කව්ද මේ ඥානක්කා කියන්නේ?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    අනුරාධපර මහා රෝහලේ ඉස්සර හිටපු සුළු සේවිකාවක්. මිනිහා මැරිලා සාස්තර කියන්න පටන් ගත්තට පස්සේ මයිත්‍රී පාල සිරිසේන සාවුක්‍ය ඇමති කාලේ Attendent දක්වා උසස් කලා.

    ගෝටා, ශවේන්ද්‍ර, මයිත්‍රී ඔක්කොම යටයි දැන් ඔය අක්කට. Promotion / transfers / agrement ඔක්කොම යන්නේ අක්කා කියන විදියට තමා.

    අනුරාධපුර Air force කෑම්ප් එක ගාව සාස්තර මඩුව තියෙන්නේ. ජනාධිපති උනත් වැඩක් නෑ එදාට අක්ක කියන පිළිවෙලට තමා ඇතුලත එන්න ඕන.

    අක්ක ගේ පුතා දැන් UK වල සෑහෙන්න ලොකු business ජාලයක හිමිකරුවෙක්.

    ≠===================================≠
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ යැයි ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන්
    කරති.

    මහා සංඝරත්නයට අද වනවිට මහපාරට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් ලැජ්ජාවට පත්විය යුතු බව පවසන උන්වහන්සේ මෙලෙස මහා සංඟරත්නයට මහ පාරට බැසීමට සිදුවීමම ආණ්ඩුව ෆේල් බවට හොඳම සාධකය බව වැඩිදුරටත් සඳහන් කරති.

    කොරෝනා මෘත දේහයන් ආදාහනය කරන්නැයි බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ඊයේ (28) පැවති විරෝධතාවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

    එක රටක් එක නීතියක් නම් ආගම් අනුව නීති වෙනස් විය නොහැකි බවත් පැවසූ එහිමියෝ එසේ වන්නේ නම් පැවති යහපාලනය මීට වඩා හොද යයි ද පැවහූහ.

    එක් රටක් එක නීතියක් යටතේ රට පාලනය කරන බවට පොරොන්දු වූයේ නම් අනුරාධපුරයේ ඥානක්කාගේ උවමනාවට අනුව රට පාලනය නොකර ජනවරමට අනුව රට පාලනය කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව යළි යළිත් අවධාරණය කර සිටියහ.

    කව්ද මේ ඥාණක්කා ?

    ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පසුගිය දිනවල කිහිපවරක්ම සඳහන් කල අනුරාධපුරයේ ඥාණක්කා කව්ද ? යන කාරණය මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙන මාතෘකාවකි.

    ජනාධිපතිවරයා සෑම සති අන්තයකම අනුරාධපුරයට යන හේතුව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් A5 News Sri Lanka සමාජ මාධ්‍ය ජාලයේ HARD FOCUS වැඩසටහනට එක්වෙමින් අවඥාවෙන් යුතුව පවසා සිටියේ මෙසේය.

    ” ඒ පැත්තේ ඉන්නවා උපාසක අම්ම කෙනෙක්. ජනාධිපතිවරණයේදී රුවන්වැලිසෑයේ දිවුරුම් දීල, සතියකට සැරයක් අටමස්ථාන වන්දනා කරනවා. ඒ වන්දනාකිරීම ඇතුලේ තව රහසකුත් තියෙනවා.”

    මෙසේ මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ අන්දොලන්නතමක චරිතයක් බවට පත්ව සිටින ඥාණක්කා කව්දැයි අප කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ දේශපාලන ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ලෝකයේ හා යුධ හමුදා ක්ෂේත්‍රයේ ප්‍රබලයින් ඇයව හඳුන්වන්නේ ‘ඥාණා මෑණියන්’ ලෙසින් බවයි.

    අනුරාධපුරයේ ගුවන් තොටුපල පාරේ දැවැන්ත දේවාලයක් පවත්වාගෙන යමින් සිටින ඇය දේවාරුඩයෙන් අනාවැකි කියනබව පැවසේ.

    ඇය හා පවුලේ සාමාජිකයින් මේවනවිට ලංකාවේ පමණක් නොව ලන්ඩනයේ පවා ව්‍යාපාර පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයින් වේ.

    ඥාණක්කා අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවයකළ අයෙකි.

    ඇයට දේව ආරුඩයක් ලැබී ඇත්තේ සැමියාගේ මරණින් පසුවය.

    ඉතාමත් සුළුවෙන් දේවාලයක් පවත්වාගෙන ගිය ඇය සිය වැඩිමල් පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනය වෙත යවා තිබුන අතර එහිදී එරට තරුණියක් විවාහ කරගෙන ඇත. ඔහු මේවනවිට දේවාලයට අයත් දේපල හා ව්‍යාපාර පාලනය කිරීම සඳහා දිවයිනට පැමිණ ඇති නමුත් බිරිඳ හා දරුවන් තවමත් පදිංචිව සිටින්නේ ලන්ඩනයේය.

    වැඩිමල් පුතා ලංකාවට එනතෙක් දේවාලයේ පරිපාලන කටයුතු සිදුකරනු ලැබුවේ ඥාණක්කා ගේ දියණිය හා බැනා විසිනි.

    මෛත්‍රීපාල ජනාධිපති වනබවට කිව් අනාවැකිය :

    ඥාණක්කා දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නේ රාජපක්ෂ පාලන සමයේදී මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටිය දී ඥාණක්කා හමුවීමට ගිය අවස්ථාවක දී ” දෙවෙනියා වෙන්න දඟලන්න එපා. ඉවසගෙන ඉන්න පලවනියා වෙන්න පුළුවන්” යයි ‘දේවාරුඩයෙන්’ කළා යයි කියන ප්‍රකාශයක් පසුකාලයකදී ප්‍රසිද්ධියට පත්වීමෙනි.

    කෙසේවුවද එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඥාණක්කා අනුරාධපුර රෝහලේ ප්‍රධාන දුරකථන සම්බන්ධතා නිලධාරිණිය ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණ.

    ජනාධිපති බිරිඳගේ විශ්වාසය :

    ඇය හා ගෝඨාභය රාජපක්ෂ අතර ගනුදෙනු ඇරඹෙන්නේ 2015 රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුවය. ඒ, ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ ඥාණක්කාගේ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම නිසාය.

    ඥාණක්කා, ජනාධිපතිවරයාගේ හා බිරිඳගේ විශ්වාසවන්තම උපදේශකයකු බව අවබෝධකරගත් ආණ්ඩුවේ දේශපාලනඥයින් පමණක් නොව විවිධාකාරයේ චෝදනා තිබෙන විපක්ෂයේ ප්‍රබලයින් පවා ඇය හමුවීමට අවස්ථාවක් ලබාගැනීමට මාස ගණන් දින ගනිමින් සිටින බව වාර්තාවේ.

    අමාත්‍ය තනතුරක්, රාජ්‍ය අමාත්‍ය තනතුරක්, විනිසුරු ධුරයේ ඉහල පත්වීමක්, සංස්ථා සභාපතිකමක් ලබාගනීමට අපේක්ෂාකරන ආණ්ඩු පක්ෂයේ හිතවතුන් මේදිනවල යන්නේ පොහොට්ටු කාර්යාලයට හෝ අගමැති හෝ බැසිල් රාජපක්ෂ හමුවීමට නොව ඥාණක්කා හමුවීමට බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    ”වැඩක් කර ගන්න ඕන නම් ඥානා මෑණියෝ ලඟට යන්න” මෙවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ නිතර දෙවේලේ ඇසෙන කතාවකි.

    එසේම, ව්‍යාපාරික ප්‍රබලයින්ද ඇයගේ සේවය බලාපොරොත්තුවෙන් මහ පරිමාණයෙන් උදව් උපකාර කරමින් සිටින අතර, ඇයගේ දේවාලය මේවනවිට රජයේ ටෙන්ඩර් ගනුදෙනු කොන්ත්‍රාත් තීන්දු කරන ස්ථානයක් බවටද පත්ව ඇතැයි වාර්තාවේ.

    අප වෙත වාර්තාවන ආකාරයට ජනාධිපති බිරිඳ හැරුණකොට ඥාණක්කාගේ වැඩිම විශ්වාසය දිනාගෙන ඇත්තේ, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල දෑලබණ්ඩාර යි.
    https://www.news19.lk/who-is-ganaakka/


    _____________________________________________
    ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 සංවත්සරයේ සියලු කටයුතු සිදු කර ඇත්තේ අනුරාධපුරයේ ඥානක්කා නම් කාන්තාවගේ උපදෙස් අනුව බව අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වෙයි.

    එම සංවත්සර උළෙල අනුරාධපුරයේදී පැවැත්වීමෙන් පසුව ජනාධිපතිවරයා සහ යුධ හමුදාපතිවරයා ඇය හමුවීමට ගොස් ඇති බව විවිධ වාර්තාවල පල වේ. යුද හමුදාවේ සංවත්සරය පැවැත්වෙන අතරතුර ඒ වෙනුවෙන් අලුතින් සිදු කරන ලද සියලුම වතාවත් සඳහා උපදෙස් දී ඇත්තේ ඥානක්කා බව හෙළි වේ.

    ජනාධිපතිවරයා අනුරාධපුරයේ සිට ජාතිය අමතා කතා කිරීම සහ ඉන් අනතුරුව විවිධ කටයුතුවලදී ඇයගෙන් ලබාගන්නා උපදෙස්වලට මූලිකත්වය ලබාදී තිබිණි. මෙරට හමුදාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සමග දැඩි සහයෝගී තාවයක් අනුගමණය කිරීමේ පිළිවෙතක් මේ වනවිට අනුගමණය කරන්නේද එම උපදෙස් අනුව බව වැඩි දුරටත් හෙළි වේ.

    +++++++++++++++++++++++++++++++++++
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය

    ඥානක්කා ප්‍රසිද්ධ දේශපාලුවෝ පස්සෙන් යන අම්මණ්ඩි කෙනෙක්​

    පිස්සු නැත්නම් සෝයි
     
    • Haha
    Reactions: SLK_sri

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    FB_IMG_1609222858201-696x464.jpg

    කොහොමද ලවු එක