කන්න නැත්නම් රනිල්ට කියන්න.. 0114354647, 0114354354

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ සමාජ මධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

    ඒ අනුව මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දිවුලපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ කෝංගොඩමුල්ල ශාන්ත අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය හා එම සිදුවීමට අදාළ සිසුවිය ජීවත්වන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී හා සංවර්ධන නිලධාරී යන සියලු නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට කරුණු තහවුරු විය.

    කෙසේ වෙතත් රටේ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටේ ඕනෑම තැනක යම් දරුවෙක්, පුද්ගලයෙක් හෝ පවුලක් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාවට නංවා තිබේ.

    ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙන අතර 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකිය.

    සාමාජිකයන් 05 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙලෙන අය සිටින පවුල්, අවුරුදු 05ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල්, ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්ණායක ලෙස හඳුනාගෙන තිබේ.

    මෙවැනි පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ මාසිකව රුපියල් 15,000 ක් ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට හැකියාව ඇත. එහිදී මුල් මාස 03 සඳහා මුදල් ලබාදෙන අතර තවත් මාස 06 ක් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

    මීට අමතරව අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සඳහා රජයෙන් මාසිකව රු. 10,000ක්, මාස 06ක් දක්වා ලබාදීමට කටයුතු සකස් කර තිබේ.

    මෙම කිසිවකට ඇතුළත් නොවුණ, මේ අවස්ථාවේ ආහාර නොමැතිකමින් පීඩා විඳින පවුල් සිටී නම් ඒ අය සඳහා ද කෙටිකාලීනව ආහාර ලබාදීමේ හැකියාවක් පවතින අතර ඔවුන් ඒ වෙනුවෙන් ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හරහා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකය වෙත ඉල්ලීමක් කළ යුතුවේ.

    ඊට අමතරව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සිටින පවුල් සිටී නම්, එවැනි පවුල් සඳහා රජයෙන් ක්‍රියාත්මක කෙරෙන මාපිය කැපකරු ක්‍රමය වැනි වැඩසටහන් ඔස්සේ අධ්‍යයනයන් සිදු කොට ආහාර ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

    එමෙන්ම ආහාර නොමැති කමින් පෙළෙන පවුල් පිළිබඳව තොරතුරු පාසල් ගුරුවරුන්ටද මැදිහත් වී අදාළ අංශ වෙත යොමු කළ හැකි අතර එවැනි පවුල් සඳහා ආධාර උපකාර කිරීමට කැමති හා හැකියාවක් සහිත අයට ද මේ සඳහා සම්බන්ධ වී කටයුතු කිරීමේ අවස්ථාව පවතී.

    ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ සමග සම්බන්ධ වී මෙම වැඩසටහන් ක්‍රියාත්මත කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ අවස්ථාව ද තිබේ.


    – ජනාධිපති මාධ්‍ය අංශය
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    api-thamai-hodatama-kare-godatabaya.gif


    කාබනික රාජපක්ස කම්බා හොරුන්ගේ බෙට්ට දිවෙන් අරන් කුලීකොමෙන්ට් ලියන @nicjosh83 , @erozan , @2osama ,@N A K A M U R A , @elajani , @weer 11 , @ESL ... නූගත් අඩුකුලේ තැරි දාර වේස බයි වහලුනි. මෙන්න රාජපක්කු වැඩපෙන්නලා.