Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මජ රෝග සුව කිරීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මයෙන් හටගන්නා රෝග සුව කිරීමටත් ක්‍රම ඇති බව දම්පියාටුවාවේ ක්‍රෝධවර්‍ගයෙහි එන රෝහිණී ගේ කථාවෙන් තේරුම් ගත හැකි ය. ඒ මෙසේ ය:

එක් කලෙක අනුරුද්ධ මහරහතන් වහන්සේ පන්සියයක් භික්ෂූන් ද සමග කිඹුල්වත්පුරයට වැඩි සේක. උන්වහන්සේ ගේ නැගණිය වන රෝහිණිය හැර සෙසු නෑයෝ උන් වහන්සේ දක්නට පැමිණියහ. රෝහිණිය ගේ නො පැමිණීම ගැන විචාළ කල්හි ‘කුෂ්ඨ රෝගයක් වැළඳී ඇති බැවින් ලජ්ජාවෙන් ඈ නො පැමිණියාය’ යි නෑයෝ තෙරුන් වහන්සේට සැල කළහ. එකල්හි තෙරුන් වහන්සේ ඇය කැඳවා ගෙන එන පරිදි කෙනකු යැවූහ. රෝහිණී තේරුන් වහන්සේ ගේ අණ නො ඉක්මවා, සියුම් හැට්ටයකින් සිරුර වසා ගෙන තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණ, කුෂ්ඨරෝගය නිසා ලජ්ජාවෙන් කලින් නො පැමිණි බව සැළ කළා ය. එකල්හි තෙරුන් වහන්සේ ‘නැගණියනි, තිට පිනක් කිරීම නරකයැ’යි ඇසූහ. “හොඳය: හිමියනි! මම කිනම් පිනක් කරන්නෙම්දැ?” යි රෝහිණී කිවා ය. ‘මහසඟනට අසුන්හලක් කරව’ යි තෙරුන් වහන්සේ වදාළහ. එබඳු ලොකු වැඩක් මම කෙසේ කරන්නෙම් දැ යි රෝහිණී කීවාය. තිගේ ආභරණ රාශියක් තිබෙනවා නොවේ ද? ඒවා කොතෙක් වටිනවාදැ යි තෙරුන් වහන්සේ ඇසූහ. ‘ස්වාමීනි, දසදහසක් පමණ වටනේය’ යි රෝහිණී කීවා ය. ‘එසේ නම්, ඒවා මිල කොට ඒ මිලයෙන් අසුන් හලක් කරවව’යි වදාළ සේක. ‘මට අසුන්හලක් කවුරු කරවා දෙත්දැ’යි රෝහිණී කීවා ය. තෙරුන් වහන්සේ ළඟ සිටි නෑ පිරිස දෙස බලා, ‘එය කරවීම නුඹලාට බාරය’ යි වදාළහ. ‘නුඹවහන්සේ කුමක් කරන සේක් දැ’යි නෑයෝ කීහ. ‘අපි ද එයට සහාය වන්නෙමු’යි තෙරුන් වහන්සේ වදාළහ.

නෑයෝ ආසන ශාලාව කරවනු පිණිස දැව ආදිය රැස් කළහ. තෙරුන් වහන්සේ ආසන ශාලාව කිරීමට උපදෙස් දුන්හ. එය දෙමහල් ගොඩනැගිල්ලක් විය. එහි උඩු මාලයේ සොල්දරය දැමූ තැන් පටන් මහ සඟනට පැන් තැබීම්, හැමදීම්, අසුන් පැනවීම් ආදි වත් සියතින් ම කරන ලෙස තෙරුන් වහන්සේ රෝහිණීට නියම කළහ. ඕ මහත් සැදැහැයෙන් තෙරුන් වහන්සේ වදාළ පරිදි දිනපතා සංඝයා ගේ වත පිළියෙත කළා ය. භික්ෂූහු දිනපතා ම අසුන් හළට ගොස් ඇය ගෙනැවිත් තබන පැන් පරිභෝග කරන්නාහ. ඇය පනවා තබන අසුන්වල වැඩ සිටින්නාහ. අසුන්හලෙහි වත පිළිවෙත කරත් කරත් ම කිසිම බෙහෙතකින් සුව කළ නො හැකිව තුබූ ඇගේ කුෂ්ඨරෝගය ක්‍රමයෙන් වියළී යන්නට පටන් ගත්තේ ය.

ශාලාව කරවා අවසානයෙහි රෝහිණී බුදුපාමොක් මහසඟන එහි වැඩම කරවා මහදනක් දුන්නා ය. දන් වළඳා අවසානයෙහි තථාගතයන් වහන්සේ ‘මේ දානය කාගේදැ’යි ඇසූහ. එකල්හි අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ‘මේ දානය මාගේ නැගණිය වන රෝහිණිය ගේ ය’යි සැළ කළහ. එකල්හි තථාගතයන් වහන්සේ ඇය කැඳවන ලෙස වදාළහ. ඕ තොමෝ බුදුන් වහන්සේ ඉදිරියට එන්නට නො කැමති වූවා ය. එහෙත් තථාගතයන් වහන්සේ නැවත ද ඇය කැඳවූහ. ඇය අවුත් වැඳ සිටි කල්හි තථාගතයන් වහන්සේ ‘තී නො ආයේ කුමක් නිසා දැ’යි වදාළහ. ‘මාගේ ශරීරයේ සම කැත වී ඇති බැවින් ලජ්ජාවෙන් නො ආමි’යි රෝහිණී කීවා ය. එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ රෝගය කවර හේතුවකින් ඇති වූයේ දැයි තී දන්නෙහි දැ’ යි විචාළ සේක. රෝහිණී ‘නො දනිමි ස්වාමීනි’යි සැල කළ කල්හි, ‘තිගේ ක්‍රෝධය නිසා තිට මේ රෝගය ඇති වූයේ ය’යි වදාළ සේක. රෝහිණී, මා විසින් කුමක් කරන ලදදැ’යි විචාළ කල්හි, තථාගතයන් වහන්සේ අතීතයෙහි ඇය කළ පාපය වදාළ සේක. ඒ මෙසේ ය:-

අතීතයෙහි රෝහිණී බරණැස් රජු ගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ රජු ගේ එක් නාටිකාංගනාවක් හා වෛර බැඳ ඇගෙන් පළි ගැනීමට සිතා දිනක් ඇය තමා සමීපයට ගෙන්වා ඇයට නො දැනෙන පරිදි අනිකකු ලවා ඒ ස්ත්‍රිය ගේ යහනෙහි ඇතිරිලිවල කසඹිලියා ගෙඩි සුණු කරවා ගැල්වූවා ය. ඕ තොමෝ ද ක්‍රීඩා කරන ආකාරයෙන් කසඹිලියා සුණු ඇගේ ශරීරයෙහි ද ගැල්වූවා ය. එකෙණෙහි ම නාටිකාංගනාව ගේ ඇඟේ පළු මතු වී කසන්නට පටන් ගත්තා ය. ඈ වේදනාව නො ඉවසිය හැකිව තමා ගේ යහනෙහි වැතිර ගත්තා ය. එහි වූ කසඹිලියා සුණු තැවරීමෙන් ඇගේ වේදනාව තවත් බලවත් වූවා ය. මේ රෝහිණිය අතීතයේ කළ පාපය ය. තථාගතයන් වහන්සේ මේ යටගිය පුවත ගෙන හැර දක්වා දහම් දෙසූ කල්හි බොහෝ දෙනකුන් සමග රෝහිණී ද සෝවාන් ඵලයෙහි පිහිටියා ය. එකෙණෙහි ම කුෂ්ඨරෝගය සම්පූර්ණයෙන් සුව වී ඇගේ ශරීරය රන් රුවක් මෙන් බබලන්නට වූයේ ය.

ඇතැම් අකුශල කර්මයන් ගේ විපාකය ඒ ඒ අකුශලයට විරුද්ධ කුශලයන් කිරීමෙන් වළකාලිය හැකි බව මේ රෝහිණී ගේ කථාවෙන් තේරුම් ගත හැකි ය. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඈ තමා ගේ ආභරණ විකුණා ආසන ශාලාවක් කරවීමෙහි හා එහි වත පිළිවෙත කිරීමෙහිත් යොදවනු ලැබූයේ ඒ පින්වලින් අතීත අකුශල කර්මයේ බලය හීන වී යන බැවිනි. ඒ පින් නො කළා නම් ජනයා ඉදිරියට නො පැමිණිය හැකි ඒ රෝගය නිසා ඇගේ ජීවිතය නිෂ්ඵල වන්නේ ය. මතු බොහෝ ජාති ගණනක් ද ඇයට එසේ ම සිදුවන්නට තිබිණ. කළ පවට විරුද්ධ වූ කුශල ක්‍රියාවෙන් ඈ ඒ දුකෙන් මිදුණා ය. ඇය කළ පාපය නම් අනික් තැනැත්තියකට දුක් දීම ය. ආසන ශාලාවක් කරවා එහි වත පිළිවෙත කිරීම අනුන්ට සැපයක් ඇතිකර දීමකි. එබැවින් එය අනුන්ට දුක් දීමේ අකුශලයට ප්‍රති විරුද්ධ කුශලයෙකි.

Source: ධර්ම විනිශ්චය

[MEDIA=youtube]sYWQGIgb6qg[/MEDIA]

ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න... තෙරුවන් සරණයි

[QUOTE="OrangeHat, post: 26408119, member: 563159"] [COLOR=rgb(0, 168, 133)][SIZE=5]කර්මයෙන් හටගන්නා රෝග සුව කිරීමටත් ක්‍රම ඇති බව දම්පියාටුවාවේ ක්‍රෝධවර්‍ගයෙහි එන රෝහිණී ගේ කථාවෙන් තේරුම් ගත හැකි ය. ඒ මෙසේ ය: එක් කලෙක අනුරුද්ධ මහරහතන් වහන්සේ පන්සියයක් භික්ෂූන් ද සමග කිඹුල්වත්පුරයට වැඩි සේක. උන්වහන්සේ ගේ නැගණිය වන රෝහිණිය හැර සෙසු නෑයෝ උන් වහන්සේ දක්නට පැමිණියහ. රෝහිණිය ගේ නො පැමිණීම ගැන විචාළ කල්හි ‘කුෂ්ඨ රෝගයක් වැළඳී ඇති බැවින් ලජ්ජාවෙන් ඈ නො පැමිණියාය’ යි නෑයෝ තෙරුන් වහන්සේට සැල කළහ. එකල්හි තෙරුන් වහන්සේ ඇය කැඳවා ගෙන එන පරිදි කෙනකු යැවූහ. රෝහිණී තේරුන් වහන්සේ ගේ අණ නො ඉක්මවා, සියුම් හැට්ටයකින් සිරුර වසා ගෙන තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණ, කුෂ්ඨරෝගය නිසා ලජ්ජාවෙන් කලින් නො පැමිණි බව සැළ කළා ය. එකල්හි තෙරුන් වහන්සේ ‘නැගණියනි, තිට පිනක් කිරීම නරකයැ’යි ඇසූහ. “හොඳය: හිමියනි! මම කිනම් පිනක් කරන්නෙම්දැ?” යි රෝහිණී කිවා ය. ‘මහසඟනට අසුන්හලක් කරව’ යි තෙරුන් වහන්සේ වදාළහ. එබඳු ලොකු වැඩක් මම කෙසේ කරන්නෙම් දැ යි රෝහිණී කීවාය. තිගේ ආභරණ රාශියක් තිබෙනවා නොවේ ද? ඒවා කොතෙක් වටිනවාදැ යි තෙරුන් වහන්සේ ඇසූහ. ‘ස්වාමීනි, දසදහසක් පමණ වටනේය’ යි රෝහිණී කීවා ය. ‘එසේ නම්, ඒවා මිල කොට ඒ මිලයෙන් අසුන් හලක් කරවව’යි වදාළ සේක. ‘මට අසුන්හලක් කවුරු කරවා දෙත්දැ’යි රෝහිණී කීවා ය. තෙරුන් වහන්සේ ළඟ සිටි නෑ පිරිස දෙස බලා, ‘එය කරවීම නුඹලාට බාරය’ යි වදාළහ. ‘නුඹවහන්සේ කුමක් කරන සේක් දැ’යි නෑයෝ කීහ. ‘අපි ද එයට සහාය වන්නෙමු’යි තෙරුන් වහන්සේ වදාළහ. නෑයෝ ආසන ශාලාව කරවනු පිණිස දැව ආදිය රැස් කළහ. තෙරුන් වහන්සේ ආසන ශාලාව කිරීමට උපදෙස් දුන්හ. එය දෙමහල් ගොඩනැගිල්ලක් විය. එහි උඩු මාලයේ සොල්දරය දැමූ තැන් පටන් මහ සඟනට පැන් තැබීම්, හැමදීම්, අසුන් පැනවීම් ආදි වත් සියතින් ම කරන ලෙස තෙරුන් වහන්සේ රෝහිණීට නියම කළහ. ඕ මහත් සැදැහැයෙන් තෙරුන් වහන්සේ වදාළ පරිදි දිනපතා සංඝයා ගේ වත පිළියෙත කළා ය. භික්ෂූහු දිනපතා ම අසුන් හළට ගොස් ඇය ගෙනැවිත් තබන පැන් පරිභෝග කරන්නාහ. ඇය පනවා තබන අසුන්වල වැඩ සිටින්නාහ. අසුන්හලෙහි වත පිළිවෙත කරත් කරත් ම කිසිම බෙහෙතකින් සුව කළ නො හැකිව තුබූ ඇගේ කුෂ්ඨරෝගය ක්‍රමයෙන් වියළී යන්නට පටන් ගත්තේ ය. ශාලාව කරවා අවසානයෙහි රෝහිණී බුදුපාමොක් මහසඟන එහි වැඩම කරවා මහදනක් දුන්නා ය. දන් වළඳා අවසානයෙහි තථාගතයන් වහන්සේ ‘මේ දානය කාගේදැ’යි ඇසූහ. එකල්හි අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ‘මේ දානය මාගේ නැගණිය වන රෝහිණිය ගේ ය’යි සැළ කළහ. එකල්හි තථාගතයන් වහන්සේ ඇය කැඳවන ලෙස වදාළහ. ඕ තොමෝ බුදුන් වහන්සේ ඉදිරියට එන්නට නො කැමති වූවා ය. එහෙත් තථාගතයන් වහන්සේ නැවත ද ඇය කැඳවූහ. ඇය අවුත් වැඳ සිටි කල්හි තථාගතයන් වහන්සේ ‘තී නො ආයේ කුමක් නිසා දැ’යි වදාළහ. ‘මාගේ ශරීරයේ සම කැත වී ඇති බැවින් ලජ්ජාවෙන් නො ආමි’යි රෝහිණී කීවා ය. එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ රෝගය කවර හේතුවකින් ඇති වූයේ දැයි තී දන්නෙහි දැ’ යි විචාළ සේක. රෝහිණී ‘නො දනිමි ස්වාමීනි’යි සැල කළ කල්හි, ‘තිගේ ක්‍රෝධය නිසා තිට මේ රෝගය ඇති වූයේ ය’යි වදාළ සේක. රෝහිණී, මා විසින් කුමක් කරන ලදදැ’යි විචාළ කල්හි, තථාගතයන් වහන්සේ අතීතයෙහි ඇය කළ පාපය වදාළ සේක. ඒ මෙසේ ය:- අතීතයෙහි රෝහිණී බරණැස් රජු ගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ රජු ගේ එක් නාටිකාංගනාවක් හා වෛර බැඳ ඇගෙන් පළි ගැනීමට සිතා දිනක් ඇය තමා සමීපයට ගෙන්වා ඇයට නො දැනෙන පරිදි අනිකකු ලවා ඒ ස්ත්‍රිය ගේ යහනෙහි ඇතිරිලිවල කසඹිලියා ගෙඩි සුණු කරවා ගැල්වූවා ය. ඕ තොමෝ ද ක්‍රීඩා කරන ආකාරයෙන් කසඹිලියා සුණු ඇගේ ශරීරයෙහි ද ගැල්වූවා ය. එකෙණෙහි ම නාටිකාංගනාව ගේ ඇඟේ පළු මතු වී කසන්නට පටන් ගත්තා ය. ඈ වේදනාව නො ඉවසිය හැකිව තමා ගේ යහනෙහි වැතිර ගත්තා ය. එහි වූ කසඹිලියා සුණු තැවරීමෙන් ඇගේ වේදනාව තවත් බලවත් වූවා ය. මේ රෝහිණිය අතීතයේ කළ පාපය ය. තථාගතයන් වහන්සේ මේ යටගිය පුවත ගෙන හැර දක්වා දහම් දෙසූ කල්හි බොහෝ දෙනකුන් සමග රෝහිණී ද සෝවාන් ඵලයෙහි පිහිටියා ය. එකෙණෙහි ම කුෂ්ඨරෝගය සම්පූර්ණයෙන් සුව වී ඇගේ ශරීරය රන් රුවක් මෙන් බබලන්නට වූයේ ය. ඇතැම් අකුශල කර්මයන් ගේ විපාකය ඒ ඒ අකුශලයට විරුද්ධ කුශලයන් කිරීමෙන් වළකාලිය හැකි බව මේ රෝහිණී ගේ කථාවෙන් තේරුම් ගත හැකි ය. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඈ තමා ගේ ආභරණ විකුණා ආසන ශාලාවක් කරවීමෙහි හා එහි වත පිළිවෙත කිරීමෙහිත් යොදවනු ලැබූයේ ඒ පින්වලින් අතීත අකුශල කර්මයේ බලය හීන වී යන බැවිනි. ඒ පින් නො කළා නම් ජනයා ඉදිරියට නො පැමිණිය හැකි ඒ රෝගය නිසා ඇගේ ජීවිතය නිෂ්ඵල වන්නේ ය. මතු බොහෝ ජාති ගණනක් ද ඇයට එසේ ම සිදුවන්නට තිබිණ. කළ පවට විරුද්ධ වූ කුශල ක්‍රියාවෙන් ඈ ඒ දුකෙන් මිදුණා ය. ඇය කළ පාපය නම් අනික් තැනැත්තියකට දුක් දීම ය. ආසන ශාලාවක් කරවා එහි වත පිළිවෙත කිරීම අනුන්ට සැපයක් ඇතිකර දීමකි. එබැවින් එය අනුන්ට දුක් දීමේ අකුශලයට ප්‍රති විරුද්ධ කුශලයෙකි. Source: [URL='https://pitaka.lk/books/dharma-winishchaya/index.html#47']ධර්ම විනිශ්චය[/URL] -------------------------------------------------------------------------------------------------------------------------------------------------- [MEDIA=youtube]sYWQGIgb6qg[/MEDIA][/SIZE] [SIZE=5]ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න... තෙරුවන් සරණයි 🙏🙏🙏[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom