Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලු ඩාලියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙකඩ කල මළසිරුරෙහි අභිරහස නොහොත් කළු ඩාලියා ඛේදවාචකය!!

ලොස් ඇන්ජලීසයට එළිදුටු තවත් එක් නීරස වූ සීතල බදාදාවක බෙටි බර්සින්ගර් සිය තෙහැවිරිදි දියණියද සමගින් සපත්තු මසන්නා සොයා උදෑහනින්ම එළිබැස තිබිණි. ලේමට් උද්‍යානය අසලින් නෝර්ටන් විදීයට එළැඹි ඈ, ඒ ඔස්සේ 39වන වීදිය දෙසට ගමන් කළයුතුව තිබිණි. දෙවන ලෝක යුද්ධය අවසාන වීමෙන් උපන් දෙවන නව වසර උදා වී ගතව තිබුනේ යන්තම් දින පසළොසක් පමණි. අළුත් වසරෙහි උත්සවශ්රීය කෙමෙන් වියැකී ගොස් ඇත.

යුද්ධය දුප්පත් කරලූ නගරතරත, තැනින් තැන, කලෙක ඉදිවීම ඇරඹී, පසුකලෙක ආර්ථිකම අගහිඟකම් අභිමුව ඒ නැවතී ගියා වූ සිමෙන්තිමය යෝධයින් අතර හිස් කුට්ටි ඉඩම් බොහොමයකි. ඒ ශුන්‍ය බිම් මත අළුත් නගරය තේජසින් ඉදිවනු ඇත. ඇතැමෙක දැනටමත් පාදම වැටී ඇත. බොහොමයෙක නවමු ගොඩනැගිලි ඉදිවීමට පිඹුරුපත් ඇදී ඇත. මේ පාළු බව, හිස් බව, පහව ගොස් නාගරික ජීවන හුරුපුරුදුව ජීවිත තවත් එක් සැනෙකින් වෙලාගනු ඇත.

බෙටී, නෝර්ටන් වීදියෙන් 39 වන වීදීය දෙසට හැරිණි. දෙමසංසල සුවිසල් හිස් ඉඩමෙකි. අනේ! ඒ මත කිසිවෙකු රෙදි සාප්පුවකින් ඉවත් කරලූ නිරූපන බෝනික්කියක දමා ගොස් ඇත. බද කොටසින් දෙකඩ කර කඩා දමා තිබූ ප්ලාස්ටික්-ඉටි පිළිරුව ඉසිලූ අත්‍යන්ත රූපත් බව දැක බෙටී ගමන් පියවර මොහොතකට අඩාල කොට ඒ දෙස එඹී බැලීය. දෙවියනි! ඒ ඉටි හෝ ප්ලාස්ටික හෝ නොවීය. ඒ මිනිස් මාංශය විය. අතිශය රූමත් යුවතියක ඉඟ පෙදෙසින් දෙකඩ කර, දමා ගොස් තිබූ මළසිරුරක් තණකොළ පියැළි මත වැතිරී තිබිණි!

බෙටී සිය ළපටි දියණිය හරවා, සිය සායට තබා තද කර ගති. දෙදර වී ගිය සිත් සන්තාන එකළස් කරගත් ඈ, සිඟිත්තිය දෙවොරට ඔසවා ගත්තී උදව් ඉල්ලා දිව ගියා ය. ළගම නිවෙසින් ඇය පොලීසිය අමතා තිබුනෙන් මිනිත්තු කිහිපයකින් ලොස් ඇන්ජලීස් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එහි ළගා විය.

මරණකාරීය වයස අවුරුදු විස්සත්, විසිපහත් අතර විය හැකි වූ සුරූපිණියකි. කළු දිගු හිසකේ ය. පළාවන් පැහැයට ආසන්න වූ නිල් පැහැ දෙනෙත් ය. මළ සිරුර මත නූල් පොටක් ඉතිරි නොකර නිර්වස්ත්‍ර කරලූ ඈ දේහය මත තැනින් තැන කැපුම් තුවාල විය. මුව දෙපසින් අගල් කිහිපයක් කන් දෙසට කපා අමානුෂික සිනහවක් මරණයෙන් දරදඩු උවන මත මවා තිබිණි. දකුණු පියයුරෙන් කැබැල්ලක් කපා දමා ඇත. වඩා සුවිසෙස්ම කරුණ ලෙස, ඉඟට මදක් ඉහළින් පැහැදිලිවම දෙකඩ වන්නට සිරුර වෙන් කර දමා තිබිණි. දෙකඩ වී ගිය ශරීර උඩුකය හා යටිකය අතර අඟල් කිහිපයක හිඩැසක් ඇතිවන පරිද්දෙන් මළසිරුර උඩුබැලි පසට දිගාකර ඇත. අත් දෙක හිස දෙපසින් දෙපසට වැටී ගොස් තිබුනු අතර දෙකකුල් ඉතා පළල් කොට ඈත් කර තිබිණි. ලිංගේන්ද්‍රය අවට රෝම ඉවත් කර තිබුනු අතර බැලූ බැල්මට ඒ මත සිරීම් තුවාල විය. කිසිවෙකුට අදහාගත නොහැකි වූ විශ්මයාන්විත අමුත්තක් ඉතිරි කරලූ කිසිවක්, සාපරාධී මිනීමරුමක තිබිය යුතුම වූ කිසිවක්, එහි නොමැති විය. රතෙන් දිලිහෙන රුධිරය! මරණකාරිය තුළ, ඈ මත හෝ අවට කිසි පෙදෙසක රුධිර බිඳුවක් තිබුනේ නැත. රත් පැහැ ලෙයින්, මුක්ත වූ මිනීමැරුමකි. දෙකඩ කළ සුදුමැලි තරුණ සිරුරකි. කපා කොටා විරූපී කළ සුරූපිණියකි!

අපරාධස්ථානයේ මූලික පරීක්ෂණ වලින් වහා ඉක්බිත මළ සිරුර අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ලොස් ඇන්ජලීස් ප්‍රධාන මෘතාගාරය වෙත යැවිණි. එහිදී තවත් බොහෝ කරුණු සොයා ගැනීමට හැකිව තිබිණි. හිස මත, කෙස අතරත තැනින් තැන කැපුම් තුවාල විය. හිස්කබල භග්න වී නොතිබුනු මුත්, හිසට තදින් එල්ල කල පහරක ඉතිහාසය විලාප තැබූ රුධිර බිදිති මෂ්තිශ්කය හා මෙනින්ජි පටල අතරට ඉහිරී තිබිණි. මුවහත් ආයුධයකින් මුව දෙපස පලා දකුනු පසින් අගල් තුනක් හා වම් පසින් අගල් දෙකහමාරක් කන් දෙසට විවර කර තිබිණි. දෙඅතෙහි මැණික්කටු අසලින් හා දෙකකුල් වළලුකර අසළ තදින් බැද දමා තිබූ බව හැග වූ සළකුණු ඉතිරි වී ඇත. එකළ ඉහළ ශල්‍ය වෛද්‍ය ඉගැන්වීම් හී උගන්වනු ලැබු පරිද්දෙන්ම, අති නිවැරදි තාක්ෂණික කුසලතාවයකින්, දෙවන හා තුන්වන කටී කශේරුකා අතරින් ගොස් උදරය හරහා ග්‍රහණිය (Duodenum) ඔස්සේ බඩවැල් වෙන්කරවාලමින් සිරුර දෙකඩ වන්නට කපා දමා තිබිණි (Hemicorporectomy). ඉන්පසු සිරුරු කැබිලිති දෙක සම්පුර්ණයෙන් රුධිරය වෑස්සී හිස් ව යනතුරු එල්ලා තැබුණා විය යුතුය. සිරුර අභ්‍යන්තර එකදු නහරවැලක හෝ රුධිරය බිදුවක් ඉතිරි නොවන්නට ඒ හිස්කර දමා තිබිණි. ඉන්පසු සිරුර මනා කොට සෝදා දමා පිරිසිදු කළ බවක් පෙනෙන්නට විය. ලිංගේන්ද්‍රය අවට රෝම එකින් එක උගුල්ලා දමා මවිලෙන් මුක්ත කර තිබුනු අතර යෝනි විවරය මත සුළු සීරීම් විය. ගුදමාර්ගය අගල් 1.75ක් පමණ විවර වන්නට කිසිවක් ඇතුල් කර තිබුනු බවට පැහැදිලි සාක්ෂ්‍ය විය. බඩවැල් කපා බාහිරට ගෙන හොදින් සෝදා පිරිසිදු කිරීමෙන් පසු යළිත් උදර අභ්‍යන්තරයේ අසුරා ඇත. එසේ උස අඩි පහක් සහ අගල් පහක් වූ, කිලෝ 52ක ස්කන්ධයක් දැරූ මරණකාරිය අධික ලෙස රුධිර වහනය හා මශ්තිෂ්කයට රුධිරය ගලායාම හේතුකොටගෙන සිරුර සොයා ගැනීමට පැය දහයකට පෙර එනම් 1947 හි ජනවාරි මස 14 වන දින රාත්‍රියේ කිසියම් හෝරාවක දී, අති අමානුෂික ලෙස වද දී, දින කිහිපයක් තිස්සේ සිදුකරන ලද බරපතල ලිංගික අඩන්තේට්ටම් මාලාවක අවසානය ලෙස මරා දමා තිබිණි.

මළ සිරුරෙහි ඇඟිලි සළකුණු සියල්ල ලබා ගැනුනු අතර, අනන්‍යතාවය හදුනා ගැනීම සදහා ඒ සටහන් Soundphoto උපකරණයක් හරහා (ෆැක්ස් යන්ත්‍රයේ මුල් කාලීන ආදිතමයා) වොෂින්ටනය වෙත යැවිණි. එහිදී පෙර කලෙක දී, නීත්‍යානුකූල වයසට පෙර බීමත්ව සිටියදී අත් අඩංගුවට ගැනුනු තරුණියක ගේ ඇගිලි සළකුණු හා මරණකාරියගේ ඇගිලි සළකුණු නිශ්චිත ව ගැලපුනෙන් ඈ විසිදෙහැවිරිදි එළිසබෙත් ෂෝර්ට් ලෙස හදුනා ගැණිනි.

ඇගේ කෲර වූ ඝාතනය පුවත්පත් සිසාරා පළ කෙරිණි. මුල් පිටු, මැද පිටු, නේක විධ බිහිසුණු ජායාරූපයෙන් සැරසිණි. අමානුෂික මරා දැමීමේ කතාන්දරය විවිධ ස්වරූපයෙන්, නවමු විධ පැතිකඩින් දිනෙන් දින හාර හාරා අවුස්සා දැමිණි. උන් ඇයට එළිසබෙත් ෂෝර්ට් ය කියා නොඇමතූ හ. ඒ වෙනුවට උන් ඈට, කළු ඩාලියාව (Black Dahlia ) ය කීය. කළු ඩාලියාව මිලින කරලීමේ කතාන්තරය පුවත්පත් ඉතිහාසයේ වාර්තාගත ආදායමක් උපද්දා දී තිබිණි. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය පළ වූ දින පුවත්පත් විකිණී ගිය වාර්තා පරයා දමා , ඩාලියා ගේ කතාන්දරය කියැවීමට පුවත්පත් විකිණී තිබිණි.

කළු ඩාලියාව නොහොත් එළිසබෙත් ෂෝර්ට් නම් සුන්දර තරුණිය කාගේ කවුරුන් වී ද? කුමක් කළ එකියක වී ද? ඇය මෙලෙස කෲර ලෙස මරා දැමූ වේ කවුරුන් විය හැකි ද? ඒ, බිදී ගිය ආතුර පෙමක පළිගැනීමක් ද? කාමාශක්ත සල්ලාලයෙකුගේ අමානුෂික සන්තර්පණයක් ද? මේ ලෙසින්, ජනවාරී දාහතර රාත්‍රියේ එක් අහිංසක හදවතක අවසාන ගැස්ම සටහන් කරලූ ඒ ඛේදනීය හෝරාවේ ලොවෙන් වහං වූ ඉසව්වක කුමක් නම් සිදු වන්නට ඇති ද?

ඒ සියල්ල මතු දිනෙක සවස් යාමයේ විස්තරාත්මකව සාකච්ජා කරලන දෙවැනි ලිපියක් මඟින් ඔබ ඉදිරියේ දිග හරිමි.

[ATTACH=full]212691[/ATTACH]

[QUOTE="I7LK47S, post: 29126988, member: 584196"] දෙකඩ කල මළසිරුරෙහි අභිරහස නොහොත් කළු ඩාලියා ඛේදවාචකය!! ලොස් ඇන්ජලීසයට එළිදුටු තවත් එක් නීරස වූ සීතල බදාදාවක බෙටි බර්සින්ගර් සිය තෙහැවිරිදි දියණියද සමගින් සපත්තු මසන්නා සොයා උදෑහනින්ම එළිබැස තිබිණි. ලේමට් උද්‍යානය අසලින් නෝර්ටන් විදීයට එළැඹි ඈ, ඒ ඔස්සේ 39වන වීදිය දෙසට ගමන් කළයුතුව තිබිණි. දෙවන ලෝක යුද්ධය අවසාන වීමෙන් උපන් දෙවන නව වසර උදා වී ගතව තිබුනේ යන්තම් දින පසළොසක් පමණි. අළුත් වසරෙහි උත්සවශ්රීය කෙමෙන් වියැකී ගොස් ඇත. යුද්ධය දුප්පත් කරලූ නගරතරත, තැනින් තැන, කලෙක ඉදිවීම ඇරඹී, පසුකලෙක ආර්ථිකම අගහිඟකම් අභිමුව ඒ නැවතී ගියා වූ සිමෙන්තිමය යෝධයින් අතර හිස් කුට්ටි ඉඩම් බොහොමයකි. ඒ ශුන්‍ය බිම් මත අළුත් නගරය තේජසින් ඉදිවනු ඇත. ඇතැමෙක දැනටමත් පාදම වැටී ඇත. බොහොමයෙක නවමු ගොඩනැගිලි ඉදිවීමට පිඹුරුපත් ඇදී ඇත. මේ පාළු බව, හිස් බව, පහව ගොස් නාගරික ජීවන හුරුපුරුදුව ජීවිත තවත් එක් සැනෙකින් වෙලාගනු ඇත. බෙටී, නෝර්ටන් වීදියෙන් 39 වන වීදීය දෙසට හැරිණි. දෙමසංසල සුවිසල් හිස් ඉඩමෙකි. අනේ! ඒ මත කිසිවෙකු රෙදි සාප්පුවකින් ඉවත් කරලූ නිරූපන බෝනික්කියක දමා ගොස් ඇත. බද කොටසින් දෙකඩ කර කඩා දමා තිබූ ප්ලාස්ටික්-ඉටි පිළිරුව ඉසිලූ අත්‍යන්ත රූපත් බව දැක බෙටී ගමන් පියවර මොහොතකට අඩාල කොට ඒ දෙස එඹී බැලීය. දෙවියනි! ඒ ඉටි හෝ ප්ලාස්ටික හෝ නොවීය. ඒ මිනිස් මාංශය විය. අතිශය රූමත් යුවතියක ඉඟ පෙදෙසින් දෙකඩ කර, දමා ගොස් තිබූ මළසිරුරක් තණකොළ පියැළි මත වැතිරී තිබිණි! බෙටී සිය ළපටි දියණිය හරවා, සිය සායට තබා තද කර ගති. දෙදර වී ගිය සිත් සන්තාන එකළස් කරගත් ඈ, සිඟිත්තිය දෙවොරට ඔසවා ගත්තී උදව් ඉල්ලා දිව ගියා ය. ළගම නිවෙසින් ඇය පොලීසිය අමතා තිබුනෙන් මිනිත්තු කිහිපයකින් ලොස් ඇන්ජලීස් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එහි ළගා විය. මරණකාරීය වයස අවුරුදු විස්සත්, විසිපහත් අතර විය හැකි වූ සුරූපිණියකි. කළු දිගු හිසකේ ය. පළාවන් පැහැයට ආසන්න වූ නිල් පැහැ දෙනෙත් ය. මළ සිරුර මත නූල් පොටක් ඉතිරි නොකර නිර්වස්ත්‍ර කරලූ ඈ දේහය මත තැනින් තැන කැපුම් තුවාල විය. මුව දෙපසින් අගල් කිහිපයක් කන් දෙසට කපා අමානුෂික සිනහවක් මරණයෙන් දරදඩු උවන මත මවා තිබිණි. දකුණු පියයුරෙන් කැබැල්ලක් කපා දමා ඇත. වඩා සුවිසෙස්ම කරුණ ලෙස, ඉඟට මදක් ඉහළින් පැහැදිලිවම දෙකඩ වන්නට සිරුර වෙන් කර දමා තිබිණි. දෙකඩ වී ගිය ශරීර උඩුකය හා යටිකය අතර අඟල් කිහිපයක හිඩැසක් ඇතිවන පරිද්දෙන් මළසිරුර උඩුබැලි පසට දිගාකර ඇත. අත් දෙක හිස දෙපසින් දෙපසට වැටී ගොස් තිබුනු අතර දෙකකුල් ඉතා පළල් කොට ඈත් කර තිබිණි. ලිංගේන්ද්‍රය අවට රෝම ඉවත් කර තිබුනු අතර බැලූ බැල්මට ඒ මත සිරීම් තුවාල විය. කිසිවෙකුට අදහාගත නොහැකි වූ විශ්මයාන්විත අමුත්තක් ඉතිරි කරලූ කිසිවක්, සාපරාධී මිනීමරුමක තිබිය යුතුම වූ කිසිවක්, එහි නොමැති විය. රතෙන් දිලිහෙන රුධිරය! මරණකාරිය තුළ, ඈ මත හෝ අවට කිසි පෙදෙසක රුධිර බිඳුවක් තිබුනේ නැත. රත් පැහැ ලෙයින්, මුක්ත වූ මිනීමැරුමකි. දෙකඩ කළ සුදුමැලි තරුණ සිරුරකි. කපා කොටා විරූපී කළ සුරූපිණියකි! අපරාධස්ථානයේ මූලික පරීක්ෂණ වලින් වහා ඉක්බිත මළ සිරුර අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ලොස් ඇන්ජලීස් ප්‍රධාන මෘතාගාරය වෙත යැවිණි. එහිදී තවත් බොහෝ කරුණු සොයා ගැනීමට හැකිව තිබිණි. හිස මත, කෙස අතරත තැනින් තැන කැපුම් තුවාල විය. හිස්කබල භග්න වී නොතිබුනු මුත්, හිසට තදින් එල්ල කල පහරක ඉතිහාසය විලාප තැබූ රුධිර බිදිති මෂ්තිශ්කය හා මෙනින්ජි පටල අතරට ඉහිරී තිබිණි. මුවහත් ආයුධයකින් මුව දෙපස පලා දකුනු පසින් අගල් තුනක් හා වම් පසින් අගල් දෙකහමාරක් කන් දෙසට විවර කර තිබිණි. දෙඅතෙහි මැණික්කටු අසලින් හා දෙකකුල් වළලුකර අසළ තදින් බැද දමා තිබූ බව හැග වූ සළකුණු ඉතිරි වී ඇත. එකළ ඉහළ ශල්‍ය වෛද්‍ය ඉගැන්වීම් හී උගන්වනු ලැබු පරිද්දෙන්ම, අති නිවැරදි තාක්ෂණික කුසලතාවයකින්, දෙවන හා තුන්වන කටී කශේරුකා අතරින් ගොස් උදරය හරහා ග්‍රහණිය (Duodenum) ඔස්සේ බඩවැල් වෙන්කරවාලමින් සිරුර දෙකඩ වන්නට කපා දමා තිබිණි (Hemicorporectomy). ඉන්පසු සිරුරු කැබිලිති දෙක සම්පුර්ණයෙන් රුධිරය වෑස්සී හිස් ව යනතුරු එල්ලා තැබුණා විය යුතුය. සිරුර අභ්‍යන්තර එකදු නහරවැලක හෝ රුධිරය බිදුවක් ඉතිරි නොවන්නට ඒ හිස්කර දමා තිබිණි. ඉන්පසු සිරුර මනා කොට සෝදා දමා පිරිසිදු කළ බවක් පෙනෙන්නට විය. ලිංගේන්ද්‍රය අවට රෝම එකින් එක උගුල්ලා දමා මවිලෙන් මුක්ත කර තිබුනු අතර යෝනි විවරය මත සුළු සීරීම් විය. ගුදමාර්ගය අගල් 1.75ක් පමණ විවර වන්නට කිසිවක් ඇතුල් කර තිබුනු බවට පැහැදිලි සාක්ෂ්‍ය විය. බඩවැල් කපා බාහිරට ගෙන හොදින් සෝදා පිරිසිදු කිරීමෙන් පසු යළිත් උදර අභ්‍යන්තරයේ අසුරා ඇත. එසේ උස අඩි පහක් සහ අගල් පහක් වූ, කිලෝ 52ක ස්කන්ධයක් දැරූ මරණකාරිය අධික ලෙස රුධිර වහනය හා මශ්තිෂ්කයට රුධිරය ගලායාම හේතුකොටගෙන සිරුර සොයා ගැනීමට පැය දහයකට පෙර එනම් 1947 හි ජනවාරි මස 14 වන දින රාත්‍රියේ කිසියම් හෝරාවක දී, අති අමානුෂික ලෙස වද දී, දින කිහිපයක් තිස්සේ සිදුකරන ලද බරපතල ලිංගික අඩන්තේට්ටම් මාලාවක අවසානය ලෙස මරා දමා තිබිණි. මළ සිරුරෙහි ඇඟිලි සළකුණු සියල්ල ලබා ගැනුනු අතර, අනන්‍යතාවය හදුනා ගැනීම සදහා ඒ සටහන් Soundphoto උපකරණයක් හරහා (ෆැක්ස් යන්ත්‍රයේ මුල් කාලීන ආදිතමයා) වොෂින්ටනය වෙත යැවිණි. එහිදී පෙර කලෙක දී, නීත්‍යානුකූල වයසට පෙර බීමත්ව සිටියදී අත් අඩංගුවට ගැනුනු තරුණියක ගේ ඇගිලි සළකුණු හා මරණකාරියගේ ඇගිලි සළකුණු නිශ්චිත ව ගැලපුනෙන් ඈ විසිදෙහැවිරිදි එළිසබෙත් ෂෝර්ට් ලෙස හදුනා ගැණිනි. ඇගේ කෲර වූ ඝාතනය පුවත්පත් සිසාරා පළ කෙරිණි. මුල් පිටු, මැද පිටු, නේක විධ බිහිසුණු ජායාරූපයෙන් සැරසිණි. අමානුෂික මරා දැමීමේ කතාන්දරය විවිධ ස්වරූපයෙන්, නවමු විධ පැතිකඩින් දිනෙන් දින හාර හාරා අවුස්සා දැමිණි. උන් ඇයට එළිසබෙත් ෂෝර්ට් ය කියා නොඇමතූ හ. ඒ වෙනුවට උන් ඈට, කළු ඩාලියාව (Black Dahlia ) ය කීය. කළු ඩාලියාව මිලින කරලීමේ කතාන්තරය පුවත්පත් ඉතිහාසයේ වාර්තාගත ආදායමක් උපද්දා දී තිබිණි. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය පළ වූ දින පුවත්පත් විකිණී ගිය වාර්තා පරයා දමා , ඩාලියා ගේ කතාන්දරය කියැවීමට පුවත්පත් විකිණී තිබිණි. කළු ඩාලියාව නොහොත් එළිසබෙත් ෂෝර්ට් නම් සුන්දර තරුණිය කාගේ කවුරුන් වී ද? කුමක් කළ එකියක වී ද? ඇය මෙලෙස කෲර ලෙස මරා දැමූ වේ කවුරුන් විය හැකි ද? ඒ, බිදී ගිය ආතුර පෙමක පළිගැනීමක් ද? කාමාශක්ත සල්ලාලයෙකුගේ අමානුෂික සන්තර්පණයක් ද? මේ ලෙසින්, ජනවාරී දාහතර රාත්‍රියේ එක් අහිංසක හදවතක අවසාන ගැස්ම සටහන් කරලූ ඒ ඛේදනීය හෝරාවේ ලොවෙන් වහං වූ ඉසව්වක කුමක් නම් සිදු වන්නට ඇති ද? ඒ සියල්ල මතු දිනෙක සවස් යාමයේ විස්තරාත්මකව සාකච්ජා කරලන දෙවැනි ලිපියක් මඟින් ඔබ ඉදිරියේ දිග හරිමි. [ATTACH type="full"]212691[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom