Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කදිරගාමර් ඝාතනය, පොලීසිය සහ ඝාතකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කදිරගාමර් ඝාතනය, පොලීසිය සහ ඝාතකයා

හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන 2005 වසරේ පටන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මුත්තයියා සහාදේවන් නම් සැකකරු පසුගිය ජුනි 22 වනදා සිය සිරගත ජීවිතය අවසන් කරමින් අවසන් හුස්ම හෙළා ඇති බවත් ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් නඩු කටයුත්ත අවසන් කළ බවත් දැනගැනීමට ලැබිණි.

එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ අසරණ දුගී මිනිසෙකු වූ ඔහු කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ එකී ඝාතනයට මසකට පමණ පෙර කදිරගාමර් මහතාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක බැල්කනියක් අසල තිබුණු අත්තක් කපා දැමීම නිසාය.

කදිරගාමර් මහතා ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එකී බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් බවට කියවුණු නිසාවෙන් එම අත්ත කැපූ සහාදේවන්ට වසර 14කට ආසන්න කාලයක් සිරගතව සිට සිරකරුවකු ලෙසම මිය යන්නට සිදුවුවත් අදාළ නිවසේ හිමිකරු අත් අඩංගුවට පත් වන්නේවත් නැත. ඒ නිවෙස් හිමියා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුත්‍රයකු බව කියැවුණු ධනවතෙකු නිසාය. ජලය බැස යන්නේ පහත් තැනින් පමණය.

මා ඔහු පිළිබඳ සත්‍ය කතාව ලියනා කාලය වනවිටත් ඔහු දැඩි ලෙස දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින්, නිසි ප්‍රතිකාරයක් ද නොමැතිව දෑස් පෙනීම ද දුර්වල වෙමින් සිටියේය. අවසානයේ දියවැඩියාව විසින් ඔහුගේ වකුගඩුත් බිලිගෙන ඔහුගේ සිර දඬුවම අවසන් නින්ද දක්වාම රැගෙන ගොස් තිබේ.

හරිහැටි වචනයට ගලපාගත නොහැකි, ඇඟ මස් කකාරවන දැඩි වේදනාවකින් පෙළෙමින් මීට වසර තුන හමාරකට පෙර සහාදේවන්ගේ කතාව මා ලියූ පරිද්දෙන් නැවත පළ කරමි.

සාධාරණ නීතියක් නැති රටක, පොලිසියට වුවමනා ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන රටක, යුක්තියට ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටන රටක කාගේවත් අවධානයක් නොලැබම මියගිය ඒ අසරණ මිනිසාගේ කතාවත් කියවා බලා මර්ධන යාන්ත්‍රණය තව තවත් ශක්තිමත් කෙරෙන ප්‍රතිසංස්කරණ ගැන ඔබේ මතය කුමක්දැයි යළි සලකා බලන්න.

ඒ මහළු මිනිසා වෙනුවෙන් මට කළ හැක්කේ මේ ආයාචනය පමණි.

මාධ්‍ය හිතවතුනි, කරුණාකර ඒ අසරණ මිනිසාට කොටියෙකැයි නොකියන්න. සිංහල තබා දෙමළවත් ලියන්නට කියවන්නට නොදත් අසරණ මහළු මිනිසෙකුට දත් කැඩෙන්නට පහරදී අත්සන් ලබාගත් ඊනියා පාපොච්ඡාරණ ලියැවිල්ලක් පෙන්වමින් ඔහුව එල්ටීටීඊ සාමාජිකයකු ලෙස හංවඩු ගැසුවා විනා, කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සැබෑ ඝාතකයින් කිසිවකුත් අල්ලා ගැනීමට නොහැකිවූ පොලිසියේ නොහැකියාව වසා ගන්නට බිලි පූජාවක් ලෙසින් ඔහුව වධයට පත් කර, හුදෙකලා කර, අසනීපයට නිසි ප්‍රතිකාර නොමැතිව මරණය කරා තල්ලු කළා විනා ඔහු කිසිදිනෙක එල්ටීටීඊ සාමාජිකයකුව සිටියේ නැත.

පාපොච්චාරණය 02 - කදිරගාමර්ගේ අත්ත කපා හිරබත් කන සහාදේවන්

"නොකරපු වරදකට මට තඩිබෑවේ, මං ඒක උසාවියෙදිත් කිව්වා" පහරකෑමෙන් ඉදිරි දත් හතරක් හැළී ගිය සහ ඉතිරි දත් ඇදවී ගිය මුවින් ඔහු සෝ බරව පවසන වදන් ය. දස වසරක බන්ධනාගාර දිවිය සමාජීය වශයෙන් ඔහුගේ සහ ඔහුගේ පවුලේ උදවියගේ ජීවිත අඳුරට ඇද දමද්දී නිසි ප්‍රතිකාර නොලද දියවැඩියා රෝගය ඔහුගේ දෑස ද බිලිගනිමින් අඳුරු කරමින් සිටී. මේ, තවමත් නොවිසඳුණු දේශපාලන සිරකරුවන්ගේ ගැටළුවෙහි ගොදුරක් වූ ඔහුගේ කඳුළු කතාවයි.

ඔහු මුත්තයියා සහාදේවන් ය. 58 හැවිරිදි ඔහු කොළඹ කිරුළපන පොල්හේන්ගොඩ පදිංචිව සිටියෙකි. ධනලක්ෂ්මී සහාදේවන් නම් ඔහුගේ බිරිඳ 57 හැවිරිදිය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා ද විවාහකයින් ය. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිටි අතර ඒ අහල පහල නිවෙස්වලද වැඩ පළ තිබූ විටෙක ඒවාද කරකියා දුන්නේ ය.

සිදුවීම ඇරඹෙන්නේ 2005.08.13 වන දිනය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයෙන් (CCD) අත්අඩංගුවට පත්වන ඔහු රැගෙන යන්නේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවෙසක් කරා ය. එහිදී එම නිවසේ බැල්කනිය අසළ තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කෙරේ. ඔහු විසින් එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක කපන ලද බව පිළිගත් අතර ඒවා කපන්නට යෙදුණේ තමන්ගේ ඉල්ලීම මත බව තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පැවසූ බව කියවේ. කෙසේ වෙතත් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සඳහා වෙඩි තැබුණේ මෙකී නිවසේ බැල්කනියට ආසන්න කවුළුවක් තුළින් බවට කියැවුණු හෙයින් සහාදේවන් අත් අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ටාශයට රැගෙන යනු ලැබේ.

සහාදේවන් පවසනා ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කළ කුලී වැඩ අතර මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම ඔහු අතින් කෙරුණකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. එමෙන් ම මෙම තලේසිංහම් නමැත්තා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුතෙකු බවද කියවෙන අතර ඔහු මේ සිද්ධියට අදාලව අත් අඩංගුවට පත් වන්නේද නැත. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ටාශයට ගෙනයනු ලදුව ඔහුව ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ ම " ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව්කරේ තමුසෙද ?" යනුවෙන් නැඟෙන පැණයක් සමඟ ම මුහුණට එල්ල කෙරෙන දරුණු පා පහරකිනි. මා මුලින් සඳහන් කළ පරිදි ඔහුගේ ඉදිරි දත් හතරක් අහිමි කෙරෙමින් ඉතිරි දත් ඇද කෙරෙන්නේ මේ පා පහරිනි.

CCDයේ මාස තුනක් රඳවා තැබෙන ඔහු 2005.11.16 වන දින රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබේ. ඉන් පසුව 2008 වසරේ දී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම චෝදනා යටතේ ය. මෙම නඩුවෙහි චූදිතයින් අතර එල් ටී ටී ඊ නායක ප්රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකථනයේ තිබූ අංකයක් නිසා අත් අඩංගුවටගත් ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකුද වෙයි. සහාදේවන් පවසනා ආකාරයට මෙකී කොටි නායකයින් සමඟ කුමන්ත්‍රණය කරනු තබා ඔහු එතෙක් කොටි සංවිධානයේ සාමාජිකයකු ඇසින් දැක හඳුනා හෝ නොමැත.

සහාදේවන්ට එරෙහිව නඩු පැවරීමට උපයෝගී කරගැනෙන්නේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බව කියැවෙන පාපොච්චාරණ ලියැවිල්ලක් පමණි. නිසි අධ්‍යාපනයක් නොලද බැවින් සිංහල භාෂාව තබා දෙමළ භාෂාවවත් හරිහැටි ලිවීමට කියවීමට නොදන්නා සහාදේවන් එකී පාපොච්චාරණය නම් ලියැවිල්ලේ අඩංගුවූයේ කුමක්දැයි කියා අදටත් හරිහැටි දන්නේ නැත. කදිරගාමර් මහතා ඝාතනය කෙරුණු දවසේ සහාදේවන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි කියමින් ඔහුගේ දියණිය ද CCD යට රැගෙන ගොස් රාත්‍රිය වනතුරා ප්‍රශ්න කිරීමට ලක්කෙරුණු සහ ඔහුගේ බිරිඳගේ සොයුරාද රැගෙන ගොස් ප්‍රශ්න කෙරුණු වටපිටාවක 'නිදහස් කිරීම' සඳහා යැයි පවසමින් ඉදිරිපත් කෙරුණු ඕනෑම ලියවිල්ලකට ඔහු අත්සන් තැබීමද අරුමයක් නොවේ. කෙසේ වෙතත් කොළඹ මහාධිකරණය විසින් මෙම පාපොච්චාරණ ලියවිල්ල සහාදේවන් ස්වේච්ඡාවෙන් ලබාදුන්නක් බවට පිළිගෙන ඇති අතර බාබුගේ සාක්ෂි රැගෙන අවසන් කෙරුණු පසුව ඔහුට දඬුවම් නියම කෙරෙණු ඇත. එනම් තමුන් හාංකවිසියක් හෝ නොදත් සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට වසර දහයක් අත් අඩංගුවේ පසු වූ ඔහුට නැවත එකී චෝදනාවන්ට අදාලව සිර දඬුවම් නියම කිරීමට ද නියමිතව ඇත.

දරුණු ලෙස පහර දීමෙන් සහ මානසිකව පීඩාවට පත් කිරීමෙන් අත්සන් ලබාගත් කුමක් හෝ ලියවිල්ලකට අදාලව ඔහුගේ අනාගත ඉරණම තීරණය කෙරෙණු ඇත. ඕනෑම ගොරකාවක් දඩමස් කළ හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම් නීතිය යටතේ හුදෙක් දෙමළෙකු වීම සහ එදිනෙදා කුලී වැඩ කරනා කම්කරුවෙකු ලෙස දුප්පතෙකු වීමේ " වරදට " ඔහුට ඔහු දඬුවම් විඳිනු ඇත. දකුණේ සමාජය කැළඹ වූ සිදුවීමක් වූ කදිරගාමර් ඝාතනයට අදාලව නිසි සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වූ පොලීසිය ගොඩ යන්නේ අහක සිටියකු ඊට පටලමිනි.

මෙහි දෙවැනි පෙළ වන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ඉල්ලීමට එරෙහිව ජාතිවාදීන් විසින් ගොඩ නඟනා ' දරුණු කොටි සාමාජිකයින් නිදහස් ව ගොස් නැවත ත්‍රස්තවාදී සංවිධානයක් අටවනු ඇතැයි' යන හුඹස් බියට මෙවන් කිසිවක් නොදත් සිරකරුවන් ද ඇතුළත් වීමයි. ජාතිවාදී නොවන හදවතකට තට්ටු කර අසන්න, " මෙවන් මහළු දෑස් හරිහැටි නොපෙනෙනා දුගී දුප්පත් මිනිසෙකුව නිදහස් කිරීමෙන් යළි කොටි සංවිධානයක් බිහිවෙනු ඇතිද ? එසේ නොමැතිව ඔහුව නිදහස් කිරීම ජාතික සංහිඳියාව දෙසට වන පාලමක් නොවනු ඇතිද ?"

- රුවන් නෙලූ

[QUOTE="නෝටි බබා, post: 24609037, member: 511910"] [b]කදිරගාමර් ඝාතනය, පොලීසිය සහ ඝාතකයා[/b] [SIZE="4"][COLOR="Blue"]හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන 2005 වසරේ පටන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මුත්තයියා සහාදේවන් නම් සැකකරු පසුගිය ජුනි 22 වනදා සිය සිරගත ජීවිතය අවසන් කරමින් අවසන් හුස්ම හෙළා ඇති බවත් ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් නඩු කටයුත්ත අවසන් කළ බවත් දැනගැනීමට ලැබිණි. එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ අසරණ දුගී මිනිසෙකු වූ ඔහු කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ එකී ඝාතනයට මසකට පමණ පෙර කදිරගාමර් මහතාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක බැල්කනියක් අසල තිබුණු අත්තක් කපා දැමීම නිසාය. කදිරගාමර් මහතා ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එකී බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් බවට කියවුණු නිසාවෙන් එම අත්ත කැපූ සහාදේවන්ට වසර 14කට ආසන්න කාලයක් සිරගතව සිට සිරකරුවකු ලෙසම මිය යන්නට සිදුවුවත් අදාළ නිවසේ හිමිකරු අත් අඩංගුවට පත් වන්නේවත් නැත. ඒ නිවෙස් හිමියා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුත්‍රයකු බව කියැවුණු ධනවතෙකු නිසාය. ජලය බැස යන්නේ පහත් තැනින් පමණය. මා ඔහු පිළිබඳ සත්‍ය කතාව ලියනා කාලය වනවිටත් ඔහු දැඩි ලෙස දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින්, නිසි ප්‍රතිකාරයක් ද නොමැතිව දෑස් පෙනීම ද දුර්වල වෙමින් සිටියේය. අවසානයේ දියවැඩියාව විසින් ඔහුගේ වකුගඩුත් බිලිගෙන ඔහුගේ සිර දඬුවම අවසන් නින්ද දක්වාම රැගෙන ගොස් තිබේ. හරිහැටි වචනයට ගලපාගත නොහැකි, ඇඟ මස් කකාරවන දැඩි වේදනාවකින් පෙළෙමින් මීට වසර තුන හමාරකට පෙර සහාදේවන්ගේ කතාව මා ලියූ පරිද්දෙන් නැවත පළ කරමි. සාධාරණ නීතියක් නැති රටක, පොලිසියට වුවමනා ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන රටක, යුක්තියට ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටන රටක කාගේවත් අවධානයක් නොලැබම මියගිය ඒ අසරණ මිනිසාගේ කතාවත් කියවා බලා මර්ධන යාන්ත්‍රණය තව තවත් ශක්තිමත් කෙරෙන ප්‍රතිසංස්කරණ ගැන ඔබේ මතය කුමක්දැයි යළි සලකා බලන්න. ඒ මහළු මිනිසා වෙනුවෙන් මට කළ හැක්කේ මේ ආයාචනය පමණි. මාධ්‍ය හිතවතුනි, කරුණාකර ඒ අසරණ මිනිසාට කොටියෙකැයි නොකියන්න. සිංහල තබා දෙමළවත් ලියන්නට කියවන්නට නොදත් අසරණ මහළු මිනිසෙකුට දත් කැඩෙන්නට පහරදී අත්සන් ලබාගත් ඊනියා පාපොච්ඡාරණ ලියැවිල්ලක් පෙන්වමින් ඔහුව එල්ටීටීඊ සාමාජිකයකු ලෙස හංවඩු ගැසුවා විනා, කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සැබෑ ඝාතකයින් කිසිවකුත් අල්ලා ගැනීමට නොහැකිවූ පොලිසියේ නොහැකියාව වසා ගන්නට බිලි පූජාවක් ලෙසින් ඔහුව වධයට පත් කර, හුදෙකලා කර, අසනීපයට නිසි ප්‍රතිකාර නොමැතිව මරණය කරා තල්ලු කළා විනා ඔහු කිසිදිනෙක එල්ටීටීඊ සාමාජිකයකුව සිටියේ නැත. පාපොච්චාරණය 02 - කදිරගාමර්ගේ අත්ත කපා හිරබත් කන සහාදේවන් "නොකරපු වරදකට මට තඩිබෑවේ, මං ඒක උසාවියෙදිත් කිව්වා" පහරකෑමෙන් ඉදිරි දත් හතරක් හැළී ගිය සහ ඉතිරි දත් ඇදවී ගිය මුවින් ඔහු සෝ බරව පවසන වදන් ය. දස වසරක බන්ධනාගාර දිවිය සමාජීය වශයෙන් ඔහුගේ සහ ඔහුගේ පවුලේ උදවියගේ ජීවිත අඳුරට ඇද දමද්දී නිසි ප්‍රතිකාර නොලද දියවැඩියා රෝගය ඔහුගේ දෑස ද බිලිගනිමින් අඳුරු කරමින් සිටී. මේ, තවමත් නොවිසඳුණු දේශපාලන සිරකරුවන්ගේ ගැටළුවෙහි ගොදුරක් වූ ඔහුගේ කඳුළු කතාවයි. ඔහු මුත්තයියා සහාදේවන් ය. 58 හැවිරිදි ඔහු කොළඹ කිරුළපන පොල්හේන්ගොඩ පදිංචිව සිටියෙකි. ධනලක්ෂ්මී සහාදේවන් නම් ඔහුගේ බිරිඳ 57 හැවිරිදිය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා ද විවාහකයින් ය. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිටි අතර ඒ අහල පහල නිවෙස්වලද වැඩ පළ තිබූ විටෙක ඒවාද කරකියා දුන්නේ ය. සිදුවීම ඇරඹෙන්නේ 2005.08.13 වන දිනය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයෙන් (CCD) අත්අඩංගුවට පත්වන ඔහු රැගෙන යන්නේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවෙසක් කරා ය. එහිදී එම නිවසේ බැල්කනිය අසළ තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කෙරේ. ඔහු විසින් එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක කපන ලද බව පිළිගත් අතර ඒවා කපන්නට යෙදුණේ තමන්ගේ ඉල්ලීම මත බව තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පැවසූ බව කියවේ. කෙසේ වෙතත් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සඳහා වෙඩි තැබුණේ මෙකී නිවසේ බැල්කනියට ආසන්න කවුළුවක් තුළින් බවට කියැවුණු හෙයින් සහාදේවන් අත් අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ටාශයට රැගෙන යනු ලැබේ. සහාදේවන් පවසනා ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කළ කුලී වැඩ අතර මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම ඔහු අතින් කෙරුණකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. එමෙන් ම මෙම තලේසිංහම් නමැත්තා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුතෙකු බවද කියවෙන අතර ඔහු මේ සිද්ධියට අදාලව අත් අඩංගුවට පත් වන්නේද නැත. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ටාශයට ගෙනයනු ලදුව ඔහුව ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ ම " ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව්කරේ තමුසෙද ?" යනුවෙන් නැඟෙන පැණයක් සමඟ ම මුහුණට එල්ල කෙරෙන දරුණු පා පහරකිනි. මා මුලින් සඳහන් කළ පරිදි ඔහුගේ ඉදිරි දත් හතරක් අහිමි කෙරෙමින් ඉතිරි දත් ඇද කෙරෙන්නේ මේ පා පහරිනි. CCDයේ මාස තුනක් රඳවා තැබෙන ඔහු 2005.11.16 වන දින රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබේ. ඉන් පසුව 2008 වසරේ දී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම චෝදනා යටතේ ය. මෙම නඩුවෙහි චූදිතයින් අතර එල් ටී ටී ඊ නායක ප්රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකථනයේ තිබූ අංකයක් නිසා අත් අඩංගුවටගත් ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකුද වෙයි. සහාදේවන් පවසනා ආකාරයට මෙකී කොටි නායකයින් සමඟ කුමන්ත්‍රණය කරනු තබා ඔහු එතෙක් කොටි සංවිධානයේ සාමාජිකයකු ඇසින් දැක හඳුනා හෝ නොමැත. සහාදේවන්ට එරෙහිව නඩු පැවරීමට උපයෝගී කරගැනෙන්නේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බව කියැවෙන පාපොච්චාරණ ලියැවිල්ලක් පමණි. නිසි අධ්‍යාපනයක් නොලද බැවින් සිංහල භාෂාව තබා දෙමළ භාෂාවවත් හරිහැටි ලිවීමට කියවීමට නොදන්නා සහාදේවන් එකී පාපොච්චාරණය නම් ලියැවිල්ලේ අඩංගුවූයේ කුමක්දැයි කියා අදටත් හරිහැටි දන්නේ නැත. කදිරගාමර් මහතා ඝාතනය කෙරුණු දවසේ සහාදේවන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි කියමින් ඔහුගේ දියණිය ද CCD යට රැගෙන ගොස් රාත්‍රිය වනතුරා ප්‍රශ්න කිරීමට ලක්කෙරුණු සහ ඔහුගේ බිරිඳගේ සොයුරාද රැගෙන ගොස් ප්‍රශ්න කෙරුණු වටපිටාවක 'නිදහස් කිරීම' සඳහා යැයි පවසමින් ඉදිරිපත් කෙරුණු ඕනෑම ලියවිල්ලකට ඔහු අත්සන් තැබීමද අරුමයක් නොවේ. කෙසේ වෙතත් කොළඹ මහාධිකරණය විසින් මෙම පාපොච්චාරණ ලියවිල්ල සහාදේවන් ස්වේච්ඡාවෙන් ලබාදුන්නක් බවට පිළිගෙන ඇති අතර බාබුගේ සාක්ෂි රැගෙන අවසන් කෙරුණු පසුව ඔහුට දඬුවම් නියම කෙරෙණු ඇත. එනම් තමුන් හාංකවිසියක් හෝ නොදත් සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට වසර දහයක් අත් අඩංගුවේ පසු වූ ඔහුට නැවත එකී චෝදනාවන්ට අදාලව සිර දඬුවම් නියම කිරීමට ද නියමිතව ඇත. දරුණු ලෙස පහර දීමෙන් සහ මානසිකව පීඩාවට පත් කිරීමෙන් අත්සන් ලබාගත් කුමක් හෝ ලියවිල්ලකට අදාලව ඔහුගේ අනාගත ඉරණම තීරණය කෙරෙණු ඇත. ඕනෑම ගොරකාවක් දඩමස් කළ හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම් නීතිය යටතේ හුදෙක් දෙමළෙකු වීම සහ එදිනෙදා කුලී වැඩ කරනා කම්කරුවෙකු ලෙස දුප්පතෙකු වීමේ " වරදට " ඔහුට ඔහු දඬුවම් විඳිනු ඇත. දකුණේ සමාජය කැළඹ වූ සිදුවීමක් වූ කදිරගාමර් ඝාතනයට අදාලව නිසි සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වූ පොලීසිය ගොඩ යන්නේ අහක සිටියකු ඊට පටලමිනි. මෙහි දෙවැනි පෙළ වන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ඉල්ලීමට එරෙහිව ජාතිවාදීන් විසින් ගොඩ නඟනා ' දරුණු කොටි සාමාජිකයින් නිදහස් ව ගොස් නැවත ත්‍රස්තවාදී සංවිධානයක් අටවනු ඇතැයි' යන හුඹස් බියට මෙවන් කිසිවක් නොදත් සිරකරුවන් ද ඇතුළත් වීමයි. ජාතිවාදී නොවන හදවතකට තට්ටු කර අසන්න, " මෙවන් මහළු දෑස් හරිහැටි නොපෙනෙනා දුගී දුප්පත් මිනිසෙකුව නිදහස් කිරීමෙන් යළි කොටි සංවිධානයක් බිහිවෙනු ඇතිද ? එසේ නොමැතිව ඔහුව නිදහස් කිරීම ජාතික සංහිඳියාව දෙසට වන පාලමක් නොවනු ඇතිද ?" - රුවන් නෙලූ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom