කවුද කැමති සජිත් ඊලග UNP නායකයා වෙනවට

sathhaanda

Member
Jul 26, 2015
22
5
0
කවුද කැමති සජිත් ඊලග UNP නායකයා වෙනවට

]
sajith_unp-626x380.jpg

පසුගිය සතියේ රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නුකුත් කරනු ලැබූ බුද්ධි අංශ වාර්තාව සමගින් එජාප අභ්‍යන්තරය ඉතා උණුසුම් වී ඇති බවදැනගන්නට ලැබේ. බොහොමයක් චෝදනා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුවී ඇති අතර ඔහුගේ අකාර්යක්ෂමතාව මෙයට හේතු වී ඇති බවත් ගේම් ගහලා මැතිවරණ දිනන්නට යාම හේතුවෙන් මේ තත්වයන් ඇති වී ඇති බවත් බහුතරයගේ මතය වී තිබේ.

එහෙත් මේ සිදුවීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා තම හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහ ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් සමග රහසිගත සාකච්චාවක් කොළඹ 7, මල් පාරේ ඇති ආයතනයක කාර්යාල කාමරයක් තුල පවත්වා ඇත. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ, රනිල් වික්‍ර්රමසිංහ මහතාගේ මෙම මැතිවරණ පරාජයෙන් පස්සුව ඔහුට තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටීමට නොහැකි වීම හේතවෙන් පක්ෂ නායකත්වය තමාට ලබා ගැනීම සඳහා තම හිතවතුන්ගේ එකඟතාව ලබා ගැනීමයි. පරාජයත් සමග පවත්වන පළමු පක්ෂ සමුළුව වන විට තමාගේ නම නිල නොලත් ආකාරයෙන් ප්‍රසිද්ධ කර තිබිය යුතු බව සහ රවී කරුණානායකට මහා බැංකු වංචාව අලලා පුළුල් ප්‍රචාරයක් දිය යුතු බවත් මොවුන්ගේ අදහස වී තිබේ.

(http://www.sathhanda.com/2015/07/sajith-unp.html)
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. මේ බි සජිත් මේ පාර චන්දෙන් unp පරදිනවට කැමති ඇති මොකද දිනුවොත් රනිල් අගමැති & සජිත්ට නායකයා වෙන්න තව හෙන කාලයක් බලං ඉන්න වෙනව. කොටින්ම පොරට අගමැති කම ගන්න ලේසි වෙන්නේ නෑ රාජිතය වගේ උනුත් ඕකට කෙල හලනවා.

    2. පර්සියා අගමැති උනොත් සිරිසේනට සර් කියාගෙන රෙදි ඇඳගෙන ඉන්න පුලුවන්ද ?

    3. ඔය මිට් උනාය කියන වියාපරිකයන් කියනේ ඉතින් මහරාජා නේ අනේමන්ද සක්.කිලි මහරාජා වගේ කැරියෙක් එක්ක සෙට් උනාය කියන්නේ ඉතින් සජිත් ට ගොඩ ඒමක් නෑ

    4. unp ප්‍රමාණවත් තරං ආසන ගානක් නොගෙන දෙමළ සංදනේ and or jvp සෙට් කොරන් ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ තිබේ.
     

    sathhaanda

    Member
    Jul 26, 2015
    22
    5
    0
    1. මේ බි සජිත් මේ පාර චන්දෙන් unp පරදිනවට කැමති ඇති මොකද දිනුවොත් රනිල් අගමැති & සජිත්ට නායකයා වෙන්න තව හෙන කාලයක් බලං ඉන්න වෙනව. කොටින්ම පොරට අගමැති කම ගන්න ලේසි වෙන්නේ නෑ රාජිතය වගේ උනුත් ඕකට කෙල හලනවා.

    2. පර්සියා අගමැති උනොත් සිරිසේනට සර් කියාගෙන රෙදි ඇඳගෙන ඉන්න පුලුවන්ද ?

    3. ඔය මිට් උනාය කියන වියාපරිකයන් කියනේ ඉතින් මහරාජා නේ අනේමන්ද සක්.කිලි මහරාජා වගේ කැරියෙක් එක්ක සෙට් උනාය කියන්නේ ඉතින් සජිත් ට ගොඩ ඒමක් නෑ

    4. unp ප්‍රමාණවත් තරං ආසන ගානක් නොගෙන දෙමළ සංදනේ and or jvp සෙට් කොරන් ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ තිබේ.
    හහා :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    :lol:

    sathhanda.jpg


    දෙස් විදෙස් පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අපගේ වෙබ් අඩවියට සමාන අයුරින් lankanewsweb.today නමින් හොර වෙබ් අඩවියක් පවත්වාගෙන යන මාධ්‍ය හොරුන්ගේ තවත් අමන වැඩක් වාර්තා වේ.
    අප වෙබ් අඩවියේ නමින් වෙබ් අඩවියක් අටවාගෙන ඇති මෙම මාධ්‍ය හොරුන් විසින් මේ වනවිට ජනප්‍රිය ඉරිදා පුවත්පතක් වන සත්හඬ පුවත්පතේ, sathhanda.lk වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් තිබේ.

    සත්හඬ නම භාවිතා කරමින් සහ එම පුවත්පතේ ජනප්‍රියත්වය භාවිතා කරමින් sathhanda.com නමින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවිය මගින් ව්‍යාජ තොරතුරු සහ පුවත් සමාජගත කරමින් සිටී. එජාප නායකයා නායකත්වයෙන් ඉවත් කොට සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වය ඩැහැගැනීමට සැරසෙන බවට ව්‍යාජ පුවතක් සමාජගත කරමින් සිටින්නේ ඔවුන් විසිනි.

    අදාල පුවත පළවීමත් සමග සත්හඬ පාඨකයන් පුවත්පත් ආයතනයෙන් මේ පිළිබඳව විමසා තිබේ. මේ පුවත සම්බන්ධයෙන් සත්හඬ පුවත්පත පවසන්නේ මෙය විමල් වීරවංශගේ ලංකා සී නිවුස් මාධ්‍ය නඩය සත්හඬ පුවත්පතේ ජනප්‍රියත්වය භාවිතා කරමින් සිදුකරන කැත වැඩක් බවයි. මෙවැනි අතේරෝල් පුවත් ප්‍රසිද්ධ කරමින් ඔවුන් කරන්නේ තම පුවත්පත භාවිතා කරමින් එම අතේරෝල් පුවත්වලට වටිනාකමක් ලබාගැනීම බවයි. අදාල පුවත විමල් වීරවංශගේ ලංකා සී නිවුස් හි වාර්තා කර ඇති අතර පුවතේ අගට සත්හඬ යනුවෙන් පමණක් යොදා එය සත්හඬ පුවත්පතෙහි පුවතක් බව පාඨකයාට ඒත්තු ගන්වන්නට උත්සාහ කරයි.

    අවම වශයෙන් ගමේ හරක් පට්ටියක් බලාකියාගෙන ඉන්න ගැමියන්ගේ හරක් පට්ටිවල වුවද එක් එක් හරකුන්ගේ අයිතිකරු කවුදැයි නිවැරදිව හණ ගසා ඇති අතර ඒ බවවත් නොදන්නා මේ මාධ්‍ය තැරැව්කරුවන්ට තමන්ගේ ප්‍රවෘත්තියේ අනන්‍යතාව පෙන්වීමට හෝ ධෛර්යයක් නොමැති වීම ඔවුගේ බෙලහීනතාවය පෙන්වන කැඩපතක් මිස ඊට වැඩි යමක් නොවන බව සත්හඬ පුවත්පත පවසයි.


    - http://sinhala.lankanewsweb.net/index.php/news/17932-2015-07-27-13-18-20
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එලැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මෙහෙයුම් නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය යනු තවත් එක් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පරාජය කිරීම පමණක්ම නොවේ. එය මෙරට ජාතිකත්වයට එරෙහි බලවේග පරාජය කිරීමක්ද වන්නේය. බෙදුම්වාදී සංකල්පය අළුයට ගිනි පුපුරු එනකොට එන්නේ වට පිටාවම ගිනි තියාගෙනය. කොලයත් ගසත් ඔවුන් හොදට හදුනති.
     
    • Like
    Reactions: kinkon

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    sajith ට නං කොළඹින් පිට මිනිස්සු කැමතියි රනිල්ට වඩා