Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩේ යාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම සුන්දර වගේම සෑහෙන දුෂ්කර කටුක පළාතක් උන අපේ ගම් පළාත වෙච්ච අම්පාර අඹගහවැල්ලට හා හපුරා කියලා පය තියපු හැටි මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්වනේ..

http://www.elakiri.com/forum/showthread.php?t=1882690

සාමාන්යෙන් අපි අම්පාරේ යන්නේ බදාදා දවසක වගේ.. බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙක ඉස්කෝලේ යන්නේ නෑ.. සෙනසුරාදා රෑ බස් එකේ අම්පාරෙන් ආපහු ආවම ඉරිදා උදේ පාන්දර ආපහු ගෙදර.. තාත්තටත් ඒක ලේසියි. අනික සඳුදට තාත්තට වැඩට යන්න වගේම මට ඉස්කෝලෙ යන්නත් පුලුවන්නේ..

ඉතින් අපි ඒ විදිහට මුල් වතාවේ සෑහෙන කට්ටක් කාලා ආවට, පස්සේ පස්සේ අවුරුදු දෙකකට සැරයක් වගේ කොහොමහරි ගමේ ගිහින් එන්න පුරුදු උනා.. සාමන්‍ය මිනිස්සු එක්ක බලද්දි මගේ තිබුණ මොකද්දෝ අසාමාන්‍ය ගතියක් නිසාද මන්දා මම ඒ දුෂ්කර ගමනට එදා ඉඳන්ම හෙන ආසයි.. උදේ ඉඳන් දූවිලී කාගෙන කිලෝ මීටර් දෙසිය හැට ගාණක්ම බස් එකේ ඇවිත්, අන්තිමට කොට කලිසම පිටින් ආච්චිලාගේ ගේ ඉස්සරහෙන් ගලාගෙන යන ඇළට බැහැලා, කොළඹ ඉඳන් එකතු කරන් ආව කලු පාට දුම, අලුපාට දූවිල්ල ඇඟේ තිබුණ තෙහෙට්ටුවත් එක්කම ඇළ දිගේ ඈතට පාකරලා ඇරියා..

වැඩිපුර තියෙන ඉටි පන්දමක් හරි, ටෝච් එකක් හරි පත්තු කරගෙන ආයේ ගෙදරට ආවාම ආච්චී උණු උණුවෙම හදලා දෙන පොල් රොටියක් එක්ක මොනවහරි බඩට දාගෙන කැඩුණු තාර පාර දිගේ අධි වේගෙන් දුවන බස් එකේ ගැස්සී ගැස්සී උඩ විසි වෙවී කොළඹ ඉඳන් ආපු විදිහ එක තැනකට වෙලා මතක් කරනකොට කොහොමත් දැන් මේ ඉන්න විදිහ පට්ට සැපයිනේ කියලා හිතෙනවා.. ඒ නිසාමද මන්දා කිසිම සැපපහසුවක් නැති, ලෑලි අතුරපු ඊට උඩින් ඝන රෙද්දක් එළපු ඇඳේ දිග ඇදුනාම සනීපෙට නින්ද යනවා..

පහු වෙනිදා එළි උනාට කවුරුවත් කතා කරලා ඇහැරෙව්වේ නැති උනාට වටේටම මුකළාන නිසා අහළ පහළින් මොණරු කෑ ගහන සද්දේ ඇහෙනකොට නිකන්ම ඇහැරෙනවා..වීදුරු නැතුව ඝන ලැලි පළු වලින් හදපු ජනේලේ පියන ඇරියාම, රේන්ද රෙදි එල්ලපු ජනෙල් තිර අස්සෙන් වත්ත කොණේ ඇවිදින මොණරෙක් දෙන්නෙක් දැක්කම නිදිමත පවා අතුරුදන් වෙනවා..

පොඩි මාමගේ පුතා උදේට ඉස්කෝලෙ යන ගමන් ආච්චිවයි සීයවයි බලල ඒ දෙන්නට වැඳලයි ඉස්කෝලේ යන්නේ.. පොඩි මාමා උදේට පොඩ්ඩා එක්කම ආච්චිලාගේ ගෙට ගොඩ වෙලා යනවා සිරිතක් විදිහට.. පොඩ්ඩා එතකොට 2 වසරේ වගේ ඇති.. සමහර වෙලාවට ඒකා ගෙදරින් කන්නෙ නැතුව එනවා ආච්චිලාගෙ ගෙදරින් මොනවහරි කාලා යන්න බලාගෙන.. ඉස්කෝලෙට යන්න ඕනේ ආච්චිලාගේ ගේ පහු කරගෙන.. අපි ඇවිත් ඉන්නවා දැක්කාම ඌට ඉස්කෝලෙ ගමන අමතකයි..

"හ.හා.. කොළඹ අයියලා අදම යන්නෙ නෑ.. තව දවස් දෙක තුනක් ඉන්නවා. මයෙ පුතා අද ඉස්කෝලෙ ගිහින් එන්ටකෝ. හවසට අයියලා එක්ක සෙල්ලම් කරන්ට පුලුවන්නේ" ආච්චි හරි සීය හරි ඇවිත් පොඩි එකාගේ ඔලුව ආත ගාල ඌව බලෙන් තල්ලු කරනකන් ඌ නෙමෙයි ගෙයින් එළියට බහින්නේ..

යන්න ඔන්න මෙන්න තියෙද්දී පොඩි එකා ආයේ මගේ අතේ එල්ලිලා අහනවා

"කොළඹ අයියා, ඇත්තටම ඉන්නවා නේද.? අද රෑට අපේ ගෙදර නිදා ගමු ඈ.." කියලා..

කාලෙකට පස්සේ අපිව ආච්චිලාගේ ගෙදරදී දැකපු නිසා මට වැඩිය අවුරුදු තුන හතරක් බාල පොඩි එකාට තිබුණේ ලොකු පුදුමයක්.. ඇයි ඉතින් අපි මළාට ගමේ යන්නේ නෑනේ.. කොහොමහරි වදෙන් පොරෙන් පොඩි මාමා බුවාව බලෙන්ම වඩාගෙන ඉස්කෝලේ එක්කන් යන්න ලෑස්ති උනා.. අපේ අම්මයි තත්තයි ඒකාව මෙල්ල කර ගන්නේ කොළඹින් ගෙනාපු චොකලට් දෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ආවාම විතරයි කියලා.. අනේ ඉතින් දෙලොවක අතරමං වෙච්ච පොඩි එකා අම්පාරෙන් ගත්තු කොළඹ චොකලට් එකට රැවටිලා ඉස්කෝලේ ගියා මූන දෙක කරගෙන.

ඊලඟට ඉස්කෝලෙ යන්න බයිසිකලේ එන්නේ නැන්දගේ පුතාලා තුන් දෙනා.. එක්කෙනෙක් මට වැඩිය හෙනට වැඩිමල්.. අනිත් අයියා මට වැඩිය අවුරුදු 3ක් විතර වැඩිමල්.. අදටත් මගේ එක්ක ෆිට් එකේ ඉන්නවා.. බාලම මල්ලී පොඩි මාමාගේ පුතාට වැඩිය ටිකක් වැඩිමල් උනත් මට වැඩිය බාලයි.. ඒ තුන් දෙනත් බයිසිකල් දෙක වත්ත පහළ ඇළ අයිනේ ලොකු කොස් ගහට හේත්තු කරලා ආච්චියි සීයයි එක්ක කතා කරලා යන්න ගේ පැත්තට ආවා..

අයියලා දෙන්නට කලින් උඩහට දුවං ආව පොඩි මලයා,

"අපේ අප්පෝ අයියේ මේං කොළඹ නැන්දලා ඇවිල්ලා.." කියලා ගමට ඇහෙන්න කෑ ගැහුවා..

ඔන්න දැන් ඊලඟට නැන්දගේ පොඩි එකත් කුලප්පු වෙලා..

අයියලා දෙන්න ඉතින් ටිකක් ලොකු නිසා අපේ අම්මටයි තාත්තටයි වැඳලා එහෙම ටිකක් කතා බහ කරලා ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.. ඔන්න පොඩි මළයා මගේ ඇඟේ එල්ලිගෙන අඬනවා ඉස්කෝලේ යන්න බෑ කියලා..

"අපි එද්දී කොළඹ අයියලා ගිහින් ඉඳී.. මෙහෙ එන්නෙත් නෑනේ.. මට බෑ ඉස්කෝලෙ යන්ට.. අයියලා යන්ට.. මම ඉන්නවා.."

අපේ අම්මයි තාත්තයි හීනියට ආයේ චොකලට් කතාවම රිපීට් කළාට ඌට චොකලට් වලට වැඩිය සහෝදර කම ලොකු වෙලාද මන්දා ඉස්කෝලේ යන්නම බෑ කියනවා..

ඔන්න ඒ පාර සීය ටිකක් සැර කළා..

"නෑ නෑ.. ඉස්කෝලෙ යන්ට ඔනේ.. ලොකු මහත්තයා දැක්කොත් මටත් බනී.. මම හවසට ඒ පැත්තේ යන්ටත් ඕනේ.. කෝ කෝ.. පරක්කු වෙන්නේ නැතුව යන්ට ලෑස්ති වෙන්ට නැන්දලාට වැඳලා.."

ඒ පාර පොඩි එකා අඬන්න වගේ ගිහින් ආච්චිගේ ඇඟේ එල්ලුනා..

අඬන්න ඉන්න එකාට ඇඟේල්ලෙන් ඇන්නා වගේ "මම දැන් කෝටුවක් කඩන් එනවා ඈ.." කියලා කිව්වා සීයා..

"අනේ පොඩි එකාව අඬවන්න එපා උදේ පාන්දරම පව්නේ. අදට ඔහේ හිටපුවාවේ..මං දුවට පණිවිඩයක් යවන්නම් පොඩි පුතා ඉස්කෝලේ ගියෙ නැතුං මෙහෙ ඉන්නවා කියල.."

ආච්චි එහෙම කිව්වාම මේ පාර දෙලොවක් අතර අතරමං උනේ සීයා..

එදා කොහොම හරි අයියලා දෙන්නා ඉස්කෝලේ ගියා.. මලයා අපි එක්ක නැවතුනා.. නැවතුනා කිව්වට නැවතුනේ නෑ.. මම ඌ එක්ක මුළු වත්ත පුරාම දුව දුව දඬු ලේන්නු හොය හොය ඇවිද්දා.. මොණරු පිල් විදහනකන් බකන් නිලන් හිටියා, අම්මා මට වත්තට එන්න ඇළ හරහා දාලා තිබුණ ලී කඳන් පාලම උඩට යන්න එපා කියලා කිව්ව නිසා අපි පාළමට යටින් ගිහින් ඇළේ බෑස්සා..

(ඔය තියෙන්නේ පාලම.. ෆොටෝ එක ගත්තේ ලඟදි අම්පාරේ ගිය වෙලාවක. දැන්නම් පාලම සෑහෙන අබලන් වෙලා.. ගේ පිටි පස්සෙන් පාර හැදුනට පස්සේ ඇලෙන් එගොඩ වෙන්නෙ කලාතුරකින්. ඒ නිසා පාලම වැඩි පාවිච්චියක් නෑ දැන්..)

අම්මා පාළම උඩට යන්න එපා කිව්වේ ඇළට වැටෙයි කියලා.. ඇළට බැස්සාම කොහොමත් වැටෙන්නේ නෑනේ.. කොටින්ම කියනවනම් මම ඒ පොඩි එකා එක්ක මාර විදිහට ෆිට් උනා.. ඒ අතින් ඒ මල්ලිලා ඒ ජීවිතේට මහා පුදුම විදිහට හැඩ ගැහිලා තිබුණා.. ඇළට බැහැ ගන්න බැරුව ගල් වල ලිස්සනකොට "ඔහෙන් නෙමෙයි කොළඹ අයියා මෙහෙන් එන්ට.." අඩා ඔතන ලිස්සනවා, මේ පැත්තෙන් එන්ට.." ඔතෙන්ට යන්ට එපා මාලු කොටයි.." වගේ දේවල් කිය කිය මට නිතරම උපදෙස් දුන්නා.. පොඩි පරහකට තිබ්බේ උගෙ උපදෙස එන්න ටිකක් වෙලා යන එක.. ගලෙන් ලිස්සලා වැටෙනකොට තමයි පොඩි එකා කියන්නේ ලිස්සනවා කියලා.. කොටින්ම මාලු කොටද්දී කෙටුවේ මාලු කියලා නොදැන බෙරිහන් දුන්නාම තමයි ඒකා හිනා වෙවී කිව්වේ කොටන මාලු ඉන්නවා කියලා..

(ආච්චිලාගේ ගේ ඉස්සරහෙන් හිමීට ගලාගෙන යන ඇල පාර.. ෆොටෝ එක ගත්තු කාලේ ඇලේ වතුර අඩුයි.. ඒවුනාට ඔහොම තියෙද්දිත් මම ඇලට පනිනවා "ජකොව්ස්" ගාලා..)

මාලු කොටපු වෙලාවේ මගේ කෑගැහිල්ල නිසා ඇළේ බැහගෙන හිටපු ආතල් එක එහෙම් පිටින්ම කුඩු උනා...ඇයි ඉතින් මගේ සද්දෙට ආච්චියි සීයයි එක්ක අපේ අම්මයි තාත්තයි මැරතන් එකකට වැඩිය ටිකක් හයියෙන් පහළට දුවගෙන ආවනේ..

තාත්තටනම් අපිව දැකලා බකස් ගාලා හිනා ගියා..

"හානේ.. දෙන්නත් එක්කම ඇළට බැහැළා නේද.?" අයියෝ මල්ලි ඉස්කෝලේ කලිසම පිටින්මනේ පුතේ බැහැලා තියෙන්නේ.."

"නෑ නෑ මාමා ගාණක් නෑ ගෙදර තව දෙකක් තිබුණා.. මේක කොහොමත් හෙට අඳින්නේ නෑ.." අපේ තාත්තා මට සැර කරයි කියන බයටද මන්දා පොඩ්ඩා පැනලා උත්තර දුන්නා..

"පුතේ මල්ලිටනම් තේරෙනේ නෑ.. ඒවුනාට ඔයා අයියනේ. ඔයා මල්ලිවත් ඇදගෙන ඇලට බැස්සා නේද. අපි කාටවත් කිව්වෙත් නෑ.." ඔන්න ඒ පාර අම්මත් බාල්දියක් දාගෙන එනවා කොක්ක නැතුව..

"නෑ නෑ. එයාට ඕවයේ නාලා හුරුයි.. තනියම ගිහින් නාගෙන එනවා.."

ආච්චි එහම කිව්ව නිසා යාන්තං අම්මගෙනුත් බේරුණා.. ඒ අස්සේ ආයෙ මාලුවෙක් කෙටුවා.. මම වැටි වැටි කෑ ගහගෙන ගොඩට දිව්වා .. මලයා හිනා වෙවී හිටියා වතුරේ ගිලී ගිලී..

මමත් මී හරකා වගේ පොඩ්ඩගේ ඉස්කෝලෙ කලිසම පිටින්ම ඇළේ බස්ස ගත්තා මිසක් පොඩි එකා ආයේ අඳින්නේ මොනවද කියල හොය හිටියේ නෑනේ.. උට අයියා උනාට මමත් එතකොට පොඩි එකානේ.. අන්තිමට තෑගි දෙන්න ගෙනාව අලුත්ම අලුත් කලිසමකුයි ෂර්ට් එකකුයි මල්ලිට ඇන්ඳුවා ආච්චිලා ගෙදරදිම..

දවල් වරුව ඔය වගේ ලස්සනට ගෙවිලා ගියා.. ඒ අතරේ පොඩි මාමා මල්ලිව ඉස්කෝලෙන් එක්කගෙන කෙලින්ම ආච්චිලාගෙ ගෙදරට ආවා.. නැන්දගේ පුතා අලුත් කිට් එකක් ගහගෙන එහෙ ඉන්නව දැකලා පොඩි මාමගේ පුතන්ඩියා යකා නැටුවා.. ඉස්කෝලෙ ගිහින් ආව නිසා ඌට බත් කන්නත් කලින් කොළඹින් ගෙනාපු චොකලට් කන්න ඕනේ උනා.. අන්තිමට එයාටත් අලුත් ඇඳුමක් අන්ඳලා දෙන්නටම චොකලට් එක ගානේ අතට දීලා ගැටුම සමථයකට පත් කළා..

හවස අපි නැන්දලාගේ ගෙදර ගියා.. ආච්චිලාගේ ගෙදර ඉඳලා නැන්ඳලාගේ ගෙදරට කිලෝ මීටර් එකා මාරක් විතර පයින් යන්න ඕනේ.. එක පැත්තක සරුසාර කුඹුරු යාය.. අනිත් පැත්තේ හීනියට ගලාගෙන යන ඇල පාර.. මැදින් දුඹුරු පාටට හුරු ගුරු පාර..

කුඹුර පැත්තේ ඉඳන් හමාගෙන එන හුළං පාර ඇඟේ හැපීගෙන යද්දී දැනෙන සනීපේ කවදාවත් ඒ.සී එකක් දාගෙන ඉඳල ගන්න බෑ..

නැන්දලාගේ ගෙට ගොඩ වෙද්දි අයියලා දෙන්නයි, උදේ මගෙත් එක්ක ඇළේ නටපු මල්ලියි, උදේම මුණ දෙක කරන් ඉස්කෝලෙ ගිහින් ආව පොඩි මාමාගේ පුතයි ඔක්කොම එහේ.. නැන්දලාගේ ගෙදර මිදුලට ගොඩ වෙන්න තියෙන්නේ ඇළ හරහා දාපු ඒ දණ්ඩකින්.. කොටින්ම කියනවනම් අඟල් 10ක් -12ක් විතර පළල ලී කොටයක් ඒක.. අපිව පිළි ගන්න වගේ ඉස්සරහට ආව නැන්දගේ බාල පුතා අපි ඒ දණ්ඩ පහු කරන හැටි බලන් හිටිය හිනා වෙවී..

"කොළඹ නැන්දා හයියෙන් එන්ට එපා මේං මෙහෙම හිමීට හිමීට එන්ට.. මාමා ඔහොම අඩිය තියන්ට එපා ලිස්සයි."

අපිව ඒදණ්ඩෙන් එගොඩ කරවන්න ගිහින් ඒකා හත් අට සැරයක් ඒ දණ්ඩ දිගේ එහාට මෙහාට ගියා තේරුමක් නැතුව..: යාන්තං කවුරුත් ඇළට නොවැටි ඒ දඬු රාජයා තරණය කරගෙන නැන්දලාගේ ගෙට ගොඩ උනා..

(පිටිපස්සේ මහා පාර හැදුනට පස්සේ ඒ දණ්ඩ පාවිච්චි කරන එකත් නැවතුනා.. මේ ෆොටෝ එක ගත්තු කාලේ ඒ දණ්ඩ පාවිච්චි කරන්නෙත් නෑ.. හැබැයි මමනම් ගිය හැම පාරම ඕක පාවිච්චි කරලා තමයි එන්නේ..)

සාම්ප්රදායානුකූල විදිහට ගොඩක් නෑයොන්ට කටපාඩමින් කියන එකම දෙබස අම්පාරෙදීත් ඒ විදිහටම එළියට පැන්නා..

"කොහෙ එන්නද අනේ.. මෙයාගේ ඉස්කෝලේ වැඩයි, අයියට නිවාඩු ගන්න විදිහකුත් නෑ.. අනික පොඩි පහේ දුරක්යෑ තියෙන්නේ.. බස් එකටම දවසක් ඉවරයිනේ.."

වැඩිහිටියන්ගේ කතා වලට හොට දාන්න ගිහින් ටිංකිරි ගාගන්න බැරි නිසාත් කටවල් දිහා මාරුවෙන් මාරුවට බලන් ඉඳලා තේරුමක් නැති නිසාත් අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි එක්ක මම ආයේ ඇළ ගාවට ගියා.. ලොකු අයියනම් කුඹුර පැත්තට ගියා හරක් ටික බඳින්න තියෙනවා කියලා..කොහොමත් ඕනම පවුලක වැඩිමලාට ඒ වගේ වගකීම් ඉබේම වගේ පැවරෙනවා..නොපැවරුනත් ඉබේම පවර ගන්නවා..

නෙලුම් කොළ යට ඉන්න මාලුන්ට වද දීදී, පාඩුවේ මනෝ පාරක් ගහගෙන අව්ව තපින ඉබ්බොන්ටත් ඇණයක් වෙච්ච මං වැඩිපුර කලිසමක් ගේන්න බැරි උන නිසා ඇඳගෙන හිටිය කොට කලිසම යට කලිසමක් වෙනකන් නවාගෙන හවස් වෙනකන්ම ඇළේ නැටුවා..

රෑ කෑම නැන්දලාගේ ගෙදරින් නිසා සහ මම කෑම ජාති තෝරන මනුස්සයා කියලා නෑයෝ ඔක්කොම දැනන් උන්නු නිසාත් නැන්දා අයියව කඩේට යවන්න ලෑස්ති උනා..

"පුතේ කඩේට ගිහින් කුකුල් මසුයි පපඩම් මොනවහරි අරන් අවොත් හොඳයි නේද.මල්ලීට මෙහේ කෑම හුරුත් නෑනේ."

"නෑ නෑ. මුකුත් වැඩිපුර ඕනේ නෑ.. ගෙදරින් එනකොට කියලයි එක්කගෙන ආවේ එහේ වගේ මෙහේ කඩවල් නෑ. තියෙන එකක් කන්න ඕනේ කියලා.."

හවස් වරුවේ නැන්දා අයියව කඩේට යවන්න හදනවා ඇහිලා තාත්තා එහෙම කිව්වා උනත් පුලුවන්නම් කඩේට ගිහින් හරි කන දෙයක් ගෙනත් දෙනවා කියලා මම දන්නවා..

"නෑ අයියා.. කොහොමත් තව අඩුපාඩු ටිකක් ගෙන්න ගන්ට තියෙනවා.. පුතා ගිහින් ආපුවාවේ.."

"අම්මේ කුකුල් මස් ගේන්නනම් උඩහ කඩේටම යන්ට වෙයි නේද..?"

අවේලාවේ එක පාරටම කඩේ ගිහින් එන බාල්දියක් පෙරලුන නිසා අයියා ආයේ සැරයක් නැන්දගෙන් ඇහුවා ඇත්තටමද කිව්වේ කියලා දැන ගන්න වගේ..

ඒ කාලේ කරන්ට් එක ඇවිත් තිබුණේ මගක් වෙනකන් විතරයි.. ඉතින් ගමට ලයිට් නොතිබුණු ඒ කාලේ ෆ්‍රීසර් ෆ්‍රිජ් එකක් තියෙන කඩයක් තිබුණේ කිලෝ මීටර් 6- 7ක් ඈතට වෙන්න.. ඒ නිසා කුකුල් මස් වගේ දෙයක් ඒ ගෙවල් වල සාමාන්‍ය දවසක උයන්නෙම නැති තරම්..

"කමක් නෑ ගිහින් එන්ට.. මල්ලිලාට යෝගට් මොනවහරි අරන් එන්ට එන ගමන්.. මම දාවලේ හාල් වගයක් දුන්නා. ඒකත් කොටලා ඇති මෝලේ. ඒ ටිකත් අරන් එන්ට.. යනකොට කොළඹ මල්ලිවත් එක්ක යන්ට. ආස ඇතිනේ.."

බයිසිකල් එකේ නැගලා පාර දිගේ යන්න මටත් පොට්ට චාන්ස් එකක් වැදුනා ඒ අස්සේ..

පොඩි මමාගේ පුතා අම්මා එක්ක බර කතාවක්.. ඉස්කෝලෙ වෙච්ච සීන් එකක් ගැන කට උල් කර කර කියෝ කියෝ ඉන්නවා ගිරවෙක් වගේ. ඒ අතරේ අයියයි මමයි කඩේ යන්න එළියට බැස්සා.. කොහේදෝ ඉඳන් දුවං ආව ඉස්කෝලෙත් නොගිය අනිත් මලයා "අයියේ මමත් එනවා.." කියාගෙන පස්සෙන් ආවා..

"එක බයිසිකලේ තුන් දෙනෙක් ගියහැකියෑ.. කොළඹ අයියා ගිහින් ආපුවාවේ.. පොඩි පුතා ඉන්ට.."

සද්දෙ ඇහුණ ගමන් ඉස්සරහට ආව නැන්දා පොඩ්ඩව තියා ගන්න බැලුවට ඌ නෙමෙයි ආපහු හැරුණේ..

"මට බෑ මමත් යනවා.."

"හා හා එනවකෝ.. කඩේට දීලා මොනවහරි අරන් එන්න පුලුවන්නේ.."

අයියා කොච්චර උනත් හිත හොඳ මනුස්සයා. මල්ලිවත් එක්ක යන්නයි කල්පනාව..

"පුතේ බඩුත් අරන් කොහොමද එන්නේ මල්ලිවත් එක්ක ගියාම.."

"දැන් මෙයා අඬනවනේ අම්මේ තියලා ගියොත් එහෙම..

බයිසිකලේ තියාගෙන යන්නේ නෑ පිටිපස්සෙන් දුවගෙන එන්ට ඕනේ ඈ.."

අයියා ඒ අස්සේ පොඩි එකාව අවුස්ස අවුස්ස වෙනම ආතල් එකක් ගන්න හැදුවා..

ඒ දණ්ඩෙන් බයිසිකලේ පිටින් එගොඩ වෙන්න බැරි නිසා ගෙට උඩහා පාරෙන් ගිහින් හම්බ වෙන පාලමෙන් තමයි ඇළෙන් එගොඩ වෙන්න තියෙන්නේ. ඒ නිසා බයිසිකලේ තල්ලු කරන් තුන් දෙනා එක්කම කන්ඳ නැගගෙන උඩහට ගියා.. පාර සෑහෙන අබලන් නිසා බයිසිකලේ පැදගෙන කන්ඳ නගින එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.. පාළම ගාවදී අපි බයිසිකලේට ගොඩ උනා.. මම මැද පොල්ලේ හරහට ඉඳ ගත්තා, මලයා ලැගේජ් එකේ, අයියා බයිසිකලේ පදිනවා.. වේලිලා දූවිලි පිරුණු දුඹුරු පාට ගුරුපාර දිගේ ඇවිත්, විනාඩි 20කට 30කට විතර පස්සේ අපි කඩේ ලඟට කිට්ටු කළා..

නැන්දා ගේන්න කියපු බඩුයි, ඒ වෙලාවේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත කුකුළෙකුයි ඔතා ගත්තු අපි ආයේ ගෙදර එන්න ඔන්න මෙන්න තියෙද්දි අයියා ඊට ටිකක් එහා තිබුණ මෝලට ගියා නැන්ද කලින් කොටන්න දීලා තිබුණ හාල් ටික අරන් එන්න.. අයියා එනකන් අපි ඇලේ පාවෙන නෙලුම් කොල හිල් වෙන්න ගල් ගැහුවා.. මොනවහරි දෙයක් සෙල්ලමට ගන්න එක ඒ කලේ පුරුද්දනේ..

අඩුම කුඩුම ටික ඔක්කොම එකතු කර ගත්තට පස්සේ අපි ලොකු ඇබැද්දියකට මූණ දුන්නා..

"අඩේ මේ ඔක්කොම එක්ක දැන් යන්නේ කොහොමද..?"

"අපි බයිසිකලේ යන්නං.. ඔයා පස්සෙං දුවගෙන එන්ට ඈ.. අම්මා කිව්වනේ යන්ට එපා කියලා.."

අයියා ආයේ සැරයක් පොඩි එකාව අවුස්සනවා..

"අපේ අප්පෝ බෑ බෑ මමත් එනවා.." පොඩ්ඩා ආයේ මූණ බෙරි කරගෙන..

"අයියේ කුකුල් මසුයි මේ බෑග් එකයි අරගෙන මම ලැගේජ් එකේ ඉඳ ගන්නං .. මල්ලිව පොල්ලේ තියා ගන්න.. එතකොට හරිනේ.."

"එතකොට මේ කොටපු හාල් ටික තියා ගන්නේ කොහොමද.? ඔයාට හාල් එක ටික තියා ගන්ට ඉඩ නෑනේ.."

මට එතකොටයි අයියා අතේ තියාගෙන හිටිය තඩි හාල් පිටි මල්ල මීටර් උනේ.. ත්‍රී වීල් එකකට බඩුත් එක්ක තුන් දෙනක් පුෂ් බයිසිකලේ යන්න ඉන්නවා දැන්..

ඒ අස්සේ අඳුරු වෙච්ච කඩේ ඇතුළේ ලණුවකින් එල්ලෙන කෙසෙල් කැනට පිටි පස්සේ ඉඳගෙන කෙල්ලෙක් අපි දිහා බලාගෙන ඉන්නවා සර්කස් එක පටන් ගන්නකන්..

"ඒ අයියේ අයියේ, අන්න අර කඩේ ඇතුළේ ඉන්න ගෑණු ළමයා බලං ඉන්නවා.. මේවා එක්ක අපි පෙරතයෝ පොළේ ගැහුවා වගේ බිමට පත බෑවුනොතින් එහෙම ගම අත ඇරලා යන්න වෙන්නේ රෑ බස් එකේම.. ඔහොම්ම තල්ලු කරගෙන ටිකක් ඉස්සරහට යමුද.."

"හප්පා.. ඒ අපේ ඉස්කෝලේ එකියක්.. අපි හැමදාම උන්ට එක එක ඒවා කියලා කොලොප්පං කරනවා.. මෙතන අපිට කෙළ වෙලා ඉන්නවා කියලා දන්න නිසාම තමයි ඔය බලන් ඉන්නේ.. වෙලාවට දැක්කේ.. යමු යමු.. තල්ලු කරාන ටිකක් ඉස්සරහට යමු. නැත්තං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි..."

බයිසිකලේ තල්ලු කරන අතරේ මලයා ඒකට ගොඩ වෙන්න දැඟලුවා ඌව දාලා යයි කියලා බයට..

"මොනවද ඔය කරන්නේ. ඔහොම ඉන්නවා ටිකක්.. කවුරුවත් බයිසිකලේට නැග්ගේ නෑනේ.. කඩේ ගාවින් එහාට යංකෝ.."

අයියා මලයට සැර දාන ගමන් බයිසිකලේ තල්ලු කරන් ඉස්සරහට යන්න ගත්තා හාල් මල්ල මගේ අතට දෙන ගමන්. කඩෙන් ගත්තු බඩු මලු තුන හතරක්ම අතේ තිබුණ නිසා මගේ අතේ හිටිය කුකුළව මම මල්ලිට දුන්නා..

"අම්මෝ මුගේ සීත.. මැරිලද දන්නෙත් නෑනේ නේද අයියා.."

මට හිනා නොගියේ මේ ලට්ට ලොට්ට ඔක්කොම එක්ක කිලෝ මිටර් 6 - 7ක් යන්නේ කොහොමද කියලා හිත හිත හිටිය නිසා වෙන්න ඇති..

"මොට්ට කතා කියන්ට එපා මැට්ටෝ.. පණ පිටින් ෆ්‍රිජ් එකේ දානවද කුකුල්ලු.. කොහෙද ඉස්කෝලේ.."

"අඩා මම අයියලෑ ඉක්කෝලෙටනමනේ යන්නේ.."

අන්න ඒකටනම් මට බකස් ගාලා හිනා ගියා..

"ආයේ එහෙම ඕක කිව්වොත් පයින් තමයි එන්ට වෙන්නේ ඈ...."

අයියගෙයි මල්ලිගෙයි වලිය එතනින් ඉවරයි. පොඩි ඒකාට කොහොමහරි ඕනේ බයිසිකලේ කොහෙන් හරි ඉඳ ගන්න.. ඒ නිසා ඌ කට වහන් හිටියා එතනින් එහාට..

ආයෙත් අපි බයිසිකල් මෙහෙයුම පටන් ගත්තා.. එකෙක් නගිනවා ඉඳ ගන්නවා. බඩු ටික එල්ල ගන්නවා.. ඔක්කොම හරි කියලා හිතනකොට මල්ලක් දෙකක් බිම.. ආයේ මලු ටික ඔක්කොම එහෙන් මෙහෙන් එල්ලලා මමත් ගොඩ වෙලා අයියත් ඉඳගෙන බලද්දි පොඩි මල්ලි බිම.. ආයේ ඌව බයිසිකලේ ඉන්ඳවලා අපිත් ඉඳගෙන බඩු මලු ටික හතර වටේ එල්ලගෙන යන්න බලද්දී මල්ලි කෑ ගහනවා "අඩා අයියේ හෝව් හෝව්ව්.. කුකුළා තාම බිම" කියලා..

විනාඩි 15 විතර බයිසිකලෙයි, කොටපු හාල් මල්ලකුයි, තවත් බඩු ගොඩකුයි, කුකුළෙකුයි එක්ක කෝලං නටපු අපි කර ගන්න දෙයක් නැතුව ඉන්න අතරේ අයියට එක පාරටම ලයිට් එකක් පත්තු උනා.. කොටින්ම ඒක ත්‍රී පීස් සර්කස් අයිඩියා එකක්.

"මල්ලි ඔයා මේ කුකුළව අතට අරගෙන පොල්ලෙන් ඉඳ ගන්ටකෝ.. මම පොඩි ලන්නක් අරන් එන්නම් කඩෙන්.."

අයියා එහෙම කියලා ආයේ කඩේ පැත්තට ගියා.

"ලනුවක් මක්කටෙයි කොළඹ අයියා.."

පොඩි එකාට වගේම මටත් ඒක හෙන ප්‍රශ්නයක්.. බයිසිකලේට නැගලා බැහලම හෙම්බත් වෙලා හිටපු මමත් පොඩ්ඩගෙන් ආතල් එකක් ගන්න බලාගෙන

"ලණුවක් දාලා ඔයාව ගැට ගහලා ඇදගෙන යනවා. ඔයාට පස්සෙන් දුවං එන්න ඕනේ නෑ එතකොට.."

කියලා කිව්වා.

"ඔන්න ඉතින් කොළඹ අයියත් කොලොප්පං කරනවනේ.. ඕං මං තරහ වෙනවා ඈ.."

අනිත් අතට අයියා ලනුවක් අරන් ආව නිසා පොඩි මලයගෙයි මගෙයි වලිය ඉවර උනා..

කිලෝ හත අටක් බර හාල් මල්ලයි තවත් මලු කීපෙකුයි ගානට ලැගේජ් එකට තියලා ගැට ගැහුවා..

"මල්ලී ඔයා මේ කුකුළව අතේ එල්ලගෙන පොල්ලෙ ඉඳගන්ට.."

"අඩා අයියා එතකොට මං.." පොඩි මලයා ආයේ බෙරිහන් දෙනවා..

පොඩ්ඩක් ඉන්නවකෝ කෑ ගහන්නේ නතුව.. පහළ ගෙදර සනා මල්ලී වෙසක් බලලා ආව හැටි මතකද එදා රෑ..

"අඩේ මහතුං මමාගේ බයිසිකලේ හැඬල් එක උඩ නේද ඒකා ඉඳගෙන ආවේ. මතක් වෙද්දිත් හිනා යනවා.."

"හා හා.. හිනාව නවත්තලා නගිනවා.. ඒ වගේ තමයි යන්ට වෙන්නේ.. කෝ කෝ.. කකුල හිමීට මඩ කවරෙට තියලා උඩින් ඉඳ ගන්නවකෝ.."

සෝරථ පුන්සඳේ සරණ ළිඳේ කිව්වලු..

ලැගේජ් එකෙන් එකයි බඩු මලු, මම මැද පොල්ලේ කුකුළෙකුත් එක්ක, අයියා සීට් එකේ ඉඳගෙන පදින්න බලාගෙන ඉන්නවා.. ඒ අස්සේ පොඩි මලයා හැන්ඩ්ල් එක උඩට නගින්න දඟලනවා ජිම් පප්පා අර ඊජිප්තු පිළිමේ නහයේ එල්ලුනා වගේ....

මම කලිනුත් කිව්වා වගේ මෙහෙ ජීවිතේ බැහැයි කියලා දෙයක් නෑ.. ඒ වෙලාවේ හැටියට අවශ්යතවයේ හැටියට ඕනම දෙයක් හැඩ ගහ ගන්න පුලුවන් අමුතුම හැකියාවක් ඒ අයට උපතින්ම උරුම වෙලා තිබුණා..

ඕං අයියා දැං හරි.. අඩා අල්ල ගන්ට තැනක් නෑනේ.. ආහ් හරි හරි. මේං මේ ලයිට් එකට එන යකඩ කෑල්ල අහු උනා.. දැං යං.. ඒ අයියා බ්රේක් ගහන්ට එපා ඈ..

"බ්රේක් ගහන්ට බ්රේක් තියෙන්ට එපැයි.."

අයියා එහෙම කිව්වාම තමයි ආයේ මගේ ඇඟ සීතල උනේ.. කිලෝ 60 - 70ක බරක් එක්ක. ඉස්සරහ මෙලෝ හසරක් පේන්නෙත් නැතුව මදිවට බයිසිකලේ බ්‍රේකුත් නෑ..

"අයියේ කුඹුරට වැටුනටනම් කමක් නෑ. ඇලට වැටෙන්නනම් බෑ. මොකද මට පීනන්න බෑ.."

"නෑ නෑ පිටිපස්සට ලාවට වගේ බ්රේක් තියෙනව.. ඒ ඇති.."

"අයියා ඒවුනාට ඒ බ්රේක් ගහන්ටත් එපා ඈ.. මං උඩින් නේ ඉන්නේ.. පිනුමක් ගහලයි වැටෙන්නේ බ්රේක් ගෑවොත් එහෙම.."

මල්ලි ඇන්ඩ්ල් එක උඩ ඉඳගෙන තවත් මොන මොනවදෝ කියෙව්වට වචන වලින් බාගෙට බාගයක් හුළං පාරට ගහගෙන ගිහින් ඇහෙන්නේ හෙන ටිකයි..

පාර පුරාම හෑරුණ වලවල්, ඒ මදිවට වැල්ල වගේ නිසා එරෙනව.. වෙරි කාරයා වගේ බයිසිකලේ මුලු ගුරු පාර පුරාම පදින ගමන් වලවල් වල වැටෙන්න එද්දී තියෙන එකම බ්රේක් චුට්ට වෙච්ච පස්සේ බ්රේක් එක අයියා ලාවට වගේ ඇල්ලුවා.

"අඩා අයියා ඕං ඕං පු# හපනවා.."

ඒ මල්ලී. මොනවද ඔය කියවන්නේ.. දඟලන්නේ නැතුව ඉන්නවකෝ..

"ඕං ඕං ආයේ හපනවා.."

අයියා ලාවට බ්රේක් කරද්දිම මල්ලි බෙරිහන් දෙනවා හැන්ඩ්ල් එක උඩ ඉඳගෙන. බැලින්නම් බ්රේක් ලීවර් එක අල්ලලා අත අරිනකොට පොඩි එකාගේ පස්ස පැත්ත අහු වෙනවා ඒකට.... ඌ එකට තමයි හපනවා කියන්නේ..

ඔන්න ඉතින් ආයේ බයිසිකලේ නවත්තලා පොඩි එකාගේ පස්ස පැත්ත හරියට හැන්ඩ්ල් එක මැද්දට ස්ථාන ගත කරලා ගෙදර බලා පිටත් උනා.. යද්දි පැය බාගෙන් කඩේට ගිය ගමන ඔය වගේ මල විකාර නිසා ආයේ ගේ ලඟට එනකොට පැය එකා මාරක් විතර ගත උනා.. කලින් තල්ලු කරන් නැග්ග කන්ඳ මේ පාර බයිසිකලේම ආවා පල්ලම නිසා.. බ්රේක් නැති නිසා වලවල් වල වැටි වැටි, පස් කණ්ඩි උඩ නැග නැග තුන් දෙනත් එක්ක කෑ ගහගෙනම නැන්දලාගේ මිදුල මැද්දට පාත් උනා නිකන් නීල් ආම්ස්ට්‍රෝං හඳෙන් බිමට වැටුණා වගේ..

මොකද්දෝ වාසනාවකට මගේ කකුලේ තැන් කීපයක් යාන්තමට සීරිලා තිබුණා උනාට කියන්න තරම් ලොකු අපදාවක් උනේ නෑ එදා.. ආහ්. පොඩි මලයගේ පස්ස පැත්ත ටිකක් රතු වෙලා තිබුණා අර බ්රේක් ලීවර් එකට අහු වෙච්ච පාර.. ඒක ලැජ්ජාවට කියන්නේ නැතුව හිටියට ගෙදර අවිත් නිදා ගන්න යනකොට නැන්දට කියලා තිබුණා.. ආහ් අයියගේත් කකුලේ ඇඟිල්ල යාන්තමට තුවාල වෙලා තිබුණා බ්රේක් නැති නිසා ඉස්සරහා ටයර් එකට කකුල තියලා බයිසිකලේ වේගේ අඩු කරන්න ගිහින් පල්ලමේ එද්දී..

අවම හානි සහිතව තවත් කුජීත වීර චාරිකාවක් ඔය විදිහට ඉවර උනා. හැබැයි අදටත් ඒවා සුන්දර මතකයන්..

එහෙනම් ආයේ හම්බ වෙමු..

හිත මිතුරු

RichLife

[QUOTE="richlife, post: 24087368, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"] [IMG]https://i.imgur.com/dTWwpjf.jpg[/IMG] බොහොම සුන්දර වගේම සෑහෙන දුෂ්කර කටුක පළාතක් උන අපේ ගම් පළාත වෙච්ච අම්පාර අඹගහවැල්ලට හා හපුරා කියලා පය තියපු හැටි මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්වනේ.. [SIZE="2"][COLOR="Black"][url]http://www.elakiri.com/forum/showthread.php?t=1882690[/url] [/COLOR][/SIZE] සාමාන්යෙන් අපි අම්පාරේ යන්නේ බදාදා දවසක වගේ.. බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙක ඉස්කෝලේ යන්නේ නෑ.. සෙනසුරාදා රෑ බස් එකේ අම්පාරෙන් ආපහු ආවම ඉරිදා උදේ පාන්දර ආපහු ගෙදර.. තාත්තටත් ඒක ලේසියි. අනික සඳුදට තාත්තට වැඩට යන්න වගේම මට ඉස්කෝලෙ යන්නත් පුලුවන්නේ.. :yes: ඉතින් අපි ඒ විදිහට මුල් වතාවේ සෑහෙන කට්ටක් කාලා ආවට, පස්සේ පස්සේ අවුරුදු දෙකකට සැරයක් වගේ කොහොමහරි ගමේ ගිහින් එන්න පුරුදු උනා.. සාමන්‍ය මිනිස්සු එක්ක බලද්දි මගේ තිබුණ මොකද්දෝ අසාමාන්‍ය ගතියක් නිසාද මන්දා මම ඒ දුෂ්කර ගමනට එදා ඉඳන්ම හෙන ආසයි.. උදේ ඉඳන් දූවිලී කාගෙන කිලෝ මීටර් දෙසිය හැට ගාණක්ම බස් එකේ ඇවිත්, අන්තිමට කොට කලිසම පිටින් ආච්චිලාගේ ගේ ඉස්සරහෙන් ගලාගෙන යන ඇළට බැහැලා, කොළඹ ඉඳන් එකතු කරන් ආව කලු පාට දුම, අලුපාට දූවිල්ල ඇඟේ තිබුණ තෙහෙට්ටුවත් එක්කම ඇළ දිගේ ඈතට පාකරලා ඇරියා..:) වැඩිපුර තියෙන ඉටි පන්දමක් හරි, ටෝච් එකක් හරි පත්තු කරගෙන ආයේ ගෙදරට ආවාම ආච්චී උණු උණුවෙම හදලා දෙන පොල් රොටියක් එක්ක මොනවහරි බඩට දාගෙන කැඩුණු තාර පාර දිගේ අධි වේගෙන් දුවන බස් එකේ ගැස්සී ගැස්සී උඩ විසි වෙවී කොළඹ ඉඳන් ආපු විදිහ එක තැනකට වෙලා මතක් කරනකොට කොහොමත් දැන් මේ ඉන්න විදිහ පට්ට සැපයිනේ කියලා හිතෙනවා.. ඒ නිසාමද මන්දා කිසිම සැපපහසුවක් නැති, ලෑලි අතුරපු ඊට උඩින් ඝන රෙද්දක් එළපු ඇඳේ දිග ඇදුනාම සනීපෙට නින්ද යනවා.. පහු වෙනිදා එළි උනාට කවුරුවත් කතා කරලා ඇහැරෙව්වේ නැති උනාට වටේටම මුකළාන නිසා අහළ පහළින් මොණරු කෑ ගහන සද්දේ ඇහෙනකොට නිකන්ම ඇහැරෙනවා..වීදුරු නැතුව ඝන ලැලි පළු වලින් හදපු ජනේලේ පියන ඇරියාම, රේන්ද රෙදි එල්ලපු ජනෙල් තිර අස්සෙන් වත්ත කොණේ ඇවිදින මොණරෙක් දෙන්නෙක් දැක්කම නිදිමත පවා අතුරුදන් වෙනවා..:love: පොඩි මාමගේ පුතා උදේට ඉස්කෝලෙ යන ගමන් ආච්චිවයි සීයවයි බලල ඒ දෙන්නට වැඳලයි ඉස්කෝලේ යන්නේ.. පොඩි මාමා උදේට පොඩ්ඩා එක්කම ආච්චිලාගේ ගෙට ගොඩ වෙලා යනවා සිරිතක් විදිහට.. පොඩ්ඩා එතකොට 2 වසරේ වගේ ඇති.. සමහර වෙලාවට ඒකා ගෙදරින් කන්නෙ නැතුව එනවා ආච්චිලාගෙ ගෙදරින් මොනවහරි කාලා යන්න බලාගෙන.. ඉස්කෝලෙට යන්න ඕනේ ආච්චිලාගේ ගේ පහු කරගෙන.. අපි ඇවිත් ඉන්නවා දැක්කාම ඌට ඉස්කෝලෙ ගමන අමතකයි.. :lol: "හ.හා.. කොළඹ අයියලා අදම යන්නෙ නෑ.. තව දවස් දෙක තුනක් ඉන්නවා. මයෙ පුතා අද ඉස්කෝලෙ ගිහින් එන්ටකෝ. හවසට අයියලා එක්ක සෙල්ලම් කරන්ට පුලුවන්නේ" ආච්චි හරි සීය හරි ඇවිත් පොඩි එකාගේ ඔලුව ආත ගාල ඌව බලෙන් තල්ලු කරනකන් ඌ නෙමෙයි ගෙයින් එළියට බහින්නේ.. යන්න ඔන්න මෙන්න තියෙද්දී පොඩි එකා ආයේ මගේ අතේ එල්ලිලා අහනවා "කොළඹ අයියා, ඇත්තටම ඉන්නවා නේද.? අද රෑට අපේ ගෙදර නිදා ගමු ඈ.." කියලා.. කාලෙකට පස්සේ අපිව ආච්චිලාගේ ගෙදරදී දැකපු නිසා මට වැඩිය අවුරුදු තුන හතරක් බාල පොඩි එකාට තිබුණේ ලොකු පුදුමයක්.. ඇයි ඉතින් අපි මළාට ගමේ යන්නේ නෑනේ.. කොහොමහරි වදෙන් පොරෙන් පොඩි මාමා බුවාව බලෙන්ම වඩාගෙන ඉස්කෝලේ එක්කන් යන්න ලෑස්ති උනා.. අපේ අම්මයි තත්තයි ඒකාව මෙල්ල කර ගන්නේ කොළඹින් ගෙනාපු චොකලට් දෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ආවාම විතරයි කියලා.. අනේ ඉතින් දෙලොවක අතරමං වෙච්ච පොඩි එකා අම්පාරෙන් ගත්තු කොළඹ චොකලට් එකට රැවටිලා ඉස්කෝලේ ගියා මූන දෙක කරගෙන. ඊලඟට ඉස්කෝලෙ යන්න බයිසිකලේ එන්නේ නැන්දගේ පුතාලා තුන් දෙනා.. එක්කෙනෙක් මට වැඩිය හෙනට වැඩිමල්.. අනිත් අයියා මට වැඩිය අවුරුදු 3ක් විතර වැඩිමල්.. අදටත් මගේ එක්ක ෆිට් එකේ ඉන්නවා.. බාලම මල්ලී පොඩි මාමාගේ පුතාට වැඩිය ටිකක් වැඩිමල් උනත් මට වැඩිය බාලයි.. ඒ තුන් දෙනත් බයිසිකල් දෙක වත්ත පහළ ඇළ අයිනේ ලොකු කොස් ගහට හේත්තු කරලා ආච්චියි සීයයි එක්ක කතා කරලා යන්න ගේ පැත්තට ආවා.. අයියලා දෙන්නට කලින් උඩහට දුවං ආව පොඩි මලයා, "අපේ අප්පෝ අයියේ මේං කොළඹ නැන්දලා ඇවිල්ලා.." කියලා ගමට ඇහෙන්න කෑ ගැහුවා.. ඔන්න දැන් ඊලඟට නැන්දගේ පොඩි එකත් කුලප්පු වෙලා.. අයියලා දෙන්න ඉතින් ටිකක් ලොකු නිසා අපේ අම්මටයි තාත්තටයි වැඳලා එහෙම ටිකක් කතා බහ කරලා ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.. ඔන්න පොඩි මළයා මගේ ඇඟේ එල්ලිගෙන අඬනවා ඉස්කෝලේ යන්න බෑ කියලා.. "අපි එද්දී කොළඹ අයියලා ගිහින් ඉඳී.. මෙහෙ එන්නෙත් නෑනේ.. මට බෑ ඉස්කෝලෙ යන්ට.. අයියලා යන්ට.. මම ඉන්නවා.." අපේ අම්මයි තාත්තයි හීනියට ආයේ චොකලට් කතාවම රිපීට් කළාට ඌට චොකලට් වලට වැඩිය සහෝදර කම ලොකු වෙලාද මන්දා ඉස්කෝලේ යන්නම බෑ කියනවා.. ඔන්න ඒ පාර සීය ටිකක් සැර කළා.. "නෑ නෑ.. ඉස්කෝලෙ යන්ට ඔනේ.. ලොකු මහත්තයා දැක්කොත් මටත් බනී.. මම හවසට ඒ පැත්තේ යන්ටත් ඕනේ.. කෝ කෝ.. පරක්කු වෙන්නේ නැතුව යන්ට ලෑස්ති වෙන්ට නැන්දලාට වැඳලා.." ඒ පාර පොඩි එකා අඬන්න වගේ ගිහින් ආච්චිගේ ඇඟේ එල්ලුනා.. අඬන්න ඉන්න එකාට ඇඟේල්ලෙන් ඇන්නා වගේ "මම දැන් කෝටුවක් කඩන් එනවා ඈ.." කියලා කිව්වා සීයා..:shocked: "අනේ පොඩි එකාව අඬවන්න එපා උදේ පාන්දරම පව්නේ. අදට ඔහේ හිටපුවාවේ..මං දුවට පණිවිඩයක් යවන්නම් පොඩි පුතා ඉස්කෝලේ ගියෙ නැතුං මෙහෙ ඉන්නවා කියල.." ආච්චි එහෙම කිව්වාම මේ පාර දෙලොවක් අතර අතරමං උනේ සීයා..:rofl: එදා කොහොම හරි අයියලා දෙන්නා ඉස්කෝලේ ගියා.. මලයා අපි එක්ක නැවතුනා.. නැවතුනා කිව්වට නැවතුනේ නෑ.. මම ඌ එක්ක මුළු වත්ත පුරාම දුව දුව දඬු ලේන්නු හොය හොය ඇවිද්දා.. මොණරු පිල් විදහනකන් බකන් නිලන් හිටියා, අම්මා මට වත්තට එන්න ඇළ හරහා දාලා තිබුණ ලී කඳන් පාලම උඩට යන්න එපා කියලා කිව්ව නිසා අපි පාළමට යටින් ගිහින් ඇළේ බෑස්සා.. [IMG]https://i.imgur.com/lxVXoXd.jpg[/IMG] [I][SIZE="3"](ඔය තියෙන්නේ පාලම.. ෆොටෝ එක ගත්තේ ලඟදි අම්පාරේ ගිය වෙලාවක. දැන්නම් පාලම සෑහෙන අබලන් වෙලා.. ගේ පිටි පස්සෙන් පාර හැදුනට පස්සේ ඇලෙන් එගොඩ වෙන්නෙ කලාතුරකින්. ඒ නිසා පාලම වැඩි පාවිච්චියක් නෑ දැන්..:no:)[/SIZE][/I] අම්මා පාළම උඩට යන්න එපා කිව්වේ ඇළට වැටෙයි කියලා.. ඇළට බැස්සාම කොහොමත් වැටෙන්නේ නෑනේ.. කොටින්ම කියනවනම් මම ඒ පොඩි එකා එක්ක මාර විදිහට ෆිට් උනා.. ඒ අතින් ඒ මල්ලිලා ඒ ජීවිතේට මහා පුදුම විදිහට හැඩ ගැහිලා තිබුණා.. ඇළට බැහැ ගන්න බැරුව ගල් වල ලිස්සනකොට "ඔහෙන් නෙමෙයි කොළඹ අයියා මෙහෙන් එන්ට.." අඩා ඔතන ලිස්සනවා, මේ පැත්තෙන් එන්ට.." ඔතෙන්ට යන්ට එපා මාලු කොටයි.." වගේ දේවල් කිය කිය මට නිතරම උපදෙස් දුන්නා.. පොඩි පරහකට තිබ්බේ උගෙ උපදෙස එන්න ටිකක් වෙලා යන එක..:frown::frown: ගලෙන් ලිස්සලා වැටෙනකොට තමයි පොඩි එකා කියන්නේ ලිස්සනවා කියලා.. කොටින්ම මාලු කොටද්දී කෙටුවේ මාලු කියලා නොදැන බෙරිහන් දුන්නාම තමයි ඒකා හිනා වෙවී කිව්වේ කොටන මාලු ඉන්නවා කියලා..:angry: [IMG]https://i.imgur.com/5zbNNzG.jpg[/IMG] ([COLOR="indigo"][SIZE="3"][I]ආච්චිලාගේ ගේ ඉස්සරහෙන් හිමීට ගලාගෙන යන ඇල පාර.. ෆොටෝ එක ගත්තු කාලේ ඇලේ වතුර අඩුයි.. ඒවුනාට ඔහොම තියෙද්දිත් මම ඇලට පනිනවා "ජකොව්ස්" ගාලා..:rofl:[/I][/SIZE][/COLOR]) මාලු කොටපු වෙලාවේ මගේ කෑගැහිල්ල නිසා ඇළේ බැහගෙන හිටපු ආතල් එක එහෙම් පිටින්ම කුඩු උනා...ඇයි ඉතින් මගේ සද්දෙට ආච්චියි සීයයි එක්ක අපේ අම්මයි තාත්තයි මැරතන් එකකට වැඩිය ටිකක් හයියෙන් පහළට දුවගෙන ආවනේ..:P තාත්තටනම් අපිව දැකලා බකස් ගාලා හිනා ගියා.. "හානේ.. දෙන්නත් එක්කම ඇළට බැහැළා නේද.?" අයියෝ මල්ලි ඉස්කෝලේ කලිසම පිටින්මනේ පුතේ බැහැලා තියෙන්නේ..":sorry: "නෑ නෑ මාමා ගාණක් නෑ ගෙදර තව දෙකක් තිබුණා.. මේක කොහොමත් හෙට අඳින්නේ නෑ.." අපේ තාත්තා මට සැර කරයි කියන බයටද මන්දා පොඩ්ඩා පැනලා උත්තර දුන්නා..:baffled: "පුතේ මල්ලිටනම් තේරෙනේ නෑ.. ඒවුනාට ඔයා අයියනේ. ඔයා මල්ලිවත් ඇදගෙන ඇලට බැස්සා නේද. අපි කාටවත් කිව්වෙත් නෑ.." ඔන්න ඒ පාර අම්මත් බාල්දියක් දාගෙන එනවා කොක්ක නැතුව..:dull: "නෑ නෑ. එයාට ඕවයේ නාලා හුරුයි.. තනියම ගිහින් නාගෙන එනවා.." ආච්චි එහම කිව්ව නිසා යාන්තං අම්මගෙනුත් බේරුණා.. ඒ අස්සේ ආයෙ මාලුවෙක් කෙටුවා.. මම වැටි වැටි කෑ ගහගෙන ගොඩට දිව්වා .. මලයා හිනා වෙවී හිටියා වතුරේ ගිලී ගිලී..:angry: මමත් මී හරකා වගේ පොඩ්ඩගේ ඉස්කෝලෙ කලිසම පිටින්ම ඇළේ බස්ස ගත්තා මිසක් පොඩි එකා ආයේ අඳින්නේ මොනවද කියල හොය හිටියේ නෑනේ.. උට අයියා උනාට මමත් එතකොට පොඩි එකානේ..:D අන්තිමට තෑගි දෙන්න ගෙනාව අලුත්ම අලුත් කලිසමකුයි ෂර්ට් එකකුයි මල්ලිට ඇන්ඳුවා ආච්චිලා ගෙදරදිම.. :love: දවල් වරුව ඔය වගේ ලස්සනට ගෙවිලා ගියා.. ඒ අතරේ පොඩි මාමා මල්ලිව ඉස්කෝලෙන් එක්කගෙන කෙලින්ම ආච්චිලාගෙ ගෙදරට ආවා.. නැන්දගේ පුතා අලුත් කිට් එකක් ගහගෙන එහෙ ඉන්නව දැකලා පොඩි මාමගේ පුතන්ඩියා යකා නැටුවා.. ඉස්කෝලෙ ගිහින් ආව නිසා ඌට බත් කන්නත් කලින් කොළඹින් ගෙනාපු චොකලට් කන්න ඕනේ උනා.. අන්තිමට එයාටත් අලුත් ඇඳුමක් අන්ඳලා දෙන්නටම චොකලට් එක ගානේ අතට දීලා ගැටුම සමථයකට පත් කළා..:yes: [IMG]https://i.imgur.com/ULUHFct.jpg[/IMG] හවස අපි නැන්දලාගේ ගෙදර ගියා.. ආච්චිලාගේ ගෙදර ඉඳලා නැන්ඳලාගේ ගෙදරට කිලෝ මීටර් එකා මාරක් විතර පයින් යන්න ඕනේ.. එක පැත්තක සරුසාර කුඹුරු යාය.. අනිත් පැත්තේ හීනියට ගලාගෙන යන ඇල පාර.. මැදින් දුඹුරු පාටට හුරු ගුරු පාර.. [IMG]https://i.imgur.com/f76rydr.jpg[/IMG] කුඹුර පැත්තේ ඉඳන් හමාගෙන එන හුළං පාර ඇඟේ හැපීගෙන යද්දී දැනෙන සනීපේ කවදාවත් ඒ.සී එකක් දාගෙන ඉඳල ගන්න බෑ.. :cool: නැන්දලාගේ ගෙට ගොඩ වෙද්දි අයියලා දෙන්නයි, උදේ මගෙත් එක්ක ඇළේ නටපු මල්ලියි, උදේම මුණ දෙක කරන් ඉස්කෝලෙ ගිහින් ආව පොඩි මාමාගේ පුතයි ඔක්කොම එහේ.. නැන්දලාගේ ගෙදර මිදුලට ගොඩ වෙන්න තියෙන්නේ ඇළ හරහා දාපු ඒ දණ්ඩකින්.. කොටින්ම කියනවනම් අඟල් 10ක් -12ක් විතර පළල ලී කොටයක් ඒක.. අපිව පිළි ගන්න වගේ ඉස්සරහට ආව නැන්දගේ බාල පුතා අපි ඒ දණ්ඩ පහු කරන හැටි බලන් හිටිය හිනා වෙවී.. "කොළඹ නැන්දා හයියෙන් එන්ට එපා මේං මෙහෙම හිමීට හිමීට එන්ට.. මාමා ඔහොම අඩිය තියන්ට එපා ලිස්සයි." අපිව ඒදණ්ඩෙන් එගොඩ කරවන්න ගිහින් ඒකා හත් අට සැරයක් ඒ දණ්ඩ දිගේ එහාට මෙහාට ගියා තේරුමක් නැතුව..:lol:: යාන්තං කවුරුත් ඇළට නොවැටි ඒ දඬු රාජයා තරණය කරගෙන නැන්දලාගේ ගෙට ගොඩ උනා..:cool: [IMG]https://i.imgur.com/7QVPHz3.jpg[/IMG] [I][SIZE="3"](පිටිපස්සේ මහා පාර හැදුනට පස්සේ ඒ දණ්ඩ පාවිච්චි කරන එකත් නැවතුනා.. මේ ෆොටෝ එක ගත්තු කාලේ ඒ දණ්ඩ පාවිච්චි කරන්නෙත් නෑ..:no: හැබැයි මමනම් ගිය හැම පාරම ඕක පාවිච්චි කරලා තමයි එන්නේ..:P)[/SIZE][/I] සාම්ප්රදායානුකූල විදිහට ගොඩක් නෑයොන්ට කටපාඩමින් කියන එකම දෙබස අම්පාරෙදීත් ඒ විදිහටම එළියට පැන්නා.. "කොහෙ එන්නද අනේ.. මෙයාගේ ඉස්කෝලේ වැඩයි, අයියට නිවාඩු ගන්න විදිහකුත් නෑ.. අනික පොඩි පහේ දුරක්යෑ තියෙන්නේ.. බස් එකටම දවසක් ඉවරයිනේ..":P වැඩිහිටියන්ගේ කතා වලට හොට දාන්න ගිහින් ටිංකිරි ගාගන්න බැරි නිසාත් කටවල් දිහා මාරුවෙන් මාරුවට බලන් ඉඳලා තේරුමක් නැති නිසාත් අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි එක්ක මම ආයේ ඇළ ගාවට ගියා.. ලොකු අයියනම් කුඹුර පැත්තට ගියා හරක් ටික බඳින්න තියෙනවා කියලා..කොහොමත් ඕනම පවුලක වැඩිමලාට ඒ වගේ වගකීම් ඉබේම වගේ පැවරෙනවා..නොපැවරුනත් ඉබේම පවර ගන්නවා..:dull: නෙලුම් කොළ යට ඉන්න මාලුන්ට වද දීදී, පාඩුවේ මනෝ පාරක් ගහගෙන අව්ව තපින ඉබ්බොන්ටත් ඇණයක් වෙච්ච මං වැඩිපුර කලිසමක් ගේන්න බැරි උන නිසා ඇඳගෙන හිටිය කොට කලිසම යට කලිසමක් වෙනකන් නවාගෙන හවස් වෙනකන්ම ඇළේ නැටුවා..;) [IMG]https://i.imgur.com/Nm0IyOg.jpg[/IMG] රෑ කෑම නැන්දලාගේ ගෙදරින් නිසා සහ මම කෑම ජාති තෝරන මනුස්සයා කියලා නෑයෝ ඔක්කොම දැනන් උන්නු නිසාත් නැන්දා අයියව කඩේට යවන්න ලෑස්ති උනා.. "පුතේ කඩේට ගිහින් කුකුල් මසුයි පපඩම් මොනවහරි අරන් අවොත් හොඳයි නේද.මල්ලීට මෙහේ කෑම හුරුත් නෑනේ." "නෑ නෑ. මුකුත් වැඩිපුර ඕනේ නෑ.. ගෙදරින් එනකොට කියලයි එක්කගෙන ආවේ එහේ වගේ මෙහේ කඩවල් නෑ. තියෙන එකක් කන්න ඕනේ කියලා..":angry: හවස් වරුවේ නැන්දා අයියව කඩේට යවන්න හදනවා ඇහිලා තාත්තා එහෙම කිව්වා උනත් පුලුවන්නම් කඩේට ගිහින් හරි කන දෙයක් ගෙනත් දෙනවා කියලා මම දන්නවා..:love: "නෑ අයියා.. කොහොමත් තව අඩුපාඩු ටිකක් ගෙන්න ගන්ට තියෙනවා.. පුතා ගිහින් ආපුවාවේ.." "අම්මේ කුකුල් මස් ගේන්නනම් උඩහ කඩේටම යන්ට වෙයි නේද..?" අවේලාවේ එක පාරටම කඩේ ගිහින් එන බාල්දියක් පෙරලුන නිසා අයියා ආයේ සැරයක් නැන්දගෙන් ඇහුවා ඇත්තටමද කිව්වේ කියලා දැන ගන්න වගේ..:baffled: ඒ කාලේ කරන්ට් එක ඇවිත් තිබුණේ මගක් වෙනකන් විතරයි.. ඉතින් ගමට ලයිට් නොතිබුණු ඒ කාලේ ෆ්‍රීසර් ෆ්‍රිජ් එකක් තියෙන කඩයක් තිබුණේ කිලෝ මීටර් 6- 7ක් ඈතට වෙන්න.. ඒ නිසා කුකුල් මස් වගේ දෙයක් ඒ ගෙවල් වල සාමාන්‍ය දවසක උයන්නෙම නැති තරම්.. "කමක් නෑ ගිහින් එන්ට.. මල්ලිලාට යෝගට් මොනවහරි අරන් එන්ට එන ගමන්.. මම දාවලේ හාල් වගයක් දුන්නා. ඒකත් කොටලා ඇති මෝලේ. ඒ ටිකත් අරන් එන්ට.. යනකොට කොළඹ මල්ලිවත් එක්ක යන්ට. ආස ඇතිනේ..":D බයිසිකල් එකේ නැගලා පාර දිගේ යන්න මටත් පොට්ට චාන්ස් එකක් වැදුනා ඒ අස්සේ.. පොඩි මමාගේ පුතා අම්මා එක්ක බර කතාවක්.. ඉස්කෝලෙ වෙච්ච සීන් එකක් ගැන කට උල් කර කර කියෝ කියෝ ඉන්නවා ගිරවෙක් වගේ. ඒ අතරේ අයියයි මමයි කඩේ යන්න එළියට බැස්සා.. කොහේදෝ ඉඳන් දුවං ආව ඉස්කෝලෙත් නොගිය අනිත් මලයා "අයියේ මමත් එනවා.." කියාගෙන පස්සෙන් ආවා.. "එක බයිසිකලේ තුන් දෙනෙක් ගියහැකියෑ.. කොළඹ අයියා ගිහින් ආපුවාවේ.. පොඩි පුතා ඉන්ට.." සද්දෙ ඇහුණ ගමන් ඉස්සරහට ආව නැන්දා පොඩ්ඩව තියා ගන්න බැලුවට ඌ නෙමෙයි ආපහු හැරුණේ.. "මට බෑ මමත් යනවා.." "හා හා එනවකෝ.. කඩේට දීලා මොනවහරි අරන් එන්න පුලුවන්නේ..":P අයියා කොච්චර උනත් හිත හොඳ මනුස්සයා. මල්ලිවත් එක්ක යන්නයි කල්පනාව.. "පුතේ බඩුත් අරන් කොහොමද එන්නේ මල්ලිවත් එක්ක ගියාම.." "දැන් මෙයා අඬනවනේ අම්මේ තියලා ගියොත් එහෙම.. බයිසිකලේ තියාගෙන යන්නේ නෑ පිටිපස්සෙන් දුවගෙන එන්ට ඕනේ ඈ..":P අයියා ඒ අස්සේ පොඩි එකාව අවුස්ස අවුස්ස වෙනම ආතල් එකක් ගන්න හැදුවා..:D ඒ දණ්ඩෙන් බයිසිකලේ පිටින් එගොඩ වෙන්න බැරි නිසා ගෙට උඩහා පාරෙන් ගිහින් හම්බ වෙන පාලමෙන් තමයි ඇළෙන් එගොඩ වෙන්න තියෙන්නේ. ඒ නිසා බයිසිකලේ තල්ලු කරන් තුන් දෙනා එක්කම කන්ඳ නැගගෙන උඩහට ගියා.. පාර සෑහෙන අබලන් නිසා බයිසිකලේ පැදගෙන කන්ඳ නගින එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.. පාළම ගාවදී අපි බයිසිකලේට ගොඩ උනා.. මම මැද පොල්ලේ හරහට ඉඳ ගත්තා, මලයා ලැගේජ් එකේ, අයියා බයිසිකලේ පදිනවා.. වේලිලා දූවිලි පිරුණු දුඹුරු පාට ගුරුපාර දිගේ ඇවිත්, විනාඩි 20කට 30කට විතර පස්සේ අපි කඩේ ලඟට කිට්ටු කළා.. [IMG]https://i.imgur.com/NptVr9r.jpg[/IMG] නැන්දා ගේන්න කියපු බඩුයි, ඒ වෙලාවේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත කුකුළෙකුයි ඔතා ගත්තු අපි ආයේ ගෙදර එන්න ඔන්න මෙන්න තියෙද්දි අයියා ඊට ටිකක් එහා තිබුණ මෝලට ගියා නැන්ද කලින් කොටන්න දීලා තිබුණ හාල් ටික අරන් එන්න.. අයියා එනකන් අපි ඇලේ පාවෙන නෙලුම් කොල හිල් වෙන්න ගල් ගැහුවා.. මොනවහරි දෙයක් සෙල්ලමට ගන්න එක ඒ කලේ පුරුද්දනේ..:P අඩුම කුඩුම ටික ඔක්කොම එකතු කර ගත්තට පස්සේ අපි ලොකු ඇබැද්දියකට මූණ දුන්නා.. "අඩේ මේ ඔක්කොම එක්ක දැන් යන්නේ කොහොමද..?" "අපි බයිසිකලේ යන්නං.. ඔයා පස්සෙං දුවගෙන එන්ට ඈ.. අම්මා කිව්වනේ යන්ට එපා කියලා.." අයියා ආයේ සැරයක් පොඩි එකාව අවුස්සනවා..:rofl: "අපේ අප්පෝ බෑ බෑ මමත් එනවා.." පොඩ්ඩා ආයේ මූණ බෙරි කරගෙන.. "අයියේ කුකුල් මසුයි මේ බෑග් එකයි අරගෙන මම ලැගේජ් එකේ ඉඳ ගන්නං .. මල්ලිව පොල්ලේ තියා ගන්න.. එතකොට හරිනේ.." "එතකොට මේ කොටපු හාල් ටික තියා ගන්නේ කොහොමද.? ඔයාට හාල් එක ටික තියා ගන්ට ඉඩ නෑනේ.." මට එතකොටයි අයියා අතේ තියාගෙන හිටිය තඩි හාල් පිටි මල්ල මීටර් උනේ..:shocked: ත්‍රී වීල් එකකට බඩුත් එක්ක තුන් දෙනක් පුෂ් බයිසිකලේ යන්න ඉන්නවා දැන්..:shocked: ඒ අස්සේ අඳුරු වෙච්ච කඩේ ඇතුළේ ලණුවකින් එල්ලෙන කෙසෙල් කැනට පිටි පස්සේ ඉඳගෙන කෙල්ලෙක් අපි දිහා බලාගෙන ඉන්නවා සර්කස් එක පටන් ගන්නකන්..:oo: "ඒ අයියේ අයියේ, අන්න අර කඩේ ඇතුළේ ඉන්න ගෑණු ළමයා බලං ඉන්නවා.. මේවා එක්ක අපි පෙරතයෝ පොළේ ගැහුවා වගේ බිමට පත බෑවුනොතින් එහෙම ගම අත ඇරලා යන්න වෙන්නේ රෑ බස් එකේම.. ඔහොම්ම තල්ලු කරගෙන ටිකක් ඉස්සරහට යමුද.." "හප්පා.. ඒ අපේ ඉස්කෝලේ එකියක්.. අපි හැමදාම උන්ට එක එක ඒවා කියලා කොලොප්පං කරනවා.. මෙතන අපිට කෙළ වෙලා ඉන්නවා කියලා දන්න නිසාම තමයි ඔය බලන් ඉන්නේ.. වෙලාවට දැක්කේ.. යමු යමු.. තල්ලු කරාන ටිකක් ඉස්සරහට යමු. නැත්තං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි..." බයිසිකලේ තල්ලු කරන අතරේ මලයා ඒකට ගොඩ වෙන්න දැඟලුවා ඌව දාලා යයි කියලා බයට.. "මොනවද ඔය කරන්නේ. ඔහොම ඉන්නවා ටිකක්.. කවුරුවත් බයිසිකලේට නැග්ගේ නෑනේ.. කඩේ ගාවින් එහාට යංකෝ.." අයියා මලයට සැර දාන ගමන් බයිසිකලේ තල්ලු කරන් ඉස්සරහට යන්න ගත්තා හාල් මල්ල මගේ අතට දෙන ගමන්. කඩෙන් ගත්තු බඩු මලු තුන හතරක්ම අතේ තිබුණ නිසා මගේ අතේ හිටිය කුකුළව මම මල්ලිට දුන්නා.. "අම්මෝ මුගේ සීත.. මැරිලද දන්නෙත් නෑනේ නේද අයියා.." මට හිනා නොගියේ මේ ලට්ට ලොට්ට ඔක්කොම එක්ක කිලෝ මිටර් 6 - 7ක් යන්නේ කොහොමද කියලා හිත හිත හිටිය නිසා වෙන්න ඇති.. "මොට්ට කතා කියන්ට එපා මැට්ටෝ.. පණ පිටින් ෆ්‍රිජ් එකේ දානවද කුකුල්ලු.. කොහෙද ඉස්කෝලේ.." "අඩා මම අයියලෑ ඉක්කෝලෙටනමනේ යන්නේ.." අන්න ඒකටනම් මට බකස් ගාලා හිනා ගියා..:rofl: "ආයේ එහෙම ඕක කිව්වොත් පයින් තමයි එන්ට වෙන්නේ ඈ....:frown:" අයියගෙයි මල්ලිගෙයි වලිය එතනින් ඉවරයි. පොඩි ඒකාට කොහොමහරි ඕනේ බයිසිකලේ කොහෙන් හරි ඉඳ ගන්න.. ඒ නිසා ඌ කට වහන් හිටියා එතනින් එහාට.. ආයෙත් අපි බයිසිකල් මෙහෙයුම පටන් ගත්තා.. එකෙක් නගිනවා ඉඳ ගන්නවා. බඩු ටික එල්ල ගන්නවා.. ඔක්කොම හරි කියලා හිතනකොට මල්ලක් දෙකක් බිම..:baffled: ආයේ මලු ටික ඔක්කොම එහෙන් මෙහෙන් එල්ලලා මමත් ගොඩ වෙලා අයියත් ඉඳගෙන බලද්දි පොඩි මල්ලි බිම..:confused: ආයේ ඌව බයිසිකලේ ඉන්ඳවලා අපිත් ඉඳගෙන බඩු මලු ටික හතර වටේ එල්ලගෙන යන්න බලද්දී මල්ලි කෑ ගහනවා "අඩා අයියේ හෝව් හෝව්ව්.. කුකුළා තාම බිම" කියලා..:angry: විනාඩි 15 විතර බයිසිකලෙයි, කොටපු හාල් මල්ලකුයි, තවත් බඩු ගොඩකුයි, කුකුළෙකුයි එක්ක කෝලං නටපු අපි කර ගන්න දෙයක් නැතුව ඉන්න අතරේ අයියට එක පාරටම ලයිට් එකක් පත්තු උනා.. කොටින්ම ඒක ත්‍රී පීස් සර්කස් අයිඩියා එකක්. "මල්ලි ඔයා මේ කුකුළව අතට අරගෙන පොල්ලෙන් ඉඳ ගන්ටකෝ.. මම පොඩි ලන්නක් අරන් එන්නම් කඩෙන්.." අයියා එහෙම කියලා ආයේ කඩේ පැත්තට ගියා. "ලනුවක් මක්කටෙයි කොළඹ අයියා.." පොඩි එකාට වගේම මටත් ඒක හෙන ප්‍රශ්නයක්.. බයිසිකලේට නැගලා බැහලම හෙම්බත් වෙලා හිටපු මමත් පොඩ්ඩගෙන් ආතල් එකක් ගන්න බලාගෙන "ලණුවක් දාලා ඔයාව ගැට ගහලා ඇදගෙන යනවා. ඔයාට පස්සෙන් දුවං එන්න ඕනේ නෑ එතකොට.." කියලා කිව්වා. "ඔන්න ඉතින් කොළඹ අයියත් කොලොප්පං කරනවනේ.. ඕං මං තරහ වෙනවා ඈ.." අනිත් අතට අයියා ලනුවක් අරන් ආව නිසා පොඩි මලයගෙයි මගෙයි වලිය ඉවර උනා.. කිලෝ හත අටක් බර හාල් මල්ලයි තවත් මලු කීපෙකුයි ගානට ලැගේජ් එකට තියලා ගැට ගැහුවා.. "මල්ලී ඔයා මේ කුකුළව අතේ එල්ලගෙන පොල්ලෙ ඉඳගන්ට.." "අඩා අයියා එතකොට මං.." පොඩි මලයා ආයේ බෙරිහන් දෙනවා.. පොඩ්ඩක් ඉන්නවකෝ කෑ ගහන්නේ නතුව.. පහළ ගෙදර සනා මල්ලී වෙසක් බලලා ආව හැටි මතකද එදා රෑ.. "අඩේ මහතුං මමාගේ බයිසිකලේ හැඬල් එක උඩ නේද ඒකා ඉඳගෙන ආවේ. මතක් වෙද්දිත් හිනා යනවා.." "හා හා.. හිනාව නවත්තලා නගිනවා.. ඒ වගේ තමයි යන්ට වෙන්නේ.. කෝ කෝ.. කකුල හිමීට මඩ කවරෙට තියලා උඩින් ඉඳ ගන්නවකෝ.." සෝරථ පුන්සඳේ සරණ ළිඳේ කිව්වලු.. ලැගේජ් එකෙන් එකයි බඩු මලු, මම මැද පොල්ලේ කුකුළෙකුත් එක්ක, අයියා සීට් එකේ ඉඳගෙන පදින්න බලාගෙන ඉන්නවා.. ඒ අස්සේ පොඩි මලයා හැන්ඩ්ල් එක උඩට නගින්න දඟලනවා ජිම් පප්පා අර ඊජිප්තු පිළිමේ නහයේ එල්ලුනා වගේ.... මම කලිනුත් කිව්වා වගේ මෙහෙ ජීවිතේ බැහැයි කියලා දෙයක් නෑ.. ඒ වෙලාවේ හැටියට අවශ්යතවයේ හැටියට ඕනම දෙයක් හැඩ ගහ ගන්න පුලුවන් අමුතුම හැකියාවක් ඒ අයට උපතින්ම උරුම වෙලා තිබුණා..:yes: ඕං අයියා දැං හරි.. අඩා අල්ල ගන්ට තැනක් නෑනේ.. ආහ් හරි හරි. මේං මේ ලයිට් එකට එන යකඩ කෑල්ල අහු උනා.. දැං යං.. ඒ අයියා බ්රේක් ගහන්ට එපා ඈ.. "බ්රේක් ගහන්ට බ්රේක් තියෙන්ට එපැයි.." අයියා එහෙම කිව්වාම තමයි ආයේ මගේ ඇඟ සීතල උනේ.. කිලෝ 60 - 70ක බරක් එක්ක. ඉස්සරහ මෙලෝ හසරක් පේන්නෙත් නැතුව මදිවට බයිසිකලේ බ්‍රේකුත් නෑ.. "අයියේ කුඹුරට වැටුනටනම් කමක් නෑ. ඇලට වැටෙන්නනම් බෑ. මොකද මට පීනන්න බෑ.." "නෑ නෑ පිටිපස්සට ලාවට වගේ බ්රේක් තියෙනව.. ඒ ඇති.." "අයියා ඒවුනාට ඒ බ්රේක් ගහන්ටත් එපා ඈ.. මං උඩින් නේ ඉන්නේ.. පිනුමක් ගහලයි වැටෙන්නේ බ්රේක් ගෑවොත් එහෙම.." මල්ලි ඇන්ඩ්ල් එක උඩ ඉඳගෙන තවත් මොන මොනවදෝ කියෙව්වට වචන වලින් බාගෙට බාගයක් හුළං පාරට ගහගෙන ගිහින් ඇහෙන්නේ හෙන ටිකයි.. පාර පුරාම හෑරුණ වලවල්, ඒ මදිවට වැල්ල වගේ නිසා එරෙනව.. වෙරි කාරයා වගේ බයිසිකලේ මුලු ගුරු පාර පුරාම පදින ගමන් වලවල් වල වැටෙන්න එද්දී තියෙන එකම බ්රේක් චුට්ට වෙච්ච පස්සේ බ්රේක් එක අයියා ලාවට වගේ ඇල්ලුවා. "අඩා අයියා ඕං ඕං පු# හපනවා.." ඒ මල්ලී. මොනවද ඔය කියවන්නේ.. දඟලන්නේ නැතුව ඉන්නවකෝ.. "ඕං ඕං ආයේ හපනවා..":sorry: අයියා ලාවට බ්රේක් කරද්දිම මල්ලි බෙරිහන් දෙනවා හැන්ඩ්ල් එක උඩ ඉඳගෙන. බැලින්නම් බ්රේක් ලීවර් එක අල්ලලා අත අරිනකොට පොඩි එකාගේ පස්ස පැත්ත අහු වෙනවා ඒකට.... ඌ එකට තමයි හපනවා කියන්නේ..:rofl: ඔන්න ඉතින් ආයේ බයිසිකලේ නවත්තලා පොඩි එකාගේ පස්ස පැත්ත හරියට හැන්ඩ්ල් එක මැද්දට ස්ථාන ගත කරලා ගෙදර බලා පිටත් උනා..:yes: යද්දි පැය බාගෙන් කඩේට ගිය ගමන ඔය වගේ මල විකාර නිසා ආයේ ගේ ලඟට එනකොට පැය එකා මාරක් විතර ගත උනා.. කලින් තල්ලු කරන් නැග්ග කන්ඳ මේ පාර බයිසිකලේම ආවා පල්ලම නිසා.. බ්රේක් නැති නිසා වලවල් වල වැටි වැටි, පස් කණ්ඩි උඩ නැග නැග තුන් දෙනත් එක්ක කෑ ගහගෙනම නැන්දලාගේ මිදුල මැද්දට පාත් උනා නිකන් නීල් ආම්ස්ට්‍රෝං හඳෙන් බිමට වැටුණා වගේ.. :angry: මොකද්දෝ වාසනාවකට මගේ කකුලේ තැන් කීපයක් යාන්තමට සීරිලා තිබුණා උනාට කියන්න තරම් ලොකු අපදාවක් උනේ නෑ එදා.. ආහ්. පොඩි මලයගේ පස්ස පැත්ත ටිකක් රතු වෙලා තිබුණා අර බ්රේක් ලීවර් එකට අහු වෙච්ච පාර..:rofl: ඒක ලැජ්ජාවට කියන්නේ නැතුව හිටියට ගෙදර අවිත් නිදා ගන්න යනකොට නැන්දට කියලා තිබුණා..:P ආහ් අයියගේත් කකුලේ ඇඟිල්ල යාන්තමට තුවාල වෙලා තිබුණා බ්රේක් නැති නිසා ඉස්සරහා ටයර් එකට කකුල තියලා බයිසිකලේ වේගේ අඩු කරන්න ගිහින් පල්ලමේ එද්දී..:dull: අවම හානි සහිතව තවත් කුජීත වීර චාරිකාවක් ඔය විදිහට ඉවර උනා. හැබැයි අදටත් ඒවා සුන්දර මතකයන්..:love: එහෙනම් ආයේ හම්බ වෙමු..;) [IMG]https://i.imgur.com/vcDtCjk.jpg[/IMG] හිත මිතුරු [B][SIZE="2"]RichLife[/SIZE][/B] [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom