Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩොලාන වනයේ අසිරිමත් ජීවිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩොලාන වනයේ අසිරිමත් ජීවිත

කඩොලාන වනයේ අසිරිමත් ජීවිත

‘සමුදුරු සුවිසැරිය’

ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

කෙල්ප් ඇල්ගේවලින් සමන්විත හරිත වනාන්තර, මුහුණු තණවලින් පිරුණු තණපිට්ටනි පමණක් නොව, කඩොලාන වගුරු පවා හරිත සාගර ලෙස සැලකෙයි. විවෘත සාගරයේ ජීවත් වන බොහෝ මසුන්ගේ ‘බාලාංශය’ වන්නේ මෙම හරිත සාගරය. කෙල්ප් වනාන්තර සේම, ජීවයෙන් පිරුණු කඩොලාන වනාන්තර ද ඒ අතරින් කැපී පෙනෙයි. නිවර්තන කලාපයේ විසිරී පැතිරී ඇති කඩොලාන වනාන්තර, සාගරයත් ගොඩබිමත් අතර පිහිටි ස්වභාවික බාධක පවුරකි. කඩොලාන මුල් ජලයට යටින් පැතිර පවතින්නේ මසුන් බොහොමයකට ආරක්ෂිත නිවහනක් බවට පත්වෙමිනි. ‘මාළු බබාලාට’ මෙවැනි කඩොලාන වනාන්තරවල කන්න දේ බොහොමය. ලොකු විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමට කඩොලාන මුල් උපකාරී වෙයි. කරදිය මුසු මෙම කඩොලාන වනාන්තරවල මෝරුන් පමණක් නොව, කරදිය කිඹුලන් පවා බහුලව දැකිය හැකිය. කඩොලාන වනාන්තර පිරි සාගර පමණක් නොව, එම වනාන්තර නිවහන කරගත් ජීවීන් ද සැබැවින්ම විස්මිතය

මරුවා සැඟවිලා

උතුරු ඕස්ට්‍රේලියාවේ කඩොලාන වනාන්තර ආශ්‍රිතව ජීවත් වන මාළු බබාලාට උදම් රළ නැගෙද්දී තවදුරටත් කඩොලාන මුල් අතරේ සැඟවී සිටිය නොහැකිය. හේතුව, උදම් රළ නැගෙද්දී සාගරය කැළැතීමය. කැළතෙන රළ සමඟ මාළු බබාලා සැඟවුණු තැන්වලින් එළියට විසිවෙයි. දැන් මාළු බබාලාට ආරක්ෂාවක් නැත. බියෙන් සහ විමසිල්ලෙන් උන් පිහිනයි. ගතවන්නේ නිමේෂයකි. මාළු බබාලා එකා දෙන්නා හිටිහැටියේ අතුරුදන් වෙයි. අසුරු සැණින් වැලි අතරින් ඉහළට ආ විලෝපිකයකු මාළු බබාලා ගොදුරු කර ගනී. වැලි අතරේ ගුලක සිට ඉහළට පැන මාළු බබාලා අල්ලා ගන්නා මේ විලෝපිකයා හරිත සාගරවල හමුවන බිහිසුණු ඝාතකයා ලෙස සැලකෙයි. මේ සත්වයා යෝධ කූනිස්සෙකි.

පිරිමි සතා

කූනිස්සන් කවචනයන් ගාණට වැටේ. කූනිස්සන්ට පාද 10ක් ඇත. සැඟවී සිට මාළු බබාලා ගොදුරු කරගන්නා මේ සුවිශේෂී යෝධ කූනිස්සා හැඳින්වෙන්නේ, ‘සීබ්රා මැන්ටස් ෂ්රිම්ප්’ (සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති වන්දකුගේ පෙනුමින් යුත් යෝධ කූනිස්සා) යන නමිනි. මාළු බබාලා ගොදුරු කරගන්නේ පිරිමි සතෙකි. දිග සෙන්ටිමීටර් 40 ක් පමණය. කූනිස්සන්ගේ පවුලේ සාමාජිකයකු වුණත්, මේ සත්ත්වයා යෝධ ඉස්සකුටත් වඩා ප්‍රමාණයෙන් විශාලය. මේ කූනිස්සා දඩයම් කරන්නේ ඔහුට පමණක් නොව. ඔහුට සහකාරියක ද සිටී. ඇය වෙනුවෙන් ද ආහාර සෙවීම කළ යුතුය. දඩයම් කළ යුතුය. අල්ලා ගන්නා මාළු පැටවුන්, ඔහු ගුල ඇතුළට අරගෙන යයි. ගුල ගැඹුරුය. මීටර් කිහිපයක් ගැඹුරුය. සාගර ජීවීන් මෙම කූනිස්සන් ගැන වසර ගණනාවක් තිස්සේ බොහොම ඉවසිල්ලෙන් අධ්‍යයනය කර ඇත. ඔවුන් පවසන්නේ එක් පිරිමි කූනිස්සකු වසර 20ක කාලයක් එක් ගැහැනු සතකු සමඟ ජීවත් වන බවය. ඇතැම්විට, අපේ කතාවට සම්බන්ධ මේ පිරිමි සතා, උගේ මෙම සහකාරිය සමඟ ජීවත් වෙන්නේ අවුරුදු 20 ක් තිස්සේ පමණ විය හැකිය. කූනිස්සා ඇයට ආහාර ගෙෙනයි. කවයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ බිත්තර දැමීමයි. පිරිමි කූනිස්සාගේ අරමුණ ද එයයි. ඔහු හැකි තරම් ඔහුගේ පරම්පරාව බෝ කිරීමට කැමැත්ත දක්වයි.

ගෙදර වැඩ

කූනිස්සාගේ සහකාරිය කිසිම අවස්ථාවක ආහාර සොයා නොයයි. ගොදුරු අල්ලා ගන්නේ ද නැත. ඇය ගුලෙන් පිටවී යන්නේ නැත. පිරිමි කූනිස්සා වහලකු මෙන් වැඩ කරයි. ගුල පිරිසුදුව තබාගැනීම කරන්නේ ද පිරිමි සතාය. සීබ්රා මැන්ටස් ෂ්රිම්ප්, සැඟවී සිට මාළු බබාලා අල්ලා ගන්න දක්ෂයෙකු බව ඇත්ත. එහෙත්, ඔහු ලොකු මාළුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. කූනිස්සන් ගොදුරු කරගැනීමට මානබලන ලොකු මාළු බොහොමයකි. එහෙයින්, කූනිස්සා බොහොම සීරුවෙන් සහ විමසිල්ලෙන් දවස ගෙවයි. පතුලේ ඇති ගුලෙන් හිස ඔසවා බලයි. මාළු බබකු අල්ලා ගනී. එය සහකාරියට ගෙනයයි. පහළ ගුල පිරිසුදු කරයි. කූනිස්සාගේ දෛනික රාජකාරිය මෙය වෙයි. පිරිමි සතා නොමැති නම්, ගැහැනු කූනිස්සාගේ ජීවිතය අවසන්ය. ඇය හාමතේ මියයනු ඇත.

ආදරණීය කැඳවීම

දිනක්, ඉහළට පැමිණ, ගුලෙන් හිස දමා බලද්දී, සීබ්රා මැන්ටස් ෂ්රිම්ප් පිරිමි කූනිස්සාට ඉවක් දැනෙන්න ගනී. ඔහු ඔහුගේ අවධානය වැඩි වැඩියෙන් ඒ වෙත යොදවයි. අපට එය කුමක්දැයි වැටහෙන්නේ නැත. ඒත් පිරිමි කූනිස්සාට දැනෙන ඒ ‘ඉව’ උගේ ගත සිත ප්‍රමෝදමත් කරන නැවුම් හැඟුමක් විය හැකිය. එසේත් නැතිනම් කැඳවීමක් හෝ ආරාධනාවක් විය හැකිය. ඒ මොකක් දැයි විමසා බලන්න කූනිස්සා ගුලෙන් එළියට පැමිණෙයි. ඉව සොයා ඌ වැලි අතරින් ඇවිද යයි. පිරිමි කූනිස්සා උගේ ගුලෙන් මෙසේ නික්ම යන්නේ, අවුරුදු 20ක් තිස්සේ එකට සිටි සහකාරිය ද අතහැරය. නියමිත තැනට පැමිණෙයි. එතැන ඇත්තේ ප්‍රමාණයෙන් විශාල ගුලකට ඇතුළුවන දොරටුවකි. එය තමාගේ නිවහන හා සමාන බව කූනිස්සාට වැටහෙයි. ඒත්, ගුල තරමක් විශාලය. පිරිමි කූනිස්සා දෙවරක් නොසිතා ගුලට රිංගයි. පිරිමි සතුන් අහිමි වුණු කූනිස්සා ගැහැනු සතුන් තමන් තනිවෙලා ඉන්නා බව අඟවමින් සංඥා මුදාහැරීම සිදුකරයි. ඒ අලුත් පිරිමි සතකු සොයා ගැනීම සඳහාය. පිරිමි කූනිස්සාට ඇසී තිබුණේ ද එවැනි ආදර කැඳවීමකි. ගුල ඇතුළට ගිය පිරිමි කූනිස්සාට දකින්න ලැබෙන්නේ එහි ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතකු සිටින බවය. ගැහැනු සතා ප්‍රමාණයෙන් විශාල නම් ඇය වැඩි වැඩියෙන් බිත්තර දැමීම සිදුකරයි. ඇය තම අලුත් සහකාරිය කරගැනීමෙන් කූනිස්සා පිරිමි සතාට වැඩි වැඩියෙන් පිය පදවිය දැරිය හැකි වෙයි. ඒ අනුව, අවුරුදු 20ක සහකාරිය අතහැර පිරිමි කූනිස්සා අලුත් සහකාරිය සමඟ දිවි ගෙවීම අරඹයි. ඒත් අනියම් පෙමක පැටැලීම පහසු නැත. පැරැණි සහකාරිය මෙන් නොව, මෙම නව සහකාරිය ප්‍රමාණයෙන් විශාලය. එයින් අදහස් වන්නේ පිරිමි කූනිස්සාට වෙනදාට වඩා දෙගුණයක් ආහාර සොයන්න මහන්සි වෙන්න සිදුවීමය.

දකුණු ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් දකින්න ලැබෙන හරිත සාගරය ජීවයෙන් පිරුණු තැනකි. බොහෝ ජීවීන් මෙම සාගර කලාපයට ඇදෙන්නේ වර්ගයා බෝ කිරීමටය. පොතු දැල්ලන්ගේ අරමුණ ද එයයි. දැල්ලන් අතර සිටින, විශාලතම දැල්ලන් විශේෂය ලෙස මෙම පොතු දැල්ලා සැලකෙයි. සාමාන්‍යයෙන් පොතු දැල්ලකුගේ ආයු කාලය අවුරුද්දක් හෝ දෙකක් පමණි. ගිම්හාන කාලය දැන් සෙමින් සෙමින් අවසන් වෙමින් පවතී. මියයන්න කලින්, පොතු දැල්ලන් ඔවුන්ගේ ජීවිතයේ අවසන් රාජකාරිය සඳහා සූදානමින් සිටී. ඒ, වර්ගයා බෝ කිරීමටය. එහෙත්, සුදුසු සහකාරියක සොයා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. හරිත වනාන්තරයේ පොතු දැල්ලා පිරිමි සතුන් ලක්ෂයක් සිටින්නේ නම්, ගැහැනු සතුන් සිටින්නේ අතලොස්සක් පමණි.

පිරිමි ගොඩක් මැද

කුඩා එක් ගැහැනු සතකු ‘තමාගේ’ කර ගනිමින්, ඇය වට කරගත් දැවැන්ත පිරිමි පොතු දැල්ලෙකි. සෙසු පිරිමි සතුන් හා සැසඳීමේදී, මේ දැල්ලා සැබැවින්ම යෝධයෙකි. බර කිලෝ 10ක් පමණ වෙයි. සමේ පැහැය නිරන්තරයෙන් වෙනස් කරමින්, මේ යෝධයා ගැහැනු සතා උගේ වසඟයට ගෙන අවසන්ය. පොතු දැල්ලන් එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙන්නේ, එසේත් නැතිනම් අදහස් හුවමාරු කරගන්නේ සමේ වර්ණය වෙනස් කරමිනි. ගැහැනු සතා ගැන ආශාවෙන් සෙසු පිරිමි පොතු දැල්ලන් වටවී බලා සිටී. උන් ගැහැනු සතාට ළංවෙන්න උත්සාහ ගනිද්දී, යෝධ පිරිමි සතා උගේ සවිමත් අඬුවලින් උන් තල්ලු කරයි. අපේ කතා නායකයා වන ප්‍රමාණයෙන් කුඩා පොතු දැල්ලා පැත්තකට වී සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින් සිටී. ඔහු අසරණය. ඔහුට ගැහැනු සතා ළඟට යෑමට ඉඩක් නැත. මේ යෝධයා සමඟ ඔහු හැප්පෙන්නේ කෙසේද ගැටලුවකි.

දැල්ලන්ගේ හැටි

දැල්ලන්ගේ සම නිර්මාණය වී ඇත්තේ වර්ණක කෝෂ (වර්ණධර යනුවෙන් මේවා හැඳින්වෙයි.) සමූහයකිනි. දැල්ලන් අදහස් හුවමාරු කරගැනීම සිදු කරන්නේ සමේ වර්ණය වෙනස් කිරීමෙනි. එපමණක් නොව, සතුරු උවදුරකින් බේරී සැඟවීමට අවට පරිසරයේ වර්ණ ගැනීම පවා දැල්ලන්ට කළ හැකිය. දැල්ලන් ගැහැනු සතුන් සහ පිරිමි සතුන් වෙන් වෙන්ව හඳුනා ගැනීම ද වර්ණ අනුව සිදුවෙයි. ගොදුරු අල්ලා ගැනීමේදී, ගොදුරු කරගන්නා කුඩා මසුන් සහ කකුළුවන් මෝහනය කිරීම ද මෙසේ වර්ණ වෙනස් කිරීමෙන් සිදු කරයි.

රැවටිල්ල

යෝධ පිරිමි දැල්ලා සමඟ ගැහැනු දැල්ලා එක් වී අවසන්ය. දැන් ඇයට යෝධ දැල්ලාගෙන් වැඩක් නැත. ඇය ඔහු ප්‍රතික්ෂේප කරයි. ඒ, සිරුර දෙපැත්තේ ඇති දාර, සුදු පැහැයට හරවමිනි. ගැහැනු සතාගේ සංඥාව පැහැදිලිය. ගැහැනු සතා කොතරම් ප්‍රතික්ෂේප කළත්, යෝධ දැල්ලා ඇයගෙන් ඉවත් වී යන්නේ නැත. ඔහු ඇය අසලටම වී සිටී. අපේ කතා නායකයා වන ප්‍රමාණයෙන් කුඩා පිරිමි දැල්ලාට, ගැහැනු සතා කරන සංඥාව ධෛර්යය ගෙන දෙයි. දැන් ඔහු කෙසේ හෝ ඇය ළඟට යෑමට තැත් කරයි. ගැහැනු දැල්ලා ළඟට යන්න නම්, යෝධ දැල්ලා රැවැටිය යුතුය.

කපටියා වෙස් පෙරළයි

අපේ කතා නායකයා වන මෙම පිරිමි සතා ප්‍රමාණයෙන් ගැහැනු සතකු හා සමානය. යෝධ පිරිමි දැල්ලා රැවටීමට, ඔහු හරි අපූරු දෙයක් කරයි. ඉදිරිපස අඬු හකුලා ගනිමින්, සිරුරේ පැහැය වෙනස් කරයි. දැන් පිරිමි දැල්ලා බැලූ බැල්මට ගැහැනු දැල්ලකු වැනිය. යෝධ දැල්ලා රැවටෙයි. ගැහැනු වෙස් පෙරළාගත් පිරිමියා, සෙමින් යෝධ දැල්ලා අතරින් රිංගා ගැහැනු සතාට ළං වෙයි. පිරිමි සතා ගැහැනු සතකු බව තව තවත් පෙන්වමින්, වර්ණ වෙනස් කරන්නේ සුදු පැහැ පටියක් සිරුර දෙපැත්තේ දිස්වන ලෙසිනි. යෝධ දැල්ලාගෙන් කිසිදු බාධාවක් නැත. වෙස් පෙරළා ගත් කපටියා අවශ්‍ය කාරණාව සපුරා ගනී. ඉන්පසු, පිරිමි සතා සෙමින් එතැනින් ලිස්සා යයි. සිද්ධ වුණේ කුමක්දැයිවත් යෝධ පිරිමි සතා දන්නේ නැත. ගැහැනු දැල්ලන් මේ අයුරින් පිරිමි සතුන් කිහිප දෙනකු සමඟ එක්වෙයි. එමගින් ඉතා නිරෝගී මෙන්ම ශක්තිමත් ජාන සහිත දැල්ලන් පරම්පරාවක් බිහි කරයි.

ලුසිත ජයමාන්න

බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි.

[QUOTE="araki, post: 23286942, member: 360239"] [b]කඩොලාන වනයේ අසිරිමත් ජීවිත[/b] [B][SIZE=5]කඩොලාන වනයේ අසිරිමත් ජීවිත[/SIZE][/B] [COLOR=#F0FFFF][B][SIZE=5]‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි[/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d984a0aa1a.jpg[/IMG]කෙල්ප් ඇල්ගේවලින් සමන්විත හරිත වනාන්තර, මුහුණු තණවලින් පිරුණු තණපිට්ටනි පමණක් නොව, කඩොලාන වගුරු පවා හරිත සාගර ලෙස සැලකෙයි. විවෘත සාගරයේ ජීවත් වන බොහෝ මසුන්ගේ ‘බාලාංශය’ වන්නේ මෙම හරිත සාගරය. කෙල්ප් වනාන්තර සේම, ජීවයෙන් පිරුණු කඩොලාන වනාන්තර ද ඒ අතරින් කැපී පෙනෙයි. නිවර්තන කලාපයේ විසිරී පැතිරී ඇති කඩොලාන වනාන්තර, සාගරයත් ගොඩබිමත් අතර පිහිටි ස්වභාවික බාධක පවුරකි. කඩොලාන මුල් ජලයට යටින් පැතිර පවතින්නේ මසුන් බොහොමයකට ආරක්ෂිත නිවහනක් බවට පත්වෙමිනි. ‘මාළු බබාලාට’ මෙවැනි කඩොලාන වනාන්තරවල කන්න දේ බොහොමය. ලොකු විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමට කඩොලාන මුල් උපකාරී වෙයි. කරදිය මුසු මෙම කඩොලාන වනාන්තරවල මෝරුන් පමණක් නොව, කරදිය කිඹුලන් පවා බහුලව දැකිය හැකිය. කඩොලාන වනාන්තර පිරි සාගර පමණක් නොව, එම වනාන්තර නිවහන කරගත් ජීවීන් ද සැබැවින්ම විස්මිතය[/SIZE][/B] [SIZE=5]. [B]මරුවා සැඟවිලා [/B][/SIZE] [SIZE=5]උතුරු ඕස්ට්‍රේලියාවේ කඩොලාන වනාන්තර ආශ්‍රිතව ජීවත් වන මාළු බබාලාට උදම් රළ නැගෙද්දී තවදුරටත් කඩොලාන මුල් අතරේ සැඟවී සිටිය නොහැකිය. හේතුව, උදම් රළ නැගෙද්දී සාගරය කැළැතීමය. කැළතෙන රළ සමඟ මාළු බබාලා සැඟවුණු තැන්වලින් එළියට විසිවෙයි. දැන් මාළු බබාලාට ආරක්ෂාවක් නැත. බියෙන් සහ විමසිල්ලෙන් උන් පිහිනයි. ගතවන්නේ නිමේෂයකි. මාළු බබාලා එකා දෙන්නා හිටිහැටියේ අතුරුදන් වෙයි. අසුරු සැණින් වැලි අතරින් ඉහළට ආ විලෝපිකයකු මාළු බබාලා ගොදුරු කර ගනී. වැලි අතරේ ගුලක සිට ඉහළට පැන මාළු බබාලා අල්ලා ගන්නා මේ විලෝපිකයා හරිත සාගරවල හමුවන බිහිසුණු ඝාතකයා ලෙස සැලකෙයි. මේ සත්වයා යෝධ කූනිස්සෙකි. [/SIZE] [B][SIZE=5]පිරිමි සතා [/SIZE][/B] [SIZE=5]කූනිස්සන් කවචනයන් ගාණට වැටේ. කූනිස්සන්ට පාද 10ක් ඇත. සැඟවී සිට මාළු බබාලා ගොදුරු කරගන්නා මේ සුවිශේෂී යෝධ කූනිස්සා හැඳින්වෙන්නේ, ‘සීබ්රා මැන්ටස් ෂ්රිම්ප්’ (සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති වන්දකුගේ පෙනුමින් යුත් යෝධ කූනිස්සා) යන නමිනි. මාළු බබාලා ගොදුරු කරගන්නේ පිරිමි සතෙකි. දිග සෙන්ටිමීටර් 40 ක් පමණය. කූනිස්සන්ගේ පවුලේ සාමාජිකයකු වුණත්, මේ සත්ත්වයා යෝධ ඉස්සකුටත් වඩා ප්‍රමාණයෙන් විශාලය. මේ කූනිස්සා දඩයම් කරන්නේ ඔහුට පමණක් නොව. ඔහුට සහකාරියක ද සිටී. ඇය වෙනුවෙන් ද ආහාර සෙවීම කළ යුතුය. දඩයම් කළ යුතුය. අල්ලා ගන්නා මාළු පැටවුන්, ඔහු ගුල ඇතුළට අරගෙන යයි. ගුල ගැඹුරුය. මීටර් කිහිපයක් ගැඹුරුය. සාගර ජීවීන් මෙම කූනිස්සන් ගැන වසර ගණනාවක් තිස්සේ බොහොම ඉවසිල්ලෙන් අධ්‍යයනය කර ඇත. ඔවුන් පවසන්නේ එක් පිරිමි කූනිස්සකු වසර 20ක කාලයක් එක් ගැහැනු සතකු සමඟ ජීවත් වන බවය. ඇතැම්විට, අපේ කතාවට සම්බන්ධ මේ පිරිමි සතා, උගේ මෙම සහකාරිය සමඟ ජීවත් වෙන්නේ අවුරුදු 20 ක් තිස්සේ පමණ විය හැකිය. කූනිස්සා ඇයට ආහාර ගෙෙනයි. කවයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ බිත්තර දැමීමයි. පිරිමි කූනිස්සාගේ අරමුණ ද එයයි. ඔහු හැකි තරම් ඔහුගේ පරම්පරාව බෝ කිරීමට කැමැත්ත දක්වයි. [/SIZE] [B][SIZE=5]ගෙදර වැඩ [/SIZE][/B] [SIZE=5]කූනිස්සාගේ සහකාරිය කිසිම අවස්ථාවක ආහාර සොයා නොයයි. ගොදුරු අල්ලා ගන්නේ ද නැත. ඇය ගුලෙන් පිටවී යන්නේ නැත. පිරිමි කූනිස්සා වහලකු මෙන් වැඩ කරයි. ගුල පිරිසුදුව තබාගැනීම කරන්නේ ද පිරිමි සතාය. සීබ්රා මැන්ටස් ෂ්රිම්ප්, සැඟවී සිට මාළු බබාලා අල්ලා ගන්න දක්ෂයෙකු බව ඇත්ත. එහෙත්, ඔහු ලොකු මාළුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. කූනිස්සන් ගොදුරු කරගැනීමට මානබලන ලොකු මාළු බොහොමයකි. එහෙයින්, කූනිස්සා බොහොම සීරුවෙන් සහ විමසිල්ලෙන් දවස ගෙවයි. පතුලේ ඇති ගුලෙන් හිස ඔසවා බලයි. මාළු බබකු අල්ලා ගනී. එය සහකාරියට ගෙනයයි. පහළ ගුල පිරිසුදු කරයි. කූනිස්සාගේ දෛනික රාජකාරිය මෙය වෙයි. පිරිමි සතා නොමැති නම්, ගැහැනු කූනිස්සාගේ ජීවිතය අවසන්ය. ඇය හාමතේ මියයනු ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1f1eeebc1f.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b0667646db.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2cc11e659d.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ආදරණීය කැඳවීම [/SIZE][/B] [SIZE=5]දිනක්, ඉහළට පැමිණ, ගුලෙන් හිස දමා බලද්දී, සීබ්රා මැන්ටස් ෂ්රිම්ප් පිරිමි කූනිස්සාට ඉවක් දැනෙන්න ගනී. ඔහු ඔහුගේ අවධානය වැඩි වැඩියෙන් ඒ වෙත යොදවයි. අපට එය කුමක්දැයි වැටහෙන්නේ නැත. ඒත් පිරිමි කූනිස්සාට දැනෙන ඒ ‘ඉව’ උගේ ගත සිත ප්‍රමෝදමත් කරන නැවුම් හැඟුමක් විය හැකිය. එසේත් නැතිනම් කැඳවීමක් හෝ ආරාධනාවක් විය හැකිය. ඒ මොකක් දැයි විමසා බලන්න කූනිස්සා ගුලෙන් එළියට පැමිණෙයි. ඉව සොයා ඌ වැලි අතරින් ඇවිද යයි. පිරිමි කූනිස්සා උගේ ගුලෙන් මෙසේ නික්ම යන්නේ, අවුරුදු 20ක් තිස්සේ එකට සිටි සහකාරිය ද අතහැරය. නියමිත තැනට පැමිණෙයි. එතැන ඇත්තේ ප්‍රමාණයෙන් විශාල ගුලකට ඇතුළුවන දොරටුවකි. එය තමාගේ නිවහන හා සමාන බව කූනිස්සාට වැටහෙයි. ඒත්, ගුල තරමක් විශාලය. පිරිමි කූනිස්සා දෙවරක් නොසිතා ගුලට රිංගයි. පිරිමි සතුන් අහිමි වුණු කූනිස්සා ගැහැනු සතුන් තමන් තනිවෙලා ඉන්නා බව අඟවමින් සංඥා මුදාහැරීම සිදුකරයි. ඒ අලුත් පිරිමි සතකු සොයා ගැනීම සඳහාය. පිරිමි කූනිස්සාට ඇසී තිබුණේ ද එවැනි ආදර කැඳවීමකි. ගුල ඇතුළට ගිය පිරිමි කූනිස්සාට දකින්න ලැබෙන්නේ එහි ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතකු සිටින බවය. ගැහැනු සතා ප්‍රමාණයෙන් විශාල නම් ඇය වැඩි වැඩියෙන් බිත්තර දැමීම සිදුකරයි. ඇය තම අලුත් සහකාරිය කරගැනීමෙන් කූනිස්සා පිරිමි සතාට වැඩි වැඩියෙන් පිය පදවිය දැරිය හැකි වෙයි. ඒ අනුව, අවුරුදු 20ක සහකාරිය අතහැර පිරිමි කූනිස්සා අලුත් සහකාරිය සමඟ දිවි ගෙවීම අරඹයි. ඒත් අනියම් පෙමක පැටැලීම පහසු නැත. පැරැණි සහකාරිය මෙන් නොව, මෙම නව සහකාරිය ප්‍රමාණයෙන් විශාලය. එයින් අදහස් වන්නේ පිරිමි කූනිස්සාට වෙනදාට වඩා දෙගුණයක් ආහාර සොයන්න මහන්සි වෙන්න සිදුවීමය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]දකුණු ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් දකින්න ලැබෙන හරිත සාගරය ජීවයෙන් පිරුණු තැනකි. බොහෝ ජීවීන් මෙම සාගර කලාපයට ඇදෙන්නේ වර්ගයා බෝ කිරීමටය. පොතු දැල්ලන්ගේ අරමුණ ද එයයි. දැල්ලන් අතර සිටින, විශාලතම දැල්ලන් විශේෂය ලෙස මෙම පොතු දැල්ලා සැලකෙයි. සාමාන්‍යයෙන් පොතු දැල්ලකුගේ ආයු කාලය අවුරුද්දක් හෝ දෙකක් පමණි. ගිම්හාන කාලය දැන් සෙමින් සෙමින් අවසන් වෙමින් පවතී. මියයන්න කලින්, පොතු දැල්ලන් ඔවුන්ගේ ජීවිතයේ අවසන් රාජකාරිය සඳහා සූදානමින් සිටී. ඒ, වර්ගයා බෝ කිරීමටය. එහෙත්, සුදුසු සහකාරියක සොයා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. හරිත වනාන්තරයේ පොතු දැල්ලා පිරිමි සතුන් ලක්ෂයක් සිටින්නේ නම්, ගැහැනු සතුන් සිටින්නේ අතලොස්සක් පමණි. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]පිරිමි ගොඩක් මැද [/SIZE][/B] [SIZE=5]කුඩා එක් ගැහැනු සතකු ‘තමාගේ’ කර ගනිමින්, ඇය වට කරගත් දැවැන්ත පිරිමි පොතු දැල්ලෙකි. සෙසු පිරිමි සතුන් හා සැසඳීමේදී, මේ දැල්ලා සැබැවින්ම යෝධයෙකි. බර කිලෝ 10ක් පමණ වෙයි. සමේ පැහැය නිරන්තරයෙන් වෙනස් කරමින්, මේ යෝධයා ගැහැනු සතා උගේ වසඟයට ගෙන අවසන්ය. පොතු දැල්ලන් එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙන්නේ, එසේත් නැතිනම් අදහස් හුවමාරු කරගන්නේ සමේ වර්ණය වෙනස් කරමිනි. ගැහැනු සතා ගැන ආශාවෙන් සෙසු පිරිමි පොතු දැල්ලන් වටවී බලා සිටී. උන් ගැහැනු සතාට ළංවෙන්න උත්සාහ ගනිද්දී, යෝධ පිරිමි සතා උගේ සවිමත් අඬුවලින් උන් තල්ලු කරයි. අපේ කතා නායකයා වන ප්‍රමාණයෙන් කුඩා පොතු දැල්ලා පැත්තකට වී සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින් සිටී. ඔහු අසරණය. ඔහුට ගැහැනු සතා ළඟට යෑමට ඉඩක් නැත. මේ යෝධයා සමඟ ඔහු හැප්පෙන්නේ කෙසේද ගැටලුවකි. දැල්ලන්ගේ හැටි [/SIZE] [SIZE=5]දැල්ලන්ගේ සම නිර්මාණය වී ඇත්තේ වර්ණක කෝෂ (වර්ණධර යනුවෙන් මේවා හැඳින්වෙයි.) සමූහයකිනි. දැල්ලන් අදහස් හුවමාරු කරගැනීම සිදු කරන්නේ සමේ වර්ණය වෙනස් කිරීමෙනි. එපමණක් නොව, සතුරු උවදුරකින් බේරී සැඟවීමට අවට පරිසරයේ වර්ණ ගැනීම පවා දැල්ලන්ට කළ හැකිය. දැල්ලන් ගැහැනු සතුන් සහ පිරිමි සතුන් වෙන් වෙන්ව හඳුනා ගැනීම ද වර්ණ අනුව සිදුවෙයි. ගොදුරු අල්ලා ගැනීමේදී, ගොදුරු කරගන්නා කුඩා මසුන් සහ කකුළුවන් මෝහනය කිරීම ද මෙසේ වර්ණ වෙනස් කිරීමෙන් සිදු කරයි. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b441418194.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f5c43c75a6.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1deb3b2ae6.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_08d5bf88c7.jpg[/IMG] [B][/B][/SIZE] [B][SIZE=5]රැවටිල්ල [/SIZE][/B] [SIZE=5]යෝධ පිරිමි දැල්ලා සමඟ ගැහැනු දැල්ලා එක් වී අවසන්ය. දැන් ඇයට යෝධ දැල්ලාගෙන් වැඩක් නැත. ඇය ඔහු ප්‍රතික්ෂේප කරයි. ඒ, සිරුර දෙපැත්තේ ඇති දාර, සුදු පැහැයට හරවමිනි. ගැහැනු සතාගේ සංඥාව පැහැදිලිය. ගැහැනු සතා කොතරම් ප්‍රතික්ෂේප කළත්, යෝධ දැල්ලා ඇයගෙන් ඉවත් වී යන්නේ නැත. ඔහු ඇය අසලටම වී සිටී. අපේ කතා නායකයා වන ප්‍රමාණයෙන් කුඩා පිරිමි දැල්ලාට, ගැහැනු සතා කරන සංඥාව ධෛර්යය ගෙන දෙයි. දැන් ඔහු කෙසේ හෝ ඇය ළඟට යෑමට තැත් කරයි. ගැහැනු දැල්ලා ළඟට යන්න නම්, යෝධ දැල්ලා රැවැටිය යුතුය. [/SIZE] [B][SIZE=5]කපටියා වෙස් පෙරළයි [/SIZE][/B] [SIZE=5]අපේ කතා නායකයා වන මෙම පිරිමි සතා ප්‍රමාණයෙන් ගැහැනු සතකු හා සමානය. යෝධ පිරිමි දැල්ලා රැවටීමට, ඔහු හරි අපූරු දෙයක් කරයි. ඉදිරිපස අඬු හකුලා ගනිමින්, සිරුරේ පැහැය වෙනස් කරයි. දැන් පිරිමි දැල්ලා බැලූ බැල්මට ගැහැනු දැල්ලකු වැනිය. යෝධ දැල්ලා රැවටෙයි. ගැහැනු වෙස් පෙරළාගත් පිරිමියා, සෙමින් යෝධ දැල්ලා අතරින් රිංගා ගැහැනු සතාට ළං වෙයි. පිරිමි සතා ගැහැනු සතකු බව තව තවත් පෙන්වමින්, වර්ණ වෙනස් කරන්නේ සුදු පැහැ පටියක් සිරුර දෙපැත්තේ දිස්වන ලෙසිනි. යෝධ දැල්ලාගෙන් කිසිදු බාධාවක් නැත. වෙස් පෙරළා ගත් කපටියා අවශ්‍ය කාරණාව සපුරා ගනී. ඉන්පසු, පිරිමි සතා සෙමින් එතැනින් ලිස්සා යයි. සිද්ධ වුණේ කුමක්දැයිවත් යෝධ පිරිමි සතා දන්නේ නැත. ගැහැනු දැල්ලන් මේ අයුරින් පිරිමි සතුන් කිහිප දෙනකු සමඟ එක්වෙයි. එමගින් ඉතා නිරෝගී මෙන්ම ශක්තිමත් ජාන සහිත දැල්ලන් පරම්පරාවක් බිහි කරයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ලුසිත ජයමාන්න බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom