Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනම ඔෆිස් එකක දැකිය හැකි සත්ව විශේෂ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම ඔෆිස් එකක දැකිය හැකි සත්ව විශේෂ..

01.

"රවුමා" -

මෙම ජීවි විශේෂයට අයත් වන සතුන් නම් ලැයිස්තුවක් සමග, හෝ ඔෆිස් එකේ සිටින සකළ පැටිපස් පරාණයම කොපි කර යවන ඊමේල් එකක් සමග ඔබට හමුවේ......

ට්‍රිප් යෑම, අවුටිං යෑම, දානයක්, මඟුලක්, මරණයක්, යනාදි සෙට් වී, බස් එකක, වෑන් එකක යන්න පුලුවන් ප්‍රමාණයේ ඕනෑම කෙංගෙඩියක් සංවිධානය කර, ඔෆිස් එකේ සෙට් එක අලුත ගෙට වෙච්ච ළමිස්සියන් සේ පරිස්සමට රවුම ගස්සා, ගෙනත් බැස්සීමේ උපන් හපන් කමක් මොවුන්ට ඇත. ලැයිස්තු සෑදීමේ ප්‍රවීණයෝය.....

දිග කාළයක් එබඳු රවුම් ගැසීමේ විශේෂ අවස්ථාවක් නොතිබුණොත් මේ සත්ව විශේෂයට අයත් සතුන් නොඉවසිලිවන්ත වන අතර, අවුරුද්දකට වැඩි කාළයක් ට්‍රිපක්, රවුමක් නොලැබුනොත් මෙම විශේෂයට අයත් ජීවීන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පානු ඇත..... ඉතා දුර්ලභ ගණයේ ජීවී විශේෂයක් වන "රවුමන්" ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමකි...

රවුමට හෙවත් සර්කියුලේට් වෙන්න ඊමේල් ගසන නිසාත්, නිතර "රවුම්" ගසන්න සොයන නිසාත් මෙම විශේෂයට ඒ නම ලැබී ඇත...

02.

"සරණ"

ඔෆිස් වල ලොකු කුඩා, ස්ත්‍රී පුරුෂ, බාළ, මහළු සියලු දෙනා කිසිම භේදයකින් තොරව උදව් ඉල්ලාගෙන යන්නේ සරණලා වෙතය.....ඇල් පෙනෙත්තක් ඇඟිල්ලේ ඇනීමේ සිට, ශාන්තිකර සාගරයේ සුළි කුණාටුවකින් බේරීම දක්වා තිබෙන ඕනෑම ස්වභාවික, අස්වාභාවික විපතකදී ඔබට සරණ වීමට සරණලා සතුව විශේෂ හැකියාවක් ඇත.....

නමුත්, ඇතුන්ගේ අප්‍රිකානු ඇතුන් සහ ආසියානු ඇතුන් යනුවෙන් ප්‍රභේද පවතින්නා සේම, "සරණ" නම් ජීවී විශේෂයේද උප ප්‍රභේද තුනකි

"බොක්කෙ සරණ" - බොක්කෙ සරණලා ඇත්තටම උදව් කරන්නේ බොක්කෙනි, අක්මාවෙනි, හදවතෙනි ..... උදව් ලාභියාගේ රහස්‍ය භාවය සුරකියි.....ඇත්තටම එහෙම එවුන් ආශ්‍රයට ලැබීම පෙර පිනකි....

"කක්කෙ සරණ" - මෙම උප විශේෂයට අයත් සතුන් උදව් කරන්නේ අනිත් පැත්තට උදව්වක් බලාපොරොත්තුවෙනි.... ගෑණු ළමයෙකුට උදව් කරන පිරිමි කක්කෙ සරණ කෙනෙක් නම්, අනිවාර්යයෙන් යටි අරමුණ වන්නේ ඇයගේ සිත දිනාගෙන, එක්කෝ පෙම්වතිය කර ගැනීම නැත්නම් ලිංගික වාසියක් ගැනීමය.....මොවුන්ගෙනුත් උදව් උපකාර ලැබුණත්, අන්තිම අමාරු අඩියකදී මිස මොවුන් වෙත නොයා යුතුය.....භයානක ජීවී කොටසකි.....තමන්ට ප්‍රති-උපකාරයක් නොලැබුනොත්, රහස් එළි කිරීමටද මැළි නොවෙති.

"හක්කෙ සරණ" - මොවුන් මිනිස්සුන්ගෙ සිත් සැනසීමට, හිත් හැදීමට අති දක්ෂයන් වුවත්, උදව් කරන බවට දෙන පොරොන්දු කට වචනයට සීමාවේ....ඇත්තටම උදව් කරන්නේ නැත.....ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව බහුලව හමුවේ...

03.

"බයිටා"

බයිටන් යනු ඔෆිස් එකේ ප්‍රධාන විධායක නිළධාරියාගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා සිටින සියළුම දෙනා, පන්ති භේදයකින් තොරව බයිට් එකට ගැනීමේ විශේෂඥතාවයකින් හෙබි සත්ව කොටසකි. අදාළ බයිට් එකේ ඉලක්කය වන ජීවියා ඉදිරිපිට හෝ නැති විට යන ආකාර දෙකෙන්ම බයිට දෙන මොවුහු, මාතෘකාවක් අතහැර, තවත් මාතෘකාවකට යන්නේ දඬු ලේනුන් ගස් පනින්නා බඳු සුපිරි බැලන්ස් එකක් සහිතවය.....වචනයක් කියන්නට කට ඇරියොත් පළාතම සිනා සාගරයක් වේ.....

බයිටෙකු ඔෆීසියේදී ඔබව ඉලක්ක කර ගතහොත්, වහාම යටත් වී, සිනාමුසු මුහුණින්, හොඳ හුස්මක් ගෙන, බිම බලාගෙන හෝ බයිට රස විඳින්නට රැස්වී සිටින ජනකාය දෙස බලාගෙන බයිට අවසන් වනතුරු නිසොල්මන්ව සිටීමෙන් ඔබගේ ගැළවෙන ඇඳුම් ප්‍රමාණය අවම කර ගත හැකි අතර, සම්පූර්ණයෙන් නිරුවත් නොවී යට ඇඳුම් හෝ බේරා ගත හැක.......සරස්වතී දේවිය කටකාරකම තැන්පත් කළ කල්දේරමකට මොවුන් පුංචි කාලේ වැටී ඇති හෙයින්, ඔවුන් සමග කට ගහන්න යෑමෙන් සිදුවන්නේ, බයිටේ සැර තව තවත් වැඩිවී, ඔබව යට ඇඳුම්ද ගලවා ප්‍රසිද්ධියේ ඇවිද්දවනු ලැබීමයි.......බයිටෙකුගෙන් හැකිතාක් රෙදි බේරා ගැනීමට නම් කළ යුතු දෙය වන්නේ තමන්ද බයිට රස විඳින බව පෙන්නීමය ....

බයිටන්ද වර්ග දෙකකි..... "සඳ බයිටන්" සහ "සර්ප බයිටන්" යනු ඒ වර්ග දෙකයි ....

"සඳ බයිටන්" බයිට් කරන්නෙ හුදු විනෝදයට පමණි......බයිට් එකට ලක්වෙන කෙනාටද එම බයිට් එක රසවත් අතර, ගෙදර යනතුරු, බස් එකේ, ත්‍රීවීල් එකේ, තනියම මතක් කර කර හිනා විය හැක.....ඇත්තටම සමහරු එවැනි බයිටන් තමන්ව බයිට් කරනවාටත් හිත යටින් කැමතිය.....සඳ බයිටන් යනු සුන්දර සත්ව විශේෂයකි...... ඔවුන් නිවාඩු ගිය දවස් වලට මුළු ඔෆිස් එකේම තද පාලුවක් දැනෙනු ඇත......

"සර්ප බයිටන්" යනු අතිශය භයානක කොටසකි......මොවුන් බයිට් කරන්නේ හිත්වල කුහක කම, ඊර්ෂ්‍යාව, වෛරය, ඉච්ඡා භංගත්වය තබාගෙන, ඒ ඇරියස් කවර කරන්නත් එක්කය..... ඒ නිසා ඔවුන් කරන්නේ ඇස් රතුවන විහිලුය.....මොවුන් ඕනවට වඩා එන බව පේනවා නම් වහාම ආයතන ප්‍රධානියෙකු හෝ පවුලේ අය දැනුවත් කිරීම මැනවි......සහජයෙන්ම කුරිරු කොටසකි....

04.

"ටෞකණ්ඩ"

ටෞකණ්ඩලා බොහෝ විට හමුවන්නේ, කොම්පැනියක "මිඩ්ල් මැනේජ්මන්ට්" එකේ සේවය කරන ( ඇසිස්ටන් මැනේජර්, මැනේජර්, ඩිපියුටි, සුපර්වයිසර්, ටීම් ලීඩර් ) අවුරුදු 35- 45 ත් අතර වයස් ඛාණ්ඩයෙනි......මොවුන්ට මේ නම ලැබී ඇත්තේ ඔවුන්ට පහළින් සේවය කරන අය ඔවුන්ව ඒ වචනයෙන් නිතරම සිහි කරන නිසාය.... සෑම ඔෆිසියකම ටෞකණ්ඩලා අඩුම තරමින් දෙන්නෙක් වත් සිටිති.......රස්සාවල් එපා වෙන්නේ මොවුන් නිසාය...... අන්තිම පහත් ගති ඇති, නිතර කිපෙන, අන්ත ආත්මාර්ථකාමී, ඉහළම ස්ථරයේ ලොක්කන්ට කේලම් කියන, තමන් අකමැති අයට කපන, නිතර උද්දච්ඡ කමෙන්, මාන්නයෙන් පිරුණු පිහි පාරවල් බඳු වචන කියන පිරිසකි...... කෙනෙක්ව කපා දැමීමේ සහ මානසිකව වැට්ටීමේ අති විශේෂඥයෝය......ටෞකණ්ඩ කෙනෙක් සමග ගැටුණොත්, බොහෝ විට යන්න වෙන්නේ කඳුළු පෙරාගෙනය......දවස් ගාණක් සිත සිතා කණගාටුවිය හැක.....කිසිම හිතක් පපුවක්, තෙතමනයක්, මනුස්ස කමක් නැති පිරිසකි......බොහෝ දෙනා ටෞකණ්ඩලා නිසා කම්පැනි හැර යති......

05.

"වන සංරක්ෂණ"

මෙම ජීවී විශේෂයේ ඇත්තේ පිරිමි සතුන් පමණි......ඔෆිසියේ කාන්තාවන් සමග වැඩිපුර ගැවසෙන මොවුහු, එම කාන්තාවන්ට තමන්ගේ චරිතය රැක ගන්නා ආකාරය, දැහැමි යහපත් කාන්තාවක් ලෙස සතුටින් ජීවත් වන ආකාරය ගැන, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරති.......බොහෝ විට ඕවර් ටයිම් කළොත්, නයිට් ෂිෆ්ට් එකක් ගැහුවොත්, ට්‍රිප් එකක් හෝ දුර ගමනක් ඔෆිස් එකෙන් ගියොත්, කාන්තාවන්ගේ ආරක්ෂාව බාරව ස්වේච්ඡාවෙන් කටයුතු කරන්නේ මේ ජීවීන්ය......විශේෂයෙන්ම ගර්භණී තත්වයේ පසුවන කාන්තාවන්ට නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්වත් නොදෙන උපදෙස් මෙන්ම, දියබත්, කොළ කැඳ, ලේ වඩන කොළ පළා වර්ග, පීකුදු හොදි, බිත්තර ආදියද මොවුන්ගෙන් ලැබේ....... පිරිමි ආශ්‍රය අවමය.....

මෙම සත්ව විශේෂය, අනෙක් පිරිමි සතුන්ට පේන්න බැරිය.......

06.

"ග්ලැසියර්"

කරන කිසිම වැඩක් නැත......හැම දේකින්ම ෂේප් එකේ ලිස්සා යන අතර, අයිස් පිට ජීවිතය ගෙවයි..... තමන්ගේ වැඩ අනුන් ලවා කර ගැනීමේ අති දක්ෂයෝය.....පොදු වැඩ වලදීද මාරු වී සිටීමේ න්‍යාය අනුගමනය කරයි.....මේ ඉන්නවා, මේ නැත......නමුත් හදිසියේ වත් කවුරුන් හෝ ප්‍රශ්ණ කළොත්, අම්බානට බිසී බවක් මවා පෙන්වති........

07.

" සෙල්ලම් ළමා"

බොහෝ විට අලුතින් ඔෆිස් එකේ "ඉන්ටර්න්" ලා හැටියට හෝ ජූනියර්ලා හැටියට සෙට් වෙන, ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් වයස් වල කිරි සප්පයන් මේ විශේෂයේය.... ..බොහෝ විට මොවුන්ට ලැබෙන්නේ ඉතාම සොච්චම් පඩියක් වුවත්, ඒ පඩිය ඔවුන්ට ඉහටත් උඩිනි.......මධ්‍යම පාන්තික පවුල් වලින් බොහෝ විට එන මෙම පිරිස්, සිය වැටුපෙන් කලිසම්, කමිස, ටී ෂර්ට්, ගවුම්, සායවල්, සපත්තු, පර්ෆියුම්, මේකප් ආදිය ගත්විට, බස් එකට ගාස්තු දෙන්නේ දෙමාපියන්ය.......හරි හුරතල් දරු පිරිසකි......"හලෝ අයියා ! " ගාගෙන ලස්සන හිනාවක් දාගෙන ඇවිත් මේස ගැට්ටේ හේත්තු වෙන නංගිලා සහ " හරි අයියෙ ! මම Sketch එක මේ දැන් හදන්නම් !" කියා බයාදු ලෙස ඔබට කියන මල්ලිලා, මේ වර්ගයේ සත්වයින්ය......මොවුන්ගෙන් බහුතරය තාමත් ඉතාම අහිංසකය......ඒ නිසාම සීනියර්ලාගේ පක්කලි වැඩ කරන්නට පැවරෙන්නේද මොවුන්ටය..... බය නිසා කට නොඅරිති.....මාංශ භක්ෂක සත්ව විශේෂ වලින් මේ අයව ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමකි....සමහරුන් උප්පත්තියෙන්ම පොෂ් අතර, අනෙක් අයද රස්සාව ලැබී කෙටි කළක් තුළ කෙසේ හෝ පොෂ් වීමට උපරිම උත්සාහය දරති...

08.

"මාමයියා / නැන්දක්කා"

මෙම ජිවී විශේෂය වනාහි, වයස 45 ත් ඉක්මවූ, එහෙත් අදක්ෂතාවය හෝ අධ්‍යාපන සුදුසු කම් නිසි පරිදි නොතිබීම නිසා තවමත් කම්පැනියේ පහළම ලෙවල් එකේ ලත වෙමින් සිටින කොටසකි..... අලුතින් එන එන අය, කෙටි කළකින් මොවුන් අබිබවා උසස් වීම් ලබති.......මොවුන්ට ඉහළින්ද බඳවා ගැනීම් නිතර සිදුවේ......අවුරුදු විස්සක් පමණ තිස්සේ එකම කම්පැනියේ ලැග ඉන්නේ, වෙන කොහේටවත් රස්සාවක් හොයාගෙන යන්න අසීරු නිසාය.....අලුතින් එන තරුණ තරුණියන් සමග අමාරුවෙන් මිශ්‍ර වෙයි.....තමන්ගේ වයසෙන් භාගයකටත් අඩු දරු දැරියන් "අයියෙ, අක්කේ" කියා අමතනු ලබති....බැඳුණදා සිට එකම තැනය....

09.

"අවතාර්"

මෙම විශේෂයේ ඇත්තේ ගැහැණු සතුන් පමණි....... මොවුන් මොහොතක් ඔබට පේන මානයේ සිටිති...... මඳ වේලාවකින් අතුරුදහන් වී හොයාගන්නම බැරි වී යයි..... ආගිය අතක් නැත..... ආයෙත් විනාඩි විස්සකින් පමණ කොරිඩෝවක හෝ පඩිපෙළක ප්රාදුර්භූත වේ...... ආයෙත් අතුරුදහන් වේ.....හෙව්වාට හොයාගන්න නැත......ආයෙත් නොසිතූ මොහොතක වතුර ෆිල්ටරය අසළින් මතුවේ....... හිටපු ගමන් ඔබේ පුටුව පිටුපසින් ගමන් කරයි......."හලූ අයියා!" ගාගෙන ෆයිල් මිටියක් සමග දොරෙන් නොපෙනී යයි..... ආයෙත් නොසිතන තැනකින් එක පාරට මතුවේ.......ගමන බිමන සුළඟ වගේය......බෙල්ලෙන් අල්ලා ඇදගෙන ගොස් මූණ බිත්තියේ උලන්න තරම් කේන්තියක් ඔබට මොවුන් ගැන වෙලාවකට ඇතිවේ........

10.

"ටෙම්පෝ"

මොවුන්ගේ කටින් අත්‍යාවශ්‍ය දෙයක් පිටවෙන මොහොතක හැර, අනෙක් සෑම මොහොතකම ඉන්නේ ගීතයක තාලය සමගය..... එයින් ගැහැණු සතෙකු සමග කථා බස් කිරීම මෙබඳු විය හැක....

"ඒක තමා අයියෙ......ටුං ටුං ටුං......ටිටා ටටා ටිටූ..... මම කිව්වා එයාට මම එදා ලීව් කියලා.....ඒත් හරි දුෂ්ඨයි අනේ..... දැන් මට එන්න වෙනවා..... ඔයා ඔහොම ඉන්න මම ඇපෘවල් ෆයිල් එක හොයල දෙන්න.......මීදුම උතුරන සඳ පානේ.... මීවිත හිස් වෙයි මධු බඳුනේ...... ලාලා ලලස්.....හුටස්.... පටස්.... ආ මේ තියෙන්නෙ.....මෙන්න ෆයිල් එක තියනවාආආ.......මාළිගාවේ මා රැජිණී..... මුහුද යහ.....ආ මේ තියෙන්නෙ ඔයා ඉල්ලපු ප්‍රොජෙක්ට් රිපෝට් එක.....සොයන්නාට සම්බවේ.... යේ...... යේ දිල්ලගී ප්යාර් ප්යාර් කී......"

පිරිමි සත්වයෙකු සමග කථා කිරීම මෙබඳුය....

"අම්මට්ට හුඩ්ඩු ..... සමාවෙන්ඩ බුදු අයියා..... ටාර් ගාලා දෙනවා......සඳ කුමාරිය දීගෙක යනවා.... නිනි නිනි නිනි...... රබන් සුර.....ආහ් මෙන්න බඩු.....ටරිකිටඩ්ෂ්......ඉන්න මේක ස්ටේප්ලර් කට්ට ගලවල දෙන්ඩා........දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා.....අප්පට හුඩු මේ තියෙන්නෙ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක නිකං අසෝකා සූර අසෝකා වගේ....."

Damith Kethaka

[QUOTE="Buddhi_R, post: 22772092, member: 561616"] [b]ඕනම ඔෆිස් එකක දැකිය හැකි සත්ව විශේෂ..[/b] 01. [SIZE="5"][COLOR="Lime"]"රවුමා" -[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]මෙම ජීවි විශේෂයට අයත් වන සතුන් නම් ලැයිස්තුවක් සමග, හෝ ඔෆිස් එකේ සිටින සකළ පැටිපස් පරාණයම කොපි කර යවන ඊමේල් එකක් සමග ඔබට හමුවේ...... ට්‍රිප් යෑම, අවුටිං යෑම, දානයක්, මඟුලක්, මරණයක්, යනාදි සෙට් වී, බස් එකක, වෑන් එකක යන්න පුලුවන් ප්‍රමාණයේ ඕනෑම කෙංගෙඩියක් සංවිධානය කර, ඔෆිස් එකේ සෙට් එක අලුත ගෙට වෙච්ච ළමිස්සියන් සේ පරිස්සමට රවුම ගස්සා, ගෙනත් බැස්සීමේ උපන් හපන් කමක් මොවුන්ට ඇත. ලැයිස්තු සෑදීමේ ප්‍රවීණයෝය..... දිග කාළයක් එබඳු රවුම් ගැසීමේ විශේෂ අවස්ථාවක් නොතිබුණොත් මේ සත්ව විශේෂයට අයත් සතුන් නොඉවසිලිවන්ත වන අතර, අවුරුද්දකට වැඩි කාළයක් ට්‍රිපක්, රවුමක් නොලැබුනොත් මෙම විශේෂයට අයත් ජීවීන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පානු ඇත..... ඉතා දුර්ලභ ගණයේ ජීවී විශේෂයක් වන "රවුමන්" ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමකි... රවුමට හෙවත් සර්කියුලේට් වෙන්න ඊමේල් ගසන නිසාත්, නිතර "රවුම්" ගසන්න සොයන නිසාත් මෙම විශේෂයට ඒ නම ලැබී ඇත... [/SIZE][/COLOR] 02. [SIZE="5"][COLOR="Magenta"]"සරණ"[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]ඔෆිස් වල ලොකු කුඩා, ස්ත්‍රී පුරුෂ, බාළ, මහළු සියලු දෙනා කිසිම භේදයකින් තොරව උදව් ඉල්ලාගෙන යන්නේ සරණලා වෙතය.....ඇල් පෙනෙත්තක් ඇඟිල්ලේ ඇනීමේ සිට, ශාන්තිකර සාගරයේ සුළි කුණාටුවකින් බේරීම දක්වා තිබෙන ඕනෑම ස්වභාවික, අස්වාභාවික විපතකදී ඔබට සරණ වීමට සරණලා සතුව විශේෂ හැකියාවක් ඇත..... නමුත්, ඇතුන්ගේ අප්‍රිකානු ඇතුන් සහ ආසියානු ඇතුන් යනුවෙන් ප්‍රභේද පවතින්නා සේම, "සරණ" නම් ජීවී විශේෂයේද උප ප්‍රභේද තුනකි "බොක්කෙ සරණ" - බොක්කෙ සරණලා ඇත්තටම උදව් කරන්නේ බොක්කෙනි, අක්මාවෙනි, හදවතෙනි ..... උදව් ලාභියාගේ රහස්‍ය භාවය සුරකියි.....ඇත්තටම එහෙම එවුන් ආශ්‍රයට ලැබීම පෙර පිනකි.... "කක්කෙ සරණ" - මෙම උප විශේෂයට අයත් සතුන් උදව් කරන්නේ අනිත් පැත්තට උදව්වක් බලාපොරොත්තුවෙනි.... ගෑණු ළමයෙකුට උදව් කරන පිරිමි කක්කෙ සරණ කෙනෙක් නම්, අනිවාර්යයෙන් යටි අරමුණ වන්නේ ඇයගේ සිත දිනාගෙන, එක්කෝ පෙම්වතිය කර ගැනීම නැත්නම් ලිංගික වාසියක් ගැනීමය.....මොවුන්ගෙනුත් උදව් උපකාර ලැබුණත්, අන්තිම අමාරු අඩියකදී මිස මොවුන් වෙත නොයා යුතුය.....භයානක ජීවී කොටසකි.....තමන්ට ප්‍රති-උපකාරයක් නොලැබුනොත්, රහස් එළි කිරීමටද මැළි නොවෙති. "හක්කෙ සරණ" - මොවුන් මිනිස්සුන්ගෙ සිත් සැනසීමට, හිත් හැදීමට අති දක්ෂයන් වුවත්, උදව් කරන බවට දෙන පොරොන්දු කට වචනයට සීමාවේ....ඇත්තටම උදව් කරන්නේ නැත.....ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව බහුලව හමුවේ... [/COLOR][/SIZE] 03. [COLOR="Magenta"][SIZE="5"]"බයිටා"[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]බයිටන් යනු ඔෆිස් එකේ ප්‍රධාන විධායක නිළධාරියාගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා සිටින සියළුම දෙනා, පන්ති භේදයකින් තොරව බයිට් එකට ගැනීමේ විශේෂඥතාවයකින් හෙබි සත්ව කොටසකි. අදාළ බයිට් එකේ ඉලක්කය වන ජීවියා ඉදිරිපිට හෝ නැති විට යන ආකාර දෙකෙන්ම බයිට දෙන මොවුහු, මාතෘකාවක් අතහැර, තවත් මාතෘකාවකට යන්නේ දඬු ලේනුන් ගස් පනින්නා බඳු සුපිරි බැලන්ස් එකක් සහිතවය.....වචනයක් කියන්නට කට ඇරියොත් පළාතම සිනා සාගරයක් වේ..... බයිටෙකු ඔෆීසියේදී ඔබව ඉලක්ක කර ගතහොත්, වහාම යටත් වී, සිනාමුසු මුහුණින්, හොඳ හුස්මක් ගෙන, බිම බලාගෙන හෝ බයිට රස විඳින්නට රැස්වී සිටින ජනකාය දෙස බලාගෙන බයිට අවසන් වනතුරු නිසොල්මන්ව සිටීමෙන් ඔබගේ ගැළවෙන ඇඳුම් ප්‍රමාණය අවම කර ගත හැකි අතර, සම්පූර්ණයෙන් නිරුවත් නොවී යට ඇඳුම් හෝ බේරා ගත හැක.......සරස්වතී දේවිය කටකාරකම තැන්පත් කළ කල්දේරමකට මොවුන් පුංචි කාලේ වැටී ඇති හෙයින්, ඔවුන් සමග කට ගහන්න යෑමෙන් සිදුවන්නේ, බයිටේ සැර තව තවත් වැඩිවී, ඔබව යට ඇඳුම්ද ගලවා ප්‍රසිද්ධියේ ඇවිද්දවනු ලැබීමයි.......බයිටෙකුගෙන් හැකිතාක් රෙදි බේරා ගැනීමට නම් කළ යුතු දෙය වන්නේ තමන්ද බයිට රස විඳින බව පෙන්නීමය .... බයිටන්ද වර්ග දෙකකි..... "සඳ බයිටන්" සහ "සර්ප බයිටන්" යනු ඒ වර්ග දෙකයි .... "සඳ බයිටන්" බයිට් කරන්නෙ හුදු විනෝදයට පමණි......බයිට් එකට ලක්වෙන කෙනාටද එම බයිට් එක රසවත් අතර, ගෙදර යනතුරු, බස් එකේ, ත්‍රීවීල් එකේ, තනියම මතක් කර කර හිනා විය හැක.....ඇත්තටම සමහරු එවැනි බයිටන් තමන්ව බයිට් කරනවාටත් හිත යටින් කැමතිය.....සඳ බයිටන් යනු සුන්දර සත්ව විශේෂයකි...... ඔවුන් නිවාඩු ගිය දවස් වලට මුළු ඔෆිස් එකේම තද පාලුවක් දැනෙනු ඇත...... "සර්ප බයිටන්" යනු අතිශය භයානක කොටසකි......මොවුන් බයිට් කරන්නේ හිත්වල කුහක කම, ඊර්ෂ්‍යාව, වෛරය, ඉච්ඡා භංගත්වය තබාගෙන, ඒ ඇරියස් කවර කරන්නත් එක්කය..... ඒ නිසා ඔවුන් කරන්නේ ඇස් රතුවන විහිලුය.....මොවුන් ඕනවට වඩා එන බව පේනවා නම් වහාම ආයතන ප්‍රධානියෙකු හෝ පවුලේ අය දැනුවත් කිරීම මැනවි......සහජයෙන්ම කුරිරු කොටසකි.... [/SIZE][/COLOR] 04. [SIZE="5"][COLOR="Magenta"]"ටෞකණ්ඩ"[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]ටෞකණ්ඩලා බොහෝ විට හමුවන්නේ, කොම්පැනියක "මිඩ්ල් මැනේජ්මන්ට්" එකේ සේවය කරන ( ඇසිස්ටන් මැනේජර්, මැනේජර්, ඩිපියුටි, සුපර්වයිසර්, ටීම් ලීඩර් ) අවුරුදු 35- 45 ත් අතර වයස් ඛාණ්ඩයෙනි......මොවුන්ට මේ නම ලැබී ඇත්තේ ඔවුන්ට පහළින් සේවය කරන අය ඔවුන්ව ඒ වචනයෙන් නිතරම සිහි කරන නිසාය.... සෑම ඔෆිසියකම ටෞකණ්ඩලා අඩුම තරමින් දෙන්නෙක් වත් සිටිති.......රස්සාවල් එපා වෙන්නේ මොවුන් නිසාය...... අන්තිම පහත් ගති ඇති, නිතර කිපෙන, අන්ත ආත්මාර්ථකාමී, ඉහළම ස්ථරයේ ලොක්කන්ට කේලම් කියන, තමන් අකමැති අයට කපන, නිතර උද්දච්ඡ කමෙන්, මාන්නයෙන් පිරුණු පිහි පාරවල් බඳු වචන කියන පිරිසකි...... කෙනෙක්ව කපා දැමීමේ සහ මානසිකව වැට්ටීමේ අති විශේෂඥයෝය......ටෞකණ්ඩ කෙනෙක් සමග ගැටුණොත්, බොහෝ විට යන්න වෙන්නේ කඳුළු පෙරාගෙනය......දවස් ගාණක් සිත සිතා කණගාටුවිය හැක.....කිසිම හිතක් පපුවක්, තෙතමනයක්, මනුස්ස කමක් නැති පිරිසකි......බොහෝ දෙනා ටෞකණ්ඩලා නිසා කම්පැනි හැර යති......[/SIZE][/COLOR] 05. [SIZE="5"][COLOR="Magenta"]"වන සංරක්ෂණ"[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]මෙම ජීවී විශේෂයේ ඇත්තේ පිරිමි සතුන් පමණි......ඔෆිසියේ කාන්තාවන් සමග වැඩිපුර ගැවසෙන මොවුහු, එම කාන්තාවන්ට තමන්ගේ චරිතය රැක ගන්නා ආකාරය, දැහැමි යහපත් කාන්තාවක් ලෙස සතුටින් ජීවත් වන ආකාරය ගැන, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරති.......බොහෝ විට ඕවර් ටයිම් කළොත්, නයිට් ෂිෆ්ට් එකක් ගැහුවොත්, ට්‍රිප් එකක් හෝ දුර ගමනක් ඔෆිස් එකෙන් ගියොත්, කාන්තාවන්ගේ ආරක්ෂාව බාරව ස්වේච්ඡාවෙන් කටයුතු කරන්නේ මේ ජීවීන්ය......විශේෂයෙන්ම ගර්භණී තත්වයේ පසුවන කාන්තාවන්ට නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්වත් නොදෙන උපදෙස් මෙන්ම, දියබත්, කොළ කැඳ, ලේ වඩන කොළ පළා වර්ග, පීකුදු හොදි, බිත්තර ආදියද මොවුන්ගෙන් ලැබේ....... පිරිමි ආශ්‍රය අවමය..... මෙම සත්ව විශේෂය, අනෙක් පිරිමි සතුන්ට පේන්න බැරිය.......[/SIZE][/COLOR] 06. [COLOR="Magenta"][SIZE="5"]"ග්ලැසියර්"[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]කරන කිසිම වැඩක් නැත......හැම දේකින්ම ෂේප් එකේ ලිස්සා යන අතර, අයිස් පිට ජීවිතය ගෙවයි..... තමන්ගේ වැඩ අනුන් ලවා කර ගැනීමේ අති දක්ෂයෝය.....පොදු වැඩ වලදීද මාරු වී සිටීමේ න්‍යාය අනුගමනය කරයි.....මේ ඉන්නවා, මේ නැත......නමුත් හදිසියේ වත් කවුරුන් හෝ ප්‍රශ්ණ කළොත්, අම්බානට බිසී බවක් මවා පෙන්වති.......[/SIZE][/COLOR]. 07. [COLOR="Magenta"][SIZE="5"]" සෙල්ලම් ළමා"[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]බොහෝ විට අලුතින් ඔෆිස් එකේ "ඉන්ටර්න්" ලා හැටියට හෝ ජූනියර්ලා හැටියට සෙට් වෙන, ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් වයස් වල කිරි සප්පයන් මේ විශේෂයේය.... ..බොහෝ විට මොවුන්ට ලැබෙන්නේ ඉතාම සොච්චම් පඩියක් වුවත්, ඒ පඩිය ඔවුන්ට ඉහටත් උඩිනි.......මධ්‍යම පාන්තික පවුල් වලින් බොහෝ විට එන මෙම පිරිස්, සිය වැටුපෙන් කලිසම්, කමිස, ටී ෂර්ට්, ගවුම්, සායවල්, සපත්තු, පර්ෆියුම්, මේකප් ආදිය ගත්විට, බස් එකට ගාස්තු දෙන්නේ දෙමාපියන්ය.......හරි හුරතල් දරු පිරිසකි......"හලෝ අයියා ! " ගාගෙන ලස්සන හිනාවක් දාගෙන ඇවිත් මේස ගැට්ටේ හේත්තු වෙන නංගිලා සහ " හරි අයියෙ ! මම Sketch එක මේ දැන් හදන්නම් !" කියා බයාදු ලෙස ඔබට කියන මල්ලිලා, මේ වර්ගයේ සත්වයින්ය......මොවුන්ගෙන් බහුතරය තාමත් ඉතාම අහිංසකය......ඒ නිසාම සීනියර්ලාගේ පක්කලි වැඩ කරන්නට පැවරෙන්නේද මොවුන්ටය..... බය නිසා කට නොඅරිති.....මාංශ භක්ෂක සත්ව විශේෂ වලින් මේ අයව ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමකි....සමහරුන් උප්පත්තියෙන්ම පොෂ් අතර, අනෙක් අයද රස්සාව ලැබී කෙටි කළක් තුළ කෙසේ හෝ පොෂ් වීමට උපරිම උත්සාහය දරති...[/SIZE][/COLOR] 08. [SIZE="5"][COLOR="Magenta"]"මාමයියා / නැන්දක්කා"[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]මෙම ජිවී විශේෂය වනාහි, වයස 45 ත් ඉක්මවූ, එහෙත් අදක්ෂතාවය හෝ අධ්‍යාපන සුදුසු කම් නිසි පරිදි නොතිබීම නිසා තවමත් කම්පැනියේ පහළම ලෙවල් එකේ ලත වෙමින් සිටින කොටසකි..... අලුතින් එන එන අය, කෙටි කළකින් මොවුන් අබිබවා උසස් වීම් ලබති.......මොවුන්ට ඉහළින්ද බඳවා ගැනීම් නිතර සිදුවේ......අවුරුදු විස්සක් පමණ තිස්සේ එකම කම්පැනියේ ලැග ඉන්නේ, වෙන කොහේටවත් රස්සාවක් හොයාගෙන යන්න අසීරු නිසාය.....අලුතින් එන තරුණ තරුණියන් සමග අමාරුවෙන් මිශ්‍ර වෙයි.....තමන්ගේ වයසෙන් භාගයකටත් අඩු දරු දැරියන් "අයියෙ, අක්කේ" කියා අමතනු ලබති....බැඳුණදා සිට එකම තැනය....[/SIZE][/COLOR] 09. [COLOR="Magenta"][SIZE="5"]"අවතාර්"[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]මෙම විශේෂයේ ඇත්තේ ගැහැණු සතුන් පමණි....... මොවුන් මොහොතක් ඔබට පේන මානයේ සිටිති...... මඳ වේලාවකින් අතුරුදහන් වී හොයාගන්නම බැරි වී යයි..... ආගිය අතක් නැත..... ආයෙත් විනාඩි විස්සකින් පමණ කොරිඩෝවක හෝ පඩිපෙළක ප්රාදුර්භූත වේ...... ආයෙත් අතුරුදහන් වේ.....හෙව්වාට හොයාගන්න නැත......ආයෙත් නොසිතූ මොහොතක වතුර ෆිල්ටරය අසළින් මතුවේ....... හිටපු ගමන් ඔබේ පුටුව පිටුපසින් ගමන් කරයි......."හලූ අයියා!" ගාගෙන ෆයිල් මිටියක් සමග දොරෙන් නොපෙනී යයි..... ආයෙත් නොසිතන තැනකින් එක පාරට මතුවේ.......ගමන බිමන සුළඟ වගේය......බෙල්ලෙන් අල්ලා ඇදගෙන ගොස් මූණ බිත්තියේ උලන්න තරම් කේන්තියක් ඔබට මොවුන් ගැන වෙලාවකට ඇතිවේ........[/SIZE][/COLOR] 10. [SIZE="5"][COLOR="Magenta"] "ටෙම්පෝ"[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]මොවුන්ගේ කටින් අත්‍යාවශ්‍ය දෙයක් පිටවෙන මොහොතක හැර, අනෙක් සෑම මොහොතකම ඉන්නේ ගීතයක තාලය සමගය..... එයින් ගැහැණු සතෙකු සමග කථා බස් කිරීම මෙබඳු විය හැක.... "ඒක තමා අයියෙ......ටුං ටුං ටුං......ටිටා ටටා ටිටූ..... මම කිව්වා එයාට මම එදා ලීව් කියලා.....ඒත් හරි දුෂ්ඨයි අනේ..... දැන් මට එන්න වෙනවා..... ඔයා ඔහොම ඉන්න මම ඇපෘවල් ෆයිල් එක හොයල දෙන්න.......මීදුම උතුරන සඳ පානේ.... මීවිත හිස් වෙයි මධු බඳුනේ...... ලාලා ලලස්.....හුටස්.... පටස්.... ආ මේ තියෙන්නෙ.....මෙන්න ෆයිල් එක තියනවාආආ.......මාළිගාවේ මා රැජිණී..... මුහුද යහ.....ආ මේ තියෙන්නෙ ඔයා ඉල්ලපු ප්‍රොජෙක්ට් රිපෝට් එක.....සොයන්නාට සම්බවේ.... යේ...... යේ දිල්ලගී ප්යාර් ප්යාර් කී......" පිරිමි සත්වයෙකු සමග කථා කිරීම මෙබඳුය.... "අම්මට්ට හුඩ්ඩු ..... සමාවෙන්ඩ බුදු අයියා..... ටාර් ගාලා දෙනවා......සඳ කුමාරිය දීගෙක යනවා.... නිනි නිනි නිනි...... රබන් සුර.....ආහ් මෙන්න බඩු.....ටරිකිටඩ්ෂ්......ඉන්න මේක ස්ටේප්ලර් කට්ට ගලවල දෙන්ඩා........දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා.....අප්පට හුඩු මේ තියෙන්නෙ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක නිකං අසෝකා සූර අසෝකා වගේ....."[/SIZE][/COLOR] [URL="https://www.facebook.com/LordDK82?hc_ref=ARQbY5x_2ymNaWQCp_yR18X2Y-UPFpAHElesJ2RCak6OR-Pfx4PYqBJ1DG0DIzSdtBs&fref=nf"] Damith Kethaka[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom