Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කතරගම දෙවියන්ගේ හාස්කම් 03
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතරගම දෙවියන්ගේ හාස්කම් 03

කතරගම දෙවියන් යනු මහසෙන් රජු බවට පවතින විශ්වාසය නිසා කතරගම දෙවියන් බෞද්ධයෙකු බවට ජන විශ්වාසයක්ද පවතී. තවත් මුඛ පරම්පරා කතාවකින් කියවෙන්නේ කතරගම දෙවියන් සෝවාන් ඵලලාභි දෙවියකු බවයි. නමුත් කතරගම දෙවියන් වැඩිපුරම පිහිට වන්නේ හින්දු භක්තිකයන්ට යැයිද විශ්වාසයක් තවත් ජන කොටසක් තුළ පැලපදියම්ව තිබේ. ඔවුහු ඊට හේතු ද දක්වති.

රට තුළ ඇතිවූ විවිධ අපල උපද්‍රව වලදී කතරගම දෙවියන් අතහැර වෙනත් දේව අඩවිවලට සිංහල බෞද්ධයන් සංක්රමණයවීම ඊට හේතුවකි. සිංහලයන්ගේ පලායාමෙන් පසු කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීම හින්දු භක්තික දෙමළ ජනතාව විසින් සිදුකරනු ලැබීම නිසා හින්දු භක්තිකයන්ට වැඩිපුර කතරගම දේවයන්ගේ ඇල්ම බැල්ම ඇතැයි එම මතය දරන්නෝ පෙන්වා දෙති.

ඊට උදාහරණයක් ද එම මතය දරන්නෝ හුවා දක්වති. කලකට ඉහතදී කතරගම දෙවියන් ඉහළින්ම අදහන දෙමළ ජාතික පවුලක සාමාජික පිරිසක් කතරගම බලා පැමිණෙමින් සිටියදී ඔවුන් පාර සොයාගත නොහැකිව කැලේ අතරමංව ඇත. නමුත් මෙම පිරිසේ දැඩි විශ්වාසයක්ව තිබී ඇත්තේ කතරගම දෙවියන් තමන්ට පිහිටවනු ඇත කියාය. අතරමංවීමෙන් එහෙ මෙහෙ ඇවිදීමට සිදුවීම නිසා පිරිසේ වැඩි දෙනෙක් විඩාවට පත්ව එක්තරා ස්ථානයක ගිමන් හරිමින් සිටින විට නාදුනන පුද්ගලයෙක් පැමිණ යන්නේ කොහේදැයි විමසා තිබේ.

පිරිසේ සිටි අය තමන් මුහුණදුන් අකරතැබ්බය මේ අමුත්තාට පවසා තිබුණේ ඔහුගෙන් හෝ පිහිටක් ලැබ කතරගම දේවාලයට යන්නට පාර සොයා ගැනීමේ අරමුණ ඇතිවය. පිරිස සතුව තිබූ බරින් වැඩි ගමන් මල්ල කරටගත් අමුත්තා ‘‘මං පස්සෙන් එන්න පාර පෙන්වන්නම් කියා’’ ඉස්සරවී තිබේ. සෙසු පිරිස ඔහු අනුගමනය කළහ. බොහෝදුරක් පැමිණි පසු ‘‘ඔහොමම ඉස්සරහට යන්න. දේවාලයට යන පාර හමුවෙයි’’ කියා අමුත්තා ආපසු හැරි ගොස් තිබේ. අමුත්තා ගිය දෙස වන්දනාවේ පැමිණි පිරිස ආපසු හැරි බැලූවද ඔහු අතුරුදන්ව තිබිණි.

අමුත්තෙකුගේ වෙස් ගෙන මේ හින්දු භක්තිකයන්ට පාර පෙන්වූයේ කතරගම දෙවියෝ යැයි මේ සිද්ධියෙන් පසු ජනතාවගේ විශ්වාසය තවත් තදින් තහවුරුවී තිබේ.

කතරගම දෙවියන් ජිවමානව දැක ගැනීම සම්බන්ධව විවිධ කතා සමාජය තුළ පවතී. සමහරු මෙය මිථ්‍යා මතයක් ලෙස තර්ක කරති. තවත් සමහරු එය තමන්ටද අත්දැකීම් ඇති බව කියමින් තහවුරු කිරීමට කරුණු දක්වති. මෙම ලිපියෙන් එකී මතයන් කිසිසේත් අභියෝගයකට ලක්කිරීම අරමුණ නොවේ. සමාජයේ පවතින විශ්වාසයන් මොනවාද යන්න සාකච්ඡාකිරිම ලිපියේ අරමුණයි.

අපවත්වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්රය මහනාහිමියන් කතරගම දෙවියන් ජිවමානව දුටු බව පවසා ඇතැයි කිහිප දෙනකුම මාසමග පැවසූහ. රත්නපුර, බළන්ගොඩ, පැල්මඩුල්ල, එරත්න, සෙල්ලකතරගම ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්වු ඔවුන් එකිනෙකා අතර කිසිදු සම්බන්ධකමක් නොපවතී. නමුත් හැමදෙනාම කී කරුණු එක හා සමානය. මේ කරුණු වාචිකව ඉදිරිපත් කළද, එය තහවුරු කිරිමට සාක්කි ඔවුන් සතු නොවීය.

එම පිරිස් පවසන ආකාරයට ආනන්ද මෛත්රය මහනාහිමියන් කතරගම දෙවියන් දැක ඇත්තේ කතරගම පෙරහර මංගල්‍යය අවසානයේ ගිනිපැගීමේ අවස්ථාවේය. ගිනිපෑගීම සදහා සුදානම් කළ ගිනිගොඩ හරහා මුලින්ම යම් පුද්ගලයෙකු ගමන් කරනවා දැක ඇතත් ඔහු එතනින් එහාට දිස්වී නැත. ඒනිසා ආනන්ද මෛත්රය මහනාහිමියන් පවසා ඇත්තේ තමන් කතරගම දෙවියන් සැබැවින්ම දුටු බව යැයි කලක් වැඩිහිටිකන්දේ කතරගම දේවාලයේ කපුනිලයේ කටයුතු කළ එච්.ඒ.වී. රණසිංහ මහතාද පැවසුවේය. නමුත් මෙම සිද්ධිය සම්බන්ධව ආනන්ද මෛත්රය හිමියන් විසින් කළ ලිඛිත සටහනක් සොයාගැනීමට ඉතා වෙහෙසක් ගත්තද එය නිෂ්පල විය.

අද හැත්තෑ අටවැනි වියේ විශ්‍රාමික සුවයෙන් පසුවන රණසිංහ කපු මහතා පැවසුවේ කතරගම දෙවියන්ට පූජාවන් තැබු අවස්ථා කිහිපයකදීම තමන් කතරගම දෙවියන් දුටු බවයි. කතරගම දෙවියන් කිසිවෙකුටත් දඩුවම් නොදෙන බව රණසිංහ කපු මහතාගේ අදහසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරත්න ග්‍රාමයේ වෙසෙන ඔහු වසර ගණනාවක් වැඩහිටිකන්දේ කතරගම දේවාලයේ කපු නිලයේ කටයුතු කළ අයෙකි.

‘‘කතරගමු දෙවියන්ට කන්නලව් කරනකොට, ඊශ්වර, විෂ්ණු, පත්තිනි සහ කඩවර යන දෙවිවරුත් ඒ කන්නලව් වලට ඇහුන්කම් දෙනවා. දඩුවම් දෙන්නේ කඩවර දෙවියෝ. පූජාවට පුලුටු තිබ්බම කඩවර දෙවියෝ ඒක බාරගන්නවා. ඉතිං මිනිස්සු හිතාගෙන ඉන්නේ කතරගම දෙවියෝ තමයි ද`ඩුවම් කළේ කියලා.’’ රණසිංහ කපු මහතා පැහැදිලි කර දුන්නේය.

කතරගම දෙවියන්ගේ උදේ පූජාව ලෙස පැණිබත් සකසන බව රණසිංහ කපු මහතා කියයි. පැණිබත සකසන්නේ හාල්, මුංඇට, හකුරු, පැණි. සූකිරි, මුද්දරපලම්, කඩල, හබලපෙති ආදිය එක්කොට බවද ඔහු කියයි. දහවල් සහ රාත්‍රී පුජාවන්ට මුරුතැන්බත් සකසන බවත් කීවේය. එයට පොල්කිරි හෝ එළකිරි එකතු කිරිමක්ද කරන බව රණසිංහ කපුමහතා කීවේය. මේ සකස්කරන පූජාව දෙවියන්ට පමණක් නොව පූජාවන්ට සාභාගිවන සියලූ දෙනාටම අනුභව කිරිමට ප්‍රමාණවත්ව සැකසිම සිදුකරයි.

‘‘පූජාව සකස් කරන්නේ ප්‍රධාන කපුතැනගේ අනුදැනුම ඇතිවයි. දෙවියන්ට තියන්න පෙර ඒක ඉදුල්කිරිමක් කොහෙත්ම එදා කරන්නේ නෑ. සමහරු රසද කියලා බලන්න ඉදුල් කරනවා. එහෙම කළොත් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. දැන් අපි දානයක් උයන පිහිනකොටත් ලූණුවත් බලන්නේ නෑ නොවැ. බුද්ධ පූජාවට අයින් කරලා තමයි ලූණු බලන්නෙත්. නොඉදුල් අග්‍ර කොටස තමයි බුදුන්ට, දෙවියන්ට තියන්නේ. ඉදුල් කළොත් අග්‍ර කොටස වෙන්නෙ නෑ නොවැ. එතකොට අනුහස් තියෙන්නේ නෑ’’ රණසිංහ කපුමහතා කීවේය.

මේ කාරණාව නිසාම තමන් දෙවියන්ට පුජාව තබන හැම මොහොතකම පූජාවන් සැකසීමේදී ඉදුල් නොකර ඒවා සැදීමට වගබලා ගත් බවද කීවේය. ඒ නිසා තමන් කරන කන්නලව් කෙරෙහි කතරගම දෙවියන් හොදින් ඇහුම්කන්දුන් බවද ඔහු කියා සිටියේය.

කතරගම දෙවියන් කතරගමට නුදුරු කුමණ ජාතික වනෝද්‍යානය ප්‍රධාන අවට ප්‍රදේශවලට අධිගෘහිත යැයි ඇති ජනතා විශ්වාසය කිසිසේත් බැහැර කළ නොහැකිය. විශේෂයෙන් මේ ප්‍රදේශවල විසු වැදිජනතාවගේ වැදුම්පිදුම්වලට නිරන්තරයෙන් ලක්වුයේ කතරගම දෙවියන්ය.

මහියංගනය අවට වැදිජනතාවගේ වැදුම්පිදුම්වලට ලක්වන්නේ ‘‘මහලොකු කිරිඅම්මා’’ය. සබරගමුවට අධිගෘහිත ‘‘සුමනසමන්’’ දෙවියන්ගේ වැඩිමහල් සොයුරිය මරණින් පසු ආදිවාසීන්ගේ පුජාවන්ට පාත්රවන ‘‘මහලොකු කිරිඅම්මා’’ බවට පත්ව ඇතිබව ජනප්‍රවාදයයි. සුමන සමන් දෙවියන්ද කලක් කුමණ ජාතික වනොද්‍යානය අවට ප්‍රදේශවලට අධිගෘහිතව විසුබවට අතීත කුමණ ගම්මානයේ ජනතාව අතර විශ්වාසයක් පැවතුනි. කතරගම දෙවියන්ගේ පැමිණීමෙන් පසු ‘‘සුමනසමන්’’ දෙවියන් ප්‍රදේශය හැරගිය බවද එම විශ්වාසයන් අතර පවතී. නමුත් ඉන්පසු කතරගම දෙවියන් විශ්වාසව ඇදහීමට කුමණ සහ අවට නැගෙනහිර ප්‍රදේශයේ ආදිවාසීන් කටයුතු කර ඇත. වාර්ෂිකව පාද යාත්‍රාවේ කතරගමට එන පිරිස් අතර නැගෙනහිර පළාතේ වාකරේ ප්‍රදේශයේ වෙසෙන ‘‘මුහුදු වැද්දන්’’ ලෙස හදුන්වන දෙමළ භාෂාවට මිශ්‍ර භාෂාවක් කතාකරන ආදිවාසී ජනතාව ද පැමිණෙති.

කතරගම දෙවියන් බෞද්ධ දෙවියෙකු ලෙස එම ප්‍රදේශයේ එකල තිබු වෙහෙර විහාරස්ථාන ආරක්ෂාකළ බව ජනප්රවාදයේ එයි. කතරගම දෙවියන් නිදහසේ වැඩවෙසෙන බවට තදින් විශ්වාසයක් පවතින ‘‘කැබිලිත්ත’’ දේවාලය සහ පාද යාත්‍රාව එන මාර්ගය දෙපස බෞද්ධ නටබුන් රැසක් ඇත. කුඩුම්බිගල, බඹරගස්තලාව, කෝන්ගල්ලෙන් විහාරය, දිවුලනගොඩ විහාරය, කැබිලිත්ත, තලගුලූහෙල ආරණ්‍යය, සිතුල්පව්ව, වැඩහිටිකන්ද එම ස්ථානයි.

සිංහල බෞද්ධ ජනයා, දෙමළ හින්දු ජනයා, සහ වැදි ජනයා එදාද අදමෙන් කතරගම දෙවියන් දැඩි භක්තියකින් ඇදහු බවට සාක්කි රැසක් මේ අතීත නටබුන් අතරින් මතුවෙයි. එනිසා ගොවිතැනේ දී, දඩයමේ දී, ගමනකබිමනක දී, කතරගම දෙවියන් සිහිපත්කර දේවාශිර්වාදය ගැනීම මෙම ජනකොටස් අතර සිරිතක්ව තිබෙන්නට ඇත.

උපුටා ගත්තේ ලංකාදීපයනි...

කතරගම දෙවියන්ගේ හාස්කම් 01

කතරගම දෙවියන්ගේ හාස්කම් 02

[QUOTE="sameera15852, post: 13323821, member: 123654"] [b]කතරගම දෙවියන්ගේ හාස්කම් 03[/b] [CENTER][IMG]https://lh3.googleusercontent.com/-47VBVrzCuJo/UEDdMqlEq0I/AAAAAAAADzg/Pk_T1FPo-Pg/s500/21-Page26-M2%255B1%255D.jpg[/IMG] [/CENTER] [SIZE=4]කතරගම දෙවියන් යනු මහසෙන් රජු බවට පවතින විශ්වාසය නිසා කතරගම දෙවියන් බෞද්ධයෙකු බවට ජන විශ්වාසයක්ද පවතී. තවත් මුඛ පරම්පරා කතාවකින් කියවෙන්නේ කතරගම දෙවියන් සෝවාන් ඵලලාභි දෙවියකු බවයි. නමුත් කතරගම දෙවියන් වැඩිපුරම පිහිට වන්නේ හින්දු භක්තිකයන්ට යැයිද විශ්වාසයක් තවත් ජන කොටසක් තුළ පැලපදියම්ව තිබේ. ඔවුහු ඊට හේතු ද දක්වති. රට තුළ ඇතිවූ විවිධ අපල උපද්‍රව වලදී කතරගම දෙවියන් අතහැර වෙනත් දේව අඩවිවලට සිංහල බෞද්ධයන් සංක්රමණයවීම ඊට හේතුවකි. සිංහලයන්ගේ පලායාමෙන් පසු කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීම හින්දු භක්තික දෙමළ ජනතාව විසින් සිදුකරනු ලැබීම නිසා හින්දු භක්තිකයන්ට වැඩිපුර කතරගම දේවයන්ගේ ඇල්ම බැල්ම ඇතැයි එම මතය දරන්නෝ පෙන්වා දෙති. ඊට උදාහරණයක් ද එම මතය දරන්නෝ හුවා දක්වති. කලකට ඉහතදී කතරගම දෙවියන් ඉහළින්ම අදහන දෙමළ ජාතික පවුලක සාමාජික පිරිසක් කතරගම බලා පැමිණෙමින් සිටියදී ඔවුන් පාර සොයාගත නොහැකිව කැලේ අතරමංව ඇත. නමුත් මෙම පිරිසේ දැඩි විශ්වාසයක්ව තිබී ඇත්තේ කතරගම දෙවියන් තමන්ට පිහිටවනු ඇත කියාය. අතරමංවීමෙන් එහෙ මෙහෙ ඇවිදීමට සිදුවීම නිසා පිරිසේ වැඩි දෙනෙක් විඩාවට පත්ව එක්තරා ස්ථානයක ගිමන් හරිමින් සිටින විට නාදුනන පුද්ගලයෙක් පැමිණ යන්නේ කොහේදැයි විමසා තිබේ. පිරිසේ සිටි අය තමන් මුහුණදුන් අකරතැබ්බය මේ අමුත්තාට පවසා තිබුණේ ඔහුගෙන් හෝ පිහිටක් ලැබ කතරගම දේවාලයට යන්නට පාර සොයා ගැනීමේ අරමුණ ඇතිවය. පිරිස සතුව තිබූ බරින් වැඩි ගමන් මල්ල කරටගත් අමුත්තා ‘‘මං පස්සෙන් එන්න පාර පෙන්වන්නම් කියා’’ ඉස්සරවී තිබේ. සෙසු පිරිස ඔහු අනුගමනය කළහ. බොහෝදුරක් පැමිණි පසු ‘‘ඔහොමම ඉස්සරහට යන්න. දේවාලයට යන පාර හමුවෙයි’’ කියා අමුත්තා ආපසු හැරි ගොස් තිබේ. අමුත්තා ගිය දෙස වන්දනාවේ පැමිණි පිරිස ආපසු හැරි බැලූවද ඔහු අතුරුදන්ව තිබිණි. අමුත්තෙකුගේ වෙස් ගෙන මේ හින්දු භක්තිකයන්ට පාර පෙන්වූයේ කතරගම දෙවියෝ යැයි මේ සිද්ධියෙන් පසු ජනතාවගේ විශ්වාසය තවත් තදින් තහවුරුවී තිබේ. කතරගම දෙවියන් ජිවමානව දැක ගැනීම සම්බන්ධව විවිධ කතා සමාජය තුළ පවතී. සමහරු මෙය මිථ්‍යා මතයක් ලෙස තර්ක කරති. තවත් සමහරු එය තමන්ටද අත්දැකීම් ඇති බව කියමින් තහවුරු කිරීමට කරුණු දක්වති. මෙම ලිපියෙන් එකී මතයන් කිසිසේත් අභියෝගයකට ලක්කිරීම අරමුණ නොවේ. සමාජයේ පවතින විශ්වාසයන් මොනවාද යන්න සාකච්ඡාකිරිම ලිපියේ අරමුණයි. අපවත්වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්රය මහනාහිමියන් කතරගම දෙවියන් ජිවමානව දුටු බව පවසා ඇතැයි කිහිප දෙනකුම මාසමග පැවසූහ. රත්නපුර, බළන්ගොඩ, පැල්මඩුල්ල, එරත්න, සෙල්ලකතරගම ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්වු ඔවුන් එකිනෙකා අතර කිසිදු සම්බන්ධකමක් නොපවතී. නමුත් හැමදෙනාම කී කරුණු එක හා සමානය. මේ කරුණු වාචිකව ඉදිරිපත් කළද, එය තහවුරු කිරිමට සාක්කි ඔවුන් සතු නොවීය. එම පිරිස් පවසන ආකාරයට ආනන්ද මෛත්රය මහනාහිමියන් කතරගම දෙවියන් දැක ඇත්තේ කතරගම පෙරහර මංගල්‍යය අවසානයේ ගිනිපැගීමේ අවස්ථාවේය. ගිනිපෑගීම සදහා සුදානම් කළ ගිනිගොඩ හරහා මුලින්ම යම් පුද්ගලයෙකු ගමන් කරනවා දැක ඇතත් ඔහු එතනින් එහාට දිස්වී නැත. ඒනිසා ආනන්ද මෛත්රය මහනාහිමියන් පවසා ඇත්තේ තමන් කතරගම දෙවියන් සැබැවින්ම දුටු බව යැයි කලක් වැඩිහිටිකන්දේ කතරගම දේවාලයේ කපුනිලයේ කටයුතු කළ එච්.ඒ.වී. රණසිංහ මහතාද පැවසුවේය. නමුත් මෙම සිද්ධිය සම්බන්ධව ආනන්ද මෛත්රය හිමියන් විසින් කළ ලිඛිත සටහනක් සොයාගැනීමට ඉතා වෙහෙසක් ගත්තද එය නිෂ්පල විය. අද හැත්තෑ අටවැනි වියේ විශ්‍රාමික සුවයෙන් පසුවන රණසිංහ කපු මහතා පැවසුවේ කතරගම දෙවියන්ට පූජාවන් තැබු අවස්ථා කිහිපයකදීම තමන් කතරගම දෙවියන් දුටු බවයි. කතරගම දෙවියන් කිසිවෙකුටත් දඩුවම් නොදෙන බව රණසිංහ කපු මහතාගේ අදහසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරත්න ග්‍රාමයේ වෙසෙන ඔහු වසර ගණනාවක් වැඩහිටිකන්දේ කතරගම දේවාලයේ කපු නිලයේ කටයුතු කළ අයෙකි. ‘‘කතරගමු දෙවියන්ට කන්නලව් කරනකොට, ඊශ්වර, විෂ්ණු, පත්තිනි සහ කඩවර යන දෙවිවරුත් ඒ කන්නලව් වලට ඇහුන්කම් දෙනවා. දඩුවම් දෙන්නේ කඩවර දෙවියෝ. පූජාවට පුලුටු තිබ්බම කඩවර දෙවියෝ ඒක බාරගන්නවා. ඉතිං මිනිස්සු හිතාගෙන ඉන්නේ කතරගම දෙවියෝ තමයි ද`ඩුවම් කළේ කියලා.’’ රණසිංහ කපු මහතා පැහැදිලි කර දුන්නේය. කතරගම දෙවියන්ගේ උදේ පූජාව ලෙස පැණිබත් සකසන බව රණසිංහ කපු මහතා කියයි. පැණිබත සකසන්නේ හාල්, මුංඇට, හකුරු, පැණි. සූකිරි, මුද්දරපලම්, කඩල, හබලපෙති ආදිය එක්කොට බවද ඔහු කියයි. දහවල් සහ රාත්‍රී පුජාවන්ට මුරුතැන්බත් සකසන බවත් කීවේය. එයට පොල්කිරි හෝ එළකිරි එකතු කිරිමක්ද කරන බව රණසිංහ කපුමහතා කීවේය. මේ සකස්කරන පූජාව දෙවියන්ට පමණක් නොව පූජාවන්ට සාභාගිවන සියලූ දෙනාටම අනුභව කිරිමට ප්‍රමාණවත්ව සැකසිම සිදුකරයි. ‘‘පූජාව සකස් කරන්නේ ප්‍රධාන කපුතැනගේ අනුදැනුම ඇතිවයි. දෙවියන්ට තියන්න පෙර ඒක ඉදුල්කිරිමක් කොහෙත්ම එදා කරන්නේ නෑ. සමහරු රසද කියලා බලන්න ඉදුල් කරනවා. එහෙම කළොත් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. දැන් අපි දානයක් උයන පිහිනකොටත් ලූණුවත් බලන්නේ නෑ නොවැ. බුද්ධ පූජාවට අයින් කරලා තමයි ලූණු බලන්නෙත්. නොඉදුල් අග්‍ර කොටස තමයි බුදුන්ට, දෙවියන්ට තියන්නේ. ඉදුල් කළොත් අග්‍ර කොටස වෙන්නෙ නෑ නොවැ. එතකොට අනුහස් තියෙන්නේ නෑ’’ රණසිංහ කපුමහතා කීවේය. මේ කාරණාව නිසාම තමන් දෙවියන්ට පුජාව තබන හැම මොහොතකම පූජාවන් සැකසීමේදී ඉදුල් නොකර ඒවා සැදීමට වගබලා ගත් බවද කීවේය. ඒ නිසා තමන් කරන කන්නලව් කෙරෙහි කතරගම දෙවියන් හොදින් ඇහුම්කන්දුන් බවද ඔහු කියා සිටියේය. කතරගම දෙවියන් කතරගමට නුදුරු කුමණ ජාතික වනෝද්‍යානය ප්‍රධාන අවට ප්‍රදේශවලට අධිගෘහිත යැයි ඇති ජනතා විශ්වාසය කිසිසේත් බැහැර කළ නොහැකිය. විශේෂයෙන් මේ ප්‍රදේශවල විසු වැදිජනතාවගේ වැදුම්පිදුම්වලට නිරන්තරයෙන් ලක්වුයේ කතරගම දෙවියන්ය. මහියංගනය අවට වැදිජනතාවගේ වැදුම්පිදුම්වලට ලක්වන්නේ ‘‘මහලොකු කිරිඅම්මා’’ය. සබරගමුවට අධිගෘහිත ‘‘සුමනසමන්’’ දෙවියන්ගේ වැඩිමහල් සොයුරිය මරණින් පසු ආදිවාසීන්ගේ පුජාවන්ට පාත්රවන ‘‘මහලොකු කිරිඅම්මා’’ බවට පත්ව ඇතිබව ජනප්‍රවාදයයි. සුමන සමන් දෙවියන්ද කලක් කුමණ ජාතික වනොද්‍යානය අවට ප්‍රදේශවලට අධිගෘහිතව විසුබවට අතීත කුමණ ගම්මානයේ ජනතාව අතර විශ්වාසයක් පැවතුනි. කතරගම දෙවියන්ගේ පැමිණීමෙන් පසු ‘‘සුමනසමන්’’ දෙවියන් ප්‍රදේශය හැරගිය බවද එම විශ්වාසයන් අතර පවතී. නමුත් ඉන්පසු කතරගම දෙවියන් විශ්වාසව ඇදහීමට කුමණ සහ අවට නැගෙනහිර ප්‍රදේශයේ ආදිවාසීන් කටයුතු කර ඇත. වාර්ෂිකව පාද යාත්‍රාවේ කතරගමට එන පිරිස් අතර නැගෙනහිර පළාතේ වාකරේ ප්‍රදේශයේ වෙසෙන ‘‘මුහුදු වැද්දන්’’ ලෙස හදුන්වන දෙමළ භාෂාවට මිශ්‍ර භාෂාවක් කතාකරන ආදිවාසී ජනතාව ද පැමිණෙති. කතරගම දෙවියන් බෞද්ධ දෙවියෙකු ලෙස එම ප්‍රදේශයේ එකල තිබු වෙහෙර විහාරස්ථාන ආරක්ෂාකළ බව ජනප්රවාදයේ එයි. කතරගම දෙවියන් නිදහසේ වැඩවෙසෙන බවට තදින් විශ්වාසයක් පවතින ‘‘කැබිලිත්ත’’ දේවාලය සහ පාද යාත්‍රාව එන මාර්ගය දෙපස බෞද්ධ නටබුන් රැසක් ඇත. කුඩුම්බිගල, බඹරගස්තලාව, කෝන්ගල්ලෙන් විහාරය, දිවුලනගොඩ විහාරය, කැබිලිත්ත, තලගුලූහෙල ආරණ්‍යය, සිතුල්පව්ව, වැඩහිටිකන්ද එම ස්ථානයි. සිංහල බෞද්ධ ජනයා, දෙමළ හින්දු ජනයා, සහ වැදි ජනයා එදාද අදමෙන් කතරගම දෙවියන් දැඩි භක්තියකින් ඇදහු බවට සාක්කි රැසක් මේ අතීත නටබුන් අතරින් මතුවෙයි. එනිසා ගොවිතැනේ දී, දඩයමේ දී, ගමනකබිමනක දී, කතරගම දෙවියන් සිහිපත්කර දේවාශිර්වාදය ගැනීම මෙම ජනකොටස් අතර සිරිතක්ව තිබෙන්නට ඇත. [/SIZE] [SIZE=4]උපුටා ගත්තේ ලංකාදීපයනි...[/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?p=13319341#post13319341"]කතරගම දෙවියන්ගේ හාස්කම් 01[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13321070#post13321070"]කතරගම දෙවියන්ගේ හාස්කම් 02[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom