්නේ නැත.!! මේ තත්වය ඔබට විශ්වාස කරන්නට අමාරු නම්, ග්‍රාමීය රෝහලක ප්‍රසුතිකාගාරයේ දිගු සේවා කාලයක් හිමි අවංක හෙදියකගෙන් හෙමීට මේ ගැන අසන්න. කෙසේ නමුත් ගම්වල මේ තත්වයට ආච්චිලා කියන්නේ ‘හැදිච්ච කම’ කියා ය.!

සාමාන්‍යයෙන් මේ ‘මාර හැදියාවකින් යුක්ත සංස්කෘතිය’ තුළ ගැහැනු ළමයෙක් වැඩිවිය පැමිණි පසු නැන්දලා, කිරි අම්මලා, ලොකු අම්මලා, ආච්චිලා වටවී “කෙල්ලෙ අද ඉඳන් කැන්දගෙන යනකල් පරිස්සම් වෙයල්ලා“ යැයි කියති. දැන් මේ පරිස්සම් කරගන්නට කියන්නේ අහවල් පංචා බෙල්ලෙක්ද? එකී අහවල් දෙය විවාහය දක්වා පරිස්සම් කර ගත යුත්තේ කාගෙන්ද? පිරිමින්ගෙනි. ඉන්පසු පෙර කී අහවල් දේ පරිස්සම් කරන්නට බෙර වයා - තාල නටා අවසානයේ භාරදෙන්නේ ද එතෙක් කල් ඈතින් තබාගත යුතු යැයි කී පිරිමියෙකුට ය.! විටෙක ඉන්පසු එක වහලක් යටදී එකතු වන්නේ එතෙක් කල් සපුරා වෙනස් ලෝක දෙකක ඇතිදැඩි කළ මද කිපුණු වස්සෙක් සහ මෙලෝ සංසාරයක් නොදන්නා වැස්සියකි!! ඇත්තෙන්ම මේ ලොජික් එකේ ලොකු අවුලක් තිබේ.

මේ රටේ පාසලකදී ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වීම පමණක් නොව, මාසික ඔසප් දිනයේදී ඇගේ සුදු ගවොමේ රුධිර පැල්ලමක් තැවරීම පවා කොල්ලන්ට තලු මරන්නට හේතු සාධක සැපයීම සහ කෙල්ලට එය ජීවිත කාලයටම අමිහිරි අත්දැකීමක් බවට පත්වීම අරුමයක් නොවන්නේ ද මේ අවුල නිසා ය. යම් හෙයකින් ස්කොට්ලන්තයේදී සිදුවුණාක් මෙන් ලංකාවේ ද නොමිලේ සනීපාරක්ෂක තුවා සපයන සංකල්පයක් හෝ වැඩසටහනක් අනාගතයේදී ක්‍රියාත්මක කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ආරම්භ කළ යුත්තේ පාසලෙනි. එසේ ආරම්භ කරන්නේ නම් හෙවත් ලංකාව තුළ ‘පීරියඩ් පවර්ටි’/ආර්තව දුගී බව පිටුදැකීම වැනි අගනා සංකල්පයක් ප්‍රායෝගිකව මහ පොළොවේ හිටවන්නට නම්, ඒ වැඩසටහන තුළ රටේ ලිංගික අධ්‍යාපනයේ තිබෙන මහ අවුල ගැන අනිවාර්යයෙන්ම සංවාද කළ යුතුය. ලංකාවේ සංස්කෘතියේ මුල් ඇද තිබෙන ‘ගෝත්‍රික ගොම ගතිය’ මැකෙන තෙක් කාන්තාවගේ වේදනාකාරී රුධිර පැල්ලම සහ ඇගේ සිතේ එයින් ඇතිවන ලැජ්ජාසහගත කැළල යන දෙකම තවදුරටත් සමාන පද පමණක්ම වනු ඇත.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

[QUOTE="50KG, post: 23255038, member: 558780"] [B][SIZE=5]කිරි කවඩියේ දුගී බව නැති කරමු[/SIZE][/B] [IMG]https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/10deb98ba1ed4460604f7602fcffe76a_XL.jpg[/IMG] [SIZE=4]ස්කොට්ලන්තය, ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්විය. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ මාස හයක් තිස්සේ දුගී කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා (sanitary towels/pads/products) නොමිලේ සැපයීමේ නියමු ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීමත් සමගිනි. දැන් ඔබට, මේ කුමන හරුපයක්දැයි සිතෙන්නට ඇත.! කමක් නැත! එහි පුදුමයක් නැත!![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ කතා කරන්නේ කාන්තාවන්ට සෑම දින 28කටම වරක් සොබාදහම විසින් පනවා ඇති සොඳුරු දඬුවම ගැන ය. සෑම දින 28කට වරක් ඇයව මව් පදවියට සූදානම් කිරීම පිණිස පරිණාමය විසින් පනවා ඇති සොබාදහමේ වේදනාකාරී නීතිය ගැන ය. ඒ සොබාදහමේ දඬුවම හෝ නීතිය තුළ ඇය මසකට වරක් ආර්තවයට ලක්වන්නීය. එවිට දෙකලවා අතරින් රුධිර ධාරා ගලන්නේය. යටිබඩ වේදනා ගෙන දෙන්නේය. මෙවිට ඇය ඇගේ නිරෝගී බව හඟවමින් ගර්භාෂයේ බිත්තිවල තිබෙන ‘නෙක්රොබයොසිස්’ තත්වයට ලක්වූ හෙවත් ස්වභාවිකව මැරුණු පටක, ලේ ධාරා සමග පිට කළ යුතු වන්නීය. ඉතා සම්ප්‍රදායික බසින් පවසන්නේ නම් මසකට වරක් ඈ ‘ගෙට වන්නී’ය. ඊනියා සුචරිතවාදීන්ගේ බසින් කියනවා නම්, ‘කිල්ලට’ හසුවන්නීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලංකාවේ මෙසේ කිළි වැදුණු ගැහැනියකට දින හතක් ගත වන තෙක් සාස්තරයක් පොරොන්දමක්වත් බලන්නට බැරිය. යන දේවාලයකට යන්නට බැරිය. ඒ ඇය අපිරිසිදු නිසා ය.! කිල්ල නැතත් දළදා මාළිගාවේ පත්තිරිප්පුවට යන්නට ලංකාවේ ගැහැනියකට කොහෙත්ම බැරි නිසා ඒ ගැන කතා කිරීමෙන් පලක්ම නැත. බාගවිට එදා දන්ත කුමරු සමග මාස ගණනක් තිස්සේ කෙස්සේ හංගාගෙන දන්ත ධාතුව ගෙන ආ හේමමාලාට ඒ මාස ගණනේම ඔසප් නොවුණා විය යුතුය...!![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මසකට වරක් කාන්තාවක් මුහුණපාන මේ ඉතා ස්වභාවික සංසිද්ධිය සහ ඒ නිසා ඇය මාසයකට අඩුම වශයෙන් දින 3ක් බැගින්වත් දරා සිටින කායික හා මානසික පීඩාව, ලංකා සමාජයේ ‘ගොම ගතියෙන් යුත් බහුතරයට’ ‘පට්ටා ජෝක් එක’කි. එහිදී කාන්තාවක් ලෙස උපත ලැබීම ඇගේ තෝරාගැනීමක් නොවන බවත්, ඒ නිසා මේ ‘අපහසුතාවය’ ඇයට උරුම එකක් බවත්, ඇය ප්‍රශ්න නොනගා ‘තියෙන හැටියකට’ එය දරාගත යුතු බවත් අපි සිතමු. මේ ‘තියෙන හැටියට දරා ගැනීම’ යන්නට, සනීපාරක්ෂ තුවා භාවිතයේ පටන්, ඒ දිනවලදී ගෙදර අයියාට සහ තාත්තාට වැඩිපුර මුහුණ නොදීමේ පටන්, ලැජ්ජාව පිරුණු කිළිටි රෙදි කඩකින් යටි කය ආවරණය කර ගැනීම දක්වා සියලු දෙයම ඇතුළත් ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අපේ අසල්වැසියා ද එසේය. නමුත් ඉන්දියාවේ සිවිල් සමාජ ව්‍යාපාරය ලංකාවේ එනමින් යුත් මොකක්දෝ එකට වඩා ඉතා ප්‍රබල හෙයින්, ඔවුහු මේ ගැන විවෘතව කතා කළහ. උදාහරණක් වශයෙන් ඉන්දියාවෙන් මීට මාස කිහිපයකට පෙර වාර්තා වූයේ ‘රුධිර පැල්ලම් බද්ද’ නැති කිරීමට නව නීති ගෙන ආ බවයි. එහි අර්ථය වූයේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක නිෂ්පාදනවලට රජය බදු අය නොකළ යුතු බවයි. ගැහැනුන්ගේ රුධිර බද්දෙන් ආණ්ඩුව මුදල් හම්බ කළ යුතු නැති බවයි. එය ‘ලැජ්ජා නැති වැඩක්’ බව ඔවුහු එළිපිට කීහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අනුව සනීපාරක්ෂක නිෂ්පාදනවල මිල පහත හෙළිණි. අද වන විට වාර්තා වන්නේ කාන්තාවන්ගේ ගැබ්ගෙළ පිළිකා අවදානම හඳුනාගැනීම සඳහා ඔවුන් ඔසප් සමයේදී පාවිච්චි කර ඉවත දමන ‘අපිරිසිදු’ පෑඩ්ස් සහ රෙදිකැබලි එකතු කිරීමේ මධ්‍යස්ථාන පවා ඉන්දියාව පුරා ඇතිවෙමින් තිබෙනා බවයි. ඒවායින් ලබාගන්නා ඩීඑන්ඒ සාම්පල ඇසුරින් මෙම ගැබ්ගෙළ පිළිකා පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.[/SIZE] [SIZE=4]ආර්තව දුගී බව මේ වන විට ලෝක පරිමාණයෙන් නැගෙන හඬකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ පටන් යුරෝපාකරය හරහා නේපාලය දක්වාම ඇතිවූ සංවාදයකි. සමානාත්මතාවය ගැන දෙසූ බුදුන් උපන් නේපාලය, මේ වන විට හද්දා හින්දු රටක් වන අතර, ඒ සංස්කෘතිය තුළ මාසික ඔසප් දිනවලදී ගැහැනුන්ව ගෙදරින් පන්නා දැමේ. ඔවුන් ඒ දින කිහිපය ගත කළ යුතු වන්නේ නිවස අසල හෝ නිවස පෙනෙන මානයෙන් පිහිටි ‘ඔසප් මඩුව’ක ය. ඒ ඔසප් මඩුව බොහෝ විට හරක් ගාලකි. එනම්, ඇගේ නිවසේ ජීවත් වන දෙපා හරකුන් නිසා ඇය රැය පහන් කරන්නේ පිදුරු ගොඩක ය. විටෙක සිව්පා හරක් පැමිණ ඇයව පාගාගෙන යති. සල්ලාලයෝ ඒවාට රිංගා ඇයට අතවර කරති. ඔසප් සමයේ ලිංගික සබඳතා පැවැත්වීමෙන් ගැහැනිය ගැබ් නොගන්නා බව දන්නා නිසා දෙපා තිරිසනුන්ට මෙය බෝනස් එකකි. ඔසප් මඩුවල රැය පහන් කරන නේපාල දැරියන් සර්පයන් දෂ්ට කිරීමෙන් මිය ගිය අවස්ථා ද මේ අතර අසන්නට ලැබේ. දැරියන් පමණක් නොව දරුවන් සිටින ගැහැනුන්ට ද ඒ ඉරණම ම ය. ඔවුහු අතදරුවන් ද කිහිල්ලේ ගසාගෙන මේ ඔසප් මඩුවලට මසකට වරක් යති. හේතුව? ඇය සිටියහොත් ඇගේ කිල්ල නිසා දෙවියන්ට ගෙදර පහන පත්තු කරන්නට බැරි වන නිසා ය.! එපමණක් නොව මේ කාලය තුළ ඔවුන්ට කිරි ආහාර තහනම් ය. එළවළුවක් පවා ස්පර්ශ කරන්නට තහනම් ය. ඒ ඔවුන් ‘කිළිටි’ නිසාය! කාන්තාවන් ඔසප් මඩුවලට දක්කන මේ චාරිත්‍රයට කියන්නේ ‘චහුපාදි’ කියා ය. නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය මේ චහුපාදිය තහනම් කළේ 2005 වසරේ ය. 2008 වසර වන විට නේපාලය මේ සිරිත රටෙන් මුලිනුපුටා දමමියි කියා මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළේය. නමුත් නේපාලයේ පිටිසර ගැහැනුන්ගෙන් 70%ක්ම මේ ලියන මොහොතේදීත් ඔසප් සමයේ රැය පහන් කරන්නේ හරක් මඩුවල ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සරස්වතිය කෝප වේ යැයි කියා නේපාලයේ ඇතැම් පළාත්වල දැරියන්ට මේ දින කිහිපයේදී පොතක් පතක් ඇල්ලීමත් තහනම් ය. ඉස්කෝලේ යාමක් කොහෙත්ම නැත. පාසල් ගියත් ඔවුන්ට අන්දවා යවන්නට දුප්පත් රෙදි කඩක් හැර සනීපාරක්ෂක තුවායක් අම්මලාට නැත. ඒවා බැහැර කළ හැකි ක්‍රමයක් පාසල්වල කොහෙත්ම නැත. මේ අතර පසුගිය ජූලි මාසයේ වාර්තා වුණේ තමිල්නාඩුවේ 12 හැවිරිදි පාසල් දැරියක්, සිය ඇඳුෙම් ගෑවුණු රුධිර පැල්ලමක් දැක පන්තියේ නරුම ගුරුවරිය කළ කී දේවල් නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් බවයි. මේ නරුම ගැහැනිය මිශ්‍ර පන්තියක සිටි ඉගෙන ගනිමින් සිසුවියගේ ෂල්වාරය ඉහළට ඔසවා පෙන්නන්නට කියා” “පෑඩ් එකක් ගෙනාවේ නැතිනම් මේක තියාගන්නවා” යැයි කියමින් කළු ලෑල්ල මකන ඩස්ටරය ඇයට දිගු කර තිබිණි!! සංඛ්‍යාලේඛනවලට අනුව මෙවැනි නරුම කම් සහ ලැජ්ජාවන් ඉවසනු නොහී ඉන්දියාවේ දැරියෝ වසරකට අවම වශයෙන් තුන්දහස බැගින්වත් සිය පාසල් ගමන අතරමග නතර කරති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සියල්ල අතරේ ලංකාවේ තත්වය කෙබඳුද..? එම විග්‍රහය ආරම්භ කළ යුතු වන්නේ ලංකාවේ පාසල් දැරිය ඔසප් වීම ආරම්භ කළ දිනයේ පටන්, එනම් ඇය වැඩිවිය පැමිණි දිනයේ පටන් පවතින තත්වයෙනි. මේ ලංකාවේ අගනගරයෙන් සැතපුම් සිය ගණන් ඈත පිහිටි මිශ්‍ර පාසලකින් අදත් ඇසෙන සංවාදයකි.[/SIZE] [SIZE=4]“අමරාවතී ජම්බු ගහෙන් පැනල!”[/SIZE] [CENTER] [SIZE=4][/SIZE] [/CENTER] [SIZE=4]“පැනල නෙවෙයි බං” වැටිල!”[/SIZE] [SIZE=4]“ඒ වුණාට මැරෙන එකක් නෑ බං, අමරාවතීනෙ..”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොල්ලෝ කොක්සන් දෙති. පාහර කමකින් සිනාසෙති. ඔවුන්ගේ නිමිත්ත ‘ගැහැණු නිමිත්ත’ ය. පන්තියේ ගැහැණු ළමයෙකු පාසල් වේලාවේදී වැඩිවිය පැමිණීම ය. පන්තියේ පමණක් නොව සකල පාසලේම එදින ‘නිව්ස් එක’ එයයි. ගුරුවරියෝ වටවී නළලේ අත් ගසා ගන්නා හැටි පෙනේ. ‘මේ මොන මළ කරදයක්ද’ හෝ ‘මේකි මේක ඉස්කෝලෙදිම කරගත්තනෙ” වැනි කරදරකාරී හැඟීමක් ඔවුන්ගේ මුහුණුවල ලියැවී තිබේ. “සර් කෙනෙක්වත් දැක්කොත් ඉවරයි” යැයි ගෝලු ගන්නා සුචරිතවාදී ගැහැනු ද මේ අතර වෙති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ ගෝත්‍රික කුතුහලය කුමක්ද? ගැහැනු ළමුන් යනු පිරිමි ළමුන්ට අමුතු සත්ව කොට්ඨාසයකි. පිරිමි ළමුන් යනු ගැහැනු ළමුන්ට තනිකරම සත්ව කොට්ඨාසකි. කුඩා කල පටන්ම ලිංගික අධ්‍යාපනයක් නැතිව, සෞඛ්‍යය විෂය නිර්දේශයට තිබෙන ප්‍රජනනය පාඩමත් ‘ගෙදර ගිහින් හිමීට කියවාගන්න” යැයි සෞඛ්‍ය මිස් අහක බලාගෙන කියන රටක විසි එක් වන සියවසේදී මේ තත්වය හැර වෙනත් ප්රාතිහාර්යයක් බලාපොරොත්තු විය හැකිද? ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් තනිකරම වෙනස් ලෝක දෙකක වෙන් කර ඇතිදැඩි වන මේ රටේ, පිරිමි ළමෝ අවුරුදු හත අට වනවිට ‘බ්ලූ’ බැලීම ආරම්භ කරති. මේ අතර ගැහැනු ළමෝ...?[/SIZE] [SIZE=4]මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ සෙංකොට්ටං නවකතාවේ පසුකවරයේ සඳහන් වන මාගල්ලවත්තේ වංසාරිදී කිරිඅම්මාගේ ඔවදනෙන් කොටසක් මෙසේ ය. “.... ඔය පිරිමි ජාතිය මහ අමුතු ජාතියක්.. අන්න ඒ හින්ද උඹ ළඟ තියෙන ඔය හක්ගෙඩි දෙකයි පංච බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකම්වලට පරිහරණය කරන්න දෙන්න එපාය..”! [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද පවා ලාංකීය සමාජයේ හද්දා පිටිසර පමණක් නොව, උගත් යැයි කියන පහළ මධ්‍යම පන්තියේ පවුල් අතර පවා ගැහැණු කම හා පිරිමි කම අතර ඇතිකර තිබෙන විසංවාදයේ තරම කෙතරම් ද යත්, පෙර කී ‘ඊනියා ආච්චිලා’ කෙල්ලන්ට කියා දී තිබෙන්නේ ‘ඒවා ඒ ඒ විදිහට-ඒ ඒ වෙලාවට-අවස්ස ආකාරයට සිද්ද වෙනවාය, ඒ නිසා අනවස්ස දේවල් අහන්ට එපාය, ඒ වෙලාවට අවනත වෙලා උඩ බලාගෙන හිටු” කියා ය. මේ නිසා අදටත් සමහර ගම්බද යුවතියන් දරුවා ලැබෙන තෙක්ම ඒකා එළියට එන්නේ යෝනි මාර්ගයෙන් ද නැත්නම් ගුද මාර්ගයෙන් ද කියා දන්නේ නැත.!! මේ තත්වය ඔබට විශ්වාස කරන්නට අමාරු නම්, ග්‍රාමීය රෝහලක ප්‍රසුතිකාගාරයේ දිගු සේවා කාලයක් හිමි අවංක හෙදියකගෙන් හෙමීට මේ ගැන අසන්න. කෙසේ නමුත් ගම්වල මේ තත්වයට ආච්චිලා කියන්නේ ‘හැදිච්ච කම’ කියා ය.![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සාමාන්‍යයෙන් මේ ‘මාර හැදියාවකින් යුක්ත සංස්කෘතිය’ තුළ ගැහැනු ළමයෙක් වැඩිවිය පැමිණි පසු නැන්දලා, කිරි අම්මලා, ලොකු අම්මලා, ආච්චිලා වටවී “කෙල්ලෙ අද ඉඳන් කැන්දගෙන යනකල් පරිස්සම් වෙයල්ලා“ යැයි කියති. දැන් මේ පරිස්සම් කරගන්නට කියන්නේ අහවල් පංචා බෙල්ලෙක්ද? එකී අහවල් දෙය විවාහය දක්වා පරිස්සම් කර ගත යුත්තේ කාගෙන්ද? පිරිමින්ගෙනි. ඉන්පසු පෙර කී අහවල් දේ පරිස්සම් කරන්නට බෙර වයා - තාල නටා අවසානයේ භාරදෙන්නේ ද එතෙක් කල් ඈතින් තබාගත යුතු යැයි කී පිරිමියෙකුට ය.! විටෙක ඉන්පසු එක වහලක් යටදී එකතු වන්නේ එතෙක් කල් සපුරා වෙනස් ලෝක දෙකක ඇතිදැඩි කළ මද කිපුණු වස්සෙක් සහ මෙලෝ සංසාරයක් නොදන්නා වැස්සියකි!! ඇත්තෙන්ම මේ ලොජික් එකේ ලොකු අවුලක් තිබේ.[/SIZE] [SIZE=4]මේ රටේ පාසලකදී ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වීම පමණක් නොව, මාසික ඔසප් දිනයේදී ඇගේ සුදු ගවොමේ රුධිර පැල්ලමක් තැවරීම පවා කොල්ලන්ට තලු මරන්නට හේතු සාධක සැපයීම සහ කෙල්ලට එය ජීවිත කාලයටම අමිහිරි අත්දැකීමක් බවට පත්වීම අරුමයක් නොවන්නේ ද මේ අවුල නිසා ය. යම් හෙයකින් ස්කොට්ලන්තයේදී සිදුවුණාක් මෙන් ලංකාවේ ද නොමිලේ සනීපාරක්ෂක තුවා සපයන සංකල්පයක් හෝ වැඩසටහනක් අනාගතයේදී ක්‍රියාත්මක කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ආරම්භ කළ යුත්තේ පාසලෙනි. එසේ ආරම්භ කරන්නේ නම් හෙවත් ලංකාව තුළ ‘පීරියඩ් පවර්ටි’/ආර්තව දුගී බව පිටුදැකීම වැනි අගනා සංකල්පයක් ප්‍රායෝගිකව මහ පොළොවේ හිටවන්නට නම්, ඒ වැඩසටහන තුළ රටේ ලිංගික අධ්‍යාපනයේ තිබෙන මහ අවුල ගැන අනිවාර්යයෙන්ම සංවාද කළ යුතුය. ලංකාවේ සංස්කෘතියේ මුල් ඇද තිබෙන ‘ගෝත්‍රික ගොම ගතිය’ මැකෙන තෙක් කාන්තාවගේ වේදනාකාරී රුධිර පැල්ලම සහ ඇගේ සිතේ එයින් ඇතිවන ලැජ්ජාසහගත කැළල යන දෙකම තවදුරටත් සමාන පද පමණක්ම වනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- ක්‍රිෂාන්ති රාජපක්ෂ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom