Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්ම විපාක වළක්වා ගත හැකි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මය කියන දේ පිළිබඳව පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ අපගේ බුදුරජාණන් වහන්සේයි. බුද්ධකාලීන තවත් අයත් කර්මය ගැන කතාකරන්න යම් උත්සාහයක් අරගෙන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි කර්මය ගැන පරිපූර්ණව විග්‍රහයක් කළේ. මොකද, උන්වහන්සේට කර්මය පිළිබඳව විශේෂ ඤාණයක් තිබුණා. එ්ක උන්වහන්සේගේ දසබල ඤාණවලින් එකක්. එ් තමයි ‘කර්මය සහ කර්ම විපාක ගැන දන්නා නුවණ.’ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මේ ලෝකයේ අචින්තෙය්‍ය කාරණා කිහිපයක් තියෙනවා කියලා. එ් තමයි බුද්ධ විෂය අචින්ත්‍යයි. එ් වගේ ම ලෝකචින්තාව අචින්ත්‍යයි. ධ්‍යාන විෂය අචින්ත්‍යයි. ඊළඟ එක තමයි කම්ම විපාක අචින්ත්‍යයි. එතැන කියන්නේ කම්ම විෂය කියලා නෙවෙයි, කම්ම විපාක අචින්ත්‍යයි කියලයි.

එහෙම නම් කර්ම විපාක අචින්ත්‍යයි. එ් කියන්නේ කර්මය විපාක දෙන ස්වභාවය තියෙන්නේ අපට සාමාන්‍යයෙන් හිතලා තේරුම් ගන්න පුළුවන් මට්ටමෙන් නෙවෙයි. එ් නිසා කර්මය පිළිබඳව එකපාරට විග්‍රහයක් කරගන්න බැරි නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘මේක නො වෙනස්ව දිගින් දිගට අපට බලපෑමක් කරනවා ද?’ කියලා. එ්කට හේතුව තමයි එක කර්ම විපාකයක් විපාක දීලා ඉවර වෙද්දී අපි වෙන කර්ම ගොඩක් රැස්කරලා ඉවරයි. එතකොට එ්ක විපාක දෙන්න තවත් කාලයක් යනවානේ. අපි කියමු, ඔන්න කවුරුහරි කෙනෙක් පෙර කර්මයක විපාකයක් හැටියට මේ ජීවිතයේ දී දුකසේ ජීවත් වෙනවා. එ් විදිහට දුක සේ ජීවත් වෙද්දී ම එයා අධාර්මිකවත් ඉන්නවා. එතකොට එයා තවත් පාප කර්මයක් රැස්කරනවා. එතකොට අර කර්මය විපාක දීලා ඉවර වෙද්දී තවත් කර්මයක් විපාකයට ඇවිල්ලා.

මොකද චේතනාව කර්මය වෙන නිසා එකක් ඉවරවෙන කොට එකක් එනවා. එ් විදිහට බැලූ බැල්මට මේ කර්ම විපාක දෙන ස්වභාවයේ ඉවරයක් පේන්න නෑ. හැබැයි මේකේ අවසන් වීමක් තියෙනවා. අපි කියමු යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත්වුණා කියලා. එ් විදිහට සෝවාන් ඵලයට පත්වුණොත් එයාට නිරයේ විපාක දෙන්න කර්ම තියෙනවා ද එ්වා අහෝසි වෙනවා. එ් වගේ ම තිරිසන් යෝනියේ විපාක දෙන කර්ම තියෙනවා ද එ්වා අහෝසි වෙනවා. පේ‍්‍රත යෝනියේ විපාක දෙන්න කර්ම තියෙනවා ද.., අසුර යෝනියේ උපදින්න කර්ම විපාක සකස් වෙලා තියෙනවා ද.. එ් ඔක්කොම අහෝසි වෙනවා. ආත්මභාව හතකින් එහාට යන්න කර්ම තියෙනවා ද එ්කත් අහෝසි වෙනවා.

එහෙම නම් අපට පේනවා, කර්මයෙන් ගැලවෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ම යි. එයා යම්කිසි විදිහකින් සකදාගාමී වුණොත් ආත්මභාව ගණන තවත් කෙටිවෙනවා. අනාගාමී වුණොත් කාම ලෝකයේ විපාකදීම පිණිස යම්තාක් කර්ම තියෙනවා ද එ් සියලූ කර්ම අහෝසි වෙනවා. එතකොට එයා උපදින්නේ අනාගාමී බ්‍රහ්ම ලෝකයේ. එහේදී තමයි එයාට කර්ම විපාක දෙන්නේ.

රහතන් වහන්සේට ‘කම්මක්ඛය ඤාණය’ කියලා විශේෂ ඤාණයක් තියෙනවා. එ් කියන්නේ ‘කර්මය ක්ෂය වූ බව දන්නා නුවණ.’ එතකොට අපට පේනවා, එහෙම නම් එහි තියෙන්නේ හේතුවක් නිසා හටගන්න ස්වභාවයක්. එ් කියන්නේ සංඛතයක්. හේතුවක් නිසා හටගන්න ස්වභාවයෙන් තියෙන කර්ම, එ් කර්ම විපාක නැතිවුණාට පස්සේ අහෝසි වෙන්නේ එ්කයි. නමුත් පෘථග්ජන කෙනෙකු සම්බන්ධයෙන් අපට කර්මය පිළිබඳව යම්කිසි සීමාවක් පණවන්න බෑ. සීමාවක් පණවන්න බැරි, කර්මය ඇදි ඇදී එන ස්වභාවය, අපි හිතනවට වඩා හරී වෙනස්.

කර්මයේ ස්වභාවය තේරුම් ගන්න හොඳ සිද්ධියක්…

බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක සිටුවරයෙක් හිටියා. එ් සිටුවරයාට දරුවන් සිටියේ නෑ. එ් නිසා බිරිඳ මැරුණට පස්සේ මෙයා තනිව ම ජීවත් වුණා. දරුවන් නැති නිසා ‘අපුත්තක සිටාණන්’ කියලා නමකුත් වැටුණා. මෙයා ගතකළේ ඉතාමත් ලෝභ ජීවිතයක්. මෙයා මේ විදිහට ජීවත්වෙලා මැරුණට පස්සේ දරුවෝ හිටපු නැති නිසාත්, බිරිඳ නැති නිසාත් ධනය ඔක්කොම රජයට අයිති වුණා. ඊට පස්සේ කොසොල් රජ්ජුරුවෝ ගිහිල්ලා එ් ඔක්කෝම බලලා එන ගමන් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න සැවැත් නුවරට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ”රජතුමනි, මොකෝ මේ මහ දවල් කොහේ ගිහින් එන ගමන් ද?” කියලා ඇහුවා.

‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපුත්තක සිටාණන් මරණයට පත්වුණා. එයාගේ දේපළ ඔක්කොම ආණ්ඩුවට අයිති වුණා. මම එ් කටයුත්තට ගිහින් එන ගමන්. ස්වාමීනී, එ් සිටුවරයාගේ ජීවිතය හරි පුදුම එකක්. භාග්‍යවතුන් වහන්ස, මෙයාට රත්තරන් විතරක් කෝටි අසූවක් තිබුණා. රිදී හා අනෙකුත් අවශේෂ වස්තුව තාම ගණන් බැලූවේ නෑ. භාග්‍යවතුන් වහන්ස, පුදුම වැඩේ තමයි, මේ සිටුවරයා කාපු බීපු කෙනෙක් නෙවෙයි. මෙයා බොහෝම දුක සේ ගෑවී නො ගෑවී කාලයි ජීවත් වෙලා තියෙන්නේ. එ් වගේ ම එයා ඇඳපු කෙනෙකුත් නෙවෙයි. ගෝනි පඩංගු වගේ එ්වා තමයි ඇඳලා තියෙන්නේ. එ් වගේ ම හොඳ යාන වාහන පාවිච්චි කරපු කෙනෙකුත් නෙවෙයි. කබල් කරත්තයක තමයි මෙයා ගිහින් තියෙන්නේ. ස්වාමීනී, මෙයා ජීවත් වූ හැටි හරි පුදුමයි.” එ් විස්තරය අහපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘රජතුමනි, එයා දැන් ඉන්නේ නිරයේ..” කෙසොල් රජ්ජුරුවන්ට මේ සිද්ධිය අදහාගන්න බෑ. එ් නිසා ආයෙමත් අහනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේ..?” ‘‘ඔව්, දැන් එයා මහා රෞරව කියන නිරයේ ඉපදිලා ඉන්නවා.” රජතුමා තුන්වෙනි වතාවෙත් අහනවා, ‘‘අනේ, භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේ ම ද..?” ‘‘ඔව් රජතුමනි, එයා නිරයේ ම යි.”

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාගේ අතීත ජීවිතයක සිද්ධියක් විස්තර කළා. ‘තගරසිඛී’ කියලා පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩවාසය කළ කාලයේ මෙයා මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා හිටියා. මේ කියන්නේ එයාගේ කලින් ජීවිතයක් ගැන. එ් ජීවිතයෙත් මෙයා දන් දීපු කෙනෙක් නෙවෙයි. නමුත් දවසක් අර පසේබුදුරජාණන් වහන්සේ වඩින විලාසය දැකලා මෙයාගේ හිත පැහැදුණා. පැහැදිලා ‘‘අර ගෙදරටත් යන්න. අපේ ගෙදරින් දානේ ටිකක් දෙයි” කියලා කිව්වා. ඊට පස්සේ ‘‘මෙන්න මේ ස්වාමීන් වහන්සේට දානේ පූජාකරන්න..” කියලා කෑගහලා ගෙදරටත් කිව්වා. එහෙම කියලා මෙයා ගමනක් පිටත් වුණා. ඉතින් ගෙදර මිනිස්සුත් බොහෝම ශ්‍රද්ධාවෙන් දානය පූජාකළා. මෙයා එ් ගමන ගිහිල්ලා ආපහු එද්දී අර පසේබුදුරජාණන් වහන්සේ දානෙත් අරගෙන ආපහු වඩිනවා. මෙයා අහලා තියෙනවා, ‘‘ස්වාමීනී, දානෙ හම්බ වුණා ද?” කියලා. ‘‘හම්බ වුණා” කිව්වා. ”කෝ බලන්න..” කියලා පාත්‍රය බැලූවා. බලද්දී හොඳට පිරෙන්න දානෙ පූජාකරලා. එතකොට මෙයාගේ හිතට අදහසක් ඇවිල්ලා තියෙනවා, ‘අපරාදේ.. මං මේ කරගත්තු වැඩේ.. මං මේක මනුෂ්‍යයෙකුට දුන්න නම් වැඩක්වත් ගන්නවානේ.. උදළු ගාවගන්නවත් තිබුණානේ…’ කියලා මොකක් හරි එහෙම එකක් හිතෙන්න ඇති.

බලන්න, මේ සිද්ධිය එයාගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් අතරේ එක සිදුවීමක් විතරයිනේ. එ් වගේ දේවල් අපේ ජීවිතවලත් කොච්චර වෙනවා ඇද්ද? ‘‘අරයට වතුර ටිකක් දෙන්න.. අරයට කෑම ටිකක් දෙන්න..” කියලා අපි කියපුවා කෙළවරක් නෑනේ. සමහර විට එ් දේවල් අපට මතකත් නෑ. එ් වගේ මෙයාටත් මේක මතක නැතිවෙන්නත් ඇති. නමුත් එයා ‘‘අර ස්වාමීන් වහන්සේට දානෙ පොඞ්ඩක් දෙන්න” කියලා කියාපු එකේ දී ඉලක්ක කළේ පසේබුදු කෙනෙක්ව. නමුත් එයා දන්නේ නෑ, එ් පසේබුදු කෙනෙක් කියලා. දන් දුන්නා. නමුත් පස්සේ ‘අනේ, මීට වඩා වැඩක් ගන්න තිබුණානේ වෙන කාටහරි දුන්න නම්..’ කියලා දීපු දේ ගැන අපැහැදුණා. එ් විදිහට පසේබුදුරජාණන් වහන්සේට දන් දීපු පින එයාගේ ඔක්කොම දේවල් යටපත් කරගෙන ඉස්මතු වුණා. එ්ක තමයි උපනූපන් ආත්මවල සිටුවරයෙකුගේ පවුලක ගිහිල්ලා උපදින්න හේතු වුණේ.

මේක විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නත් හොඳ සිද්ධියක්. එ් කියන්නේ එයා එතැන දී චේතනාවක් පහළ කරලා දානෙ පොඞ්ඩක් දෙන්න ඕන කියලා හිතුවා. අත දිගුකරලා ගෙදරත් පෙන්නුවා. එයාගේ ධනයෙන් දානෙත් දුන්නා. එ් නිසා දානමය පින්කම සිද්ධ වුණා. හැබැයි, ඉතින් දෙවෙනි වතාවේ දී බලලා අසතුටු වුණා. එතකොට මේ සිද්ධ වූ සෑම දෙයක් ම විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තුළ චේතනාව පහළ කරලානේ සිදුවුණේ. ඔන්න පුණ්‍යකර්මය විපාකය හැටියට මැරෙන කොට ම ගිහිල්ලා සිටු පවුලක ඉපදුණා. නමුත් අසතුටු වූ නිසා කන්නේ නෑ. අදත් එ් වගේ අය ඕනතරම් ඉන්න පුළුවන්. හොඳට සල්ලි තියෙනවා, නමුත් එහෙන් මෙහෙන් කෑම කාලා ඉන්නවා. එ් කියන්නේ රහට කෑම කන්නේ නැති මිනිස්සු අදත් ඉන්නවා.

එ් වගේ ම මෙයා තවත් ආත්මයක දී සිටුවරයෙක් වෙලා ඉද්දී ධනය හේතුකරගෙන එයාගේ ඥාති පුතෙක්ව මරවලා. එ් නිසා නිරයේ ගිහිල්ලා අනන්ත දුක් විඳලා අර පසේබුදුරජාණන් වහන්සේට දානෙ පොඞ්ඩ පූජාකරපු පිනෙන් ආයෙමත් සිටු පවුලකට ආවා. එතකොට එයා මේ සිටු පවුලෙ උපදින කොට තවත් කර්මයක් විපාක විඳින්න ඉතිරිව තිබුණා. එ් තමයි ළමයෙක් මරපු එකේ ඉතිරි විපාකය. එ් නිසා ළමයි නෑ. බලන්න, මේ ජීවිතයේ මෙයා ජීවත් වුණේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දී. නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙනි පෙනී, සංඝයා පෙනි පෙනී මෙයාට කල්පනාවක් ආවේ නෑනේ ‘ජීවිතය පිළිබඳ යම්කිසි දෙයක් තේරුම් ගන්න ඕන’ කියලා. ඉතින් මැරිලා ගිහින් නිරයේ ඉපදුණා. එ්කෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘රජතුමනි, එයාගේ එ් පුණ්‍ය විපාකය ආත්ම හතක් තිස්සේ විපාක දුන්නා, දැන් ඉවරයි. ඊට පස්සේ නිරයේ යන්න තිබුණු ඉතුරු කර්ම විපාකයට ආපහු නිරයේ ගියා.’

එතකොට බැලූ බැල්මට පේනවා, මේ කර්ම විපාක කියන්නේ මහා විශාල අද්භූත බලවේගයක්. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට මේක විග්රහ කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා නො කරන්න අපට මේක කිසිසේත් ම තේරුම් ගන්න බෑ. එ්ක නිසයි මිනිස්සු හැමදේටම ‘‘කරුමය.. කරුමය..” කියාගෙන ඉන්නේ. කර්මය කියන්නේ සංස්කාරයක්. එ් කියන්නේ හේතු ප්රත්යයන්ගෙන් හටගත්තු දෙයක්. අනිත්‍ය දෙයක්. එ්ක සංඛතයක් කියලා තේරුම් ගන්න අපට එ් කතන්දරේ ම ප්‍රමාණවත්. ඔන්න එයා දානයක් දුන්නා. එ් කියන්නේ සංඛතයක් ඉපදුණා. සංඛතයක ස්වභාවය තමයි (උප්පාදෝ පඤ්ඤායති) හටගැනීම පේනවා. එ් තමයි එයා ආත්මභාව හතක් සිටු තනතුරේ උපන්නා. (වයෝ පඤ්ඤායති) එ්ක නැතිවෙලා ගියා. (ඨිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති) පවතින එක වෙනස් වෙලා ගියා. කර්මය ආත්මභාව හතේ ම විපාක දීලා ඉවර වුණා. එහෙම නම් කර්ම විපාකයන්ගේ ස්වභාවය තමයි විපාක දීලා අවසන් වෙනවා. නමුත් එක් කර්මයක් විපාක දීලා අවසන් වුණාට සසර ගමන ඉවර වෙන්නේ නෑ. මොකද තවත් කර්ම එකතුවෙලා තියෙනවා.

[QUOTE="asliyanage, post: 25727947, member: 8764"] කර්මය කියන දේ පිළිබඳව පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ අපගේ බුදුරජාණන් වහන්සේයි. බුද්ධකාලීන තවත් අයත් කර්මය ගැන කතාකරන්න යම් උත්සාහයක් අරගෙන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි කර්මය ගැන පරිපූර්ණව විග්‍රහයක් කළේ. මොකද, උන්වහන්සේට කර්මය පිළිබඳව විශේෂ ඤාණයක් තිබුණා. එ්ක උන්වහන්සේගේ දසබල ඤාණවලින් එකක්. එ් තමයි ‘කර්මය සහ කර්ම විපාක ගැන දන්නා නුවණ.’ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මේ ලෝකයේ අචින්තෙය්‍ය කාරණා කිහිපයක් තියෙනවා කියලා. එ් තමයි බුද්ධ විෂය අචින්ත්‍යයි. එ් වගේ ම ලෝකචින්තාව අචින්ත්‍යයි. ධ්‍යාන විෂය අචින්ත්‍යයි. ඊළඟ එක තමයි කම්ම විපාක අචින්ත්‍යයි. එතැන කියන්නේ කම්ම විෂය කියලා නෙවෙයි, කම්ම විපාක අචින්ත්‍යයි කියලයි. එහෙම නම් කර්ම විපාක අචින්ත්‍යයි. එ් කියන්නේ කර්මය විපාක දෙන ස්වභාවය තියෙන්නේ අපට සාමාන්‍යයෙන් හිතලා තේරුම් ගන්න පුළුවන් මට්ටමෙන් නෙවෙයි. එ් නිසා කර්මය පිළිබඳව එකපාරට විග්‍රහයක් කරගන්න බැරි නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘මේක නො වෙනස්ව දිගින් දිගට අපට බලපෑමක් කරනවා ද?’ කියලා. එ්කට හේතුව තමයි එක කර්ම විපාකයක් විපාක දීලා ඉවර වෙද්දී අපි වෙන කර්ම ගොඩක් රැස්කරලා ඉවරයි. එතකොට එ්ක විපාක දෙන්න තවත් කාලයක් යනවානේ. අපි කියමු, ඔන්න කවුරුහරි කෙනෙක් පෙර කර්මයක විපාකයක් හැටියට මේ ජීවිතයේ දී දුකසේ ජීවත් වෙනවා. එ් විදිහට දුක සේ ජීවත් වෙද්දී ම එයා අධාර්මිකවත් ඉන්නවා. එතකොට එයා තවත් පාප කර්මයක් රැස්කරනවා. එතකොට අර කර්මය විපාක දීලා ඉවර වෙද්දී තවත් කර්මයක් විපාකයට ඇවිල්ලා. මොකද චේතනාව කර්මය වෙන නිසා එකක් ඉවරවෙන කොට එකක් එනවා. එ් විදිහට බැලූ බැල්මට මේ කර්ම විපාක දෙන ස්වභාවයේ ඉවරයක් පේන්න නෑ. හැබැයි මේකේ අවසන් වීමක් තියෙනවා. අපි කියමු යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත්වුණා කියලා. එ් විදිහට සෝවාන් ඵලයට පත්වුණොත් එයාට නිරයේ විපාක දෙන්න කර්ම තියෙනවා ද එ්වා අහෝසි වෙනවා. එ් වගේ ම තිරිසන් යෝනියේ විපාක දෙන කර්ම තියෙනවා ද එ්වා අහෝසි වෙනවා. පේ‍්‍රත යෝනියේ විපාක දෙන්න කර්ම තියෙනවා ද.., අසුර යෝනියේ උපදින්න කර්ම විපාක සකස් වෙලා තියෙනවා ද.. එ් ඔක්කොම අහෝසි වෙනවා. ආත්මභාව හතකින් එහාට යන්න කර්ම තියෙනවා ද එ්කත් අහෝසි වෙනවා. එහෙම නම් අපට පේනවා, කර්මයෙන් ගැලවෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ම යි. එයා යම්කිසි විදිහකින් සකදාගාමී වුණොත් ආත්මභාව ගණන තවත් කෙටිවෙනවා. අනාගාමී වුණොත් කාම ලෝකයේ විපාකදීම පිණිස යම්තාක් කර්ම තියෙනවා ද එ් සියලූ කර්ම අහෝසි වෙනවා. එතකොට එයා උපදින්නේ අනාගාමී බ්‍රහ්ම ලෝකයේ. එහේදී තමයි එයාට කර්ම විපාක දෙන්නේ. රහතන් වහන්සේට [B]‘කම්මක්ඛය ඤාණය’[/B] කියලා විශේෂ ඤාණයක් තියෙනවා. එ් කියන්නේ ‘කර්මය ක්ෂය වූ බව දන්නා නුවණ.’ එතකොට අපට පේනවා, එහෙම නම් එහි තියෙන්නේ හේතුවක් නිසා හටගන්න ස්වභාවයක්. එ් කියන්නේ සංඛතයක්. හේතුවක් නිසා හටගන්න ස්වභාවයෙන් තියෙන කර්ම, එ් කර්ම විපාක නැතිවුණාට පස්සේ අහෝසි වෙන්නේ එ්කයි. නමුත් පෘථග්ජන කෙනෙකු සම්බන්ධයෙන් අපට කර්මය පිළිබඳව යම්කිසි සීමාවක් පණවන්න බෑ. සීමාවක් පණවන්න බැරි, කර්මය ඇදි ඇදී එන ස්වභාවය, අපි හිතනවට වඩා හරී වෙනස්. [B][B]කර්මයේ ස්වභාවය තේරුම් ගන්න හොඳ සිද්ධියක්…[/B][/B] බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක සිටුවරයෙක් හිටියා. එ් සිටුවරයාට දරුවන් සිටියේ නෑ. එ් නිසා බිරිඳ මැරුණට පස්සේ මෙයා තනිව ම ජීවත් වුණා. දරුවන් නැති නිසා ‘අපුත්තක සිටාණන්’ කියලා නමකුත් වැටුණා. මෙයා ගතකළේ ඉතාමත් ලෝභ ජීවිතයක්. මෙයා මේ විදිහට ජීවත්වෙලා මැරුණට පස්සේ දරුවෝ හිටපු නැති නිසාත්, බිරිඳ නැති නිසාත් ධනය ඔක්කොම රජයට අයිති වුණා. ඊට පස්සේ කොසොල් රජ්ජුරුවෝ ගිහිල්ලා එ් ඔක්කෝම බලලා එන ගමන් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න සැවැත් නුවරට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ”රජතුමනි, මොකෝ මේ මහ දවල් කොහේ ගිහින් එන ගමන් ද?” කියලා ඇහුවා. ‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපුත්තක සිටාණන් මරණයට පත්වුණා. එයාගේ දේපළ ඔක්කොම ආණ්ඩුවට අයිති වුණා. මම එ් කටයුත්තට ගිහින් එන ගමන්. ස්වාමීනී, එ් සිටුවරයාගේ ජීවිතය හරි පුදුම එකක්. භාග්‍යවතුන් වහන්ස, මෙයාට රත්තරන් විතරක් කෝටි අසූවක් තිබුණා. රිදී හා අනෙකුත් අවශේෂ වස්තුව තාම ගණන් බැලූවේ නෑ. භාග්‍යවතුන් වහන්ස, පුදුම වැඩේ තමයි, මේ සිටුවරයා කාපු බීපු කෙනෙක් නෙවෙයි. මෙයා බොහෝම දුක සේ ගෑවී නො ගෑවී කාලයි ජීවත් වෙලා තියෙන්නේ. එ් වගේ ම එයා ඇඳපු කෙනෙකුත් නෙවෙයි. ගෝනි පඩංගු වගේ එ්වා තමයි ඇඳලා තියෙන්නේ. එ් වගේ ම හොඳ යාන වාහන පාවිච්චි කරපු කෙනෙකුත් නෙවෙයි. කබල් කරත්තයක තමයි මෙයා ගිහින් තියෙන්නේ. ස්වාමීනී, මෙයා ජීවත් වූ හැටි හරි පුදුමයි.” එ් විස්තරය අහපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘රජතුමනි, එයා දැන් ඉන්නේ නිරයේ..” කෙසොල් රජ්ජුරුවන්ට මේ සිද්ධිය අදහාගන්න බෑ. එ් නිසා ආයෙමත් අහනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේ..?” ‘‘ඔව්, දැන් එයා මහා රෞරව කියන නිරයේ ඉපදිලා ඉන්නවා.” රජතුමා තුන්වෙනි වතාවෙත් අහනවා, ‘‘අනේ, භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේ ම ද..?” ‘‘ඔව් රජතුමනි, එයා නිරයේ ම යි.” ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාගේ අතීත ජීවිතයක සිද්ධියක් විස්තර කළා. ‘තගරසිඛී’ කියලා පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩවාසය කළ කාලයේ මෙයා මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා හිටියා. මේ කියන්නේ එයාගේ කලින් ජීවිතයක් ගැන. එ් ජීවිතයෙත් මෙයා දන් දීපු කෙනෙක් නෙවෙයි. නමුත් දවසක් අර පසේබුදුරජාණන් වහන්සේ වඩින විලාසය දැකලා මෙයාගේ හිත පැහැදුණා. පැහැදිලා ‘‘අර ගෙදරටත් යන්න. අපේ ගෙදරින් දානේ ටිකක් දෙයි” කියලා කිව්වා. ඊට පස්සේ ‘‘මෙන්න මේ ස්වාමීන් වහන්සේට දානේ පූජාකරන්න..” කියලා කෑගහලා ගෙදරටත් කිව්වා. එහෙම කියලා මෙයා ගමනක් පිටත් වුණා. ඉතින් ගෙදර මිනිස්සුත් බොහෝම ශ්‍රද්ධාවෙන් දානය පූජාකළා. මෙයා එ් ගමන ගිහිල්ලා ආපහු එද්දී අර පසේබුදුරජාණන් වහන්සේ දානෙත් අරගෙන ආපහු වඩිනවා. මෙයා අහලා තියෙනවා, ‘‘ස්වාමීනී, දානෙ හම්බ වුණා ද?” කියලා. ‘‘හම්බ වුණා” කිව්වා. ”කෝ බලන්න..” කියලා පාත්‍රය බැලූවා. බලද්දී හොඳට පිරෙන්න දානෙ පූජාකරලා. එතකොට මෙයාගේ හිතට අදහසක් ඇවිල්ලා තියෙනවා, ‘අපරාදේ.. මං මේ කරගත්තු වැඩේ.. මං මේක මනුෂ්‍යයෙකුට දුන්න නම් වැඩක්වත් ගන්නවානේ.. උදළු ගාවගන්නවත් තිබුණානේ…’ කියලා මොකක් හරි එහෙම එකක් හිතෙන්න ඇති. බලන්න, මේ සිද්ධිය එයාගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් අතරේ එක සිදුවීමක් විතරයිනේ. එ් වගේ දේවල් අපේ ජීවිතවලත් කොච්චර වෙනවා ඇද්ද? ‘‘අරයට වතුර ටිකක් දෙන්න.. අරයට කෑම ටිකක් දෙන්න..” කියලා අපි කියපුවා කෙළවරක් නෑනේ. සමහර විට එ් දේවල් අපට මතකත් නෑ. එ් වගේ මෙයාටත් මේක මතක නැතිවෙන්නත් ඇති. නමුත් එයා ‘‘අර ස්වාමීන් වහන්සේට දානෙ පොඞ්ඩක් දෙන්න” කියලා කියාපු එකේ දී ඉලක්ක කළේ පසේබුදු කෙනෙක්ව. නමුත් එයා දන්නේ නෑ, එ් පසේබුදු කෙනෙක් කියලා. දන් දුන්නා. නමුත් පස්සේ ‘අනේ, මීට වඩා වැඩක් ගන්න තිබුණානේ වෙන කාටහරි දුන්න නම්..’ කියලා දීපු දේ ගැන අපැහැදුණා. එ් විදිහට පසේබුදුරජාණන් වහන්සේට දන් දීපු පින එයාගේ ඔක්කොම දේවල් යටපත් කරගෙන ඉස්මතු වුණා. එ්ක තමයි උපනූපන් ආත්මවල සිටුවරයෙකුගේ පවුලක ගිහිල්ලා උපදින්න හේතු වුණේ. මේක විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නත් හොඳ සිද්ධියක්. එ් කියන්නේ එයා එතැන දී චේතනාවක් පහළ කරලා දානෙ පොඞ්ඩක් දෙන්න ඕන කියලා හිතුවා. අත දිගුකරලා ගෙදරත් පෙන්නුවා. එයාගේ ධනයෙන් දානෙත් දුන්නා. එ් නිසා දානමය පින්කම සිද්ධ වුණා. හැබැයි, ඉතින් දෙවෙනි වතාවේ දී බලලා අසතුටු වුණා. එතකොට මේ සිද්ධ වූ සෑම දෙයක් ම විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තුළ චේතනාව පහළ කරලානේ සිදුවුණේ. ඔන්න පුණ්‍යකර්මය විපාකය හැටියට මැරෙන කොට ම ගිහිල්ලා සිටු පවුලක ඉපදුණා. නමුත් අසතුටු වූ නිසා කන්නේ නෑ. අදත් එ් වගේ අය ඕනතරම් ඉන්න පුළුවන්. හොඳට සල්ලි තියෙනවා, නමුත් එහෙන් මෙහෙන් කෑම කාලා ඉන්නවා. එ් කියන්නේ රහට කෑම කන්නේ නැති මිනිස්සු අදත් ඉන්නවා. එ් වගේ ම මෙයා තවත් ආත්මයක දී සිටුවරයෙක් වෙලා ඉද්දී ධනය හේතුකරගෙන එයාගේ ඥාති පුතෙක්ව මරවලා. එ් නිසා නිරයේ ගිහිල්ලා අනන්ත දුක් විඳලා අර පසේබුදුරජාණන් වහන්සේට දානෙ පොඞ්ඩ පූජාකරපු පිනෙන් ආයෙමත් සිටු පවුලකට ආවා. එතකොට එයා මේ සිටු පවුලෙ උපදින කොට තවත් කර්මයක් විපාක විඳින්න ඉතිරිව තිබුණා. එ් තමයි ළමයෙක් මරපු එකේ ඉතිරි විපාකය. එ් නිසා ළමයි නෑ. බලන්න, මේ ජීවිතයේ මෙයා ජීවත් වුණේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දී. නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙනි පෙනී, සංඝයා පෙනි පෙනී මෙයාට කල්පනාවක් ආවේ නෑනේ ‘ජීවිතය පිළිබඳ යම්කිසි දෙයක් තේරුම් ගන්න ඕන’ කියලා. ඉතින් මැරිලා ගිහින් නිරයේ ඉපදුණා. එ්කෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘රජතුමනි, එයාගේ එ් පුණ්‍ය විපාකය ආත්ම හතක් තිස්සේ විපාක දුන්නා, දැන් ඉවරයි. ඊට පස්සේ නිරයේ යන්න තිබුණු ඉතුරු කර්ම විපාකයට ආපහු නිරයේ ගියා.’ එතකොට බැලූ බැල්මට පේනවා, මේ කර්ම විපාක කියන්නේ මහා විශාල අද්භූත බලවේගයක්. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට මේක විග්රහ කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා නො කරන්න අපට මේක කිසිසේත් ම තේරුම් ගන්න බෑ. එ්ක නිසයි මිනිස්සු හැමදේටම ‘‘කරුමය.. කරුමය..” කියාගෙන ඉන්නේ. කර්මය කියන්නේ සංස්කාරයක්. එ් කියන්නේ හේතු ප්රත්යයන්ගෙන් හටගත්තු දෙයක්. අනිත්‍ය දෙයක්. එ්ක සංඛතයක් කියලා තේරුම් ගන්න අපට එ් කතන්දරේ ම ප්‍රමාණවත්. ඔන්න එයා දානයක් දුන්නා. එ් කියන්නේ සංඛතයක් ඉපදුණා. සංඛතයක ස්වභාවය තමයි (උප්පාදෝ පඤ්ඤායති) හටගැනීම පේනවා. එ් තමයි එයා ආත්මභාව හතක් සිටු තනතුරේ උපන්නා. (වයෝ පඤ්ඤායති) එ්ක නැතිවෙලා ගියා. (ඨිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති) පවතින එක වෙනස් වෙලා ගියා. කර්මය ආත්මභාව හතේ ම විපාක දීලා ඉවර වුණා. එහෙම නම් කර්ම විපාකයන්ගේ ස්වභාවය තමයි විපාක දීලා අවසන් වෙනවා. නමුත් එක් කර්මයක් විපාක දීලා අවසන් වුණාට සසර ගමන ඉවර වෙන්නේ නෑ. මොකද තවත් කර්ම එකතුවෙලා තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom