කලු ජූනියට පෙර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx


    කලු ජූනියට පෙර
    ======================
    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳව වෛද්‍යවරියකි...( Specialist in Public Health)...එතුමියට අන් සියල්ලට පෙර, එතුමියගේ හෘද සාක්ෂියේ තැන්පත්ව තිබෙන ප්‍රතිඥාව ඉස්මතුව පැමිණ තිබෙන බව පෙනේ.... ඒ බවම වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සභා 4 ක සාමාජිකයන් ඊයේ දිනයේදී කරන ලද ඒකාබද්ධ ඉල්ලීම හරහාද දැකගත හැක......මෙම වෘත්තීය සංගම් හතරට අමතරව, Sri Lanka College of Community Physicians ආයතනයද මේ පිළිබඳව බළධාරීන් දැනුවත් කරමින් හදිසි ඉල්ලීමක් ඉදිරිපත් කළා.
    එතුමන්ලා, සහ එතුමියන්ලා කම්පනයට පත්ව සිටීමට හේතු ගැන අප වැනි සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ අනුමානයන් පමණි. නමුත් මා ඒ අනුමාන පහතින් මෙලෙස පෙළ ගස්වන්නේ, ඔබත් ඒවා දැන සිටිය යුතු යැයි සිතෙන නිසාය.
    බ්‍රිතාන්‍ය ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පරීක්ෂාවට ලක් කරන ලද සාම්පල වල තිබී හමුවූ බව වාර්ථා වන්නේ මේ වසරේ ජනවාරි - පෙබරවාරි මාස වලදීය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඒ ගැන එතරම් සැළකිල්ලක් නොදැක්වූවත්, ඉන්දීය ජනමාධ්‍ය ඒ පිළිබඳව සෑහෙන සැලකිල්ලක් දක්වා ඇති බවට, එරට පුවත්පත් වල ඵලවූ වාර්ථා වල සඳහන්ය.
    අප්‍රේල් 7
    ======
    මේ සියල්ල ඇරඹෙන්නේ අප්‍රේල් මාසයේ 7 වෙනිදා සිටය...මා එයට ඇරඹුම් ලක්ෂ්‍යයක් යැයි කියන්නේ, එය වසංගත ව්‍යාප්තිය පිළිබඳව තිබෙන කුප්‍රකට J වක්‍රයේ අවම ලක්ෂ්‍යය ලෙස වාර්ථා වූ දිනය හෙයිනි...ඒ දවසේත් ලොවට හෙළිකල තොරතුරු වල විශ්වාසනීයත්වය කෙබඳුදැයි අප දන්නේ නැත... එමෙන්ම කරන ලද දෛනික පරීක්ෂා සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව තිබෙන්නේ සියළු රටවල් අතර, පහළම රටවල් පොකුරේ බව, පහත සඳහන් ප්‍රස්ථාරයක ශ්‍රී ලංකාවට අයත් ශ්‍රිතය දෙස බලනවිට ඔබට තේරුම් යනවා ඇති....
    රෝගීන් අඩු නිසා, කන්ටැක්ට් ට්‍රේසින් ඔස්සේ සිදු කෙරෙන පරීක්ෂා ගණන සහ කරන්නට අවශ්‍ය පරීක්ෂණ ගණන අඩු වුනාද, නැතහොත් පරීක්ෂණ ගණන අඩු නිසා රෝගීන් ගණන අඩු වුනාදැයි අප දන්නේ නැත....ඒ දෙක අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ නිසා, කුමන පිළිවෙලකට හෝ සිදුවූවා විය හැක...ලෝක සෞඛ්‍ය සංවිධානය නම් දිගින් දිගටම කිව්වෙ, පුලුවන් තරම් සමාජයේ අහුඹු පරීක්ෂා කරන ලෙසය....ඉන්දියාව මේ විපතට පත්වන්නට පෙර, ආචාර්ය ඇන්තනී ෆවුචි සහ ක්‍රිස් මරී ඉන්දියාවට කිව්වේද එයමය....
    කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ 7 වෙනිදා වනවිට, ශ්‍රී ලංකාවේ සතියක් සඳහා දෛනිකව නව ආසාදිතයන් හමුවීමේ විචල්‍ය සාමාන්‍ය අගය 172 ක් දක්වා පහත බැස තිබිණි. පෙබරවාරි මාසයේ 24 වැනිදා සිට මෙම අගය ක්‍රමයෙන් අඩුවෙමින් ගොස්, එහි 2021 වසර සඳහා අවම සාමාන්‍ය අගයට අප්‍රේල් 7 වැනිදා පැමිණ තිබිණි.
    ඒ බවද ඔබට පහත ප්‍රස්ථාරයකින් පෙනේ...
    මේ ප්‍රස්ථාර දෙකම උපුටා ගන්නේ "අවර් වර්ල්ඩ් ඉන් ඩේටා" වෙබ් අඩවියෙනි. එම වෙබ් අඩවිය යනු, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව පරීක්ෂණ අධ්‍යක්ෂ මැක්ස් රෝසර් මහතා විසින්, "ග්ලෝබල් චේන්ජ් ඩේටා ලැබ්" ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස පිහිටුවන ලද දත්ත රැස් කර, විශ්ලේෂණය කිරීමේ මධ්‍යස්ථානයක වෙබ් අඩවියයි. එම විශ්ලේෂක කණ්ඩායම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්ථානගතව සිටිති.
    මෙලෙස ලොවට ලබා දී ඇති දත්ත, ශ්‍රී ලංකාවේ අප්‍රේල් 7 වෙනිදා වනවිට කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය පිළිබඳව තිබුණු ඇත්තම ඇත්ත රූපය කෙතරම් ප්‍රතිශතයකින් නිරූපණය කරන්නේද යන්න අර්බුදකාරී වුවත්, ඒ දී තිබෙන තොරතුරු වලට අනුව අප්‍රේල් 7 වැනිදා වනවිට, සියල්ල "දරාගත හැකි මට්ටමකට" සමනය වී තිබිණි....ජනමාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුනේ අප්‍රේල් 8 වැනිදාත්, බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහ එහි අවදානම පිළිබඳව සෞඛ්‍ය අංශ බළධාරීන් දැනුවත් කළ බවය....
    දරාගත හැකි මට්ටමක් කියන්නේ,
    =======================
    මරණ අවම කරගනිමින්, සෞඛ්‍ය සේවයේ ධාරිතාවය තුළ රෝගීන් කළමණාකරණය කරගන්නා ගමන්,
    සීමිත ආර්ථික ක්‍රියාකාරකම් ( Limited Economic Activities ) ( පෙර දිනයක මා මෙය ඔබට හඳුන්වා දී ඇත ) පවත්වාගෙන රට ඉදිරියට ගෙන යා හැකි, දෙපැත්තම තුලනය වන තත්වයකි.....වසංගතයකදී, ආර්ථික විද්‍යාව සහ වසංගතවේදය තුලනය කර ගැනීම අතිශයින් සියුම්ව, සීරුමාරුවට කළ යුතු දෙයකි.
    මින් පෙර ලියන ලද ලිපියකදී, "සීසනල් ඉකොනොමික් ඇක්ටිවිටීස් " හෙවත් මහා පරිමාණ, කාළීන ආර්ථික ක්‍රියා, මේ සියල්ලගේ මාරයා වන්නේ කෙසේදැයි පැහැදිලි කළෙමි....බුද්ධිය පාවිච්චි කිරීම යනු, යම් මොහොතක පවතින තත්වයේ බැරෑරුම් කම වටහාගෙන, මහා පරිමාණ ආර්ථික ක්‍රියා නීතිය මඟින් වාරණය කර, ඉහත තුලනාත්මක තත්වය ඉදිරියට පවත්වා ගෙන, ස්ථිරසාර විසඳුමක් ලැබෙන තෙක්, පය බුරුලෙන් අඩිය තැබීමයි....
    අප්‍රේල් 7 වෙනිදා වනවිට, රටේ අදාළ තුලනය යම් තරමකට හෝ සාධනීයව සිදුව තිබූ බව පෙනෙන්නට තිබේ....
    ශ්‍රී ලංකාව J වක්‍රයේ කන්ද නැගීම සිංහල අවුරුදු සති දෙක තුළ ඇරඹුණු බව, අප්‍රේල් 7 වෙනිදා කතන්දරයෙන් ඔබට පැහැදිලි විය යුතුය.
    IHME ආයතනය යනු කුමක්ද?
    ======================
    Institute for Health Metrics and Evaluation යනු වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පිහිටා ඇති, ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ආයතනයකි. “බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස්” පදනම විසින් 2007 වසරේදී පිහිටුවන ලද මෙම ආයතනය, ලෝකයේ අතිශය වැදගත් සෞඛ්‍ය ගැටළු විශ්ලේෂණය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තීරණාත්මක අවස්ථාවලදී උපාය මාර්ගික සහාය ලබාදීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන ආයතනයකි.
    IHME අනාවැකි සහ මහාචාර්ය සුනෙත් අගම්පොඩි එය හුවා දැක්වීම
    =======================================
    රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා, එතුමාගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වල හුවා දක්වා තිබූ පරිදි, මැයි මාසයේ 10 වැනිදා, මෙන්න මේ අයි.එච්.එම්.ඊ ආයතනය මඟින්, මැයි 20 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ දවසකට වාර්ථා විය හැකි මරණ ගණන ලෙස පුරෝකථනය කළේ, මරණ 34 - 76 අතර පරාසයෙහි අගයකි. එහි මධ්‍යයනය 52 ක පමණ රැඳවිණි. මේ මරණ ලෙස අයි.එච්.එම්.ඊ ආයතනය ගණන් ගන්නේ,
    වාර්ථා වී ඇති මරණ + වාර්ථා නොවූ මරණ,
    යන දෙකෙහිම එකතුවකි. ඔවුන්ගේ අනුමාන දත්ත පරාසයන් ( අවමය සහ උපරිමය අතර පරාසය ) සකස් වන්නේ එපරිද්දෙනි. අවමය බොහෝවිට වාර්ථා වී ඇති මරණ ගණන ආසන්නයෙහි යෙදේ.
    ඊයේ හෙවත් මැයි 21 වැනිදා, වාර්ථා වී ඇති මරණ ගණන වන්නේ 44 කි. ඊට පෙර දින හෙවත් 20 වැනිදාට වාර්ථා වූ මරණ ගණන 38 කි.
    දත්ත විශ්ලේෂණයේදී Confidence Interval ( විශ්‍රම්භ ප්‍රාන්තරය / විශ්‍රම්භ පරාසය ) යනු කරනු ලබන නිරීක්ෂණයන්ට අනුව යමක පැවතිය හැකි අගයන් අතර පරාසයයි.
    ඒ අනුව,
    මැයි මස 20 සහ 21 දෙදින තුළ සත්‍ය වාර්ථාවට එක්වූ මරණ ගණන,
    IHME ආයතනය මඟින් මැයි මාසය මුළදී, මැයි මාසයේ 20,21 වැනි දින සඳහා ශ්‍රී ලංකාවේ දිනකට සිදුවිය හැකි මරණ මෙච්චර යැයි කර තිබූ අනුමානයේ විශ්‍රම්භ ප්‍රාන්තරය තුළට අයත් බව ඔබට තේරුම් ගත හැකිය....
    මේ ආයතනය මඟින් මේ වසර මුළ සිට ඉන්දියාව ගැන දුන් පුරෝකථන බොහොමයක් මේ වනවිට එරටින් වාර්ථාවන තොරතුරු වල ආසන්නයේ පවතී. විශ්‍රම්භ ප්‍රාන්තරයේ විචල්‍ය අගය වන "ඇල්ෆා අගය", මෙවැනි "Two-tailed Test" එකක් සහිත දත්ත සමූහයක් සඳහා වියුත්පන්න කර නොගෙන, අදාළ දත්ත සමූහයේ ප්‍රමාණයවත් නොදැන, ඒ දෙස කුරුළු ඇසකින් ( Birds - Eye View) බලන කෙනෙක්ට වුවද, ශ්‍රී ලංකාව මේ වනවිට අයි.එච්.එම්.ඊ පුරෝකථනයත් අබිබවා යමින් සිටින බව තේරුම් ගැනීමට, මාධ්‍ය ඔස්සේ ලැබෙන පී.සී.ආර් පරීක්ෂණ පොසිටිව් වීම පිළිබඳව තොරතුරු ප්‍රමාණවත් වේ යැයි සිතමි....
    තත්වය එසේ නම්, අප ජූනි මාසය සඳහා එම ආයතනය ශ්‍රී ලංකාව ගැන කර ඇති බිහිසුණු පුරෝකථනය ගැන, වරක්, දෙවරක් නොව, දහස් වරක් සිතිය යුතුය.
    IHME ආයතන ජූනි මස සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව ගැන කර ඇති පුරෝකථනය කුමක්ද?
    =========================================
    IHME ආයතනය ගැන තොරතුරු, දත්ත මොඩලයන් ගැන අපට ලබාගත හැකි තොරතුරු මා මේ පහත ලින්ක් එකේ ඇති ලිපියට ගොණු කර ඇති අතර, ජූනි මාසයෙන් ඔබ්බට සිදුවන්නට යන දේ, එම ලිපියේ අන්තිමට ඔබට දැක ගත හැක : https://www.manthrana.com/.../the-imhe-covid-19-warning/...
    ඉහත ලිපියේ
    ජූනි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි "දෛනික මරණ" පරාසය, තිබිය හැකි සමස්ථ මරණ පරාසය සහ අයි.සී.යූ ඇඳන් වල අවශ්‍යතාවය ගැන එම ආයතනය දී ඇති දත්ත පරාසයන් දෙස බලන්න.
    සියල්ල පාලනය කර, හොඳම තත්වයේ තිබියදීත් ( Universal Masks), දවසකට අයි.සී.යූ ඇඳන් අවශ්‍ය ප්‍රමාණය, "අවේලබල්" ප්‍රමාණය මෙන් දහ ගුණයක් පමණ විය හැකි බවටද,
    හොඳම තත්වයේත් දෛනික මරණ සංඛ්‍යාව 100+ විය හැකි බවටද, ඔවුන් දක්වා ඇතැයි ඔබට පෙනෙනු ඇත....
    ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් අබියස යැයි වෛද්‍ය ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනා පසුගිය සති කිහිපය පුරාවට අනතුරු ඇඟවූහ.....බැලු බැල්මට පෙනෙන්නට තිබෙන දේ අනුව මට නම් හිතෙන්නේ, දැන් ශ්‍රී ලංකාව විශාලා මහනුවර දොරටුවෙන් ඇතුළුව, වීදි සරමින් සිටින බවය...
    මේ තත්වය වළක්වාගත හැකිද, මෙතැන් සිට කළ යුත්තේ කුමක්දැයි, නොදනිමි... ඒ මෙම ලියුම්කරුවා වසංගතවේදය පිළිබඳව හෝ ඒ ආශ්‍රිත වෙනත් විද්‍යාවක් පිළිබඳව විශේෂඥයෙක් හෝ අවම වශයෙන් ප්‍රාමාණිතයෙක් නොවන බැවිනි.... එහෙත් දත්ත විද්‍යාව පිළිබඳව සහ ගණිතමය ආකෘති පිළිබඳව දැනුමින් කිව හැකි දෙය, සැබෑවටම ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය වරයෙකු කියමින් සිටින දෙය සමඟ එකතු කර මෙහි පළ කරන්නේ, ඒ විද්වතාගේ අනුමැතියකින්ද තොරවය. එතුමා මෙය දුටුවොත්, එතුමා ඵල කරන ලද දෑ හුවා දැක්වීම, අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරමි....
    From a Layman`s Point of View :
    =======================
    අවුරුදු සති දෙක හෝ තුන තුළ තදබල සංචරණ සීමා පණවා, නීතිමය වශයෙන් දරදඬු පියවර කිහිපයක් ගෙන තිබුණා නම් ?
    අප්‍රේල් මස 7 වැනිදා ලොවට ලබා දී තිබුණු දත්ත නිවැරදි නම්, සීමිත ආර්ථික ක්‍රියාකාරකම් සමඟ, වැක්සීන් ලැබෙන තෙක් සහ පුරවැසි එන්නත්කරණ ක්‍රමවේදයක් පිහිටුවන තෙක්, සෞඛ්‍ය සහ ආර්ථික හානි අවම කරගෙන යෑමට ඉඩ තිබිණි. කළ යුතුව තිබුනේ සිංහල අවුරුදු සති කිහිපය තුළ කඩ සාප්පු වලට දැඩි සෞඛ්‍ය වාරණ සහ සමස්ථයක් ලෙස රටේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පනවා, ජනප්‍රිය ගමනාන්තයන් සති දෙක තුනකට අගුලු ලෑම පමණි....
    ( දැන් මේ වනවිට ඇත්තටම වාර්ථා වෙන නව ආසාදිතයන් පිළිබඳව දත්තද, දින ගණනක් පැරණි පී.සී.ආර් බැක්ලොග් වල තත්වය නිරූපණය කරන දත්ත විනා, මේ මොහොතේ පවතින දත්ත නොවන බව විවිධ ආරන්චි මාර්ග ඵල කරති. ඇත්ත තත්වය එසේ නම්, මේ මොහොතේ තොරතුරු අනුව අප IHME අනාවැකි අබිබවා සිටිය නොහැකිද?... එසේ නම් අනාගතය කෙබඳුද....?.... ශ්‍රී ලංකාවේ තෙවන රැල්ලේ වක්‍රය උච්ඡයට පැමිණෙන බව IHME අනුමාන කරන ජූනි මාසය ගැන කිව හැක්කේ කුමක්ද?....)
    ප්‍රශ්ණ
    =====
    වසංගතය වේගයෙන් ඉදිරියට ඇදෙනවිට, එහි ව්‍යාප්තිය පාලනය කර, ව්‍යාප්ති ශ්‍රිතය පැතලි නොකර, වැක්සීන් ගැසීම මත පමණක් විශ්වාස තැබිය හැකිද?....මා දන්නා තරමින්, වෛද්‍ය විශේෂඥයන් ඒ පිළිබඳවද අනතුරු අඟවා ඇත.....වසංගතයක් ගිනි ජාලාවක් මෙන් රට පුරා පැතිරෙන විට, රෝග කාරකයට ඉතාම ඉහළ සම්භාවිතාවකින් නිරාවරණය වී තිබෙන සිරුරු වලට ( ඕනෑම මොහොතක රෝග කාරකය ශරීර ගත විය හැකි සිරුරු වලට ) එන්නත් වේලක් ( හෝ දෙකක් ) ලබාදීමෙන්, රෝග ලක්ෂණ අවම වන බව කීවත්, වසංගත ව්‍යාප්තිය ඉන් පාලනය වේද?....එබඳු ව්‍යායායාමයකින් ඒ එන්නත් වලට පවා "රෙසිස්ටන්ට්" වෛරස් ප්‍රභේද නිර්මාණය වීමක් සිදුවේද?......ශ්‍රී ලංකාව දැන් ඇත්තටම තිබෙන්නේ ව්‍යාප්තිය පාලනය කළ හැකි තත්වයකද?...
    සාමාන්‍ය මිනිසෙකු ලෙස මට ඇත්තේ ප්‍රශ්ණ ගොඩක් පමණි....!
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    a0a1efd4-6d04-440e-a3a2-14353f82adc2-fat_guy_running.gif


    N A K A M U R A On The Way......
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මාස්ක් නෑතිවනේ මූ එන්නේ
    මූ චීන විජ්ජාක්නයෙක්....ලොවෙත් නෑ...පිල බේරගන්න උ මාස්ක් එක නෙවෙයි බ්‍රා එකත් නැතුව එන්නේ....මම බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා.. 🙏🙏🙏
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්කෝලෙ ගිය කාලෙ මතක් කරල බලන්න ඉගෙන ගන්නෙ නැති පන්තියේ අන්තිමයා වෙන ඩයල් හොඳට ඉගෙනගන්න පලවෙනියා වෙන ඩයල් අතර සම්බන්ධතාවයක් තිබුනද කියල!

    ඒ වෙනස දැන් කොවිඩ් මර්ධන කමිටුව වගෙ තැනකදි මැටි ඩයල් එක්ක දොස්තරලව එකට දාල වැඩ කරන්න ගියාම පේනව. කොවිඩ් මර්ධනයට ඉහල නිලධාරියා වෙන්න ඕනෙ දොස්තරල. ආමිකාරයො දේශපාලුවො ඉන්න ඕනෙ පහලින්, ඒ දෙන නියෝග හරියට ක්‍රියාත්මක කරවන්න විතරයි. උපදෙස් දෙන්න තීරණ ගන්න නෙවෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන විදිහට වියාප්තිය පාලනය කරන්ඩ බැරිනම් හැදිල හොදවෙයිනෙ බන්, සරලයි..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔය කියන විදිහට වියාප්තිය පාලනය කරන්ඩ බැරිනම් හැදිල හොදවෙයිනෙ බන්, සරලයි..
    ඔව් දැන් අවුලක් නෑ නේ ? පෝට් සිටිය අනුමත කරග්ත්තනේ. ලබන මාසේ ලොක්ක අවම දෙන්න දෙයක් තියනවා නේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්කෝලෙ ගිය කාලෙ මතක් කරල බලන්න ඉගෙන ගන්නෙ නැති පන්තියේ අන්තිමයා වෙන ඩයල් හොඳට ඉගෙනගන්න පලවෙනියා වෙන ඩයල් අතර සම්බන්ධතාවයක් තිබුනද කියල!

    ඒ වෙනස දැන් කොවිඩ් මර්ධන කමිටුව වගෙ තැනකදි මැටි ඩයල් එක්ක දොස්තරලව එකට දාල වැඩ කරන්න ගියාම පේනව. කොවිඩ් මර්ධනයට ඉහල නිලධාරියා වෙන්න ඕනෙ දොස්තරල. ආමිකාරයො දේශපාලුවො ඉන්න ඕනෙ පහලින්, ඒ දෙන නියෝග හරියට ක්‍රියාත්මක කරවන්න විතරයි. උපදෙස් දෙන්න තීරණ ගන්න නෙවෙයි
    උබල ඔය කුහකමට රිදෝගෙන දැගලුවට දොස්තරල එක්ක කතා කරල තමයි තීරන ගන්නෙ, උබලට ඇත්තටම තර්කයක් නැ ඔහේ කියෝනව කුහකමට වෙන මොකුත්ම නැ..

    ගු ඇන් පි පො&න උබලට හමුදාව ඇලජික් අපේ ජනාධිපතුමාව කොහොමත් ඇලජික් ඉතින් බුරනව තොපේ පො&න කතාවල ගත යුත්තක් නැ මෙලෝකෙ හරයක් නැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබල ඔය කුහකමට රිදෝගෙන දැගලුවට දොස්තරල එක්ක කතා කරල තමයි තීරන ගන්නෙ, උබලට ඇත්තටම තර්කයක් නැ ඔහේ කියෝනව කුහකමට වෙන මොකුත්ම නැ..

    ගු ඇන් පි පො&න උබලට හමුදාව ඇලජික් අපේ ජනාධිපතුමාව කොහොමත් ඇලජික් ඉතින් බුරනව තොපේ පො&න කතාවල ගත යුත්තක් නැ මෙලෝකෙ හරයක් නැ.
    දොස්තරල එක්ක කතාකරල තීරණගන්න මොලයක් තියෙන උන්ද බන් මුන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තරල එක්ක කතාකරල තීරණගන්න මොලයක් තියෙන උන්ද බන් මුන්.
    ඔව් ඔව් මොලෙ තිබ්බෙ උබේ පො&න රනිලට, ඊට පස්සෙ පො*න සජියට අනිත් උන්ට මොලේ නැ.. :lol: :lol: :lol: :lol: :lol: