Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කර්ම ඵලය වෙනස් කරන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්ම ඵලය වෙනස් කරන්න!

මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.

[ATTACH]68358[/ATTACH]

කර්මය හා කර්ම ඵලය පිළිබඳ ඉගැන්වීමට දිගු ඉතිහාසයක් ඇතත් අදටත් සමහරු එය පිළිගැනීමට අකැමැත්තක් දක්වති. කර්ම විෂය අචින්ත්‍ය වුවත්, අපට දැනෙන හැඟෙන මට්ටමෙන් ඒ පිළිබඳව කතා බහ කිරීමේ වරදක් ඇතැයි නොසිතමි. බුදුරජාණන් වහන්සේ පහළවෙන අවදිය වන විට පැවැති බ්‍රාහ්මණ, හින්දු හා ජෛන වැනි ආගම් වලද කර්මය පිළිබඳ ඉගැන්වීම් තිබුණු බව පෙනෙයි. එහෙත් බුදු දහමේ ඇත්තේ ඊට වඩා වෙනස් ආකාරයේ ඉගැන්වීමකි. මෙය හරිහැටි අවබෝධ නොකර ගැනීම නිසා කර්මය පිළිබඳ බෞද්ධ නොවන මතවාදවල සමහරු එල්බගෙන සිටිති.

මිනිසා සිදු කරන සෑම ක්‍රියාවක්ම කර්මයක් බව , ජෛන ආගම පිළිගනියි. එහෙත් බුදු දහම උගන්වන්නේ, ක්‍රියාවට වඩා ක්‍රියාව සිදුවීමට බලපාන සිතිවිල්ල වැදගත් බවයි. එමෙන්ම, චේතනාවකින් තොරව කෙරෙන ක්‍රියාවන්, කර්ම ගණයට ඇතුළත් නොවීමද බෞද්ධ ඉගැන්වීමයි. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන්න පිළිගත් මතයකි. කර්මය පිළිබඳවද මේ නියමය සත්‍යයෙකැයි සමහරු සිතති. එහෙත් එය සත්‍ය නොවේ. ඇතැම් කර්මවලට විපාක දීමට කාලය නොමැති නිසා, විපාක නොදී ඉවත් වෙයි.

අහෝසි කම්ම යනුවෙන් හඳුන්වා ඇත්තේ එවැනි කර්මයන්ය. දුප්පත්ව උපත ලැබීම, ඉගෙනුමට නොහැකියාව, ලෙඩ රෝගවලට ලක්වීම, බලාපොරොත්තු නැතිවිටෙක ධන සම්පත් ලැබීම, තිබෙන සම්පත් විනාශ වීම, අඩු ආයුෂයකින් මරණයට පත්වීම, ආදි අපේ ජීවිතයේ මුහුණපාන හැම සිදුවීමකටම මුල් වන්නේ, අතීතයේ කරන ලද කර්මය බව සමහරුන්ගේ මතයයි. විශේෂයෙන් ජෛනයෝ මේ මතයේ සිටියහ. සියල්ල පෙර කරනලද කර්මය අනුව සිදුනොවන බව, දේශනා කළ බුදුරජාණන් වහන්සේ, එසේ සිතීමම මහ මුළාවක් බවයි වදාළේ.

මිනිසාගේ දියුණුව හෝ පිරිහීම කෙරෙහි බලපාන එකම හේතුව, කර්මය බව බුදු සමය පිළි නොගනී. වෙනත් කරුණු රාශියක් ද තිබේ. පංචනියාම ධර්ම එයින් එකකි. එබැවින් කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය, සියල්ලට එකම හේතුව ලෙස සිතන අය, හැමවිටකම තමන් කරුමක්කාරයෙකු ලෙස සිතයි. මිනිසත් බවක් ලැබීමම මහා කුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස බුදු දහම සලකන බැවින්, මිනිසා පව්කාරයෙකු හෝ කරුමක්කාරයෙකු ලෙස නොසැලකේ.

බුදු සමයේ කර්මය පිළිබඳ කරන ලද ඉගැන්වීම් තුළින්, පුද්ගලයා අලසයෙකු කර ඇතැයි සමහරු විවේචනය කරති. ඒ දහම හරිහැටි නොදැන කරන ලද විවේචනයන්ය. ඔවුහු යහපත් උත්සාහය හෙවත් සම්මා වායාම, ආර්ය මාර්ගාංගයක් බව නොදනිති. උත්සාහය දියුණුවේ මාවත බව බුදු සමය පිළිගනී. උට්ඨාන සම්පදා, උට්ඨානෙනප්පමාදෙන, උට්ඨාන විරියාධිගතා, උට්ඨානවතො සතිමතො, උට්ඨාන ඵලූපජීවි ආදි වශයෙන් බුදු රජාණන් වහන්සේ , උත්සාහය දියුණුවේ මාවත බවත්, සැප ලබන මගට ඇවැසි අංගයක් බවත් අවස්ථා රාශියකදී පෙන්වා දීමෙන් පැහැදිලි වන්නේ, බුදු දහම තුළ පුද්ගලයා අලසයෙකු කොට නැති බවයි. ඔහු ක්‍රියාකාරිකයෙකු කොට ඇති බවයි.

පුද්ගල ජීවිතය මෙන්ම, පවතින සමාජ ක්‍රමයත්, වෙනස්කළ නොහැකි යැයි සිතන පිරිසක්ද සිටිති. එසේ සිතන්නේ කර්මය වෙනස් කළ නොහැකි යැයි සිතන බැවිනි. සමාජ සම්මතයට අනුව එදා කුල හීනයැයි පිළිගත්, බොහෝ දෙනාගේ ගැරහීමට ලක්වූ, සුනීත, සෝපාක වැනි අය, රහතන් වහන්සේලා බවට පත්කොට, හැම දෙනාගේම ගෞරවය ලබන බවට පත්කරලීමෙන්, බුදුරජාණන් වහන්සේ කර්මය වෙනස්කළ හැකි බව ඔප්පු කොට තිබේ. මෙකී වැරදි මත නිවැරදි කර ගන්න තුරු, කෙනෙකුට ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට නුපුළුවන. දැන් අප බෞද්ධ කර්ම සංකල්පය පිළිබඳ පූර්ණ වශයෙන් නොවුණත් කරුණු ස්වල්පයක් පමණක් විමසා බලමු. අංගුත්තර නිකායට ඇතුලත් නිබ්බේධික සූත්‍රයේ එන”” චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන බුදු වදන බොහෝ දෙනෙකුට පාඩම් ඇතැයි සිතමි. එයින් කරුණු දෙකක් පැහැදිලි කෙරෙයි. කර්මය යනු, ක්‍රියාව නොව චේතනාව බව පළමු වැන්නයි. දෙවැන්න නම්, කය වචන හා මනස තුළින් කර්ම රැස් කරන බවයි. මෙහිදී චේතනාව ප්රමුඛ වන බැවින්, චේතනාවකින් තොරව කෙරෙන කිසිදු ක්‍රියාවක් කර්ම ගණයට ඇතුළත් වන්නේ ද නැත.

අපගේ සිතේ පහළවෙන ප්‍රධාන චේතනා හයකි. ලෝභ, දෝස හා මෝහ යන සිතිවිලි අකුසල චේතනා වන අතර, අලෝභ,අදෝස හා අමෝහ යන සිතිවිලි කුසල චේතනා වේ. මෙකී මූලික චේතනාවන්, ශාඛා ප්‍රශාඛා වලට බෙදී චේතනා රාශියක් බවට පත්වෙයි. නිදසුනක් වශයෙන් ලෝභය නමැති චේතනාව, කාම තණ්හා , භව තණ්හා හා විභව තණ්හා වශයෙන්ද , කාම රාග, රූප රාග හා අරූප රාග වශයෙන්ද බෙදෙයි. රාගය නැවත රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ හා ධම්ම වශයෙන්ද වර්ග වෙයි. අනෙකුත් කුසලාකුසල චේතනා සියල්ලද , මෙලෙස කොටස් වශයෙන් බෙදෙයි. සිතේ පහළවෙන සිතිවිලි ක්‍රියාත්මක වන්නේ ආයතන තුනකිනි. එනම් කයින් , වචනයෙන් හා මනසිනි.

මිනිසා ජීවිත කාලය තුළ සිදු කරනු ලබන ක්‍රියාකාරකම්, වර්ග කළ හැක්කේ, හොඳ හා නරක ක්‍රියාකාරකම් වශයෙනි.

කටින් කතා කරන දේ හා අත පය මෙහෙයවා කරන දේ පමණක් නොව, සිතින් හිතන දේ ද මීට ඇතුළත් වෙයි. තමන්ගේත් අනුන්ගේත් යහපත, අභිවෘද්ධිය, සතුට හා සැපත සඳහා හේතුවෙන සියලු ක්‍රියාකාරකම්, යහපත් කටයුතු ලෙසත්, එසේ නොවන හැම ක්‍රියාකාරකම් අයහපත් , නරක ඒවා බවත්, බුදු දහමේ පිළිගැනීමයි. හොඳ හෝ නරක කවර ක්‍රියා කාරකමකට හෝ මුල්වෙන්නේ සිතිවිල්ලයි. හොඳ හෙවත් කුසල සිතිවිල්ලක් මුල්වීමෙන්, නරක ක්‍රියාවක් සිදු නොවේ’. එමෙන්ම නරක සිතිවිල්ලක් මුල්වී, හොඳ ක්‍රියාවක්ද සිදුවිය නොහැක. අප අපේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිළිමත් විය යුත්තේ , ඒවාට ප්‍රති විපාක ඇති බැවිනි. යහපත් කර්මවලට යහපත් ඵල විපාකත්,අයහපත් කර්මවලට අයහපත් ඵල විපාකත් ලැබේ. ඒ බව පහත දැක්වෙන ධම්ම පද ගාථාවෙන් පැහැදිලි කර තිබේ.

යාදිසං වපතෙ බීජං

තාදිසං හරතෙ ඵලං

කල්‍යාණ කාරි කල්‍යාණං

පාපකාරී ච පාපකං

ගොවියා වපුරන්නේ යම් බීජයක් ද ? අස්වනු ලෙස නෙළාගන්නේද එම වර්ගයේ බීජයන්මයි. එමෙන්ම හොඳ කර්මවල යෙදෙන්නා හොඳ ඵලවිපාකත් නරක කර්මවල යෙදෙන්නා නරක ඵලවිපලාකත් ලබයි. අප අතීත කර්මවල ඵලවිපාක භුක්ති විඳින අතර, නව කර්ම රැස් කිරීමද කරනු ලැබේ’.

මෙලෙස කර්ම රැස් කිරිම නතර කරනතුරු සසරින් ගැලවීමක්ද නැත. කර්ම රැස් කිරීම නවතින්නේ රහත් බවට පත්වීමෙනි. එතෙක් කර්ම රැස්වේ. මෙලෙස රැස්වෙන කර්ම ගෙවා දමන්නේ කෙසේද? බුදු දහම ඒ සදහා ඉතා ප්රබුද්ධ මාර්ගයක් පෙන්වා දෙයි. විශාල ජල බඳුනකට ලුනු ස්වල්පයක් එකතුකළ විට, ජලය ලුනු රස නොවේ.

ඒ ලවණ සාන්ද්‍රණය අඩු නිසයි. එහෙත් ස්වල්ප ජල ප්‍රමාණයකට තරමක් වැඩියෙන් ලුණු මිශ්‍ර කළ විට, ජලයෙහි ලුණුරස දැනේ. එමෙන් කරනලද පව්කම්වල ඵලවිපාක, පසුව කරනු ලබන ප්‍රබල කුසල කර්මයන්ගේ ඵල විපාකයන්ගෙන් යටපත් කළ හැකි බව, ලෝනඵල සූත්‍රයෙන් පැහැදිලි කරදී තබේ. මේ කරුණු හිතට ගෙන, ඔබ ඔබේ සිතට නපුරු අකුසල සිතිවිලිවලට ඇතුල්වීමට ඉඩ නොතබන්න. යම් විදියකින් ඇතුල් වු බව දැනුනොත්, වහාම සිතින් ඉවත් කරන්න. හැකිතාක් යහපත් සිතිවිලි වගා කරගෙන, කටයුතු කිරීමෙන්, ඔබේ ජීවිත ගමන ඔබටම යහපත් කරගත හැකියි.

තෙරුවන් සරණයි!

නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

source - path.nirwana fb page

[QUOTE="Glonass16, post: 21630192, member: 559002"] [b]කර්ම ඵලය වෙනස් කරන්න![/b] [SIZE="2"]:yes:මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.:yes:[/SIZE] [CENTER][ATTACH]68358._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"]කර්මය හා කර්ම ඵලය පිළිබඳ ඉගැන්වීමට දිගු ඉතිහාසයක් ඇතත් අදටත් සමහරු එය පිළිගැනීමට අකැමැත්තක් දක්වති. කර්ම විෂය අචින්ත්‍ය වුවත්, අපට දැනෙන හැඟෙන මට්ටමෙන් ඒ පිළිබඳව කතා බහ කිරීමේ වරදක් ඇතැයි නොසිතමි. බුදුරජාණන් වහන්සේ පහළවෙන අවදිය වන විට පැවැති බ්‍රාහ්මණ, හින්දු හා ජෛන වැනි ආගම් වලද කර්මය පිළිබඳ ඉගැන්වීම් තිබුණු බව පෙනෙයි. එහෙත් බුදු දහමේ ඇත්තේ ඊට වඩා වෙනස් ආකාරයේ ඉගැන්වීමකි. මෙය හරිහැටි අවබෝධ නොකර ගැනීම නිසා කර්මය පිළිබඳ බෞද්ධ නොවන මතවාදවල සමහරු එල්බගෙන සිටිති. මිනිසා සිදු කරන සෑම ක්‍රියාවක්ම කර්මයක් බව , ජෛන ආගම පිළිගනියි. එහෙත් බුදු දහම උගන්වන්නේ, ක්‍රියාවට වඩා ක්‍රියාව සිදුවීමට බලපාන සිතිවිල්ල වැදගත් බවයි. එමෙන්ම, චේතනාවකින් තොරව කෙරෙන ක්‍රියාවන්, කර්ම ගණයට ඇතුළත් නොවීමද බෞද්ධ ඉගැන්වීමයි. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන්න පිළිගත් මතයකි. කර්මය පිළිබඳවද මේ නියමය සත්‍යයෙකැයි සමහරු සිතති. එහෙත් එය සත්‍ය නොවේ. ඇතැම් කර්මවලට විපාක දීමට කාලය නොමැති නිසා, විපාක නොදී ඉවත් වෙයි. අහෝසි කම්ම යනුවෙන් හඳුන්වා ඇත්තේ එවැනි කර්මයන්ය. දුප්පත්ව උපත ලැබීම, ඉගෙනුමට නොහැකියාව, ලෙඩ රෝගවලට ලක්වීම, බලාපොරොත්තු නැතිවිටෙක ධන සම්පත් ලැබීම, තිබෙන සම්පත් විනාශ වීම, අඩු ආයුෂයකින් මරණයට පත්වීම, ආදි අපේ ජීවිතයේ මුහුණපාන හැම සිදුවීමකටම මුල් වන්නේ, අතීතයේ කරන ලද කර්මය බව සමහරුන්ගේ මතයයි. විශේෂයෙන් ජෛනයෝ මේ මතයේ සිටියහ. සියල්ල පෙර කරනලද කර්මය අනුව සිදුනොවන බව, දේශනා කළ බුදුරජාණන් වහන්සේ, එසේ සිතීමම මහ මුළාවක් බවයි වදාළේ. මිනිසාගේ දියුණුව හෝ පිරිහීම කෙරෙහි බලපාන එකම හේතුව, කර්මය බව බුදු සමය පිළි නොගනී. වෙනත් කරුණු රාශියක් ද තිබේ. පංචනියාම ධර්ම එයින් එකකි. එබැවින් කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය, සියල්ලට එකම හේතුව ලෙස සිතන අය, හැමවිටකම තමන් කරුමක්කාරයෙකු ලෙස සිතයි. මිනිසත් බවක් ලැබීමම මහා කුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස බුදු දහම සලකන බැවින්, මිනිසා පව්කාරයෙකු හෝ කරුමක්කාරයෙකු ලෙස නොසැලකේ. බුදු සමයේ කර්මය පිළිබඳ කරන ලද ඉගැන්වීම් තුළින්, පුද්ගලයා අලසයෙකු කර ඇතැයි සමහරු විවේචනය කරති. ඒ දහම හරිහැටි නොදැන කරන ලද විවේචනයන්ය. ඔවුහු යහපත් උත්සාහය හෙවත් සම්මා වායාම, ආර්ය මාර්ගාංගයක් බව නොදනිති. උත්සාහය දියුණුවේ මාවත බව බුදු සමය පිළිගනී. උට්ඨාන සම්පදා, උට්ඨානෙනප්පමාදෙන, උට්ඨාන විරියාධිගතා, උට්ඨානවතො සතිමතො, උට්ඨාන ඵලූපජීවි ආදි වශයෙන් බුදු රජාණන් වහන්සේ , උත්සාහය දියුණුවේ මාවත බවත්, සැප ලබන මගට ඇවැසි අංගයක් බවත් අවස්ථා රාශියකදී පෙන්වා දීමෙන් පැහැදිලි වන්නේ, බුදු දහම තුළ පුද්ගලයා අලසයෙකු කොට නැති බවයි. ඔහු ක්‍රියාකාරිකයෙකු කොට ඇති බවයි. පුද්ගල ජීවිතය මෙන්ම, පවතින සමාජ ක්‍රමයත්, වෙනස්කළ නොහැකි යැයි සිතන පිරිසක්ද සිටිති. එසේ සිතන්නේ කර්මය වෙනස් කළ නොහැකි යැයි සිතන බැවිනි. සමාජ සම්මතයට අනුව එදා කුල හීනයැයි පිළිගත්, බොහෝ දෙනාගේ ගැරහීමට ලක්වූ, සුනීත, සෝපාක වැනි අය, රහතන් වහන්සේලා බවට පත්කොට, හැම දෙනාගේම ගෞරවය ලබන බවට පත්කරලීමෙන්, බුදුරජාණන් වහන්සේ කර්මය වෙනස්කළ හැකි බව ඔප්පු කොට තිබේ. මෙකී වැරදි මත නිවැරදි කර ගන්න තුරු, කෙනෙකුට ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට නුපුළුවන. දැන් අප බෞද්ධ කර්ම සංකල්පය පිළිබඳ පූර්ණ වශයෙන් නොවුණත් කරුණු ස්වල්පයක් පමණක් විමසා බලමු. අංගුත්තර නිකායට ඇතුලත් නිබ්බේධික සූත්‍රයේ එන”” චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන බුදු වදන බොහෝ දෙනෙකුට පාඩම් ඇතැයි සිතමි. එයින් කරුණු දෙකක් පැහැදිලි කෙරෙයි. කර්මය යනු, ක්‍රියාව නොව චේතනාව බව පළමු වැන්නයි. දෙවැන්න නම්, කය වචන හා මනස තුළින් කර්ම රැස් කරන බවයි. මෙහිදී චේතනාව ප්රමුඛ වන බැවින්, චේතනාවකින් තොරව කෙරෙන කිසිදු ක්‍රියාවක් කර්ම ගණයට ඇතුළත් වන්නේ ද නැත. අපගේ සිතේ පහළවෙන ප්‍රධාන චේතනා හයකි. ලෝභ, දෝස හා මෝහ යන සිතිවිලි අකුසල චේතනා වන අතර, අලෝභ,අදෝස හා අමෝහ යන සිතිවිලි කුසල චේතනා වේ. මෙකී මූලික චේතනාවන්, ශාඛා ප්‍රශාඛා වලට බෙදී චේතනා රාශියක් බවට පත්වෙයි. නිදසුනක් වශයෙන් ලෝභය නමැති චේතනාව, කාම තණ්හා , භව තණ්හා හා විභව තණ්හා වශයෙන්ද , කාම රාග, රූප රාග හා අරූප රාග වශයෙන්ද බෙදෙයි. රාගය නැවත රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ හා ධම්ම වශයෙන්ද වර්ග වෙයි. අනෙකුත් කුසලාකුසල චේතනා සියල්ලද , මෙලෙස කොටස් වශයෙන් බෙදෙයි. සිතේ පහළවෙන සිතිවිලි ක්‍රියාත්මක වන්නේ ආයතන තුනකිනි. එනම් කයින් , වචනයෙන් හා මනසිනි. මිනිසා ජීවිත කාලය තුළ සිදු කරනු ලබන ක්‍රියාකාරකම්, වර්ග කළ හැක්කේ, හොඳ හා නරක ක්‍රියාකාරකම් වශයෙනි. කටින් කතා කරන දේ හා අත පය මෙහෙයවා කරන දේ පමණක් නොව, සිතින් හිතන දේ ද මීට ඇතුළත් වෙයි. තමන්ගේත් අනුන්ගේත් යහපත, අභිවෘද්ධිය, සතුට හා සැපත සඳහා හේතුවෙන සියලු ක්‍රියාකාරකම්, යහපත් කටයුතු ලෙසත්, එසේ නොවන හැම ක්‍රියාකාරකම් අයහපත් , නරක ඒවා බවත්, බුදු දහමේ පිළිගැනීමයි. හොඳ හෝ නරක කවර ක්‍රියා කාරකමකට හෝ මුල්වෙන්නේ සිතිවිල්ලයි. හොඳ හෙවත් කුසල සිතිවිල්ලක් මුල්වීමෙන්, නරක ක්‍රියාවක් සිදු නොවේ’. එමෙන්ම නරක සිතිවිල්ලක් මුල්වී, හොඳ ක්‍රියාවක්ද සිදුවිය නොහැක. අප අපේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිළිමත් විය යුත්තේ , ඒවාට ප්‍රති විපාක ඇති බැවිනි. යහපත් කර්මවලට යහපත් ඵල විපාකත්,අයහපත් කර්මවලට අයහපත් ඵල විපාකත් ලැබේ. ඒ බව පහත දැක්වෙන ධම්ම පද ගාථාවෙන් පැහැදිලි කර තිබේ. යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං කල්‍යාණ කාරි කල්‍යාණං පාපකාරී ච පාපකං ගොවියා වපුරන්නේ යම් බීජයක් ද ? අස්වනු ලෙස නෙළාගන්නේද එම වර්ගයේ බීජයන්මයි. එමෙන්ම හොඳ කර්මවල යෙදෙන්නා හොඳ ඵලවිපාකත් නරක කර්මවල යෙදෙන්නා නරක ඵලවිපලාකත් ලබයි. අප අතීත කර්මවල ඵලවිපාක භුක්ති විඳින අතර, නව කර්ම රැස් කිරීමද කරනු ලැබේ’. මෙලෙස කර්ම රැස් කිරිම නතර කරනතුරු සසරින් ගැලවීමක්ද නැත. කර්ම රැස් කිරීම නවතින්නේ රහත් බවට පත්වීමෙනි. එතෙක් කර්ම රැස්වේ. මෙලෙස රැස්වෙන කර්ම ගෙවා දමන්නේ කෙසේද? බුදු දහම ඒ සදහා ඉතා ප්රබුද්ධ මාර්ගයක් පෙන්වා දෙයි. විශාල ජල බඳුනකට ලුනු ස්වල්පයක් එකතුකළ විට, ජලය ලුනු රස නොවේ. [B]ඒ ලවණ සාන්ද්‍රණය අඩු නිසයි. එහෙත් ස්වල්ප ජල ප්‍රමාණයකට තරමක් වැඩියෙන් ලුණු මිශ්‍ර කළ විට, ජලයෙහි ලුණුරස දැනේ. එමෙන් කරනලද පව්කම්වල ඵලවිපාක, පසුව කරනු ලබන ප්‍රබල කුසල කර්මයන්ගේ ඵල විපාකයන්ගෙන් යටපත් කළ හැකි බව, ලෝනඵල සූත්‍රයෙන් පැහැදිලි කරදී තබේ.[/B] මේ කරුණු හිතට ගෙන, ඔබ ඔබේ සිතට නපුරු අකුසල සිතිවිලිවලට ඇතුල්වීමට ඉඩ නොතබන්න. යම් විදියකින් ඇතුල් වු බව දැනුනොත්, වහාම සිතින් ඉවත් කරන්න. හැකිතාක් යහපත් සිතිවිලි වගා කරගෙන, කටයුතු කිරීමෙන්, ඔබේ ජීවිත ගමන ඔබටම යහපත් කරගත හැකියි. [/SIZE] තෙරුවන් සරණයි! නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! source - path.nirwana fb page [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom