Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩදාසි නගරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩදාසි නගරය

මෙයට වසර පනහකට පමණ පෙර පොලොන්නරුව හරහා මඩකලපුව දෙසට ගමන් කල පිදුරු පැටවූ ලොරි කුඩා කල අපට මහත් පුදුමයක් ගෙනදුන් රථ පෙලක් විය...

හතරැස් කුට්ටි වලට කිටි කිටියේ ගැට ගැසූ පිදුරු මිටි ලොරිය තුලත් පිටුපස දොර ඇර ඒ තුලින් ලොරියෙන් තවත් අඩි තුනක් හතරක් පිටතට නෙරා එන සේද ලොරියේ වහලය මතද අටවා ගත් මේ පිදුරු කඳු සහිත ලොරි කොහි යන්නේදැයි එකල අපි නොදැන සිටියෙමු..

පසු කලෙක පිදුරු මිටි කඳු වෙනුවට එසේ ගිය ලොරි පේලි තුල විවිධ කර්මාන්තශාලා තුලින් කැපී ඉවත්වූ කඩදාසි පටි රෝල් පිදුරු ලෙසම ලොරියෙන් මතුපිටත් පිටටත් නෙරා යනසේ පටවාගෙන යන මේ කඩදහි රෝල් පිදුරු වලට වඩා අපට විනෝදාත්මක විය. ඒ මන්ද යත් ගැට ගැසූ කඩදාසි පටිරෝල් අතරන්ි බුරුල් වුනු ඇතැම් පටි තොගයක් ලොරියෙන් ගිලිහී මහපාර මැද්දේ වැටීමය.

කුඩා අපට ඒවා මහරු වස්තූන් විය.

නොනවත්වාම යන මේ පිදුරු ලොරි පේලියත් කඩදාසි අබලි පටි පිරවූ ලොරි පේලියත් මේ යන්නේ මඩකලපුව වාලච්චේන පිහිටි කඩදාසි කර්මාන්ත ශාලාවට බව මම දැනගන්නා විට මට වයස අවු 12 ක් තරම් විය.

1973 දි පමණ අප සහභාගී වූ පාසැල් අධ්‍යාපන චාරිකාවේදි වාලච්චේන කඩදාසි කම්හලට රැගෙන ගියා මතකය..

ඉතා කුඩාඑකියක වූ මට එය සිහින සාප්පුවකට ගිය ගමනක් බඳු විය.

මුල්වරට දුම් රියත් බස් රියත් එකටම දිවෙන මනම්පිටිය මුල්වරට දුටුවේ එදාය.. වාලච්චේන කඩදාසි කම්හලට පිවිසෙන්නට පෙරත් එවැනි පාලමකි..යකඩ ගරාදි යෙදූ ආරුක්කු පාලම ඔස්සේ අහස සූරණ මැදුරු සහිත කම්හල් බිමෙහි මට මතක තිබුනේම තෙත බරිත පිදුරු සහිත ආවාටයක් දෙස කුඩා අප ගරාදි වැටක එල්ලීගෙන බලා සිටිද්දීම ලොරි පිටින් පටවාගෙන ආ පිදුරු මිටි උනුසුම් ජලයක ඇඹරි ඇඹරි දෝනාවක් තුල නොපෙනී යන්නේය.. ඊලඟ වතාවේ මම දුටුවේ අඳුරු පැහැ පල්පයකි.. අවසන් වතාවේ සුදු පැහැ කඩදාසි ය රෙද්දක් සේ දිග ඇදී ගොස් බම්බුවක එතෙන අයුරුත් දුටුවා මතකය...

කම්හලේ පෝලිමේ යන අතරතුර එක්තරා තැනකදී එහි සේවක මහතෙකු අධික පිපාසයෙන් සිටි අපට එහි බිත්තියක හිඩැසකින් බිංදුව බිංදුව ගලා ජලය ස්වල්පය බැගින් කෝප්පයකට හලා දුන්නේය..

මම ජීවිතයේ මුල් වරට සිසිල් කල ජලය පානය කලේ එහිදීය. එය සිය දහස් වර පෙරී ආ මෙලොව හොඳම පිරිසිදු ජලය බව ඒ සේවක මහතා කීවා මතකය.

ඉතින් එතැන් සිට මට කියවන පොත පත, ඇක්සයිස් පොත් ආදී කඩදාසියෙන් නිර්මිත සියල්ල දකිද්දී මම ආඩම්බරයෙන් උදම් වූයේ වෙන කිසිවක් නිසා නොවේ.. මේ පොත පත මුද්‍රණය කරන්නට දායක වූ කඩදාසිය නිර්මාණය වූයේ මගේ නිවසේ සිට පැයකටත් වඩා අඩු වේලාවකින් යා හැකි තරම් කෙටි දුරක පිහිටි කම්හලකින් බව හිතට දැනෙද්දීය..

ඉතින් එතැන් සිට මගේ නිවස පසු කොට නැගෙනහිර දෙසට ගිය පිදුරු පැටවූ හා අබලි හා ඉවතලන කැපුම් කඩදාසි පිරවූ ලොරි තොග දකිද්දීත් අනතුරුව බටහිර දෙසට යන වාලච්චේන කඩදාසි කම්හල යැයි බඳේ සටහන් කල ලොරි තුල පැටවු සුදෝ සුදු කඩදාසි රීම් දකිත්දීත් කුඩා මම ආඩම්බර වීමි.

ගතව ගිය කාලය තවත් වසර දහයක තරම් ය. 1980 වසරෙන් අනතුරුව නැගෙනහිරටත් බටහිරටත් ගමන් කල එවැනි ලොරි මම යලි කිසිදු දිනෙක දුටුවේ නැත.

වාලච්චේන පිහිටි ශ්‍රී ලංකාවේ මුල්ම කඩදාසි කම්හල වු මෙය විවෘත කලේ 1956 වසරේදීය.

එකල නැගෙනහිර ඕලුවිල්, ඔට්ටමාවාඩි,අක්කරපත්තු,සම්මන්තුරේ, අම්පාර, තොප්පිගල, ආදී ස්තාන වල මෙම කම්හල සඳහා පිදුරු සැපයූ මධ්‍යස්ථාන පිහිටුවා තිබුනි. පොලොන්නරුවේ ත්රිකුනාමලයේ ද ගොවිබිම් වල ඉතිරිවන පිදුරු අද මෙන් ගිනි තබා විනාශ නොකල ගොවීහු ඒවා තම ගොවිබිම් වෙත පැමිනෙන පිදුරු එකතු කරන්නන් වෙත නොමිලේම පටවා දුන්හ.

කම්හලෙහි සේවකයෝ දෙදහසකට අධික සංඛ්‍යාවක් සේවය කල අතර කම්හලෙන් දෛනිකව කඩදාසි මෙට්‍රික් ටොන් දෙසීයයක් නිෂ්පාදනය කරන ලදැයි වාර්තා වී තිබිනි. කඩදාසි මෙට්‍රික් ටොන් එකක් නිෂ්පාදනය කරන්නට විදුලි ඒකක 3200 ක් වැය විනි.

එකල කඩදාසි කම්හල පිහිටි කර්මාන්ත ශාලාව වෙත අවශ්‍ය ඉන්ධන සැපයීම උදෙසා එමගොඩනැගිලි සංකීර්ණ සමූහය වෙත ධාවනය වූ දුම් රියෙහි ගැලුම් 5000 ක් පිරවූ ඉන්ධන ටැංකි පටවාගෙන ගිය බව අද ඒ ආසන්නයේ ජීවත්වන වැඩිහිටියෝ පවසති.

කම්හලෙහි පිදුරු තැම්බීම සඳහා භාවිතා කල යෝධ තඹ බොයිලේරු ජර්මණියෙන් ආනයනය කර තිබිනි.

අක්කර 500 ක වපසරියකින් යුත් කම්හල් බිමට අමතරව පසු කලෙක කඩදාසි නිෂ්පාදනය සඳහා වන පිදුරු අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වූ කල ඒආසන්නයේ වනබිමෙහි තවත් අක්කර හත්සියයක යුකැලිප්ටස් වගා කලේය.

අදද පුනානි පසුකොට මඩකලපුව බලා ගමන් කරද්දී අපට බටහිර වනාන්තර බිමක් සිහිකරමින් යුකැලිප්ටස් වගාවේ ඉතිරි ව පවතින යායන් දිස්වේ.

මේ මාවතේ අප නැගෙනහිර බලා ගමන් කරද්දී බටහිරින් තොප්පිගල පෙනෙද්දි නැගෙනහිරින් දිස්වන ජලාශය වාකනේරී වැවය.

එකල වාලච්චේන පිහිටි කඩදාසි කම්හල වෙත නිෂ්පාදනය සඳහා වන ජල අවශ්‍යතාවය සපුරාගෙන ඇත්තේ මෙම වාකනේරි ජලාශයෙනි. ඒ දෛනිකව ජල ගැලුම් ලක්ෂ 25 ක් බැගින් බව කියති.

1972 වර්ෂයේදී සිරිමාවෝ රජය අනුග්‍රයෙන් ඇඹිලිපිටියෙහිද කඩදාසි කම්හලක් විවෘත කල ඇතර 1977 දී එහිද නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹිනි.වාලච්චේන කඩදාසි කම්හල ලැබූ ලාභය කෙතෙක්ද යත් ඔවුන් අගනුවර යුනියන් ප්ලේස් පෙදෙසින් මහා පරිමාණයේ මහල් ගොඩනැගිල්ලක්ද මිළට ගනු ලැබිනි.පසු කලෙක එය විකුනා දැමිනි.අද වන විට එය පෞද්ගලික ආයතනයකට අයිතිය.

කම්හලෙහිත් ඉන් පිටතත් රැකියා අවස්තා බොහොම විය. එහෙත් 1980 වසර වන විට මෙමෙ කම්හල් දෙකෙහිම සේවය කල සේවක සංඛ්‍යාව 400 දක්වා පහත බැස තිබිනි.

1983 කලු ජූලිය අගනුවර දවාලද්දි නැගෙනහිර ගිනියම් වූයේ වාලච්චේන කඩදාසි කම්හල සදහටම අඳුරු කරමිනි.

එතැන් සිට වාලච්චේන කඩදාසි කම්හල පිහිටි කඩදාසි නගරය නම් දුම්රිය නැවතුම් පලෙහි දුම්රිය නැවතුනේ නැත.යලි දුම්රියේ පටවාගත් විශාල ඉන්ධන ටැංකි එහි පැමිණියේ නැත.

කෙමෙන් හිමින් හිමින් පුපුරා ගිය ගිණි පුලිඟු පුපුරු බර අවි මෝටාර් දක්වා වර්ධනය වෙද්දි අප ඉතින් තව දුරටත් කඩදාසි කම්හලට නොව මඩකලපුව තෙක් ගමන් කරන දුම්රිය ද දුටුවේ නැත..

2003 වර්ෂයේ මම යලි නැගෙනහිර පෙදෙසේ සංචාරයකට එක්වීමි.

මනම්පිටියේ සිටම ගමන අනතුරුදායකය. පුනානි පසු කරද්දි දක්නට ලැබෙන යුකැලිප්ටස් වනාන්තරයේ තැන තැනසැඟවුනු හමුදා කඳවුරුය. ගස් ගල් අතරේ සැඟවුනු සොල්දාදුවන් ය. මා යලිත් මේ ගමන් කරන්නේ වසර 20 කට ආසන්න කාලයක් තිස්සේ දුම්රියක් නොනැවතුනු කඩදාසි නගරය දුම්රිය ස්තානයටයි... වාලච්චේන පාලම පිවිසුමෙන්ම එහි ඇතුලත්වීම තහනම් ය. එහෙත් වාලච්චේන කඩදාසි කම්හල් භූමියේ ඒ වන විට ස්තාපිත 552 වැනි යුධ හමුදා බල සේනාංකයේ ස්තාපිත නැගෙනහිර කඳවුරෙහි අණදෙන නිලධාරි ගේ ආරාධනයක් හෙයින් අපට එහි ඇතුල් වීමට අවසර ලැබිනි.

තිස් වසරකට පෙරාතුව මා කුඩා එකියක සංදියේ දුටු බොහෝ සේවකයින් ගෙන් ගහන හෝ හෝ හඬ නඟන යන්ත්‍ර සමුදායක හඬ සහිත කලබල කාරි කම්හල් ගොඩනැගිල්ලක් එහි නැත..

උසට උසේ පෙනෙන නටඹුන් ගොඩනැගිලි දිරාපත් යකඩ ගරාදි වහලවල් පමණි...

තාවකාලික යුධ හමුදාකඳවුරක් කරගෙන තිබෙන අතීත කාර්යාල පද්ධතිය පමණක් පිලිවෙලට දකින්නට ලැබෙන්නේ යුධ හමුදා කඳවුරක් බැවිනි.

ඊට ඉතා නුදුරේ තොප්පිගල මහ කොටි කඳවුරය.. කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ලවේදැයි අවිනිශ්චිතය. කුඩා දැරියක ව මෙහි පැමිණ ඇවිද යද්දි තිබුනු සාමකාමි බව හෝ කාර්යක්ෂමතාවය මෙහි නැත. ඇත්තේ කොතැන හෝ සිටගෙන අප දෙස රවාගෙන සිටින මාරයාගේ බිහිසුනු නිශ්ශබ්දතාවය පමණි.

මා මෙහි එන්නට පෙර දිනයේද වාලච්චේනට නුදුරේ යුධ හමුදා කඳවුරක් වෙත එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන සතුරෙකු විසින් පදවාගෙන පැමිණි ට්‍රැක්ටරයක් පුපුරා යාමෙන් සොල්දාදුවන් දෙදෙනෙකු මියගොස් තිබිනි.

කම්හල සතු බොහෝ යකඩ කඳන් හා උපකරණ ඒ වන විටත් සොර සතුරන් හෝ ත්රස්තවාදීන් විසින් ගලවා ඉවත්කරගෙන තිබිනි.

කම්හල ආසන්නයට මගේ තුන්වැනි ගමන සිදුවූයේ 2004 දෙසැම්බර් 27 වෙනි දිනය සුනාමි අනතුර පිලිබඳ ප්රවෘත්ති ය වාර්තා කිරීමටය.

වාලච්චේන කඩදාසි කම්හලට මගේ සිවු වැනි ගමන සිදුවූයේ යුද්ධයෙන් අනතුරුව සියල්ල සාමකාමී වීමෙන් පසුවය.

2007 ඔක්තෝම්බර් වලින් පසු එතෙක් දුම් රියත් බස් රියත් එකම මඟ ගමන් කල ලංකාවේ එකම පාලම මනම්පිටියේ පාලම ද වෙනස් විය. දැන් එහි දිවෙන්නේ දුම් රිය පමණි. ඊට සමාන්තරව අනෙකුත් වාහන ගමනාගමනය සඳහ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමද ඉදිවී අවසන්.

මෙයට මාස හත අටකට ඉහත මම යලිත් කඩදාසි නගරයට ගියෙමි.

ඇතැම් බටහි චිත්‍රපටයක සඳහන් හොල්මන් නගරයක් මට මැවී පෙනේ..

වටිනාකම මෙතෙකැයි කිව නොහැකි මහා සම්පතක් කැලෑවට යටව දිරාපත්ව යමින් තිබිනි. එල්ටීටීඊ ය එහි පැනසොරාගත්තේයැයි කීවාට වඩා මහා පරිමාණයක යන්ත්‍ර සූත්‍ර යුද්ධෙන් පසු හොරු හෝ ඊට ඇතුල්විය හැකි අවසර ලත් අය ගලවාගෙන ගොසිනි.

අර යෝධ ජර්මන් තඹ බොයිලේරු කිසිවෙකුට ගලවාගත නොහුනු හෙයින් තවමත් නිරුපද්‍රිතය. ඇඹිලිපිටියටත් මේ සන්තෑසියමවන්නට ඇත.

කම්හලේ සේවකයින් විසින් පාවිච්චිකල එහෙත් මෙයට වසර තිහකට පෙරාතුව ඔවුන් සේවයෙන් ඉවත්ව යද්දි ගරාජයෙහි නවතා තබා ගිය කහපැහැති පාපැදි වල සැකිලි පේලියක් දක්නට තිබේ. සේවකයින් ගේ පාපැදි සුරක්ෂිතව නවතා තබන්නට හැකි වහලය සහිත දිග ශාලාවකි. එහි සිමෙන්තියෙන් ඉදිකල පාපැදි රඳවනයන් වර්තමාන පහසුකම් සහිත කර්මාන්ත ශාලාවකවත් දකින්නට නැත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික කඩදාසි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න බව කියැවේ.. ඇතැම් පුවත්පත් ආයතන වැසී යන්නේ විදේශයෙන් ගෙන්වන කඩදාසි වියදම දරාගත නොහැකි බව පවසමිනි. පෙර මෙන් රෝහල් හි බෙහෙත් ටික ඔතා දෙන්නටවත් කඩදාසි නැතැයි කියති. පොත් කතුවරු පොතක් ලියා එය මුද්‍රණය කරගැනීමට අවැසි කඩදාසි මිළ ගණන් අසා හූල්ලා පොත පලකිරීම අත් හරිති.

කම්හලට පානීය ජලය සැපයූ යෝධ ජල පවිත්රාගාරයක්ද දක්නට තිබේ.මෙහි සේවය කල ඉහල සහ පහල නිලධාරි කණ්ඩ වලට අයත් සුව පහසු නිල නිවාස කැලෑවට ගොසිනි. එතුල තිබුනාවු සුව පහසු නාන කාමර වලට සවිකල ජර්මනියෙන් ආනයනය කල උපාංග ඇතැම් ඒවා අදටද ප්‍රයෝජනයට ගත හැක.

ඇතැම් නිල නිවසක සාලයේ තැබූ වටිනා කියන පුටු කට්ටල මීට වසර තිහකට පෙර එහි විසුවෝ තබා ගිය තැන්වලමය. ඇතැම් විට යුධ සමයේ මෙහි විසූ හමුදා නිලධාරීන් ඒවා ප්‍රයෝජනයට ගන්නට ඇත.

තනිකඩ නිල නිවාසයන්හි කාමරවල තවමත් සුරක්ෂිත අඩි තුනේ ඇඳන් හොල්මන් මන්දිර වල තිබෙන ආකාරයට යෝධ මකුලු දැල් වලින් වැසී තිබේ..

අක්කර 700 ක් ව තිබුනු කම්හල් ඉඩම අක්කර තුන් හාරසියයක් දක්වා අඩුවී තිබෙන්නේ පෙර තිබූ වැට මායිම් ගැලවී ඒවා ඉඩම ඇතුලට ඇවිදගෙන ගොස් ප්‍රදේශවාසීන් එම ඉඩම් කොටස් තම භුක්තියට ගෙන ඇති නිසාය.

ඉකුත් රජය පාලන සමයේ දකුණු කොරියාව ශ්‍රී ලංකාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 20 මූල්‍ය ප්‍රදානයක් සහිතව ජර්මනියේ වොයින් සමාගමත් දකුණු ආසියානු කලාප බාර නියෝජිත ඉන්දියන් යෙස්ට් ආයතනයත් එක්ව මෙම කඩදාසි කම්හල යලි ඇරඹීමේ කටයුතු සඳහා ගිවිසුම් අත්සන් කොට තිබිනි.

2003 වසරේ මා එහි යද්දි යුධ හමුදාව විසින් නඩත්තු කල කොඩිගස හා පොකුණ පමණක් තවමත් ජරාවාස වී නැත.මෙයට මාසයකට පමණ ඉහත මා එහි යද්දී අමනුස්ස බියක් හේතුවෙන් අත් හරින ලද පාලු නගරයක් සේ දිස්වූ වාලච්චේන කඩදාසි කම්හල පෙර සේ ගොඩනැගීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය අතගසා තිබෙන ආරංචිය ආවේ මේ නොබෝදාය. දැන් එහි ලහි ලහියේ නවීකරණ කටයුතු ආරම්භ වී ඇතැයි ද යුධ හා නාවික හමුදාව කඩදාසි නගරය අලුතින් නිර්මාණකරනයේ ලා මහා වෙහෙසක් දරන බවද සැලය. හොල්මන් නගරයක් සේ අඳුරේ සැඟව යන්නට ගිය කඩදාසි නගර දුම්රිය ස්තානයේ යලිත් නුදුරේම කොලඹ මඩකලපුව දුම්රිය නවතනු ඇති. අඩ සිය වසකට පසු ඉදින් යලිත් පොලොන්නරුව හරහා වාලච්චේනට පිදුරු පැටවු ලොරිත්. එහි සිට කොලඹට කඩදාසි පිරවූ ලොරිත් යන එනවා මගෙන් පසු උපන් තුන්වැනි පරම්පරාවටත් දකින්නට ලැබෙනු ඇති.

ඉන්දුමතී ජයසේන

උපුටා ගැනීමකි

[QUOTE="sadeeep, post: 25395877, member: 46452"] [B]කඩදාසි නගරය[/B] [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/06/28/sil-06-30-kadadasi.jpg?itok=N7viAOld[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/96707306_1657364751117093_6734593090465562624_n.jpg?_nc_cat=107&_nc_sid=8024bb&_nc_ohc=q170XVnQJ_kAX_5xV0X&_nc_ht=scontent.fcmb2-1.fna&oh=c0793e05c4bccd019ecc83891d23c6c8&oe=5EE44147[/IMG] මෙයට වසර පනහකට පමණ පෙර පොලොන්නරුව හරහා මඩකලපුව දෙසට ගමන් කල පිදුරු පැටවූ ලොරි කුඩා කල අපට මහත් පුදුමයක් ගෙනදුන් රථ පෙලක් විය... හතරැස් කුට්ටි වලට කිටි කිටියේ ගැට ගැසූ පිදුරු මිටි ලොරිය තුලත් පිටුපස දොර ඇර ඒ තුලින් ලොරියෙන් තවත් අඩි තුනක් හතරක් පිටතට නෙරා එන සේද ලොරියේ වහලය මතද අටවා ගත් මේ පිදුරු කඳු සහිත ලොරි කොහි යන්නේදැයි එකල අපි නොදැන සිටියෙමු.. පසු කලෙක පිදුරු මිටි කඳු වෙනුවට එසේ ගිය ලොරි පේලි තුල විවිධ කර්මාන්තශාලා තුලින් කැපී ඉවත්වූ කඩදාසි පටි රෝල් පිදුරු ලෙසම ලොරියෙන් මතුපිටත් පිටටත් නෙරා යනසේ පටවාගෙන යන මේ කඩදහි රෝල් පිදුරු වලට වඩා අපට විනෝදාත්මක විය. ඒ මන්ද යත් ගැට ගැසූ කඩදාසි පටිරෝල් අතරන්ි බුරුල් වුනු ඇතැම් පටි තොගයක් ලොරියෙන් ගිලිහී මහපාර මැද්දේ වැටීමය. කුඩා අපට ඒවා මහරු වස්තූන් විය. නොනවත්වාම යන මේ පිදුරු ලොරි පේලියත් කඩදාසි අබලි පටි පිරවූ ලොරි පේලියත් මේ යන්නේ මඩකලපුව වාලච්චේන පිහිටි කඩදාසි කර්මාන්ත ශාලාවට බව මම දැනගන්නා විට මට වයස අවු 12 ක් තරම් විය. 1973 දි පමණ අප සහභාගී වූ පාසැල් අධ්‍යාපන චාරිකාවේදි වාලච්චේන කඩදාසි කම්හලට රැගෙන ගියා මතකය.. ඉතා කුඩාඑකියක වූ මට එය සිහින සාප්පුවකට ගිය ගමනක් බඳු විය. මුල්වරට දුම් රියත් බස් රියත් එකටම දිවෙන මනම්පිටිය මුල්වරට දුටුවේ එදාය.. වාලච්චේන කඩදාසි කම්හලට පිවිසෙන්නට පෙරත් එවැනි පාලමකි..යකඩ ගරාදි යෙදූ ආරුක්කු පාලම ඔස්සේ අහස සූරණ මැදුරු සහිත කම්හල් බිමෙහි මට මතක තිබුනේම තෙත බරිත පිදුරු සහිත ආවාටයක් දෙස කුඩා අප ගරාදි වැටක එල්ලීගෙන බලා සිටිද්දීම ලොරි පිටින් පටවාගෙන ආ පිදුරු මිටි උනුසුම් ජලයක ඇඹරි ඇඹරි දෝනාවක් තුල නොපෙනී යන්නේය.. ඊලඟ වතාවේ මම දුටුවේ අඳුරු පැහැ පල්පයකි.. අවසන් වතාවේ සුදු පැහැ කඩදාසි ය රෙද්දක් සේ දිග ඇදී ගොස් බම්බුවක එතෙන අයුරුත් දුටුවා මතකය... කම්හලේ පෝලිමේ යන අතරතුර එක්තරා තැනකදී එහි සේවක මහතෙකු අධික පිපාසයෙන් සිටි අපට එහි බිත්තියක හිඩැසකින් බිංදුව බිංදුව ගලා ජලය ස්වල්පය බැගින් කෝප්පයකට හලා දුන්නේය.. මම ජීවිතයේ මුල් වරට සිසිල් කල ජලය පානය කලේ එහිදීය. එය සිය දහස් වර පෙරී ආ මෙලොව හොඳම පිරිසිදු ජලය බව ඒ සේවක මහතා කීවා මතකය. ඉතින් එතැන් සිට මට කියවන පොත පත, ඇක්සයිස් පොත් ආදී කඩදාසියෙන් නිර්මිත සියල්ල දකිද්දී මම ආඩම්බරයෙන් උදම් වූයේ වෙන කිසිවක් නිසා නොවේ.. මේ පොත පත මුද්‍රණය කරන්නට දායක වූ කඩදාසිය නිර්මාණය වූයේ මගේ නිවසේ සිට පැයකටත් වඩා අඩු වේලාවකින් යා හැකි තරම් කෙටි දුරක පිහිටි කම්හලකින් බව හිතට දැනෙද්දීය.. ඉතින් එතැන් සිට මගේ නිවස පසු කොට නැගෙනහිර දෙසට ගිය පිදුරු පැටවූ හා අබලි හා ඉවතලන කැපුම් කඩදාසි පිරවූ ලොරි තොග දකිද්දීත් අනතුරුව බටහිර දෙසට යන වාලච්චේන කඩදාසි කම්හල යැයි බඳේ සටහන් කල ලොරි තුල පැටවු සුදෝ සුදු කඩදාසි රීම් දකිත්දීත් කුඩා මම ආඩම්බර වීමි. ගතව ගිය කාලය තවත් වසර දහයක තරම් ය. 1980 වසරෙන් අනතුරුව නැගෙනහිරටත් බටහිරටත් ගමන් කල එවැනි ලොරි මම යලි කිසිදු දිනෙක දුටුවේ නැත. වාලච්චේන පිහිටි ශ්‍රී ලංකාවේ මුල්ම කඩදාසි කම්හල වු මෙය විවෘත කලේ 1956 වසරේදීය. එකල නැගෙනහිර ඕලුවිල්, ඔට්ටමාවාඩි,අක්කරපත්තු,සම්මන්තුරේ, අම්පාර, තොප්පිගල, ආදී ස්තාන වල මෙම කම්හල සඳහා පිදුරු සැපයූ මධ්‍යස්ථාන පිහිටුවා තිබුනි. පොලොන්නරුවේ ත්රිකුනාමලයේ ද ගොවිබිම් වල ඉතිරිවන පිදුරු අද මෙන් ගිනි තබා විනාශ නොකල ගොවීහු ඒවා තම ගොවිබිම් වෙත පැමිනෙන පිදුරු එකතු කරන්නන් වෙත නොමිලේම පටවා දුන්හ. කම්හලෙහි සේවකයෝ දෙදහසකට අධික සංඛ්‍යාවක් සේවය කල අතර කම්හලෙන් දෛනිකව කඩදාසි මෙට්‍රික් ටොන් දෙසීයයක් නිෂ්පාදනය කරන ලදැයි වාර්තා වී තිබිනි. කඩදාසි මෙට්‍රික් ටොන් එකක් නිෂ්පාදනය කරන්නට විදුලි ඒකක 3200 ක් වැය විනි. එකල කඩදාසි කම්හල පිහිටි කර්මාන්ත ශාලාව වෙත අවශ්‍ය ඉන්ධන සැපයීම උදෙසා එමගොඩනැගිලි සංකීර්ණ සමූහය වෙත ධාවනය වූ දුම් රියෙහි ගැලුම් 5000 ක් පිරවූ ඉන්ධන ටැංකි පටවාගෙන ගිය බව අද ඒ ආසන්නයේ ජීවත්වන වැඩිහිටියෝ පවසති. කම්හලෙහි පිදුරු තැම්බීම සඳහා භාවිතා කල යෝධ තඹ බොයිලේරු ජර්මණියෙන් ආනයනය කර තිබිනි. අක්කර 500 ක වපසරියකින් යුත් කම්හල් බිමට අමතරව පසු කලෙක කඩදාසි නිෂ්පාදනය සඳහා වන පිදුරු අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වූ කල ඒආසන්නයේ වනබිමෙහි තවත් අක්කර හත්සියයක යුකැලිප්ටස් වගා කලේය. අදද පුනානි පසුකොට මඩකලපුව බලා ගමන් කරද්දී අපට බටහිර වනාන්තර බිමක් සිහිකරමින් යුකැලිප්ටස් වගාවේ ඉතිරි ව පවතින යායන් දිස්වේ. මේ මාවතේ අප නැගෙනහිර බලා ගමන් කරද්දී බටහිරින් තොප්පිගල පෙනෙද්දි නැගෙනහිරින් දිස්වන ජලාශය වාකනේරී වැවය. එකල වාලච්චේන පිහිටි කඩදාසි කම්හල වෙත නිෂ්පාදනය සඳහා වන ජල අවශ්‍යතාවය සපුරාගෙන ඇත්තේ මෙම වාකනේරි ජලාශයෙනි. ඒ දෛනිකව ජල ගැලුම් ලක්ෂ 25 ක් බැගින් බව කියති. 1972 වර්ෂයේදී සිරිමාවෝ රජය අනුග්‍රයෙන් ඇඹිලිපිටියෙහිද කඩදාසි කම්හලක් විවෘත කල ඇතර 1977 දී එහිද නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹිනි.වාලච්චේන කඩදාසි කම්හල ලැබූ ලාභය කෙතෙක්ද යත් ඔවුන් අගනුවර යුනියන් ප්ලේස් පෙදෙසින් මහා පරිමාණයේ මහල් ගොඩනැගිල්ලක්ද මිළට ගනු ලැබිනි.පසු කලෙක එය විකුනා දැමිනි.අද වන විට එය පෞද්ගලික ආයතනයකට අයිතිය. කම්හලෙහිත් ඉන් පිටතත් රැකියා අවස්තා බොහොම විය. එහෙත් 1980 වසර වන විට මෙමෙ කම්හල් දෙකෙහිම සේවය කල සේවක සංඛ්‍යාව 400 දක්වා පහත බැස තිබිනි. 1983 කලු ජූලිය අගනුවර දවාලද්දි නැගෙනහිර ගිනියම් වූයේ වාලච්චේන කඩදාසි කම්හල සදහටම අඳුරු කරමිනි. එතැන් සිට වාලච්චේන කඩදාසි කම්හල පිහිටි කඩදාසි නගරය නම් දුම්රිය නැවතුම් පලෙහි දුම්රිය නැවතුනේ නැත.යලි දුම්රියේ පටවාගත් විශාල ඉන්ධන ටැංකි එහි පැමිණියේ නැත. කෙමෙන් හිමින් හිමින් පුපුරා ගිය ගිණි පුලිඟු පුපුරු බර අවි මෝටාර් දක්වා වර්ධනය වෙද්දි අප ඉතින් තව දුරටත් කඩදාසි කම්හලට නොව මඩකලපුව තෙක් ගමන් කරන දුම්රිය ද දුටුවේ නැත.. 2003 වර්ෂයේ මම යලි නැගෙනහිර පෙදෙසේ සංචාරයකට එක්වීමි. මනම්පිටියේ සිටම ගමන අනතුරුදායකය. පුනානි පසු කරද්දි දක්නට ලැබෙන යුකැලිප්ටස් වනාන්තරයේ තැන තැනසැඟවුනු හමුදා කඳවුරුය. ගස් ගල් අතරේ සැඟවුනු සොල්දාදුවන් ය. මා යලිත් මේ ගමන් කරන්නේ වසර 20 කට ආසන්න කාලයක් තිස්සේ දුම්රියක් නොනැවතුනු කඩදාසි නගරය දුම්රිය ස්තානයටයි... වාලච්චේන පාලම පිවිසුමෙන්ම එහි ඇතුලත්වීම තහනම් ය. එහෙත් වාලච්චේන කඩදාසි කම්හල් භූමියේ ඒ වන විට ස්තාපිත 552 වැනි යුධ හමුදා බල සේනාංකයේ ස්තාපිත නැගෙනහිර කඳවුරෙහි අණදෙන නිලධාරි ගේ ආරාධනයක් හෙයින් අපට එහි ඇතුල් වීමට අවසර ලැබිනි. තිස් වසරකට පෙරාතුව මා කුඩා එකියක සංදියේ දුටු බොහෝ සේවකයින් ගෙන් ගහන හෝ හෝ හඬ නඟන යන්ත්‍ර සමුදායක හඬ සහිත කලබල කාරි කම්හල් ගොඩනැගිල්ලක් එහි නැත.. උසට උසේ පෙනෙන නටඹුන් ගොඩනැගිලි දිරාපත් යකඩ ගරාදි වහලවල් පමණි... තාවකාලික යුධ හමුදාකඳවුරක් කරගෙන තිබෙන අතීත කාර්යාල පද්ධතිය පමණක් පිලිවෙලට දකින්නට ලැබෙන්නේ යුධ හමුදා කඳවුරක් බැවිනි. ඊට ඉතා නුදුරේ තොප්පිගල මහ කොටි කඳවුරය.. කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ලවේදැයි අවිනිශ්චිතය. කුඩා දැරියක ව මෙහි පැමිණ ඇවිද යද්දි තිබුනු සාමකාමි බව හෝ කාර්යක්ෂමතාවය මෙහි නැත. ඇත්තේ කොතැන හෝ සිටගෙන අප දෙස රවාගෙන සිටින මාරයාගේ බිහිසුනු නිශ්ශබ්දතාවය පමණි. මා මෙහි එන්නට පෙර දිනයේද වාලච්චේනට නුදුරේ යුධ හමුදා කඳවුරක් වෙත එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන සතුරෙකු විසින් පදවාගෙන පැමිණි ට්‍රැක්ටරයක් පුපුරා යාමෙන් සොල්දාදුවන් දෙදෙනෙකු මියගොස් තිබිනි. කම්හල සතු බොහෝ යකඩ කඳන් හා උපකරණ ඒ වන විටත් සොර සතුරන් හෝ ත්රස්තවාදීන් විසින් ගලවා ඉවත්කරගෙන තිබිනි. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/98036742_1657364824450419_4442023518766366720_n.jpg?_nc_cat=109&_nc_sid=8024bb&_nc_ohc=s6FdAMvI5xcAX8RA0sN&_nc_ht=scontent.fcmb2-1.fna&oh=8920793e6e9d8314d896e521bec4e1dc&oe=5EE3B064[/IMG] කම්හල ආසන්නයට මගේ තුන්වැනි ගමන සිදුවූයේ 2004 දෙසැම්බර් 27 වෙනි දිනය සුනාමි අනතුර පිලිබඳ ප්රවෘත්ති ය වාර්තා කිරීමටය. වාලච්චේන කඩදාසි කම්හලට මගේ සිවු වැනි ගමන සිදුවූයේ යුද්ධයෙන් අනතුරුව සියල්ල සාමකාමී වීමෙන් පසුවය. 2007 ඔක්තෝම්බර් වලින් පසු එතෙක් දුම් රියත් බස් රියත් එකම මඟ ගමන් කල ලංකාවේ එකම පාලම මනම්පිටියේ පාලම ද වෙනස් විය. දැන් එහි දිවෙන්නේ දුම් රිය පමණි. ඊට සමාන්තරව අනෙකුත් වාහන ගමනාගමනය සඳහ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමද ඉදිවී අවසන්. මෙයට මාස හත අටකට ඉහත මම යලිත් කඩදාසි නගරයට ගියෙමි. ඇතැම් බටහි චිත්‍රපටයක සඳහන් හොල්මන් නගරයක් මට මැවී පෙනේ.. වටිනාකම මෙතෙකැයි කිව නොහැකි මහා සම්පතක් කැලෑවට යටව දිරාපත්ව යමින් තිබිනි. එල්ටීටීඊ ය එහි පැනසොරාගත්තේයැයි කීවාට වඩා මහා පරිමාණයක යන්ත්‍ර සූත්‍ර යුද්ධෙන් පසු හොරු හෝ ඊට ඇතුල්විය හැකි අවසර ලත් අය ගලවාගෙන ගොසිනි. අර යෝධ ජර්මන් තඹ බොයිලේරු කිසිවෙකුට ගලවාගත නොහුනු හෙයින් තවමත් නිරුපද්‍රිතය. ඇඹිලිපිටියටත් මේ සන්තෑසියමවන්නට ඇත. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/97514345_1657363764450525_6000166945708572672_n.jpg?_nc_cat=108&_nc_sid=8024bb&_nc_ohc=tQgxmMrO66IAX8qSgRo&_nc_ht=scontent.fcmb2-1.fna&oh=5fef111347e2dbfdf96cc42d5e55aab0&oe=5EE3FA58[/IMG] කම්හලේ සේවකයින් විසින් පාවිච්චිකල එහෙත් මෙයට වසර තිහකට පෙරාතුව ඔවුන් සේවයෙන් ඉවත්ව යද්දි ගරාජයෙහි නවතා තබා ගිය කහපැහැති පාපැදි වල සැකිලි පේලියක් දක්නට තිබේ. සේවකයින් ගේ පාපැදි සුරක්ෂිතව නවතා තබන්නට හැකි වහලය සහිත දිග ශාලාවකි. එහි සිමෙන්තියෙන් ඉදිකල පාපැදි රඳවනයන් වර්තමාන පහසුකම් සහිත කර්මාන්ත ශාලාවකවත් දකින්නට නැත. ශ්‍රී ලංකාවේ වාර්ෂික කඩදාසි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න බව කියැවේ.. ඇතැම් පුවත්පත් ආයතන වැසී යන්නේ විදේශයෙන් ගෙන්වන කඩදාසි වියදම දරාගත නොහැකි බව පවසමිනි. පෙර මෙන් රෝහල් හි බෙහෙත් ටික ඔතා දෙන්නටවත් කඩදාසි නැතැයි කියති. පොත් කතුවරු පොතක් ලියා එය මුද්‍රණය කරගැනීමට අවැසි කඩදාසි මිළ ගණන් අසා හූල්ලා පොත පලකිරීම අත් හරිති. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/96736460_1657364707783764_6234149007283716096_n.jpg?_nc_cat=102&_nc_sid=8024bb&_nc_ohc=fGqHL1uyvmkAX-WfsW4&_nc_ht=scontent.fcmb2-1.fna&oh=d067f816514245657976f11b22ae3280&oe=5EE48516[/IMG] කම්හලට පානීය ජලය සැපයූ යෝධ ජල පවිත්රාගාරයක්ද දක්නට තිබේ.මෙහි සේවය කල ඉහල සහ පහල නිලධාරි කණ්ඩ වලට අයත් සුව පහසු නිල නිවාස කැලෑවට ගොසිනි. එතුල තිබුනාවු සුව පහසු නාන කාමර වලට සවිකල ජර්මනියෙන් ආනයනය කල උපාංග ඇතැම් ඒවා අදටද ප්‍රයෝජනයට ගත හැක. ඇතැම් නිල නිවසක සාලයේ තැබූ වටිනා කියන පුටු කට්ටල මීට වසර තිහකට පෙර එහි විසුවෝ තබා ගිය තැන්වලමය. ඇතැම් විට යුධ සමයේ මෙහි විසූ හමුදා නිලධාරීන් ඒවා ප්‍රයෝජනයට ගන්නට ඇත. තනිකඩ නිල නිවාසයන්හි කාමරවල තවමත් සුරක්ෂිත අඩි තුනේ ඇඳන් හොල්මන් මන්දිර වල තිබෙන ආකාරයට යෝධ මකුලු දැල් වලින් වැසී තිබේ.. අක්කර 700 ක් ව තිබුනු කම්හල් ඉඩම අක්කර තුන් හාරසියයක් දක්වා අඩුවී තිබෙන්නේ පෙර තිබූ වැට මායිම් ගැලවී ඒවා ඉඩම ඇතුලට ඇවිදගෙන ගොස් ප්‍රදේශවාසීන් එම ඉඩම් කොටස් තම භුක්තියට ගෙන ඇති නිසාය. ඉකුත් රජය පාලන සමයේ දකුණු කොරියාව ශ්‍රී ලංකාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 20 මූල්‍ය ප්‍රදානයක් සහිතව ජර්මනියේ වොයින් සමාගමත් දකුණු ආසියානු කලාප බාර නියෝජිත ඉන්දියන් යෙස්ට් ආයතනයත් එක්ව මෙම කඩදාසි කම්හල යලි ඇරඹීමේ කටයුතු සඳහා ගිවිසුම් අත්සන් කොට තිබිනි. 2003 වසරේ මා එහි යද්දි යුධ හමුදාව විසින් නඩත්තු කල කොඩිගස හා පොකුණ පමණක් තවමත් ජරාවාස වී නැත.මෙයට මාසයකට පමණ ඉහත මා එහි යද්දී අමනුස්ස බියක් හේතුවෙන් අත් හරින ලද පාලු නගරයක් සේ දිස්වූ වාලච්චේන කඩදාසි කම්හල පෙර සේ ගොඩනැගීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය අතගසා තිබෙන ආරංචිය ආවේ මේ නොබෝදාය. දැන් එහි ලහි ලහියේ නවීකරණ කටයුතු ආරම්භ වී ඇතැයි ද යුධ හා නාවික හමුදාව කඩදාසි නගරය අලුතින් නිර්මාණකරනයේ ලා මහා වෙහෙසක් දරන බවද සැලය. හොල්මන් නගරයක් සේ අඳුරේ සැඟව යන්නට ගිය කඩදාසි නගර දුම්රිය ස්තානයේ යලිත් නුදුරේම කොලඹ මඩකලපුව දුම්රිය නවතනු ඇති. අඩ සිය වසකට පසු ඉදින් යලිත් පොලොන්නරුව හරහා වාලච්චේනට පිදුරු පැටවු ලොරිත්. එහි සිට කොලඹට කඩදාසි පිරවූ ලොරිත් යන එනවා මගෙන් පසු උපන් තුන්වැනි පරම්පරාවටත් දකින්නට ලැබෙනු ඇති. ඉන්දුමතී ජයසේන උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom