Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කරුණාවයි! කරුණාවයි! සමන් දෙවිඳු කරුණාවයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණාවයි! කරුණාවයි! සමන් දෙවිඳු කරුණාවයි!

මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කරමින් දම් අමාවෙන් ලෝ සත සුවපත් කොට වදාළ සේක. අටෝරාශියක් මඟුල් ලකුණින් ශෝභමාන වූ ඒ තථාගත ශ්‍රී පාදස්පර්ශයෙන් පොළෝ මහීකාන්තාව පවා උදම් වූවා ය. උත්තම සම්බුද්ධ කාය පරිනිර්වාණයට පත් වී වසර 2557ක් ගතව ඇති වර්තමානයේ පවා දෙව් බඹ පිරිස් ද සැදැහැති මිනිසුන් ද ඒ රන්වන් සිරිපා පුද දෙති.

සම්බුදු පාද ස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් වූ නිසාවෙන් අද දක්වා දෑත නළලේ තබා වඳිනා වැඳුම් පිළිගැනීමට භාග්‍යවන්ත වූ ගිරිකුලක් හෙළදිවේ ඇත. තෙවන ලංකාගමනයේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ගේ ඇරයුම පරිදි සිරිපා සටහන පිහිටුවා වදාළ මේ පූජනීය ගිරි හිස නම් සමනල කන්ද යි.

අනාදිමත් කාලයක සිට විවිධ නම්වලින් හැඳින්වෙන සමන්තකූට පර්වතය සමස්ත ලෝකයාගේ ම ගෞරවාදරයට පාත්‍ර වූ උස් ගිරිශිඛරයකි. සමනොල ගිර රැඳුනු සිරිපදලස දැක බලා වැඳුම් පිදුම් කිරීමට බොහෝ දෙනා අසීමිත ඇල්මක් දක්වති. සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් වූ සමන්ත කූටය වටා ගෙතී ඇති ජනප්‍රවාද ද රාශියකි.

අසිරිමත් ඉර සේවය

බොහෝ ජනයාගේ වන්දනාවට හා පූජාවට ලක් වූ ශ්‍රී පාදස්ථානයෙහි වන්දනා සමය ඇරඹෙන්නේ උඳුවප් මාසයෙනි. එතැන් සිට වෙසක් මාසය දක්වා කාලය සිරිපා වාරය යි. බහුල වශයෙන් වන්දනාකරුවන් සිරිපා නගින්නේ සන්ධ්‍යා කාලයේ යි. රාත්‍රී කාලයේ සිරිපා මළුවේ ගත කර ඉර සේවය නැරඹීමට ඔව්හු අමතක නො කරති. සමනොල කඳු මුදුනේ සිට බලන සිට මධ්‍යම කඳුකරයේ කොටපොල කඳු මුදුනින් එක් වරකට පෙනෙමින් ද තවත් වරකට සැඟවෙමින් ද නොයෙක් ආකාරයෙන් විවිධ රැස් ධාරා පතුරවමින් සුර්යයා එක්වර ම උදාවන ආකාරය සැබැවින් ම මනස්කාන්ත දර්ශනයකි. මෙවැනි දර්ශනීය සුර්ය උදාවක් ලොව අන් කවර තැනකවත් දැකිය නො හැකි බව තතු දත් අය පවසති.

මුල්ම ඓතිහාසික යුගයේ සබරගමු ප්‍රදේශයේ දේව රාජ්‍යයක් පැවතියේ යැයි මතයක් ඇත. මේ දේව රාජ්‍යයේ නායකයන් දෙදෙනා වුයේ මහා සුමන හා භාගිනෙයිය සුමන ය. මහා සුමන විසු ප්‍රදේශය සමන්තකූටය යනුවෙන් ද භාගිනෙයිය සුමන විසු ප්‍රදේශය බෑණ සමනොල යනුවෙන් ද හැඳින්වේ.

සිරිපා සලකුණ පිහිටුවීමට ආරාධනා කරති.

සමන්තකූට වාසී සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය වූ මහියංගණ ගමනේ දී උන්වහන්සේ හමුවී බණ අසා සෝවාන් ඵලයට පත් වුහ. තෙවෙනි වර කැලණියට වැඩි ගමනේ දී, මඟඵල ලාභී සුමන සමන් දෙවියෝ සමන්ත කූටයේ සිරිපතුල පිහිටුවන්නැයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. ඉන්පසුව ය ලෝකානුකම්පාවෙන් යුතු වූ තථාගතයන් වහන්සේ සමන්ගිර මුදුනේ ඉන්ද්‍ර නීල මාණික්‍යයක් මත සිරිපද ලස පිහිටුවා වදාළේ. සුමන සමන් දෙවියන් වෙනත් හින්දු දේව සමාගමකට අයිති දෙවි කෙනෙක් නො ව ලක්වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වූ සමන්ත කූටයේ විසූ තිසරණ සරණ ගිය මඟඵලලාභී දෙවි කෙනෙකි. බෞද්ධ ශාසනාරක්ෂක දෙවියෙකු බවට පත් වූ සුමන සමන් දෙවිඳුන්ට ඇප කැප වූ නිවහනක් ලෙස සබරගමු සමන් දේවාලය දඹදෙණි යුගයේ දී ඉදිකරන ලදැයි සන්නසක සඳහන් වේ.

මුලින් ම ශ්‍රී පාදය වන්දනා කළ හෙළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් කිව නො හැකි නමුත් වසර දෙදහසකට පෙර සිරිපා වැඳ පුදාගත් රජ කෙනෙකු වශයෙන් ක්‍රි. පූ. 29 සිට 17 දක්වා රජ කළ වළගම්බා රජතුමා ගැන සඳහන් වේ. විජයබාහු, මහා පරාක්‍රමබාහු, සිවුවැනි මිහිඳු, ශ්‍රී සංඝබෝධි වැනි රජවරු ද සමනල කන්ද නැග සිරිපා වැඳ පුදා ගත බව සඳහන් ය. කෙසේ වුව ද සිරිපා වන්දනාවට සබැඳි ජනප්‍රිය ම ඉතිහාසය ඇත්තේ ශ්‍රී නිශ්ශංකමල්ල රජුට ය. එතුමාගේ රාජ්‍ය සමයේ දී ශ්‍රී පාදය සොයාගත් බව දැක්වෙන කතාවක් ද ජනප්රවාදයේ එයි. නිශ්ශංකමල්ල රජතුමා කළිඟු කුමරෙකුගේ ද පැරකුම්බා රජුගේ සොහොයුරියකගේ ද දරුවෙකි.

මල් හොරාගෙන් හෙළි වූ පූජනීය රහස

නිශ්ශංකමල්ල රජතුමාගේ උයනේ මල් හොරාගෙන යන බවට ලැබුණු තොරතුරක් නිසා, ඒ හොරු අල්ලා දෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට රට පුරා අඬබෙර යැවිණි. මේ කාලයේ එක්තරා ගමක විසූ වැඩිමල් සොහොයුරා සමඟ විවාහ වී සිටි ස්ත්‍රියක් ඔහුගේ බාල සොහොයුරාව ද අනියම් සම්බන්ධතාවකට පොළඹවා ගැනීමට හැදුවා ය. බාල සොහොයුරා ඊට බලවත් අකමැත්තක් දැක් වූ නිසා එම ස්ත්‍රිය හටගත් වෛරයෙන් ඔහු මරා දැමීමට සිතුවා ය. දිනක් ඇය ස්වාමි පුරුෂයා හමුවේ, ‘‘ඔබේ සහෝදරයා ඔබ නැති වෙලාවට මට කරදර හිරිහැර කිරීමට උත්සාහ කරනවා. ඒ කරදරයෙන් මාව බේර ගන්න” යැයි ඉල්ලූවා ය. කෝපයට පත් වැඩිමහලූ සොයුරා තම මල්ලී රවටා ගෙන කැලයට ගෙන ගොස් ඔහුගේ අත් පා කපා දැමුවේ ය. වන මුල්, ඵල ආදිය කමින් දිවි බේරා ගත් බාල සොහොයුරා සුවයට පත් වූයේ පුදුම සහගත අන්දමට ය. අත් පා අංගවිකල වූ බැවින් ‘කොටා’ නමින් ප්‍රකට වූ හෙතෙමේ රජුගේ උයනේ මල් කඩන හොරු අල්ලා දීමට බාර ගත්තේ ය.

රාජකීය උද්‍යානයෙන්, නො විමසා මල් ගෙන ගියේ එසේ මෙසේ පිරිසක් නො වේ. ඔවුන් දිව්‍යාංගනාවන් ය. මල් ගෙන ගියේ ද එසේ මෙසේ කටයුත්තකට නො වේ, සම්බුදු සිරිපතුල මලින් පුද දෙනු පිණිස ය. මල් උයනේ සැදු කුටියක නතර වූ ආබාධිත මිනිසා සොරු අල්ලා ගැනීම පිණිස උත්සාහ දරන අතරේ රාත්‍රී කාලයේ මිහිරි හඬින් සතිපට්ඨාන සුත්‍රය කියවයි. ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට මල් කඩන සුරංගනාවියන් එදිනට පැමිණ මල් කඩන අතර මේ හඬ ඇසෙන්නට විය. ධර්මය ඇසීමට මහත් ආශාවක් ඇති වූ නිසා සුරංගනාවියෝ දින තුනක් පැමිණ එම හඬට ඇහුම්කන් දුන්හ. මෙසේ පිරිත් කියන්නේ කව්දැයි දිනක් ඔව්හු විමසූහ. ඔහු, ‘‘අත පා නැති කොටෙක්” යැයි පිළිතුරු දුන්නේ ය. ‘‘මල් කඩන්නේ කුමකට ද?” යැයි විමසූ විට ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට බව දිව්‍යාංගනාවන් කීහ.

‘‘මටත් ශ්‍රී පාදය පෙන්වන්නැ”යි කොටා ඉල්ලී ය. ‘‘එසේ නම් මේ සළු පොට අල්ලා ගන්නැ”යි දෙවඟනක් සළු පොටක් කුටිය තුළට දැමුවා ය. එය ශරීරයේ ස්පර්ශ වනවාත් සමඟ ම ඔහුගේ අත් පා කලින් තිබූ ලෙසට ම හැදුණේ ය. සුරඟනන්ගේ සළු පොට අල්ලා ගෙන ශ්‍රී පාදස්ථානයට ගොස් වන්දනා කළ කොටා නැවත රජ උයනට ඇරල වූ දෙවඟනෝ අතුරුදහන් වුහ.

නිශ්ශංකමල්ල රජු සිරිපා වැඳ පුදා ගනී

කොටා රජතුමාට සියලූ විස්තර දැන්වීමෙන් පසු රජුට ද එය දැක බලා වන්දනා කිරීමට මහත් ආශාවක් ඇති විය. ශ්‍රී පාදයට යන මඟ සලකුණු පෙන්වන ලෙස සුරඟනන්ට දන්වන්නැයි රජු කොටාට කීවේ ය. කොටා ද එදින රාත්‍රී පෙර පරිදි ම සුරඟනෝ පැමිණි පසු මේ තොරතුරු කීවේ ය. ‘‘අපි පාර දිගේ මල් දමාගෙන යන සලකුණින් ශ්‍රී පාදස්ථානයට යන්නැ”යි සුරංගනාවියෝ කීහ. රජතුමා චතුරංගනී සේනාව පිරිවරා දෙවඟනන් මල් දමා ගිය මඟ සලකුණු ඔස්සේ ශ්‍රී පාදයට ගියහ.

පළමු ව වඳින්නේ කිරිකෝඩු

සිරිපා වදින්නට පළමු වරට යන එන අය හැඳින්වුයේ කිරිකෝඩූ යන නමිනි. බැලූ බැල්මට ඉතා සුළු පිරිසකට රැස් විය හැකි කුඩා මළුවේ ඉඩ ප්‍රමාණය කොතරම් ජනතාව රැස් වුව ද පිරී ඉතිරී නො යන බවටත්, තදබදයක් ඇති නො වන බවටත් විශ්වාසයක් ඇත. කොපමණ බර වූවත් බඩු බාහිරාදිය ගෙන යන ඔලගුව හැඳින්වෙන්නේ ‘සැහැල්ලූව’ යන ප්‍රතිවිරුද්ධ තේරුමක් ඇති වචනයකිනි. ‘යනවා, එනවා’ වෙනුවට ‘කරුණා කරනවා’ යන වචන භාවිතා කරන නිසාදෝ කොතරම් දරදඬු සිතක වුව ද ගලා යන ගඟුලක් සේ කරුණාව, මෛත්‍රිය පිරී ඉතිරී යයි. සිරිපා ගමනේ දී සීත ගඟුල ද වැදගත් ස්ථානයකි. බැතිමතුන් සිසිල් දිය නා සුදු පිරුවට හැඳ පේවෙන්නේ මෙහි දී ය. අසීමිත සිසිලස දනවන ගඟුලැල්ල, කායික විඩා නිවන අමා වතුරක් මෙනි. තවත් ස්ථානයකි ඉඳිකටු පාන. බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ සිටිමින් බුදු සිවුර මැසූහ යැයි විශ්වාසයක් පවතී. ඒ අවස්ථාවේ මාරයා සුවිශාල වර්ෂාවක් වැස්ස වුව ද, මහා බුද්ධ තේජසින් උන්වහන්සේ වැඩ සිටි ස්ථානයට වැසි දිය බිඳකුදු නො වැටුණි. මේ පුවත සිහිකර ඉඳිකටුවක් අමුණා නූල් ඇද යාම විශේෂයෙන් සිදු කළ යුත්තේ කිරිකෝඩු බව කියවේ.

ගෙත්තම් පානට ගොසින් බසින්නේ

ගෙත්තම් කරලයි සැමදෙන යන්නේ

ඉඳිකටු නූලූත් සුරතට ගන්නේ

ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ

බුදුරජාණන් වහන්සේ විවේක ගත් භගවා ලෙන

භගවා ලෙන ගැන පුරාවෘත්ත රාශියකි. දිවාගුහාව ලෙස ද මෙයට ව්‍යවහාර වේ. සිරීපාදයට වැඩි ගමනේ දී බුදුරජාණන් වහන්සේ දහවල් කල වැඩ සිටි තැන මෙය යැයි විශ්වාස කෙරේ. නිශ්ශංකමල්ල රජතුමා ද සිරිපා වැඳ එන අතර තුර මෙම ස්ථානයේ රැඳී සිටි බවට ද මතයකි. මේ රජතුමා විසින් කළ ශිලා ලේඛනයක් වර්තමානයේ භගවා ලෙන යැයි විශ්වාස කරන ස්ථානයේ පිහිටා ඇත. එතුමා සිරිපා වන්දනාවේ ගිය අයුරු දැක්වෙන සෙල් ලිපි අටක් ද එහි ඇත.

ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන්ට හමුවන තවත් ස්ථානයකි, හැරමිටිපාන. මේ ස්ථානයේ දී බුදුරජාණන් වහන්සේ හැරමිටියක් වාරු කරගෙන වැඩම කළ බවට පිළිගැනීමක් ද ඇත. උපද්‍රවයක් නැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කර ගැනීම සඳහා හැරමිටියක් බාර වීම අරමුණු කරගෙන දෙවියන්ට බාරයක් වීම මෙහි දී කෙරේ. ගමන් අපහසුව මඟ හරවා ගැනීමට හැරමිටිය උපකාර වන නිසා දෙවියන්ට මේවා පිදීම චාරිත්රයකි. මහගිරිදඹය ද මෙම මාර්ගයේ ඉතාම දුෂ්කර කොටසකි. ‘දඹේ’ යන්න ‘උස්වූ කඳු මුදුන’ යන අරුත දෙයි. බොහෝ දෙනා අනතුරුවලට පත් වුයේ මෙම කොටසේ දී ය.

මහගිරි දඹය ද පෙනෙති ය ගොල්ලේ

නගිනට පඩි ඇත එහි නැවතිල්ලේ

බුදු ගුණ කියමින් නගිති සියල්ලේ

බුදු මඟුලකි මෙය දනුව සියල්ලේ

ශ්‍රී පාද වන්දනාවේ දී ධර්මරාජගල ද තවත් විශේෂ ස්ථානයකි. ‘ධර්මරාජ’ නම් තාපසයෙකු බුදුබව පතා කළේ යැයි විශ්වාස කරන, සිරිපා වන්දනාව පහසු කරනු පිණිස ගලින් ම කපා ඇති පඩි පෙළකි මෙහි ඇත්තේ. වන්දනා කරුවෝ පඩි ගණන් කරන නමුත් ස්ථිර ගණනක් සැමට නො ලැබෙන බව කියති.

ලිහිනි හෙළේ අම්බලමේ සින්දලා ගිමන්…

ලිහිනි හෙළ ද තවත් වැදගත් ස්ථානයකි. තම දරුවා සමඟ ප්‍රපාතයට වැටුණු ලිහිනි අක්කා සිහි කිරීමට මේ නම යෙදී ඇතැයි කියති. ඇය දේව ආත්මයක් ලබා ඇතැයි ද කව්රුන් හෝ ඇයට අඬ ගැසුවහොත් ඊට ඇය පිළිතුරු දෙන බව ද විශ්වාස කරති. එහෙත් කතා කරන හඬ දෝංකාර දෙමින් ආපසු ඇසේ. එවැනි මහා ප්රපාතයක් ඇති දෝරුවක් සහිත පිහිටීමක් ඇති ස්ථානයකි ලිහිනි හෙළ. මෙම වන්දනාවේ දී හමුවන තවත් ස්ථානයකි ‘ආඬියා මළ තැන්න’. සීතාවක රාජසිංහ රජසමයෙහි ප්‍රධාන ශිව භක්තිකයෙකු (ආඬි)මළ නිසා මෙම ස්ථානය ආඬියා මළ තැන්න නමින් හැඳින්වෙයි.

ඇහැළ කණුව සහ මහගිරි දඹේ

ඇහැළ කණුව යන ස්ථානය ද මෙම ගමනේ දී හමුවන විශේෂිත තැනකි. ගමනේ පහසුව ඇති කරනු පිණිස පැවති ශක්තිමත් කණුවක් නිසා, මෙනම සැදුනයි පැවසේ. එතන තිබෙන ගල් කණුවෙහි ඇතැම් වන්දනාකරුවෝ හුණු ගාති. සිරිපා වන්දනාවේ දී මුණ ගැසෙන හුළං කපොල්ල නම් තැනක් ඇත. මෙම ස්ථානයේ දී ඉතා තදින් හුළං හමන බැවින් ඒ නම යොදා ඇත. අද මෙම ස්ථානයේ දෙපස නිමවා ඇති ආරක්ෂක වැට නිසා පෙර කල මෙන් උපද්රවකින් තොර ය.

නළල බිම තබා වැතිරී සාධු කියන්නම්

උදේ සුර්ය උදාවත් සමඟ සිරිපා කඳුවැටියේ සෙවණැල්ල බටහිර අහසේ දර්ශනය වී ඇති මනරම් දර්ශනය ප්රාතිහාර්යක් ම බඳු ය. සිරිපා මළුවට පැමිණි සැදැහැති ජනයා නොයෙකුත් පුද සිරිත් කරමින් වන්දනාමාන කරනු දැක ගත හැකි ය. ශ්‍රී පාද පද්මය මත සුදු රෙද්දක් එලා සුවඳ ගල්වා, ඒ මත නළල තබා වැඳීම විශේෂත්වයකි. සෙනඟ බහුල අවස්ථාවල ඒ සඳහා අවකාශය ලබා ගැනීම දුෂ්කර වේ. ඇතැමෙක් නඬේ ප්‍රමාණයට දිගු සුදු රෙද්ද්දක් ඇද දිගහැර වියන ලෙස අල්ලා මළුව ප්රදක්ෂිණා කර පසුව පද්මය මත එලා වඳිති. සියල්ලෝ ම තමා පැමිණි වාර ගණනට අනුව ඝණ්ටාව නාද කරති. වන්දනාව අවසානයේ සුමන සමන් දේවාලයට ගොස් පින් පෙත් දී භාර හාර පුජා පවත්වා ආශීර්වාද ලබා ගනිති. දොළොස් මහේ පහනට දැමීම සඳහා ඖෂධ වර්ග ගෙන යන අතර ඇතැම් සැදැහැතියෝ ඒවා පහනට දමා එයින් තෙල් බිංදු කිහිපයක් ගෙන ඒමට ද පුරුදුව සිටිති. මේ තෙල්වල රෝගාබාධ සුව කිරීමේ ගුණයක් පවතින බව විශ්වාසයක් ඇත.

හාස්කම් සහිත ස්ථානයක්

මෙම පුජනීය ස්ථානයේ තිබෙන හාස්කම් පිළිබඳ ව ද ජනයා තුළ ඇත්තේ තදබල විශ්වාසයකි. ක්‍රි.ව.1347 දී අරාබි ජාතික ඉබන් බතුතා නම් දේශාටකයා මේ පිළිබඳ වාර්තාවක් සපයා ඇත. අරාබි ජාතික ඉමාමි අබු තිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ ශ්‍රී පාදස්ථානයට ගියේ ය. අතරමග දී බඩගිනි වැඩි වී අලි පැටවෙකු මරා මස් කෑහ. මෙයට ඉමාමි අබු තදින් ම විරුද්ධ විය. අලි මස් අනුභව කර ඔවුහු රාත්‍රී නිදා ගත්හ. නමුත් ඔවුන්ට එසේ නිදා ගත නො හැකි විය. රාත්‍රී එහි පැමිණි අලි රංචුවක් ඉමාමි අබු හැර අන් සියල්ලෝ ම මරා දැමුහ. අනතුරුව ඉමාමි අබු සොඬවැලින් ගෙන පිට උඩ තබාගෙන ගොස් තයිසෝරන් නම් බට ලී බහුල ගම්මානයකට ඇරලූව බව වාර්තාවෙහි සඳහන් වේ. සිරිපා අඩවියේ අලි ඇතුනට හානි කිරීම ද දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකේ. 2003 වසරේ දී රත්නපුර ප්‍රදේශයට බල පෑ විශාල ජලගැල්ම සිරිපා අඩවියේ විසූ කුරු ඇතෙකු මරා දැමීම නිසා ඇති වූවකැයි විශ්වාස කෙරේ. අද දක්වා ම එකී ප්‍රදේශ වැසි අධික කාලවල ජලගැලීම්වලට භාජනය වන්නේ පුදුමාකාර ලෙසිනි. සිරිපා අඩවියේ වැඩ වෙසෙමිත් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය රැක බලා ගන්නා සුමන සමන් දෙවිඳුගේ වාහනය ද සුදු ඇත් රජෙකි.

අතීතයේ සුමන සමන් දේවාලයේ දේව පූජාව තැන්පත් කර ඇත්තේ කෙසෙල් කොළවල ය. ඒ සඳහා සමන් දේවාලයේ බත්දෙන රාළට කෙසෙල් කොළ සපයා ගැනීමට සිදුවන අතර සමහර විටක ඔහුට එය කරදරයක් ලෙස දැණුනි. දිනක් ‘‘දෙවියන්ට කන්න පිඟානක් වත් නැතැ”යි කියමින් කෙසෙල් කොළ සෙවීමට ගිය ඔහු අතරමං විය. අන්තිමේ දී ඔහු නතර වුයේ ශ්‍රී පාද කඳු පාමුල තිබු ගල් ගුහාවක ය. එහි අපමණ රන් රිදීවලින් කළ පිඟන් පිරී තිබු අතර ඉන් දෙකක් ගත් බත්දෙන රාළ හැරී බලනා විට සිටියේ සමන් දේවාලය අභියස ය. අදත් දේව පුජාව තබන්නේ එම භාජනවල ය.

සිරිපා වන්දනාවේ යන විට කට වරද්දා නො ගන්නා ලෙසට කාරණා දන්නා වැඩිහිටියෝ අවවාද කරති. එසේ කටවැරැද්දක් කළහොත් දඬුවම් ලැබෙන බව විශ්වාස කරති. අවාරයේ ශ්‍රී පාද ස්ථානයේ සිටින මුරකරු පවසන පරිදි වන්දනාකරුවන් කිසිවෙකු නොමැති අවස්ථාවල විටින් විට මනෝරම්‍ය ආලෝකධාරා, මල් සුවඳ, ගණ්ඨා හඬ, තුන්සරණේ හඬ ආදි විවිධ ආශ්චර්යයන්ගෙන් ඒ පෙදෙස ම පිරී යයි. එලෙස අවාරයේ සිරිපා වන්දනා කරන්නේ දෙවිවරුන් බව පිළිගැනේ.

මේ හිමයේ නපුරු සතුන් සිටිය ද කිසිවෙකුට හිරිහැරයක් නො වන බව ද පැවසේ. යම් යම් අද්භූතජනක දේ සිදුවන බව පැවසීම තුළ ඇත්තේ අධර්මයට දුරාචාරයට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියාත්මක වන බලවේග තවමත් ස්වභාව ධර්මය තුළ පවතින බව ය. මෙම පූජනීය ස්ථාන ගෞරවයෙන් රැක ගැනීම මෙන් ම ආචාර ධර්ම සුරැකීම ද අප සැමගේ පරම වගකීමකි.

නෙක ආශ්චර්යයන්ගෙන් පිරීගත් සිරිපා හිමයේ මුදුනත අප ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණින් සුසැදි සිරිපද කමල පිහිටා ඇති බව දන්නා බොදුනුවෝ සුපහන් ශ්‍රද්ධාවෙන් ම යුතුව වාරයේ සිරිපා වන්දනාවට පැමිණෙති. එසේ සැදැහැ සිත් උපදවා පැමිණෙන බුද්ධ ශ්‍රාවකයන් පුලූන් රොදක් මෙන් සිරිපා මළුවට ගෙන ගොස් වන්දනාමානයට ඉඩ සලසා දී පුලූන් රොදක් සේ ම පහළට බසින්නට ආශීර්වාද සලසන්නේ සුමන සමන් දෙවිරජුන් ය.

උතුම් තුනුරුවනේ ආනුභාවයෙන්, ඒ උතුම් දෙවි පුතුගේ ආශීර්වාදයෙන් මේ සිරිපා වාරයේ සිරිපා කරුණා කරන්නට අපට ද වාසනාව උදා වේවා!

(පත පොත සහ ජනශ්රැති ඇසුරෙනි)

සටහන

ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ

http://mahamegha.lk/2013/12/16/saman-devidu-karunawai/

[QUOTE="Wild Cat, post: 19938781, member: 557050"] [b]කරුණාවයි! කරුණාවයි! සමන් දෙවිඳු කරුණාවයි![/b] [CENTER][IMG]http://mahamegha.lk/wp-content/uploads/2013/12/Adams-Peak-adams-peak-picture-2-570x330.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කරමින් දම් අමාවෙන් ලෝ සත සුවපත් කොට වදාළ සේක. අටෝරාශියක් මඟුල් ලකුණින් ශෝභමාන වූ ඒ තථාගත ශ්‍රී පාදස්පර්ශයෙන් පොළෝ මහීකාන්තාව පවා උදම් වූවා ය. උත්තම සම්බුද්ධ කාය පරිනිර්වාණයට පත් වී වසර 2557ක් ගතව ඇති වර්තමානයේ පවා දෙව් බඹ පිරිස් ද සැදැහැති මිනිසුන් ද ඒ රන්වන් සිරිපා පුද දෙති. සම්බුදු පාද ස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් වූ නිසාවෙන් අද දක්වා දෑත නළලේ තබා වඳිනා වැඳුම් පිළිගැනීමට භාග්‍යවන්ත වූ ගිරිකුලක් හෙළදිවේ ඇත. තෙවන ලංකාගමනයේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ගේ ඇරයුම පරිදි සිරිපා සටහන පිහිටුවා වදාළ මේ පූජනීය ගිරි හිස නම් සමනල කන්ද යි. අනාදිමත් කාලයක සිට විවිධ නම්වලින් හැඳින්වෙන සමන්තකූට පර්වතය සමස්ත ලෝකයාගේ ම ගෞරවාදරයට පාත්‍ර වූ උස් ගිරිශිඛරයකි. සමනොල ගිර රැඳුනු සිරිපදලස දැක බලා වැඳුම් පිදුම් කිරීමට බොහෝ දෙනා අසීමිත ඇල්මක් දක්වති. සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් වූ සමන්ත කූටය වටා ගෙතී ඇති ජනප්‍රවාද ද රාශියකි. [B][SIZE="5"]අසිරිමත් ඉර සේවය[/SIZE][/B] බොහෝ ජනයාගේ වන්දනාවට හා පූජාවට ලක් වූ ශ්‍රී පාදස්ථානයෙහි වන්දනා සමය ඇරඹෙන්නේ උඳුවප් මාසයෙනි. එතැන් සිට වෙසක් මාසය දක්වා කාලය සිරිපා වාරය යි. බහුල වශයෙන් වන්දනාකරුවන් සිරිපා නගින්නේ සන්ධ්‍යා කාලයේ යි. රාත්‍රී කාලයේ සිරිපා මළුවේ ගත කර ඉර සේවය නැරඹීමට ඔව්හු අමතක නො කරති. සමනොල කඳු මුදුනේ සිට බලන සිට මධ්‍යම කඳුකරයේ කොටපොල කඳු මුදුනින් එක් වරකට පෙනෙමින් ද තවත් වරකට සැඟවෙමින් ද නොයෙක් ආකාරයෙන් විවිධ රැස් ධාරා පතුරවමින් සුර්යයා එක්වර ම උදාවන ආකාරය සැබැවින් ම මනස්කාන්ත දර්ශනයකි. මෙවැනි දර්ශනීය සුර්ය උදාවක් ලොව අන් කවර තැනකවත් දැකිය නො හැකි බව තතු දත් අය පවසති. මුල්ම ඓතිහාසික යුගයේ සබරගමු ප්‍රදේශයේ දේව රාජ්‍යයක් පැවතියේ යැයි මතයක් ඇත. මේ දේව රාජ්‍යයේ නායකයන් දෙදෙනා වුයේ මහා සුමන හා භාගිනෙයිය සුමන ය. මහා සුමන විසු ප්‍රදේශය සමන්තකූටය යනුවෙන් ද භාගිනෙයිය සුමන විසු ප්‍රදේශය බෑණ සමනොල යනුවෙන් ද හැඳින්වේ. [B][SIZE="5"] සිරිපා සලකුණ පිහිටුවීමට ආරාධනා කරති.[/SIZE][/B] සමන්තකූට වාසී සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය වූ මහියංගණ ගමනේ දී උන්වහන්සේ හමුවී බණ අසා සෝවාන් ඵලයට පත් වුහ. තෙවෙනි වර කැලණියට වැඩි ගමනේ දී, මඟඵල ලාභී සුමන සමන් දෙවියෝ සමන්ත කූටයේ සිරිපතුල පිහිටුවන්නැයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. ඉන්පසුව ය ලෝකානුකම්පාවෙන් යුතු වූ තථාගතයන් වහන්සේ සමන්ගිර මුදුනේ ඉන්ද්‍ර නීල මාණික්‍යයක් මත සිරිපද ලස පිහිටුවා වදාළේ. සුමන සමන් දෙවියන් වෙනත් හින්දු දේව සමාගමකට අයිති දෙවි කෙනෙක් නො ව ලක්වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වූ සමන්ත කූටයේ විසූ තිසරණ සරණ ගිය මඟඵලලාභී දෙවි කෙනෙකි. බෞද්ධ ශාසනාරක්ෂක දෙවියෙකු බවට පත් වූ සුමන සමන් දෙවිඳුන්ට ඇප කැප වූ නිවහනක් ලෙස සබරගමු සමන් දේවාලය දඹදෙණි යුගයේ දී ඉදිකරන ලදැයි සන්නසක සඳහන් වේ. මුලින් ම ශ්‍රී පාදය වන්දනා කළ හෙළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් කිව නො හැකි නමුත් වසර දෙදහසකට පෙර සිරිපා වැඳ පුදාගත් රජ කෙනෙකු වශයෙන් ක්‍රි. පූ. 29 සිට 17 දක්වා රජ කළ වළගම්බා රජතුමා ගැන සඳහන් වේ. විජයබාහු, මහා පරාක්‍රමබාහු, සිවුවැනි මිහිඳු, ශ්‍රී සංඝබෝධි වැනි රජවරු ද සමනල කන්ද නැග සිරිපා වැඳ පුදා ගත බව සඳහන් ය. කෙසේ වුව ද සිරිපා වන්දනාවට සබැඳි ජනප්‍රිය ම ඉතිහාසය ඇත්තේ ශ්‍රී නිශ්ශංකමල්ල රජුට ය. එතුමාගේ රාජ්‍ය සමයේ දී ශ්‍රී පාදය සොයාගත් බව දැක්වෙන කතාවක් ද ජනප්රවාදයේ එයි. නිශ්ශංකමල්ල රජතුමා කළිඟු කුමරෙකුගේ ද පැරකුම්බා රජුගේ සොහොයුරියකගේ ද දරුවෙකි. [B][SIZE="5"]මල් හොරාගෙන් හෙළි වූ පූජනීය රහස[/SIZE][/B] නිශ්ශංකමල්ල රජතුමාගේ උයනේ මල් හොරාගෙන යන බවට ලැබුණු තොරතුරක් නිසා, ඒ හොරු අල්ලා දෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට රට පුරා අඬබෙර යැවිණි. මේ කාලයේ එක්තරා ගමක විසූ වැඩිමල් සොහොයුරා සමඟ විවාහ වී සිටි ස්ත්‍රියක් ඔහුගේ බාල සොහොයුරාව ද අනියම් සම්බන්ධතාවකට පොළඹවා ගැනීමට හැදුවා ය. බාල සොහොයුරා ඊට බලවත් අකමැත්තක් දැක් වූ නිසා එම ස්ත්‍රිය හටගත් වෛරයෙන් ඔහු මරා දැමීමට සිතුවා ය. දිනක් ඇය ස්වාමි පුරුෂයා හමුවේ, ‘‘ඔබේ සහෝදරයා ඔබ නැති වෙලාවට මට කරදර හිරිහැර කිරීමට උත්සාහ කරනවා. ඒ කරදරයෙන් මාව බේර ගන්න” යැයි ඉල්ලූවා ය. කෝපයට පත් වැඩිමහලූ සොයුරා තම මල්ලී රවටා ගෙන කැලයට ගෙන ගොස් ඔහුගේ අත් පා කපා දැමුවේ ය. වන මුල්, ඵල ආදිය කමින් දිවි බේරා ගත් බාල සොහොයුරා සුවයට පත් වූයේ පුදුම සහගත අන්දමට ය. අත් පා අංගවිකල වූ බැවින් ‘කොටා’ නමින් ප්‍රකට වූ හෙතෙමේ රජුගේ උයනේ මල් කඩන හොරු අල්ලා දීමට බාර ගත්තේ ය. රාජකීය උද්‍යානයෙන්, නො විමසා මල් ගෙන ගියේ එසේ මෙසේ පිරිසක් නො වේ. ඔවුන් දිව්‍යාංගනාවන් ය. මල් ගෙන ගියේ ද එසේ මෙසේ කටයුත්තකට නො වේ, සම්බුදු සිරිපතුල මලින් පුද දෙනු පිණිස ය. මල් උයනේ සැදු කුටියක නතර වූ ආබාධිත මිනිසා සොරු අල්ලා ගැනීම පිණිස උත්සාහ දරන අතරේ රාත්‍රී කාලයේ මිහිරි හඬින් සතිපට්ඨාන සුත්‍රය කියවයි. ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට මල් කඩන සුරංගනාවියන් එදිනට පැමිණ මල් කඩන අතර මේ හඬ ඇසෙන්නට විය. ධර්මය ඇසීමට මහත් ආශාවක් ඇති වූ නිසා සුරංගනාවියෝ දින තුනක් පැමිණ එම හඬට ඇහුම්කන් දුන්හ. මෙසේ පිරිත් කියන්නේ කව්දැයි දිනක් ඔව්හු විමසූහ. ඔහු, ‘‘අත පා නැති කොටෙක්” යැයි පිළිතුරු දුන්නේ ය. ‘‘මල් කඩන්නේ කුමකට ද?” යැයි විමසූ විට ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට බව දිව්‍යාංගනාවන් කීහ. ‘‘මටත් ශ්‍රී පාදය පෙන්වන්නැ”යි කොටා ඉල්ලී ය. ‘‘එසේ නම් මේ සළු පොට අල්ලා ගන්නැ”යි දෙවඟනක් සළු පොටක් කුටිය තුළට දැමුවා ය. එය ශරීරයේ ස්පර්ශ වනවාත් සමඟ ම ඔහුගේ අත් පා කලින් තිබූ ලෙසට ම හැදුණේ ය. සුරඟනන්ගේ සළු පොට අල්ලා ගෙන ශ්‍රී පාදස්ථානයට ගොස් වන්දනා කළ කොටා නැවත රජ උයනට ඇරල වූ දෙවඟනෝ අතුරුදහන් වුහ. [B][SIZE="5"]නිශ්ශංකමල්ල රජු සිරිපා වැඳ පුදා ගනී[/SIZE][/B] කොටා රජතුමාට සියලූ විස්තර දැන්වීමෙන් පසු රජුට ද එය දැක බලා වන්දනා කිරීමට මහත් ආශාවක් ඇති විය. ශ්‍රී පාදයට යන මඟ සලකුණු පෙන්වන ලෙස සුරඟනන්ට දන්වන්නැයි රජු කොටාට කීවේ ය. කොටා ද එදින රාත්‍රී පෙර පරිදි ම සුරඟනෝ පැමිණි පසු මේ තොරතුරු කීවේ ය. ‘‘අපි පාර දිගේ මල් දමාගෙන යන සලකුණින් ශ්‍රී පාදස්ථානයට යන්නැ”යි සුරංගනාවියෝ කීහ. රජතුමා චතුරංගනී සේනාව පිරිවරා දෙවඟනන් මල් දමා ගිය මඟ සලකුණු ඔස්සේ ශ්‍රී පාදයට ගියහ. [B][SIZE="5"]පළමු ව වඳින්නේ කිරිකෝඩු[/SIZE][/B] සිරිපා වදින්නට පළමු වරට යන එන අය හැඳින්වුයේ කිරිකෝඩූ යන නමිනි. බැලූ බැල්මට ඉතා සුළු පිරිසකට රැස් විය හැකි කුඩා මළුවේ ඉඩ ප්‍රමාණය කොතරම් ජනතාව රැස් වුව ද පිරී ඉතිරී නො යන බවටත්, තදබදයක් ඇති නො වන බවටත් විශ්වාසයක් ඇත. කොපමණ බර වූවත් බඩු බාහිරාදිය ගෙන යන ඔලගුව හැඳින්වෙන්නේ ‘සැහැල්ලූව’ යන ප්‍රතිවිරුද්ධ තේරුමක් ඇති වචනයකිනි. ‘යනවා, එනවා’ වෙනුවට ‘කරුණා කරනවා’ යන වචන භාවිතා කරන නිසාදෝ කොතරම් දරදඬු සිතක වුව ද ගලා යන ගඟුලක් සේ කරුණාව, මෛත්‍රිය පිරී ඉතිරී යයි. සිරිපා ගමනේ දී සීත ගඟුල ද වැදගත් ස්ථානයකි. බැතිමතුන් සිසිල් දිය නා සුදු පිරුවට හැඳ පේවෙන්නේ මෙහි දී ය. අසීමිත සිසිලස දනවන ගඟුලැල්ල, කායික විඩා නිවන අමා වතුරක් මෙනි. තවත් ස්ථානයකි ඉඳිකටු පාන. බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ සිටිමින් බුදු සිවුර මැසූහ යැයි විශ්වාසයක් පවතී. ඒ අවස්ථාවේ මාරයා සුවිශාල වර්ෂාවක් වැස්ස වුව ද, මහා බුද්ධ තේජසින් උන්වහන්සේ වැඩ සිටි ස්ථානයට වැසි දිය බිඳකුදු නො වැටුණි. මේ පුවත සිහිකර ඉඳිකටුවක් අමුණා නූල් ඇද යාම විශේෂයෙන් සිදු කළ යුත්තේ කිරිකෝඩු බව කියවේ. [B][SIZE="5"]ගෙත්තම් පානට ගොසින් බසින්නේ[/SIZE][/B] ගෙත්තම් කරලයි සැමදෙන යන්නේ ඉඳිකටු නූලූත් සුරතට ගන්නේ ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ බුදුරජාණන් වහන්සේ විවේක ගත් භගවා ලෙන භගවා ලෙන ගැන පුරාවෘත්ත රාශියකි. දිවාගුහාව ලෙස ද මෙයට ව්‍යවහාර වේ. සිරීපාදයට වැඩි ගමනේ දී බුදුරජාණන් වහන්සේ දහවල් කල වැඩ සිටි තැන මෙය යැයි විශ්වාස කෙරේ. නිශ්ශංකමල්ල රජතුමා ද සිරිපා වැඳ එන අතර තුර මෙම ස්ථානයේ රැඳී සිටි බවට ද මතයකි. මේ රජතුමා විසින් කළ ශිලා ලේඛනයක් වර්තමානයේ භගවා ලෙන යැයි විශ්වාස කරන ස්ථානයේ පිහිටා ඇත. එතුමා සිරිපා වන්දනාවේ ගිය අයුරු දැක්වෙන සෙල් ලිපි අටක් ද එහි ඇත. ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන්ට හමුවන තවත් ස්ථානයකි, හැරමිටිපාන. මේ ස්ථානයේ දී බුදුරජාණන් වහන්සේ හැරමිටියක් වාරු කරගෙන වැඩම කළ බවට පිළිගැනීමක් ද ඇත. උපද්‍රවයක් නැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කර ගැනීම සඳහා හැරමිටියක් බාර වීම අරමුණු කරගෙන දෙවියන්ට බාරයක් වීම මෙහි දී කෙරේ. ගමන් අපහසුව මඟ හරවා ගැනීමට හැරමිටිය උපකාර වන නිසා දෙවියන්ට මේවා පිදීම චාරිත්රයකි. මහගිරිදඹය ද මෙම මාර්ගයේ ඉතාම දුෂ්කර කොටසකි. ‘දඹේ’ යන්න ‘උස්වූ කඳු මුදුන’ යන අරුත දෙයි. බොහෝ දෙනා අනතුරුවලට පත් වුයේ මෙම කොටසේ දී ය. මහගිරි දඹය ද පෙනෙති ය ගොල්ලේ නගිනට පඩි ඇත එහි නැවතිල්ලේ බුදු ගුණ කියමින් නගිති සියල්ලේ බුදු මඟුලකි මෙය දනුව සියල්ලේ ශ්‍රී පාද වන්දනාවේ දී ධර්මරාජගල ද තවත් විශේෂ ස්ථානයකි. ‘ධර්මරාජ’ නම් තාපසයෙකු බුදුබව පතා කළේ යැයි විශ්වාස කරන, සිරිපා වන්දනාව පහසු කරනු පිණිස ගලින් ම කපා ඇති පඩි පෙළකි මෙහි ඇත්තේ. වන්දනා කරුවෝ පඩි ගණන් කරන නමුත් ස්ථිර ගණනක් සැමට නො ලැබෙන බව කියති. [B][SIZE="5"]ලිහිනි හෙළේ අම්බලමේ සින්දලා ගිමන්…[/SIZE][/B] ලිහිනි හෙළ ද තවත් වැදගත් ස්ථානයකි. තම දරුවා සමඟ ප්‍රපාතයට වැටුණු ලිහිනි අක්කා සිහි කිරීමට මේ නම යෙදී ඇතැයි කියති. ඇය දේව ආත්මයක් ලබා ඇතැයි ද කව්රුන් හෝ ඇයට අඬ ගැසුවහොත් ඊට ඇය පිළිතුරු දෙන බව ද විශ්වාස කරති. එහෙත් කතා කරන හඬ දෝංකාර දෙමින් ආපසු ඇසේ. එවැනි මහා ප්රපාතයක් ඇති දෝරුවක් සහිත පිහිටීමක් ඇති ස්ථානයකි ලිහිනි හෙළ. මෙම වන්දනාවේ දී හමුවන තවත් ස්ථානයකි ‘ආඬියා මළ තැන්න’. සීතාවක රාජසිංහ රජසමයෙහි ප්‍රධාන ශිව භක්තිකයෙකු (ආඬි)මළ නිසා මෙම ස්ථානය ආඬියා මළ තැන්න නමින් හැඳින්වෙයි. [B][SIZE="5"] ඇහැළ කණුව සහ මහගිරි දඹේ[/SIZE][/B] ඇහැළ කණුව යන ස්ථානය ද මෙම ගමනේ දී හමුවන විශේෂිත තැනකි. ගමනේ පහසුව ඇති කරනු පිණිස පැවති ශක්තිමත් කණුවක් නිසා, මෙනම සැදුනයි පැවසේ. එතන තිබෙන ගල් කණුවෙහි ඇතැම් වන්දනාකරුවෝ හුණු ගාති. සිරිපා වන්දනාවේ දී මුණ ගැසෙන හුළං කපොල්ල නම් තැනක් ඇත. මෙම ස්ථානයේ දී ඉතා තදින් හුළං හමන බැවින් ඒ නම යොදා ඇත. අද මෙම ස්ථානයේ දෙපස නිමවා ඇති ආරක්ෂක වැට නිසා පෙර කල මෙන් උපද්රවකින් තොර ය. [B][SIZE="5"]නළල බිම තබා වැතිරී සාධු කියන්නම්[/SIZE][/B] උදේ සුර්ය උදාවත් සමඟ සිරිපා කඳුවැටියේ සෙවණැල්ල බටහිර අහසේ දර්ශනය වී ඇති මනරම් දර්ශනය ප්රාතිහාර්යක් ම බඳු ය. සිරිපා මළුවට පැමිණි සැදැහැති ජනයා නොයෙකුත් පුද සිරිත් කරමින් වන්දනාමාන කරනු දැක ගත හැකි ය. ශ්‍රී පාද පද්මය මත සුදු රෙද්දක් එලා සුවඳ ගල්වා, ඒ මත නළල තබා වැඳීම විශේෂත්වයකි. සෙනඟ බහුල අවස්ථාවල ඒ සඳහා අවකාශය ලබා ගැනීම දුෂ්කර වේ. ඇතැමෙක් නඬේ ප්‍රමාණයට දිගු සුදු රෙද්ද්දක් ඇද දිගහැර වියන ලෙස අල්ලා මළුව ප්රදක්ෂිණා කර පසුව පද්මය මත එලා වඳිති. සියල්ලෝ ම තමා පැමිණි වාර ගණනට අනුව ඝණ්ටාව නාද කරති. වන්දනාව අවසානයේ සුමන සමන් දේවාලයට ගොස් පින් පෙත් දී භාර හාර පුජා පවත්වා ආශීර්වාද ලබා ගනිති. දොළොස් මහේ පහනට දැමීම සඳහා ඖෂධ වර්ග ගෙන යන අතර ඇතැම් සැදැහැතියෝ ඒවා පහනට දමා එයින් තෙල් බිංදු කිහිපයක් ගෙන ඒමට ද පුරුදුව සිටිති. මේ තෙල්වල රෝගාබාධ සුව කිරීමේ ගුණයක් පවතින බව විශ්වාසයක් ඇත. [B][SIZE="5"] හාස්කම් සහිත ස්ථානයක්[/SIZE][/B] මෙම පුජනීය ස්ථානයේ තිබෙන හාස්කම් පිළිබඳ ව ද ජනයා තුළ ඇත්තේ තදබල විශ්වාසයකි. ක්‍රි.ව.1347 දී අරාබි ජාතික ඉබන් බතුතා නම් දේශාටකයා මේ පිළිබඳ වාර්තාවක් සපයා ඇත. අරාබි ජාතික ඉමාමි අබු තිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ ශ්‍රී පාදස්ථානයට ගියේ ය. අතරමග දී බඩගිනි වැඩි වී අලි පැටවෙකු මරා මස් කෑහ. මෙයට ඉමාමි අබු තදින් ම විරුද්ධ විය. අලි මස් අනුභව කර ඔවුහු රාත්‍රී නිදා ගත්හ. නමුත් ඔවුන්ට එසේ නිදා ගත නො හැකි විය. රාත්‍රී එහි පැමිණි අලි රංචුවක් ඉමාමි අබු හැර අන් සියල්ලෝ ම මරා දැමුහ. අනතුරුව ඉමාමි අබු සොඬවැලින් ගෙන පිට උඩ තබාගෙන ගොස් තයිසෝරන් නම් බට ලී බහුල ගම්මානයකට ඇරලූව බව වාර්තාවෙහි සඳහන් වේ. සිරිපා අඩවියේ අලි ඇතුනට හානි කිරීම ද දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකේ. 2003 වසරේ දී රත්නපුර ප්‍රදේශයට බල පෑ විශාල ජලගැල්ම සිරිපා අඩවියේ විසූ කුරු ඇතෙකු මරා දැමීම නිසා ඇති වූවකැයි විශ්වාස කෙරේ. අද දක්වා ම එකී ප්‍රදේශ වැසි අධික කාලවල ජලගැලීම්වලට භාජනය වන්නේ පුදුමාකාර ලෙසිනි. සිරිපා අඩවියේ වැඩ වෙසෙමිත් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය රැක බලා ගන්නා සුමන සමන් දෙවිඳුගේ වාහනය ද සුදු ඇත් රජෙකි. අතීතයේ සුමන සමන් දේවාලයේ දේව පූජාව තැන්පත් කර ඇත්තේ කෙසෙල් කොළවල ය. ඒ සඳහා සමන් දේවාලයේ බත්දෙන රාළට කෙසෙල් කොළ සපයා ගැනීමට සිදුවන අතර සමහර විටක ඔහුට එය කරදරයක් ලෙස දැණුනි. දිනක් ‘‘දෙවියන්ට කන්න පිඟානක් වත් නැතැ”යි කියමින් කෙසෙල් කොළ සෙවීමට ගිය ඔහු අතරමං විය. අන්තිමේ දී ඔහු නතර වුයේ ශ්‍රී පාද කඳු පාමුල තිබු ගල් ගුහාවක ය. එහි අපමණ රන් රිදීවලින් කළ පිඟන් පිරී තිබු අතර ඉන් දෙකක් ගත් බත්දෙන රාළ හැරී බලනා විට සිටියේ සමන් දේවාලය අභියස ය. අදත් දේව පුජාව තබන්නේ එම භාජනවල ය. සිරිපා වන්දනාවේ යන විට කට වරද්දා නො ගන්නා ලෙසට කාරණා දන්නා වැඩිහිටියෝ අවවාද කරති. එසේ කටවැරැද්දක් කළහොත් දඬුවම් ලැබෙන බව විශ්වාස කරති. අවාරයේ ශ්‍රී පාද ස්ථානයේ සිටින මුරකරු පවසන පරිදි වන්දනාකරුවන් කිසිවෙකු නොමැති අවස්ථාවල විටින් විට මනෝරම්‍ය ආලෝකධාරා, මල් සුවඳ, ගණ්ඨා හඬ, තුන්සරණේ හඬ ආදි විවිධ ආශ්චර්යයන්ගෙන් ඒ පෙදෙස ම පිරී යයි. එලෙස අවාරයේ සිරිපා වන්දනා කරන්නේ දෙවිවරුන් බව පිළිගැනේ. මේ හිමයේ නපුරු සතුන් සිටිය ද කිසිවෙකුට හිරිහැරයක් නො වන බව ද පැවසේ. යම් යම් අද්භූතජනක දේ සිදුවන බව පැවසීම තුළ ඇත්තේ අධර්මයට දුරාචාරයට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියාත්මක වන බලවේග තවමත් ස්වභාව ධර්මය තුළ පවතින බව ය. මෙම පූජනීය ස්ථාන ගෞරවයෙන් රැක ගැනීම මෙන් ම ආචාර ධර්ම සුරැකීම ද අප සැමගේ පරම වගකීමකි. නෙක ආශ්චර්යයන්ගෙන් පිරීගත් සිරිපා හිමයේ මුදුනත අප ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණින් සුසැදි සිරිපද කමල පිහිටා ඇති බව දන්නා බොදුනුවෝ සුපහන් ශ්‍රද්ධාවෙන් ම යුතුව වාරයේ සිරිපා වන්දනාවට පැමිණෙති. එසේ සැදැහැ සිත් උපදවා පැමිණෙන බුද්ධ ශ්‍රාවකයන් පුලූන් රොදක් මෙන් සිරිපා මළුවට ගෙන ගොස් වන්දනාමානයට ඉඩ සලසා දී පුලූන් රොදක් සේ ම පහළට බසින්නට ආශීර්වාද සලසන්නේ සුමන සමන් දෙවිරජුන් ය. උතුම් තුනුරුවනේ ආනුභාවයෙන්, ඒ උතුම් දෙවි පුතුගේ ආශීර්වාදයෙන් මේ සිරිපා වාරයේ සිරිපා කරුණා කරන්නට අපට ද වාසනාව උදා වේවා! (පත පොත සහ ජනශ්රැති ඇසුරෙනි) සටහන ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ[/SIZE] [URL="http://mahamegha.lk/2013/12/16/saman-devidu-karunawai/"]http://mahamegha.lk/2013/12/16/saman-devidu-karunawai/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom