Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩොල් ඇත් රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි. ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය. ඌ ටිකක් මතක තියෙන ඇතෙකි. නන්දිමිත්ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි. උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත. එවිට නන්දිමිත්ර නමැති කෙනා ගැන ආරංචි වී ඇත. ඔහු මහා ශක්තිය ඇත්තෙකි. එබැවින් නන්දිමිත්‍රයා යෝදයෙකැයි රට පතල විය.

පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්ර අභිමුවට යවයි. නන්දිමිත්ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු. එවකට කඩොල් ඇතා කුඩා එකෙක් වන්නට ඇත. විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්රට අවුරුදු 40ක් වත් විය යුතු බව මගේ අදහසයි. වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු 22ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත. එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත.

කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු. ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න. දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු.

ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ. කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය.

මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි’යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති. කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ. පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙන්නේ, පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි. කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැයි පුරාණ පොත් හි සඳහන් වෙයි.

මෙතෙක් කල් පොල් ගෙඩියක් තබාගෙන සිටි කඩොල් ඇතු පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි. කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම, වසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම, සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි.

යුද්ධය නිමවීමෙන් පස්සෙ කඩොල් ඇතා යළිත් මාගමට ගෙනවිත් පැල්වත්ත – කුඩාඔය ප්‍රදේශයේ දිවි ගෙව්වාලු, බුත්තල යටියල්ලාතොට විහාරයේ විහාරාධිපති හිමියන් පැවැසූ පරිදි කඩොල් ඇතා වයෝවෘධ වනතුරු ඉඳල තියෙන්නේ බුත්තල දොරමැඬිල්ල කියන ස්ථානයේ. ඇතාට නාන්න පීල්ලක් වගේ සාදා තිබූ ස්ථානය අදටත් එහි තියනවාලු. රාජ කුමාරවරු දෙදෙනකු භාරයේ හිටි කඩොල් ඇතු මේ කුමාරවරුන් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් කුමාරවරු දෙදෙනාම මියගියාට පසු අවසන් සුසුම් හෙළුවාලු. කඩොල් ඇතාගේ භූමදානය සිදුකර ඇත්තේ අනුරාධපුරයෙන් ගෙනා මැණික් ගැල් 21 ක් සමඟලු. මේ ස්ථානයේ ගල්කණුවලින් ස්මාරකයක් තනා තිබ්බ බවයි සලකන්නේ. කොහොමහරි කඩොල් ඇතුගේ අඩි 8 ක් පමණවන දළ යුගලය එකල මෙහි සිටි වැදි නායකයකුට අයත්ව තිබූ බවත් ඔහු විසින් පසුව වැද්දන්ගේ ආච්චි ලෙස පිදුම් ලබන “වල්ලිඅම්මා” වෙනුවෙන් කතරගම මහ දේවාලයට ලබාදී ඇති බවත් අපට කිව්වෙ නායක හාමුදුරුවන්මයි. දේවාලයේ ලේකම්තුමා දයානන්ද අධිකාරි මහතාත් මේ කතාව අනුමත කළා.

දැන් දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය සුරක්ෂිතව කතරගම දේවාලයේ තියෙනවා. වාර්ෂිකව ඇසළ මංගල්ලයේදී මේ දළ යුගල මහජන ප්‍රදර්ශනයට තබනවා.

[QUOTE="ArticleRepeater, post: 15091852, member: 476176"] [SIZE="4"]කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි. ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය. ඌ ටිකක් මතක තියෙන ඇතෙකි. නන්දිමිත්ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි. උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත. එවිට නන්දිමිත්ර නමැති කෙනා ගැන ආරංචි වී ඇත. ඔහු මහා ශක්තිය ඇත්තෙකි. එබැවින් නන්දිමිත්‍රයා යෝදයෙකැයි රට පතල විය. පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්ර අභිමුවට යවයි. නන්දිමිත්ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු. එවකට කඩොල් ඇතා කුඩා එකෙක් වන්නට ඇත. විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්රට අවුරුදු 40ක් වත් විය යුතු බව මගේ අදහසයි. වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු 22ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත. එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත. කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු. ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න. දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු. ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ. කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය. මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි’යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති. කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ. පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙන්නේ, පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි. කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැයි පුරාණ පොත් හි සඳහන් වෙයි. මෙතෙක් කල් පොල් ගෙඩියක් තබාගෙන සිටි කඩොල් ඇතු පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි. කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම, වසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම, සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. යුද්ධය නිමවීමෙන් පස්සෙ කඩොල් ඇතා යළිත් මාගමට ගෙනවිත් පැල්වත්ත – කුඩාඔය ප්‍රදේශයේ දිවි ගෙව්වාලු, බුත්තල යටියල්ලාතොට විහාරයේ විහාරාධිපති හිමියන් පැවැසූ පරිදි කඩොල් ඇතා වයෝවෘධ වනතුරු ඉඳල තියෙන්නේ බුත්තල දොරමැඬිල්ල කියන ස්ථානයේ. ඇතාට නාන්න පීල්ලක් වගේ සාදා තිබූ ස්ථානය අදටත් එහි තියනවාලු. රාජ කුමාරවරු දෙදෙනකු භාරයේ හිටි කඩොල් ඇතු මේ කුමාරවරුන් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් කුමාරවරු දෙදෙනාම මියගියාට පසු අවසන් සුසුම් හෙළුවාලු. කඩොල් ඇතාගේ භූමදානය සිදුකර ඇත්තේ අනුරාධපුරයෙන් ගෙනා මැණික් ගැල් 21 ක් සමඟලු. මේ ස්ථානයේ ගල්කණුවලින් ස්මාරකයක් තනා තිබ්බ බවයි සලකන්නේ. කොහොමහරි කඩොල් ඇතුගේ අඩි 8 ක් පමණවන දළ යුගලය එකල මෙහි සිටි වැදි නායකයකුට අයත්ව තිබූ බවත් ඔහු විසින් පසුව වැද්දන්ගේ ආච්චි ලෙස පිදුම් ලබන “වල්ලිඅම්මා” වෙනුවෙන් කතරගම මහ දේවාලයට ලබාදී ඇති බවත් අපට කිව්වෙ නායක හාමුදුරුවන්මයි. දේවාලයේ ලේකම්තුමා දයානන්ද අධිකාරි මහතාත් මේ කතාව අනුමත කළා. දැන් දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය සුරක්ෂිතව කතරගම දේවාලයේ තියෙනවා. වාර්ෂිකව ඇසළ මංගල්ලයේදී මේ දළ යුගල මහජන ප්‍රදර්ශනයට තබනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom