කත්නෝරුවේ සිරිධම්ම හිමි Vs කැකිරාවේ හිමි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ආයෙ ඉපදෙන්නෙ නැත්තන් ඇයි මූ සිවුරක් පටලවගෙන ඉන්නෙ
    හේතුව???

    ජාතිය කියන්නේ මොහොතේ දැනගැනීම එක්ක 'මම' 'මගේ..' 'මට..' ඉපදීම. සම්මුති උපත නෙමෙයි.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    නිර්වානය කියන්නෙ බිලියනර් කෙනෙක් වෙන එක.

    නොපමාව ධනය රැස් කරන්න

    ආමේන්...

    PS: මට මතක විදිහට @IndrajithGamage දරන්නෙත් ඔය කැකිරාවෙ හාමුදුරුවො දරන මතයට සමාන අදහසක්.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113

    ත්‍රිපිටකයේ සඳහන් පුනර්භවය පිළිබඳ සාක්ෂි​

    • මජ්ඣිම නිකාය - චූළකම්මවිභංග සූත්‍රය (මජ්ඣිම නිකාය 135): මෙම සූත්‍රයේදී බුදුන් වහන්සේ විවිධ මනුෂ්‍යයන් විවිඵ තත්ත්වයන්හි උපත ලබන්නේ මන්නේ යන්න පැහැදිලි කරයි. විවිධාකාර කර්මවල ප්‍රතිඵලයන් අනුව පුනර්භවය විවිධ අයුරින් සිදු වන බව විස්තර කෙරේ.
    • දීඝ නිකාය - මහානිදාන සූත්‍රය (දීඝ නිකාය 15): මෙහිදී ප්‍රතීත්යසමුත්පාද න්‍යායේ ගැඹුරු විස්තරයක් ලබා දෙමින්, භව (පුනර්භවය) ඇතිවීමේ හේතුව උපාදාන (ඇල්ම) බව පෙන්වා දෙයි.
    • සම්යුත්ත නිකාය: මෙහි බොහෝ සූත්‍රවල පුනර්භවය සහ එයින් මිදීම පිළිබඳව සඳහන් වේ. උදාහරණයක් ලෙස, අනුරුද්ධ සූත්‍රයේ (සම්යුත්ත නිකාය 52.10) අනුරුද්ධ හිමියන්ට පෙර ජාති සිහි කිරීමේ ඍද්ධි බලය ලැබූ බව කියවේ.
    • ජාතක කථා (ඛුද්දක නිකාය): බුදුන් වහන්සේගේ පෙර ජාති කතා 547ක් අඩංගු වන මෙම ග්‍රන්ථ සංග්‍රහය, පුනර්භවය පිළිබඳ සෘජුම සාක්ෂියකි. එක් එක් ජාතක කතාවෙන් බුදුන් වහන්සේ විවිධ ප්‍රාණීන් ලෙස (මනුෂ්‍ය, සතුන්, දෙව්ලොව් ආදී) ඉපිද කර්ම සංස්කාර ගොඩනැගූ ආකාරය විස්තර වේ.
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    මහණෙනි, මේ දෙදෙනා තථාගතයාව අපවාද කරනවා.


    කවර දෙදෙනාද?


    යම් කෙනෙක් තථාගතයා නොකියූ දෙය,


    ‘මෙය තථාගතයා කියූය’යි කියයි.


    යම් කෙනෙක් තථාගතයා කියූ දෙය,


    ‘මෙය තථාගතයා නොකියූය’යි කියයි.


    මහණෙනි, මේ දෙදෙනා තථාගතයාව අපවාද කරනවා.


    ඒ දෙදෙනාම පරලෝකයෙහි අකුසල විපාකයට නියතයි."