මේ කෙ ඇත්තටම ගත යුත්තක් තියෙනව, අපිත් කන්සල්ටන්සි කරන නිසාම නෙමෙයි, ලංකාවෙ උන් මාර බයයි පිට එක්ස්පර්ට් ඔපීනියන් ගන්න, ඒත් බර දෙක තුනක් ඔලුවට ගන්න ගියාම තමන් ඇත්තටම කරන වැඩේ හරියට බැරි වෙනවා.. අපේ අයගෙ මුලින්ම එන්නෙ සැකේ, මගේ රහස් දැනගෙන අනිත් එකා වෙන එකක් දායිද වගේ. හරි නීතිමය රාමුවක් ඇතුලත කන්සල්ටන්සි එකක් ගන්නව නම් කන්සල්ට් කරන කෙනා බැඳිල ඉන්නව කස්ටමර්ට පාඩු නොකරන්නත්, ලාභ ගේන්නත්. ලංකාවෙ පිට අය එක්පර්ට් ඔපීනියන් ගන්න, ඒවට වියදම් කරන්න වැඩිය ඇඹරෙන්නෙ නෑ. මොකද ඒකෙන් ඇඩ් වෙන වැලිව් එක එක්ක බැලුවාම ගෙවන ගාණ බොහොම සුළු මුදලක් වෙන්න පුළුවන්. හැමදේම තනියම කරගන්න යන්න එපා. මේ දියුණුවෙන ලෝකෙ Jack of All Trades ලට අප්ඩේට් වෙවී ඉස්සරහට යන්න හරි අමාරුයි. තමන්ට හොඳටම පුළුවන් දේ හොඳටම කරලා ඉතිරි ටික අන් අයට බාර දුන්නම පට්ට කොලිටයක් සහ නිදහසක් දෙකම ලැබෙනව