ඕලු මරා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේ නිවසක වධකාගාරයක් පවත්වාගෙන ගිය බව කියන අපරාධ කල්ලි නායකයෙක් ලෙස සැලකෙන 'ඕලු මරා' නමැත්තාගේ සගයකු බවට පැවසෙන 'රන් චාමර' නමැත්තා වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (30) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. කිරිමැටියන ප්‍රදේශයේ දි
    සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු සිරිගම්පල ජනපදයේ පදිංචි අයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරු ළඟ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200ක් ද තිබී සොයාගත් බව පොලිසිය පවසයි. වෙන්නප්පුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ අපරාධ කල්ලි නායක ඕලු මරා නමැත්තා මීට පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමග සැකපිට අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් එය මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.
    ඕලු මරා නමැති අපරාධ කල්ලි නායකයාගේ නවීන පන්නයේ ජංගම දුරකතනයේ තිබූ රූප රාමු පරීක්ෂා කර බැලීමේ

    දී මේ වධකාගාරය ගැන තොරතුරු හෙළි වූ බවත් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගත් රන් චාමර නමැත්තා ද තරුණයින්ට වධහිංසා කිරීම්වලට හවුල් වී සිටින අයුරු එම රූප රාමුවලින් දක්නට ලැබිණි යැයි ද පොලිසිය කියයි. එම රූප රාමුවලින් සැකකරු (රන් චාමර) හදුනාගෙන ඔහු අඩංගුවට ගත් බන ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීයෙක් පැවසීය.

    පැහැරගෙන එන තරුණයන්ට සිරිගම්පල නිවසේ පවත්වාගෙන ගිය වධකාගාරයේ රඳවා තබාගෙන වධහිංසා කිරීම්වලට ලක්කරන ඕලු මරාගේ කල්ලියේ තවත් 7 දෙනෙකු පමණ එම රූප රාමු පරීකෂාකර බලා හඳුනාගෙන තිබෙන බව ද පොලිසිය කියයි. ඕලු මරාගේ අපරාධ කල්ලියට සම්බන්ධ එම පුද්ගලයන් හත් දෙනා අත්අඩංගුවට ගැනීමට පරීකෂණය පත්වාගෙන යන බවත් ඔවුන් මේ වනවිට ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බවත් එම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

    හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පෙරේදා සැකපිට අත්අඩංගුවට ගත් රන් චාමර නැමැත්තාට එරෙහිව මනුෂ්‍ය ඝාතකයක් සිදුකිරීම, පුද්ගලයන්ට පහරදීම හා හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ ගණනාක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ සහ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය කීය.

    මෙම සැකකරු අඩංගුවට ගනු ලැබුවේ වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ ගිය වෙන්නප්පුවේ මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. මෙම අපරාධ කල්ලිය විවේචනය කළ බව කියන පුද්ගලයකු ඕලු මරාගේ කල්ලිය විසින් පැහැරගෙන පැමිණ සිරිගම්පල වධකාගරයේ රඳවාගෙන ඔහුගේ අත්පා ගැට ගසා යටි පතුලට ඇණ ගසා තිබෙන බව පොලිස් පරීක්‍ෂණවලින් තොරතුරු අනාරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    වධකාගාරය තුළ රඳවා තබා යටි පතුලට ඇණ ගසා ඇති පුද්ගලයා ද මේ වනවිට පොලිසිය හඳුනාගෙන ඇත. ඕලු මරා ඇතුළු අපරාධ කල්ලියට ඇති බිය නිසා මොහු මේ බව මෙතෙක් පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බව කියයි. සිද්ධිය වූ වනවානුවේ මෙම පුද්ගලයා යටි පතුලේ ඇණ ගැසීමෙන් හටගත්

    තුවාලවලට සිද්ධිය වසංකර වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇති බව පැවසේ.

    ඕලු මරා විසින් පවත්වාගෙන ගිය බව කියන සිරීගම්පල වධකාගාරය තුළ දි පැහැරගෙන ආ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ යටි පතුල් පලා ලුණු හා මිරිස් දමා අමානුෂික වධහිංසාවලට ලක් කර තිබෙන බව ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත. මෙම අපරාධ කල්ලියට ඇති බිය නිසා ඔවුන් කිසිවෙක් මේ බව පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැත.

    එවැනි වධ හිංසාවලට ලක්වූ පුද්ගලයන් ගැන ද තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් ද පොලිසියට කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.ඕලු මරා නමැත්තාගේ අපරාධ කල්ලියට එරෙහිව රහසිගතව තොරතුරු ලබාදුන් අයට ද මෙසේ වධකාගාරය තුළ දී දරුණු වධ හිංසාවලට ලක්කර තිබෙන බවට ද තොරතුරු ලැබී තිබෙන බව පොලිස් ආරංචිමාර්ග කීය. රුපියල් 1,20,000ක පමණ මුදලක් වංචා කළ බව කියන තරුණයකු පැහැරගෙන වධකාගාරයට ගෙනවිත් යට ඇඳුම් පිටින් දණ ගස්සවා අත් දෙක ඉහළට ඔසාවාගෙන සිටින ලෙස අණකර වධහිංසාවලට ලක් කරන අයුරු දැන රූප රාමූ පෙළක් ද මෙම ජංගම දුරකථනයේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

    මෙවැනි මුදල් වංචාවක් යළි සිදු නොකරන බවටත් මුදල් ඉල්ලා ගත් පුද්ගලයාට එම මුදල කොටස් වශයෙන් ගෙවන බවට වධහිංසාවලට ලක්කරමින් පෙරොන්දුවක් ඕලු මරා විසින් ලබගන්නා අයුරු වීඩියෝ හඬ පටයක් ද ජංගම දුරකථනයේ තිබිය දි සොයාගත් බව පොලිසිය පවසයි. රාත්‍රී කාලයේ මාර්ග බාධක දමා පුද්ගලයන් පරික්ෂා කිරීම් රාත්‍රි කාලයට සිරිගම්පල ජනපදයට පැමිණ නාදුනන පුද්ගලයන්ට පහරදීම් සහ කප්පම් ලබාගැනීම් ද ඕලු මරා නමැත්තා ඇතුළු අපරාධ කල්ලිය විසින් සිදුකරගෙන ගොස් ඇති බවට ද තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය කියයි. එක අතක කඩුවක් රැගෙන එය බිම දිගේ ඇදගෙන යමින් අනිත් යතුරුපැදි එම අපරාධ කල්ලිය විසින් සිදුකර තිබෙන බවද පොලිසිය කීය.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාත්‍රී කාලයේ මාර්ග බාධක දමා පුද්ගලයන් පරික්ෂා කිරීම් රාත්‍රි කාලයට සිරිගම්පල ජනපදයට පැමිණ නාදුනන පුද්ගලයන්ට පහරදීම් සහ කප්පම් ලබාගැනීම් ද ඕලු මරා නමැත්තා ඇතුළු අපරාධ කල්ලිය විසින් සිදුකරගෙන ගොස් ඇති බවට ද තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය කියයි. එක අතක කඩුවක් රැගෙන එය බිම දිගේ ඇදගෙන යමින් අනිත් යතුරුපැදි එම අපරාධ කල්ලිය විසින් සිදුකර තිබෙන බවද පොලිසිය කීය.

    yako mun
    game un gahala ndda munta