ශ්‍රී ලංකාව හරිම සුන්දර රටක්...
මම හරිම ආදරෙයි
කරීනා කපූර්
ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමිය ඉදිරිපත් කළ අයිෆා සති අන්තය සහ අයිෆා සම්මාන උළෙල නිමාවෙලා හරියටම සතියක් ගෙවී අවසන් වුණත් එහිදී සිදු වූ ප්‍රවෘත්තිවලට ඇත්තේ කදිම ඉල්ලුමක්.
පසුගිය 04 වැනි සෙනසුරාදා පස්වරුවේ බොහොම අපූරු කාර්යයක් සතිඅන්තයට සමගාමීව සිදු වුණා. ඒ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී.
ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය "පීපල්ස්" සඟරාව ඔවුන්ගේ නවතම කලාපය ශ්‍රී ලංකාවේදී නිකුත් කළා. එම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස එකතු වුණේ සුරූපී කරීනා කපූර්.
ඇය තමයි මෙවර "පීපල්ස්" කලාපයේ කවරය හැඩකරන්නේ. "ඉන්ඩියන් මෝස්ට් බියුටිෆුල්" (India's Most Beautiful) තේමාව යටතේ පළමුවෙන් "පීපල්ස්" කවරය හැඩවෙන්නේ මේකප්වලින් තොර වූ කරීනාගේ සුන්දර ඡායාරූපයකින්.
එම අවස්ථාවට එකතුවෙමින් දෙස් විදෙස් මාධ්‍ය අමතා කරීනා මෙසේ තමන්ගේ අදහස් ඉදිරිපත් කළා.
"මම ෂූටිං නැති හැම වෙලාවකම මේකප්වලින් ඉවත්වෙලා ඉන්න කැමති කෙනෙක්. මම සාමාන්‍ය ජීවිතය තුළදී කජාල් පමණයි ගල්වන්නේ.
මම ගෝවාවල චිත්‍රපට රූපගත කිරීමකට එකතු වෙමින් සිටි කාලය තුළදියි එහි මුහුදු වෙරළේදී මෙම කවරය සඳහා ඡායාරූප ගැනීම් සිදු කළේ. සියල්ලටම සූදානම් වෙන්න ගියේ ඉතාම අඩු කාලයක්. හරිම සුන්දර අත්දැකීමක්.
ඔබ මෙතරම් සුන්දර වුණේ කොහොමද?
මම බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒ සඳහා මගේ පවුලේ අයගෙන් සාහිෆ්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.
විශේෂයෙන් මම ලබාගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් වෙනවා. මම මස්වර්ග කන්නේ නැහැ. අපේ උදරය සොහොන් බිමක් නෙවෙයිනේ. මම අවුරුදු පහක ඉඳලා කන්නේ එළවළු සහ පළතුරු විතරයි. ඇත්තටම ඒ වෙනස මා තුළින් හොඳින් බලාගන්නට පුළුවනි.
ඔබ මේකප්වලින් තොරව ඇවිදින්න යනවාද?
ඔව් මම ෂූටිං නැති හැම වෙලාවකම මේකප්වලින් තොරව තමයි ඇවිදින්න යන්නේ. මටත්, සාහිෆ්ටත් විවේකයක් ලැබෙන කාලයට අපි බොහෝ වේලාවට යුරෝපයේ නිවාඩුවක් ගත කිරීම සඳහා යනවා. ඒ වෙලාවට එහි ජීවත්වන මගේ රසික රසිකාවියන්ගෙන් වසන්වෙලා ඉන්න මේකප්වලින් තොරවීම උදව් වෙනවා.
විශේෂයෙන්ම එහි ජීවත්වන ඉන්දියානුවන් මාව හඳුනාගත්විට ඔවුන් ඒ මමදැයි හරියටම බලන්නේ පුදුමයෙන්, චකිතයෙන්.
තරුවක් මේකප්වලින් තොරව ඇවිදීවි යෑයි හිතන්නේ නැහැනේ. ඔවුන්ගේ හැසිරීම මටත් හරිම පුදුමයක්...! (ඇය සිනාසෙන්නට විය)
ශ්‍රී ලංකාව ගැන මොනවද හිතන්නේ...
හරිම සුන්දර රටක්. අපි ලංකාවට ආපු මොහොතේ ඉතාම උණුසුම් පිළිගැනීමක් අපට ලැබුණා. කෑම හරිම රසයි. ශ්‍රී ලංකාවේ ජනතාව හරිම හොඳයි. හරිම මිත්රශීලියි. මම හරිම ආදරෙයි ශ්‍රී ලංකාවට.