කපුටාගේ ප්‍රාර්ථනය
එක්තරා භික්ෂුවක් දුර බැහැරක වඩිමින් සිටින අවස්ථාවක දැනුන මහන්සිය නිවා ගැනීම සඳහා ගසක් මුල සෙවනේ අසුන් ගත්තා. උන්වහන්සේ මහන්සි නිවා ගනිමින් සිටියදී කවුරුන් හෝ අඬනවා ඇහෙනවා. ඉතින් සොයා බලද්දි දැක ගත්තා මේ අඬන්නෙ උන්වහන්සේ සෙවන සොයා ගත්ත ගසේ වහලා ඉන්න කපුටෙක් බව. මේ භික්ෂුව කපුටා ගැන අනුකම්පාවෙන් කපුටා ට කතා කලා.
මිත්‍රයා. ඇයි මේ අඬන්නෙ?
කපුටා කාරුණිකව කතා කරන භික්ෂුව දැක්කා. දැකලා උත්තර දුන්නා.
මන් අඬන හේතුව ගැන කතා කරලා වැඩක් නෑ.
එහෙම නෙමෙයි. මට කියන්න සමහර විට මට පුළුවන් වේවි ඔබට උදව් කරන්න.
කපුටයි භික්ෂුවයි අතරෙ සංවාදයක් ඇති වුනා.
මට කපුටෙක් වෙලා ඉඳලා ඇති වෙලා තියෙන්නෙ. බලන්න මගෙ කැත. මන් මිනිස්සු ඉන්න තැනකට ගියොත් මිනිස්සු මාව ෂූ ෂූ ගාලා පන්නනවා. කවුරුවත් මට කැමැති නෑ. මට වෙනස් වෙන්න ඕනා.
කපුටා කිව්වා.
ම් ම්. ඉතින් ඕකට අඬලා වැඩක් තියෙනවායැ. මේ මන් ඉන්නෙ ඔයාට උදව් කරන්න. මන් ලඟ තියෙනවා මන්ත්‍රයක්. ඒකෙන් පුළුවන් වෙනස් වෙන්න.
භික්ෂුව කපුටාට බලාපොරොත්තුවක් දුන්නා. කපුටාට හරිම සතුටුයි. කපුටා භික්ෂුව ලඟට ආවා.
අනේ මට ඒ මන්ත්‍රය දෙන්න. මට වෙනස් වෙන්න ඕනා.
හරි හරි. ඔයාට කවුරු වෙන්නද ඕනා?
මට හංසයා වගේ වෙන්නයි ඕනා.
හරි මන් ඔයාව හංසයෙක් කරන්නම්. හැබැයි එක කොන්දේසියක් තියෙනවා.
ඒ මොකක් ද?
ඔයා හංසයාගෙන් මුලින්ම අහලා බලන්න හංසයා ඉන්නෙ සතුටින් ද කියලා. හංසයා ඉන්නෙ සතුටින් නම් මන් ඔයාව හංසයෙක් කරන්නම්.
භික්ෂුවගෙ කතාව අහපු කපුටා ඉක්මණින්ම හංසයා හොයාගෙන ගියා. ඒ යනකොට හංසයා ජලාශයක පීන පීන ඉන්නවා.
යාළුවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙන් අහන්න.
අහන්න කපුටො.
ඔයා ඔයා ගැන සතුටින් ද ඉන්නෙ?
මන් සතුටින් ද ඉන්නෙ? අනේ කපුටො. ඔයාට කිව්වට මොකද මට මාව එපා වෙලා තියෙන්නෙ. මෙහෙම වතුරෙ ඉද්දි මට මාව නිතරම පේනවා. බලන්න මගෙ හැටි. තනිකර සුදු පාටයි. මට මාව පේද්දි හරිම අප්පිරියයි.
ඈ.. කපුටා කල්පනා කලා මේ මොකක්ද මේ වුනේ කියලා. කපුටා හිතන් උන්නෙ හංසයා තමයි සතුටින් ඉන්නෙ කියලා. ඒත් බැලුවම හංසයා සතුටින් නෙමෙයි ඉන්නෙ.
හංසයො. ඔයාට හිතෙන විදියට සතුටින් ම ඉන්න කෙනා කව්ද?
ම් ම්. අර සත්තු වත්තෙ ඉන්න මොණරා ඉන්නවා නේද මන් හිතන්නෙ ඌ තමයි සතුටින් ම ඉන්නෙ. බලන්නකො මොණරගෙ පිහාටුවල ලස්සන…
ඒක ඇහුවම කපුටා එතැනින් පියඹලා ගියා මොණරා ඉන්න තැනට. ඒ යනකොටත් මොණරා පිල් විදහගෙන ඉන්නවා.
අනේ මොණරො. මට ප්‍රශ්නයක් තියෙනවා. උත්තරයක් දෙන්න.
අහන්න කපුටො.
ඔයා සතුටින් ද ඉන්නෙ?
පිස්සු ද කපුටො. මේ සත්තු වත්තක හිර වෙලා ඉන්න මට මොන සතුටක් ද? සමහර වෙලාවට මන් බලාගෙන ඉන්නවා ඔයා මෙතනින් පියඹන් යනවා. ඒ වෙලාවට මට හරිම දුකයි. ඇයි මන් හිර වෙලා ඉන්නෙ කියලා. ඔයාට කියන්න සමහර වෙලාවට මෙතනට එන ලමයි එහෙම මගෙ පිල් ගලෝනවා. ඒ වෙලාවට මට රිදෙනවා. මන් කිසිම සතුටකින් නෙමෙයි ඉන්නෙ.
අප්පා. එතකොට මොණරො. ඔයා හිතන විදියට සතුටින් ඉන්න සතා මොකා වෙන්නැති ද?
ඇයි කපුටො ඕක මගෙන් අහන්නෙ. මන් නම් හිතන්නෙ සතුටින් ම ඉන්න සතා ඔයා කියලා. බලන්නකො හිතෙන තැනකට පියඹනවා. කවුරුවත් අල්ලන්න හදන්නෙ නෑ. ඕන දෙයක් කනවා බොනවා. සතුටින් ඉන්න තව මොනාද ඕනා.
ම් ම්..
කපුටා ඉගිලිලා ආපහු භික්ෂුව ලඟටම ආවා.
ඉතින් කපුටො. හංසයා මොකද කිව්වෙ?
ඒවායින් වැඩක් නෑ අපේ හාමුදුරුවනේ. මට මේ ඉන්න විදිය හොඳයි. මන් මෙහෙම ම ඉන්නවා. මට වෙනස් වෙන්න ඕන නෑ.
භික්ෂුව කපුටා දිහා හිනා වෙලා බලන් උන්නා මිසක් මුකුත් කිව්වෙ නෑ. මොකද වෙන්නෙ මොකක් ද කියලා භික්ෂුව කලින් ම දැනන් උන්න නිසා.
කාලා බීලා අතක් පයක් නොකැඩි ඉන්නකන් අපිට හිතෙන්නෙ ලෝකෙ අනිත් මිනිස්සු තමයි සතුටින් ඉන්නෙ කියලා. ඒ නිසා අපි කරන්නෙ ඒ මිනිස්සු එක්ක අපිව ගලප ගලප හූල්ල හූල්ල ඉන්න එක. අපේ වටිනාකම අපිට තේරෙන්නෙ නෑ. සමහරුන්ට මැරෙනකම්ම තමුන්ගෙ වටිනාකම තේරෙන්නෙ නෑ.