ඕ.අයි.සීගේ මාස්ක් එක ගලවන්න ගිය ගායකයාට මාංචු

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ කළ බව කියන ප්‍රසිද්ධ රැප් ගායකයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

    පානදුර , කෙසෙල්වත්ත තක්ෂිලා පාසලේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිටි ඇත.

    සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී , ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති අතර , එහිදී සැකකරු ස්ථානාධිපති වරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

    Lankadeepa

    මොකාද බන් ඒ ප්‍රසිද්ද රැප් ගායකයා? FillTද? :confused:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kawuda ban a පිල්.ටි ?? ehema gayakayo lankawe innawada????

    welawakata hithenawa mama lankikayek neweida kiyalth.