ඕල්කොට් චින්තකයෙක් නොවේ.

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඕල්කොට් චින්තකයෙක් නොවේ.

    ඕල්කොට් චින්තකයෙක් නොවේ.
    --------------------------------------------------------
    69035923_414277985864220_2600752063805652992_n.jpg

    නාරද කරුණාතිලක සහ කොලට්‌ සේනානායක යන ප්‍රවීණ ලේඛකයින් දෙදෙනා මේ වනවිට එක්‌ව පළකළ කෘති සංඛ්‍යාව 20කට අධිකය. විවිධ තේමා පාදක කොටගෙන ජනප්‍රිය මතවාදයට එහා ගිය ගවේෂණාත්මක අනාවරණයක්‌ ඒ සෑම කෘතියකම පාහේ අඩංගුය. ඔවුන්ගේ සුසංයෝගයෙන් ගොඩගේ ප්‍රකාශනයක්‌ ලෙස පළ කළ නවතම කෘතිය 'පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවා දුන් ඕල්කොට්‌ මෙහෙයුම' යි. මේ එහි කතුවරයෙක්‌ මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්‌ද වන නාරද කරුණාතිලක මහතා සමග 'වටමඬල' කළ සංවාදයයි.

    අපි දන්නවා එක්‌දාස්‌ අටසිය හැට හැත්තෑ ගණන්වල බෞද්ධ යතිවරුන්ට පංචමහා වාදයක්‌ කරන්නට සිදු වූ බව. ඉන් අවසන් වාදය වන 'පානදුරාවාදය' ජාත්‍යන්තර වශයෙන් පවා විශේෂ අවධානයකට පාත්‍ර වෙනවා. මෙම පංචමහා වාදවලට පාදකවූ පසුබිම කුමක්‌ද ?

    වාදය කියන්නෙ ඉන්දියාවේ පැවති බොහොම ප්‍රසිද්ධ සටන් ක්‍රමයකටයි. බුදුසසුන ගොඩනැංවු භික්‍ෂු භික්‌ෂුණින් අදහස්‌ ප්‍රකාශ කරන්න වාදය ප්‍රයෝජනගත් අවස්‌ථා එමටයි. කුණ්‌ඩලකේශී නමැති ජෛන භික්‌ෂුණිය බුදුසසුනට එක්‌වෙන්නේ වාදයක්‌ හින්දයි. මේක ලේ කෝප කරගෙන දාඩිය මුගුරු දාගෙන කරන දෙයක්‌ නොවෙයි. වාදයේදී තර්කයයි වැදගත් වෙන්නෙ. නමුත් 'මේක අලිය ගිනි පෙට්‌ටිය නෙමේ හාමුදුරුවනේ අලි දෙන්නනෙක්‌ ඉන්න ගිනිපෙට්‌ටිය' වැනි තර්කවලට අවකාශ ලැබුණේ නැහැ.

    යුදෙව් ක්‍රිස්‌තියානි හෝ ඉස්‌ලාම් සමාජයන්හි මෙවැනි දෙයක්‌ පැවතුනේ නැහැ. මුද්‍රණ කර්මාන්තයේ දියුණුව පොත පත ප්‍රකාශවීම හා බටහිර සමාජයේ වෙනස්‌වීම සමග එම සමාජවලත් ප්‍රතිවාදියා කියන දේට කන්දිමේ සිරිත ඇති වුණා. මිෂනාරීන් ලංකාවේ තම ආගම් ප්‍රචාරය කරන්න පුළුවන් හැම උපක්‍රමයක්‌ම යොදාගත්තා ඉස්‌සර ඉඳලම. ඔවුන් ඒ කාලේ පාවිච්චි කළ එක්‌ උපක්‍රමයක්‌ තමයි සමාජයේ මහත් පිළිගැනීමට ලක්‌වෙලා හිටිය භික්‌ෂු පරපුර නින්දාවට ලක්‌ කිරීම. ඒ සඳහා එක්‌ උපක්‍රමයක්‌ හැටියට තමයි භික්‌ෂුන් වහන්සේලාව වාද කරලා පරාජය කිරීමට හිතුවෙ. ඔය වෙනකොට අපේ රට බොහෝම පරාදීන කාලයක්‌ පහුකරලයි තිබුණෙ කියන කාරණෙත් මෙතනදි හිතේ තියාගන්න ඕන. මිෂනාරීන් කළ එක්‌ දෙයක්‌ තමයි බෞද්ධ සංකල්ප හාස්‍යයට ලක්‌කිරීම. ඔවුන් ලෝක ගෝලය පෙන්නලා කෝ ඔය කියන, තව්තිසාව, අපාය, මහාමේරුව වගේ ප්‍රශ්න අහනව. ඒ වගේම ලෝකේ විවිධ කලාපවල වෙලාවෙ වෙනස්‌කම් පෙන්නනව. මේවාට උත්තර දෙන්න බොහෝ අයට දැනුම තිබුණේ නෑ. ඇත්තටම ඒ කියන ඇතැම් ප්‍රශ්නවලට උත්තර පැරණි පොතපතේ තිබුණත් ඒවා නිවැරදිව එක්‌තැන් කරගෙන පිළිතුරු දෙන්න හැකියාව ඇති අය හිටියෙ නෑ. ඔය විදිහට හාමුදුරුවරුන්ව අපහසුතාවට පත් කරන්න බද්දේගම විහාරස්‌ථානයකදී පොඩි හාමුදුරුවරුන් එක්‌ක තර්කයට ගිය මිෂනාරි කණ්‌ඩායමක්‌ නිසා තමයි ප්‍රසිද්ධ වාද ඇතිවෙන්න මුල පිරුණෙ. මිගෙට්‌ටුවත්තේ හාමුදුරුවො පැරණි වාද සම්ප්‍රදාය පිළිපදිමින් සත්‍යයවාදි තර්ක පමණක්‌ භාවිත කරමින් ජයග්‍රහණය ලැබුවා. උන්වහන්සේට බයිබලය පිළිබඳ හොඳ දැනුමක්‌ තිබුණා. බටහිර පළවුණු පොතපත පරිශීලනය කරල ලබපු දැනුම තිබුණා. ඒ නිසා මිෂනාරීන්ව පරදවන්න පුළුවන් වුණා.

    පංචමහා වාද මගින් ප්‍රකාශවෙන කාරණා ගණනාවක්‌ තියෙනව. ඒ අතරින් ඉතාම පැහැදිලිව පෙනෙන්නෙ සිංහල බෞද්ධයන් යටත් විජිත පාලනයට දැක්‌වූ අකමැත්ත හා නිදහසට දැක්‌වූ කැමැත්තයි. බ්‍රිතාන්‍ය පාලනයට යටත්වී හිටියත් ඔවුන් සතුවූ ආත්ම ශක්‌තිය එමගින් පැහැදිලි කෙරෙනවා. සංහාර හා පීඩනවලට පත්ව සිංහල බෞද්ධ පාලනය අහිමි වී ගියත් සිංහල බෞද්ධයන්ගේ සම්ප්‍රදායික දැනුම හා ඥානය ඔවුන් සමග පැවතුන බව වාද නිසා හෙළි වෙනවා.

    මේ පංචමහා වාද අතරින් 1873 පැවති පානදුරාවාදය බෞද්ධයන්ට සුවිශේෂ වන්නේ ඇයි? ජාතියක්‌ වශයෙන් ඉන් අප ලැබූ ජයග්‍රහණ මොනවාද?

    යුරෝපීන්ගේ හිංසාව පිඩාව හා බලයට යටවී හිටියාට සිංහල බෞද්ධයා කියන්නෙ අභිමානවත් මනුස්‌සයෙක්‌ බව බොහොමයක්‌ සිංහලයින් තේරුම් ගත්තෙ පානදුරාවාදයෙන් පසුවයි. ඒ අභිමානය හා උරුමය වටහා ගැනීම තමා බෞද්ධයා ලැබූ ලොකුම ජයග්‍රහණය. ඒ ජයග්‍රහණයන්ම සිංහල බෞද්ධයාගේ විනාශයට හේතුව වුණා. අතට අහුවන හැම දෙයක්‌ම විමර්ශනය හා විශ්ලේෂණය යුරෝපය බලවත් වෙන්න ප්‍රධාන හේතුවයි. අප විසින් නොකරන එම ක්‍රියාව ඔවුන් විසින් පානදුරාවාදයේ පරාජය පිළිබඳවත් සිදු කළා. පානදුරා වාදය අධ්‍යයනය කරද්දී සිංහල බෞද්ධයාගේ ප්‍රාණය කුමක්‌දැයි ඉතා නිවැරදිව සොයා ගන්න යටත් විජිතය පවත්වාගෙන ගිය උගත්තු සහ මිෂනාරින් සමත් වුණා. ඔවුන් කළ යුතු වූයේ ඒ ප්‍රාණය මරා දැමීමයි.

    සිංහල බෞද්ධයාව විනාශ කිරීමට උපාය මාර්ග සෙවූ ඔවුන් ඊට භාවිත කරපු එක උපායක්‌ තමා උපාය දුතයෙක්‌ යෙදවීම. මෙවැනි උපාය දූතයන් යෙදවීම ලෝක සංග්‍රාම කාලවල විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් භාවිත කරල තියෙනවා. වියට්‌නාම් යුද්ධයෙන් පසුව ඇමරිකාවෙ හොලිවුඩ්කාරයො හදපු 'රම්බෝ' වැනි චිත්‍රපටිවලින් කියන්නෙත් මෙවැනි උපාය දූතයින් ගැන තමා.

    ඕල්කට්‌ පැමිණ පරම විඥානාර්ථ සමාගම පිහිටුවාගෙන එම ජයග්‍රහණයන් සැලසුම් සහගතව වෙනතකට හැරවූයේ කෙසේද? ඔබලා මෙය හඳුන්වන්නේ ඕල්කට්‌ මෙහෙයුම වශයෙන්. මේ මෙහෙයුම පිළිබඳ පැහැදිලි කිරීමක්‌ කළ හැකිද?

    පෘතුගාලයේ මනුවෙල් රඡ්ජුරුවො ප්‍රැන්සිස්‌කෝද අල්මේදා නමැති වංශාධිපතියා ඉන්දියාවේ ප්‍රතිරාජයා වශයෙන් පත්කෙරුවා. ඔහු නියෝජිතයෙක්‌. ඕල්කොට්‌ ඉන්දියාවට එවපු කෙනෙක්‌ පෙනෙන්න නැහැ. ආවෙ ඇයි කියල කිසිම කෙනෙක්‌ දන්නෙ නැහැ. සමහර ඕල්කොට්‌වාදීන් ඔහු ඇමරිකාවේදී ථෙරවාදී බුදුදහම ඉගෙන ගත්ත සිංහල බෞද්ධයන්ගේ උපකාරයට ලංකාවට ආව ආදි රැවටිලි කතාන්දර ගොතල තියෙනවා. ඒවා අමු පච. ඕල්කොට්‌ තමිල්නාඩුවේ අද්යදාහි සමාගමේ මූලස්‌ථානය පිහිටුවල ලංකාවට පැමිණ බෞද්ධයෙක්‌ වශයෙන් රඟපෑමක්‌ කෙරුව. ඉන්දියාවෙදි ඔහු හින්දු බැතිමතෙක්‌ විදියට රඟපෑව. ඔහු සුදු මිනිහෙක්‌ නිසා හැමෝම රැවටුණා. සිංහල බෞද්ධයා ශක්‌තිමත් කිරීමට ඉංග්‍රීසි පාසල් හදමු කියල ඔහු සිංහල බෞද්ධ නායකයන්ව පෙලඹෙව්වා. එම කටයුත්ත සඳහා සිංහල බෞද්ධයන්ගේ මුදල් යොදවා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගත්තා. ඒ සමාගම හරහා අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනය අතුරුදන් කළා.

    හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ කියන්නේ කවුද? ඔහුගේ පසුබිම මොකක්‌ද? ඔහු ලංකාවට එන්න මාර්ගය පාදා ගන්නේ කෙසේද ?

    හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌ගේ භාර්යාව එමලි මෝගන් අධිකරණය හමුවේ කියා ඇත්තේ ඔහු පවුල් ජීවිතයකට නොගැළපෙන බේබද්දෙක්‌ සහ ස්‌ත්‍රී ලෝලයෙක්‌ බවයි. තමා යුද්ධ හමුදාවේ සිටියදී වැරදිකර ඇතැයි ඕල්කොට්‌ එතැනදි පිළිගත්තා. බ්ලැවට්‌ස්‌කි මැතිනියගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙන්නේ ඔහු ඇයව රැවටූ බවයි. ඉන්දියාවේ දී ඕල්කොට්‌ව පිළිගත් ආර්ය සමාඡ්හි නායක දයානන්ද සරස්‌වති 'වංචාකාරි තියෝසොපි නායකයන්ට හසුවෙන්ඩ එපා' කියල සාමාජිකයින්ට කිව්වා. බ්ලැවට්‌ස්‌කි වගේම ඕල්කොටුත් මහත්මාවරු තමාට සම්බන්ධයි කිව්වා. මේ මහත්මාවරුත් 'වංචාකරන්ඩ එපා' කියල ඔහුට අවවාද කරන අවස්‌ථා සඳහන් වෙනවා. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියෝ ඕල්කොට්‌ කෙරෙහි සැක පහළ කළා. උන්වහන්සේ පරමවිඥනාර්ථ සමාගමේ මුදල් වංචා ගැන ඕල්කොට්‌ගෙන් ප්‍රශ්න කළාම පහුව උත්තර දෙන්නම් කියලා රටෙන් පැනලා ගියා. ඕල්කොට්‌ගේ භාෂා පරිවර්තකයෙක්‌ වශයෙන් කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා ඕල්කොට්‌ ප්‍රයෝගකාරයෙක්‌ බව ලියා තියෙනවා. ඕල්කොට්‌ගේ දික්‌කසාද නඩුවට පෙනී සිටි ඔහු සමග නිව්යෝර්ක්‌ තියෝසොපි සොසයිටියේ සම සභාපති ධුරය දැරූ නීතිඥ විලියම් ජඡ් පවා ඕල්කොට්‌ වංචාකරයෙක්‌ බව කිව්වා. ඔහු සංගමයේ මුදල් වංචා කළ බවත් පසුව ඒවා බ්‍රිතාන්‍ය රජයට අයත් වුණ බවත් ජඡ් පෙන්වා දුන්නා. ඒ වුණාට ඔහුගේ නිමක්‌ නැති ගුණ ගයනා පිරිසක්‌ ලංකාවෙ එදත් හිටිය. අදත් ඉන්නවා.

    හෙලේනා බ්ලැවට්‌ස්‌කි මහත්මිය රුසියාවේ ප්‍රභු පවුලකට සම්බන්ධ කාන්තාවක්‌. ඇය ගුප්ත විද්‍යාව කළ බව බොහෝම ප්‍රසිද්ධයි. ඉන්දියාවට පැමිණි ඇය ගැන බ්‍රිතාන්‍ය පාලකයින් සැක කෙරුවා. ඇමරිකාවට පැමිණි ඇය ගැන රහස්‌ පොලිසිය හොයා බැලුවා දැයි අප දන්නෙ නැහැ. හැබැයි පුවත්පතක විශේෂාංග ලිපි ලියන්නෙක්‌ වශයෙන් කටයුතු කළ ඕල්කොට්‌ ඇයව සොයා ගියා. ඕල්කොට්‌ ගුප්ත විද්‍යාව ගැන බොහොම උනන්දු කෙනෙක්‌. ඒ වගේම පෞද්ගලික රහස්‌ සේවා ආයතනයක්‌ පවත්වාගෙන ගිය හිටපු හමුදා නිලධාරියෙක්‌. ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතකයින් සොයන්නත් ඕල්කොට්‌ සේවාදායකයෙක්‌ වුණා. ඇමරිකාව රහස්‌ ඔත්තු සේවා කටයුතු සඳහා ගුප්ත විද්‍යාව දැන සිටි අය යොදාගත් බවට සාක්‌කි තියෙනවා. ඔවුන් අදත් ඒ කාරිය කරන බවයි පැවසෙන්නේ. ඕල්කොට්‌ගේ දිනපොතේ සටහනින් පැහැදිලි වෙන්නෙ හෙලේනා බ්ලැවට්‌ස්‌කි හමුවීමට ගිය අවස්‌ථාවෙත් ඇය හා නොදොඩා රහස්‌ පරික්‌ෂකයෙක්‌ වශයෙන් බොහෝ වේලාවක්‌ ඇයව නිරීක්‍ෂණය කරපු බවයි.

    බ්ලැවට්‌ස්‌කි තමාගේ අනියම් පුරුෂයා අතහැර ඕල්කොට්‌ සමග එකතුවූ පසුව නිව්යෝර්ක්‌වල පදිංචි වී තියෝසොපි සමාජය පිහිටෙව්වා. පසුව ඇමරිකාවේ වැඩ වෙනත් අයට භාරදී ඉන්දියාවට ආවා.

    තියෝසොපි සමාජයේ සම සභාපති තනතුරක්‌ ඕල්කට්‌ ද දැරුවා. මේ දෙදෙනාම බෞද්ධ සමාජයේ ගෞරවයට පාත්‍ර වූ චරිත දෙකක්‌. මේ අය අතර තිබුණේ මොනවගේ සම්බන්ධයක්‌ ද? එමෙන්ම තියෝසොපි සමාජයේ ස්‌වභාවය හා අරමුණ කුමක්‌ ද ?

    ඕල්කොට්‌ බ්ලැවට්‌ස්‌කි දෙදෙනා මූලික වෙලයි නිව්යෝක්‌ තියෝසොපි සොසයිටිය හැදුවේ. තියෝසොපි සමාජයේ අරමුණ ජාති වර්ණ භේදවලින් තොරව ආගම් අදහන සහ නොඅදහන ලෝක වැසියන් එකමුතු කිරීම නොහොත් විශ්ව සහෝදරත්වය ගොඩනැඟීම බවයි තියෝසොපි ව්‍යවස්‌ථාවෙන් කියන්නේ. මේක අමූලික ප්‍රොaඩාවක්‌. මොකද මේ සමාජය පිහිටුවන කාලයේත් අද වගේම ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක්‌ ක්‍රිස්‌තියානි සහ ඉස්‌ලාම්. බයිබලය සහ කුරානය වැනි ආගමික ග්‍රන්ථයක උගන්වන දේ පිළිපදින අය තමා අදහන මැවුම්කාර දෙවියා හැර වෙනත් ආගමක්‌ අදහන අය පිළිබඳ සහෝදරත්වයෙන් බැලීමට අවකාශයක්‌ ලැබෙන්නේ නෑ. මෙය බෞද්ධ සමාජයක්‌ නොවෙයි. මෙහි ප්‍රාරම්භකයන් අතර එකම බෞද්ධයෙක්‌වත් නැහැ. එක්‌කෝ යුදෙව්වො, නැතිනම් ක්‍රිස්‌තියානිකාරයෝ. මළවුන් සහ භූත ලෝකය පිළිබඳ විශ්වාසය ඇත්තන් මේ ආගම් දෙකේම ඉන්නව. අන්න එහෙම පිරිසක්‌ තමා තියෝසොපි සමාජයේ පළමුවැනි සාමාජිකයන් පිරිස. මේ අය බුදුදහම හින්දු ආගම ආදී ආගම් ගැන සාකච්ඡා කෙරුවෙ ඒ ආගම් භුතයන් අදහන ආගම් කියා හිතලයි.

    ඔබ සඳහන් කළා ඕල්කට්‌ගේ පරම විඥානාර්ථ සමාගම හරහා ආරම්භ කළ පාසල් නිසා අපේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය බිඳවැටුන බව. නමුත් මෙරට බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස ඕල්කට්‌තුමා අදටත් සමහරු මහා ඉහළින් අගය කරනවා. මේ පාසැල් බිහිකිරීමේ යටි අරමුණ කුමක්‌ද? ඒ තුළින් පසුකාලීනව ඔබ දකින සමාජ ෙ€දවාචකය කුමක්‌ ද ?

    ලංකාව කියන්නෙ බොහෝම උසස්‌ අධ්‍යාපනයක්‌ පැවති රටක්‌. විදේශිකයන් පවා ඉගෙනුමට මෙහි ආවා. පෘතුගීසි දේවගැතිවරුන් සියලුම පිරිවෙන් විනාශ කළ පසුවත් යළි සිංහල බෞද්ධ අධ්‍යාපනය ගොඩනැංවීමට සිංහලයන්ට හැකිවුණා. ඕල්කොට්‌ ලංකාවට එන කාලෙත් ලංකාවෙ සිංහල බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක්‌ පැවතුණා. පන්සල්වල අධ්‍යාපන ආයතන දහසකට වැඩි සංඛ්‍යාවක්‌ තිබිල තියෙනවා. ආණ්‌ඩුවේ ආධාර නොලැබුණාට පන්සල් මූලික වී මෙම අධ්‍යාපනය පවත්වාගෙන ගියා. ඒකෙන් තමා හාමුදුරුවරු හැදුවේ. වෙද පරපුර හැදුවෙ. ජාතියට ඇල්මැති රටවාසීන් බිහිකෙරුවේ.

    කොළඹ පරමවිඥානාර්ථ සමාගම කියන්නෙ පාසල් ව්‍යාපාරයක්‌ ඇරඹු සමාගමකටයි. මෙමගින් ඇරඹු පාසල්වලට ආණ්‌ඩුවෙන් මුදල් ලබාගන්න හැකිවුණා. ආණ්‌ඩුවේ අධ්‍යාපනය සමාගමේ පාසල් මගින් දෙනවාද කියල පරීක්‌ෂා කරමිනුයි ඉංග්‍රීසි ආණ්‌ඩුව ආධාර කෙරුවේ. එම නිසා පරම විඥානාර්ථ පාසල්වලින් බුද්ධාගමට කුඩම්මාගේ සැලකිලි ලැබෙද්දී ආණ්‌ඩුව සතුටු වුණා. පරම විඥානාර්ථ සමාගම ආදර්ශයට ගත් භික්‌ෂුන් වහන්සේලා සෑහෙන පිරිසක්‌ පන්සල් අධ්‍යාපනය පැත්තකට දමා ආණ්‌ඩුවේ ආධාර ලබන පාසල් ආරම්භ කළා. රටට දැයට ආගමට ආදරයක්‌ නැති නිකම්මු බෝවෙන්න පාර කැපුනේ ඒ අධ්‍යාපනයෙන්.

    ලංකා කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ නායකයා වූ දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ පරම වීඥානාර්ථ සමාගමේ ලේකම් ධුරය දැරුවා. කොමියුනිස්‌ට්‌ පක්‌ෂයක නායකයෙකුට බෞද්ධයෙක්‌ වෙන්න පුළුවන්ද? වික්‍රමසිංහ මහත්තයල සමග සමසමාජ ව්‍යාපාරය කරපු ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තව කලක්‌ සමාගමේ ලේකම් ධුරය දැරුවා. අදිකාරම් බෞද්ධයෙක්‌ නොවෙයි. ඔහු ක්‍රිෂ්ණ මුර්ති වාදියෙක්‌. තියෝසොපි සොසයිටිය, අද්යර් මූලස්‌ථානය කරගෙන බයිබලයේ සඳහන් වෙන ගැලවුම්කරුවා නිර්මාණය කරගැනීමට සිසුන් පිරිසක්‌ පුහුණු කළා. එයින් අවසානයට තෝරාගත් සිසුවා තමයි ක්‍රිෂ්ණමුර්ති කියන්නෙ. ක්‍රිෂ්ණමුර්ති වාදියෙක්‌ වූ අදිකාරම් කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් පන්සිල් නොගැනීමේ නව සම්ප්‍රදායක්‌ බිහිකළා. ජීවිතයට 'පන්සිල් එක වරක්‌ ගත්තාම හොඳටම ඇති සිල්පද කැඩුවොත් විතරයි ආයෙත් සමාදන් වෙන්ඩ ඕනෑ' කියල ඔහු අපූරු තර්කයක්‌ ඉදිරිපත් කෙරුවා. එම නිසා මෙම විදුහලේ උගත් හෝ ඉගැන්නු කිසිවෙක්‌ පාසලේ කිසිම කටයුත්කදී පන්සිල් ගත්තේ නැහැ. කොළඹ ආනන්ද විදුහලේ පළමුවැනි විදුහල්පති ලේඩ්බිටර් පෙරලා එංගන්තයට ගිය පසුව බිෂොප් තනතුර යළි භාරගෙන ලිබර්ල් ක්‍රිස්‌තියානි ව්‍යාපාරයක්‌ ආරම්භ කළා. එංගලන්තයේ ඉගෙනීsම කරපු පී. ද ඇස්‌. කුලරත්න මහතා ඉංග්‍රීසි කාන්තාවක්‌ සමග විවාහ වී එහිදී දේවස්‌ථානයට ගියා. මිෂනාරි හා මුස්‌ලිම් පාසල් ඕනෑ තරම් තියෙද්දී ඔහු ආනන්දයේ ඉගැන්වීමට මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ගුරුවරු අරගත්තා. මේවා යට තිබුණු මොළ හේදීමේ කුමන්ත්‍රණ කතාව කියන්න මෙවැනි සාකච්ඡාවක්‌ ප්‍රමාණවත් නැහැ. රට, ජාතිය, ආගමට ගරු නොකරන කළු සුද්දන් පිරිසක්‌ බෝ වීමට මේ පාසල්වලින් විශාල පිටුබලයක්‌ ලැබුණා. ධර්මපාලතුමා එදා කිව්වා අනාගතේ ඉතිරි වෙන්නේ එහෙම කළු සුද්දෝ ටිකක්‌ බව. අද ඒක මොනතරම් දුරට ඇත්ත වෙලා තියෙනවද? අද මේ ඕල්කට්‌ බෞද්ධයන් වූ කළු සුද්දන් සිංහල බෞද්ධ සංස්‌කෘතියට සිදුකරන හානිය සුළුපටු නෑ.

    නමුත් ධර්මපාලතුමා මෙන්ම එකල සිටි ප්‍රධාන පෙළේ බෞද්ධ භික්‌ෂුන් පවා ඕල්කට්‌ගේ පරම විඥානාර්ථ සමාගමට උදව් කළා. පසුව ඔවුන් විරසක වීමට හේතුව කුමක්‌ ද? ඊළඟට ධර්මපාලතුමා ගැන ඔබේ හඳුනාගැනීම කුමක්‌ ද?

    මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො සහ ධර්මපාලතුමා ඕල්කොට්‌ සමග මත ගැටුමක්‌ ඇතිකර ගත්තෙ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ වැඩ පිළිවෙලින් සිංහල බෞද්ධයා නැතිවෙන බව වටහාගත් හින්දයි. පරම විඥානාර්ථ පාසල්වලින් දෙන අධ්‍යාපනය ගැන විවේචනය කළ ධර්මපාලතුමා මෙම පාසල්වලින් බෞද්ධ දරු දැරියන්ට උගන්වන සිරිත් විරිත් ගැන අප්‍රසාදය ප්‍රකාශ කෙරුවා. මේ පාසල්වල බුදු දහම ඉගැන්වීමට තැනක්‌ නොදීම ගැනත් ධර්මපාලතුමා විරෝධය පළ කළා.

    ඕල්කොට්‌ පරම විඥානාර්ථ සමාගම යටතේ ධනය රැස්‌කරන බව ගුණානන්ද හාමුදුරුවො තේරුම් ගත්තා. සමාගමේ ආදායම් වියදම් හෙළි කරන්නැයි ගුණනානන්ද හාමුදුරුවො ප්‍රසිද්ධ සභාවකදී ඕල්කොට්‌ගෙ මූණටම කිව්වා. හොඳයි කියා ඕල්කොට්‌ ඉන්දියාවට පැනලා ගියා. මේ සිද්ධියෙන් වැඩි කලක්‌ ගතවෙන්න පෙර ඉතාම අඩු වයසින් ගුණානන්ද හාමුදරුවෝ අපවත් වුණා. ඉංග්‍රීසි පාලකයො ධර්මපාලතුමාව ඉන්දියාවේ හිරකළා.

    ධර්මපාලතුමා ඇත්තටම ජාතියේ පියා වශයෙන් හැඳින්වීමයි නිවැරදි. ජාතිය, ආගම, රටේ කර්මාන්ත, වතුවගාව ඇතුළු ආර්ථිකය, ඇවතුම් පැවතුම් ආදී වශයෙන් පුළුල් පරාසයක්‌ පුරා එතුමාගේ අවධානය යොමු වුණා. එතුමාට ජාතිවාදී චෝදනා එල්ල කරන බොහෝ දෙනා, රටේ කර්මාන්ත දියුණුවට එතුමා ගත්ත වෙහෙස දන්නේ නැහැ. පියාගේ මුදලින් ශිෂ්‍යත්ව පිහිටුවල, පුද්ගලයින් විදේශවලට යවා කර්මාන්ත දැනුම දීලා මෙහේ ගෙන්නුවේ ආර්ථික සමෘද්ධියෙන් තොර නිදහසක්‌ නැති බව අවබෝධ කරගෙන හිටිය නිසයි. එතුමා රේස්‌ කිව්වේ සිංහලයන්ට මිසක්‌ අන්‍ය ජාතිකයන්ට නොවෙයි. මරක්‌කලයා, හම්බයා, බෙංගාලියා, දෙමළ වැනි වචන ඒ කාලේ සාමාන්‍ය වචන. ඒවා අපහාසාත්මකව පාවිච්චි කළ ඒවා නෙවෙයි. හම්බ කියන වචනය පාවිච්චි කළේ වෙනමම මුස්‌ලිම් කණ්‌ඩායමකට. 1915 කෝලාහය ගැන අධ්‍යයනය කරන කෙනෙකුට මේවා දැනගන්න පුළුවනි. ධර්මපාලතුමා ඇති කළ ජාතික ආගමික ප්‍රබෝධය තක්‌කඩි දේශපාලකයො කොල්ලකෑව එකයි වුණේ. මේ දේශපාලකයොම තමයි ධර්මපාලතුමාව පහළට දාලා ඕල්කොට්‌ව ඉස්‌සුවේ. ඒ බ්‍රිතාන්‍ය පාලකයන්ගේ සහයෝගය ගන්න.

    ඕල්කට්‌ චින්තනයෙන් පන්නරය ලැබූ අය එකල මෙන්ම පසුකාලීනව ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන සමාජ මෙහෙවර යටපත් කිරීමට කටයුතු කළේ කොයි ආකාරයෙන් ද ?

    ඕල්කොට්‌ චින්තකයෙක්‌ නෙමෙයි. ඔහුට චින්තනයක්‌ නැහැ. ඔහු ඉංග්‍රීසි ආණ්‌ඩුවට හා එමගින් යටත් විජිතවාදයට සේවය කෙරුව. ක්‍රිස්‌තියානි මිෂනාරි ව්‍යාපාරයට වුවමනා වැඩ කොටස ඕනැවටත් වඩා හොඳට ඉටු කෙරුවා. එම නිසා ධර්මපාලතුමා ඇරඹූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය වනසන්න තවදුරටත් විදේශිකයන් හෝ මිෂනාරින් වුවමනා වුණේ නැහැ. ධර්මපාලතුමා ජීවත් වූ සමයේ විසු ඩී. බී. ජයතිලක චරිතය නිදසුනට ගන්න. පන්සල් ඇසුරු කළ ධර්මපාලතුමාව යම් යම් තැන්වල ඇබිත්තයා වශයෙන් හැඳින්වූ අය ඉන්නවා. ජයතිලක ඉංග්‍රීසි ආණ්‌ඩුවට ආවඩමින් ධර්මපාලතුමාට පහර දුන්නා. ධර්මපාලතුමා මූලික වී ඇරඹූ අමද්‍යප ව්‍යාපාරය වැනි ජාතික සංවිධානවල බලය අල්ලාගෛන ඒවා අකර්මන්‍ය කළා.

    ධර්මපාලතුමාගේ සමාජ මෙහෙවර යටපත් කිරීමේ කටයුතු තාමත් සිදුවෙනවා. ඕල්කොට්‌ වර්ණනා කිරීමේ පරමාර්ථයෙන් මෑතකදී ලියවුන 'යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට්‌' කියන පොත නිදසුනට ගන්න. මේ පොතේ නම් සඳහන් කරමින් ධර්මපාලතුමාට හා මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ට ඉතාම කැත විදිහට පහර ගහනවා. ගුණානන්ද හාමුදුරුවන්ගේ කුලය හා උපන් ගම ඉස්‌සරහට දාලා උන්වන්සේ ඕල්කොට්‌ට විරුද්ධ වුණේ ඒ ජන්ම ගති නිසා කියල අන්තිම පහත් කතා ලියනවා. මේ පොතට රාජ්‍ය සම්මාන ලැබෙනවා. සමස්‌ත බෞද්ධ මහා සම්මේලනයෙන් සම්මාන ලැබෙනවා. අර වගේ කුණු කතා තියෙන පොතකට සම්මාන දෙන්න තරම් මේ රටේ උගත්තු පිරිහිලා. ඔන්න ඕක තමා ඕල්කොට්‌ තහවුරු කළ යටත් විජිත අධ්‍යාපනයෙන් බිහිකරපු උගතුන්ගෙන් සිදුවන්නේ. විශ්වවිද්‍යාලවලින් එළියට එන බහුතරයක්‌ විශේෂයෙන්ම කලා අංශවලින් 'ගුරා ගිලපු ගෝලයෝ'. අනික්‌ අතට ගුරාගේ මතයට විරුද්ධ අලුත් මතවාදයක්‌ ඉදිරිපත් කරන්න හැදුවොත් උපාධිය වතුරේ. ගුරාගේ මතයම තමයි ඉදිරියටත් පවතින්න ඕන. උපාධි ගැහුවත් නැතත් මෙම අධ්‍යාපනයෙන් හදන්නෙ හා හැදෙන්නේ 'බෆලෝ සෝල්ජර්ස්‌ලා' පමණයි.

    සංවාදය රත්තනදෙණියේ මේධානන්ද හිමි.
    2018 අප්‍රෙල් මස 20 වැනි දින.

    උපුටාගැනීම: දිවයින වෙබ් අඩවියෙන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...විශ්වවිද්‍යාලවලින් එළියට එන බහුතරයක්‌ විශේෂයෙන්ම කලා අංශවලින් 'ගුරා ගිලපු ගෝලයෝ'. අනික්‌ අතට ගුරාගේ මතයට විරුද්ධ අලුත් මතවාදයක්‌ ඉදිරිපත් කරන්න හැදුවොත් උපාධිය වතුරේ. ගුරාගේ මතයම තමයි ඉදිරියටත් පවතින්න ඕන. උපාධි ගැහුවත් නැතත් මෙම අධ්‍යාපනයෙන් හදන්නෙ හා හැදෙන්නේ 'බෆලෝ සෝල්ජර්ස්‌ලා' පමණයි....

    මේක ඉතින් ගුරු-ගෝල සම්බන්ධය තියෙන ඕනෙ තැනකට අදාලයි. බුදුහාමුදුරුවො කියපු දේම තමයි උන්වහන්සේගෙ ගෝලයන්ටත් කියන්න සිද්ධ උනේ.
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    • Like
    Reactions: xcorat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    ඔය එක්කම බ්ලැවැට්ස්කි කියන්නෙත් කවුද කියල ඒ එක්කම හොයන්න !