Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු යක්කු හා සුදු දුම්මල (short story)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලු යක්කු හා සුදු දුම්මල (short story)

කලු යක්කු හා සුදු දුම්මල

" ජයේ ඔයා දැක්කද මේ දැන්වීම?" එක් ඉරිදා දිනයක මගේ බිරිද පෙන්වු පත්තර පිටුවක අල්පෙනිති අකුරෙන් මුද්‍රණය කර තිබු පේලි කිහිපයකට මගේ අවධානය යොමු වුයේ නිතැතින්ය.

පර්:10 ,කාමර 3, සාලය සමග අංග සම්පුර්ණ නිවස විකිණීමට,

මිල ලක්ෂ 20 .

මෙපමණකල් තැන තැන කුලී නිවෙස්වල වාසය කල අපට අපේම කියා නිවසක අවශ්‍යයතාව තදින්ම දැනෙමින් තිබුණි. එහෙත් ආර්ථික අපහසුතා නිසා දිනෙන් දින එම අරමුණ ප්‍රමාද කීරීමට අපට සිදුවී තිබුණි. කෙසේ නමුත් අපි එදින සවසම නිවස බැලීමට ගියෙමු.බංගලාවත්ත පාරට හැරී ලේන් තුනක් පසු කල තැන වමට පිහිටි බොරලු පාරේ කෙලවරෙහිම අපගේ නිවස පිහිටා තිබුණි. නමක් දක්නට නොලැබුණු එම බොරලු පාරටම තිබුණේ ගෙවල් දෙකක් පමණි.ඉන් එකක් අප බැලීමට පැමිණි නිවස වු අතර අනෙක පැරණි තාලයට සදන ලද උලු සෙවිල්ලූ පරණ ගෙයක් විය. කෙසේනමුදු අප බැලීමට පැමිණි නිවස ඉතා නවීන පන්නයට සාදන ලද තනිමහලේ ගෙයක් විය. මෙතෙක් අප බැලු නිවෙස් අතරින් මෙය අප ආර්ථිකයට සරිලන හුරුබුහුටි කදිම නිවහනක් විය.තවත් ප්‍රමාද නොවු අපි මසක් ඇතුලත නිවස කිසිදු කේවල් කිරීමකින් තොරව අත්පිට මුදලට මිලදී ගෙන එහි පදිංචි වුයෙමු.

මාගේ බිරිද නගරයේ කාර්යාලයක සේවය කල අතර පාන්දරින් නිවසෙන් පිටව යන ඇය පැමිණෙන්නේ සවස් භාගයේය.මාස්පතා පලවන කාලීන සගරාවක කර්තෘවරයකු ලෙස සේවය කල හෙයින් මගේ කාර්යාල කටයුතු බොහෝමයක් මා සිදුකරනු ලැබුවේ නිවසේ සිටය. එහෙයින් අප නව නිවස පිහිටා තිබු නිදහස් හුදකලා පරිසරයද මෙම නිවස මිලදී ගැනීමට මා පෙලඹවු තවත් එක් ප්‍රධාන හේතුවක් විය. ප්‍රධාන පාරේ සිට මීටර 100ක් පමණ ඇතුලට විහිදුණු බොරලු පාරේ අසල් වැසියකුට වු එකම නිවස අප නිවසට යාබදව වු පරණ ගරා වැටුණු නිවස විය. අප නිවසට පැමිණි පලමු දිනයේ පැවත් වු සාදයෙන් අනතුරුව මා කිරිබත් පිගානකද රැගෙන අසල්වැසි නිවසට ගොඩ විය. කාලයකින් අලුත් වැඩියාවක් නොවු හෙයින් නිවසේ පිටත බිත්ති සියල්ල පොතු ගැලවීමට ලක්වී තිබුණි. නිවස ඉදිරිපිට මිදුලද විශාල වද කොස්ගසේ කොල වැටීමෙන් අපිරිසිදු වී තිබුණි. මා වසා දමා තිබු දොර ජනේල වලට තට්ටු කරමින් නිවසේ කිසිවකු සිටීදැයි විපරම් කලද , එහි මිනිස් වාසයක සේයාවක් නොවීය.

අප නිවසේ පදිංචියට පැමිණ දින කිහිපයක් ගත විය. එක් ඉරිදා දිනක සවස ත්‍රී රෝද රථයක් පැමිණ අසල් වැසි මිදුලේ නතර විය. සුදු සරමක් හා අත් කොට මේස් බැනියමක් ඇදගත් තරමක් වයසක පෙනුමක් ඇති පුද්ගලයකු බැස නිවසට ඇතුලුවනු පෙණුනි. ඔහු සතුව ගමන් මල්ලක් , කොහුලනුවකින් බදින ලද කාඩ්බෝඩ් පෙට්ටියක් හා දවුල් බෙරයක් ඇතුලු ආම්පන්න කිහිපයක් විය.ත්‍රී රෝද රථය නික්ම ගිය පසු ඔහු බඩු සියල්ලද සමග ගෙට ඇතුලු වී දොර අගුලු ලා ගනු පෙණුනි.පසුදින අලුයම දොරට ගසන ශබ්දයකින් මා තිගැස්සී ඇහැරුණි. මා බිරිදද මේ වන විට නිවසින් පිටව ගොස් තිබුණි. මම හෙමින් නැගිට ගොස් ඉදිරිපස දොරටුව විවත කලෙමි. එහෙත් කිසිවකු දොරකඩ නොවීය.මා හෙමින් මිදුලට බැස අවට විපරම් කලේය. එහෙත් කිසිවකු දැක ගත නොහැකි විය. එහෙයින් සිතෙහි ඇති වු සැකයද සමග මිදුලේ වනා තිබු සාලුවද රැගෙන මම පිටුපස කරාමය දෙසට ගියෙමි.

යමෙකු කුස්සියේ ජනේලයෙන් නිවස තුලට එබිකම් කරනු දුටු මා "කවුද?" සැරෙන් ඇසුවෙමි. ඔහුගේ උරහිස තෙක් වවන ලද අලු පැහැ ගැන්වුනු කෙස් වැටිය හා ඔහු ඇද සිටි සුදු ඇදුම පෙර දිනයේ සිටම මගේ මතකයේ රැදී තිබුණි.ඔහු දුර්වර්ණ වු දසන් විරිත්තා මා ඉදිරියට පැමිණියේය.

"මම උන්නෙ ගෙදර කවුරුත් නැතිව ඇති කියලා" ඔහු පැවසුවේය.

"ඔහේ කවුද?" මම එකවරම ඇසුවෙමි.

"මම මේ අල්ලපු ගෙදර"

"අල්ලපු ගෙදර කවුරුත් හිටියෙ නෑනේ?" මම ඊයේ සිද්ධිය නොදන්නා ගානට පැවසුවෙමි.

"මම අපේ ගමේ වැඩකට ගිහින් ඊයේ හැන්දෑකොරේ ආවේ."

" ගම කිව්වේ?"

"මාතර....මාතර සුදු වැල්ලේ.....සුදු වැල්ලේ කට්ටඩියා කිව්වහම මාතර නොදන්න කෙනෙක් නෑ" ඔහු ආඩම්බරයෙන් පැවසුවේය.

"එතකොට ඔහේ මොකද කොලඹ කරන්නේ?"

"මගෙන් වැඩ කරවගන්න ලොකු මහත්තුරු ගොඩක් ඉන්නේ කොලඹ; ඒගොල්ලන්ගෙ වදේට තමයි මම මේ කොලඹ නැවතිලා ඉන්නේ."

"ලොකු උන්නැහේ මොනවගේ වැඩද කරන්නේ?" අප අතර කතා බහ තරමක් සුහද කිරීමට මා ඇසුවේය.

"ඔය සල්ලි නිල තානාන්තර වල බලයට කරන්න බැරි වැඩ ගොඩක් මගේ මේ සාත්තරේට පුලුවන් මහත්තයො". ඔහු එසේ පවසත්ම මගේ සිත තුල සියුම් කෘතුහලයක් මොදු වන්නට විය. කෙසේ නමුදු අපගේ පලමු කතා බහ අවසන් වුයේ මගේ යටි සිතට කුහුලක් පමණක් නොව නව අදහසක්ද ජනිත කරවමිනි.

කලක් තිස්සේ මගේ සගරාවේ නිරන්තරයෙන් පලවු ඒකාකාරි ලිපි හෙයින් එහි ඒකාකාරී ස්වරූපයක් උසුලන බවට මට නිරන්තරයෙන් පාඨක චෝදනා එල්ල වෙමින් තිබුණි.එමෙන්ම ඉදිරියේදී මෙම තත්ත්වය සගරාවේ අලවියටද බලපානු ඇතැයි මා තුල කුකුසක් විය.එහෙයින් සගරාව තුල පල කල හැකි වෙනස් ආකාරයේ ලිපි පිලිබදව සොයමින් සිටි මා හට මොහුගේ හමු වීම හුදෙක් අහඹුවක්ම නොවීය. ඉදිරි සති කිහිපය තුල ඉඩක් ලද සැම විටම මම ඔහු හා කතා බහට යොමු විය. ඒ සෑමවිටම මාගේ ලිපි සදහා අවශ්‍යය කරුණු ඔහුගෙන් සුක්ෂමව ලබා ගැනීමට මා යුහුසුලු විය. ඒ සදහා ඔහු නම්මා ගැනීමට බුලත් විට , බීඩි ,සුරුට්ටු ,රසකැවිලි වැනි පඩුරු පාක්කුඩම් ගෙනයාමට මා අමතක නොකලේය. කෙසේ නමුදු ගුප්ත විද්‍යාව පිලිබදව කරුණු රාශියක් මට ඔහුගෙන් දැන ගැනීමට හැකි වුවද මා සැමවිටම ඒ සියල්ල දෙස විද්‍යාත්මක කොණයකින් විමර්ශනාත්මකව බැලීමට පරිස්සම් විය.මුල සිටම ඔහු පැවසු සමහර කරුණුවල අතිශෝක්තියක් මට දැණුනද , කල්යත්ම ඔහු විසින් මෙම ගුප්ත විද්‍යාව යැයි හදුන්වන දෙය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර

හුදෙක් විශ්වාසය පමණක් මුල් කරගත් අසත්‍යක් ලෙස මට ප්රත්යක්ෂ විය.

"මට ආසයි ගුරුන්නාන්සේ වැඩක් කරනවා බලන්න". ඔහු පාලම් ඇදබාන සාස්තරයේ ප්‍රයොගිකත්වය දැක බලා ගැනීමේ අරමුණින්

දිනක් මම ඔහුට යෝජනාවක් කලෙමි.

"ලගදී පොඩි දෙහි කැපිල්ලක් තියෙනවා.......මම මගේ වැඩවලට පිටින් කවුරුත් ගෙනියන්නෙ නං නෑ.......ඒත් මහත්තයට කොහොමද මම බෑ කියන්නේ......." ඔහු මදක් කල්පනා කර පිලිතුරු දුනි.

"හැබැයි මහත්තයා එකක්...... වැඩේට දවස් තුනකට කලින් මස් මාලු නොකා පේවෙන්න ඕන. නැත්තං කිල්ලට අහුවෙනවා." ඔහු කොන්දේසියක්ද පනවා මගේ යෝජනාවට එකග විය.

එදින මමත් ,ගුරුන්නාන්සේත්, ඔහුගේ ගෝලයා ලෙස හදුන්වා දුන් ත්‍රී රෝද රථයේ රියදුරාත් යන අප තිදෙනා අදාල නිවස බලා පිටත් විය.නගරයට ඉතා ආසන්නව පිහිටා තිබු තෙමල් නිවස එම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් වුවක් විය. ව්‍යාපාරික යුවලත් ඔවුන්ගේ කුඩා දැරියන් තිදෙනාත් ,මෙහෙකාරියත් හැරුණු කොට නිවසට පිටස්තරයන් වුයේ අප තිදෙනා පමණි. නිවැසියන් ගෙන් ලැබුණු සංග්‍රහ සත්කාර බුක්ති විදීමෙන් අනතුරුව ගුරුන්නාස්සේත් ගෝලාත් නා කියා පිරිසිදු වී සුදු පිරිවටින් සැරසුණි.ඉන් අනතුරුව නිවසේ කාමරයක් තෝරා එහි සුදු රෙදි එලා මල් බුලත් තට්ටුවක් සකස් කෙරුණි.ඒ මත ගුරුන්නාසේගේ උපදෙස් පරිදි නිවැසියන් විසින් සපයා දුන් නොයෙකුත් දෑ ක්‍රමානුකූලව අතිරීම සිදු කරනු ලැබුවේ ගෝලායා විසිනි.

"හොදයි දැන් මහත්තය ඔය දෙහි ගෙඩි අරන් ඇවිත් මම කියන මේ මන්තර කොටස කියන ගමන් තමුන්ගෙ අතින්ම එක එක මේ තට්ටුව උඩ තියන්න."

"ඕං සිද්ධි නමෝ නමං" නිවසේ ගෘහ මුලිකයා වු පුද්ගලයා මෙසේ පවසමින් ඔහු ගෙන ආ භාජනයේ වු දෙහි එකින් එක තට්ටුව මත පිරමිඩයක ස්වරූපයට සීරුවෙන් ඇතිරුවේය.

මේ සියල්ල දෙස විමසිලිමත්ව බලා සිටි මා හට ඒත්තු ගැන්වුණු පලවෙනිම කරුණ වුයේ ගෘහ මුලිකායා ඇතුලු නිවැසින් තුල මේ පිලිබදව ඇති දැඩි විශ්වාසය හා ශ්රද්ධාවයි.

ගුරුන්නාස්සේගේ උපදෙස් පරිදි නිවැසියන් සියලු දෙනා මල් බුලත් තට්ටුව ඉදිරියේ පැදුරක් එලා දොහොත් මුදුන් දී වාඩිවිය. ගුරාද එරමිණියක් ඔතා නිවැසියන්ට පිටුපා මල් බුලත් තටුවට මූණලා වාඩිවිය. ඕනම තක්කඩියෙකුට කෝකටත් තයිලය බුදුන් යැයි කියන්නාසේ අනතුරුව ඔහු විසින් සියලු දෙනාම පංචසීලයෙහි පිහිටුවන ලදී.

"මෙතන ඉන්න කවුරුත් මං කියපු විදිහට පේ වෙලා නේද ඉන්නේ?" ඔහු පලමුව විමසුවේය.

"එහෙමයි ගුරුන්නාසේ" ගෘහමුලිකයා භක්තියෙන් පිලිතුරු දුනි.

"එහෙමනං කවුරුත් එක්කලා වැද ගන්නවා හොදයි." ඔහු තටුව දෙසට හැරී මැතිරීම ආරම්භ කලේය. මිනිත්තු හෝරා වී ගෙවී ගියේය. කට්ටඩියා ආවේස වු ලීලාවෙන් මැතිරීම නොනවත්වා කරගෙන ගියේය. ඔහුගේ ගෝලයා ඔහු අසලට වී නිරන්තරයෙන් කට්ටකුමංජල් දුම් ඇල්ලීමේ නිරත විය. මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා කිහිපයක්ද ගෙවී ගියේය.ඒ වන විට මුලු කාමරයම චායාවක් පවා යාම්තමින් පෙනෙන තරමට කට්ටකුමංජල් දුමෙන් වැසී තිබුණේය.දැරියන් තිදෙනා නිදිකිරා වැටෙන මෙහෙකාරියගේ ඇකයේ නිදා සිටියාය. නිවසේ බිරිද හා සැමියා පමණක් බාගෙට වැද වැටෙමින් ඇස් පියා වාඩි වී සිටුනු පෙනුණි. මා තුලද නිදිමත රජයමින් තිබුණද මේ පිලිබදව තිබු කෘතුහලය නිසාම මම අඩවන් දෙනෙතින් කාමරයේ කොනක සිට කට්ටඩියා දෙස විමසිලිමත්ව බලා සිටියෙමි.හදිසියේ ගෝලයාගේ චරියාවේ වෙනසක් මට දැණුනි. ඔහු විටෙක නිවැසියන් දෙසත් ,විටෙක මා දෙසත් කිහිපවරක් විපරම් කරනු පෙනිනි.මාද ඔහුට සැක නොහිතෙන පරිදි දෙනෙත් අඩවන් කර නිද්‍රගත ස්වරූපක් මවා පෑවේය.ඔහු හිසින් කට්ටඩියාට ඉගියක් කරන්නාක් මෙන් මට පෙණුනි.කට්ටඩියා වහා ක්‍රියාත්මක වී ඔහුගේ ඇකයෙන් ගත් දෙහි ගෙඩි කිහිපයක් තටුව මත තැබුවේය.

කට්ටඩියාගේ මෙම ක්‍රියාවෙන් මොහොතකට පසු මැතිරීම අවසන් විය. ඔහු ටිකක් සද්දයට උගුර පෑදුවේය. මේ කිසිත් නොදැන අන්ධ භක්තියෙන් නිදිකිරා වැටෙමින් සිටි නිවසියන්ද අවදිව හරි බරි ගැසුණි.

"ඔය වතුර කොරහක් අරන් එමු" ඔහු අණ කලේය.

මෙහෙකාරිය ගෙට දිව ගොස් වතුර පිරවු මැටි කොරහක් රැගෙනවිත් කට්ටඩියා ඉදිරියේ තබන ලදී.

"දැන් ගෙදර හැමෝම කොරහ ඉස්සරහට ඇවිල්ලා වැද ගන්නවා හොදයි" සියලුදෙනා කට්ටඩියාගේ කීම පරිදි කොරහ ඉදිරියට පැමිණියේය. ඔහු කුමක්දෝ මුමුණමින් ගිරයක් ගෙන ඊට තට්ටුව මත වු දෙහි ගෙඩියක් හිර කර පලමුව ගෘහමුලිකයාගේ නලලට තබා දෙවනුව එය දෙපලුකර කොරහට දැමීය.මේ අයුරින් දෙහි ගෙඩි එක දෙක වතුරට වැටෙත්ම කොරහේ වතුර රතු ලේපාටට හැරෙන්නට විය. නිවැසියන් විමතියෙන් සාදු කාර දෙන්නට විය.

"ඕන්න මහත්තයෝ දැන් ඉතින් මේ ගෙදර කරදර අදින් පස්සේ කම්මුතුයි ඔං" කට්ටඩියා පවසත්ම නිවැසියන්ගේ මලානික මුහුණු සිහින් සිනහවකින් ප්‍රබෝධමත් වනු පෙණුනි.

"දැන් ඉතින් මේ ආරක්ෂා මුට්ටි ටික ඉඩමේ හතර කොනේ වල දානව හොදයි." කට්ටඩියා කුඩා මුට්ටි හතරක් නිවැසියන්ට බාර දෙමින් සිය අවසාන ජවනිකාවද රග දක්වා හමාර කලේය.

"හරි පුදුමයිනේ ගුරුන්නාන්සේ" මම ඇගට නොදැනී ඇසුවෙමි.

"මහත්තයෝ....ඕක ඔය නිකම්ම නිකං දෙහි කැපිල්ලක්ම නෙමෙයි..... මං කැපුවේ ඔය ගෙදරට ඊරිසියාකාරයෙක් කරපු කොඩිවිනයක්....." ඔහු ඇගේ පතේ තෙහෙට්ටුව පසෙක ලා උජාරුවෙන් පිලිතුරු දුණි.

"කොහොමද අර වතුර ලේපාට වුණේ?"

"ඒක ලේසි පහසු කොඩිවිනයක් නෙමෙයි......කොඩිවිනේට බැදල තිබුණේ රීරී යකාව.."

"රීරී යකාව?" මම ඉතා අපහසුවෙන් මුවගට නැගුණු සිනහව යටපත් කර ගනිමින් ඇසුවෙමි.

"නැතුව රීරී යකාව ගේකට බැන්දොත් ඉතින්.....ගෙදර ඉන්න කිරිසප්පයාගෙ ඉදන් මහ මනුස්සයා දක්වා ලේ උරා බොනවා...කරදර ලෙඩ දුක් දීලා පවුල් විනාශ කරල දානවා....අන්තිමට යනකොට යන්නේ මනුස්ස ජීවිත දෙක තුනක්වත් බිල්ලට අරගෙන ඕං "

කෙසේ නමුදු එදින අප නිවෙස් කරා පැමිණෙන විට අලුයම තුනද පසුවී තිබුණි. මා පැමිණෙන තුරු අවදිව මග බලා සිටි බිරිදගෙන් බැණුමක්ද අසමින් මා කාමරයට වැදී නිදාගත්තේ මෙම මිත්‍යාව හා රැවටීම සම්බන්ධයෙන් ලිවීමට අවශ්‍යය කරුණු රැසක් සිතෙහි ගොනුකර ගනිමිනි.

කට්ටඩියා විසින් කරන ලද මෙම හුනියං කැපිල්ල හුදෙක් මිනිසුන් මුලා කර බඩ වඩා ගන්නා මැජික් සංදර්ෂණයක් බවත් වතුර ලේ පාට වීමට හේතුව මොවුන් විසින් දෙහි ගෙඩි තුලට සිරින්ජයක් ආධාරයෙන් සත්ව රුධිරය ඇතුලු කීරීම බවත් එය රීරී යකාගේ ක්‍රියාවක් නොවන බවත් මීට ආදාලව කරන ලද පරීක්ෂණාත්ම කෘති කියවීමෙන් මාහට තහවුරු විය.

දින කිහිපයක් ගත විය. මාගේ ලිපියද "කලු යක්කු හා සුදු දුම්මල මැයෙන්" ඉහල පාඨක ප්‍රතිචාර සහිතව සගරාවේ පලවිය.

දිනක් සවස කට්ටඩියා මා හමුවීමට පැමිණියේය.

"මහත්තයා හැන්දෑවට මුකුත් කලබලයක් නැත්තං යං අපිත් එක්ක හුනියං කැපිල්ලකට....."ඔහු මට ආරාධනයක් කලේය.

"හ්ම්......අනේ ගුරුන්නාන්සේ මට අද හවස පොඩි වැඩක් තියෙනවනේ...." කට්ටඩියා මේ ඇරයුම් කරන්නේ මට තියෙන ලෙන්ගතුකමකට නොව ඔවුන්ගේ මග වියදම මගෙන් පිරිමහ ගන්නට බව හොදාකාරව දන්නා මම එය හීන් සිරුවේ මග හැරියෙමි.

"මහත්තයාගෙ කැමැත්තක් ......අර මහත්තයා ආසයි කියපු හින්ද මම ඇහුවේ....." කට්ටඩියා නික්ම ගියේය.

කට්ටඩියා නික්ම ගිය පසු මගේ සිතට අපුරු අදහසක් පහල විය. මා ආලින්දයේ පුටුවකට බරවී කට්ටඩියාගේ නිවස දෙස ඇස ගසා සිටියෙමි. මා පුලපුලා බලා සිටි මොහොත එලඹුණි. කට්ටඩියා සුපුරුදු පරදි නිවසේ දොර අඩවල් කර පහල වෙලේ පිහිටි නාන ලිදට නික්ම යනු පෙනුණි. මා වහා ක්‍රියාත්මක වී කට්ටඩියාගේ නිවසට ඇතුලු විය. නිවසේ ඒ මේ අත විපරම් කල මා කාමරයක ඇද මත තබා තිබු කට්ටඩියා ගුරුකම් සදහා රැගෙන යන ගමන් මල්ල නෙත ගැටුණි.මාගේ අනුමානය නිවැරදිය විය.මල්ල තුල මා බලාපොරොත්තු වු පරිදි දෙහි ගෙඩි තුනක් විය. මා වහා ඒවා ඉවතට ගෙන මගේ කමිස සාක්කුවෙ සගවාගෙන ආ දෙහිගෙඩි වලින් ගත් දෙහි ගෙඩි තුනක් ඔහුගේ මල්ලට ඔබා ඔහුට සැකයක් නොහිතෙන පරිදි මාරු විය.

පසුදා පාන්දරම බිරිද මා අවදි කලේය.

"ජයේ නැගිටින්න .....මේ තේක බොන්න"

"කෝ අල්ලපු ගෙදර කට්ටඩියා ඇවිල්ලද?" පසුදා රාත්‍රිය පුරා කට්ටඩියාගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිට නින්දක් නොලැබූ මා නිදිගැට කඩමින් විමසුවෙමි.

"මම කොහොමද දන්නෙ..... අල්ලපු ගෙදර මිනිහ එනකං ඇහැරං බලං ඉන්න ඔයාට වගේ පිස්සුවක් මට නෑ.....අනික ඔයාම නේද කිව්වේ ඔය මිනිහා මහ බොරුකාරයෙක් කියලා......ඒ කියලා ඔයා මොකද ඔය මිනිහ එක්ක ඔච්චර පයුරු පාසානමක්.." මේ කිසිවක් නොදත් බිරිද මගේ ඇගට ගොඩවිය.

"ඔයා ගිහිල්ලා හොද ලමය වගේ මට උදේට කන්න හොද පොල් සම්බෝලෙකුයි , රතු කැකුලු බත් ටිකකුයි හදන්නකෝ ......හැමදාම පාන් රොඩු ගිලල මට ඇතිවෙලා" මා බිරිදගේ අවධානය වෙනතකට හරවා කුස්සියට පිටත් කර හැරීය.

"මිනිස්සුන්ගෙන් හොදටම ගුටි කාලා , එක්කෝ මිනිහා ඇත්තේ පොලීසියක එහෙමත් නැතිනං ඉස්පිරිතාලෙක" මම ඇදෙන් නැගිට වතුර වීදුරුව අතට ගනිමින් සිතුවෙමි.

"මිනිහා මේදා සැරේ මගෙන් තමයි පාඩමක් ඉගෙන ගත්තේ.....අහිංසක මිනිස්සු රවට්ටලා කන හොර තක්කඩි" මම වතුරෙන් කට සෝදා ඉවත දැමීමට ජනේලය විවර කලෙමි.

කට්ටඩියා මොනවදෝ මතුරමින් මුට්ටියකින් යමක් සිය ගේ වටා ඉසිණු පෙණුනි. මම වහා තුවායක් කර ලා කට්ටඩියාගේ නිවස දෙසට පියමං කලේය.

"මොකද ගුරුන්නාන්සේ උදේම වැඩ පටන් අරං වගේ "

ඔහු මුට්ටිය හා පොල් මල් ඉරුව පසෙක තබා මා වෙත ලං විය.ඔහුගේ මුහුණෙහි බොහොම බැරැරුම් ස්වරූපයක් දිස්විය.

"අද මගේ හිතට මහ අමුත්තක් දැනෙනව මහත්තයා"

"ඇයි මොකුත් අසනීපයක්වත්ද?" මම පෙරලා ප්‍රශ්න කලෙමි.

"එහෙම මොකුත් නෙමෙයි....." කට්ටඩියා ටිකක් වටපිට බලා මා වෙත සමීප විය.

"කලෙකට පස්සේ ඊයේ මගෙ ගුරුකමක් වැරදුණා" ඔහු මුමුණත්ම මගේ සිනහව මා මැඩගනු ලැබුවේ ඉමහත් ආයාසයෙනි.

"ඒ ඇයි?" මම බොරු බැරැරුම්කමක් මවා පාමින් ඇසුවෙමි.

"ඒකම තමයි මටත් හිතා ගන්න බැරි.....තටුවේ දොල පිදෙනිත් හරියට දුන්නා , මන්තර ටිකත් ඉරි ගහට ඇන්නා වගේ සිද්ධි වුණා....ඒත් හුනියම කැපුන් නෑ."ඔහු මහා වැල් වටාරමක් ඇද බෑවේය.

"හුනියම කැපුන් නෑ කිව්වේ?" මම මුවගට නැගෙන සිනහව ආයාසයෙන් මැඩ ගනිමින් විමසුවෙමි.

"ඒ කියන්නේ මහත්තයෝ මම එකසිය වාරයක් ජබ කරලා අරං ගිය එක නැට්ටේ දෙහි ගෙඩි තුනට හුනියමට බැදල හිටිය මල පෙරේතයා දිෂ්ටි උන් නෑ....." ඔහු නලල රැලි ගන්වමින් තෙපලේය.

"ගුරුන්නාන්සේ කිල්ලකටවත් අහුවුණාද?" මම විමසුවේ මගේ තෘප්තිය තවත් තිව්‍රකර ගැනීම සදහාය.

"ඒක තමයි මමත් මේ කල්පනා කලේ.....ඒත් මට නිච්චියක් නෑ"

"අල්ලලා දාන්න ගුරුන්නාන්සේ.....ඔය එකක් වැරදුණාට මොකට කලකිරෙනවද..........ඔය දොස්තරලා අතින් වැරදිලා ලෙඩ්ඩු කීයක් මැරෙනවද..."

"ඒ වුණාට මහත්තයා මේක වැරදුණු වෙලාවේ ඉදන් මගේ හිතට මහා මොකක්දෝ වගේ.....ඊයෙ මම ගෙදර එනකොටත් මාත් එක්ක කවුරු හරි පස්සෙන් ආවා වගේ මට දැණුනා.....ඒකයි මම මේ උදේම ගෙට වතුර ඉහල අරක්ෂාවක් කලේ" කට්ටඩියා පැවසුවේය.

"ඔය ගුරුන්නාන්සේගේ හිත වෙන්නැති...."

"මේවා යක්කු එක්ක කරන ගණුදෙනුනේ මහත්තයා...පොඩ්ඩ එහා මෙහා උනොත් හුනියම එන්නේ කපාපු කෙනාගෙ පස්සේ" ඔහු එසේ පවසා සමුගෙන ගෙට වැදුණි.

මාද පිලිකන්නේ කරාමයෙන් මුහුණ කට සෝදා කට්ටඩියාට පාඩමක් ඉගැන්වු සතුටෙන් කුස්සියට ගොඩ විය.

මාගේ බිරිද නහයෙන් කටින් සෙම දමාගෙන බිම වැටී දගලණු දක්නට ලැබුණි. සිද්ධියෙන් විලම්බීත වු මා කලබලයෙන් වතුර ටිකක් සෙව්වෙමි. මිරිස්ගල මත බාගෙට ඇඹරූ සම්බෝලයත් ඒ අසල පිහියෙන් දෙකට කපන ලද පසුදා කට්ටඩියාගේ නිවසෙන් සොරාගෙන මා මිරිස් ගල යට සැගවු දෙහි ගෙඩියකුත් දුටු මා " අනේ බුදු ගුරුන්නාන්සේ......" යැයි මරහඩ තලා කෑගැසුවෙමි.

"නොදන්නා බව නොදන්නාද , දන්නා බව නොදන්නාද මොඩයෝ වෙති"

story by

daminda dampahalage[/SIZE]

[QUOTE="aerosampath, post: 18002088, member: 527922"] [b]කලු යක්කු හා සුදු දුම්මල (short story)[/b] [SIZE="4"]කලු යක්කු හා සුදු දුම්මල " ජයේ ඔයා දැක්කද මේ දැන්වීම?" එක් ඉරිදා දිනයක මගේ බිරිද පෙන්වු පත්තර පිටුවක අල්පෙනිති අකුරෙන් මුද්‍රණය කර තිබු පේලි කිහිපයකට මගේ අවධානය යොමු වුයේ නිතැතින්ය. පර්:10 ,කාමර 3, සාලය සමග අංග සම්පුර්ණ නිවස විකිණීමට, මිල ලක්ෂ 20 . මෙපමණකල් තැන තැන කුලී නිවෙස්වල වාසය කල අපට අපේම කියා නිවසක අවශ්‍යයතාව තදින්ම දැනෙමින් තිබුණි. එහෙත් ආර්ථික අපහසුතා නිසා දිනෙන් දින එම අරමුණ ප්‍රමාද කීරීමට අපට සිදුවී තිබුණි. කෙසේ නමුත් අපි එදින සවසම නිවස බැලීමට ගියෙමු.බංගලාවත්ත පාරට හැරී ලේන් තුනක් පසු කල තැන වමට පිහිටි බොරලු පාරේ කෙලවරෙහිම අපගේ නිවස පිහිටා තිබුණි. නමක් දක්නට නොලැබුණු එම බොරලු පාරටම තිබුණේ ගෙවල් දෙකක් පමණි.ඉන් එකක් අප බැලීමට පැමිණි නිවස වු අතර අනෙක පැරණි තාලයට සදන ලද උලු සෙවිල්ලූ පරණ ගෙයක් විය. කෙසේනමුදු අප බැලීමට පැමිණි නිවස ඉතා නවීන පන්නයට සාදන ලද තනිමහලේ ගෙයක් විය. මෙතෙක් අප බැලු නිවෙස් අතරින් මෙය අප ආර්ථිකයට සරිලන හුරුබුහුටි කදිම නිවහනක් විය.තවත් ප්‍රමාද නොවු අපි මසක් ඇතුලත නිවස කිසිදු කේවල් කිරීමකින් තොරව අත්පිට මුදලට මිලදී ගෙන එහි පදිංචි වුයෙමු. මාගේ බිරිද නගරයේ කාර්යාලයක සේවය කල අතර පාන්දරින් නිවසෙන් පිටව යන ඇය පැමිණෙන්නේ සවස් භාගයේය.මාස්පතා පලවන කාලීන සගරාවක කර්තෘවරයකු ලෙස සේවය කල හෙයින් මගේ කාර්යාල කටයුතු බොහෝමයක් මා සිදුකරනු ලැබුවේ නිවසේ සිටය. එහෙයින් අප නව නිවස පිහිටා තිබු නිදහස් හුදකලා පරිසරයද මෙම නිවස මිලදී ගැනීමට මා පෙලඹවු තවත් එක් ප්‍රධාන හේතුවක් විය. ප්‍රධාන පාරේ සිට මීටර 100ක් පමණ ඇතුලට විහිදුණු බොරලු පාරේ අසල් වැසියකුට වු එකම නිවස අප නිවසට යාබදව වු පරණ ගරා වැටුණු නිවස විය. අප නිවසට පැමිණි පලමු දිනයේ පැවත් වු සාදයෙන් අනතුරුව මා කිරිබත් පිගානකද රැගෙන අසල්වැසි නිවසට ගොඩ විය. කාලයකින් අලුත් වැඩියාවක් නොවු හෙයින් නිවසේ පිටත බිත්ති සියල්ල පොතු ගැලවීමට ලක්වී තිබුණි. නිවස ඉදිරිපිට මිදුලද විශාල වද කොස්ගසේ කොල වැටීමෙන් අපිරිසිදු වී තිබුණි. මා වසා දමා තිබු දොර ජනේල වලට තට්ටු කරමින් නිවසේ කිසිවකු සිටීදැයි විපරම් කලද , එහි මිනිස් වාසයක සේයාවක් නොවීය. අප නිවසේ පදිංචියට පැමිණ දින කිහිපයක් ගත විය. එක් ඉරිදා දිනක සවස ත්‍රී රෝද රථයක් පැමිණ අසල් වැසි මිදුලේ නතර විය. සුදු සරමක් හා අත් කොට මේස් බැනියමක් ඇදගත් තරමක් වයසක පෙනුමක් ඇති පුද්ගලයකු බැස නිවසට ඇතුලුවනු පෙණුනි. ඔහු සතුව ගමන් මල්ලක් , කොහුලනුවකින් බදින ලද කාඩ්බෝඩ් පෙට්ටියක් හා දවුල් බෙරයක් ඇතුලු ආම්පන්න කිහිපයක් විය.ත්‍රී රෝද රථය නික්ම ගිය පසු ඔහු බඩු සියල්ලද සමග ගෙට ඇතුලු වී දොර අගුලු ලා ගනු පෙණුනි.පසුදින අලුයම දොරට ගසන ශබ්දයකින් මා තිගැස්සී ඇහැරුණි. මා බිරිදද මේ වන විට නිවසින් පිටව ගොස් තිබුණි. මම හෙමින් නැගිට ගොස් ඉදිරිපස දොරටුව විවත කලෙමි. එහෙත් කිසිවකු දොරකඩ නොවීය.මා හෙමින් මිදුලට බැස අවට විපරම් කලේය. එහෙත් කිසිවකු දැක ගත නොහැකි විය. එහෙයින් සිතෙහි ඇති වු සැකයද සමග මිදුලේ වනා තිබු සාලුවද රැගෙන මම පිටුපස කරාමය දෙසට ගියෙමි. යමෙකු කුස්සියේ ජනේලයෙන් නිවස තුලට එබිකම් කරනු දුටු මා "කවුද?" සැරෙන් ඇසුවෙමි. ඔහුගේ උරහිස තෙක් වවන ලද අලු පැහැ ගැන්වුනු කෙස් වැටිය හා ඔහු ඇද සිටි සුදු ඇදුම පෙර දිනයේ සිටම මගේ මතකයේ රැදී තිබුණි.ඔහු දුර්වර්ණ වු දසන් විරිත්තා මා ඉදිරියට පැමිණියේය. "මම උන්නෙ ගෙදර කවුරුත් නැතිව ඇති කියලා" ඔහු පැවසුවේය. "ඔහේ කවුද?" මම එකවරම ඇසුවෙමි. "මම මේ අල්ලපු ගෙදර" "අල්ලපු ගෙදර කවුරුත් හිටියෙ නෑනේ?" මම ඊයේ සිද්ධිය නොදන්නා ගානට පැවසුවෙමි. "මම අපේ ගමේ වැඩකට ගිහින් ඊයේ හැන්දෑකොරේ ආවේ." " ගම කිව්වේ?" "මාතර....මාතර සුදු වැල්ලේ.....සුදු වැල්ලේ කට්ටඩියා කිව්වහම මාතර නොදන්න කෙනෙක් නෑ" ඔහු ආඩම්බරයෙන් පැවසුවේය. "එතකොට ඔහේ මොකද කොලඹ කරන්නේ?" "මගෙන් වැඩ කරවගන්න ලොකු මහත්තුරු ගොඩක් ඉන්නේ කොලඹ; ඒගොල්ලන්ගෙ වදේට තමයි මම මේ කොලඹ නැවතිලා ඉන්නේ." "ලොකු උන්නැහේ මොනවගේ වැඩද කරන්නේ?" අප අතර කතා බහ තරමක් සුහද කිරීමට මා ඇසුවේය. "ඔය සල්ලි නිල තානාන්තර වල බලයට කරන්න බැරි වැඩ ගොඩක් මගේ මේ සාත්තරේට පුලුවන් මහත්තයො". ඔහු එසේ පවසත්ම මගේ සිත තුල සියුම් කෘතුහලයක් මොදු වන්නට විය. කෙසේ නමුදු අපගේ පලමු කතා බහ අවසන් වුයේ මගේ යටි සිතට කුහුලක් පමණක් නොව නව අදහසක්ද ජනිත කරවමිනි. කලක් තිස්සේ මගේ සගරාවේ නිරන්තරයෙන් පලවු ඒකාකාරි ලිපි හෙයින් එහි ඒකාකාරී ස්වරූපයක් උසුලන බවට මට නිරන්තරයෙන් පාඨක චෝදනා එල්ල වෙමින් තිබුණි.එමෙන්ම ඉදිරියේදී මෙම තත්ත්වය සගරාවේ අලවියටද බලපානු ඇතැයි මා තුල කුකුසක් විය.එහෙයින් සගරාව තුල පල කල හැකි වෙනස් ආකාරයේ ලිපි පිලිබදව සොයමින් සිටි මා හට මොහුගේ හමු වීම හුදෙක් අහඹුවක්ම නොවීය. ඉදිරි සති කිහිපය තුල ඉඩක් ලද සැම විටම මම ඔහු හා කතා බහට යොමු විය. ඒ සෑමවිටම මාගේ ලිපි සදහා අවශ්‍යය කරුණු ඔහුගෙන් සුක්ෂමව ලබා ගැනීමට මා යුහුසුලු විය. ඒ සදහා ඔහු නම්මා ගැනීමට බුලත් විට , බීඩි ,සුරුට්ටු ,රසකැවිලි වැනි පඩුරු පාක්කුඩම් ගෙනයාමට මා අමතක නොකලේය. කෙසේ නමුදු ගුප්ත විද්‍යාව පිලිබදව කරුණු රාශියක් මට ඔහුගෙන් දැන ගැනීමට හැකි වුවද මා සැමවිටම ඒ සියල්ල දෙස විද්‍යාත්මක කොණයකින් විමර්ශනාත්මකව බැලීමට පරිස්සම් විය.මුල සිටම ඔහු පැවසු සමහර කරුණුවල අතිශෝක්තියක් මට දැණුනද , කල්යත්ම ඔහු විසින් මෙම ගුප්ත විද්‍යාව යැයි හදුන්වන දෙය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර හුදෙක් විශ්වාසය පමණක් මුල් කරගත් අසත්‍යක් ලෙස මට ප්රත්යක්ෂ විය. "මට ආසයි ගුරුන්නාන්සේ වැඩක් කරනවා බලන්න". ඔහු පාලම් ඇදබාන සාස්තරයේ ප්‍රයොගිකත්වය දැක බලා ගැනීමේ අරමුණින් දිනක් මම ඔහුට යෝජනාවක් කලෙමි. "ලගදී පොඩි දෙහි කැපිල්ලක් තියෙනවා.......මම මගේ වැඩවලට පිටින් කවුරුත් ගෙනියන්නෙ නං නෑ.......ඒත් මහත්තයට කොහොමද මම බෑ කියන්නේ......." ඔහු මදක් කල්පනා කර පිලිතුරු දුනි. "හැබැයි මහත්තයා එකක්...... වැඩේට දවස් තුනකට කලින් මස් මාලු නොකා පේවෙන්න ඕන. නැත්තං කිල්ලට අහුවෙනවා." ඔහු කොන්දේසියක්ද පනවා මගේ යෝජනාවට එකග විය. එදින මමත් ,ගුරුන්නාන්සේත්, ඔහුගේ ගෝලයා ලෙස හදුන්වා දුන් ත්‍රී රෝද රථයේ රියදුරාත් යන අප තිදෙනා අදාල නිවස බලා පිටත් විය.නගරයට ඉතා ආසන්නව පිහිටා තිබු තෙමල් නිවස එම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් වුවක් විය. ව්‍යාපාරික යුවලත් ඔවුන්ගේ කුඩා දැරියන් තිදෙනාත් ,මෙහෙකාරියත් හැරුණු කොට නිවසට පිටස්තරයන් වුයේ අප තිදෙනා පමණි. නිවැසියන් ගෙන් ලැබුණු සංග්‍රහ සත්කාර බුක්ති විදීමෙන් අනතුරුව ගුරුන්නාස්සේත් ගෝලාත් නා කියා පිරිසිදු වී සුදු පිරිවටින් සැරසුණි.ඉන් අනතුරුව නිවසේ කාමරයක් තෝරා එහි සුදු රෙදි එලා මල් බුලත් තට්ටුවක් සකස් කෙරුණි.ඒ මත ගුරුන්නාසේගේ උපදෙස් පරිදි නිවැසියන් විසින් සපයා දුන් නොයෙකුත් දෑ ක්‍රමානුකූලව අතිරීම සිදු කරනු ලැබුවේ ගෝලායා විසිනි. "හොදයි දැන් මහත්තය ඔය දෙහි ගෙඩි අරන් ඇවිත් මම කියන මේ මන්තර කොටස කියන ගමන් තමුන්ගෙ අතින්ම එක එක මේ තට්ටුව උඩ තියන්න." "ඕං සිද්ධි නමෝ නමං" නිවසේ ගෘහ මුලිකයා වු පුද්ගලයා මෙසේ පවසමින් ඔහු ගෙන ආ භාජනයේ වු දෙහි එකින් එක තට්ටුව මත පිරමිඩයක ස්වරූපයට සීරුවෙන් ඇතිරුවේය. මේ සියල්ල දෙස විමසිලිමත්ව බලා සිටි මා හට ඒත්තු ගැන්වුණු පලවෙනිම කරුණ වුයේ ගෘහ මුලිකායා ඇතුලු නිවැසින් තුල මේ පිලිබදව ඇති දැඩි විශ්වාසය හා ශ්රද්ධාවයි. ගුරුන්නාස්සේගේ උපදෙස් පරිදි නිවැසියන් සියලු දෙනා මල් බුලත් තට්ටුව ඉදිරියේ පැදුරක් එලා දොහොත් මුදුන් දී වාඩිවිය. ගුරාද එරමිණියක් ඔතා නිවැසියන්ට පිටුපා මල් බුලත් තටුවට මූණලා වාඩිවිය. ඕනම තක්කඩියෙකුට කෝකටත් තයිලය බුදුන් යැයි කියන්නාසේ අනතුරුව ඔහු විසින් සියලු දෙනාම පංචසීලයෙහි පිහිටුවන ලදී. "මෙතන ඉන්න කවුරුත් මං කියපු විදිහට පේ වෙලා නේද ඉන්නේ?" ඔහු පලමුව විමසුවේය. "එහෙමයි ගුරුන්නාසේ" ගෘහමුලිකයා භක්තියෙන් පිලිතුරු දුනි. "එහෙමනං කවුරුත් එක්කලා වැද ගන්නවා හොදයි." ඔහු තටුව දෙසට හැරී මැතිරීම ආරම්භ කලේය. මිනිත්තු හෝරා වී ගෙවී ගියේය. කට්ටඩියා ආවේස වු ලීලාවෙන් මැතිරීම නොනවත්වා කරගෙන ගියේය. ඔහුගේ ගෝලයා ඔහු අසලට වී නිරන්තරයෙන් කට්ටකුමංජල් දුම් ඇල්ලීමේ නිරත විය. මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා කිහිපයක්ද ගෙවී ගියේය.ඒ වන විට මුලු කාමරයම චායාවක් පවා යාම්තමින් පෙනෙන තරමට කට්ටකුමංජල් දුමෙන් වැසී තිබුණේය.දැරියන් තිදෙනා නිදිකිරා වැටෙන මෙහෙකාරියගේ ඇකයේ නිදා සිටියාය. නිවසේ බිරිද හා සැමියා පමණක් බාගෙට වැද වැටෙමින් ඇස් පියා වාඩි වී සිටුනු පෙනුණි. මා තුලද නිදිමත රජයමින් තිබුණද මේ පිලිබදව තිබු කෘතුහලය නිසාම මම අඩවන් දෙනෙතින් කාමරයේ කොනක සිට කට්ටඩියා දෙස විමසිලිමත්ව බලා සිටියෙමි.හදිසියේ ගෝලයාගේ චරියාවේ වෙනසක් මට දැණුනි. ඔහු විටෙක නිවැසියන් දෙසත් ,විටෙක මා දෙසත් කිහිපවරක් විපරම් කරනු පෙනිනි.මාද ඔහුට සැක නොහිතෙන පරිදි දෙනෙත් අඩවන් කර නිද්‍රගත ස්වරූපක් මවා පෑවේය.ඔහු හිසින් කට්ටඩියාට ඉගියක් කරන්නාක් මෙන් මට පෙණුනි.කට්ටඩියා වහා ක්‍රියාත්මක වී ඔහුගේ ඇකයෙන් ගත් දෙහි ගෙඩි කිහිපයක් තටුව මත තැබුවේය. කට්ටඩියාගේ මෙම ක්‍රියාවෙන් මොහොතකට පසු මැතිරීම අවසන් විය. ඔහු ටිකක් සද්දයට උගුර පෑදුවේය. මේ කිසිත් නොදැන අන්ධ භක්තියෙන් නිදිකිරා වැටෙමින් සිටි නිවසියන්ද අවදිව හරි බරි ගැසුණි. "ඔය වතුර කොරහක් අරන් එමු" ඔහු අණ කලේය. මෙහෙකාරිය ගෙට දිව ගොස් වතුර පිරවු මැටි කොරහක් රැගෙනවිත් කට්ටඩියා ඉදිරියේ තබන ලදී. "දැන් ගෙදර හැමෝම කොරහ ඉස්සරහට ඇවිල්ලා වැද ගන්නවා හොදයි" සියලුදෙනා කට්ටඩියාගේ කීම පරිදි කොරහ ඉදිරියට පැමිණියේය. ඔහු කුමක්දෝ මුමුණමින් ගිරයක් ගෙන ඊට තට්ටුව මත වු දෙහි ගෙඩියක් හිර කර පලමුව ගෘහමුලිකයාගේ නලලට තබා දෙවනුව එය දෙපලුකර කොරහට දැමීය.මේ අයුරින් දෙහි ගෙඩි එක දෙක වතුරට වැටෙත්ම කොරහේ වතුර රතු ලේපාටට හැරෙන්නට විය. නිවැසියන් විමතියෙන් සාදු කාර දෙන්නට විය. "ඕන්න මහත්තයෝ දැන් ඉතින් මේ ගෙදර කරදර අදින් පස්සේ කම්මුතුයි ඔං" කට්ටඩියා පවසත්ම නිවැසියන්ගේ මලානික මුහුණු සිහින් සිනහවකින් ප්‍රබෝධමත් වනු පෙණුනි. "දැන් ඉතින් මේ ආරක්ෂා මුට්ටි ටික ඉඩමේ හතර කොනේ වල දානව හොදයි." කට්ටඩියා කුඩා මුට්ටි හතරක් නිවැසියන්ට බාර දෙමින් සිය අවසාන ජවනිකාවද රග දක්වා හමාර කලේය. "හරි පුදුමයිනේ ගුරුන්නාන්සේ" මම ඇගට නොදැනී ඇසුවෙමි. "මහත්තයෝ....ඕක ඔය නිකම්ම නිකං දෙහි කැපිල්ලක්ම නෙමෙයි..... මං කැපුවේ ඔය ගෙදරට ඊරිසියාකාරයෙක් කරපු කොඩිවිනයක්....." ඔහු ඇගේ පතේ තෙහෙට්ටුව පසෙක ලා උජාරුවෙන් පිලිතුරු දුණි. "කොහොමද අර වතුර ලේපාට වුණේ?" "ඒක ලේසි පහසු කොඩිවිනයක් නෙමෙයි......කොඩිවිනේට බැදල තිබුණේ රීරී යකාව.." "රීරී යකාව?" මම ඉතා අපහසුවෙන් මුවගට නැගුණු සිනහව යටපත් කර ගනිමින් ඇසුවෙමි. "නැතුව රීරී යකාව ගේකට බැන්දොත් ඉතින්.....ගෙදර ඉන්න කිරිසප්පයාගෙ ඉදන් මහ මනුස්සයා දක්වා ලේ උරා බොනවා...කරදර ලෙඩ දුක් දීලා පවුල් විනාශ කරල දානවා....අන්තිමට යනකොට යන්නේ මනුස්ස ජීවිත දෙක තුනක්වත් බිල්ලට අරගෙන ඕං " කෙසේ නමුදු එදින අප නිවෙස් කරා පැමිණෙන විට අලුයම තුනද පසුවී තිබුණි. මා පැමිණෙන තුරු අවදිව මග බලා සිටි බිරිදගෙන් බැණුමක්ද අසමින් මා කාමරයට වැදී නිදාගත්තේ මෙම මිත්‍යාව හා රැවටීම සම්බන්ධයෙන් ලිවීමට අවශ්‍යය කරුණු රැසක් සිතෙහි ගොනුකර ගනිමිනි. කට්ටඩියා විසින් කරන ලද මෙම හුනියං කැපිල්ල හුදෙක් මිනිසුන් මුලා කර බඩ වඩා ගන්නා මැජික් සංදර්ෂණයක් බවත් වතුර ලේ පාට වීමට හේතුව මොවුන් විසින් දෙහි ගෙඩි තුලට සිරින්ජයක් ආධාරයෙන් සත්ව රුධිරය ඇතුලු කීරීම බවත් එය රීරී යකාගේ ක්‍රියාවක් නොවන බවත් මීට ආදාලව කරන ලද පරීක්ෂණාත්ම කෘති කියවීමෙන් මාහට තහවුරු විය. දින කිහිපයක් ගත විය. මාගේ ලිපියද "කලු යක්කු හා සුදු දුම්මල මැයෙන්" ඉහල පාඨක ප්‍රතිචාර සහිතව සගරාවේ පලවිය. දිනක් සවස කට්ටඩියා මා හමුවීමට පැමිණියේය. "මහත්තයා හැන්දෑවට මුකුත් කලබලයක් නැත්තං යං අපිත් එක්ක හුනියං කැපිල්ලකට....."ඔහු මට ආරාධනයක් කලේය. "හ්ම්......අනේ ගුරුන්නාන්සේ මට අද හවස පොඩි වැඩක් තියෙනවනේ...." කට්ටඩියා මේ ඇරයුම් කරන්නේ මට තියෙන ලෙන්ගතුකමකට නොව ඔවුන්ගේ මග වියදම මගෙන් පිරිමහ ගන්නට බව හොදාකාරව දන්නා මම එය හීන් සිරුවේ මග හැරියෙමි. "මහත්තයාගෙ කැමැත්තක් ......අර මහත්තයා ආසයි කියපු හින්ද මම ඇහුවේ....." කට්ටඩියා නික්ම ගියේය. කට්ටඩියා නික්ම ගිය පසු මගේ සිතට අපුරු අදහසක් පහල විය. මා ආලින්දයේ පුටුවකට බරවී කට්ටඩියාගේ නිවස දෙස ඇස ගසා සිටියෙමි. මා පුලපුලා බලා සිටි මොහොත එලඹුණි. කට්ටඩියා සුපුරුදු පරදි නිවසේ දොර අඩවල් කර පහල වෙලේ පිහිටි නාන ලිදට නික්ම යනු පෙනුණි. මා වහා ක්‍රියාත්මක වී කට්ටඩියාගේ නිවසට ඇතුලු විය. නිවසේ ඒ මේ අත විපරම් කල මා කාමරයක ඇද මත තබා තිබු කට්ටඩියා ගුරුකම් සදහා රැගෙන යන ගමන් මල්ල නෙත ගැටුණි.මාගේ අනුමානය නිවැරදිය විය.මල්ල තුල මා බලාපොරොත්තු වු පරිදි දෙහි ගෙඩි තුනක් විය. මා වහා ඒවා ඉවතට ගෙන මගේ කමිස සාක්කුවෙ සගවාගෙන ආ දෙහිගෙඩි වලින් ගත් දෙහි ගෙඩි තුනක් ඔහුගේ මල්ලට ඔබා ඔහුට සැකයක් නොහිතෙන පරිදි මාරු විය. පසුදා පාන්දරම බිරිද මා අවදි කලේය. "ජයේ නැගිටින්න .....මේ තේක බොන්න" "කෝ අල්ලපු ගෙදර කට්ටඩියා ඇවිල්ලද?" පසුදා රාත්‍රිය පුරා කට්ටඩියාගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිට නින්දක් නොලැබූ මා නිදිගැට කඩමින් විමසුවෙමි. "මම කොහොමද දන්නෙ..... අල්ලපු ගෙදර මිනිහ එනකං ඇහැරං බලං ඉන්න ඔයාට වගේ පිස්සුවක් මට නෑ.....අනික ඔයාම නේද කිව්වේ ඔය මිනිහා මහ බොරුකාරයෙක් කියලා......ඒ කියලා ඔයා මොකද ඔය මිනිහ එක්ක ඔච්චර පයුරු පාසානමක්.." මේ කිසිවක් නොදත් බිරිද මගේ ඇගට ගොඩවිය. "ඔයා ගිහිල්ලා හොද ලමය වගේ මට උදේට කන්න හොද පොල් සම්බෝලෙකුයි , රතු කැකුලු බත් ටිකකුයි හදන්නකෝ ......හැමදාම පාන් රොඩු ගිලල මට ඇතිවෙලා" මා බිරිදගේ අවධානය වෙනතකට හරවා කුස්සියට පිටත් කර හැරීය. "මිනිස්සුන්ගෙන් හොදටම ගුටි කාලා , එක්කෝ මිනිහා ඇත්තේ පොලීසියක එහෙමත් නැතිනං ඉස්පිරිතාලෙක" මම ඇදෙන් නැගිට වතුර වීදුරුව අතට ගනිමින් සිතුවෙමි. "මිනිහා මේදා සැරේ මගෙන් තමයි පාඩමක් ඉගෙන ගත්තේ.....අහිංසක මිනිස්සු රවට්ටලා කන හොර තක්කඩි" මම වතුරෙන් කට සෝදා ඉවත දැමීමට ජනේලය විවර කලෙමි. කට්ටඩියා මොනවදෝ මතුරමින් මුට්ටියකින් යමක් සිය ගේ වටා ඉසිණු පෙණුනි. මම වහා තුවායක් කර ලා කට්ටඩියාගේ නිවස දෙසට පියමං කලේය. "මොකද ගුරුන්නාන්සේ උදේම වැඩ පටන් අරං වගේ " ඔහු මුට්ටිය හා පොල් මල් ඉරුව පසෙක තබා මා වෙත ලං විය.ඔහුගේ මුහුණෙහි බොහොම බැරැරුම් ස්වරූපයක් දිස්විය. "අද මගේ හිතට මහ අමුත්තක් දැනෙනව මහත්තයා" "ඇයි මොකුත් අසනීපයක්වත්ද?" මම පෙරලා ප්‍රශ්න කලෙමි. "එහෙම මොකුත් නෙමෙයි....." කට්ටඩියා ටිකක් වටපිට බලා මා වෙත සමීප විය. "කලෙකට පස්සේ ඊයේ මගෙ ගුරුකමක් වැරදුණා" ඔහු මුමුණත්ම මගේ සිනහව මා මැඩගනු ලැබුවේ ඉමහත් ආයාසයෙනි. "ඒ ඇයි?" මම බොරු බැරැරුම්කමක් මවා පාමින් ඇසුවෙමි. "ඒකම තමයි මටත් හිතා ගන්න බැරි.....තටුවේ දොල පිදෙනිත් හරියට දුන්නා , මන්තර ටිකත් ඉරි ගහට ඇන්නා වගේ සිද්ධි වුණා....ඒත් හුනියම කැපුන් නෑ."ඔහු මහා වැල් වටාරමක් ඇද බෑවේය. "හුනියම කැපුන් නෑ කිව්වේ?" මම මුවගට නැගෙන සිනහව ආයාසයෙන් මැඩ ගනිමින් විමසුවෙමි. "ඒ කියන්නේ මහත්තයෝ මම එකසිය වාරයක් ජබ කරලා අරං ගිය එක නැට්ටේ දෙහි ගෙඩි තුනට හුනියමට බැදල හිටිය මල පෙරේතයා දිෂ්ටි උන් නෑ....." ඔහු නලල රැලි ගන්වමින් තෙපලේය. "ගුරුන්නාන්සේ කිල්ලකටවත් අහුවුණාද?" මම විමසුවේ මගේ තෘප්තිය තවත් තිව්‍රකර ගැනීම සදහාය. "ඒක තමයි මමත් මේ කල්පනා කලේ.....ඒත් මට නිච්චියක් නෑ" "අල්ලලා දාන්න ගුරුන්නාන්සේ.....ඔය එකක් වැරදුණාට මොකට කලකිරෙනවද..........ඔය දොස්තරලා අතින් වැරදිලා ලෙඩ්ඩු කීයක් මැරෙනවද..." "ඒ වුණාට මහත්තයා මේක වැරදුණු වෙලාවේ ඉදන් මගේ හිතට මහා මොකක්දෝ වගේ.....ඊයෙ මම ගෙදර එනකොටත් මාත් එක්ක කවුරු හරි පස්සෙන් ආවා වගේ මට දැණුනා.....ඒකයි මම මේ උදේම ගෙට වතුර ඉහල අරක්ෂාවක් කලේ" කට්ටඩියා පැවසුවේය. "ඔය ගුරුන්නාන්සේගේ හිත වෙන්නැති...." "මේවා යක්කු එක්ක කරන ගණුදෙනුනේ මහත්තයා...පොඩ්ඩ එහා මෙහා උනොත් හුනියම එන්නේ කපාපු කෙනාගෙ පස්සේ" ඔහු එසේ පවසා සමුගෙන ගෙට වැදුණි. මාද පිලිකන්නේ කරාමයෙන් මුහුණ කට සෝදා කට්ටඩියාට පාඩමක් ඉගැන්වු සතුටෙන් කුස්සියට ගොඩ විය. මාගේ බිරිද නහයෙන් කටින් සෙම දමාගෙන බිම වැටී දගලණු දක්නට ලැබුණි. සිද්ධියෙන් විලම්බීත වු මා කලබලයෙන් වතුර ටිකක් සෙව්වෙමි. මිරිස්ගල මත බාගෙට ඇඹරූ සම්බෝලයත් ඒ අසල පිහියෙන් දෙකට කපන ලද පසුදා කට්ටඩියාගේ නිවසෙන් සොරාගෙන මා මිරිස් ගල යට සැගවු දෙහි ගෙඩියකුත් දුටු මා " අනේ බුදු ගුරුන්නාන්සේ......" යැයි මරහඩ තලා කෑගැසුවෙමි. "නොදන්නා බව නොදන්නාද , දන්නා බව නොදන්නාද මොඩයෝ වෙති" story by daminda dampahalage[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom