කල ගුණ ...

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
නැණැති දනන් හට මද ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබඳ
විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ
එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද

ලෝක ස්වභාවය මෙය නම්, එයට අප මුහුණ දිය යුතු ය. කුමන කරදර බාධක දුක් කම්කටොළු නින්දා අපහාස ලැබුණ ද ඒවායෙන් නොසැලිය යුතු ය. මිනිස් ගුණධර්ම තව තවත් ඉස්මතු වන අන්දමින් ජීවත් විය යුතු ය. තම යහපත මෙන්ම අන් යහපත පිණිස ද කටයුතු කොට දෙලොව ජයගත යුතු ය.