Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කරණීයමෙත්ත සූත්‍රය - පදයෙන් පදය අර්ථය ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරණීයමෙත්ත සූත්‍රය - පදයෙන් පදය අර්ථය ~~~

කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්‍රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්‍ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. ගමට ඉතා ආසන්න නොවී ඉතා දුරින්ද නොපිහිටි වන ලැහැබක් බැවින් භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.

මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ. උන්වහන්සේලාගේ ශරීර සුදුමැලිව බියෙන් තැති ගැණුනහ. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. දිනක් පැන් ගෙන ඒමට දිය කඩිත්තට ගිය අවස්ථාවේ සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ සේම අන්‍ය භික්ෂූන් ද ශරීරයෙන් කෘෂව වැහැරී සිටිනු දැක මෞන වෘතය රැකීම හෙවත් මුවින් ඩචනයක් පිට නොකර සීටීම යන භාවනා වෘතය එතෙකින් නවතා අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසා බැලූහ. “කිමෙක්ද ඇවැත්නි, ඔබ වහන්සේලා ශරීරයෙන් කෘෂව සුදුමැලි බවට පත් වූයේ කිනම් කරැණකින්දැ”යි විමසූහ. එවිට තමන්වහන්සේට සේම සද්ධිවිහාරික අනෙකුත් භික්ෂූන් වහන්සේලාට ද ඇත්තේ අමුනුෂ්‍ය කරදර බව දැන එතැන තමන්ට සුදුසු තැනක් නොවන්නේ යැයි සිතූ උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.

“ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එම සෙනසුන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ.”

“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”

“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”

ඒ අයුධය තමයි කරණීයමෙත්ත සූත්‍රය. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ සේක. මේ උපදෙස් අනුගමනය කළ එම භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගොස් නිතිපතා දෙවිදේවතාවුන්ගේ ද උපකාර ලැබ භාවනා කිරීමෙන් වස්තුන් මස අවසානයේ දී උන්වහන්සේලා පන්සිය නමම අර්හත් ඵල සමාපත්තියට පත්ව උත්තරීතර නිවන් අවබෝධයෙන් සැනසිල්ල උදාකරගත්හ. සාධු! සාධු! සාධු!

මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය. නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය. සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම් මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත. එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය. දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත. ඔබේ සිත ද සැමට සුව සළසන මෛත්‍රී පිණ්ඬයක් වේවා! මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!

කරණීයමත්ථ කුසලෙන (=කරණීය+ අත්ථ) – තමාට අර්ථයක් හෙවත් යහපතක් කරගන්නෙක් විසින්

යං තං සන්තං පදං අභිසමෙච්ච – ඒ ශාන්ත පදය(නිවන) අවබෝධයෙන්

සක්කො – දක්ෂයෙක්

උජු ච – ඍජු/අවංක (වූවෙක්)

සූජු ච – වඩාත් / සිතින් පවා අවංක (වූවෙක්)

සුවචො චස්ස – කීකරු වූවෙක්

මුදු අනතිමානී – මුදු නිහතමානී (වූවෙක් විය යුතුය)

සන්තුස්සකො ච – ලද දෙයින් සතුටු වන

සුභරො ච – පහසුවෙන් රැකිය හැකි

අප්ප කිච්චො ච – අල්ප වූ වැඩ කටයුතු ඇති

සල්ලහුක වුත්ති – ලහුක (සැහැල්ලු) පැවතුම් ඇති

සන්තින්ද්රියො ච – සන්සුන් (පස්) ඉඳුරන් ඇති

නිපකො ච - ඥානවන්ත වූ

අප්පගබ්භො - (ප්රගල්භ නොවන හෙවත්) සැහැසි /රළු නොවූ

කුලෙසු අනනුගිද්ධෝ - කුලයන්හි නොඇලුණු (හෙවත් දායක පවුල් වලට නොඇලුණු අයෙක් වියයුතුය)

න ච ඛුද්දං සමාචරෙ – සුළු වූත් හැසිරීමක් නැත

කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ – යම් ඒ අනෙක් නුවණැත්තන්

උපවදෙය්‍යුං - විසින් ගැරහීමට ලක්විය හැකි

සුඛිනො වා - (කයිනුත්) සුවපත්

ඛෙමිනො හොන්තු – නොබිය වූ

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ (සිතිනුත්) සුවපත් වේවා!

යෙ කෙචි පාණ භූතත්ථි - යම්තාක් පණඇතියවුන් සිටින්නේ නම්

තසා වා - තැතිගත් හෝ

ථාවරා වා - ස්ථාවර හෙවත් තැති නොගත් (අර්හත්ඵල සමාපත්තියට පැමිණී උතුමන් තැති නොගත් යන්නෙන් අදහස් වේ)

අනවසෙසා - ඉතුරු නැතිවම

දීඝා වා – දිග් වූ හෝ

යෙ මහන්තා වා – මහත් වූ

මජ්ඣිමා- මධ්‍යම ප්‍රමාණ කය ඇති

රස්සක –කෙටි ප්‍රමාණ කය ඇති

(අ)ණුක - ඉතා සියුම්

ථූලා – ස්ථූල වූ

දිට්ඨා වා - දුටු සත්ත්වයන් (මෙන්ම)

යෙව අද්දිට්ඨා - යම් නුදුටු සත්ත්වයන් ද

යෙ ච දූරෙ - යම් දුර සිටින සත්ත්වයන් හෝ

වසන්ති අවිදූරෙ – නොදුරේ හෙවත් ළඟ වසන සත්ත්වයන්

භූතා වා - හටගත් හෙවත් ඉපදුණු හෝ

සම්භවෙසී වා- නොඉපදුනු, (මවුකුස සිටින හෝ බිත්තර අවස්ථාවේ සිටින)

සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් (සිතැති) වේවා!

න පරො පරං නිකුබ්බෙථ – එකෙක් තවකෙකුට වංචා නොකෙරේවා

නාතිමඤ්ඤෙත (= න+අතිමඤ්ඤෙත) - හෙලා නොදකිත්වා

කත්ථචි නං කඤ්චි – කොතැන කිසිවෙකුත්

බ්යාරොසනා – කෝපවී

පඨිඝසඤ්ඤා – ගැටෙන අදහසින්

න+(අ)ඤ්ඤමඤ්ඤස්ස – එකෙක් අනෙකෙකුගේ

දුක්ඛම්+ඉච්ඡෙය්ය – දුක කැමතිවන්නේ නැත

මාතා යථා – යම් මවක් මෙන්

නියං පුත්තං – පුතෙකු සිටින

ආයුසා – පණ වැනිව

එක පුත්තං+අනුරක්ඛෙ - එක ම පුතු රකියි ද

එවම්පි– එලෙසම

සබ්බ භූතෙසු - සියලු සත්ත්වයනට

මානසං භාවයෙ අපරිමාණං – අපරිමිතවූ මනසක් වැඩිය යුතුය

මෙත්තං ච සබ්බ ලොකස්මිං - සකල ලෝකය වෙත මෙත පතුරවා

මානසං භාවයෙ අපරිමාණං – අපරිමිත වූ මනසක් වැඩිය යුතුය

උද්ධං - උඩ ද

අධො ච –යට ද

තිරියං ච – හරහට /තිරස / ආදී දිසානු දිසාවන්ද

අසම්බාධං – බාධා නැතිව

අවෙරං – අවෛරීව

අසපත්තං - සතුරු නැතිව

තිට්ඨං - හිටගෙන සිටිද්දී හෝ

චරං –ඇවිදින විට හෝ

නිසින්නො වා – ආසනයක හිඳගෙන විටින විට හෝ

සයානො වා – සයනය කරමින් හෝ

යාවතස්ස විගතමිද්ධො – නින්දෙන් වෙන්ව සිටිනතාක් හෙවෙත් අවදියෙන් සිටින සෑම විට ම

එතං සතිං අධිට්ඨෙය්‍ය – මෙසේ සිහිය අදිටන් කොටගත යුත්තේය

බ්රහ්මං+එතං විහාරං ඉධං+ආහු – මෙසේ විසීම බ්‍රහ්ම විහරණයකැයි ලොව (නුවණැත්තෝ) කියත්

දිට්ඨිංච අනුපගම්ම - (සත්වයෙක් පුද්ගලයෙක් ඇත යන) දෘෂ්ඨියට නොගොස්

සීලවා - (සිදුරු නැතිව) සිල්වත් වන්නේ

දස්සනෙන සම්පන්නො – නිවැරදි දැක්මෙන් යුතුව

කාමෙසු විනෙය්ය ගෙධං – පංචකාමයන් කෙරෙහි ගිජුබව හෙවත් ඇලෙන ස්වභාවය දුරු කොටගෙන (අනාගාමී වී)

න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතී ‘ ති. – මවු ගැබක සැතපීමට නැවත නොපැමිණෙන්නේ මය.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

මෙම දහම් පඬුර සකස් කළේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල කුසලඤාණ හිමි- බාහිර කථිකාචාර්ය -පේරාදෙණිය විශ්ව විද්‍යාලය

[QUOTE="KPZ, post: 16574621, member: 351617"] [b]කරණීයමෙත්ත සූත්‍රය - පදයෙන් පදය අර්ථය ~~~[/b] [CENTER][CENTER][SIZE=4][LEFT][COLOR=#333333][FONT=lucida grande][IMG]https://scontent-b-lhr.xx.fbcdn.net/hphotos-frc1/t1.0-9/s403x403/10174923_649476995119626_3517315306714457083_n.jpg[/IMG][/FONT][/COLOR][/LEFT] [/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][LEFT][COLOR=#333333][FONT=lucida grande]කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අං[/FONT][/COLOR][COLOR=#333333][FONT=lucida grande]ගයක් වන මෙත්ත සූත්‍රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්‍ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි. නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. ගමට ඉතා ආසන්න නොවී ඉතා දුරින්ද නොපිහිටි වන ලැහැබක් බැවින් භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ. මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ. උන්වහන්සේලාගේ ශරීර සුදුමැලිව බියෙන් තැති ගැණුනහ. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. දිනක් පැන් ගෙන ඒමට දිය කඩිත්තට ගිය අවස්ථාවේ සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ සේම අන්‍ය භික්ෂූන් ද ශරීරයෙන් කෘෂව වැහැරී සිටිනු දැක මෞන වෘතය රැකීම හෙවත් මුවින් ඩචනයක් පිට නොකර සීටීම යන භාවනා වෘතය එතෙකින් නවතා අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසා බැලූහ. “කිමෙක්ද ඇවැත්නි, ඔබ වහන්සේලා ශරීරයෙන් කෘෂව සුදුමැලි බවට පත් වූයේ කිනම් කරැණකින්දැ”යි විමසූහ. එවිට තමන්වහන්සේට සේම සද්ධිවිහාරික අනෙකුත් භික්ෂූන් වහන්සේලාට ද ඇත්තේ අමුනුෂ්‍ය කරදර බව දැන එතැන තමන්ට සුදුසු තැනක් නොවන්නේ යැයි සිතූ උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ. “ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එම සෙනසුන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ.” “නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.” “ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?” ඒ අයුධය තමයි කරණීයමෙත්ත සූත්‍රය. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ සේක. මේ උපදෙස් අනුගමනය කළ එම භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගොස් නිතිපතා දෙවිදේවතාවුන්ගේ ද උපකාර ලැබ භාවනා කිරීමෙන් වස්තුන් මස අවසානයේ දී උන්වහන්සේලා පන්සිය නමම අර්හත් ඵල සමාපත්තියට පත්ව උත්තරීතර නිවන් අවබෝධයෙන් සැනසිල්ල උදාකරගත්හ. සාධු! සාධු! සාධු! මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය. නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය. සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම් මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත. එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය. දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත. ඔබේ සිත ද සැමට සුව සළසන මෛත්‍රී පිණ්ඬයක් වේවා! මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා! කරණීයමත්ථ කුසලෙන (=කරණීය+ අත්ථ) – තමාට අර්ථයක් හෙවත් යහපතක් කරගන්නෙක් විසින් යං තං සන්තං පදං අභිසමෙච්ච – ඒ ශාන්ත පදය(නිවන) අවබෝධයෙන් සක්කො – දක්ෂයෙක් උජු ච – ඍජු/අවංක (වූවෙක්) සූජු ච – වඩාත් / සිතින් පවා අවංක (වූවෙක්) සුවචො චස්ස – කීකරු වූවෙක් මුදු අනතිමානී – මුදු නිහතමානී (වූවෙක් විය යුතුය) සන්තුස්සකො ච – ලද දෙයින් සතුටු වන සුභරො ච – පහසුවෙන් රැකිය හැකි අප්ප කිච්චො ච – අල්ප වූ වැඩ කටයුතු ඇති සල්ලහුක වුත්ති – ලහුක (සැහැල්ලු) පැවතුම් ඇති සන්තින්ද්රියො ච – සන්සුන් (පස්) ඉඳුරන් ඇති නිපකො ච - ඥානවන්ත වූ අප්පගබ්භො - (ප්රගල්භ නොවන හෙවත්) සැහැසි /රළු නොවූ කුලෙසු අනනුගිද්ධෝ - කුලයන්හි නොඇලුණු (හෙවත් දායක පවුල් වලට නොඇලුණු අයෙක් වියයුතුය) න ච ඛුද්දං සමාචරෙ – සුළු වූත් හැසිරීමක් නැත කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ – යම් ඒ අනෙක් නුවණැත්තන් උපවදෙය්‍යුං - විසින් ගැරහීමට ලක්විය හැකි සුඛිනො වා - (කයිනුත්) සුවපත් ඛෙමිනො හොන්තු – නොබිය වූ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ (සිතිනුත්) සුවපත් වේවා! යෙ කෙචි පාණ භූතත්ථි - යම්තාක් පණඇතියවුන් සිටින්නේ නම් තසා වා - තැතිගත් හෝ ථාවරා වා - ස්ථාවර හෙවත් තැති නොගත් (අර්හත්ඵල සමාපත්තියට පැමිණී උතුමන් තැති නොගත් යන්නෙන් අදහස් වේ) අනවසෙසා - ඉතුරු නැතිවම දීඝා වා – දිග් වූ හෝ යෙ මහන්තා වා – මහත් වූ මජ්ඣිමා- මධ්‍යම ප්‍රමාණ කය ඇති රස්සක –කෙටි ප්‍රමාණ කය ඇති (අ)ණුක - ඉතා සියුම් ථූලා – ස්ථූල වූ දිට්ඨා වා - දුටු සත්ත්වයන් (මෙන්ම) යෙව අද්දිට්ඨා - යම් නුදුටු සත්ත්වයන් ද යෙ ච දූරෙ - යම් දුර සිටින සත්ත්වයන් හෝ වසන්ති අවිදූරෙ – නොදුරේ හෙවත් ළඟ වසන සත්ත්වයන් භූතා වා - හටගත් හෙවත් ඉපදුණු හෝ සම්භවෙසී වා- නොඉපදුනු, (මවුකුස සිටින හෝ බිත්තර අවස්ථාවේ සිටින) සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් (සිතැති) වේවා! න පරො පරං නිකුබ්බෙථ – එකෙක් තවකෙකුට වංචා නොකෙරේවා නාතිමඤ්ඤෙත (= න+අතිමඤ්ඤෙත) - හෙලා නොදකිත්වා කත්ථචි නං කඤ්චි – කොතැන කිසිවෙකුත් බ්යාරොසනා – කෝපවී පඨිඝසඤ්ඤා – ගැටෙන අදහසින් න+(අ)ඤ්ඤමඤ්ඤස්ස – එකෙක් අනෙකෙකුගේ දුක්ඛම්+ඉච්ඡෙය්ය – දුක කැමතිවන්නේ නැත මාතා යථා – යම් මවක් මෙන් නියං පුත්තං – පුතෙකු සිටින ආයුසා – පණ වැනිව එක පුත්තං+අනුරක්ඛෙ - එක ම පුතු රකියි ද එවම්පි– එලෙසම සබ්බ භූතෙසු - සියලු සත්ත්වයනට මානසං භාවයෙ අපරිමාණං – අපරිමිතවූ මනසක් වැඩිය යුතුය මෙත්තං ච සබ්බ ලොකස්මිං - සකල ලෝකය වෙත මෙත පතුරවා මානසං භාවයෙ අපරිමාණං – අපරිමිත වූ මනසක් වැඩිය යුතුය උද්ධං - උඩ ද අධො ච –යට ද තිරියං ච – හරහට /තිරස / ආදී දිසානු දිසාවන්ද අසම්බාධං – බාධා නැතිව අවෙරං – අවෛරීව අසපත්තං - සතුරු නැතිව තිට්ඨං - හිටගෙන සිටිද්දී හෝ චරං –ඇවිදින විට හෝ නිසින්නො වා – ආසනයක හිඳගෙන විටින විට හෝ සයානො වා – සයනය කරමින් හෝ යාවතස්ස විගතමිද්ධො – නින්දෙන් වෙන්ව සිටිනතාක් හෙවෙත් අවදියෙන් සිටින සෑම විට ම එතං සතිං අධිට්ඨෙය්‍ය – මෙසේ සිහිය අදිටන් කොටගත යුත්තේය බ්රහ්මං+එතං විහාරං ඉධං+ආහු – මෙසේ විසීම බ්‍රහ්ම විහරණයකැයි ලොව (නුවණැත්තෝ) කියත් දිට්ඨිංච අනුපගම්ම - (සත්වයෙක් පුද්ගලයෙක් ඇත යන) දෘෂ්ඨියට නොගොස් සීලවා - (සිදුරු නැතිව) සිල්වත් වන්නේ දස්සනෙන සම්පන්නො – නිවැරදි දැක්මෙන් යුතුව කාමෙසු විනෙය්ය ගෙධං – පංචකාමයන් කෙරෙහි ගිජුබව හෙවත් ඇලෙන ස්වභාවය දුරු කොටගෙන (අනාගාමී වී) න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතී ‘ ති. – මවු ගැබක සැතපීමට නැවත නොපැමිණෙන්නේ මය. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!! මෙම දහම් පඬුර සකස් කළේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල කුසලඤාණ හිමි- බාහිර කථිකාචාර්ය -පේරාදෙණිය විශ්ව විද්‍යාලය [/FONT][/COLOR][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom