ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

C_S_M

Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ.

    මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ ටෙලිපෝන් බිල ඩොලර් 800 පනිනවා. මේ කියන්නේ 1990/91 වගේ කාලේ නිසා, ඒක බොහොම ලොකු මුදලක්.

    දායක සභාව මේ ගැන ප්‍රශ්න කලාම, විරසක වෙලා, එයා දායක සභාවට විරුද්ධව උසාවි යන්න සුදානම් උනා. ඒ අතරේ දායක සභාව මෙයාව පංසලෙන් ඉවත් කළා.

    ඒ වෙනකොටත් ස්ප්‍රිංවේල් පංසල තිබුන ගෙදරට mortgage ගෙවමින් තිබුනත්, පන්සලෙන් එලවපු සෝම හාමුදුරුවන්ට අත්පිට මුදලට ගෙයක් අරං දෙන්න තරම් අනුගාමිකයෝ ගොඩක් එකතු වෙලා තිබුනා.

    ඊට පස්සේ ලංකාවේ කීර්තිමත්ම හාමුදුරු කෙනෙක් හැටියට ඉඳලා, එයාව ඝාතනය කළා කියලාත් මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා ගත්තාට, එයා විෂමාචාර ක්‍රියා නිසා පන්සලෙන් එලවපු කෙනෙක්.
    Wow
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    මගේ දුවත් ස්ප්‍රිංවේල් පංසලේ දහම් පාසැලට ගියා. කීස්බරෝ නම් ගියේ ටික කාලයයි. විජිත හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා මට නම් හිතා ගන්නත් අමාරුයි.

    කොහොම උනත්, මේවගේ චෝදනා ගොනු කරලා උසාවි යන්නේ, ඔප්පු කළහැකි සාක්ෂි තියන නිසා විය යුතුයි.

    දහම් පාසැල් කාලය තුල නම් මේ වගේ දෙයක් කරන්න ඉඩ ප්‍රස්ථා ලැබුනා කියලා මම හිතන්නේ නැහැ. ස්ප්‍රිංවේල් පන්සල කියන්නේ පොඩි weatherboard ගෙයක්. කීස්බරෝ නම් පංසලක් හැටියටම හැදුව ගොඩනැගිල්ලක් උනත්, මේ වගේ වැඩකට ඉඩ හදා ගන්න එක ලේසි නැහැ.

    කොහොම උනත් මේ හාමුදුරුවන්ට තිබුන පිළිගැනීම නම් දැනටම නැතිවෙලා ඉවරයි. නඩුවෙන් දිනුවත්, පැරදුනත් ඒක වෙනස් වෙන්නේ නැහැ.
    me naduwata mokada une ?
     

    Similar threads