Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කමල් ගුනරත්නගේ මහින්ද චින්තනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මේ කියන්නේ නැවතත් යුද්ධයක සේයාවක් ගැනද?

මේ මම කිව්ව ප්රශ්නය හරියට කළමනාකරණය නොකළොත් ආයෙත් මේ රට අසූව දශකයේ මුල සිදුවූ සිදුවීම්වලට යනවා. අපි අමතක කරන්න හොඳ නෑ, දොළොස්දහස් දෙසීයක් පුනරුත්ථාපනය වෙච්ච ත්රස්තවාදීන් අද සිවිල් සමාජයේ ජීවත්වෙනවා. මම දන්නේ නැහැ ඒ පුනරුත්ථාපනය කොච්චර දුරට සාර්ථකද කියලා. ඔයින් 500ක් හරි අවිආයුධ අතට ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

එහෙම වුණොත්?

මෙහෙම දේකට සූදානමක් හරි තියෙනවා නම් ඒක මුලින්ම දැනගන්න තිබුණ එකම මාර්ගය තමයි හමුදා බුද්ධි සේවය. ඒත් දැන් බුද්ධි අංශ සාමාජිකයාගේ බිරින්දෑවරු පන්සල් කෝවිල්වල යදිමින් ඉන්නවා. ඒක හරිද?’

මේ ප්‍රශ්න හා උත්තරවලින් පෙනෙන්නේ, මේ විශ්‍රාමලත් හමුදා නිලධාරියා මහින්ද චින්තනය අනුවම යමින් රට තුළ අවුලක් නිර්මාණය කරන්නට හදන ආකාරයයි. යාපනය සරසවි ප්රශ්නය උඩරට නැටුම්වලට විරුද්ධවීමක් තරම් සරල දෙයක් නොවන බව දන්නෝ දනිති. මොරගහකන්දේ අයිතිය ඉල්ලීමත්, මැලේසියාවේ තානාපතිට ගැසීමත් මේ හිටපු හමුදා නිලධාරියා දකින්නේ යුද්ධයට නැවතත් පාර කැපීමක් හැටියටය. මේ එකිනෙක සිදුවීම්වල පැතිමානයන් වෙනස් බවත්, ඒවා ඇමතිය යුත්තේ එකිනෙකට වෙනස් ආකාරයට බවත් අලුතෙන් කිවයුතු නැත. එහෙත් කමල් ගුණරත්න මේවා දකින්නේ ආයෙත් යුද්ධයක සේයාවක් හැටියට ඉතාම පැතලිවය. එක පැත්තකින් ඔහු ඇත්තක් පිළිගනියි. ඒ, ඔහු කියන පරිදි වීරෝදාර හමුදාව යුද්ධය අවසන් කළත් ‘ප්රශ්නය’ අවසන්වී නැති බවය. ප්රශ්නය අවසන් කිරීම සඳහා දේශපාලන තීන්දු තීරණ ගැනීම අවශ්‍ය වෙයි. එය හමුදාවට හෝ හමුදා නිලධාරීන්ට හෝ අයිති වැඩක් නොවේ. දේශපාලන නායකයන්ට අයිති වැඩකි.

සංහිඳියාව ගැන කමල් ගුණරත්න කෙතරම් නොදියුණු ලෙස හිතන්නේද යන්න ඔහුගේ අදහස්වලින් හොඳින්ම පැහැදිලි වෙයි. ‘අපි සංහිඳියාව ගැන කතාකරද්දී ඔවුන් අයිතිවාසිකම් ගැන කෑගහනවා’ ඔහු කියයි. සංහිඳියාව කියන්නේ එරමිණිය ගොතාගෙන කරන භාවනාවක් නොවේ. ඒ සඳහා විරසක වී සිටි පාර්ශ්ව අතර අවබෝධය සහයෝගය වැඩිය යුතුය. ඒ පාර්ශ්වයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට සහනයක් ලැබිය යුතුය. ලංකාවේ යුද්ධය දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන ඉල්ලීම්වලට පිළිතුරු නොලැබීම නිසා හටගත් ප්රතිඵලයකි. ඉඩම් බලතල, පොලිස් බලතල, නීති හදන්න බලය වගේ දේවල් ගැන කතාකිරීම සහගහන අපරාධ නොවේ. දෙමළ මිනිසුන්ගේ සාධාරණ ඉල්ලීම්ය. මේ සාධාරණ ඉල්ලීම් බිල්ලන්, කුමන්ත්‍රණ ලෙස නම්කොට ප්රශ්නය කුණුකිරීම මහින්ද චින්තනයයි. කමල් ගුණරත්න සිතන බව පෙනෙන්නේද ඒ චින්තනයටම අනුවය.

කමල් ගුණරත්න වැනි අය දැනගෙන සිටියේ රාජපක්ෂ ආණ්ඩුව කියන විදියට යුද්ධ කරන්නටය. ඒ යුද්ධයෙන් දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් නැති වග තේරුම් ගන්නට ඔහුගේ හමුදා මානසිකත්වය තුළ ඉඩක් නැත.

මේ ප්‍රශ්න කළමනාකරණය කරන්නට තවමත් ඔහු හිතන්නේ මිලිටරිමය ක්‍රමයකින් බව පෙනේ. ‘පුනරුත්ථාපනය වෙච්ච 12000ක් ඉන්නවා. එයින් 500ක් ආයුධ ගත්තොත්..’ යන බිය ඔහු ඇතිකරන්නේ හිතාමතාමය. එක පැත්තකින් තමාත් සේවයේ හිටි කාලයේ රාජපක්ෂ ආණ්ඩුව කළ පුනරුත්ථාපනය කෙතරම් පලදායකද යන්නත් කමල් ගුණරත්න ප්‍රශ්න කරයි. සමහර විට ඔහුගේ අදහස, ඒ 12,000 නැවතත් සමාජයට නොඑවිය යුතුව තිබුණා යන්නද විය හැකිය. එහෙත්, ආයෙත් යුද්ධයක් ඇතිවේයැ’යි ඔහු සමාජයේ ඇතිකරන බිය ඊට වඩා භයානකය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය කරන්නේද ඒ බිය සමාජය තුළ වැපිරීමය. නැවතත් දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීමට ඉඩක් ඇති බව පැහැදිලිය. ඒ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නොදී සිටියොතිනි. ඒ නිසා යුද්ධයේ හේතු සොයාගොස් ඒවා සිඳලීම අත්‍යවශ්‍යය. සංහිඳියාව යනු ඒ ක්‍රියාවලියේ එක් පෙරමුණකි.

රණවිරුවන්ගේ නාම යෙන් කරන හැම දෙයක්ම වැසැංගිය යුතු බව කමල් ගුණරත්න හිතන බවද පෙනෙයි. ‘තව කැරැල්ලක් එනවාද කියා හොයාගන්නේ බුද්ධි අංශයයි. දැන් බුද්ධි අංශයේ සාමාජිකයන්ගේ බිරින්දන් පන්සල් කෝවිල්වල යදිනවා.’යි ඔහු කියයි. මේ කියන්නේ කුමක්දැ’යි පැහැදිලිය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ගැන අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ නිලධාරීන් ගැනය. ඔවුන් රිමාන්ඞ් වී සිටින්නේ යුද්ධ කළ නිසා නොවේ. කාගේ හෝ ඉහළ අණකට අනුව, යුද්ධයට පිටින් ගොස් අහිංසක මිනිසකු පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙනගොස් අතුරුදන් කිරීම නිසාය. ප්‍රගීත් සමඟ පෞද්ගලික ආරාවුලක් ඒ කිසිම හමුදා බුද්ධි නිලධාරියකුට නැති බව පැහැදිලිය. එහෙත්, ඔවුන් කිසිවකුගේ හෝ අණකට එය සිදුකර තිබේ. ඒ නිලධාරීන්ගේ බිරින්දන් පන්සල් දේවාලවල යද්දී ප්රගීත්ගේ බිරිඳද නොයන පන්සලක් කෝවිලක් පල්ලියක් නැත. ඒ අතුරුදන් කළ තමාගේ සැමියා හොයාගන්නටය. එතකොට බර වැඩි කාගේ දුකද? හමුදා නිලධාරීන්ගේ බිරින්දන් ගේද? එක්නැලිගොඩ බිරිඳගේද? නැතිනම් ඒ දුක සමානද?

යුද්ධයක් කළ තැනක යුද්ධය මුවාවෙන් වෙනත් අපරාධ සිදුකරන බව ලෝකයේ පිළිගත් තත්ත්වයකි. හමුදා නීතිය හා විනය පද්ධතිය අනුවත් එය වැරදිය. යුද්ධ කරන අතරේ මිනිසුන්ගේ දේපළ මංකොල්ලකෑම, ගැහැනුන් දූෂණය කිරීම අපරාධ වන්නේ එහෙයිනි. කිසිම යුද්ධයකදී කිසිම පුද්ගලයකු අතුරුදන් කිරීමද කළ නොහැකිය.

ඉහළ හමුදා නිලධාරියකු හැටියට එවැනි අපරාධයක් කමල් ගුණරත්න අනුමත කරන්නේද?

අනෙක් අතට, හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රිමාන්ඞ් වී සිටීම හා හමුදා නිලධාරීන් දංගෙඩියට යැවීම ගැන විවේචනය කරන කමල් ගුණරත්න, කිසිම අවස්ථාවකදී ප්‍රශ්න නොකළ දෙයක්ද තිබේ. ඒ යුද්ධය ජයගත් වීරයන් තුන්දෙනා අතරට තමා නම් කළ සරත් ෆොන්සේකා, යුද්ධය අවසන් වී මාස ගණනක් ඇතුළත් තිරිසන් ලෙස අත්අඩංගුවට ගෙන හිරේ දැම්මේ ඇයිද යන ප්රශ්නයයි. බුද්ධි නිලධාරීන් මිනිසකු අතුරුදන් කිරීමේ අපරාධයට රිමාන්ඞ් වන විට සරත් ෆොන්සේකා හිරේදැම්මේ දේශපාලනය කළ වරදටය. කමල් ගුණරත්න හමුදාවේ ගෞරවය ඇත්තටම රකින විශිෂ්ට හමුදා නිලධාරියකු නම් ඔහු මුලින්ම ඇසිය යුතු ප්රශ්නය එයයි. අවශ්‍ය නම් ඒ ප්රශ්නය තමාගේ පොත පිළිගන්වන විට වේදිකාවේදීම මහින්ද රාජපක්ෂගෙන් හෝ ගෝඨාභය රාජපක්ෂගෙන් අහන්නට කමල් ගුණරත්නට හැකියාව තිබිණි. එවැන්නක් නොඇසීමෙන් පෙනෙන්නේ ඔහුගේ චින්තන රටාවයි. ඒ මහින්ද චින්තන රටාවයි.

ඒ නිසා, මාධ්‍ය මගින් කමල් ගුණරත්න අපේ කාලයේ යුද වීරයකු හැටියට ඔසොවා තබන්නට හැදුවාට ඔහුත් රාජපක්ෂ නරාවලේම සාමාජිකයකු හැටියට අපට පෙනෙන බව කිවයුතුය.

[QUOTE="amasin, post: 20695914, member: 438906"] [SIZE="5"]ඔබ මේ කියන්නේ නැවතත් යුද්ධයක සේයාවක් ගැනද? මේ මම කිව්ව ප්රශ්නය හරියට කළමනාකරණය නොකළොත් ආයෙත් මේ රට අසූව දශකයේ මුල සිදුවූ සිදුවීම්වලට යනවා. අපි අමතක කරන්න හොඳ නෑ, දොළොස්දහස් දෙසීයක් පුනරුත්ථාපනය වෙච්ච ත්රස්තවාදීන් අද සිවිල් සමාජයේ ජීවත්වෙනවා. මම දන්නේ නැහැ ඒ පුනරුත්ථාපනය කොච්චර දුරට සාර්ථකද කියලා. ඔයින් 500ක් හරි අවිආයුධ අතට ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත්? මෙහෙම දේකට සූදානමක් හරි තියෙනවා නම් ඒක මුලින්ම දැනගන්න තිබුණ එකම මාර්ගය තමයි හමුදා බුද්ධි සේවය. ඒත් දැන් බුද්ධි අංශ සාමාජිකයාගේ බිරින්දෑවරු පන්සල් කෝවිල්වල යදිමින් ඉන්නවා. ඒක හරිද?’ මේ ප්‍රශ්න හා උත්තරවලින් පෙනෙන්නේ, මේ විශ්‍රාමලත් හමුදා නිලධාරියා මහින්ද චින්තනය අනුවම යමින් රට තුළ අවුලක් නිර්මාණය කරන්නට හදන ආකාරයයි. යාපනය සරසවි ප්රශ්නය උඩරට නැටුම්වලට විරුද්ධවීමක් තරම් සරල දෙයක් නොවන බව දන්නෝ දනිති. මොරගහකන්දේ අයිතිය ඉල්ලීමත්, මැලේසියාවේ තානාපතිට ගැසීමත් මේ හිටපු හමුදා නිලධාරියා දකින්නේ යුද්ධයට නැවතත් පාර කැපීමක් හැටියටය. මේ එකිනෙක සිදුවීම්වල පැතිමානයන් වෙනස් බවත්, ඒවා ඇමතිය යුත්තේ එකිනෙකට වෙනස් ආකාරයට බවත් අලුතෙන් කිවයුතු නැත. එහෙත් කමල් ගුණරත්න මේවා දකින්නේ ආයෙත් යුද්ධයක සේයාවක් හැටියට ඉතාම පැතලිවය. එක පැත්තකින් ඔහු ඇත්තක් පිළිගනියි. ඒ, ඔහු කියන පරිදි වීරෝදාර හමුදාව යුද්ධය අවසන් කළත් ‘ප්රශ්නය’ අවසන්වී නැති බවය. ප්රශ්නය අවසන් කිරීම සඳහා දේශපාලන තීන්දු තීරණ ගැනීම අවශ්‍ය වෙයි. එය හමුදාවට හෝ හමුදා නිලධාරීන්ට හෝ අයිති වැඩක් නොවේ. දේශපාලන නායකයන්ට අයිති වැඩකි. සංහිඳියාව ගැන කමල් ගුණරත්න කෙතරම් නොදියුණු ලෙස හිතන්නේද යන්න ඔහුගේ අදහස්වලින් හොඳින්ම පැහැදිලි වෙයි. ‘අපි සංහිඳියාව ගැන කතාකරද්දී ඔවුන් අයිතිවාසිකම් ගැන කෑගහනවා’ ඔහු කියයි. සංහිඳියාව කියන්නේ එරමිණිය ගොතාගෙන කරන භාවනාවක් නොවේ. ඒ සඳහා විරසක වී සිටි පාර්ශ්ව අතර අවබෝධය සහයෝගය වැඩිය යුතුය. ඒ පාර්ශ්වයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට සහනයක් ලැබිය යුතුය. ලංකාවේ යුද්ධය දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන ඉල්ලීම්වලට පිළිතුරු නොලැබීම නිසා හටගත් ප්රතිඵලයකි. ඉඩම් බලතල, පොලිස් බලතල, නීති හදන්න බලය වගේ දේවල් ගැන කතාකිරීම සහගහන අපරාධ නොවේ. දෙමළ මිනිසුන්ගේ සාධාරණ ඉල්ලීම්ය. මේ සාධාරණ ඉල්ලීම් බිල්ලන්, කුමන්ත්‍රණ ලෙස නම්කොට ප්රශ්නය කුණුකිරීම මහින්ද චින්තනයයි. කමල් ගුණරත්න සිතන බව පෙනෙන්නේද ඒ චින්තනයටම අනුවය. කමල් ගුණරත්න වැනි අය දැනගෙන සිටියේ රාජපක්ෂ ආණ්ඩුව කියන විදියට යුද්ධ කරන්නටය. ඒ යුද්ධයෙන් දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් නැති වග තේරුම් ගන්නට ඔහුගේ හමුදා මානසිකත්වය තුළ ඉඩක් නැත. මේ ප්‍රශ්න කළමනාකරණය කරන්නට තවමත් ඔහු හිතන්නේ මිලිටරිමය ක්‍රමයකින් බව පෙනේ. ‘පුනරුත්ථාපනය වෙච්ච 12000ක් ඉන්නවා. එයින් 500ක් ආයුධ ගත්තොත්..’ යන බිය ඔහු ඇතිකරන්නේ හිතාමතාමය. එක පැත්තකින් තමාත් සේවයේ හිටි කාලයේ රාජපක්ෂ ආණ්ඩුව කළ පුනරුත්ථාපනය කෙතරම් පලදායකද යන්නත් කමල් ගුණරත්න ප්‍රශ්න කරයි. සමහර විට ඔහුගේ අදහස, ඒ 12,000 නැවතත් සමාජයට නොඑවිය යුතුව තිබුණා යන්නද විය හැකිය. එහෙත්, ආයෙත් යුද්ධයක් ඇතිවේයැ’යි ඔහු සමාජයේ ඇතිකරන බිය ඊට වඩා භයානකය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය කරන්නේද ඒ බිය සමාජය තුළ වැපිරීමය. නැවතත් දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීමට ඉඩක් ඇති බව පැහැදිලිය. ඒ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නොදී සිටියොතිනි. ඒ නිසා යුද්ධයේ හේතු සොයාගොස් ඒවා සිඳලීම අත්‍යවශ්‍යය. සංහිඳියාව යනු ඒ ක්‍රියාවලියේ එක් පෙරමුණකි. රණවිරුවන්ගේ නාම යෙන් කරන හැම දෙයක්ම වැසැංගිය යුතු බව කමල් ගුණරත්න හිතන බවද පෙනෙයි. ‘තව කැරැල්ලක් එනවාද කියා හොයාගන්නේ බුද්ධි අංශයයි. දැන් බුද්ධි අංශයේ සාමාජිකයන්ගේ බිරින්දන් පන්සල් කෝවිල්වල යදිනවා.’යි ඔහු කියයි. මේ කියන්නේ කුමක්දැ’යි පැහැදිලිය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ගැන අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ නිලධාරීන් ගැනය. ඔවුන් රිමාන්ඞ් වී සිටින්නේ යුද්ධ කළ නිසා නොවේ. කාගේ හෝ ඉහළ අණකට අනුව, යුද්ධයට පිටින් ගොස් අහිංසක මිනිසකු පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙනගොස් අතුරුදන් කිරීම නිසාය. ප්‍රගීත් සමඟ පෞද්ගලික ආරාවුලක් ඒ කිසිම හමුදා බුද්ධි නිලධාරියකුට නැති බව පැහැදිලිය. එහෙත්, ඔවුන් කිසිවකුගේ හෝ අණකට එය සිදුකර තිබේ. ඒ නිලධාරීන්ගේ බිරින්දන් පන්සල් දේවාලවල යද්දී ප්රගීත්ගේ බිරිඳද නොයන පන්සලක් කෝවිලක් පල්ලියක් නැත. ඒ අතුරුදන් කළ තමාගේ සැමියා හොයාගන්නටය. එතකොට බර වැඩි කාගේ දුකද? හමුදා නිලධාරීන්ගේ බිරින්දන් ගේද? එක්නැලිගොඩ බිරිඳගේද? නැතිනම් ඒ දුක සමානද? යුද්ධයක් කළ තැනක යුද්ධය මුවාවෙන් වෙනත් අපරාධ සිදුකරන බව ලෝකයේ පිළිගත් තත්ත්වයකි. හමුදා නීතිය හා විනය පද්ධතිය අනුවත් එය වැරදිය. යුද්ධ කරන අතරේ මිනිසුන්ගේ දේපළ මංකොල්ලකෑම, ගැහැනුන් දූෂණය කිරීම අපරාධ වන්නේ එහෙයිනි. කිසිම යුද්ධයකදී කිසිම පුද්ගලයකු අතුරුදන් කිරීමද කළ නොහැකිය. ඉහළ හමුදා නිලධාරියකු හැටියට එවැනි අපරාධයක් කමල් ගුණරත්න අනුමත කරන්නේද? අනෙක් අතට, හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රිමාන්ඞ් වී සිටීම හා හමුදා නිලධාරීන් දංගෙඩියට යැවීම ගැන විවේචනය කරන කමල් ගුණරත්න, කිසිම අවස්ථාවකදී ප්‍රශ්න නොකළ දෙයක්ද තිබේ. ඒ යුද්ධය ජයගත් වීරයන් තුන්දෙනා අතරට තමා නම් කළ සරත් ෆොන්සේකා, යුද්ධය අවසන් වී මාස ගණනක් ඇතුළත් තිරිසන් ලෙස අත්අඩංගුවට ගෙන හිරේ දැම්මේ ඇයිද යන ප්රශ්නයයි. බුද්ධි නිලධාරීන් මිනිසකු අතුරුදන් කිරීමේ අපරාධයට රිමාන්ඞ් වන විට සරත් ෆොන්සේකා හිරේදැම්මේ දේශපාලනය කළ වරදටය. කමල් ගුණරත්න හමුදාවේ ගෞරවය ඇත්තටම රකින විශිෂ්ට හමුදා නිලධාරියකු නම් ඔහු මුලින්ම ඇසිය යුතු ප්රශ්නය එයයි. අවශ්‍ය නම් ඒ ප්රශ්නය තමාගේ පොත පිළිගන්වන විට වේදිකාවේදීම මහින්ද රාජපක්ෂගෙන් හෝ ගෝඨාභය රාජපක්ෂගෙන් අහන්නට කමල් ගුණරත්නට හැකියාව තිබිණි. එවැන්නක් නොඇසීමෙන් පෙනෙන්නේ ඔහුගේ චින්තන රටාවයි. ඒ මහින්ද චින්තන රටාවයි. ඒ නිසා, මාධ්‍ය මගින් කමල් ගුණරත්න අපේ කාලයේ යුද වීරයකු හැටියට ඔසොවා තබන්නට හැදුවාට ඔහුත් රාජපක්ෂ නරාවලේම සාමාජිකයකු හැටියට අපට පෙනෙන බව කිවයුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom