Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටු පොල් වගාවෙන් කට්ට කන ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටු පොල් වගාවෙන් කට්ට කන ලංකාව

ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ්‍රයෙන් ඉවත් කරමින් ස්ථාපිත කරමින් පවතී. ජාත්‍යන්තර ග්‍රීන් පීස් සංවිධානය (Green Peace International) කුරිරු බවේ සංකේතය නමින් හඳුන්වන කටුපොල් වගාව පරිසරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරන වගාවක් බව හඳුනාගෙන තිබිය දී ඒ පිළිබඳව අවධානයකින් තොර ව මෙරට වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ප්‍රධාන ගැටලූවකි.

පසුගිය රජය පැවති සමයේ දී ඉන්දුනීසියාවේ කෘෂිකර්ම ඇමති සමඟ එවකට පැවති රජයේ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් ගිවිසුම් ගත වී ඇත්තේ මෙරට තෙත් කලාපයේ සරුසාර වගාබිම් කටුපොල් වගාවන් බවට පරිවර්තනය කිරීමට ය. ඉන්දුනීසියාවේ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් හා ජෛව ප්‍රජාව කටුපොල් වගාවෙන් සහමුලින්ම වනසා දමා තිබිය දී අප රටේ තෙත් කලාපය එහි ගොදුරක් බවට පත් කිරීමට දරන උත්සාහය අවබෝධ කර නොගත් මෙරට පාලකයින් කුරිරුබවේ සංකේතය ලෙස හ`දුන්වන ඉතා ම හානි කර කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම ස`දහා මෙලෙස ගිවිසුම් ගත වීම කණගාටුවට කරුණකි.

මෙම ගිවිසුමට අනුව අද වනවිට තෙත් කලාපයේ රබර් වතු හා අත්හැර දැමුණු තේ වගාබිම් එළිපෙහෙළි කරමින් කටුපොල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. කටුපොල් ශාකය නිවර්තන කලාපීය ශාකයක් වුව ද එම ශාකය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීමේ දී ගැටලූ බොහෝමයක් පැන නගී. ප්‍රධාන වශයෙන් ම භූගත ජලය අහිමි කිරීම, පාංශු ඛාදනය උග්‍ර කිරීම, ජල උල්පත් සිඳීයාම  වැනි තත්වයන් ඇති කිරීමට කටුපොල් වගාව ප්‍රධාන දායකත්වයක් සපයයි.

බොහෝ කටුපොල් වගා බිම්වල පස යටි වගාවකින් තොර ව නිරාවරණය කර තිබීම හා ශාක අතර පරතරය වැඩිවීම හේතුවෙන් නිරිතදිග මෝසම් සුළං මගින් හා අන්තර් මෝසම් සුළං මගින් වැඩි වර්ෂාපතනයක් හිමි වන තෙත් කලාපයේ මෙම වගා බිම් වලින් වැඩි පාංශු ඛාදන තත්ත්වයක් ඇති කරයි. මෙම වගා බිම් වලට ලැබෙන වර්ෂා ජලයෙන් වැඩි ප්‍රමාණයක් මතුපිට පස් තට්ටු සෝදා යවමින් පස මතුපිටින් ගලා යාම පමණක් සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජලය භූගත වීම, භූගත ජල සංචිත ගොඩනැංවීම, දිය උල්පත් සක්‍රීය කිරීම සිදු නොකෙරේ. මෙසේ වැසි කාලයේ දී සිදු වන පාංශු ඛාදනය හේතුවෙන් කුඩා ජල මාර්ග රොන් මඩින් පිරී යාමේ තත්ත්වයන් ඇති කෙරේ. ඉන් පසුව වැසි රහිත කාලගුණයක් පවතින කාලවල දී මෙම වගා බිම් වලට ලැබෙන සූර්ය තාපය ඍජු ව ම පස මතුපිටට පතිත වීම හේතුවෙන් පසේ රැදී ඇති සුළු ජල ප්‍රමාණය ද වාෂ්පීකරණයට ලක් වේ. ඊට අමතර ව ශාක වලින් උත්ස්වේදනය වන ජල ප්‍රමාණය හේතුවෙන් පස ශීඝ්‍රයෙන් වියළි තත්ත්වයට පත් වේ. මේ නිසා දිය උල්පත් සීඳී යාම ශීඝ්‍රයෙන් සිදු වේ. එම නිසා කටුපොල් වගා බිම් ආශ්රිත ව පිහිටි ජල මාර්ග සම්පූර්ණයෙන් ම කෙටිකාලීන ව සිඳී යාමට ලක් වේ. මෙය ඍජු ව කටුපොල් වගා බිම් අවට ජීවත්වන ජනතාවට ජල අර්බුදයන් ඇති කිරීමට මෙන් ම එම ජල මාර්ගවල ජලජ ජීවීන්ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරයි.

යටත්විජිත යුගයේ තෙත් කලාපයේ කඳුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට තෙත් වනාන්තරවාසී සත්ත්ව විශේෂ බොහෝමයක් සම්පූර්ණයෙන් ම වඳ වීම සිදු වී ඇත. ඉදිරියේ දී මෙම තත්ත්වය වර්ධනය කිරීමට කටුපොල් වගාව ප්‍රධාන වශයෙන් දායක වනු ඇත. තෙත් කලාපයේ ජල මුලාශ්‍ර සිඳී යාමට කටුපොල් වගාව හේතුවන අතර එම ජල මුලාශ්රවල ජීවත් වන ලංකාවට ආවේණික ජලජ ශාක වන අතිඋඩයන්, කෙටල හා කෙකටිය ශාක විශේෂ මෙන් ම ජලජ ජීවීන් වන මිරිදිය මත්ස්‍ය විශේෂ, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන් හා මිරිදිය බෙල්ලන් විශේෂ බොහෝමයක් වඳ වීම සිදු වනු ඇත.

මීට අමතර ව එම ජල මුලාශ්‍ර ආශ්රිත ව ජීවත් වන ජනතාව ජල අර්බුද වලට ගොදුරු වීම පමණක් නොව මේ ප්‍රදේශයේ සිදු කෙරෙන සුළු පරිමාණ තේ වගාවට ද මෙම තත්ත්වය ඉතා ම හානි කර ලෙස බලපානු ලැබේ.

මේ ආකාරයෙන් කටුපොල් වගාවෙන් හානි කර තත්ත්වයන් ගණනාවක් සිදු වන බවට හඳුනාගෙන තිබිය දී ලංකාවේ තෙත් කලාපයේ පමණක් නොව වියළි කලාපයේ, මහවැලි ගඟ ආශ්රිත පිටාර තැනි වන කන්දකාඩුව ප්‍රදේශයේ ද කටුපොල් වගා කිරීමට මරීනා සමාගමට අවස්ථාව ලබා දීමට පසුගිය කාලයේ දී පිඹුරුපත් සැකසිණ.

අප රටේ යටත්විජිත යුගයේ සිට වාණිජ වගාවන් ව්‍යාප්ත කළ ස්වභාවය හා ලෝකයේ කටුපොල් වගාවෙන් ලබා ගන්නා තෙල් වලට පවතින අධික ඉල්ලූම හේතුවෙන් ඉදිරියේ දී තේ වගාව ඇතුළු ව මෙරට ව්‍යාප්ත කර ඇති අනෙක් වාණිජ වගාවන් වල ස්වභාවය අනුව පෙනී යන්නේ කටුපොල් වගාව ද ඉදිරියේ දී ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ සුවිශේෂි ප්‍රදේශ වේගයෙන් කටුපොල් වගාවේ ආක්‍රමණයට ලක් විය හැකි බව ය.

ලංකාවේ කටුපොල් වගාවේ ඉතිහාසය

මෙරට පළමු වරට කටුපොල් වගාව ආරම්භ කළේ යුරෝපීය වැවිලිකරුවකු වන Jerry Wales විසිනි. 1968 දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු යායේ හෙක්ටයාර 0.5 ක භූමියක කටුපොල් ගස් 68 ක් සිටුවා පළමු වගා බිම ආරම්භ කරන ලදී. අද වන විට ලංකාවේ විශාලත ම කටුපොල් වගා බිම්වල හිමිකාරීත්වය ඇත්තේ ද වටවල වැවිලි සමාගමට ය. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 3157 කි. මීට අමතර ව නමුණුකුල වැවිලි සමාගමට හෙක්ටයාර 2041 ක්, ඇල්පිටිය වැවිලි සමාගමට හෙක්ටයාර 1571 ක්, අගලවත්ත වැවිලි සමාගමට හෙක්ටයාර 1311 ක්, කෑගල්ල වැවිලි සමාගමට හෙක්ටයාර 1125 ක් හා බගවන්තලාව වැවිලි සමාගමට හෙක්ටයාර 700 ක් හිමි ව ඇත. අද වන විට ලංකාවේ කටුපොල් වගා බිම්වල ව්‍යාප්තිය හෙක්ටයාර 10,000 ක් පමණ වේ. රජයේ අරමුණ එම අගය හෙක්ටයාර 20,000 දක්වා වර්ධනය කිරීමට ය. නමුත් කටුපොල් වගාවෙන් ජනදිවියට, ජලයට හා ජෛව ප්‍රජාවට සිදු කරන බලපෑම් පිළිබඳව මෙම වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා යොමු වීමට ප්‍රථම කිසිදු අවධානයක් රජය විසින් සිදු කර නොමැත.

මාතර, ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත කර ඇති කටුපොල් වගාව වර්තමානය වනවිට රත්නපුර, කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල ස්ථාපිත කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. ලලාන් රබර් සමාගම විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරමින් තිබේ.

කටුපොල් ශාකයේ ස්වාභාවික ව්‍යාප්තිය

සිංහලෙන් කටුපොල් ලෙස හඳුන්වන මෙම ශාකය ඉංග්‍රිසියෙන් Palm oil” African oil palm හා Macaw Fat යන විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. මෙම ශාකය විද්‍යාත්මකව Nicholaas Jacquin ලෙස හඳුන්වන අතර එහි ස්වාභාවික නිජබිම බටහිර හා නිරිතදිග අප්‍රිකානු රටවල් ය. එය ඇංගෝලාවේ සිට ගැමිබියාව දක්වා පැතිර පවතින කලාපයි. 1763 දීNicholaas Jacquin නම් විද්‍යාඥයා විසින් ගිනියාවෙන් සොයාගත් ශාක නිදර්ශකයක් චිත්‍රයට නගමින් මෙම ශාකය විද්‍යා ලොවට හඳුන්වාදෙමින් නාමකරණය කර ඇති අතර ගිනියාවෙන් මෙම ශාකය සොයාගත් බැවින් gunineensi යන විද්‍යාත්මක නාමය මෙම ශාකයට ලබා දී තිබේ.

කටුපොල් වගාවේ වෙනත් රටවල අත්දැකීම්

වාණිජ වශයෙන් වැදගත් වන ශාකයක් ලෙස කටුපොල් ශාකය පළමු ව හඳුන්වා දී ඇත්තේ ලන්දේසින් විසින් 1848 දී ජාවා දූපත්වලට ය. 1910 දී Scotsman William හා Henry Darby විසින් මැලේසියාවට මෙම ශාකය හඳුන්වා දී තිබේ. ලෝකයේ විශාලත ම කටුපොල් වගා බිම් හිමිකරුවා වන්නේ Federal Land Development Authority නම් ආයතනයයි. මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ හෙක්ටයාර 900,000 ක් මෙම ආයතනයට හිමිය. මෙම අධිකාරිය පිහිටුවා ඇත්තේ 1956 ජුලි 01 වන දින මැලේසියාවේ ඉඩම් සංවර්ධන පනතට අනුව දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ය. කටුපොල් වගාව මෙම රටවල ස්ථාපිත කිරීම සඳහා වසර 20 ක දී ගෙවීම සඳහා වන ණය ලබා දෙමින් සහන සලසමින් මෙම වගා බිම් ස්ථාපිත කිරීමට අවශ්‍ය පෙළඹවීම සිදු කර තිබේ.

1957 දී මැලේසියාව බි්රතාන්ය යටත්විජිතයෙන් නිදහස් වූ පසුව 1960 සහ 1970 අතර කාලයේ දී ඇති වු රබර් මිල ගණන් පහත වැටීම නිසා එරට රජය කටුපොල් වගාව දිරිමත් කළේ ය. ඒ අනුව 1961 දී මැලේසියාවේ රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාවන් ස්ථාපිත කිරීම ඇරඹින. ඒ අනුව මැලේසියාවේ 1961 දී වර්ග කිලෝමීටර 3.75 ක් වු කටුපොල් වගා බිම් 2000 වසර වන විට වර්ග කිලෝමීටර් 6855.2 ක් දක්වා වර්ධනය විය. පසුව 2008 වසර වනවිට එරට පවුල් 112,635 ක් වෙනත් ප්‍රදේශවල පදිංචි කර කෘෂිකාර්මික බිම් වර්ග කිලෝමීටර 8533.13 ක් අලූතින් කටුපොල් වගාව සඳහා යොදා ගැණින.

මැලේසියාවේ ගොවීන් වගා කළ කුඩා කෘෂිකාර්මික වගා බිම්වල කටුපොල් වගාව ස්ථාපිත කිරීමට යොමු කර ගැනීම සඳහා 1966 දී Federal Land Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවා ඇත. මීට අමතර ව 1976 දී Sarawak Land Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවන ලදී. මෙම ප්‍රතිපත්තිමය හා ආයතනික ගොඩනැගීම මගින් මැලේසියානු රජය බලාපොරොත්තු වී ඇත්තේ විවිධ බෝග වගාවන් සිදු කළ සුළු පරිමාණ ගොවීන් කටුපොල් වගාව සඳහා යොමු කර ගෙන ජනතාවගේ දරිද්‍රතාවය අඩු කිරීම ය.

මෙම ප්‍රතිපත්තිමය යොමුවීම්වල ප්‍රතිඵලයක් ලෙස අද වන විට මැලේසියාවේ වගා බිම්, ප්‍රාථමික වනාන්තර, ද්විතීක වනාන්තර හා වගුරු බිම් ඉවත් කර කටුපොල් වගාව ස්ථාපිත කර තිබේ. මෙලෙස කටුපොල් වගාවට භාවිතා කර ඇත්තේ මැලේසියාවේ ආදිවාසී ජනතාව ජීවත් වූ ඔවුන්ගේ නිජබිම් ය. ඔවුන්ට භූමියට ඇති අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි කරමින් ඔවුන් එම ප්‍රදේශ වලින් ඉවත් කර තිබේ.

මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාවේ ද 1967 සිට අද දක්වා වර්ග කිලෝමීටර 15,000 ක් පමණ වූ බිම් ප්‍රමාණයක් කටුපොල් වගාවට යොදාගෙන ඇත. ඉන් බහුතරයක් වගා බිම් සකස් කර ඇත්තේ ප්‍රාථමික, නොයිදුල් තෙත් වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කරමිනි.

බෝර්නියෝ දූපත්වල වගුරු වනාන්තර ගිනිතබා විනාශ කර කටුපොල් වගාව ව්‍යාප්ත කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට බෝර්නියෝ රට ගංවතුරින් නිරන්තර පීඩාවට පත්වන රටක් බවට පරිවර්තනය වී ඇත.

සුමාත්‍රා දූපත්වල කටුපොල් වගාව සඳහා එළිපෙහෙළි කළ විශාල වනාන්තර ප්‍රමාණයේ ප්‍රතිඵලයක් ලෙස එරට ජීවත් වූ සුමාත්‍රා ව්යාඝ්රයින් (Sumatran Tiger) සුමාත්‍රා රයිනෝ (Sulatran Rhinos) ආසියානු අලින් (Asian Elephant) ඔරන් ඔටන් (Orangutan) ඇතුළු විශාල ක්ෂීරපායී සතුන් බොහෝමයක් වඳවෙමින් සිටී.

පැපුවා නිව්ගිනියාව, කොලොම්බියාව හා ඉන්දුනීසියාව වැනි රටවල ආදීවාසී ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වන්දි ලබා දීමකින් තොරව කටුපොල් වගා කිරීම් සමාගම් විසින් ඇති කර තිබේ. බොහෝ දූපත්වල ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම වගාබිම් ස්ථාපිත කර ඇත.

2006 වසර වනවිට කටුපොල් වගා කර ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 11,000,000 ක් නැතහොත් වර්ග සැතපුම් 42,000 කි. මේ අනුව 2007 දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉන්දුනීසියාවේ වනාන්තර වලින් 98% ක් 2022 වනවිට කටුපොල් වගාව ඇතුළු හානි කර ක්රියාවලීන්වල ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණයෙන් ම විනාශ වී යනු ඇති බව ය. ඊට හේතුව 2021 වනවිට ලෝකයේ කටුපොල් වෙළෙඳපොළ ඩොලර් බිලියන 65.7 සිට ඩොලර් බිලියන 92.8 දක්වා වර්ධනය වන බවට හඳුනාගෙන තිබීම ය. එම වෙළෙඳපොළ අත්පත් කර ගැනීම සඳහා කටුපොල් වගා කරන රටවල්වල ක්‍රියාත්මක වන සමාගම් ශීඝ්‍රයෙන් තම වගා බිම් පුළුල් කරමින් සිටී.

අප රටේ කි‍්‍රයාත්මක වැවිලි සමාගම් ද මෙම වගාවෙන් කුමන හානි කර තත්ත්වයන් ඇතිවුව ද වේගයෙන් කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන්නේ මෙම වෙළෙදපොල අත්පත් කර ගැනීම සඳහා ය. ලාභය වෙනුවෙන් පමණක් කි‍්‍රයාත්මක වන මෙම සමාගම් වලට රුචි පරිදි මෙම කි‍්‍රයාවලිය සිදු කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ තෙත් හා වියළි කලාපයේ ජීවත් වන සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වීම ය. රජය මැදිහත් විය යුතු වන්නේ ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් හා කෘෂිකර්ම ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කර මේ හානි කර තත්ත්ව ඇති වීම පාලනය කිරීම සඳහාය . මෙවන් ප්‍රතිපත්ති කි‍්‍රයාත්මක නොවන රටක නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම සඳහා සමාගම් වලට අවශ්‍ය පරිදි මෙම කි‍්‍රයාවලිය මෙහෙයවීමට ඉඩකඩ ලබා දීමෙන් සිදු වන බලපෑම ඉදිරියේ දී මෙරට සුළු පරිමාණ ගොවියාට, සුළු පරිමාණ තේ නිෂ්පාදකයින්ට පමණක් නොව සියලූ රට වැසියාට දරුණු ලෙස අත් වි`දින්නට සිදු වනු ඇත.

ලංකාවේ වාණිජ වගාවන් හී ආරම්භය හා විකාශනය මගින් කටුපොල් වගාවේ අනාගත හානිකර ව්‍යාප්ති ප්රවනතා හඳුනාගැනීම

අප රට දේශීය නොවන වාණිජ වගාවන්ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි්රතාන්ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි්රතාන්යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි්රතාන්යයන් විසින් කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර ඇති අතර අලි – ඇතුන් ජීවත් වූ තෙත් කඳුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබේ. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.

මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරිණ. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේ්තුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලූම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

ලංකාවේ තේ වගාව ව්‍යාප්ත කිරීමට සමගාමී ව තෙත් හා අතරමැදි කලාපයේ වනාන්තර එළිපෙහෙළි කරමින් රබර් වගාව ව්‍යාප්ත කෙරින. 1876 දී ගම්පහ, හෙනරත්ගොඩ උද්භීද උද්‍යානයේ පළමු රබර් ශාකය රෝපනය කරමින් ආරම්භ කළ රබර් වගාව අද වන විට හෙක්ටයාර 133,668 ක් පුරා ව්‍යාප්ත ව පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොලේ රබර් මිල ගණන් වර්ධනය වීම හා පහළ බැසීම අනුව රබර් වගාව ව්‍යාප්ත කිරීම හා රබර් වගා බිම් වෙනත් භාවිතාවන් සඳහා යොදා ගැනීම තීන්දු වේ.

යටත්විජිත යුගයේ දී බි්රතාන්යයන් විසින් ලංකාවේ ස්ථාපිත කළ හැකි වාණිජ බෝග පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීමේ දී උක් වගාව පිළිබඳ ව ද ඔවුන්ගේ අවධානයට ලක් ව තිබේ. උක් වගාව පිළිබඳ ව පළමු පර්යේෂණ සිදු කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ය. නමුත් එම කාල වකවානුවේ දී වාණිජ වගාවක් ලෙස උක් වගාව ව්‍යාප්ත කර නොතිබුණි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව වාණිජ වශයෙන් උක් වගාව ව්‍යාප්ත කිරීම ඇරැුඹිනි. 1956 වන විට වියළි කලාපයේ වාණිජ වගාවක් වශයෙන් උක් වගාව ව්‍යාප්ත කර තිබේ. 1973 හා 1994 වසරවල දී වියළි කලාපයේ වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි කර උක් වගාව මහ පරිමාණයෙන් ව්‍යාප්ත කෙරින. මේ වනවිට පැල්වත්ත, හිඟුරාන, සෙවණගල, කන්තලේ, මොණරාගල හා අම්පාර යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 30,530 ක භූමි ප්‍රමාණයක උක් වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මීට අමතර ව මේ වන විට වරින්වර බිබිල ප්‍රදේශයේ අක්කර 62,500 ක උක් වගා බිම් අලූතින් ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී. වෙළෙඳපොළ ඉල්ලූමත් සමඟ ම හා මෙම වගාව ව්‍යාප්ත කිරීමේ දී වසර කිහිපයක් තුළ පස නිසරු වීමත් සමඟ ඵලදායිතාවය බිඳ වැටෙන අවස්ථා වල දී සමාගම් උත්සාහ දරන්නේ අලූතින් වගා බිම් ස්ථාපිත කර ඵලදායීතාව වැඩි කර ගැනීමට ය.

අද වන විට වැණිජ වගාවක් ලෙස බඩඉරිඟු වගා බිම් වියළි කලාපය ආක්‍රමණය කරමින් තිබේ. මිශ්‍ර බෝග වගා කළ හේන් වගා බිම්වල අද වන විට වගා කෙරෙන්නේ බඩඉරිඟු පමණි. 1961 වන විට හෙක්ටයාර 12,957 ක් ව පැවති බඩඉරිඟු වගා බිම් ප්‍රමාණය අද වන විට හෙක්ටයාර 72,390 ක් දක්වා වර්ධනය වී තිබේ. මිනිසුන්ට දෛනික පරිභෝජනය සඳහා වැදගත් වන බෝග නිපද වූ හේ්න් වගා බිම්වල අද වන විට සත්ත්ව ආහාරක් ලෙස ඒක බෝග වගාවක් ලෙස බඩඉරිඟු වගා කෙරේ. මේ සඳහා පවතින ඉල්ලූම හා මිල ඉහළ අගයක පැවතීම නිසා ශීඝ්‍රයෙන් බඩඉරිඟු වගාවට ගොවීන් ප්‍රවිෂ්ඨ වෙමින් සිටී.

මේ වන විට වාණිජ වගාවක් ලෙස ඩෝල් සමාගම අපනයනය කිරීම සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය වියළි කලාපයේ ප්‍රදේශ ගණනාවක වගා කර තිබේ. කන්තලේ, කුඩා ඔය, දෙමෝදර, බුත්තල ආදී ප්‍රදේශ ගණනාවක අක්කර 5000 ක් පමණ මේ වන විට කැවැන්ඩිස් කෙසෙල් වගාව සඳහා යොදා ගෙන ඇත. 2011 වසරේ දී පොළොන්නරුව, කන්දකාඩුව ප්‍රදේශයේ අක්කර 11,650 ක් අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීමට ඩෝල් සමාගමට ලබා දෙන ලදී. නමුත් එය පරිසර සංවිධානවල මැදිහත්වීම මත වළක්වා ගත හැකි විය. එසේ වුවත් අද වන විට මෙම වගාව ප්රමුඛ වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීම සඳහා උත්සහ දරමින් සිටී. මේ අනුව පෙනී යන්නේ ඒක බෝග වාණිජ වගාවන් මෙරට ස්ථාපිත කිරීමෙන් පසුව ශීඝ්‍රයෙන් අප රටේ ඉඩම් හා වනාන්තර ආක්‍රමණය කරමින් විවිධ සමාගම්වල මැදිහත්වීම මත එම වගාවන් මහ පරිමාණයෙන් ව්‍යාප්ත කරන බව ය. මේවා ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් ගැටලූ ගණනාවකට මුහුණ දීමට සිදු වේ. ජල ප්රශ්නය, අලි-මිනිස් ගැටුම, වගා බිම් අහිමි වීම, වගා බිම්වල ඵලදායීතාවය බිඳවැටීම වැනි ගැටලූ බොහෝමයක් ඒ හේතුවෙන් උද්ගත වේ.

මේ තත්වයන් මේ ආකාරයෙන් පවතිද් දී තවදුරටත් වාණිජ වගාවන් ස්ථාපිත කිරීමට යොමු වීම මගින් අප රටේ ස්වාභාවික සම්පත් සියල්ල මෙන් ම සුළු ගොවීන් ද බලපෑමට ලක් වන අතර අවසන් ප්‍රතිඵලය රටේ ආහාර ස්වෛරීභාවය බිඳ වැටීම ය. මේ යථාර්ථය අවබෝධ නොකර තවදුරටත් කටුපොල් වැනි වාණිජ වගාවන් අප රට තුළ ස්ථාපිත කිරීමට ප්‍රතිපත්තිමය යොමු වීම් ලබා දීම ගැටලූ රැුසක් මතු කිරීමට හේතු වේ.

මේ තත්ත්වය අවබෝධ කර නොගන්නා රජයන් නීති විරෝධී ව විවිධ සමාගම් විසින් මෙරට ව්‍යාප්ත කරන කටුපොල් වගාවට එරෙහි ව කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගැනීම හා ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් නොගැනීම නිසා ඇති වන ගැටලූ තව දුරටත් වර්ධනය වෙමින් තිබේ.

කටු පොල් වගාව නීති විරෝධී වන්නේ කෙසේ ද?

වෙළෙදපොල ඉල්ලූමත් සමඟම රබර් හා සමහර තේ වගා බිම් ඉවත් කර විවිධ සමාගම් විසින් කටුපොල් වගාව තම හිතුමතය පරිදි ව්‍යාප්ත කරමින් සිටිය ද ජාතික පාරිසරික පනතට අනුව එලෙස මහ පරිමාණ වගා බිම් ඉවත් කරමින් කටුපොල් වගාව ව්‍යාප්ත කළ නොහැකි ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 125 කට වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එක වර ඉතා විශාල භූමි ප්‍රදේශ වල රබර් හා අතහැර දැමූ තේ වගා බිම් එළිපෙහෙළි කර කටුපොල් වගා කරනු ලබන්නේ මෙම නීති උල්ලංඝනය කරමිනි.

එපමණක් නොව එම ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත යම් භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරන ගැසට් නිවේදනයට අනුව තෙත් කලාපයේ කදුකර ප්‍රදේශ සියල්ල ම පාංශු සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එලෙස ප්‍රකාශයට පත් කළ පාංශු සංරක්ෂණ ප්‍රදේශ වල රබර් වගා බිම් හා වෙනත් වගා බිම් ඉවත් කර පස සම්පූර්ණයෙන් ම නිරාවරණය කර අලූතින් කටුපොල් වගා කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව අනුමැතිය ලැබුණහොත් පමණක් එම වගා බිම් ව්‍යාප්ත කළ හැකි ය.

නමුත් මේ නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් සමාගම්වලට රිසිසේ ඉතා ම හානි කර වාණිජ වගාවක් ලෙස ලෝකයේ හඳුනාගෙන ඇති කටුපොල් වගාව මේ වන විට තෙත් කලාපයේ බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්ත කිරීම වහා ම නතර කිරීමට රජය කටයුතු කළ යුතු ය. එපමණක් නොව ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම සඳහා ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කළ යුතු අතර ඌන උපයෝජිත රබර් වගා බිම් හා තේ වගා බිම් ආහාර භෝග වගා කිරීම සඳහා සුළු පරිමාණ ගොවීන්ට ලබා දිය යුතු අතර හඳුනාගත් සංවේදී ප්‍රදේශ පාංශු සංරක්ෂණ හා ජල සංරක්ෂණ ප්‍රදේශ ලෙස සංරක්ෂණය කිරීම හා වනාන්තර ජාල ගත කිරීම සඳහා නැවත වන වගාවන් සඳහා භාවිතා කළ යුතු ය. ඒ තුළින් මෙරට ජනතාවගේ ජල සුරක්ෂිතතාව, සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික අයිතීන් හා පොදු භාවිත සම්පත් වල අයිතිය තහවුරු කළ යුතු ය. ඒ සඳහා ප්‍රතිපත්ති හා නීති සම්පාදනයට රජයට බලපෑම් කිරීම අපගේ වගකීමකි.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

[QUOTE="skymicro, post: 24305494, member: 510144"] [b]කටු පොල් වගාවෙන් කට්ට කන ලංකාව[/b] [SIZE=3]ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ්‍රයෙන් ඉවත් කරමින් ස්ථාපිත කරමින් පවතී. ජාත්‍යන්තර ග්‍රීන් පීස් සංවිධානය (Green Peace International) කුරිරු බවේ සංකේතය නමින් හඳුන්වන කටුපොල් වගාව පරිසරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරන වගාවක් බව හඳුනාගෙන තිබිය දී ඒ පිළිබඳව අවධානයකින් තොර ව මෙරට වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ප්‍රධාන ගැටලූවකි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පසුගිය රජය පැවති සමයේ දී ඉන්දුනීසියාවේ කෘෂිකර්ම ඇමති සමඟ එවකට පැවති රජයේ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් ගිවිසුම් ගත වී ඇත්තේ මෙරට තෙත් කලාපයේ සරුසාර වගාබිම් කටුපොල් වගාවන් බවට පරිවර්තනය කිරීමට ය. ඉන්දුනීසියාවේ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් හා ජෛව ප්‍රජාව කටුපොල් වගාවෙන් සහමුලින්ම වනසා දමා තිබිය දී අප රටේ තෙත් කලාපය එහි ගොදුරක් බවට පත් කිරීමට දරන උත්සාහය අවබෝධ කර නොගත් මෙරට පාලකයින් කුරිරුබවේ සංකේතය ලෙස හ`දුන්වන ඉතා ම හානි කර කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම ස`දහා මෙලෙස ගිවිසුම් ගත වීම කණගාටුවට කරුණකි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම ගිවිසුමට අනුව අද වනවිට තෙත් කලාපයේ රබර් වතු හා අත්හැර දැමුණු තේ වගාබිම් එළිපෙහෙළි කරමින් කටුපොල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. කටුපොල් ශාකය නිවර්තන කලාපීය ශාකයක් වුව ද එම ශාකය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීමේ දී ගැටලූ බොහෝමයක් පැන නගී. ප්‍රධාන වශයෙන් ම [B]භූගත ජලය අහිමි කිරීම, පාංශු ඛාදනය උග්‍ර කිරීම, ජල උල්පත් සිඳීයාම [/B] වැනි තත්වයන් ඇති කිරීමට කටුපොල් වගාව ප්‍රධාන දායකත්වයක් සපයයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]https://www.vikalpa.org/wp-content/uploads/2018/07/1-1024x680.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බොහෝ කටුපොල් වගා බිම්වල පස යටි වගාවකින් තොර ව නිරාවරණය කර තිබීම හා ශාක අතර පරතරය වැඩිවීම හේතුවෙන් නිරිතදිග මෝසම් සුළං මගින් හා අන්තර් මෝසම් සුළං මගින් වැඩි වර්ෂාපතනයක් හිමි වන තෙත් කලාපයේ මෙම වගා බිම් වලින් වැඩි පාංශු ඛාදන තත්ත්වයක් ඇති කරයි. මෙම වගා බිම් වලට ලැබෙන වර්ෂා ජලයෙන් වැඩි ප්‍රමාණයක් මතුපිට පස් තට්ටු සෝදා යවමින් පස මතුපිටින් ගලා යාම පමණක් සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස [B]ජලය භූගත වීම, භූගත ජල සංචිත ගොඩනැංවීම, දිය උල්පත් සක්‍රීය කිරීම සිදු නොකෙරේ.[/B] මෙසේ වැසි කාලයේ දී සිදු වන පාංශු ඛාදනය හේතුවෙන් කුඩා ජල මාර්ග රොන් මඩින් පිරී යාමේ තත්ත්වයන් ඇති කෙරේ. ඉන් පසුව වැසි රහිත කාලගුණයක් පවතින කාලවල දී මෙම වගා බිම් වලට ලැබෙන සූර්ය තාපය ඍජු ව ම පස මතුපිටට පතිත වීම හේතුවෙන් පසේ රැදී ඇති සුළු ජල ප්‍රමාණය ද වාෂ්පීකරණයට ලක් වේ. ඊට අමතර ව ශාක වලින් උත්ස්වේදනය වන ජල ප්‍රමාණය හේතුවෙන් පස ශීඝ්‍රයෙන් වියළි තත්ත්වයට පත් වේ. මේ නිසා දිය උල්පත් සීඳී යාම ශීඝ්‍රයෙන් සිදු වේ. එම නිසා කටුපොල් වගා බිම් ආශ්රිත ව පිහිටි ජල මාර්ග සම්පූර්ණයෙන් ම කෙටිකාලීන ව සිඳී යාමට ලක් වේ. මෙය ඍජු ව කටුපොල් වගා බිම් අවට ජීවත්වන ජනතාවට ජල අර්බුදයන් ඇති කිරීමට මෙන් ම එම ජල මාර්ගවල ජලජ ජීවීන්ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]යටත්විජිත යුගයේ තෙත් කලාපයේ කඳුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට තෙත් වනාන්තරවාසී සත්ත්ව විශේෂ බොහෝමයක් සම්පූර්ණයෙන් ම වඳ වීම සිදු වී ඇත. ඉදිරියේ දී මෙම තත්ත්වය වර්ධනය කිරීමට කටුපොල් වගාව ප්‍රධාන වශයෙන් දායක වනු ඇත. තෙත් කලාපයේ ජල මුලාශ්‍ර සිඳී යාමට කටුපොල් වගාව හේතුවන අතර එම [B]ජල මුලාශ්රවල ජීවත් වන ලංකාවට ආවේණික ජලජ ශාක වන අතිඋඩයන්, කෙටල හා කෙකටිය ශාක විශේෂ මෙන් ම ජලජ ජීවීන් වන මිරිදිය මත්ස්‍ය විශේෂ, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන් හා මිරිදිය බෙල්ලන් විශේෂ බොහෝමයක් වඳ වීම සිදු වනු ඇත.[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මීට අමතර ව එම ජල මුලාශ්‍ර ආශ්රිත ව ජීවත් වන ජනතාව ජල අර්බුද වලට ගොදුරු වීම පමණක් නොව මේ ප්‍රදේශයේ සිදු කෙරෙන සුළු පරිමාණ තේ වගාවට ද මෙම තත්ත්වය ඉතා ම හානි කර ලෙස බලපානු ලැබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ ආකාරයෙන් කටුපොල් වගාවෙන් හානි කර තත්ත්වයන් ගණනාවක් සිදු වන බවට හඳුනාගෙන තිබිය දී ලංකාවේ තෙත් කලාපයේ පමණක් නොව වියළි කලාපයේ, මහවැලි ගඟ ආශ්රිත පිටාර තැනි වන කන්දකාඩුව ප්‍රදේශයේ ද කටුපොල් වගා කිරීමට මරීනා සමාගමට අවස්ථාව ලබා දීමට පසුගිය කාලයේ දී පිඹුරුපත් සැකසිණ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අප රටේ යටත්විජිත යුගයේ සිට වාණිජ වගාවන් ව්‍යාප්ත කළ ස්වභාවය හා ලෝකයේ කටුපොල් වගාවෙන් ලබා ගන්නා තෙල් වලට පවතින අධික ඉල්ලූම හේතුවෙන් ඉදිරියේ දී තේ වගාව ඇතුළු ව මෙරට ව්‍යාප්ත කර ඇති අනෙක් වාණිජ වගාවන් වල ස්වභාවය අනුව පෙනී යන්නේ කටුපොල් වගාව ද ඉදිරියේ දී ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ සුවිශේෂි ප්‍රදේශ වේගයෙන් කටුපොල් වගාවේ ආක්‍රමණයට ලක් විය හැකි බව ය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ලංකාවේ කටුපොල් වගාවේ ඉතිහාසය[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙරට පළමු වරට කටුපොල් වගාව ආරම්භ කළේ යුරෝපීය වැවිලිකරුවකු වන Jerry Wales විසිනි. 1968 දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු යායේ හෙක්ටයාර 0.5 ක භූමියක කටුපොල් ගස් 68 ක් සිටුවා පළමු වගා බිම ආරම්භ කරන ලදී. [B]අද වන විට ලංකාවේ විශාලත ම කටුපොල් වගා බිම්වල හිමිකාරීත්වය ඇත්තේ ද වටවල වැවිලි සමාගමට ය[/B]. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 3157 කි. මීට අමතර ව [B]නමුණුකුල වැවිලි සමාගම[/B]ට හෙක්ටයාර 2041 ක්, [B]ඇල්පිටිය වැවිලි සමාගම[/B]ට හෙක්ටයාර 1571 ක්, [B]අගලවත්ත වැවිලි සමාගම[/B]ට හෙක්ටයාර 1311 ක්, [B]කෑගල්ල වැවිලි සමාගම[/B]ට හෙක්ටයාර 1125 ක් හා [B]බගවන්තලාව වැවිලි සමාගම[/B]ට හෙක්ටයාර 700 ක් හිමි ව ඇත. අද වන විට ලංකාවේ කටුපොල් වගා බිම්වල ව්‍යාප්තිය හෙක්ටයාර 10,000 ක් පමණ වේ. රජයේ අරමුණ එම අගය හෙක්ටයාර 20,000 දක්වා වර්ධනය කිරීමට ය. නමුත් කටුපොල් වගාවෙන් ජනදිවියට, ජලයට හා ජෛව ප්‍රජාවට සිදු කරන බලපෑම් පිළිබඳව මෙම වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා යොමු වීමට ප්‍රථම කිසිදු අවධානයක් රජය විසින් සිදු කර නොමැත. [/SIZE] [SIZE=3][B]මාතර, ගාල්ල, කළුතර [/B]දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත කර ඇති කටුපොල් වගාව වර්තමානය වනවිට [B]රත්නපුර, කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල[/B] ස්ථාපිත කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. ලලාන් රබර් සමාගම විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරමින් තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කටුපොල් ශාකයේ ස්වාභාවික ව්‍යාප්තිය[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]https://www.vikalpa.org/wp-content/uploads/2018/07/2.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සිංහලෙන් කටුපොල් ලෙස හඳුන්වන මෙම ශාකය ඉංග්‍රිසියෙන් Palm oil” African oil palm හා Macaw Fat යන විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. මෙම ශාකය විද්‍යාත්මකව Nicholaas Jacquin ලෙස හඳුන්වන අතර එහි ස්වාභාවික නිජබිම බටහිර හා නිරිතදිග අප්‍රිකානු රටවල් ය. එය ඇංගෝලාවේ සිට ගැමිබියාව දක්වා පැතිර පවතින කලාපයි. 1763 දීNicholaas Jacquin නම් විද්‍යාඥයා විසින් ගිනියාවෙන් සොයාගත් ශාක නිදර්ශකයක් චිත්‍රයට නගමින් මෙම ශාකය විද්‍යා ලොවට හඳුන්වාදෙමින් නාමකරණය කර ඇති අතර ගිනියාවෙන් මෙම ශාකය සොයාගත් බැවින් gunineensi යන විද්‍යාත්මක නාමය මෙම ශාකයට ලබා දී තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කටුපොල් වගාවේ වෙනත් රටවල අත්දැකීම්[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වාණිජ වශයෙන් වැදගත් වන ශාකයක් ලෙස කටුපොල් ශාකය පළමු ව හඳුන්වා දී ඇත්තේ ලන්දේසින් විසින් 1848 දී ජාවා දූපත්වලට ය. 1910 දී Scotsman William හා Henry Darby විසින් මැලේසියාවට මෙම ශාකය හඳුන්වා දී තිබේ. ලෝකයේ විශාලත ම කටුපොල් වගා බිම් හිමිකරුවා වන්නේ Federal Land Development Authority නම් ආයතනයයි. මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ හෙක්ටයාර 900,000 ක් මෙම ආයතනයට හිමිය. මෙම අධිකාරිය පිහිටුවා ඇත්තේ 1956 ජුලි 01 වන දින මැලේසියාවේ ඉඩම් සංවර්ධන පනතට අනුව දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ය. කටුපොල් වගාව මෙම රටවල ස්ථාපිත කිරීම සඳහා වසර 20 ක දී ගෙවීම සඳහා වන ණය ලබා දෙමින් සහන සලසමින් මෙම වගා බිම් ස්ථාපිත කිරීමට අවශ්‍ය පෙළඹවීම සිදු කර තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]1957 දී මැලේසියාව බි්රතාන්ය යටත්විජිතයෙන් නිදහස් වූ පසුව 1960 සහ 1970 අතර කාලයේ දී ඇති වු රබර් මිල ගණන් පහත වැටීම නිසා එරට රජය කටුපොල් වගාව දිරිමත් කළේ ය. ඒ අනුව 1961 දී මැලේසියාවේ රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාවන් ස්ථාපිත කිරීම ඇරඹින. ඒ අනුව මැලේසියාවේ 1961 දී වර්ග කිලෝමීටර 3.75 ක් වු කටුපොල් වගා බිම් 2000 වසර වන විට වර්ග කිලෝමීටර් 6855.2 ක් දක්වා වර්ධනය විය. පසුව 2008 වසර වනවිට එරට පවුල් 112,635 ක් වෙනත් ප්‍රදේශවල පදිංචි කර කෘෂිකාර්මික බිම් වර්ග කිලෝමීටර 8533.13 ක් අලූතින් කටුපොල් වගාව සඳහා යොදා ගැණින.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මැලේසියාවේ ගොවීන් වගා කළ කුඩා කෘෂිකාර්මික වගා බිම්වල කටුපොල් වගාව ස්ථාපිත කිරීමට යොමු කර ගැනීම සඳහා 1966 දී Federal Land Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවා ඇත. මීට අමතර ව 1976 දී Sarawak Land Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවන ලදී. මෙම ප්‍රතිපත්තිමය හා ආයතනික ගොඩනැගීම මගින් මැලේසියානු රජය බලාපොරොත්තු වී ඇත්තේ විවිධ බෝග වගාවන් සිදු කළ සුළු පරිමාණ ගොවීන් කටුපොල් වගාව සඳහා යොමු කර ගෙන ජනතාවගේ දරිද්‍රතාවය අඩු කිරීම ය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම ප්‍රතිපත්තිමය යොමුවීම්වල ප්‍රතිඵලයක් ලෙස අද වන විට මැලේසියාවේ වගා බිම්, ප්‍රාථමික වනාන්තර, ද්විතීක වනාන්තර හා වගුරු බිම් ඉවත් කර කටුපොල් වගාව ස්ථාපිත කර තිබේ. මෙලෙස කටුපොල් වගාවට භාවිතා කර ඇත්තේ මැලේසියාවේ ආදිවාසී ජනතාව ජීවත් වූ ඔවුන්ගේ නිජබිම් ය. ඔවුන්ට භූමියට ඇති අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි කරමින් ඔවුන් එම ප්‍රදේශ වලින් ඉවත් කර තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාවේ ද 1967 සිට අද දක්වා වර්ග කිලෝමීටර 15,000 ක් පමණ වූ බිම් ප්‍රමාණයක් කටුපොල් වගාවට යොදාගෙන ඇත. ඉන් බහුතරයක් වගා බිම් සකස් කර ඇත්තේ ප්‍රාථමික, නොයිදුල් තෙත් වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කරමිනි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බෝර්නියෝ දූපත්වල වගුරු වනාන්තර ගිනිතබා විනාශ කර කටුපොල් වගාව ව්‍යාප්ත කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට බෝර්නියෝ රට ගංවතුරින් නිරන්තර පීඩාවට පත්වන රටක් බවට පරිවර්තනය වී ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සුමාත්‍රා දූපත්වල කටුපොල් වගාව සඳහා එළිපෙහෙළි කළ විශාල වනාන්තර ප්‍රමාණයේ ප්‍රතිඵලයක් ලෙස එරට ජීවත් වූ සුමාත්‍රා ව්යාඝ්රයින් (Sumatran Tiger) සුමාත්‍රා රයිනෝ (Sulatran Rhinos) ආසියානු අලින් (Asian Elephant) ඔරන් ඔටන් (Orangutan) ඇතුළු විශාල ක්ෂීරපායී සතුන් බොහෝමයක් වඳවෙමින් සිටී.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පැපුවා නිව්ගිනියාව, කොලොම්බියාව හා ඉන්දුනීසියාව වැනි රටවල ආදීවාසී ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වන්දි ලබා දීමකින් තොරව කටුපොල් වගා කිරීම් සමාගම් විසින් ඇති කර තිබේ. බොහෝ දූපත්වල ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම වගාබිම් ස්ථාපිත කර ඇත. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]2006 වසර වනවිට කටුපොල් වගා කර ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 11,000,000 ක් නැතහොත් වර්ග සැතපුම් 42,000 කි. මේ අනුව 2007 දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉන්දුනීසියාවේ වනාන්තර වලින් 98% ක් 2022 වනවිට කටුපොල් වගාව ඇතුළු හානි කර ක්රියාවලීන්වල ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණයෙන් ම විනාශ වී යනු ඇති බව ය. ඊට හේතුව 2021 වනවිට ලෝකයේ කටුපොල් වෙළෙඳපොළ ඩොලර් බිලියන 65.7 සිට ඩොලර් බිලියන 92.8 දක්වා වර්ධනය වන බවට හඳුනාගෙන තිබීම ය. එම වෙළෙඳපොළ අත්පත් කර ගැනීම සඳහා කටුපොල් වගා කරන රටවල්වල ක්‍රියාත්මක වන සමාගම් ශීඝ්‍රයෙන් තම වගා බිම් පුළුල් කරමින් සිටී. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අප රටේ කි‍්‍රයාත්මක වැවිලි සමාගම් ද මෙම වගාවෙන් කුමන හානි කර තත්ත්වයන් ඇතිවුව ද වේගයෙන් කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන්නේ මෙම වෙළෙදපොල අත්පත් කර ගැනීම සඳහා ය. ලාභය වෙනුවෙන් පමණක් කි‍්‍රයාත්මක වන මෙම සමාගම් වලට රුචි පරිදි මෙම කි‍්‍රයාවලිය සිදු කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ තෙත් හා වියළි කලාපයේ ජීවත් වන සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වීම ය. රජය මැදිහත් විය යුතු වන්නේ ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් හා කෘෂිකර්ම ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කර මේ හානි කර තත්ත්ව ඇති වීම පාලනය කිරීම සඳහාය . මෙවන් ප්‍රතිපත්ති කි‍්‍රයාත්මක නොවන රටක නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම සඳහා සමාගම් වලට අවශ්‍ය පරිදි මෙම කි‍්‍රයාවලිය මෙහෙයවීමට ඉඩකඩ ලබා දීමෙන් සිදු වන බලපෑම ඉදිරියේ දී මෙරට සුළු පරිමාණ ගොවියාට, සුළු පරිමාණ තේ නිෂ්පාදකයින්ට පමණක් නොව සියලූ රට වැසියාට දරුණු ලෙස අත් වි`දින්නට සිදු වනු ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ලංකාවේ වාණිජ වගාවන් හී ආරම්භය හා විකාශනය මගින් කටුපොල් වගාවේ අනාගත හානිකර ව්‍යාප්ති ප්රවනතා හඳුනාගැනීම[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අප රට දේශීය නොවන වාණිජ වගාවන්ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි්රතාන්ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි්රතාන්යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි්රතාන්යයන් විසින් කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර ඇති අතර අලි – ඇතුන් ජීවත් වූ තෙත් කඳුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබේ. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරිණ. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේ්තුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලූම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ලංකාවේ තේ වගාව ව්‍යාප්ත කිරීමට සමගාමී ව තෙත් හා අතරමැදි කලාපයේ වනාන්තර එළිපෙහෙළි කරමින් රබර් වගාව ව්‍යාප්ත කෙරින. 1876 දී ගම්පහ, හෙනරත්ගොඩ උද්භීද උද්‍යානයේ පළමු රබර් ශාකය රෝපනය කරමින් ආරම්භ කළ රබර් වගාව අද වන විට හෙක්ටයාර 133,668 ක් පුරා ව්‍යාප්ත ව පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොලේ රබර් මිල ගණන් වර්ධනය වීම හා පහළ බැසීම අනුව රබර් වගාව ව්‍යාප්ත කිරීම හා රබර් වගා බිම් වෙනත් භාවිතාවන් සඳහා යොදා ගැනීම තීන්දු වේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]යටත්විජිත යුගයේ දී බි්රතාන්යයන් විසින් ලංකාවේ ස්ථාපිත කළ හැකි වාණිජ බෝග පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීමේ දී උක් වගාව පිළිබඳ ව ද ඔවුන්ගේ අවධානයට ලක් ව තිබේ. උක් වගාව පිළිබඳ ව පළමු පර්යේෂණ සිදු කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ය. නමුත් එම කාල වකවානුවේ දී වාණිජ වගාවක් ලෙස උක් වගාව ව්‍යාප්ත කර නොතිබුණි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව වාණිජ වශයෙන් උක් වගාව ව්‍යාප්ත කිරීම ඇරැුඹිනි. 1956 වන විට වියළි කලාපයේ වාණිජ වගාවක් වශයෙන් උක් වගාව ව්‍යාප්ත කර තිබේ. 1973 හා 1994 වසරවල දී වියළි කලාපයේ වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි කර උක් වගාව මහ පරිමාණයෙන් ව්‍යාප්ත කෙරින. මේ වනවිට [B]පැල්වත්ත, හිඟුරාන, සෙවණගල, කන්තලේ, මොණරාගල හා අම්පාර යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 30,530 ක භූමි ප්‍රමාණයක උක් වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මීට අමතර ව මේ වන විට වරින්වර බිබිල ප්‍රදේශයේ අක්කර 62,500 ක උක් වගා බිම් අලූතින් ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී.[/B] වෙළෙඳපොළ ඉල්ලූමත් සමඟ ම හා මෙම වගාව ව්‍යාප්ත කිරීමේ දී වසර කිහිපයක් තුළ පස නිසරු වීමත් සමඟ ඵලදායිතාවය බිඳ වැටෙන අවස්ථා වල දී සමාගම් උත්සාහ දරන්නේ අලූතින් වගා බිම් ස්ථාපිත කර ඵලදායීතාව වැඩි කර ගැනීමට ය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අද වන විට වැණිජ වගාවක් ලෙස බඩඉරිඟු වගා බිම් වියළි කලාපය ආක්‍රමණය කරමින් තිබේ. මිශ්‍ර බෝග වගා කළ හේන් වගා බිම්වල අද වන විට වගා කෙරෙන්නේ බඩඉරිඟු පමණි. 1961 වන විට හෙක්ටයාර 12,957 ක් ව පැවති බඩඉරිඟු වගා බිම් ප්‍රමාණය අද වන විට හෙක්ටයාර 72,390 ක් දක්වා වර්ධනය වී තිබේ. මිනිසුන්ට දෛනික පරිභෝජනය සඳහා වැදගත් වන බෝග නිපද වූ හේ්න් වගා බිම්වල අද වන විට සත්ත්ව ආහාරක් ලෙස ඒක බෝග වගාවක් ලෙස බඩඉරිඟු වගා කෙරේ. මේ සඳහා පවතින ඉල්ලූම හා මිල ඉහළ අගයක පැවතීම නිසා ශීඝ්‍රයෙන් බඩඉරිඟු වගාවට ගොවීන් ප්‍රවිෂ්ඨ වෙමින් සිටී.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ වන විට වාණිජ වගාවක් ලෙස ඩෝල් සමාගම අපනයනය කිරීම සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය වියළි කලාපයේ ප්‍රදේශ ගණනාවක වගා කර තිබේ. කන්තලේ, කුඩා ඔය, දෙමෝදර, බුත්තල ආදී ප්‍රදේශ ගණනාවක අක්කර 5000 ක් පමණ මේ වන විට කැවැන්ඩිස් කෙසෙල් වගාව සඳහා යොදා ගෙන ඇත. 2011 වසරේ දී පොළොන්නරුව, කන්දකාඩුව ප්‍රදේශයේ අක්කර 11,650 ක් අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීමට ඩෝල් සමාගමට ලබා දෙන ලදී. නමුත් එය පරිසර සංවිධානවල මැදිහත්වීම මත වළක්වා ගත හැකි විය. එසේ වුවත් අද වන විට මෙම වගාව ප්රමුඛ වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීම සඳහා උත්සහ දරමින් සිටී. මේ අනුව පෙනී යන්නේ ඒක බෝග වාණිජ වගාවන් මෙරට ස්ථාපිත කිරීමෙන් පසුව ශීඝ්‍රයෙන් අප රටේ ඉඩම් හා වනාන්තර ආක්‍රමණය කරමින් විවිධ සමාගම්වල මැදිහත්වීම මත එම වගාවන් මහ පරිමාණයෙන් ව්‍යාප්ත කරන බව ය. මේවා ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් ගැටලූ ගණනාවකට මුහුණ දීමට සිදු වේ. ජල ප්රශ්නය, අලි-මිනිස් ගැටුම, වගා බිම් අහිමි වීම, වගා බිම්වල ඵලදායීතාවය බිඳවැටීම වැනි ගැටලූ බොහෝමයක් ඒ හේතුවෙන් උද්ගත වේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ තත්වයන් මේ ආකාරයෙන් පවතිද් දී තවදුරටත් වාණිජ වගාවන් ස්ථාපිත කිරීමට යොමු වීම මගින් අප රටේ ස්වාභාවික සම්පත් සියල්ල මෙන් ම සුළු ගොවීන් ද බලපෑමට ලක් වන අතර අවසන් ප්‍රතිඵලය රටේ ආහාර ස්වෛරීභාවය බිඳ වැටීම ය. මේ යථාර්ථය අවබෝධ නොකර තවදුරටත් කටුපොල් වැනි වාණිජ වගාවන් අප රට තුළ ස්ථාපිත කිරීමට ප්‍රතිපත්තිමය යොමු වීම් ලබා දීම ගැටලූ රැුසක් මතු කිරීමට හේතු වේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ තත්ත්වය අවබෝධ කර නොගන්නා රජයන් නීති විරෝධී ව විවිධ සමාගම් විසින් මෙරට ව්‍යාප්ත කරන කටුපොල් වගාවට එරෙහි ව කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගැනීම හා ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් නොගැනීම නිසා ඇති වන ගැටලූ තව දුරටත් වර්ධනය වෙමින් තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කටු පොල් වගාව නීති විරෝධී වන්නේ කෙසේ ද?[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]https://www.vikalpa.org/wp-content/uploads/2018/07/4-1024x768.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වෙළෙදපොල ඉල්ලූමත් සමඟම රබර් හා සමහර තේ වගා බිම් ඉවත් කර විවිධ සමාගම් විසින් කටුපොල් වගාව තම හිතුමතය පරිදි ව්‍යාප්ත කරමින් සිටිය ද ජාතික පාරිසරික පනතට අනුව එලෙස මහ පරිමාණ වගා බිම් ඉවත් කරමින් කටුපොල් වගාව ව්‍යාප්ත කළ නොහැකි ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 125 කට වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එක වර ඉතා විශාල භූමි ප්‍රදේශ වල රබර් හා අතහැර දැමූ තේ වගා බිම් එළිපෙහෙළි කර කටුපොල් වගා කරනු ලබන්නේ මෙම නීති උල්ලංඝනය කරමිනි. එපමණක් නොව එම ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත යම් භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරන ගැසට් නිවේදනයට අනුව තෙත් කලාපයේ කදුකර ප්‍රදේශ සියල්ල ම පාංශු සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එලෙස ප්‍රකාශයට පත් කළ පාංශු සංරක්ෂණ ප්‍රදේශ වල රබර් වගා බිම් හා වෙනත් වගා බිම් ඉවත් කර පස සම්පූර්ණයෙන් ම නිරාවරණය කර අලූතින් කටුපොල් වගා කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව අනුමැතිය ලැබුණහොත් පමණක් එම වගා බිම් ව්‍යාප්ත කළ හැකි ය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නමුත් මේ නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් සමාගම්වලට රිසිසේ ඉතා ම හානි කර වාණිජ වගාවක් ලෙස ලෝකයේ හඳුනාගෙන ඇති කටුපොල් වගාව මේ වන විට තෙත් කලාපයේ බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්ත කිරීම වහා ම නතර කිරීමට රජය කටයුතු කළ යුතු ය. එපමණක් නොව ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම සඳහා ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කළ යුතු අතර ඌන උපයෝජිත රබර් වගා බිම් හා තේ වගා බිම් ආහාර භෝග වගා කිරීම සඳහා සුළු පරිමාණ ගොවීන්ට ලබා දිය යුතු අතර හඳුනාගත් සංවේදී ප්‍රදේශ පාංශු සංරක්ෂණ හා ජල සංරක්ෂණ ප්‍රදේශ ලෙස සංරක්ෂණය කිරීම හා වනාන්තර ජාල ගත කිරීම සඳහා නැවත වන වගාවන් සඳහා භාවිතා කළ යුතු ය. ඒ තුළින් මෙරට ජනතාවගේ ජල සුරක්ෂිතතාව, සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික අයිතීන් හා පොදු භාවිත සම්පත් වල අයිතිය තහවුරු කළ යුතු ය. ඒ සඳහා ප්‍රතිපත්ති හා නීති සම්පාදනයට රජයට බලපෑම් කිරීම අපගේ වගකීමකි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom